Pages

Wednesday, January 25, 2017

පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි!

පුදබිමට පිවිසෙන මාර්ගයේ නවීකරණය කර ඇති ඉස්ලාම් තොරණ
වසර දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසයක් සහිත, මහ රහතුන් වැඩ සිටි ඓතිහාසි කුරගල පුදබිමේ අනවසරයෙන් රැදී සිටින මුස්ලිම් ජාතිකයන් එහි ඉදිකිරීම් නැවත ආරම්භ කර තිබෙන බව කල්තොට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය බුදුගල සෝමරතන හිමියන් පවසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින මෙම පුදබිමෙන් ඉවත් වන ලෙස අදාළ පිරිසට අධිකරණය මගින් ද නියෝග කර ඇතත් නීතිය නොකතා එම පිරිස තවමත් එහි රැදී සිටින අතර ඉකිරීම්ද යළි අරඹා තිබේ.

තහනම් නියෝගයක් පවා ලබා දී තිබියදී මෙම පිරිස මෙම ස්ථානයේ තව දුරටත් රැදී සිටිමින් ඉදිකිරීම් සිදු කරන්නේ කෙසේදැයි විමසන සෝමරතන හිමියන්, වෙනත් පෞරාණික ස්ථාන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පුරාවිද්‍යා නීතිය මෙම ස්ථානයටද වහා ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

http://www.colombotoday.com/28000-2236523/

සබැඳි ලිපි -
[
කූරගලට ගැසූ පොලිස්‌ තුරුම්පුවhttp://denethharinna.blogspot.com/2015/04/blog-post_20.html
බොදුනුවන්ගේ සිත් රිදවූ, කුරගලේ බොදු උරුමයට එරෙහි යහපාලන වාරණයhttp://denethharinna.blogspot.com/2015/01/blog-post_58.html
කූරගල කැණීමේ දත්ත විශ්ලේෂණ කටයුතු ඇරඹේhttp://denethharinna.blogspot.com/2014/10/blog-post_1.html
මහින්දාගමනයට එහා ඓතිහාසික යක්ෂ, නාග, දේව හෙළ විභූතිය කුරගලින්http://denethharinna.blogspot.com/2014/06/blog-post_28.html
දත්තගේ පර්වතය (කූරගල) - මංත්‍රී අබුසාලිගේ බොරු පැමිණිල්ල හමුවේ 1939 දී පවා තහවුරු වූ පුරවිද්‍යා උරුමය ජනපති අණින් මුසලුවන්ට???http://denethharinna.blogspot.com/2014/06/1939.html
කූරගලට වුණ දේ රුවන්වැලියටත් වෙයිද?http://denethharinna.blogspot.com/2014/06/blog-post_4168.html
‘කූරගල මානවයා’ කාලනීර්ණය - සංඝාරාමය කි‍්‍රපූ යුගයේ! ඓතිහාසික ගල්ලෙන් ප‍්‍රාග් ඓතිහාසික අවධියේදී මානවයාගේ වාසස්ථානhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_7669.html
ප්‍රාග් ඓතිහාසික මානව යුගයේ සාධක රැසක්‌ කූරගල කැණීම්වලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_21.html
කුරගල බොදු පින් බිමක්! මුසළු වැසිකිළි, සොහොන් ඉවත්කළ විට ඉපැරණි උරුමය මතුවේ!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_17.html
මුසලුවන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක්
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3170.html
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8.html
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_5944.html
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6.html
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
http://denethharinna.blogspot.com/2013/04/blog-post_8538.html
කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1747.html
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_9769.html
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

විල්පත්තු වන සංහාරයේ සැබෑව හා මිත්‍යාව!

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම වන මෝදරගං ආරු ඔයට මායිම් ව පිහිටන විල්පත්තු උතුරු අභය භූමිය එළි පෙහෙළි කරමින් 2010 වසරේ දී නීති විරෝධීව ආරම්භ කළ අලූතින් ජනාවාස පිහිටුවීමේ කටයුතු අද වන විට විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන, වන රක්ෂිත හතරක් පුරා පැතිර තිබේ. විල්පත්තු උතුරු අභය භූමිය එළි කර ජනාවාස පිහිටුවීමට එරෙහිව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණ කි‍්‍රයාමාර්ග ගෙන එම නීති විරෝධී කි‍්‍රයාව නතර කළ ද වන රක්ෂිත විනාශ කරමින් සිදු කරන අලූතින් මහ පරිමාණ ජනාවාස පිහිටු වීමේ හා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු නතර කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ නැතහොත් ජනාධිපති තුමන් යටතේ කි‍්‍රයාත්මක වන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තවම නොහැකි වී ඇත.

