Pages

Thursday, May 9, 2013

විසුරුවීම අවලංගුයි. අම්පාර පොලිස් පුරාවිද්‍යා ඒකකය සුරක්ෂිතයි.

විසුරුවා හැරීමට තිබූ අම්පාර පොලිස් පුරාවිද්‍යා ඒකකය එලෙසම පවත්වා ගැනීමට උපදෙස් ලැබී තිබේ. ප්‍රදේශයේ බෞද්ධ උරුමය සුරැකීම වෙනුවෙන් දිවා රෑ නොබලා, අන්තවාදීන්ගේ බලපෑම් වලට යටත් නොවී, නොබියව ඊට මුහුණ දෙමින්, විශිෂ්ඨ සේවයක් මෙමඟින් සිදු වූ බව ප්‍රදේශවාසීහු එකහෙලා ප්‍රකාශ කරති. 

බෙංගමුවේ නාලක සහ කිරිඳිවෙල සෝමරතන හිමිවරු ආරක්ෂක ලේකම්තුමාගෙන් කළ ඉල්ලීමක ප්‍රථිඵලයක් වශයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම විසුරුවාහැරීම් සහ මාරුවීම් අවලංගු කර තිබේ. 

[
සබැඳි ලිපි -
නැගෙනහිර බොදු උරුමය රැකුමට උරදුන් අම්පාර පොලිස් පුරාවිද්‍යා ඒකකය විසුරුවා හැරලා
]

Wednesday, May 8, 2013

නැගෙනහිර බොදු උරුමය රැකුමට උරදුන් අම්පාර පොලිස් පුරාවිද්‍යා ඒකකය විසුරුවා හැරලා

නැගෙනහිර බෞද්ධ උරුමය රැකගැනීම උදෙසා මහත් මෙහෙවරක් කරමින් සිටි අම්පාර පොලිස් පුරාවිද්‍යා ඒකකය හදිසියේම විසුරුවා හැර තිබේ. එයට අනුයුක්තව රාජකාරී කළ ස්ථානාධිපති උ.පො.ප. උපුල් ශාන්ත ඇතුලු නිලධාරීන්ට ස්වේච්ඡාවෙන් ස්ථානමාරු ලබාගන්නා ලෙස දැනුම් දී තිබේ. 
ඒකකය මැදිහත් වීමෙන් නීතිය ක්‍රියත්මක වූ තවත් එක් ඩෝසර් කළ උරුමයක් - මොට්ටාගල වෙහෙර
ආසන්නම හේතුව ලෙස වර්ථාවන්නේ, ව්‍යාපාරිකයන් පිරිසක් විසින්, හෙන්නානිගල පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක සිදුකළ මහා පරිමාණ කැනීම් වැලැක්වීමට එම ඒකකය ක්‍රියාකිරීම බවයි. එහි නිධන් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

එම ඒකකය නැගෙනහිර බොදු උරුමය සුරැකීම වෙනුවෙන් අපමණ සේවාවක් කළ බවත්, ඒකකය විසුරුවා හැරීම පුරාවිද්‍යා ස්ථාන රැකගැනීමට දරණ ප්‍රයත්නයට විශාල පාඩුවක් බවත් නැගෙනහිර සිංහල සංවිධානයේ ලේකම් එච්. සමන් මහතා ප්‍රකාශ කලේය.

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා ආහාරයට ගත් බෙල්ලන් බවට සැලකෙන බෙල්ලන් විශේෂයක ශේෂවූ කොටස්‌ බලන්ගොඩ කූරගල ප්‍රදේශයෙන් හමුවී ඇත.

පසුගිය 27 දා (2013-04-27) දින ආරම්භකරන ලද කූරගල ප්‍රදේශයේ කැනීම්වලදී බෙල්ලන් විශේෂ වර්ග දෙකක්‌ හමුවී ඇති අතර මීට අමතරව විනිවිද පෙනෙන ගල් ආයුධ සහ සත්ව ඇටසැකිලි කොටස්‌ ද හමුවී තිබේ.

කාලනිර්ණ පරීක්‍ෂණ කර නැතත් මධ්‍ය ශිලා යුගයට අයත් ඒවා වශයෙන් පෙනෙන හෙයින් මේවා වසර 12000 කට වඩා පැරණි ඒවා වියහැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුමාන කරතැයි කූරගල දිවාගුහා රජමහා විහාරාධිපති ශාස්‌ත්‍රපති රාජකීය පණ්‌ඩිත සබරගමුව පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක වටද්දර Æණිස්‌සර නාහිමියෝ සඳහන් කරති. මේ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන බවද නාහිමියෝ සඳහන් කරති.

කැණීම් ආරම්භකිරීමේ අවස්‌ථාවලට ශ්‍රී ලංකා යුධ හමුදාවේ සබරගමුව බල සේනාධිපති බ්‍රිගේඩියර් අයි. පතිරත්න මහතා ඇතුළු කැනීම් අංශ භාර නිලධාරීහුද සහභාගි වූහ.

බලන්ගොඩ අතිරේක - හර්බට්‌ චින්තාමනී
http://www.divaina.com/2013/05/08/provin11.html

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා ආහාරයට ගත් බෙල්ලන් විශේෂයක්‌ බවට සැලකෙන බෙල්ලන් ගේ ශේෂ වු කොටස්‌ කූරගල ප්‍රදේශයේ කැනීම්වලින් සොයා ගැනීමෙන් පසුව පූජ්‍ය වටද්දර ඤාණිස්‌සර නාහිමියන් විසින් පරික්‍ෂාකර බලන ලද අයුරු.

[
සබැඳි ලිපි -
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
කූරගල මහ පින්කමට කුලු පොලු පොලිස් හමුදාවක් කඩා පනී
]

මුස්ලිම් ජාවාරම්කරුවන් හා අන්තවාදීන් නිසා මුලූ රටම පාතාලයක් වෙලා - JHU

මෑත කාලයේ පැන නැගී ඇති බරපතල ප‍්‍රශ්න කිහිපයක් ගැන ජාතික හෙළ උරුමයේ මතය ප‍්‍රකාශ කිරීම සදහා අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

එම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ආචර්ය  ඕමල්පේ සෝභිත නාහිමයන් ද සහභාගී වූ අතර, එහිදී නායක හිමියන් මෙසේ ප‍්‍රකාශ කර සිටියේය.

‘දිනෙන් දින රටේ අලූත් ප‍්‍රශ්න පැන නගිනවා. අලූත් ප‍්‍රශ්න පැන නැගුනාම පරණ ප‍්‍රශ්න යටපත් වෙනවා. පරණ ප‍්‍රශ්න විසදනවා වෙනුවට අලූත් ප‍්‍රශ්න ගැන සාකච්ඡුා කරනවාග ඒකෙන් වෙන්නෙ පරණ ප‍්‍රශ්න යට යන එකයි. ඊට ඉඩ දෙන්න හොද නැහැ. ප‍්‍රශ්නය පරණ වූවාට සකී‍්‍රය බවට එය බාධාවක් නොවේ. අන්තවාදී මුස්ලිම් කි‍්‍රයාකාරකම් දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා.

වසර 30 ට පසුව සාමය උදා වුවත්, පැවතුණ බෝම්බ වලට වඩා භයානක පරමාණු බෝම්බ නිර්මාණය වෙමින් පවතිනවා. මුලූ රටම පාතාලයක් වෙලා. ඒ පාතාලය යට ඉන්නේ මුස්ලිම් ජාවාරම්කරුවන් හා අන්තවාදීන්ය. එය සෑම ක්‍ෂේත‍්‍රයකම අඩු පඩු විහිදු බූවල්ලෙක් වගේ. මේ ටික මම කිව්වේ මෑත කාලයේ සිදුවීම් කිහිපයක් ගැන කියන්නයි. ඉන් එක සිදුවීමක් තමයි. පුත්තලම කල්පිටිය ප‍්‍රදේශයේ රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ කාන්තාවන් ඔවුන්ට හිමි නිල ඇදුම බැහැරකර ඔවුන්ගේ අනන්‍යතාව පෙන්නුම් කරන වෙනත් ඇදුමකින් සේවයට වාර්තා කිරීම. මුස්ලිම් අන්තවාදීන්ගේ බලපෑම් මත එය සිදුවන බවයි එම කාන්තාවන් පවසන්නේ රෝහල් භාර වෛද්‍යවරුනුත් බයවෙලා. මේ ගැන දැනගත් වහාම ජාතික හෙළ උරුමය විදිහට අපි සෞඛ්‍ය අංශයේ බලධාරීන් දැනුවත් කරා. මේ දක්වා කිසිදු පියවරක් අරගෙන නෑ. නැවතත් අපේ විරෝධතාවය අපි පල කරනවා. අපි ප‍්‍රශ්න කරන්නේ මෙච්චරයි. රටේ නීති රීති රෙගුලාසි, චක‍්‍රලේඛ ප‍්‍රතික්‍ෂෙප කරලා මේ ආකාරයට කටයුතු කරනවා නම් රටේ නීතියට මොකද වෙන්නෙ?

