මුළු රටම එකම නැකතකට කටයුතු කරන අපේ සංස්‌කෘතික මහා මංගල්‍යය සිංහල අවුරුද්දයි. එවැනි නැකත් මංගල්‍යයක් ලෝකයේ වෙන කොහේවත් නැති බවද පැහැදිලි සත්‍යයකි. සිංහල අවුරුද්දේ මුඛ්‍ය අරමුණ කෑම ගැනීම නොවූවත් එහි ආහාර සංස්‌කෘතියට සුවිශේෂී තැනක් හිමිව තිබේ.
සිංහල අවුරුද්දේ හරය නොදැක පිටපොත්ත පමණක් අල්ලාගත් නූතනත්වයේ ගිලුණ උදවිය සිංහල අවුරුද්ද බඩ කට පිරෙන්නට කා බී විනෝද වන සමය ලෙස සළකන බවටද අපට සැක නැත්තේ ඔවුන්ගේ හැසිරීම් විලාසය ඒ බව විදහා දක්‌වන බැවිනි. සිංහල අවුරුද්ද සිංහල ගැමියන්ගෙන් සම්පූර්ණයෙන්ම උදුරාගෙන බහුජාතික විජාතික මුදලාලිලාගේ සම්පූර්ණ භුක්‌තියට සවිකර ගැනීමේ ඉතා භයානක ප්‍රවණතාවය මේ වන විට කූටප්‍රාප්තියට පැමිණ ඇත.
අද අප ජීවත්වන්නේ නූතන වානිජවාදයේ ක්‌ෂණික කෘත්‍රීම ආහාර රටාවන්ගෙන්ද ව්‍යායාම රහිත කුසීත ජීවන රටාවන්ගෙන්ද සැනසීමක් නොමැති මානසිකත්වයකින්ද ඔද්දල් වී දියවැඩියාව ඇතු`එ අට අනූවක් ව්‍යාධි නව අනූවක් රෝග සාදාගෙන දුක්‌වි`දින සමාජයකය. එවැනි සමාජයක් බහුජාතික මුදලාලිලාගේ ක්‌ෂණික කෘත්‍රීම ආහාරවලින් කට බඩ පිරෙන්නට අවුරුදු කන්නට පෙර සැළකිළිමත් විය යුතු බොහෝ කරුණු කාරණා තිබේ.
ආදි සිංහලයා ආහාර පාන සකසා ගත්තේ පෙර කන්නයේ කපා පාගා ගත් අස්‌වැන්නෙනි. අපේ වී වර්ග, කුරහන්, මෙනේරි, ඉරි`ගු ආදී ධාන්‍ය මෙන්ම මුං, කොල්ලු ආදී පියලි වර්ගද ඒ අතර විය. එසේම ආහාරවලට පැණි රසය එක්‌කරගැනීම ස`දහා අවශ්‍ය වන කිතුල්, පොල්, මී, බඹර, උක් ආදී පැණි වර්ගද අපේ පැරැන්නන් නොඅඩුව එකතු කළේය. වත්තේ තෙල් හි`දින පොල් ගස්‌වලින් ලබාගත් පොල්වලින් තෙල් බෝතල් කිහිපයක්‌ද කල් තියාම ගෙදරදීම සි`ද ගැනීමට ඔවුහු අමතක නොකළහ. "වර්ජින් කොකනට් ඔයිල් " කියා දැන් බෝතලයක් රුපියල් දහස් ගණනකට විකුණන්නේ අපේ පැරැන්නන් ගෙදර හි`දගත් තෙලයි. අවුරුද්දට අවශ්‍ය ගොරක, කුරු`දු, ගම්මිරිස්, සියඹලා ආදී කුලු බඩු සහ ස්‌වභාවික ආහාර රසකාරකද කලින්ම වේලා රැස්‌කර ගන්නට ඔවුහු උත්සුක වූහ.
පැරණි සිංහලයා වාසය කළේ පරිසර හිතකාමි ලෙස සැකසූ කටු මැටි ගැසූ සරල නිවසකය. නමුත් සිංහල අවුරුදු උදාව වන විට එම නිවසේ වී බිස්‌ස මෙන්ම අටු කොටු සියල්ල ද පිරී ඉතිරී ගොස්‌ය. ඇත්ත වශයෙන්ම අද වෙළෝදපොලේ ඇති ආහාර පාන මිල ගණන් අනුව මේවායේ මූල්‍යමය වටිනාකම ගණන් බැලුවා නම් අපේ ගැමි ගෙදරක එදා සිංහල අවුරුදු උදාව වන විට රුපියල් දස දහස් ගණනක ඇතැම් විට ලක්‌ෂ දෙක තුනක වස විසෙන් තොර සෞඛ්‍යාරක්‌ෂිත ආහාර පාන තොගයක් රැස්‌කරගෙන පැවතුණි.
මෙම වස විසෙන් තොර සෞඛ්‍යාරක්‌ෂිත ආහාර අමුද්‍රව්‍යයන් භාවිතයෙන් එදා හෙළයා සෞඛ්‍යාරක්‌ෂිත ලෙස කැවුම්, කොකිස්, ආස්‌මී, අලුව, වැලිතලප, පැණිවළලු, මුං ගුලි, අග්ගලා ආදිය සකස් කර ගත්තේය. අතිරස, කොණ්‌ඩ කැවුම්, බිබික්‌කං ,මුං කැවුම්, කොල්ලු කැවුම්, නාරං කැවුම්, හැ`දි කැවුම් ආදි කැවුම් වර්ග රාශියක් තිබීමම සිංහලයාගේ විශිෂ්ට නිර්මාණශීලී චින්තනය පිළිබ`ද කදිම නිදසුනකි. අධිරාජ්‍යවාදීන් විසින් "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා" යෑයි වැකි තැනුවේ සිංහලයාගේ එම නිර්මාණශීලී භාවයට සමච්චල් කිරීමටය. කොකිස්, අලුවා ආදිය පෘතුගීසි ලන්දේසින් ආදීන්ගෙන් අපට හුරු වූ ආහාර වුවත් ඒවා දේශීය සංස්‌කෘතියට හානියක් නොවන පරිදි අවශෝෂණය කරගන්නටද අපේ පැරැන්නන් මැනවින් දැන සිටියේය. අද ඒවා අපේම කෑම බවට පත් වී ඇත්තේ ඒ අනුවය.
එසේම අප පෙරදී ස`දහන් කළ ආහාර ද්‍රව්‍ය නිපදවා ගැනීමේදී මෙන්ම ඒවා කොටා ආහාරයට සුදුසු ලෙස සකස් කර ගැනීමේදීද අපේ පැරැන්නන්ගේ ශරීරයට උවමනාවටත් වඩා ව්‍යායාම ලැබුණි. එම නිසා අවුරුදු ආහාර වලින් ඇ`ගට අමතරව එන තෙල් හෝ පිෂ්ඨ ධාතු හෝ සීනි ප්‍රමාණය ඔවුන්ට මහා ප්‍රශ්නයක් වූයේ නැත.
එදා තත්ත්වය එසේ වුවද අද සිංහල අවුරුද්දේදී පවා බොහෝ දෙනා මුල් තැන දී තිබෙන්නේ කේක් , බිස්‌කට්, පුඩිං, කට්‌ලට් වැනි විජාතික අධිරෝගකාරක ආහාරවලටය. මේවා විජාතික පාන්පිටි ආහාර වනවා පමණක් නොව දියවැඩියාව ඇතු`එ බොහෝ ලෙඩරෝග ඇතිකරන්නා වූද වැඩිකරන්නා වූද ආහාර වෙයි. මේවායේ අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන්නේ පාන්පිටි, සුදුසීනි, සෞඛ්‍යයට අහිතකර තෙල් ප්‍රභේද ආදියයි. රසකාරක, සුව`දකාරක, පිපුම්කාරක, කල්තබාගන්නා රසායනික ආදී විශාල සෞඛ්‍යාරක්‌ෂිත නොවන කෘත්‍රීම රසායනිකයන් ප්‍රමාණයක්‌ද මේවා නිෂ්පාදනයට භාවිතා කරයි.
අද සමහරෙක් සිංහල අවුරුද්දට කැවුම්, කොකිස්, ආස්‌මී ආදිය සෑදුවද ඒවාටද අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන්නේ පාන්පිටි, සුදුසීනි, මාගරින් වැනි ඉතාම හානිකර මේද ප්‍රභව ආදියයි. එසේම අමුද්‍රව්‍ය ලබාගැනීමේ ක්‍රියාවලියේදී මෙන්ම ඒවා සකසාගැනීමේදීද නූතන සමාජයට කිසිම ව්‍යායාමයක් ලැබෙන්නේ නැත්තේ දැන් ඒ තරමටම අප සමාජය යාන්ත්‍රිකකරණය වී ඇති බැවිනි. දැන් ගොවියන් ගොවියන් වන්නේද ගෙවිලියන් ගෙවිලියන් වන්නේද ගෘහනියන් ගෘහනියන් වන්නේද නමට පමණි. එම භූමිකාවට අදාළ වැඩය කෙරෙන්නේ යන්ත්‍ර සූත්‍ර භාවිතයෙනි.
මෙම තත්වයන් තුළින් විමසා බැලීමේදී ඉතා පැහැදිලිවම පෙනී යන්නේ සිංහල අවුරුද්දේ දී වුවද නූතන සමාජය කන බොන ආහාර පාන ගැන යළි යළිත් සිතා බැලිය යුතු බවයි. අවම වශයෙන් වඩා හො`ද විකල්ප ගැනවත් සැළකිළිමත් විය යුතුය.
අවුරුදු කෑමවලට පිටි සකසා ගැනීමේදී අඩුවෙන් පාහින ලද රතු සහලෙන් කොටාගන්නා පිටි භාවිතා කළ යුතුය. පසුගිය සමයේ රටේ පු`එල් ලෙස සාකච්ඡාවට බ`දුන් වූ අපේ දේශීය වී ප්‍රභේදවල පිටි ලබාගත හැකි නම් වඩා සුදුසුය. පැණි රස සුදු සීනි වලින් ලබාගන්නේ නැතිව ඒ ස`දහා කිතුල් පැණි, පොල් පැණි, බඹර පැණි , උක් පැණි , මී පැණි ආදිය භාවිතය කෙරෙහි අප යොමු විය යුතුය. පැණිරස ලබාදීම ස`දහා ඉදී වැඩි වී අහක වීසිකරන කෙසෙල් ආදි පලතුරු භාවිතා කිරීම ඉතාම ඥානාන්විතය. එසේම පැණි රසය අවමයෙන් භාවිතා කළ යුතුය.
ගෙදර වත්තේ පොල් තිබෙන අය තෙල් ටික ගෙදරදීම සිඳගැනීම බෙහෙවින්ම හො`දය. පොල් වල ඇති සෞඛ්‍යාරක්‌ෂිත සංඝටක උපරිම වශයෙන් තෙල් වල අඩංගු වන්නේ ගෙදර සි`ද ගැනීමේදී බව අප අමතක නොකළ යුතුය. තෙල් ප්‍රභවයක් ලෙස කිසිසේත්ම මාගරින් බටර් ආදිය භාවිතා නොකළ යුතුය. පිටි කොටාගැනීමද වංගෙඩියේ කළහොත් එය අවුරුද්දට පෙරම හො`ද ව්‍යායාම සැසියක් ලබාගැනීමක් වෙයි.