මෙහෙම ගියොත් මේක පිළිකාවක් වගේ පැතිරිලා යනවා. දැන් මේක පාසැල් වලටත් පැතරිලා තියනවා. පැසැල්වල පොදු  නිල ඇදුමට පිටින් තමන්ගේ වාර්ගික අනන්‍යතාවය පෙන්වන ඇදුම් අදිනවා. ඊට පස්සෙ චක‍්‍රලේඛ හදලා ඒවා නීතිගත වෙනවා. මුස්ලිම් ළමුන් දැන් පාසැල් යන්නේ පර්දාව/තොප්පිය පැළදගෙන. සිංහල ළමයි ජාතික ඇදුම ළමා සාරිය ඇදල ආවොත් මොකක්ද ඇතිවෙන තත්වය. හින්දු ළමයි ඔවුන්ගේ අනන්‍යතාවය පෙන්වන ඇදුම් ඇගෙන ආවොත් මෙකක්ද වෙන්නෙ? පොදු සංස්කෘතියක් ඇතිවෙයිද? අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හීන දීන කොන්ද පණ නැති නිලධාරීන් මේ බලහත්කාරයට ඉඩ දුන්නා ඊට පස්සේ චක‍්‍රලේඛ මගින් ඒවා නීතිගත කළා. මේකම තමයි ඉදිරියේදී රෝහලවලටත් වෙන්නේ, ඊ ළගට රජයේ ආයතන වලටත් මේක රිංගනවා. මේක පිළිලයක්, සමාජ බෙදුම්වාදයක්, කන බොන එකේ සිට අදින පළදින එකෙත් ආයතනවල සේවය කිරීෙමිදී වෙන්වෙලා කටයුතු කරන්න උත්සහ කරනවා. මේ සමාජ බෙදුම්වාදයේ අවසානය දේශපාලන බෙදුම්වාදය කරා ගමන්කරාවි. ඒක දැන්ම නතර කරන්න බලධාරීන් කටයුතු කළේ නැත්නම් එය රටම වෙළාගන්න පිළිලයක් බවට පත්වේවි’

මෙම මාධ්‍ය හමුවේදී උපත් පාලන එන්නත් කුප්පි රට තුළට ගෙන්වීම පිළිබද අදහස් දැක්වූ ජාතික සංවිධායක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා අද ශී‍්‍ර ලංකාව ආසියාවේ ආශ්චර්යය වෙනුවට සියළු දුරාචාරයන්ගේ කේනද්‍රස්ථානයක් බවට පත්ව ඇති බවත්, මත් කුඩු, මත්පෙත,ි හොර ජාවාරම් සිදුවන තිප්පොලක් බවට ශී‍්‍ර ලංකාව පත්ව ඇති බවත්, අල, ළුෑණු , පරිප්පු කන්ටේනර් අස්සේ රට තුළට එන මත්පෙති, මත්කුඩු, හොර සිගරට්, උපත් පාලන එන්නත් එන්නේ කවර රටකින්දැයි සොයා බැලිය යුතු බවත්, අත් අඩංගුවට පත් එවන් නීති විරෝධී බඩු රට තුළට ගෙන්වා ඇත්තේ කවර පුද්ගලයින්ද යන්න විමසා බැලීමේදී පකිස්ථානය හරහා ශී‍්‍ර ලංකාවට එන මෙම නීති විරෝධී දෑ පිළිබදව ගෙවී ගිය වසර 05 තුළ විමර්ශනය කර බැලූවහොත් මුස්ලිම් පාතාලය මෙය පිටුපස සිටින බව 100%ක්ම විශ්වාසයැයි නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා වැඩි දුරටත් ප‍්‍රකාශ කළහ.

මෙහි මැඩලීමට පියවර නොගතහොත් ශී‍්‍ර ලංකාව ඇෆ්ගනිස්තාන්, පකිස්තාන් අක්‍ෂය හරහා කි‍්‍රයාවට නැගෙන ජාවාරම්වල කේන්ද්‍රස්ථානය බවට පත්වනු ඇති බවත්, ශී‍්‍ර ලංකාවේ නේවාසික වීසාගෙන සිටින ඇෆ්ගන් හා පකිස්තාන් ජාතිකයන් රට තුළ ඔවුන් කරමින් සිටින ව්‍යාපාර මොනවාදැයි සොය බැලිය යුතු බවද පැවසූ ඒ මහතා ජාතික ඒකාබද්ධතා විෂයභාර අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා මේ ප‍්‍රශ්න ජාතික ඒකාබද්ධතාවයට හානිකර නිල ඇදුම් බැහැර කිරීමේ මුස්ලිම් අන්තවාදය නොපෙනෙන්නේ උපන්ගෙයි සිංහල – බෞද්ධ විරෝධය නිසාදැයි විමසා සිටියේය.

එහිදී මාධ්‍යවේදියෙක් ආචර්ය  ඕමල්පේ සෝභිත හිමියන්ගෙන් අසාද්සාලි මන්තී‍්‍රවරයා අත්ඩංගුවට ගැනීම පිළිබදව පක්‍ෂයේ මතය විමසා සිටියේය. එහිදී  ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ රටේ නීතියට පටහැනිව කවරෙක් හෝ කටයුතු කර ඇත්නම් ඔහු අත්අඩංගුවට ගෙන නීතිය අනුව කටයුතු කිරීම වරදක් නොවන බවයි. නීතිය කි‍්‍රයාත්මක වීමට කිසිවෙක් බාධා නොකළ යුතු බවත් සාලි මහතාට ඇති චෝදනා විමර්ශනය කිරීම ආරක්‍ෂක අංශවල කටයුත්තක් බවත්, ඔහුගේ නිරවද්‍යතාවය තහවුරු කිරීම ඔහුගේ කාර්යයක් බවද ප‍්‍රකාශ කළ පූජ්‍ය සෝභිත හිමියන් රටේ නීතියට සියලූ දෙනා යටත් විය යුතු බවත්, ඊට අපද යටත් වන බවත් වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියහ.

- ජාතික හෙළ උරුමය – මාධ්‍ය ඒකකය
May 7, 2013 at 4:08 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/94014/

Tuesday, May 7, 2013

මුසලුවන් බහුතරය වන තැනදී ඔවුන්ගේ ජාතිවාදී හැසිරීම - පුල්මුඩේ සිංහලයන් බඳවා ගැනීමට එරෙහි සටන

පුල්මුඩේ ඛනිජ වැලි සංස්‌ථාවට සිංහල සේවකයන් ගැනීම සම්බන්ධයෙන් කුච්චවේලී ප්‍රාදේශීය සභාව තුළ විරෝධයක්‌ හටගෙන තිබේ. ආරවුලට හේතුව ත්‍රිකුණාමලේ පුල්මුඩේ පිහිටි ලංකා ඛනිජ වැලි සංස්‌ථා කම්හලට සිංහල සේවකයන් බඳවා ගැනීම සහ කුච්චවේලි ප්‍රදේශයේ වෙරළබඩ ඉඩම් සිංහල ව්‍යාපාරිකයන්ට ලබාදීමය.

කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ බලය ඇත්තේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයටය. එහි විපක්‍ෂය බවට පත්ව ඇත්තේ මුස්‌ලිම් කොංග්‍රසය බව පැහැදිලිය. මේ පක්‍ෂ දෙකේම සංයුතිය මුස්‌ලිම්ය. ඛනිජ වැලි සංස්‌ථාව යනු වසර දෙකක පමණ කාලයක්‌ තිස්‌සේ ඉතා ඉහළ ලාභ ලබන ආයතනයකි. මේ ආයතනයට පිටරටින් හැර මේ රටේ වෙනත් ඕනෑම තැනකින් සේවකයන් ගැනීමේ අයිතිය ඛනිජ වැලි සංස්‌ථාවේ පරිපාලන නිලධාරීන් සතුය. එසේම කුච්චවේලියේ වෙරළබඩ ඉඩම් මේ රටේ ඕනෑම තැනක වෙසෙන ආයෝජකයන්ට ජාති භේදයකින් තොරව ලබාදීමේ අයිතිය එම කටයුතු කරන නිලධාරීන්ට තිබේ. හෝටලයක්‌ ඉදිකිරීමට ඉඩම් ගැනීමට එන තැනැත්තා සම්පූර්ණ කළ යුතු ප්‍රමුඛ කාර්යය වන්නේ මෙරට පදිංචි ලාංකිකයකු වීම පමණි. ඔහු සිංහලද, දෙමළද, මුස්‌ලිම්ද, මැලේද, බර්ගර්ද යන සාධක මෙහිදී කිසිදු ආකාරයකින් බලපාන්නේ නැත. එවැනි පදනමක්‌ මේ රටේ තිබුණේ නම් මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අධිකරණ ඇමැති වන්නේ නැත. ආරුමුගම් තොන්ඩමන් වතු යටිතල පහසුකම් ඇමැති වන්නේ නැත. මේ රටේ සිංහලයන් බහුල නිසා රජයේ නිලධාරී තනතුරුවලට හා මැති ඇමැතිකම්වලට සිංහල බහුතරයක්‌ ඇතුළත් වීම නොවැළැක්‌විය හැකිය. එහෙත් රජයේ සියලු ඉහළ තනතුරු දෙමළ, මුස්‌ලිම්, මැලේ ජනයා අතර බෙදී ගොස්‌ තිබේ. යුරෝපියානු බර්ගර් ජනයා සිංහල බහුතරයට අවශෝෂණය වී ඇති නිසා ඔවුන් ගැන පමණක්‌ විශේෂයෙන් සඳහන් කළ නොහේ.

පුල්මුඩේ සහ කුච්චවේලි යනු මුස්‌ලිම් බහුතරයක්‌ සිටින ප්‍රදේශ වෙති. මේ ප්‍රදේශවල තිබෙන ආණ්‌ඩුවේ සහ පුද්ගලික අංශයේ කම්හල්වලට සිංහලයන් ගැනීමට කිසිවකු විරුද්ධ වන්නේ නම් එය තනිකරම ජාතිවාදය ඇදීමකි. කොටි සංවිධානය විසින් නැගෙනහිර පළාතේ බහුතර ප්‍රදේශ පාලනය කෙරුණ කාලයේදී අද ජාතිය ගැන කතා කරන විරුවන් සිටියේ ඇඳවල් යටය. මුස්‌ලිම් සිංහල භේදයක්‌ ඇති කිරීම සමහර දේශපාලන කාලකන්නින්ට අවශ්‍යය. ශ්‍රී ලංකාවේ දෙමළ සිංහල ගැටුම (මෙය ත්‍රස්‌තවාදී යුද්ධයකි) අවසන්ව ඇති මේ තීරණාත්මක මොහොතේදී අපගේ මුස්‌ලිම් සහෝදරයන් අපෙන් වෙන් කිරීමට මුස්‌ලිම් දේශපාලනඥයන් අතළොස්‌සක්‌ ක්‍රියා කිරීම ඉතා නරක තත්ත්වයකි.

ඉස්‌ලාමීය ප්‍රජාව සහ සිංහල ප්‍රජාව අතර අතීතයේ පටන් දිගු සම්බන්ධයක්‌ තිබේ. මෙරට සිටින මුස්‌ලිම්වරුන් බහුතරය අධ්‍යාපනය ලබා ඇත්තේ සිංහලෙනි. ඔවුන් ආවාහ විවාහ මාර්ගයෙන් සිංහල සමාජයට අනුගතව සිටිති. එකිනෙකා අතර ඉතා යහපත් ව්‍යාපාරික හවුල්කාරකම් පවත්වාගෙන යති. කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ මුස්‌ලිම් කොංග්‍රස්‌ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු නටන මෝඩ නාඩගමේ යටි අදහස මේ සියල්ල විනාශ කිරීම නොවිය හැකිද? මේ විපත කිරීම සඳහා ඔවුන් කාගෙන්, කොයි රටෙන් සල්ලි ගත්තේද යන්න සොයා බැලීම රජයේ වගකීමය. එහෙත් රජය මළාට එය නොකරන නිසා එය කිරීම ජාතික සමගිය ප්‍රිය කරන ජනයා සතු යුතුකමය.

ඔවුන් විකිණුනේ කාටද? - කතුවැකිය

[
සබැඳි ලිපි -

උතුරු පළාත් සභා ඡන්දය ජයගෙන ද්‍රවිඩ සන්ධානය බලය අතට ගනී - බුද්ධි අංශ අනතුරු අඟවයි


උතුරේ පළාත් සභා මැතිවරණය ජයගත් පසු ද්‍රවිඩ සන්ධානය විසින් වර්ධරාජා පෙරුමාල් පිහිටු වූ ආකාරයට ද්‍රවිඩ පොලිස්‌ ඒකකයක්‌ ස්‌ථාපිත කර ඉඩම් පාලනය ද සියතට ගැනීමට තීරණය කර ඇති බවට බුද්ධි අංශ විසින් අනතුරු අඟවා ඇත.

මේ ද්‍රවිඩ පොලිස්‌ ඒකකය සඳහා ද්‍රවිඩ සන්ධානයේ තරුණ ඒකකයේ හා අවි පුහුණුව ලත් පුනරුත්ථාපනය වූ හිටපු කොටි බඳවා ගනු ඇතැයි තවදුරටත් බුද්ධි අංශ විසින් දන්වා තිබේ.

ඉන්පසු උතුරෙන් හමුදා සේනාංක ඉවත් කිරීමේ ක්‍රියාමාර්ගයන් ද දියත් කරන ද්‍රවිaඩ සන්ධානය ඒ සඳහා එක්‌සත් ජාතීන්ගේ මැදිහත්වීමක්‌ ලබාගැන්මට ද කටයුතු යොදා ඇත.

මේ තොරතුරු හෙළි වී ඇත්තේ පුනරුත්ථාපනය වූ කොටි ක්‍රියාකාරීන් කිහිපදෙනකුගෙනි.

මේ අතර නල්ලූර්හි ද්‍රවිඩ සන්ධාන තරුණ සංවිධානය ඇතුළු මාවෙයි සේනාධිරාජා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කටයුතු අඩපණ කිරීම සඳහා විරෝධතා ආරම්භ කළ යුතු යෑයි පවසා ඇත.

මෙම රැස්‌වීම ඇමතූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන්, විරෝධතා පැවැත්වීම සඳහා පුද්ගලයන් පස්‌දෙනකු බැගින් ඒකරාශි කළ යුතු යෑයි ප්‍රකාශ කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/05/07/news15.html

උතුරේ දැනට සිටින්නේ සිංහල 746 යි. පෙර උතුරේ සිංහලයන් 20,000 ක්‌ සිටියා.

උතුරේ දැනට සිටින්නේ සිංහලයන් 746 ක්‌ හා මුස්‌ලිම් ජාතිකයන් 1800 ක්‌ යෑයි රජයේ ආරංචි මාර්ග ඊයේ (6 දා) පැවසීය.

මෙයට පෙර උතුරේ සිංහලයන් 20,000 ක්‌ ද මුස්‌ලිම් ජාතිකයන් 10000 ක්‌ ද සිටි අතර කොටි සංවිධානය විසින් ඔවුන්ව පන්නා දමා දේපළ පවරාගෙන තිබේ.

මෙලෙස පැන්නූ පිරිසගේ දේපළ කොටි හිතවාදීන් විසින් ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කරගෙන ඇත.

උතුරේ දැනට සිටින්නේ! සිංහල 746 යි මුස්‌ලිම් 1800 යි
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/05/07/news10.html

සිංහල 60ක් බඳවා ගන්නා ආරංචියට පුල්මුඩේ නොසංසුන්. පෙර මුසලුවන් 136ක් බඳවාගෙන

ත්‍රිකුණාමලය පුල්මුඩේ ඛනිජ වැලි සංස්‌ථාවට සිංහල සේවකයන් 60 දෙනකු බඳවා ගන්නා බවට පැතිර ගිය ආරංචියක්‌ සම්බන්ධයෙන් පෙරේදා (05 දා) සවස සිට ඛනිජ වැලි සංස්‌ථාව ඉදිරිපිටදී පුල්මුඩ ප්‍රදේශයේ තරුණයන් 13 දෙනකු මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කර ඇත.

පුල්මුඩේ ප්‍රදේශයේ ජමෙයිතුල්ලා උලමා සභාව මගින් මෙම උපවාසය ආරම්භ කර ඇති අතර පුල්මුඩේ සියලු කඩ සාප්පු වසා දමා ඊයේ (06 දා) උපවාසකරුවන්ට සහයෝගය දක්‌වන ලදී.

2010 වර්ෂයේදී මෙම තරුණයන් 13 දෙනා අනියම් සේවකයන් වශයෙන් බඳවාගෙන දින 07 කට පසු සේවයෙන් ඉවත් කර ඇති බව කියති. ඔවුන් 13 දෙනා තමන් ඉවත් කිරීමට එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇත. එම නඩු තීන්දුවලට අනුව සංස්‌ථාව මගින් එක්‌ අයකුට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවීමට කටයුතු කර ඇති බව සංස්‌ථා බලධාරියෙක්‌ පැවසීය.

ඡන්ද කාලවලදී දේශපාලකයන් තමන්ට නැවත රැකියා ලබාදෙන බව පැවසූ බවත් දැන් එසේ නොකර දකුණු පළාතෙන් පමණක්‌ සිංහල සේවකයන් 60 දෙනකු බඳවා ගැනීම අසාධාරණ බව එම තරුණයෝ පවසති.

ජමෙයිතුල්ලා උලමා සභාවේ උප සභාපති අම්මදු මියන් කාන් අයුබ්කාන් පැවසුවේ පුල්මුඩේ ඉස්‌ලාම් පල්ලි 22 ක්‌ හා මුස්‌ලිම් කොංග්‍රස්‌ හා සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය මත මෙම උපවාසය ආරම්භ කළ බවයි.

එම ප්‍රදේශයේ උද්ඝෝෂණයට සහයෝගය නොදෙන මධ්‍යස්‌ථ මතධාරීන් පවසන්නේ 2008 වර්ෂයේදී මෙම ආයතනයට එකවර මුස්‌ලිම් සේවකයන් 136 දෙනකු බඳවා ගත් බවයි. මෙය ජාතිවාදය නැවත රට තුළ ඇති කිරීමට දරනා උත්සාහයක්‌ බව ද එම ප්‍රදේශයේ ජනතාව පවසති.

ප්‍රදේශය පුරා පොලිසිය හා යුද හමුදාව ආරක්‍ෂාවට යොදවා තිබෙන අයුරු දක්‌නට ලැබිණි. 

පුල්මුඩේ 13ක්‌  උපවාසයේ
ත්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි
http://www.divaina.com/2013/05/07/news02.html

Monday, May 6, 2013

සියා නිකායික මුස්‌ලිම්වරුන් ඉලක්ක කර ඉරාකයේ එක දිගට බෝම්බ පුපුරයි


මෑතක සිට ඉරාකයේ තැන් තැන්වල බෝම්බ පිපිරීම් වැඩි වී තිබේ.

පෙරේදා ස්‌ථාන 5 ක සිදු වූ පිපිරීම්වලින් සිවිල් වැසියන් 36 දෙනෙක්‌ මරණයට පත් වූ අතර සියයකට අධික පිරිසක්‌ තුවාල ලැබූහ.

මෙම පිපිරීම් සිදු වූයේ දක්‍ෂිණ ඉරාකයේ සියා නිකායික මුස්‌ලිම්වරුන් බහුතරයක්‌ පදිංචි ප්‍රදේශවලය.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් ඉරාකය ආක්‍රමණය කර සිදු කළ විනාශයෙන් පසු හා ජනාධිපති සදාම් හුසේන් මරා දැමීමෙන් පසු කලින් යටපත් වී තිබූ සියා - හුස්‌නි මුස්‌ලිම් ගැටුම් උත්සන්න වී තිබෙන බව වාර්තා වේ.

ඉරාකයේ එක දිගට බෝම්බ පුපුරයි
http://www.divaina.com/2013/05/06/forign06.html

කල්මුණේ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ බුදු පිළිමයට හානි

පිරිත් සඡ්Cධායනා මැද යළිත් බුදු පිළිමවහන්සේ නමක්‌ තැන්පත් කෙරේ

මඩකලපුව කළවංචිකුඩි පොලිස්‌ බල ප්‍රදේශයේ ඕවිට කල්ලාර් ප්‍රදේශයේ කල්මුණේ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පිහිටි ප්‍රධාන පාලම ආසන්නයේ පිහිටි බුද්ධ මන්දිරයේ පිළිම වහන්සේ 02 වැනිදා රාත්‍රියේ කිසියම් පිරිසක්‌ විසින් කඩා දමා විනාශ කිරීම නිසා 04 වැනිදා එම ස්‌ථානයට රැස්‌වුණු මහා සඟරුවනේ පිරිත් දේශනාවන් මැද නැවතත් එම බුදු මැඳුරෙහි පිළිම වහන්සේ නමක්‌ තැන්පත් කළහ.

කෙටි ත්‍රස්‌තවාදීන් පරදා ලබාගත් ජය සිහිවීම පිණිස එවකට මෙම ස්‌ථානයේ තිබුණ පොලිස්‌ මුරපළ නිලධාරීන් විසින් 2009 වසරේදී මෙම බුද්ධ මන්දිරය  ඉදිකොට පිළිම වහන්සේ නමක්‌ තැන්පත් කර වැඳුම්පිදුම් කර තිබේ. එතැන් සිට මෙම බුදු මැඳුර කිසිදු උපද්‍රවයකින් තොරව මෙම ස්‌ථානයේ තිබිණි.

පූජ්‍ය කිරිඳිවැල සෝමරතන හිමියන් අම්පිටියේ සුමනරතන හිsමියන්, කල්මුනේ විහාරස්‌ථානයේ පූජ්‍ය රම්මුතුගල සංඝරතන හිමියන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලා විශාල පිරිසක්‌ නැවත බුදු පිළිම වහන්සේ තැන්පත් කරන අවස්‌ථාව සහාගි වී සිටියහ. 

කල්මසුසත්ත 
අමරබන්දු - අම්පාර
http://www.divaina.com/2013/05/06/news15.html

පුල්මුඩේ ඛනිජ වැලි සංස්‌ථාවට සිංහල සේවකයන් ගත්තාට මුස්‌ලිම් කොංග්‍රස්‌ ප්‍රා. සභා මන්ත්‍රී විරෝධය

ත්‍රිකුණාමලය පුල්මුඩේ ඛනිජ වැලි සංස්‌ථාවට සිංහල සේවකයන් බඳවාගැනීමට සහ කුච්චවේලි ප්‍රදේශයේ වෙරළබඩ ඉඩම් රජය මගින් සිංහල ව්‍යාපාරිකයන්ට ලබාදීමට විරුද්ධව කුච්චවේලි ප්‍රාදේශීය සභාව මගින් ඉකුත් 3 වැනිදා විශේෂ රැස්‌වීමක්‌ කැඳවා තිබිණි.

එහිදී මුස්‌ලිම් කොංග්‍රස්‌ ප්‍රා. සභා මන්ත්‍රී එම්. අයි. එම්. ආසීක්‌ මහතා විසින් සිංහල සේවකයන් ඛනිජ වැලි සංස්‌ථාවට බඳවා ගැනීමත්, එම ප්‍රදේශයේ ඉඩම් හෝටල්වලට හා පෞද්ගලික සමාගම්වලට දීම වැරැදි බවත් පැවසීය.

එම විශේෂ මහ සභා රැස්‌වීමට සහභාගි වීම ප්‍රතික්‍ෂේප කළ උප සභාපති ආදම්බාවා තවුෂි මහතාගේ නම සඳහන් කරමින් කතා කිරීම පිළිබඳව රැස්‌වීමෙන් පසුව මුස්‌ලිම් කොංග්‍රස්‌ මන්ත්‍රීවරයාට විරෝධය දක්‌වන ලදී. එහිදී ඇතිවූ ගැටුමක්‌ හේතුවෙන් මුස්‌ලිම් කොංග්‍රස්‌ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පුල්මුඩේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ත්‍රිකුණාමලය ජාතික රෝහලට මාරු කර යවා ඇත.

කිසිදු බාහිර හෝ අභ්‍යන්තර තුවාල නොමැති බැවින් මන්ත්‍රීවරයා මේ වන විට ත්‍රිකුණාමල රෝහලින් ඉවත්ව ගොස්‌ තිබේ. මෙම සිද්ධිය පිළිබඳව පුල්මුඩේ පොලිසිය මේ වන විට පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇත.

ත්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි 
පුල්මුඩේ ඛනිජ වැලි සංස්‌ථාවට සිංහල සේවකයන් ගත්තාට කුච්චවේලි ප්‍රා. සභාවේ විරෝධය
http://www.divaina.com/2013/05/06/news11.html

මුස්ලිම් ජාතිකයන්ට යළිත් යාපනයේ දොර අරිනවා - දේවානන්ද

පසුගිය යුද සමයේදී යාපනයේ සිටි මුස්ලිම් ජනතාව ඉතා කෙටි කාලයකදී කොටි විසින් යාපනයෙන් එළවා දැමූ බවත් යාපනයේ නැවත පදිංචියට  පැමිණෙන සියලූ මුස්ලිම් ජනතාවට අවශ්‍ය පහසුකම් සියල්ල සලසා දෙන බව සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා කර්මාන්ත ව්‍යවසාය  සංවර්ධන ඇමති ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

යාපනයේ උස්මානියා මුස්ලිම් විදුහලේ පැවති යාපනය කිලිනොච්චි මුස්ලිම්වරුන්ගේ සංවිධානයේ රැස්වීමක විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

‘ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සියලූ දෙනා එක් ජාතියක් ලෙස නොව ශ‍්‍රී ලාංකිකයෝ ලෙසයි සලකන්නේ. පසුගිය යුද සමගේ අවතැන් වූ සියලූ ජනතාව මේ වන විට නැවත පදිංචි කරමින් තිබෙනවා.