ආහාර රස ගන්වා ගැනීමට මෙන්ම සුව`දවත් කරගැනීමටද කෘත්‍රීම රසායනික භාවිතා නොකළ යුතු අතර අපේ කර`දමුංගු, කරාබුනැටි, සුදුරු, ඉ`ගුරු ආදිය ඒ ස`දහා විශිෂ්ට ප්‍රභවයන්ය.
තෙලේ බදින කැවුම් වැනි දේවල් බැද්ද හැටියේම ආහාරයට නොගත යුතුය. ඇත්ත වශයෙන්ම අපේ පැරැන්නන් කිසිම විටක කැවුම් බැදපු හැටියේ ආහාරයට ගත්තේ නැත. ඔවුන් අවුරුද්දට දින කීපයකට පෙර කැවුම් උයා තෙල් බැසීමට මැටි මුට්‌ටියක ගබඩා කර තැබුවේ එහෙයිනි. මෙහිදී තෙලෙන් බැදි කැවුම් මුද්‍රණ අකුරු නැති කඩදාසි කොළවල වෙන වෙනම ඔතා තැබුවහොත් උරා ගෙන ඇති තෙල් ප්‍රමාණයෙන් විශාල ප්‍රතිශතයක් අඩු කර ගත හැකිය.
එසේම පැරණි ගෘහණියන් දවස් කිහිපයක් ගත වූ කැවුම් නැවත වන්ඩුවේ හුමාලයෙන් තැම්බීමක් සිදු කර ඇති අතර එහිදී අනවශ්‍ය තෙල් සියල්ලම පාහේ ඉවත් වීමක් ස්‌දු වී ඇත.
අවුරුදු කෑම සකසා ගැනීමේදී කවුරු කවුරුත් මෙම කරුණු කාරණා ගැන සැළකිලිමත් වීම වැදගත්ය. එසේම දියවැඩියාව, කොලෙස්‌ටරෝල් වැඩිකම, හෘදයාබාධ, අධිරුධිර පීඩනය ආදිය ඇති රෝගීන් මේවා පිළිබ`දව විශේෂ සැළකිල්ලෙන් කටයුතු කළ යුතුය. එවිට ඉවක් බවක් නොමැතිව කෑම ගැනීම නිසා අවුරුද්දේදී හෝ අවුරුද්ද ඉවර වූ විගසම බෙහෙත් ගැනීම ස`දහා වෛද්‍යවරුන් සොයායැමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත. අවුරුද්දේම රෝගාතුර වී රෝහල් ගත වන්නට සිදු වන්නේද නැත. සමාගම් වෙනුවෙන් ර`ගන නාලිකා සුරතලියන්ටද එවිට තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ සිටිය හැකිය.
වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
http://www.divaina.com/2014/04/06/feature05.html
ලංකාවේ මිනිස්‌සු සිංහල අලුත් අවුරුද්දට අවුරුදු කන හැටි බලන්න සිත් වුණු අවුරුදු කුමාරයා ඒ සඳහා තමන් සමග තනි නොතනියට යන්නට ආරාධනා කළේ සක්‍රයාගේ පුත් වයිමාටය. වයිමා ද ආරාධනය සතුටින් බාර ගත්තේය.
දිව්‍යාභරණ සියල්ල ගලවා දිව සළුවකින් පොදියක් බැඳ සක් දෙව් විමනේ සඟවා තැබූ මේ දෙදෙනා පළමුවෙන්ම කළේ නාගරික තරුණ සෙල්ලක්‌කාර ගැටවුන් දෙදෙනකු සේ වෙස්‌වලා ගැනීමය. වෙස්‌වලා ගැනීම සාර්ථකය. දැන් වයිමා කවුද අවුරුදු කුමාරයා කවුද කියා දෙදෙනාටම හඳුනාගත නොහැකිය.
ලංකාවේ ජනාකීර්ණම නගරය වන කොළඹ නගරයේ ප්‍රාදූර්භූත ව එතැන් පටන් සාමාන්‍ය තරුණයන් දෙදෙනකු සේ සමීක්‍ෂණය පටන් ගන්නට කල්පනා කළ මේ දෙදෙනා එක් වරම කොළඹ කොටුව දුම්රියපළ ඉදිරියේ ඕල්කට් මාවතේ පෙනී සිටියහ.
මහ දවල් ඉර පායා මුළු පොළෝ තලයම දවයි. දෙදෙනාටම මේ සැර අව් රශ්මිය නුපුරුදුය. දැන් අපි ඊළඟට මොකද කරන්නේ. වයිමා අවුරුදු කුමාරයාගෙන් ඇසුවේය.
ඔයා තමයි මට රට තොට දැකගන්න උදව් කරන්න ඕන. බඩු මිල අඩු කරන එක හැර වෙන ඕනම දෙයක් ලංකාවේ ඔයාට කරන්න පුළුවන් කියලනේ බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාත් කිව්වේ.
අවුරුදු කුමාරයා එසේ කියන විට වයිමා ආඩම්බරයෙන් හිස කෙළින් කරගෙන එහෙම නම් අපි ත්‍රීවීලරයකින් ඇවිදිමු. උන්ට පුළුවන් මේ රටේ රජ ගෙදර සිට හිර ගෙදර දක්‌වාම වූ ඕනම තැනකට මොහොතකින් අපිව ගෙනියන්න.
එසේ කියන විටම පාරේ වේගයෙන් පැමිණ ක්‍රීස් ගා බ්රේක් ගැසූ ත්‍රීවීලරයකින් පැමිණි අයෙක් සර්... බෑරක්‌ද කියා පුළුල් සිනාවක් පාමින් ඇසීය.
මං කිව්වේ මං කිව්වේ... දැක්‌කද කියනකොටම අපට උදව් කරන්න මිනිස්‌සු ඇවිත්. අපි මෙයත් එක්‌ක යමු වයිමා දෙවරක් නොසිතාම අවුරුදු කුමාරයාත් ඇදගෙනම ත්‍රීවීලරයට නැග්ගේය.
කොහාටද සර් යන්නේ. ත්‍රීවීලරයා විමසීය.
අපිට ඕන මෙහේ මිනිස්‌සු අවුරුද්දට අවුරුදු කන හැටි හොඳට බලා කියා ගන්න. එහෙම තැනකට අපිව එක්‌ක යන්න. වයිමා කාරණය පැහැදිලි කළේය.
අයියෝ සර්... හොල්මං ද පොල්කොළ වගේනේ. අවුරුදු කන්න තව දවස් දෙක තුනක්‌ම තියනවනේ. අද මොන අවුරුදු ද.
නෑ නෑ අයිසේ. මිනිස්‌සු දැන් ඉඳල අවුරුදු කන්න ලෑස්‌ති වෙනවනේ. රෙදි පෙරෙදි ගන්නවා තෑගි ගන්නවා. බඩුමුට්‌ටු ගන්නවා. අන්න එහෙම තැනකට යමු.
ආන්න කාරණේ. අවුරුදු මාසේ මිනිස්‌සු ඉස්‌සෙල්ලාම ගන්නේ රෙදි. ලොකු ලොකු අය යනවා ඔඩෙල්. ඊළඟට යනවා හවුස් ඔෆ් පැෂන්, කූල් පැනටි. තවත් අය යනවා පැෂන් බග්, නෝලිමිට්, කැන්ඩි, ඉරෝටි, ග්ලිටිස්. සාමාන්‍ය පන්තියේ අය ලාබෙට බඩු ගන්න යනවා මේන් ස්‌ට්‍රීට්, කිරිබත්ගොඩ, පමුණුව වගේ තැන්වල පේමන්ට් එකට. කොහාටද අපි ඉස්‌සෙල්ලා යන්නේ.
අපි යමු දුප්පත්ම මිනිස්‌සු බඩු ගන්න තැනකට. ඇත්තම කියනවා නම් මෙහේ පාරවල් ගැන අපිට අවබෝධයක් නෑ. ඒකයි මල්ලිගේ උදව් ඕන.
සිම්පල්නේ සර්. දෙන්නම් බොක්‌කෙන්. කියූ ත්‍රීවීලරයා ටිකක් කල්පනා කර "ඇත්තටම සර්ලා මේ පළාතේ අය නොවෙයිද?
නැහැ. අපි ටිකක් ඈත.
එසේ කී සැණින් ත්‍රීවීලරයා දෙවරක් නොසිතා ත්‍රීවීලරය පණගන්වා පාරට ගෙන මීටරය සීරෝ කර ගමන පටන් ගත්තේය. ඔහු මල්වත්ත පාරෙන් මේන් ස්‌ට්‍රීටය පෙනි පෙනීම එහි නොගොස් මරදාන පැත්තෙන් වටයක් ගසා වරාය පැත්තෙන් බැස විමලධර්ම වට රවුම ළඟින් මේන් ස්‌ට්‍රීටයට හැරවූයේය. එහි ඇඟිල්ලක් ගහන්න ඉඩ නැත. ඒ තරමටම සෙනග මග දෙපස පේමන්ට් වලත් කඩ සාප්පු වලත් තෙරපෙමින් රෙදි පෙරෙදි තෝරන්නේ ලෝක විනාශයට පෙර තිබෙන අන්තිම රෙදි අලෙවිය මේ යෑයි සිතාගෙන සේය.
මේක තමයි මේන් ස්‌ට්‍රීට් එක. සාමාන්‍ය මිනිස්‌සු ලාබෙට රෙදි ගන්න එන තැනක්.
අපිට ඕන අවුරුදු රෙදි ගන්න තැනක්.
අවුරුදු රෙදි කියල විශේෂ දේවල් නෑ සර්. මේ ඕනම රෙද්දක් අවුරුද්දට ඔට්‌ටුයි.
නැහැ නැහැ... අර අඳින්නේ අවුරුදු කාලෙට. ගෑනු අය එහෙම උඩට යටට අඳින්නේ. වයිමා තේරෙන තාලෙට විස්‌තර කරද්දී අවුරුදු කුමාරයා වටපිට විස්‌තර බලමින් සිය අතේ වූ කැනොන් ඩී 4 වර්ගයේ කැමරාවෙන් ඡායාරූප ගන්නට පටන් ගත්තේය.