යාපනයේ පදිංචි වූ මුස්ලිම් ජනතාවට අවශ්‍ය සියලූ පහසුකම් සපයා තිබෙනවා.

ඉන්දියානු ආධාර යටතේ ලැබෙන නිවාසවලින් මුස්ලිම් ජනතාව සදහා දැනටමත් නිවාස 257ක් ලබාදී තිබෙනවා. මේ ජනතාව තමන්ගේ ඉල්ලීම් ඉතා සාධාරණ අයුරින් ඉදිරිපත් කිරීම නිසා ඒවා විසදාලීම එතරම් අපහසු නැහැ’

යයිද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේවානන්ද මහතා කීය.

May 6, 2013 at 9:41 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93937/

[
සබැඳි ලිපි

සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...]

කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට

http://www.facebook.com/photo.php?fbid=504405576246153&set=a.458182277535150.100532.458073670879344&type=1&theater
ශ්‍රී පාද දිවා ගුහාව යයි ජන ප්‍රවාද ගත ඓතිහාසික කූරගල ලෙන් විහාර සංකීර්ණය අත්පත් කර ගෙන එහි පැවති බුදු පිළිම සඳකඩ පහන් මෙන්ම ශ්‍රී පතුල් ද කඩා බිඳ දමා එහි  මුස්ලිම් වරුන්ගේ පැළක් අටවා ගත්තේ මීට වසර අනූවකට පමණ  ඉහතදීය. කංසා වවන  කංසා පටවන අලි මස්තාන් නම් පුද්ගලයෙකු විසින් අටවා ගන්නා ලද අනවසර පැළ  කඩා දමන ලෙස එවකට සිටි කල්තොට ආරච්චි වරයාට මුල්ගම කෝරාළ වරයා විසින් දැනුම් දෙන ලද්දේ 1923 වසරේ දීය. නමුත් එය එසේ සිදු නොවුණි. අනතුරුව 1930 වර්ෂයෙන් පසුව  මෙම ස්ථානයේ වටිනාකම අවබෝධ කර ගත් මුස්ලිම් වරු ඔවුන්ගේ සොහොනක් ද  ඉඳිකර යාඥා ගෘහයක් ඉඳිකර ගන්නා ලද්දේය.1939 වර්ෂයේ දී මුල් වරට පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් එහි වැඩම කළ අවස්ථාවේ දී තිබූ තත්වය සබරගමුවේ පැරණි ලියවිලි සංග්‍රහයේ ඇතුලත් කර ඇත. පසුව සපරගමු දර්ශන කෘතියේ ද වැඩි විස්තර වශයෙන් සඳහන් කර තිබේ.මෙම ස්ථානය අන්‍යාගමිකයින්ගෙන් බේරා ගැනීමට උන්වහන්සේ උත්සාහ ගන්නා අවස්ථාවේ දී මුස්ලිම් පක්ෂය විසින් කළ එදිරිවාදුකම් පැහැදිලිව එහි දක්වා තිබේ. පුරාවිද්‍යා නිළධාරීන් සමග සෙල්ලිපි පිටපත් කිරීමට ගිය අවස්ථාවේ දී එයට ඉඩ නොදුන් ආකාරයද උන්වහන්සේට එරෙහිව පොලිසියට පැමිණිලි කළ ආකාරයද එහි ඇතුලත්ව ඇත.

පුරාවිද්‍යා කොමසාරිස් සී.ඊ.ගොඩකුඹුර මහතා සමග එහි ගොස් එහි තිබෙන ඓතිහාසිකත්වය පෙන්වා දුන් පසු 1971 වසරේ දී කූරගල පතන හිටුවන් ගල පතන ඇතුලත් කොටසක් අක්කර තිස්තුනක   පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත් කරන ලදී. නමුත් හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජාද සිල්වා මහතා මුස්ලිම් වරුන්ට සිය වන්දනා මානයට ලිඛිත අවසරයක් දීම නිසා කූරගල නිදහස් කර ගැනීමට බාධා එල්ල විය. පුරා විද්‍යා ආඥා පණතේ බලතල වලට පරිබාහිරව ගත් එම තීරණය නිසා මුස්ලිම් වරුන් ගේ අනවසර සොහොන් හා ඉඳිකිරීම් කිසිවක් ඉවත් නොවුණි. පූජ්‍ය විකිලියේ නාරද හිමියන් ද මෙම ස්ථානයේ ඓතිහාසික වටිනාකම් ලේඛන ගත කළ යතිවරයින් වහන්සේ නමකි. නවසිය තිහේ දශකයේ දී උන්වහන්සේ එහි යන විට හිටුවන්ගල පාමුල එහි ආර ආසන්නයේ ගොඩනැගිල්ලක අවශේෂ තිබී ඇත. එසේම සඳකඩ පහන් බුදුපිලිම සහිත ගල්ලෙන් ද පිහිටා තිබුණි.එක් ශ්‍රී පතුල ගලක් ඉතිරිව තිබී ඇත. නමුත් පසුව ඒවා කඩා දමා ගලෙන් පහළට පෙරලා දමා ඇති අතර ගොඩනැගිල්ලේ අවශේෂ උඩ මුස්ලිම් පල්ලිය ස්ථාපිත කර ඇති බව සඳහන් කර තිබේ.

1977 වසරේ දී බළන්ගොඩ මන්ත්‍රීවරයා ලෙසට පත් වූ අබුසාලි මහතා  කූරගල මුස්ලිම් පල්ලිය දියුණු කිරීමට තමන්ගේ බලය යෙදවීය.තාවකාලික යාඥා මඩුව මේ අවදියේ දී ස්ථීර ගොඩනැගිල්ලක් බවට පත් වූ අතර එවකට පුරා විද්‍යා දෙපාර්ත්මේන්තුවේ සිටි මුරකරුවා වූ හීන් මහත්මයා ගේ උදව් උපකාර ඇතිව මේ ස්ථානයේ කඩපිල් වැසිකිලි මුලුතැන් ගෙවල් විශ්‍රාම ශාලා සොහොන් නානාකාමර ස්ථීර නිවාස තොරන් පඩිපෙළවල් සහ කාර්යාල ගොඩනැගිලි ඉඳි විය.  බළන්ගොඩ උප දිසාපති වරයා වසින් වාර්ෂික වන්දනා සමයට අදාළව වන්දනා බලපත්‍ර හා හරක්මැරීමේ බලපත්‍රද නිකුත් කරන ලද්දේය. මේ නිසා මේ බෞද්ධ ශුද්ධ භූමිය තුල ඝාතනය කරන ලද එළ ගවයින් හා මී ගවයින් ගණන දහස් ගණනකි.

මා මේ ස්ථානය මුල් වරට දැක ගත්තේ 1978 වසරේ දිනකදීය. ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයකට අත්ව ඇත ශෝචනීය ඉරණම සියැසින්ම දර්ශනය වීමෙන් හටගත් සංවේගය නිසා යමක් මෙයට එරෙහිව කල යුතු යයි හැඟී තිබුණද මේ පිළිබඳව එකල මා වෙත ශක්තියක් ද නොවීය. නමුත් මේ ස්ථානයේ පවතින ඓතිහාසිකත්වය ගවේශණය කර වරින් වර පුවත් පත් වලට සපයන ලද ලියකියවිලි නිසා කූරගල සිද්ධස්ථානය පිලිබඳව ජනතා සිත් සතන් අවදි විය. එකල දිවයින පත්‍රයේ සේවය කළ නයනක රන්වැල්ල මහතාද අනගාරික ශාන්ත විජේසිංහ මහතා ද එක්ව ගොස් විශේෂ ලිපියක් පත්‍රයේ පළ කළ අවස්ථාවේ ඇති වූ ප්‍රතිචාරයන් බොහෝය. බෝඹුව විහාරස්ථානයේ වැඩසිටි පූජ්‍ය වටද්දර ඥාණිස්සර හිමියන් එකල මේ ස්ථානය බේරා ගැනීමට අබුසාලි මහතා සමග විශාල සටනක් කළ බව ප්‍රකටය. එහෙත් ප්‍රදේශයේ වෙනත් භික්ෂූන් වහන්සේලා මේ විනාශය පිළිබඳව කිසිම හඩක් නොනැගූ බව මතක් වේ. එහෙත් මේ විනාශය ගැන කම්පනයට පත් වූ මැද පෙරදිග හෙළ බිම සංවිධානය යලිත් කූර ගල අවට බෞද්ධ පුනර්ජීවනයක් ඇති කරලීමේ අදිටනින් අස්ගිරි විහාර වාසී වර්තමාන අස්ගිරි කාරක සංඝසභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සමග සාකච්ඡා කොට පූජ්‍ය වටද්දර ඥානිස්සර ස්වාමීන් වහන්සේ මුණ ගැසී යලිත් මේ ස්ථානයේ ඇති කළ යුතු වෙනස පිලිබඳව එකඟතාවයකට පැමිණි බව හොඳ හැටි මතකයට නැගේ.

ආර්. ප්‍රේමදාස අගමැතිවරයා ජනාධිපති බවට පත් වූ පසු මේ ප්‍රශ්ණය යලිත් ඇදී විත් පුරා විද්‍යා රක්ෂිතය යලිත් නිදහස  කරන ලෙසට බෞද්ධ සංවිධාන  ඉල්ලා සිට ඇත.එහිදී කරුණු පරීක්ෂා කොට නිගමනයට එළඹි රජය මුස්ලිම් පාර්ශවය ගැන ද සලකා බලා ඔවුන් වෙනුවෙන් තන්ජම ගමට අයත් කොටසෙන් අක්කර විස්සක භූමි භාගයක් වෙන් කරන ලදී. මෙයින් බලාපොරොත්තු වූයේ හිටුවන් ගල හා කූරගල තිබෙන ඉස්ලාම් ඉඳිකිරීම් ඉවත් කර ගෙන පුරාවිද්‍යා රක්ෂිතය නිදහස් කිරීමටයි. නමුත් එය එසේ නොවුණී. ඒ වෙනුවට එල්.එම්. අබුසාලි මන්ත්‍රීවරයා කල්මුනේ පදිංචි මුස්ලිම් මිනිසුන් පවුල් කීපයක් ගෙනවුත් ලබා දුන් තන්ජම ගමේ පදිංචි කලේය.ඒ නිසා කූරගල ගල පාමුළ මුස්ලිම් ජනපදයක් ඇති වුණි.1961 නොවැම්බර් 16 දින නිකුත් කරන ලද මැනීම් වාර්තාවේ අවසාන ගම් සිතියමේ තන්ජම ගමට තිබෙන විස්තරය මෙහිදී කියවා බැලීම වැදගත් වෙයි. තන්ජම ගම තුල ජීවත්ව සිටින්නේ සිංහල බෞද්ධයන් බව එහි පැහැදිලිව සඳහන් කර ඇත. ඒඅතරම හිටුවන්ගල හා කූරගල ට අයත් ඉඩකඩම් වල නිවැරදි ප්‍රමාණයන් වන අක්කර 1847 ක ප්‍රමාණය එම මිනුම්දෝරු සිතියමේ අන්තර්ගතව තිබේ.ඒ අනුව පුරාවිද්‍යා රක්ෂිතයට තවත් විශාල ඉඩම් ප්‍රමාණයක් අයත් විය යුතුය.එවැනි තත්වයක් යටතේ මුස්ලිම් ගමක් පිහිටුවීම අර්බුදයක් වුවද සහජීවනයට කැමති සිංහලයින් නිහඬවම එය දරා ගෙන සිට ඇත.මේ තත්වය මත දිනෙන් දින මේ මුස්ලිම් ගම දියුණු පවුණු වූ අතර ඔවුන්ගේ වන්දනා කාලයට අවශ්‍ය වෙළ හෙළදාම් කරන ලද්දේ මේ ජනතාව විසිනි.පසුව අක්කර විස්සක භූමි භාගය තවත් පුලුල් වූ අතර තවත් අක්කර හයක් පමණ මේ පිරිස පවරා ගෙන තිබේ.මේ සියලු ඉඩම් පිහිටා තිබෙන්නේ ගල්ටැම් යාය පැරණි පංචාවාස ගොඩනැගිලි සංකීරණයත් හිටුවන්ගල පතනත් අතර භූමිභාගයේය. පලු      ගහ වැව හරහා වැටී තිබුණු පැරණි රජ මාර්ගය මේ හරහා වැටී තිබුණු බවට සාධකද හමුවේ.

මුස්ලිම් වරුන්ට අක්කර විස්සක භූමි භාගයක් ලබා දෙන අවස්ථාවේ දී පූජ්‍ය වටද්දර ඥානිස්සර හිමියන් ගේ ඉල්ලීම පරිදි මුස්ලිම් ගමට ප්‍රති විරුද්ධ දිශාවෙන් අක්කර දහයක් උන් වහන්සේටද වෙන් කරන ලද්දේය. එහි බුදු ගෙයක් ද බෝධීන් වහන්සේ නමක් තැන්පත්කර වැඳුම් පිඳුම් කිරීමට සැලැස්වුවද පසු කාලයක එය වල්බිහිව ගියේය. වර්ෂ දෙදාහේ පමණ අප එහි යන විට එහි තැන්පත්වර තිබූ බුදු පිළිම කඩා ස්ථානය විනාශ කර දමා තිබුණි. බෞද්ධ සංරක්ෂණ සභාව හා හෙළබිම සංවිධානයේ මෙහෙයවීමෙන් පූජ්‍ය වටද්දර ඥණිස්සර හිමියන් ගේ අනුශාසකත්වය පරිදි මේ ස්ථානයේ අභිනව ආවාස ගෙයක් ධර්ම ශාලාවක් සෑදීමට ආරම්භ කළ අතර එම ධර්ම ශාලාවට මුල් ගල් තබන් ලද්දේ  2003 වර්ෂයේ පෙබරවාරි 06 වන දාට යෙදුණු සුභ නැකතකින්ය. මේ අවස්ථාව උදා කර ගැනීම පිණිස තන්ජම ගම්මානයේ දායක සභාව ඇතුලත් තන්ජම විහාස්ථානයේ ස්වාමීන්වහන්සේ ගේ පූර්ණ අනුග්‍රහය  ලැබුණි.  නමුත් මුල් ගල් තබන අවස්ථාවේ එවකට බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පැමිණ එයට අවහිර කිරීමට සහ බිය ගැන්වීමට තැත් කල බව හොඳ හැටි මකයට නැගේ.

කෙසේ වුවත් ධර්ම ශාලාව සම්පූර්ණ කොට බෝධීන් වහන්සේ නමක් ද අභිනවයෙන් රෝපණය කොට බුදුමැදුරක් හා භාවනා කුටි කීපක් ද තනා නිම කළ නමුත් ඒ ස්ථානයට සරිලන ස්වාමීන් වහන්සේ නමක් නිත්‍ය වාසයට නොපැමිණිමේ හේතුවෙන් කූරගල බේරා ගැනීමේ සටන දිනෙන් දින අඩාල විය. එහෙත් පසුව නැවත නැවත ජන මාධ්‍ය ඔස්සේ ඇති වූ ප්‍රචාරය නිසා කූරගල බේරා ගැනීමේ සටන වඩාත් තීව්ර අඩියකට පත් වුනි.රජය විසින් පත් කරන ලද ජනාධිපති කොමිසම ඉදිරියේ කූරගල ගැන ඉදිරිපත් වූ සාක්ෂි සලකා බලා එහි විශේෂ වාර්තාවක්ද ඇතුලත් කිරීමට මුල් වූයේ පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පූජ්‍ය කොළෙන්නේ ශාන්ත විජය හිමි  පූජ්‍ය වටද්දර ඥානිස්සර හිමි ඇතුලු යතිවරයින් වහන්සේලා සහ දයානන්ද බිනරගම මහතා මෙන්ම රාවන සවිය ජාතික හෙළ උරුමය ඇතුලු බෞද්ධ ජාතික බලවේගයන්හි ක්‍රියාකාරී සාමාජිකයන් විසිනි. ඉන්පසු මේ ප්‍රශ්නයට සෘජුවම මැදිහත් වූ කොළොන්නේ ශාන්ත විජය හිමියන් මානව හිමිකම් කොමිසම ඉදිරියේ පුරා විද්‍යා දෙපාර්ත්මේන්තුවට විරුද්ධව නඩු පැවරිමෙන් පසුව මේ ස්ථානයේ අනවසර ඉඳිකිරිම් වන කඩපළ වල් හතරක් ඉවත් කිරීමට තීන්දුව ලැබුණි. එහෙත් අබුසාලි මහතාගේ දියණිය හා පල්ලි භාර කාර මණ්ඩලය මේ ස්ථානයෙන් ඉවත් වීමට කැමැත්ත පළ නොකල බව සඳහන් කළ යුතුය. එක් අවස්ථාවක දී අලෙවි මවුලානා ආණ්ඩුකාර වරයාද පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ගෙන්වා බෞද්ධ පක්ෂය බෙලහීන කොට මුස්ලිම් වරුන්ට මෙය නැවත ලබා දීමට ගත් උත්සාහය පරාජයට පත් කරන ලද්දේය.