හරි හරි... මට තේරුණා සර්ලට ඕන කඩේ මොකක්‌ද කියලා. මෙහෙන් යමු සර්... කියමින් ත්‍රීවීලරයා මේ දෙදෙනාව එක්‌කගෙන ගියේ සම්පූර්ණයෙන්ම කාන්තා යට ඇඳුම් පමණක් තියෙන යට ඇඳුම් මාලිගයකටය. ඒ තැන කාන්තාවෝ උඩ කොටසට, යට කොටසට අඳින වෛවාරන්න යට ඇඳුම් පාට පාටින් ඇති තරම් තිබිණි. කාන්තාවෝ යුවතියෝ ඒවා ගෙන ඒ මේ අත හරවමින් ඇඟට තබමින් හැඩ බලමින් තෝරමින් සිටියහ. ඒ අතරේ එතැනට ගොඩවුණ වයිමාත් අවුරුදු කුමාරයත් දුටු කාන්තාවෝ ඒ දෙදෙනා දෙස හැරී බැලුවේ අමුතුම සත්තු දෙදෙනකු දුටු විලසිනි.
එකෙනෙහිම ලඡ්ජාවට පත්ව දෙදෙනාම එළියට පැමිණ ත්‍රීවීලරයාගේ ඇඟට ගොඩවන්නට වූහ. කොහාටද තමුසේ අපිව ඒ එක්‌ක ගියේ. ඒකෙ හිටපු ගෑනු අපි දිහා හැරිල බැලුවේ හරියට නපුංසකයෝ දෙන්නෙක්‌ව දැක්‌ක වගේනේ.
සර්ලනේ කිව්වේ ගෑනු අය උඩට යටට අඳින ඒව තියන තැනකට එක්‌ක යන්න කියලා.
අපි කිව්වේ අර අවුරුදු කුමාරි තෝරනකොට අඳින්නේ. එතකොට අර ඒවා ඇඳල ගෑනු අය ඔන්චිලි පදින්නේ. රබානක් වටේ ඉඳගෙන රබන් ගහන ගෑනු අය අඳින්නේ.
ආ... එහෙම කියන්න එපාය සර්. රෙද්දයි හැට්‌ටෙයි නේ. ඒවා විකුණන්න නෑ සර් රෙඩි මේඩ්. රෙදි අරගෙන මහන්න ඕන. මහන අයත් හිඟයි.
ඇයි නැත්තේ ගම්වල ඇති ඕන තරම්.
සර්ලට මෙහේ බලන්න දේවල් නෑ. අපි යමු කිරිබත්ගොඩ පැත්තට.
එහේ ඉන්නවලු නේද චණ්‌ඩි ඇමැති කෙනෙක්. මිනිස්‌සු අල්ලලා ගස් බඳින. වයිමා තැති ගැන්මකින් යුතුව ඇසුවේය.
එයාට අහු වුණොත් අපි කියමු අපි ප්‍රසන්න රණවීරගේ මිනිස්‌සු කියලා. ඒ ඇමැති බය එයාට විතරයි.
හරි අපි යමු එහෙනම් ඒ බත්ගොඩ පැත්තට.
මට සර්ලා ගැන සැකයි. සර්ලා මොකටද මිනිස්‌සු අවුරුදු කාල සතුටින් ඉන්න එක ගැන ඔය තරම් හොය හොයා ෆොටෝ ගන්නේ. සර්ලා අර නවිපිල්ලේගේ විමර්ශන කණ්‌ඩායමේ අයවද්ද. එහෙම නම් ඕං ඒවට ඇවිල්ලා පොට වරද්දා ගන්න නම් එපා පුතෝ. දානවා ත්‍රීවීලර් එකම කැලණි පාලමෙන් පල්ලෙහාට. අපි රටට ආදරය කරන මිනිස්‌සු. ගරීරීරී ත්‍රීවීලරයා ගිගිරුවේය.
නෑ... නෑ... අපි ලංකාවෙම අය. හිටියේ අවුරුදු ගානක් පිටරට. අපි පර්යේෂණයක් කරනවා මේ රටේ මිනිස්‌සු අද අවුරුදු කන හැටි බලන්න. අපිට ඕන අවුරුද්දට රෙද්ද හැට්‌ට සරොම් ඇඳල කැවුම් කොකිස් හදල අවුරුදු කෙලි සෙල්ලම් කරලා පරණ විදියට සිරිත් විරිත් කරල අවුරුදු කන මිනිස්‌සු. අපිට එහෙම අය බලන්න උදව් කරන්න. කීය ගියත් අපි ගෙවනවා. අවුරුදු කුමාරයා බැගෑපත්ව කියාගෙන ගියේය.
කරුමේ... කරුමේ... කරුමේ... එහෙම අය ඉන්නවා නම් සර්ලව අනුරාධපුරේට තිස්‌සමහාරාමෙට හරි අරගෙන ගිහිල්ලා පෙන්නල මාත් කීයක්‌හරි හොයා ගන්නවනේ. දැන් එහෙම අය මෙහේ නෑ සර්.
එතකොට ඕයි අපිට එහෙම අය බලන්නම බැරිද?
හරි... මට පට් පට් ගාලා වැඩ කළා අයිඩියා එකක්. ඒ ඔක්‌කොම සුපර් මාකට්‌වල තියනවා. යන් සර් කියූ ත්‍රීවීලරයා පාරේ ඩබල් ඉරි ඇති තැනකින්ම යූ ටෝන් එකක් ගසා රථය ආපස්‌සට කරකවා වේගයෙන් පදවාගෙන ගොස් ලොකු කාර් පාක් එකක නතර කළේය.
දැන් බහින්න සර්. එන්න සර් එන්න සර්. "ඕල් ඔෆ් තින්ග්ස් ඉන් වන්" සර්... ත්‍රීවීලරයා එසේ කියමින් අවුරුදු කුමාරයාවත් වයිමාවත් යෝධ සුපර් මාර්කට්‌ටුව වෙත රැගෙන ගියේය. අවුරුදු සිරිය පෙන්වන සැරසිලි එහි හැම තැනම දුටු අවුරුදු කුමාරයා ප්‍රීතියෙන් මුසපත්ව ඒ මේ අත ඡායාරූප ගන්නට පටන් ගත්තේය.
ආයුබෝවන් සර්. කියමින් රෙද්ද හැට්‌ටය හැඳගත් තරුණියක් දොරෙන් ඇතුල් වෙද්දීම පිළිගත්තේ මුව පුරා පැතුරුණු පුළුල් සිනහවක් පාමිනි.
සුපර් මාර්කට්‌ටුවේ නැති දෙයක් නැති තරම්ය. හැම තැනම වෙළෙඳ සේවිකාවන් ලෙස සිටියේ රෙද්ද හැට්‌ටය ඇඳගත් තරුණියන්ය. සිංහල රබන් සුරල් හඬක් ඇසුණෙන් අවුරුදු කුමාරයා වයිමාගේත් අතින් අල්ලාගෙන ඒ දෙසට ඇදුණේය.
යෝධ සුපර් මාර්කට්‌ටුවේ ඉඩකඩ ඇති තැනක සිංහල ගමක අනුරුවක් සේ පෙනෙන මැටියෙන් ගෙයක් තනා ඇත. වහලයට පොල්අතු සෙවිලි කර තිබිණි. පැත්තක ලොකු රබානක් තබාගත් කාන්තාවන් පිරිසක් එය වාදනය කරති. තවත් පැත්තක රෙදි හැට්‌ට ඇඳගත් කාන්තාවන් කිහිපදෙනෙක් ලිප් බැඳ කැවුම් කොකිස් බඳිනු පෙනෙයි.
තෙලේ බැදෙන කැවුම් කොකිස් සුවඳ වායුසමීකරණයේ සිසිල සමග එක්‌ව සුපර්මාර්කට්‌ටුවේ දසත පැතිර යයි. දොන්ත බබක්‌කට දෙන්න දෙයක් නැත පෙට්‌ටි දෙකක් උඩ තුට්‌ටු දෙකක් ඇත. යන අනුසාරයෙන් රබන් පද වැයෙද්දී කැවුම් කොකිස් සුවඳින් මුසපත්ව ගිය ජනී ජනයා පොරකමින් එවෙලේ බැඳි උණු උණු කැවුම් කොකිස් මිලදී ගනු දැක අවුරුදු කුමාරයාත් ඒ දෙසට ළං වූයේය.
මිනිස්‌සු දැන් ගෙදර කැවුම් කොකිස් හදන්නේ නෑ. ඒ වෙනුවට කඩෙන් ගෙනියනවා. වයිමා ආර්ථික විද්‍යා න්‍යායක් ගෙන ඉල්ලුම හා සැපයුම මෙන්ම මිල න්‍යාය අවුරුදු කුමාරයාට පැහැදිලි කළේය.
අවුරුදු කුමාරයා කැවුම් මිලදී ගත් ප්‍රියමනාප කාන්තාවක් හා කතාවට වැටුණේය.
ඔබතුමිය මේ කැවුම් කඩෙන් ගන්නේ.
ගෙදර හදන්න වෙලාවක් නෑ. අනේ අපි මේවා හදන්න දන්නේ නෑ...
ඒක නිසා කඩෙන් අරන් ගිහින් කනවා.
එකේයියා... කවුද මේවා කන්නේ. අපි මේවා අරන් යන්නේ අවුරුද්දට මේසෙට තියන්න. සිරිත් විරිත්වලට කැවුම් කොකිස් ඕනමනේ.
සිරිත් විරිත් කළාට පස්‌සේ ආහාර අනුභවයේදී කැවුම් කෑල්ලක් කනවා ඇති. වයිමා කුතුහලයෙන් අසා සිටියේය.
නෑ අනේ. සිරිත් විරිත් කළාට පස්‌සේ ගනුදෙනුව තියනවනේ. ඒ වෙලාවට මේ කැවුම් කොකිස් කෙසෙල් කිරිබත් ලස්‌සනට පිඟන්වල තියලා සුදු රෙදිවලින් වහලා ගෙදර වැඩකාරයෙක් අත අහල පහල ගෙවල්වලට යවනවා.
එතකොට එයාල කනවද?
නෑ. එයාලත් ගෙවල්වලට යවනවා. වෙන පිඟානක තියලා රෙද්දක් උඩින් දාලා.
ඒ ගෙදර අය...
එයාලත් ඒ විදියට තව ගෙයකට යනවා.
මාර වැඩේනේ. ඒ කෑම ටික ගම වටේ රවුමක් ගිහින් ආයෙත් ඒ ගෙදරටම එන්න පුළුවන්නේ...
ඔව් එහෙම වෙනවා. ඒකට කමක් නැහැ. කන්නේ නැහැනේ. සිරිත් විරිත් ඉටුකරන්නනේ ඕන.
ඒවා නැද්ද පැකට් කරලා මේවයෙ විකුණන්න. වයිමා ඇසීය.
මොනවද?
සිරිත් විරිත් වයිමා කීය.
වට්‌ස් නොන්සන්ස් කියමින් උරණව ඒ කාන්තාව යන්නට ගියාය.
අවුරුදු කුමාරයා දැඩි කලකිරීමකය. ඔහු කියවයි. ඉස්‌සර මිනිස්‌සු අවුරුද්දට සතුටු වෙන්නේ හේනේ කුඹුරේ අස්‌වැන්න ගෙදරට ගෙනල්ලා. ගෙවල් හුණු ගාලා හෝදල සුද්ද කරනවා. අලුත් ඇඳුම් අරන් මහගන්නවා. කැවුම් කොකිස් උයනවා. තරුණියෝ ඔන්චිලි පදිනවා. ඔන්චිලි වාරම් කවි කියනවා. ගැහැනු අය රබන් ගහනවා. කෙල්ලෝ පංච දානවා ඔලිඳ කෙලිනවා. ගමේ තරුණයෝ ගොයම් කපාපු ඉපනැල්ලේ චග්ගුඩු පනිනවා. එල්ලේ ගහනවා. පුංචි එවුන් වළ කජු ගහනවා. ගම කොච්චර ලස්‌සනද අවුරුද්දට.
ඒ එදා මහත්තයා. අද "එහෙම ගමක්" ගමෙත් නෑ, නගරයේත් නෑ. මිනිස්‌සු පුරුද්දට සිරිත් විරිත් කරලා අවුරුදු කනවා.
ඔය කිව්වට ගමේ තවම අවුරුදු ඇති. අපි යමු දකුණට දකුණේ තමයි නියම ගම, නියම සිරිත් විරිත් තියෙන්නේ. පොල්අතු හෙවිල්ලපු ගෙවල්වල.
පොල්අතු ගෙවල් දැන් නෑ මහත්තයා. කියමින් ත්‍රීවීලරයා මාතර පැත්තට යන්නට ත්‍රීවීලරය පදවන්නට පටන් ගත්තේය.
අන්න පොල්අතු ගෙයක්. අපි යමු එතනට මග අයිනේ මැටියෙන් තනන ලද පොල්අතු හෙවිල්ලපු ගොඩනැඟිල්ලක් දුටු අවුරුදු කුමාරයා ත්‍රීවීලරය හරවන්නට කියා ඊට ගොඩවුණේය.
පුදුමයකි. පිටින් බලන විට වහලේ පොල් අතුය. බිත්ති මැටිය. බිම ගොම මැටිය. එහෙත් ඇතුළත ටයිල්ය. වහලයට නවීන පන්නයේ සිවිලිම්ය. මුළු ඇතුළම වායුසමීකරණය කරලාය. මුහුණ ඇඹුල් කරගත් අවුරුදු කුමාරයා යළිත් ත්‍රීවීලරයට නැග්ගේ යමුකෝ මාතරටම කියමිනි.
ගම නෑ මහත්තයා ගම කොළඹ ඇවිත්. ගම දැන් නරක්‌වෙලා. ගැමිකම මේ සමාජයේ මාකට් වෙන නිසා ව්‍යාපාරිකයෝ ගම හැම තැනම විකුණනවා. ගැමිකම සිරිත් විරිත් අද වෙළෙඳ භාණ්‌ඩ විතරයි. ත්‍රීවීලරයා ඌ දන්නා ආර්ථික විද්‍යාවෙන් හේතු පහදයි.
ත්‍රීවීලරය මාතර නූපේ හන්දියෙන් වමට හරවා ගම සොයමින් ඇතුළට ඇතුළට ගියේ ගැමිකම හා අවුරුදු සතුට සොයා ගන්නටය. එරබදු මල් කොවුල් හඬ ඉස්‌සර හොඳින් ඇසුන ගම කොතරම් වෙනස්‌ද මංමාවත් පුළුල් වී කාපට් එලා ගමට යන පාර තනා තිබේ. ගමේ ගුරු පාරවල් කොන්ක්‍රීට් දමා පුළුල් කර ඇත. ගමේ ගැමි සිරියාව අතුරුදන්ව ගොස්‌ය. නගරයේ සෝබනය හා බොරුව ගම තුළ පැතිර ඇත.
අවුරුදු කුමාරයා පාලටුව හරියේදී ගැමි ගෙයක් යෑයි හැඟෙන ගෙදරකට ගොඩවන්නට ගොස් ගෙමිදුලේ පන්දු කෙලින කොල්ලන් කිහිපදෙනෙක් ළඟ නතර වුණේය.
පුංචි එකෙක් ලසිත් මාලිංග සේ වේගයෙන් දුවවිත් අත කරකවා දමා ගසන ලද පන්දුවකට අනෙක් කෙළවරේ උන් කොලුවා වැරෙන් පහරක් එල්ල කළේය. පන්දුව වයිමා උඩ පන්දුවක් ලෙස රැකගත්තේය.
ඒයි අයියේ බෝලේ දාපන් මෙහාට. කොලුවා ඔරවමින් වයිමාට තර්ජනය කළේය. වයිමා පන්දුව අවුරුදු කුමාරයාට දැම්මේය. අවුරුදු කුමාරයා පන්දුව අතැතිව කොලුවා ළඟට ගියේය.
පුතාලා මේ බෝල ගහනවා විතරද. අවුරුදු කාලෙට වළ කඡ්ජ ගහන්නේ නැද්ද.
වලකඡ්ජු... කොල්ලා විපිලිසර විය.
වලකඡ්ජුද... ගිය සුමානේ අපේ සීයා වලකඡ්ජ ගැහුවා. තාම සොහොනේ ගොක්‌කොළ වේලිලත් නෑ. ඉස්‌සර නම් යුද්ධ කාලේ සුමානෙට දෙන්නෙක් තුන්දෙනෙක් වලකඡ්ජ ගහලා ගමට ගේනවා. අපි යනවා මළගෙවල්වල බීම බොන්න. දැන් යුද්දෙ ඉවර නිසා ඒ චාන්ස් එකත් නෑ. කියමින් තවත් කොල්ලෙක් අවුරුදු කුමාරයා අතේ තිබූ බෝලය උදුරාගෙන දිව්වේය.
වයිමාත් අවුරුදු කුමාරයාත් මිදුල දිගේ ගේ දොරකඩට පැමිණ දොරට තට්‌ටු කරමින් ගෙදර කවුදැයි විමසා සිටියහ.
ගෙතුළින් පැමිණියේ නාඹර වියේ ගැටිස්‌සියකි. ඉයර්ෆෝනයක් කනෙහි ගසාගත් ඕ ඇගේ ස්‌මාට් ෆෝන් එකෙන් කුමක්‌දො සින්දුවක් අසමින් නටමින් සිටියා හැර ආවේ කවුදැයි කියාවත් බැලුවේ නැත. ගෙතුළින් ඊට වැඩිමල් තවත් තරුණියක් එළියට එමින් කීවේ තාත්තා ගෙදර නැති බවය.
ඕ වයිමා දැක අයියා එෆ්. බී, එකේ ඉන්නවා නේදැයි ඇසුවාය. වයිමා උඩ බිම බලද්දී මම අයියව දැකල තියනවා. එන්න ඇතුළටයි කීවාය.
ඔයාල අවුරුද්දට පංච දාන්නේ නැද්ද අඩුම තරමින් ඔළිඳ කෙළිය, ඔන්චිලි පැදිල්ල වගේ සෙල්ලම් වත්.
ඒවා කළේ අපේ අම්මලගේ කාලෙ අනේ. අපිට කොච්චර ගේම්ස් තියනවද කරන්න එෆ්. බී, එකේ. නෙට් එකේ තියන ගේම්ස් නම් මාරයි අනේ.
අවුරුද්දට මොකද කරන්නේ...
මම අවුරුද්දට "ඩූම් 3" බලනවා. නංගි නම් චෙන්නායි එක්‌ස්‌ප්‍රස් ආයෙත් බලනවලු. ඊට වඩා හොඳයි අනේ ආශිකි 3 බොමුද අයියේ කූල් ඩි්‍රන්ක් එකක් කියමින් තරුණිය ගෙතුළට යද්දී වයිමාගේ අතින් ඇදගත් අවුරුදු කුමාරයා එළියට බැස්‌සේය.
ඉස්‌සර අපි දැකපු ගම දැන් මෙහෙත් නැහැ. අපි යමු කොළඹ...
මහත්තයාලා කියන ඔය ගම බලන්නට ඕනනම් අවුරුද්ද දවසට ටී. වී. බලන්න. එදාට විතරක් ඔය ගම ඕනම චැනල් එකක තියේවි. ඒ ගම විකිණිලා ඉවරයි මහත්තයා. අද කාලේ ඉස්‌සර වගේ අස්‌වැන්න කපල පාගල ගෙදරට ගෙනල්ලා මිනිස්‌සු සතුටු වෙන්නේ නැහැ. අස්‌වැන්න කපල කුඹුරෙන් ගොඩට ගන්නකොටම මුදලාලිලා ගොවියගේ අතට ගානක් දීල ඔක්‌කොම අස්‌වැන්න අරගෙන යනවා. ගොවියා සල්ලි ටික අරන් ගෙදර ඇවිත් අවුරුදු සතුට සල්ලිවලට ගෙදර ගේනව. අවුරුදු සතුට පැකට් කරලා සුපර් මාර්කට්‌වල විකිණෙනවා. අද තියෙන්නේ එහෙම සංස්‌කෘතියක්. කියමින් ත්‍රීවීලරයා ගාලු පාර දිගේ කොළඹ එද්දී අවුරුදු කුමාරයාත් වයිමාත් දෙදෙනාම බර කල්පනාවක කෙළවර ගොරව ගොරවා නිදන්නට වූහ.
බුලිත ප්‍රදීප් කුමාර
http://www.divaina.com/2014/04/06/feature11.html
මෙම ලිපියට නිමිත්ත සපයන්නේ නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිද්ධියකි. ජනාධිපති බාලිකා විද්‍යාලය ලෙස අද නම් කර පවත්වාගෙන යන මෙම විද්‍යාලයේ අක්‌මුල් තිබෙන්නේ දියවන්නාව විහාරස්‌ථානයේය. එම විහාරස්‌ථානයේ ගොඩනැඟිල්ලක ඇරඹුනු පාසල සඳහා සම්පූර්ණ පිරිවැය දරා තිබුණේ සංඝයා වහන්සේ ප්‍රමුඛ අවට බෞද්ධයන්ය. මුල්වරට පාසල පැවැත් වූ එම ගොඩනැඟිල්ල අදටත් දියවන්නා විහාරස්‌ථානයේ දක්‌නට තිබේ. පසුව කුරේ බූදලය මගින් ලබා දුන් ඉඩමක වර්තමාන ජනාධිපති බාලිකා විද්‍යාලය ඉදිකර තිබේ.
මේ වන විට ශිෂ්‍යාවන් 3000 ක් පමණ අධ්‍යාපනය හදාරන මෙම පාසල ප්‍රදේශයේ "ඉල්ලුමක්" සහිත විද්‍යාලයක් බවට පත්වී තිබේ. කෝට්‌ටේ පළමු පුරවැසියා වන පුරපති ජනක රණවක මහතාගේ දියණිය ඉගෙනුම ලබන්නේද මෙම පාසලේය. වසර දහ අටක් පැරැණි මෙහි, සංයුතිය අනුව මුස්‌ලිම් දරුවන් 30 ක්, දෙමළ දරුවන් 8 ක්, ක්‍රිස්‌තියානු ලබ්ධිය අදහන දරුවන් 20 ක් හා ඉතිරිය සිංහල බෞද්ධ දරුවන්ගෙන් සෑදී තිබේ.