සිංහල බෞද්ධයින් එක් පුර පසලොස්වක දිනකදී කළ අටවිසි බුද්ධ පූජාව  අවස්ථාවේ දී ප්‍රදේශයේ පොලිස් ස්ථාන පහකින් පොලිස් පිරිස ගෙන්වා අහිංසක බෞද්ධයින් බිය ගැන්වූහැටි මතකය. නමුත් පසුව ආරක්ෂක ලේකම් වරයා ඇතුලු ආරක්ෂක අංශ මේ ස්ථානයට පැමිණ අවසාන තීරණයකට එළඹුනේය. ඒ අනුව මුස්ලිම් වරුන් විසින් අනවසරයෙන් ඉඳිකරන ලද ස්ථාන 16ක් ඉවත් කිරිමට තීරණය විය. වැසිකිලි නාන කාමර මුලුතැන් ගෙවල් පානමූන සොහොන ඇතුලු විශ්‍රාම ශාලා කාර්යාල ගොඩනැගිලි මේ ලැයිස්තුවට අයත් විය. ආරක්ෂක ලේකම් වරයාගේ මතය වූයේ අනවසර ඉඳිකිරීමක එකදු සිමෙන්ති කැටයක් හෝ මේ ස්ථානයේ නොතිබිය යුතු බවයි.මෙම ඉවත්  කිරීම් සඳහා  සිවිල් ආරක්ෂක බලකායක් ද බඳවා ගන්නා ලදහ. එසේම කැණිම් ද ආරම්භ කර ඇත.මේ කැනීම් වලින් ගවර දත් ඇතුලු ප්‍රාග් ඓතිහාසික අවශේෂයන් රාශියක්ම මතු වෙමින් ඇත.

මේ තත්වය මෙසේ වුවත් ගවේශණ සැලැස්මක් නොමැතිව කූරගල භූමියේ කරන කැණීම් ආසර්ථක වන බව ප්‍රකාශ කළ යුතුය.පූජ්‍ය විකිලියේ නාරද හිමියන් 1992 වර්ෂයේ දී ලියා තැබූ පරිදි අනවසර ඉඳි කිරීම් වලට යටව පවතින්නේ ඓතිහාසික ලෙන් සංකීර්ණයේ ආරාම නටබුන්ය. ඒවා අස්ථාන ගත නොකර මතු කර ගැනීමට නම් විධිමත් සැලැස්මක් මත කටයුතු කළ යුතුය. හිටපු ජනාධිපති ලේකම් කේ.එච්.ඒ. විජයදාස මහතාගේ පියාට අනුව ලංකාවේ මධ්‍යම භූමියට පහළින් දක්ෂිණ වේදිකාවේ පුටුව මස්තකයේ නොහොත් නිතම්භයේ කූරගල ඓතිහාසික දිවා ගුහා සිද්ධස්ථානය පිහිටා ඇත. ඒ අර්ථයෙන් ගත කල්හි.මෙම ස්ථානය ශ්‍රීපා ද දිවා ගුහාව ලෙසට ප්‍රකාශ කරන මතයට යම්කිසි ශක්තියක් ලැබේ. අසූව දශකයේ දී මේ ස්ථානය කූරගල ශ්‍රී පාද දිවා ගුහාව ලෙසින් හඳුනා ගෙන පුරා වසර හතක් පූජා සත්කාර කළ පිරිසගේ පින් බලයෙන් මෙන්ම මෙහි නම් සඳහන් කළ නොකල සැදැහැවත් බෞද්ධ පින්වතුන් ගේ ආධාරයෙන් මෙන්ම ශක්ති ධෛර්යයෙන් නැවතත් කූරගල පින්බිම නිදහස් වෙමින් ඇත. එදා විමලධර්මසූරිය රජ දවසදී ශ්‍රීපාද ස්ථානය ආඬින්ගෙන් නිදහස් කරගත්තාක් මෙන්ම මේ කර්තව්‍ය මහා පින්කමක් වනු නිසැකය. එම නිසා මේ ඓතිහාසික සිද්ධස්ථානය නැවත පණ ගන්වන සෑම කෙනෙකුම ඒ මහා ශ්‍රද්ධාවෙන් කටයුතු කළ යුතු බව මගේ හැඟීමයි. එසේ නොවුණහොත් මේ රටේ අපට අහිමි වෙමින් පවතින කිසිම සිද්ධස්ථානයක් නැවත වන්දනාවට විවෘත කරගැනීම අධිෂ්ඨානයක් පහළ නොවුණු විය හැකිය.

- මතුගම සෙනෙවිරුවන්
සාදු… සාදු…. සාදු…. කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
May 6, 2013 at 2:29 pm | lanka C news
http://lankacnews.com/sinhala/main-news/93921/
සම්බන්ඳිත කාලීන ලිපි සඳහා මතුගම සෙනෙවිරුවන්ගේ ලිවි සැරිය වෙත පිවිසෙන්න... - http://seneviruwan.blogspot.com/


[
සබැඳි ලිපි -
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
කූරගල මහ පින්කමට කුලු පොලු පොලිස් හමුදාවක් කඩා පනී
]

මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ

බළන්ගොඩ කූරගල පුරාවිද්‍යාභූමියේ කළ කැර්‍ණම්වලින් ප‍්‍රාග් ඓතිහාසික මානවකයන් භාවිත කළ ගල් ආයුධ, මැටි බඳුන්, බෙලිකටු ඇතුළු පුරාවස්තු රැසක් හමුවූ බව සබරගමු පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ තිස්ස කුමාර මදුරප්පෙරුම මහතා සඳහන් කරයි.

කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
May 5, 2013 at 5:29 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/93908/

[
සබැඳි ලිපි -
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
කූරගල මහ පින්කමට කුලු පොලු පොලිස් හමුදාවක් කඩා පනී
]

Sunday, May 5, 2013

ටී.එන්.ඒ. රැකගන්න රායප්පු ජෝෂප් රදගුරු එයි

පක්‌ෂ ලියාපදිංචි කිරීමේ අර්බුදයක්‌ හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය මේ වනවිට දෙකඩ වි ඇති අතර යළිත් එම පක්‌ෂය තුළ එකමුතුභාවය ගොඩනැගීම පිණිස මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණෝ ඉදිරිපත් වී සිටිති.

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‌ෂයේ වැඩි සාමාජික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් ගොඩනගන ලද දෙමළ ජාතික සන්ධානයට ඉලංකෙයි තමින් අරසුකච්චි පක්‌ෂය, ටෙලෝ සංවිධානය, ප්ලොට්‌ සංවිධානය, ඊ.පී.ආර්.එල්.එµa. සංවිධානය හා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ ඇතුළත් වෙයි.

දෙමළ ජාතික සන්ධානය තුළ සිටින ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‌ෂයේ සාමාජිකයන්ට දේශපාලනයේදී වැඩිවාසි ලැබීමත් එම පක්‌ෂය තුළ සිටින ආර්. සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරු ඔවුන්ට අභිමත පරිදි තීරණ ගැනීමත් නිසා ඊට විරෝධය පළ කරන සෙසු මන්ත්‍රීවරුන්ගේ යෝජනාව වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානය නමින් නව දේශපාලන පක්‌ෂයක්‌ පිහිටුවා සියලු දෙනාම එම පක්‌ෂය වටා එක්‌රොක්‌ විය යුතු බවයි.

නමුත් මෙම යෝජනාවට ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා හා මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා විරුද්ධ වීම නිසා මේ වනවිට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු දෙපිලකට බෙදී සිටිති.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2013/05/05/news09.html

පලවා හැරි සිංහල 21000 පදිංචි නොකර මැතිවරණ එපා. එරෙහිව උසාවි යනවා - ඇල්ලේ ගුණවංශ හිමි


උතුරු පළාතෙන් පලවා හරිනු ලැබූ විසි එක්‌ දහසක්‌ පමණ වන සිංහලයන් යළි පදිංචි නොකර උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් එම ජනයාගේ මූලික අයිතිවාසිකම් කඩවීමට එරෙහිව අධිකරණය හමුවට යැමට තීරණය කළ බව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.