පාසලට ඇතුළු වන විටම ලබාදෙන උපදෙස් පත්‍රිකා අතර පාසලේ නිල ඇඳුම, එහි ප්‍රමාණ ඇතුළත් කරන ලද රූප සටහනක්‌ද සාමාන්‍යයෙන් ලබාදේ. ඒ අනුව ජනාධිපති බාලිකා විද්‍යාලයේ නිල ඇඳුම වන්නේ හතරැස් කර සහිත, දණහිස වැසෙන පරිදි පුළුල් රැළි සහිත ගවුමය. මෙතෙක් කලක් එම නීතිය සඳහා ගැටලුවක් පැන නොනැගුණ අතර එය සම්ප්‍රදායක් බවට පත්වෙමින් සියලු දරුවන් ඒ පිළිවෙත අනුගමනය කළහ. සා. පෙළ. විභාගයට මුහුණ දී ප්‍රායෝගික පුහුණුවීම් සඳහා පාසලට පැමිණෙන දරුවන්ට සුදු සාය සහ බ්ලවුසය කලින් නිර්දේශ කර තිබුණද මෙම වසරේ සිට එම දරුවන්ටද විදුහල්පතිතුමිය විසින් පාසල් නිල ඇඳුම අනිවාර්ය කර තිබුණි. සා. පෙළ. නිමාවට පත් කළ පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක් මෙම නිල ඇඳුම් නීතිය ක්‍රියාත්මක වූ කාලයේදී ඇයට විදුහලෙන් පසුව ගමනක් යැමට තිබෙන බැවින් පැරැණි ක්‍රමයට සුදු ඇඳුමකින් සැරසී පැමිණියත්, ඇයද යළි නිවසට යවා පාසල් නිල ඇඳුමෙන් පැමිණෙන ලෙස විදුහල්පතිතුමිය අවවාද කර තිබුණි. "පාසලටම එක නීතියක්" යන්න රැක ගැනීම මෙහිදී විදුහල්පතිනියගේ අරමුණ වී තිබුණි. මාර්තු තුන් වැනිදා පාසල් නිල ඇඳුම සම්බන්ධ කතාව කරළියට පිවිසෙන්නේ පාසලේ එක් ශිෂ්‍යාවක් සුදු පන්ජාබ් ඇඳුමකින් සැරසී පාසලට පැමිණීම නිසාය. හත්වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන ඇය ෆාතිමා හිෂානා හිරුෂිය. මීට පෙර කෙදිනකවත් එසේ නොපැමිණි ඇය, මෙසේ පැමිණීම පිළිබඳව ඇයගෙන් විමසා සිටි විට ගුරුවරියන්ට ඇය දුන් පිළිතුර වී තිබුණේ තම මවගේ පෙරැත්තය මත මෙසේ පන්ජාබ් ඇඳුමකින් සැරසී පැමිණි බවය. පාසලට නිල ඇඳුම සම්බන්ධයෙන් පවතින්නේ එක නීතියක් බවත් එම නිසා පාසල් නිල ඇඳුමෙන් සැරසෙන ලෙසත් විදුහල්පතිතුමිය ෆාතිමාට දැනුම් දුන්නාය. ඒ මොහොතේ සිසුවිය ඒ පිළිබඳව විරෝධතාවක් නොදක්‌වා අසල තිබූ ආවරණ ස්‌ථානයකට ගොස් ගෙලවටා දමාගෙන තිබූ පටිය හා ගවුමට යටින් ඇඳ සිටි කලිසම ඉවත්කරගෙන විදුහල්පතිතුමියට වැඳ පන්තියට ගියාය.
සිද්ධිය පාසලින් එපිටට පැමිණෙන්නේ අනතුරුවය. ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් සිසුවියගේ මව කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ගොනු කර තිබුණි.
සිද්ධිය පිළිබඳව විදුහල්පතිතුමිය විසින් ඒ වනවිටත් තම ප්‍රධානියා වූ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා ප්‍රධාන පිරිස දැනුවත් කර තිබූ අතර, අදාළ තත්වය නිරීක්‍ෂණය කිරීම සඳහා බස්‌නාහිර පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාද එදිනම පාසලට පැමිණ තිබුණි. ඔහුගේ නිගමනය වූයේ පාසලේ තත්ත්වය සාමාන්‍ය පරිදි තිබෙන බවය.
ළමා හා කාන්තා කාර්යාංශයට ශිෂ්‍යාවගේ දෙමාපියන් විසින් කරන ලද පැමිණිල්ලේ සටහන්ව තිබුණේ ශිෂ්‍යාව ඇඳ සිටි පංජාබ් ඇඳුම ගලවා ඇය නිරුවත් කරන ලද බවය. පැමිණිල්ල විනිශ්චයේදී නිරුවත ලෙස සඳහන් කර තිබුණේ පාසල් නිල ඇඳුමෙන් සිටීම හෙවත් ගෙලවටා තිබූ පටිය හා පන්ජාබ් කලිසම නොමැතිව සිටීමය.
සිද්ධිය මුල්කර ගනිමින් විදුහල්පතිනිය වෙත දෙස් විදෙස් මුස්‌ලිම් ප්‍රජාව විසින් තර්ජන රාශියක්‌ද දුරකථනයෙන් එල්ල කරන්නට පටන්ගෙන තිබුණි. කොළඹ පාසලකට යන තම දියණියගේ ජීවිතය පිළිබඳවද විදුහල්පතිතුමියට මේ මොහොතේ අවදානමක් හට ගත්තාය. ඒ අනුව වහාම ඇය එම පාසලෙන් සිය දියණිය ඉවත් කර, තමා සේවය කරන පාසලට ඇතුළත් කර ගැනීමට විදුහල්පතිවරිය කටයුතු යෙදුවාය.
සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට ශිෂ්‍යාව විසින් පැමිණිල්ලක් ගොනුකර තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්‌ද ගොනුකර තිබුණි. නඩුව ගොනුකිරීම සම්බන්ධයෙන් මාර්තු විසි අට දින පුවත්පත් වාර්තා පලවූ අතර, මෙතෙක් පාසලේ පරිපාලන තලයේ තිබූ ප්‍රශ්නය, පාසලේ දෙමව්පියන් අතරට කාන්දු වූයේ අනතුරුවය. දෙමව්පියන් මේ පිළිබඳව විදුහලෙන් විමසා සිටි අතර ශිෂ්‍යයාව සම්බන්ධයෙන් සෙසු දෙමාපියන් ඇවිස්‌සෙන්නේ අනතුරුවය. තම පාසලට මුස්‌ලිම් වර්ගවාදය විසින් කරන ලද හානියට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක මුස්‌ලිම්, සිංහල සියලු දෙමව්පියන් යෙදෙන්නේ අනතුරුවය. මෙතෙක් කලක් පාසලේ තිබූ සහ ජීවනය, අඩි දෙකේ තුනේ රෙදි කැබැල්ලක් නිසා පළුදු වීමට ඉඩ නොදෙන ලෙසත් පාසලේ සෑම දෙනාටම එකම නිල ඇඳුමක් භාවිත කරන ලෙසත් දෙමවුපියෝ විදුහලෙන් ඉල්ලා සිටියහ.
මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාරවරයා වෙත ෆාතිමාගේ දෙමාපියන් විසින් පැමිණිල්ලක් කර තිබූ අතර ඒ අනුව ආණ්‌ඩුකාර කාර්යාලයේදී පාසල් දෙමව්පියන් සමග සාකච්ඡාවක් පැවැත් විය. එහිදී ආණ්‌ඩුකාර අලෙවි මවුලානා මහතාගේ පුත් හා සම්බන්ධීකරණ ලේකම් නජීබ් මවුලානා විසින් දැනුම් දෙන ලද වාචික තීන්දුව වූයේ අදාළ ශිෂ්‍යාව කොළඹ ප්‍රධාන පෙළේ මුස්‌ලිම් බාලිකා විද්‍යාලයකට ඇතුල් කර තත්ත්වය සමනය කිරීම සඳහා පියවර ගන්නා බවය. ඒ අතර ඇයගේ දෙමාපියන් විසින් මේ ගැන කරන ලද පැමිනිලි හා නඩුද ඉවත් කරගත යුතු බවය.
එක් සිසුවියකගේ දෙමාපියන්ගේ වර්ගවාදී වුවමනාව පාසලටම ප්‍රශ්නයක් මතු කර තිබුණි. ඒ අතරම මුස්‌ලිම් විරෝධී මතයක් විදුහල්පතිණිය දරන බවට අදාළ දෙමව්පියන් විසින් ප්‍රචාරය කර තිබුණි. මේ පිළිබඳව විදුහල්පතිනි නයනා ලක්‌ෂිතා පෙරේරා මහත්මියගෙස් අපි විමසුමක් කළෙමු.
"මෙම පාසල විනය, අධ්‍යාපනය හා බාහිර ක්‍රියාකාරකම් තුළින් ප්‍රදේශයේ නමක් දිනාගත් පාසලක් බවට පත්වී තිබෙනවා. පාසලේ නිල ඇඳුම, කොණ්‌ඩය ආදී දේ පිළිබඳව අප විසින් තදින් ක්‍රියාත්මක වන්නේ විනය ආරම්භවන්නේ එතැනින් නිසයි. පාසලට ඇතුළත්වන සෑම දරුවකුටම නිල ඇඳුම සම්බන්ධයෙන් රූප සටහනක් ඇතුළත් පත්‍රිකාවක් අපි ලබා දෙනවා. මේ දරුවාට මෙතුවක් කල් නොතිබූ වුවමනාවක් එක පාරටම ආවේ ඇයි කියලා මට හිතා ගන්න බැහැ. මුස්‌ලිම් අය මෙහෙම එනවා නම් අපේ ළමයි ළමා සාරියෙන් පාසලට එවනවා" කියලා බෞද්ධ අම්මලා තාත්තලා කිව්වොත් මොකක්‌ද ඇතිවන තත්ත්වය. සාමකාමීව තිබෙන තැනත් අවුල් කරා. සිංහල මුස්‌ලිම් සමගිය පලුදු කරන්න අවශ්‍ය පිරිසකුයි, පාසල් සම්ප්‍රදාය මේ විදිහට බිඳින්න තැත් කරන්නේ. ගම්පොළ සහීරා විද්‍යාලයේ හා මහනුවර බද්-උද්-දීන් විද්‍යාලවල දරුවන්ගේ පාසල් නිල ඇඳුම පන්ජාබ්ය. එහි ඉගෙනුම ලබන සිංහල බෞද්ධ දරුවන් සියලු දෙනාද අඳින්නේ ඒ ඇඳුමයි. මේ පාසලේ නිල ඇඳුම ගවුම, ඒක වෙනස් කරන්නේ කොහොමද? "මම මුස්‌ලිම් ළමයින්ට සලකන්නේ නැහැ... ඒ අයව හෙළා දකිනවා" කියලත් ප්‍රචාරයක් යවා තිබෙනවා. මෙතෙක් කල් මේ පාසලේ එහෙම කතාබහක් තිබ්බේ නැහැ. ඒ ගැන අනික් මුස්‌ලිම් දෙමව්පියොත් සාක්‍ෂි දරති. අපිට හැම දරුවෙක්‌ම සමානයි.
පාසලේ මාධ්‍ය ඒකකයේ නායිකාව, හොකී කණ්‌ඩායමේ නායිකාව, සාරධර්ම කණ්‌ඩායමේ නායිකාව එම තනතුරු තුනම දරන්නේ මුස්‌ලිම් දරුවන්. සාමකාමීව සිංහල බෞද්ධයන් සමග ජීවත් වන අනිකුත් ජන වර්ග මේ විදිහට කුලප්පු කරන්න හදන එක කුමන්ත්‍රණයක් විදිහටයි මම නම් දකින්නේ..."
සෙසු මුස්‌ලිම් දරුවන්ට නොතිබුණු ප්‍රශ්නයක් ෆාතිමාට ඇති වුනේ ඇයි? ඇයටද වසර ගණනාවක් ඒ ප්‍රශ්නය නොතිබූ අතර දැන් අමුතු තත්ත්වයක් ඇයටද මතුවී තිබේ.
සිද්ධිය ඇතිවී තිබෙන නාවල කෝට්‌ටේ ප්‍රදේශයේ මීට පෙර මෙවැනි තත්ත්වයක් කිසිදා නිර්මාණය වූයේ නැත. ඓතිහාසික වශයෙන් බලන විට පෘතුගීසීන්ගෙන් කෝට්‌ටේ ප්‍රදේශයේ සිටි මුස්‌ලිම් වෙළෙඳුන් බේරා ගෙන හංවැල්ල ප්‍රදේශයේ පදිංචි කරවන ලද්දේ මායාදුන්නේ රජතුමාය. එසේ නොවන්නට පහතරට මුස්‌ලිම් ප්‍රජාවගේ ඉරණම එදා පෘතුගීසීන් අතින් වැනසෙන්නට තිබුණි.
අනෙක් අතටම මෙවැනි සිද්ධියක් ඉරානයේ, ඇෆ්ගනිස්‌ථානයේ ඇති වූවා නම් සිදුවන තත්ත්වය කෙසේද...? බාමියන් බුදු පිළිම, තලෙයිබාන් අන්තවාදීන් විසින් විනාශ කළේ මුළු ලෝකයටම කම්පා කරවමිනි. නැගෙනහිර පළාතේ බොදු උරුමය වනසන්නේද එසේය. ඒ සියල්ල බෞද්ධයන් ඉවසාගෙන සිටිනා අතරේ නීතිරීතිද නොතකා තම අන්තවාදී අදහස් මුදුන්පත් කර ගන්නට මුස්‌ලිම් වර්ගවාදය කටයුතු කරමින් සිටියි. පරදාව ඇඳීම සම්බන්ධයෙන් බටහිර රටවල් ගණනාවක් විරෝධය පළකර තිබුණි. ප්‍රංශය සිය රටේදී ඇඳුමක් ලෙස පරදාව ඇඳීම තහනම් කර තිබුණි. ආරක්‍ෂාව සම්බන්ධ කාරණා පවා එහිදී ප්‍රංශය විසින් මතුකර තිබුණි.
මාමස්‌මි වැනි පාතාල මැරයෝද පොලිස් ඇසට වැලිගසා පැන ගත්තේ පර්දාව ඇඳගෙනය. එසේ බලන විට ඒ ඇඳුම පිළිබඳ යම් සමාජ ප්‍රශ්නයක්‌ද මතුවී තිබේ.
එංගලන්තයේ බෙන්බිග් උසස් විද්‍යාලයේ මෙවැනිම ගැටලුකාරී තත්ත්වයක් පාසල් ඇඳුම සම්බන්ධයෙන් මතුවිය. සල්වාර් ඇඳුමෙන් මුස්‌ලිම් ශිෂ්‍යාවන් පාසලට පැමිණීම සම්බන්ධව තිබූ එම තත්ත්වය අවසානයේ අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිසුණි. මෙහිදී ලැබුණු තීරණය වූයේ පාසලේ වගකිවයුතු සීමාවේදී පාසල අනුදක්‌නා නිල ඇඳුමකින් පැමිණිය යුතු බවය. අන්තවාදී ලෙස ඇඳුමක් හේතුවෙන් පාසලේ පවතින ක්‍රමය පිටු දැකීම විසින් අවශ්‍යතාවයක් මතු කරන්නේ සමාජය තුළ අසහනය ඇති කිරීමේ වුවමනාවය. ශ්‍රී ලංකා සමජය තුළදී පාසල් ගවුම, සංවර ඇඳුමක් ලෙස පිළිගනු ලබයි. ඒ සංවර නාමය, ආගමික මතවාදයකින් සමාජ අසහනයක් දක්‌වා දුරදිග ගෙන යායුතු ද නැද්ද යන්න සමාජය තීරණය කළ යුතුය. ශ්‍රී ලංකාවේදී මුස්‌ලිම් ජනතාව තම අනන්‍යතාවය රැක ගැනීම සඳහා ලැබී ඇති අවස්‌ථා ජෝර්දානය වැනි රටකදීවත් දක්‌නට නොමැති තරම්ය. මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ සමහර ස්‌ථාන ඉදිකර තිබෙන්නේ අරාබියේ සාම්පල් සේය. එසේ තිබියදීත් වර්ගවාදී ආකාරයෙන් සාමකාමී සමාජයකට වින කරන්නට යැම සාධාරණද යන ප්‍රශ්නය මතුවේ.
මනෝඡ් අබයදීර
http://www.divaina.com/2014/04/06/feature01.html
සබැඳි ලිපි -
[
සෞදියේ පාසල් නිළ ඇඳුම, පන්ජාබ් ඇඳුමින් පරිබාහිරව පාසලට ඇන්දොත් ගල් පහරවල් බව අන්තවාදය පතුරුවන මුසලුවන් මතක් කරගත යුතුය!http://denethharinna.blogspot.com/2014/04/blog-post_7.htmlපාසල් නිළඇඳුම දොට්ට. මුසලු ඇඳුම පාසලට! මෙහෙම ගියොත් හෙදියො, සෙබළු හැමෝගෙම අනන්‍යතාවත් ඉවරයි!http://denethharinna.blogspot.com/2014/04/blog-post.html
]
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගිවීම සඳහා ද්‍රවිඩ සංධානය තීරණය කිරීම නිසා එකී සංධානයේ දැවැන්ත අභ්‍යන්තර අර්බුදයක් හටගෙන තිබේ.
ද්‍රවිඩ සංධානය මෙකී තේරීම් කාරක සභාවට යන්නේ 13 වැනි සංශෝධනයට අදාළ බලතල ලබාගැනීමේ අරමුණෙනි.
එහෙත් එකී සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යැම ගැන මගහැරීම රදගුරු රායප්පු ජෝශප් දැඩි ලෙස විරෝධය පළකර ඇති අතර ඊට ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරු වැඩි පිරිසක් එකඟ වී තිබේ. 13 තුළින් ද්‍රවිඩ ජාතික ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බව මන්නාරම රදගුරු ද්‍රවිඩ සංධානයට දැනුම් දී ඇත. එහෙත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි විය යුතු බව විග්නේශ්වරන් සම්පන්දන්, සුමන්තිරන්ගේ මතය වී තිබේ. 13 වැනි සංශෝධනය මගින් උතුරු පළාත් සභාවට අදාළ බලතල ලබාගන්නා ලෙස ඉන්දීය රජයද ද්‍රවිඩ සංධානයට දැනුම් දී ඇති අතර කොටි හිතවාදී කණ්‌ඩායම් ඊට එරෙහි වී ඇත. අර්බුද මතුකරන බව ආරංචි මාර්ග පවසයි.
ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරු අතර ඇති අර්බුදය ජිනීවා මානව හිමිකම් සමුළුවේදී වෙන් වෙන්ව අසුන් ගැනීමෙන්ද සනාථ වනු ඇත.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/04/06/news14.html
Pic
Source
චීනයේ නැන්ජින් හිදී මෙම අගෝස්‌තු මස පැවැත්වීමට නියමිත යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබන පළමු ක්‍රීඩාව බීච් වොලිබෝල් බවට පත්කිරීමට ඉසුරු මධුෂාන් සහ ෂාමික සඳරුවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් බීච් වොලිබෝල් කණ්‌ඩායම පෙරේදා (05වැනිදා) තායිලන්තයේදී සමත්විය.
ඒ අනුව යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් තරග අංශය සඳහා ලෝකයෙන්ම අවස්‌ථාව ලබන කණ්‌ඩායම් 36 අතරට ඔව්හු එක්‌වෙති.
අදාළ ක්‍රීඩා උළෙලට බීච් වොලිබෝල් තරග අංශයෙන් සුදුසුකම් ලැබීම වෙනුවෙන් තායිලන්තයේ පැවැත්වෙන තරගාවලියේදී පිට පිටම තෙවැනි ජයග්‍රහණයත් ලබා අවසන් පූර්ව තරග අවස්‌ථාව ලබමින් ඔවුහු මෙම ඓතිහාසික අවස්‌ථාව උදාකරගත්හ.
මෙම තෝරාගැනීමේ තරගාවලියේදී ඉසුරු සහ ෂාමික සිය පළමු අභියෝගය වූ ගුවාම් රාජ්‍යය සමග පැවැති තරගයේදී ලකුණු 21-10ක් සහ 21-09ක් ලෙසින් තරගවට 2-0කින් පහසු ජයක් ලැබූ අතර දෙවැනි තරගයේදී ලකුණු 21-16ක් සහ 21-12ක් ලෙසින් ජපානය පරාජයට පත්කළ අතර අර්ධ අවසන් පූර්ව වටය යටතේ කටාර් රාජ්‍යය සමගින් පෙරේදා පැවැති තරගයේදී ලකුණු 21-17ක් සහ 21-16ක් ලෙසින් ජයගත් ශ්‍රී ලංකා යොවුන් බීච් වොලිබෝල් ක්‍රීඩකයෝ අවසන් පූර්ව තරග වරම දිනාගත්හ.
අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබන කණ්‌ඩායම් 4ටම යොවුන් ඔලිම්පික් තරග අවස්‌ථාව හිමිවන අතර ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙට අවස්‌ථාව ලැබූ පළමු ක්‍රීඩකයන් බවට ඉසුරු සහ ෂාමික පත්විය.
ඔවුන් අදාළ අවසන් පූර්ව තරගයේදී සත්කාරක තායිලන්තය සමගින් ඊයේ තරග වැදීමට නියමිතව සිටියේය.