1977 සිට සිංහලයන් උතුරු පළාතෙන් පලවා හරිනු ලැබූ බවත් තමන්ව මෙතෙක්‌ පදිංචි නොකර මැතිවරණ පැවැත්වීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට දිවුරුම් ප්‍රකාශ රැසක්‌ ඔවුන් ලබා දුන් බවත් උන්වහන්සේ පැවසූහ.

පලවා හැරි සිංහලයන් පිළිබඳව කරුණු සොයා බැලීමට එදා එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව කොමිසමක්‌ පත් කළ බවත් එහිදී සිංහලයන් වෙනුවෙන් තමන් කරුණු ඉදිරිපත් කළ බවත් පැවසූහ.

සිංහලයන් යළි පදිංචි නොකර උතුරේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට විරුද්ධව දේශප්‍රේමී සංවිධාන කිහිපයක්‌ සමගම ගුණවංශ හිමියෝ සාකච්ඡා පවත්වා ඇති අතර මේ පිළිබඳව අධිකරණය හමුවට යැමට පෙර ආණ්‌ඩුවට සංදේශයක්‌ භාර දීමට ද සැලසුම් කර ඇත.


උතුරේ මැතිවරණයට එරෙහිව උසාවි යනවා - පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/05/05/news05.html

ආණ්‌ඩුව හා මුස්‌ලිම් කොංග්‍රස්‌ දීගය අවසන්?

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ආණ්‌ඩුවෙන් ඉවත්වනවාද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණය අනිද්දා (7 වැනිදා) පැවැත්වෙන එම පක්‍ෂයේ උත්තරීතර මණ්‌ඩලයේදී ගැනීමට නියමිතව ඇත.

නැගෙනහිර පළාත් සභාව පවත්වාගෙන යැමට ආණ්‌ඩුවට සහාය දුන්නද පළාතේ මුස්‌ලිම් ජනයාගේ ප්‍රශ්න විසඳීමට ආණ්‌ඩුව මෙතෙක්‌ ක්‍රියා කර නොමැති බවත්, ආණ්‌ඩුවෙන් පක්‍ෂය නොසලකා හැර ඇති බවත් ඒ නිසා ඉවත්වී විපක්‍ෂයේ අසුන් ගත යුතු යෑයි පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු රැසක්‌ නායකත්වයට පෙන්වාදී තිබේ.

එහෙත් තවදුරටත් ආණ්‌ඩුවේ සිටිමින් මුස්‌ලිම් ජනතාවට සේවය කළ යුතු බව තවත් මන්ත්‍රී කණ්‌ඩායමක්‌ හා නැගෙනහිර පක්‍ෂ කණ්‌ඩායමක්‌ පක්‍ෂ නායකත්වයට දැනුම් දී ඇත.

මේ පිළිබඳව සාකච්ඡා කර තීරණයක්‌ ගැනීමට අනිද්දා (7 වැනිදා) පක්‍ෂයේ උත්තරීතර මණ්‌ඩලය කැඳවන ලෙස පක්‍ෂ නායක ඇමැති රවුෆ් හකීම් මහතා මහලේකම්වරයාට උපදෙස්‌ දී ඇත. මෙම රැස්‌වීමට නැගෙනහිර පළාතේ මුස්‌ලිම් මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන නියෝජිතයන්ද කැඳවන ලෙස උපදෙස්‌ දී තිබේ.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/05/05/news03.html

නැගෙනහිර අම්පාරට වෙනම පරිපාලන ඒකකයක් ඕනෑ - මු කො

නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩු බලය පිහිටුවීම සඳහා තම පක්‍ෂය සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව දෙමළ මුස්ලිම් ජනතාව බහුතරයක් ජීවත් වන අම්පාර දිස්ත‍්‍රික්කයේ පරිපාලන කටයුතු සදහා වෙනම ආයතනයක් වහා ස්ථාපිත කරන ලෙස ශ‍්‍රී  ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඉල්ලයි.

එම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් හසන් අලි මහතා පෙන්වා දෙන්නේ කල්මුණේ ප‍්‍රදේශය  සදහාද වෙනම පරිපාලන ආයතයක් අවශ්‍ය බවයි.

තමන් පසුගිය පළාත් සභා මැතිවරණයේදී නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශ්න  විසඳන බවට ඔවුන්ට පොරොන්දු වුණද ඒවා ඉටු කිරීමට ආණ්ඩුවෙන් ලැබෙන සහයෝගය ඉතා උදාසීන බවත් ඒම හතා පෙන්වා දෙයි.ඇතුලු රට පුරා පවතින බොදු වෙහෙර විහාර ඩෝසර් කිරීමට, වැනසීමට විරුද්ධව බෞද්ධයන් හඩනැඟීමද? ...

May 5, 2013 at 11:56 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93894/

ඉඩම් පොලිස් බලතල අහෝසියි… 19 වන සංශෝධනය ජූනි මාසයේ

පළාත් සභා සතු ඉඩම් සහ පොලිස් බලතල අහෝසි කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධන ඇතුලත් කෙටුම්පත සම්පාදනය කිරීමේ කටයුතු මේ වන විට ප‍්‍රවීන නීතිවේදීන් පිරිසක් විසින් කටයුතු කරමින් සිටින්නේ යයි වාර්තා වේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය වශයෙන් මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජූනි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත කර ගැනීමෙන් පසු උතුරු පළාත් සභා මැතිවරණය ප‍්‍රකිශයට පත් කිරීමට සූදානමක් ඇත්තේ යයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

තවදුරටත් වාර්තා වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා සතු ඉඩම් සහ පොලිස් බලතල ඉවත් කිරීම සිදුවන අතරම මධ්‍යම ආණ්ඩුවේ කිසියම් පනතක් සම්මත වීම සඳහා සියළු පළාත් සභාවල අනුමැතිය අවශ්‍යය යන වගන්තියද සංශෝධනය කිරීමට නියමිත බවයි.

May 5, 2013 at 12:02 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/93890/

මියන්මාර බෞද්ධයන්ට එරෙහිව ජිහාඞ් යුද්ධයකට අණ ලැබිලා

ඉන්දුනීසියාවේ සිටින ඉස්ලාමීය අන්තවාදීන්ට දැන් නව ඉලක්කයක් අබු බාකර් බෂිර් විසින් ලබාදී ඇත.  එනම් මියන්මාරයේ සිටින බෞද්ධයන්ට එරෙහිව ජිහාඞ් (ශුද්ධ වු යුද්ධයක්) ආරම්භ කරන ලෙසටයි.

මෙම ප‍්‍රකාශය Voice of al-Islam වෙබ් අඩවියේ පලවී පැය කිහිපයකින් පසු ජකර්තා නුවර පිහිටි මියන්මාර් තානාපති කාර්යාලය අසල මාර්ගයේ සිට පයිප්ප බෝම්බ දෙකක් අතැති පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බෂිර් 2002 දී බෝම්බ කරුවන් උසිගන්වුයේ මියන්මාරයේ සිටින රොහින්යා මුස්ලිම් වරුන්ව මියන්මාර වැසියන් මරන බව කියායග ජිහාඞ් නොමැතිව වෙන විසදුමක් නොමැති බව ඔහු පවසා සිටි.

සෑම ගැටලූවකට හේතුව ජිහාඞ් නොවන නිසා බව ඔහු තවදුරටත් පවසා ඇත. පිලිපීන මුස්ලිම්වරු ශක්තිමත්ව ඇත්තේ ඔවුන් ජිහාඞ් පිළිගන්නා බැවින් යැයි පවසා සිටි.

වසර 15ක සිරගත කාලයක් නියමව ඇති මෙම තස්ත‍්‍රවාදී නායකයා ඉන්දුනීසියාවේ මුජාහඞ්න් තස්ත‍්‍ර කල්ලියට පවසා ඇත්තේ කොමියුනිස්ට් සෝවියට් සමුහාණ්ඩුව ඇෆ්ගනිස්තානයෙන් විනාශ කර දැමුවා සේ මියන්මාරය විනාශ කර දමන ලෙසය.

බෞද්ධයන් අපට මනුෂයන්ට ආදරය කරන්න ඉගැන්වීම විකාරයක් බවත් රොහින්යා මුස්ලිම්වරු ඝාතනය කලේ බෞද්ධයන් බවත් ඔහු තව දුරටත් පවසා ඇත.

මියන්මාර බෞද්ධයන්ට එරෙහිව ශුද්ධ වු ජිහාඞ් යුද්ධයක් ප‍්‍රකාශ කෙරේ
May 4, 2013 at 11:31 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/93857/

[
සබැඳි ලිපි -
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
]