මෙම සුවිශේෂී අවස්‌ථාව හිමිකරගත් ඉසුරු මධුෂාන් සහ ෂාමික සඳරුවන් යන දෙදෙනාම සීදූව දවිසමර විදුහල් ක්‍රීඩකයෝ වෙති. මෙම ක්‍රීඩකයන් ආදළ තෝරා ගැනීමේ තරගාවලියට සහභාගී වූයේ සිය පුහුණුකරු ධනපාල ජයපද්ම මහතා සමග මීගමුවේදී එක් මසක නේවාසික පුහුණුවකින් අනතුරුවය.
මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා වූ සැනින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කණ්‌ඩායම් කළමනාකරු සී. රත්නමුදලි මහතා මගින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා දුරකථනයෙන් අමතා සුබපතා ඇති අතර අප්‍රෙල් 07 වැනිදා මධ්‍යම රාත්‍රියේ ඔවුන් ශ්‍රී ලංකාවට ළඟාවීමේදී ඉතාම උණුසුම් ලෙස ඔවුන්ව පිළිගැනීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වේ.
ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2014/04/07/sports01.html
විනය පටන් ගන්නේ ඇඳීමෙනි. කෙනකු පාරේ යන විට මාර්ග නීති කොතරම් ආරක්‍ෂා කළද, උපාසකයකුටත් වඩා හෙමින්, ඊටත් වඩා හොඳින් බිම බලාගෙන ගමන් කළ ද ඔහු හෝ ඇය යන්නේ හෙළුවෙන් නම් ඉන් හටගන්නා ජංජාලය අති මහත් ය. අප ජීවත් වන්නේ නිරුවත් සමාජයක නම් ඇඳුම් අඳින විට විනය කැඩෙයි. එහෙත් අප ජීවත්වන්නේ ඇඳුම් අඳින සමාජයක නිසා හෙළුවෙන් ඇවිද්දොත් විනය කැඩෙයි. විනය කැඩෙන්නේ එපමණකින්ද? නැත. සම්මත ඇඳුමකින් ඔබ්බට යන ඇඳුමකින් ද විනය කැඩෙයි. හැමෝම ළමා සාරි අඳින තැනක කලිසම් කමිස ඇඳගෙන එකියක පැමිණියොත් එතැනදී විනය අවුල් වන්නේ ය. මේ කරුණු ස්‌වල්පය පාඨකයාට මතක් කර දී ඇඳුමක් නිසා මේ රට ගිනි ගැනීමට ගිය තීරණාත්මක අවස්‌ථාවක් ගැන සිහිපත් කරමින් අද කතුවැකිය පටන් ගනු ලැබේ.
නාවල ජනාධිපති බාලිකා විදුහලෙහි මේ දිනවල ප්‍රශ්නයක් තිබේ. තුන්දහසක සිසුවියන් පිරිසක් සිටින මෙහි මුස්‌ලිම් දැරියෝ 30 ක් ඉගෙනුම ලබති. එහි අනුපාතය සියයට දශම 0.01 කි. ඒ සමඟම දෙමළ දැරියන් 8 දෙනෙක් සහ කතෝලික දැරියන් 20 දෙනෙක් ද මෙහි ඉගෙනුම ලබති. මේ සියලු දෙනාටම පොදු Dress Code එකක් හෙවත් ඇඳුමක් තිබේ. ඒ වූ කලී හතරැස් කර සහිත, දණහිසෙන් පහතට වැටෙන සුදු ගවුම ය. පසුගිය දිනෙකදී මේ පාසලේ මුස්‌ලිම් ශිෂ්‍යාවක් සුදු දිග කලිසමක් ඇඳ ඊට උඩින් පාසල් ගවුම ඇඳ කරට දිග රෙද්දක් හෙවත් "ෂෝල්" එකක් දමාගෙන පැමිණියා ය. (මෙයට පන්ජාබ් ඇඳුම යයි කිව හැකි ය.) එය පාසලේ Dress Code එකට හෙවත් සම්මත ඇඳුමට ඉඳුරාම පටහැනි ඇඳුමකි. මේ නිසා විදුහල්පතිනියගේ ඉල්ලීම මත, දැරියගේ එකඟත්ත්වයට අනුව දැරිය විසින්ම ආවරණය වූ ස්‌ථානයකදී ෂෝල් එක සහ දිගු කලිසම ඉවත් කරයි. මෙතැන් සිට ඇය නැවත වරක් හතරැස් කර සහිත ගවුම අඳින සම්මත Dress Code එකට ගරු කරන ශිෂ්‍යාවක් බවට පත්වෙයි. ඇය ගෙදර ගිය විට ඇගේ මව සිද්ධියෙන් උරණව විදුහල්පතිනියට එරෙහිව නඩු දමයි. (මේ පිළිබඳ සම්පූර්ණ ලිපියක් ඉරිදා (06 දා) "දිවයිනේ" පළ වී ඇත.)
කිසිදු බරක් පතලක් නැති අහිංසක මුස්‌ලිම් දැරියට පන්ජාබ් ඇඳුමක් අන්දවා පාසල් එවීමට ඇගේ ගෙදර උදවිය ගත් පියවර ඉතාම අනවශ්‍ය වැඩකි. මෙය සමාන කළ හැක්‌කේ අශූචි ගොඩක් අසලට ගොස් එය අශූචි බව හඳුනා ගැනීම සඳහා අනුභව කර බැලීමට ය. මෙය ඉතා සංවිධානාත්මක ලෙස කළ කඩාකප්පල්කාරී වැඩකි. සෞදි අරාබියේ වෙසෙන සිංහල තරුණියක් දණහිසෙන් අඟල් 6 ක් ඉහළින් පිහිටි සායක් සහ අත් නැති ස්‌කිනි එකක් ඇඳගෙන පාරේ ගියොත් සිදුවිය හැක්‌කේ කුමක්‌ද? ඒ රටේ පාසලක උගන්නා සිංහල දැරියක් පන්ජාබ් ඇඳුමින් පරිබාහිරව සුදු ගවුමක් ඇඳගෙන පාසලට ගියොත් පළාතටවත් වැද්දගන්නේ නැතිවා පමණක් නොව පාසලට එන මග දිගේදී ද ඇයට ගල් පහරවල් කන්නට සිදුවන බව ඉහත කී මුස්‌ලිම් දැරියගේ මව දන්නේද? තම දරුවා පාවිච්චි කර ජාතිවාදී සහ ආගම්වාදී ගින්නක් ඇවිලවීමට ඇය උත්සාහ කරන්නේ ඇයි? මෙය කා විසින් කාට දෙන ලද කොන්ත්‍රාත්තුවක උප කොන්ත්‍රාත්තුවක්‌ද? ගවුමක් මගින් සමාජයක් ගිනි තැබීමට කිසිවකු දරන උත්සාහයක් වෙත් ද එය ඉතා පහත් සහ නීච උත්සාහයක් බව යෝජනා කරමු. අප නිවැරැදිද නැද්ද යන්න පිළිබඳ තීන්දුව පාඨක ඔබ සතු ය.
http://www.divaina.com/2014/04/07/editor.html
Pic
Source
සබැඳි ලිපි -
[
පාසල් නිළඇඳුම දොට්ට. මුසලු ඇඳුම පාසලට! මෙහෙම ගියොත් හෙදියො, සෙබළු හැමෝගෙම අනන්‍යතාවත් ඉවරයි!http://denethharinna.blogspot.com/2014/04/blog-post.html
]
ද්‍රවිඩ සන්ධානය සිදුකළ යුද අපරාධ ගැනද වහාම විමර්ශනය කළ යුතු බව නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් මහතා රජයට කියා සිටී.
කොටි සංවිධානය සමග එක්‌ව කටයුතු කළේ ද්‍රවිඩ සන්ධානය බව තමා දන්නා බවද හෙතෙම පවසයි.
කිළිනොච්චියේදී තමිල් සෙල්වම් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු ගෙන්වා උපදෙස් දුන් බවද ඔහු කියා සිටියේය.
මේ අතර කොටි බුද්ධි සේවා නායක පොට්‌ටු අම්මාන් සමග සබඳකම් පැවැත්වූ ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් තිදෙනෙකු ගැන තොරතුරු රජයට හෙළිවී ඇත.
කීර්ති වර්ණකුලසූරිය, කල්මුණේ - ආර්. ශ්‍රීවෙල්රාජා
http://www.divaina.com/2014/04/04/news14.html
Pic
Source
කොටි සංවිධානය විනාශ කරන ලෙස කොන්ග්‍රස් නායිකා සෝනියා ගාන්ධි ශ්‍රී ලංකා රජයට දැනුම්දුන් බව සෑම් රාජප්පා නමැති ඉන්දීය මාධ්‍යවේදියා හෙළිකර ඇත.
ඉන්දීය ස්‌ටේට්‌ස්‌මන් පුවත්පතට තොරතුරු හෙළිකරන රාජප්පා තවදුරටත් සඳහන් කර ඇත්තේ දේශපාලන විසඳුමක් වෙත යොමුවීමට පෙර කොටි විනාශ කළ යුතුයි යන්න සෝනියාගේ මතය වී තිබූ බවයි. සිය සැමියා වූ රජිව් ගාන්ධි මරා දැමීම නිසා ඇය ප්‍රභාකරන් හා පොට්‌ටුඅම්මාන් කෙරෙහි දැඩි වෛරයකින් පසු වූ බවද හෙළිකරන සෑම් රාජප්පා, වන්නි මෙහෙයුම නතර කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව දැරූ උත්සාහය ඉන්දියාව ව්‍යර්ථ කළ බවද කියා සිටී.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/04/04/news21.html
Pic
Source
ඉතා විශාල ලෙස විදෙස් වෙළදපොළේ දිනෙන් දින ඉහළ යන ඉල්ලූමක් ඇති ‘අගාවුඞ්’ රත්රන් වලටත් වඩා වටිනා ශාකයක් ලෙස මේ වනවිට ලොව පුරා ප‍්‍රචලිතව පවතී.
මෙරට හරිත ආර්ථික සංකල්පය කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් සදාහරිත වැවිලි සමාගම අගාවුඞ් ශාකය ව්‍යාප්ත කිරීමේ කටයුත්තට මේ වනවිට උරදී තිබේ.
දුර අතීතයේ සිටම උසස් තත්වයේ සුවද විලවුන් වර්ග, ඖෂධ වර්ග, සුවද කාරක ද්‍රව්‍ය,රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනයට බහුල වශයෙන් යොදා ගන්නා අගාවුඞ් අධික මිල ගණන් වලට අලෙවි වේ.
කාම්බෝජියාව, වියට්නාමය, තායිලන්තය, මැලේසියාව වැනි රටවල් වාණිජ මට්ටමෙන් අගාවුඞ් නිපදවනු ලබන අතර ඇක්විලාරියා ක්‍රෙස්නා (Aquilaria Crassna) යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හදුන්වන අගාවුඞ් ශාකය තුළ නිපදවන සුවදවත් රෙසිත විශේෂය නිසා මෙම ශාකයට මෙතරම් වටිනාකමක් ලැබී ඇත. දැනට ශ‍්‍රී ලංකාවේද වාණිජ මට්ටමෙන් තෙත් සහ අතරමැදි කලාපයේ මෙම ශාකය යම් ප‍්‍රමණයක් වගා කෙරේ.
අගාවුඞ් පිළිබද දීර්ඝ කාලයක් පර්යේෂණ පවත්වා ඒ තුළින් ලත් සාර්ථක අත්දැකීම් ඇති සදාහරිත සමාගම අගාවුඞ් තාක්ෂණය සදහා ශ‍්‍රී ලංකාව තුළ පේටන්ට් බලපත‍්‍ර හිමි එකම ආයතනයද වේ.
ඇත්විලාරියා ශාකය වගා කොට සාර්ථක අගාවුඞ් නිෂ්පාදනයක් ලබාගත හැකි දිස්ති‍්‍රක්ක ලෙස කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර සහ කෑගල්ල සහ දිස්ති‍්‍රක්කයෙන් සදාහරිත වැවිලි සමාගම තහවුරු කරගෙන ඇත.
අගාවුඞ් ශාකය තුළ අගාවුඞ් නිපදවීම සිදුවන්නේ ස්භාවික කි‍්‍රයාවලියක් මගිනි. එනම් ස්භාවිකව ගසට හානි සිදුවූ විට වාතයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් ගසට ඇතුළුවීම හා එයින් ගස ආරක්ෂා වීමට ගස විසින්ම නිපදවා ගන්නා රෙසින විශේෂය අගාවුඞ් ලෙස හඳුන්වයි.
මෙම අගාවුඞ් කළු සහ තද දුඹුරු පැහැ ගන්නා අතර ඒවායින් පතුරු (Chips) හා තෙල් ලබා ගනී. තෙල් නිස්සාරණයේ අතුරු ඵලයක් වන එය පවුඩර් හඳුන්කූරු නිපදවීම සදහා යොදා ගනී. දකුණු ආසියාවේ විශාලතම අගාවුඞ් පැල තවාන හොරණ ඉංගිරිය ප‍්‍රදේශයේ ස්ථාපිත කොට ඇත.අක්කර 5ක පමණ වපසරියකින් යුත් පැල තවාන තුළ අගාවුඞ් පැල ලක්ෂ 2.5කට අධික ප‍්‍රමාණයක් ඇතිබව පවසන සදාහරිත වැවිලි සමාගමේ විධායක අධ්‍යක්ෂක එච්.කේ රෝහණ මහතා පවසන්නේ සදාහරිත සමාගම විසින් රෝපණය සදහා අගාවුඞ් බීජ ගෙන්වන්නේ වියට්නාමයෙන් බවය.
සදාහරිත සමාගම විසින් එක් අගාවුඞ් අවම පැල දහයක් පාරිභෝගිකයෙකු වෙත නිකුත් කරයි.
එසේම නියමිත කාලය පැමිනි පසුව හිමිකරුට අගාවුඞ් ශාකය සදාහරිත සමාගමට හෝ අගාවුඞ් මිලදී ගනු ලබන වෙනත් පාර්ශවයකට ශාකය විකිණිය හැකිය.
එක් ගසක් අවම රු.25000 ක සහතික මිලකට මිලදී ගැනීමට සමාගම සැලසුම් කර ඇත.
පැල මිලදී ගත් පසු වගාව සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමත් ක්ෂේත‍්‍ර නිලධාරීන් විසින් වගා භූමියටම පැමිණ පරීක්ෂා කිරීම් ආදිය සිදු කිරීමත් නොමිලේම සිදු කරන බවද සභාපතිවරයා පවසයි.
http://lankacnews.com/sinhala/news/113190/
Pic
Source
ශ්රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාවට ඉන්දියාව ඡන්දය නුදුන්නේ චීනය ශ්‍රී ලංකාවට යොමුකරන බලපෑම් නතර කිරීමට යෑයි ඉන්දීය රාජ්‍ය ඇමැති සුදර්ශන් නාච්චිඅප්පන් පවසයි.
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කළා නම් චීනයට ශ්‍රී ලංකාවේ කටයුතුවලට මුළුමනින්ම මැදිහත්වීමට ඉඩ ලැබෙන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත.
ද්‍රවිඩ සන්ධානය කොටි ඩයස්‌පෝරාව සමඟ එක්‌ව ක්‍රියා කරන බවට ද හෙතෙම චෝදනා කළේය.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/04/02/news29.html
Pic
Source
ජාතික අලුත් සහල් මංගල්‍යය හෙට (03 දා) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
47 වැනි වරටත් මෙවර පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය සඳහා කෘෂි රසායනික භාවිතයෙන් තොරව 2013/2014 මාස් කන්නයේ නිෂ්පාදනය කරන ලද සහල් යොදාගන්නා බව විශේෂ ව්‍යාපෘති ඇමැති ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.
රට පුරා සිටින ගොවි මහත්වරුන් කොමසාරිස්‌වරුන් සහභාගි වන අලුත් සහල් රැගත් පෙරහැර පෙරවරු 7.00 ට ආරම්භ වී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ළඟාවීමට නියමිතය.
අටමස්‌ථානාධිපති උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්‌ත්‍රපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය, උතුරුමැද ප්‍රධාන ඇමැති එස්. එම්. රංජිත්, ඇමැති තිස්‌ස කරල්ලියද්ද යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමැතිවරු පිරිසක් මේ අවස්‌ථාවට එක්‌වෙති.
අනුර බාලසූරිය
http://www.divaina.com/2014/04/02/news04.html
Pic
Source
යුද අපරාධ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ විසින් පත්කරන ස්‌වාධීන විද්වත් මණ්‌ඩලයට ශ්‍රී ලංකාවට පැමිණ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ඉඩ දීම රජය ප්‍රතික්‍ෂේප කර ඇත.
මෙම ස්‌වාධීන විද්වත් මණ්‌ඩලයට ශ්‍රී ලංකාවට පැමිණ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ගොස් සාක්‌කි සටහන් කර ගැනීමට ඉඩ දෙන ලෙස නවි පිල්ලේගේ කාර්යාලය විසින් රජයෙන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධකරුවන් කිරීම සඳහා දරනා උත්සාහයට කිසිසේත් පහසුකම් සපයන්නේ නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
මේ නිසා නවි පිල්ලේගේ විද්වත් මණ්‌ඩලයට මෙරටින් පිටත සිට විමර්ශන කටයුතු ඇරඹීමට සිදු වේ.
මේ අතර නවි පිල්ලේගේ ශ්‍රී ලංකාවට එරෙහි මණ්‌ඩලය හමුවේ සාවද්‍ය සාක්‌කි දීම සඳහා උතුරේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් සූදානමින් සිටින බව රජයට හෙළි වී ඇත.
මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ සිය ධුරයෙන් විශ්‍රාම යැමට පෙර ලබන ජුලි මාසයේ සිට සිය කටයුතු නතර කිරීමට තීරණය කර ඇත.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/04/02/news03.html
Pic
Source
නාවල ජනාධිපති බාළිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන මුස්ලිම් සිසුවියකට හිජාබ් ඇඳුම වෙනුවට පාසලේ නිල ඇඳුම ඇඳගෙන එන්නැයි එහි විදුහල්පතිනිය විසින් කළ බව කියන ඉල්ලීමක් නිසා එම ළමයාගේ මව්පියන් මහාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ. එම සිද්ධිය මුල් කර ගනිමින් පාසල සුරැකීමේ සංවිධානය විසින් අද එම විදුහල ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
එම පාසලේ සිසුවියන් තුන්දහසක් පමණ අධ්‍යාපනය ලබන බව පැවසෙන අතර ඒ අතරින් ළමුන් 30ක් පමණ මුස්ලිම් බව කියැවේ. එම ළමුන්ගෙන් අයෙකු මෙලෙස හිජාබ් ඇඳුම පැළඳ පාසලට පැමිණි සිද්ධියක් අද විරෝධතාවය පැවැත්වීමට මූලික වී ඇතැයි පැවසේ.
ඡායා රූ - සංජීව ලසන්ත
දෙරණ
යුක්රේනය, ජෝර්ජියාව, තායිලන්තය සහ මැලේසියාව ඇතුළු රටවල් 18 ක සංචාරය කරමින් එම රටවල බැංකු හා වෙළඳ ආයතනවලින් මුදල් සොරකම් කර ඇති ඉරාක ජාතිකයෙකු පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු මෙරටද විවිධ ප‍්‍රදේශවල සැරි සරමින් බැංකු හා වෙළඳසැල්වලට ගොස් රුපියල් ලක්ෂ ගණනින් මුදල් සොරාගෙන යාමේ යෙදී සිටි බවද හෙළිව ඇති අතර කියා මොහුත් සමඟ එක්ව සොරකම්වවල නිරත වූ ඉරාක ජාතිකයන් තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට ද පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මොහු කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකට පැමිණ රුපියල් 5,000 නෝට්ටුවක් දී එය හොර නෝට්ටුවක් ද යන්න ගැන පරීක්ෂා කර දෙන ලෙස මුදල් අයකැමිවරයා අතට පත් කර එම මුදල් නෝට්ටුව පරීක්ෂා කර බලන අවස්ථාවේ මුදල් අයකැමි භාරයේ තිබූ මුදල් මිටි කිහිපයක් සූක්ෂම ආකාරයට සොරා ගැනීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ බැංකු නිළධාරීන් විසින් මොහු අල්ලා ගෙන පොලීසියට භාර දෙනු ලැබ ඇත.
http://lankacnews.com/sinhala/news/113120/
Pic
Source
ශ්රී ලංකාව තුල කොටි සංවිධානය සහ ඊට සහය ලබාදෙන සංවිධාන 16ක් තහනම් කිරීමට රජය කටයුතු කර ඇත.
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසන්නේ ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමෙන් පසු එම සංවිධාන ජාත්‍යන්තර වශයෙන් ද තහනම් කිරීමට හැකියාවක් ඇති බවයි.
ශ්‍රී ලංකාව තුළ තහනමට ලක්කර ඇති සංවිධාන මෙසේය.
1 දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය
2 දෙමළ පුනරුත්ථාපන සංවිධානය නොහොත් ටී.ආර්.ඕ
3 දෙමළ සම්බන්ධීකරණ කමිටුව නොහොත් ටී.සී.සී
4 ලෝක දෙමළ ව්‍යාපාරය
5 කැනේඩියානු දෙමළ කොංග්‍රසය
6 ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය
7 ගෝලීය දෙමළ සම්මේලනය
8 කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය නොහොත් මක්කල් අවෙයි
9 දෙමළ ජාතික කවුන්සිලය
10 දෙමළ තරුණ සංවිධානය
11 ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව
12 කල්පිත ඊළාම් රාජ්‍යයක් සඳහා වූ සංවිධානය
13 දෙමළ ඊළාම් ජනතා එකතුව
14 ලෝක දෙමළ සහනාධාර අරමුදල
15 මූලස්ථාන සංවිධානය
16 බ්‍රිතාන්‍ය දෙමළ සමුළුව
http://lankacnews.com/sinhala/news/113124/
Pic
Source