මන්නාරම දිස්ති‍්‍රක්කයේ මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ව මෙම රක්ෂිත හතර පිහිටා ඇති අතර එම සමස්ථ වනාන්තර ප‍්‍රදේශය කල් ආරු වනාන්තරය ලෙස හැදින්වේ. ඊට හේතුව එම වනාන්තරය ප‍්‍රධාන වශයෙන් ම කල් ආරු ඔයේ ජල පෝෂක ප‍්‍රදේශ ලෙස පැවතීම ය. මෙම වන රක්ෂිත අතුරින් මරිච්චුකඞ්ඩි – කරඩික්කුලි වන රක්ෂිතයේ අක්කර 2500 ක්, විලත්තිකුලම් වන රක්ෂිතයේ අක්කර 700 ක්, වේප්පාල් වන රක්ෂිතයේ අක්කර 100 ක් හා මාවිල්ලූ වන රක්ෂිතයේ අක්කර 100 ක් වශයෙන් මෙම වන රක්ෂිත පද්ධතියෙන් වනාන්තර අක්කර 3400 ක් පමණ නීතිවිරෝධී ලෙස එළි පෙහෙළි කර දේශපාලන උවමනාවන් මත අලූතින් ජනාවාස පිහිටුවීම හා ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර ඇත.


පසුගිය රජය පැවති සමයේ සිට මේ නීති විරෝධී කි‍්‍රයා දිගින් දිගට ම සිදු වෙද්දී ආණ්ඩුපක්ෂය හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රධාන රාජ්‍ය ආයතන මෙය නිවැරදි මාවතකට ගෙන එ්ම සඳහා මෙතෙක් කිසිදු නීතිමය ක‍්‍රියාමාර්ගයක් නොගැනීම විශාල ගැටලූවකි. 2010 වසරේ සිට නීතිවිරෝධී ව වන රක්ෂිත එළි පෙහෙළි කරමින් සිදු කරන මෙම ජනාවාස පිහිටුවීමේ කටයුතු අද වන විට දේශපාලකයන් විසින් මහ පරිමාණ ඉඩම් අත්පත් කර ගැනීම දක්වා වර්ධනය වී ඇතත් එ් පිළිබඳව නිසි අවධානයක් යොමු නොවීම කණගාටුවට කරුණකි.

කෙසේ නමුත් මේ වන රක්ෂිත විනාශ කර මුස්ලිම් ජනතාව පදිංචි කර අලූතින් ජනාවාස පිහිටුවීම හේතුවෙන් මේ නීතිවිරෝධී හා පරිසර විනාශකාරී ක‍්‍රියාවට ජාතිවාදී මුහුණුවරක් ලබා දීමට බොහෝ පිරිසක් උත්සාහ ගනිති. මෙය ජාතිවාදී පැතිකඩකට ගෙන යාමට උත්සාහ දරණ බොහෝ පිරිසක් සූදානම් වන්නේ මෙම මහා වන විනාශය හා ඉන් ඇති වන හානි සාධාරනීකරණය කිරීමට ය. මේ නිසා ම මේ නීති විරෝධී ක‍්‍රියාවන්ට එරෙහිව වගකිව යුතු අංශ ක‍්‍රියාමාර්ග ගැනීමට මැලිකමක් දක්වන බව පෙනෙන්නට තිබේ.

ආණ්ඩුපක්ෂය ද මෙම නීතිවිරෝධී ක‍්‍රියාවට එරෙහිව කටයුතු කිරීම වෙනුවට ඇල්මැරුණු ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ද මේ නිසා ය. ඉතාම පැහැදිලිව සඳහන් කළ යුතු දෙයක් ඇත. එනම් මේ ප‍්‍රශ්නයට ජාතිවාදී මුහුණුවරක් ලබා දීමෙන් සිදු වන්නේ මේ මහා වන විනාශය තව දුරටත් වර්ධනය කිරීමට අවස්ථාව ලබා දීම හා රටේ ජනතාවගේ සංහිදියාව බිඳ වැටීමය. එපමණක් නොව එ් නිසාම බලධාරීන්ගේ මේ මුණිවත රැකීමේ අහිතකර ප‍්‍රතිඵල විදින්නට සිදු වන්නේ පටු දේශපාලන උවමනාවන් මත පදිංචි කළ අහිංසක ජනතාවට හා තම අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නොනැගිය හැකි වන සතුන්ට ය.

මෙම අලූතින් ජනාවාස පිහිටුවීමේ ක‍්‍රියාවලිය හුදෙකලා සිදුවීමක් නොවේ. මෙය පසුගිය රජයේ දැවැන්ත ව්‍යාපෘතියක එක් කොටසක් පමණකි. කණගාටුවට කරුණ වන්නේ පසුගිය රජයේ විනාශකාරී කි‍්‍රයාකාරීත්වය පරාජය කරමින් බලයට පත් වූ වත්මන් යහපාලන රජය ද පසුගිය රජයේ හානි කර ප‍්‍රතිපත්ති, ක‍්‍රියාමාර්ග හා ව්‍යාපෘති ඒ අයුරින්ම අඛණ්ඩව ඉදිරියට සිදු කර ගෙන යාම ය.

රක්ෂිත වනාන්තර මායිම් ඉවත් කර වනාන්තර එළි පෙහෙළි කර ඇති ආකාරය




2009 වසරේ දී යුද්ධය නිමවනවාත් සමග ම විල්පත්තු ජාතික වනෝද්‍යානයට මායිම් ව පිහිටි යුද්ධයෙන් අවතැන් වූ ජනතාවගේ මොල්ලිකුලම් හා මරිච්චික්කඞ්ඩි ගම්මාන දෙක අතුරින් මොල්ලිකුලම් ගම්මානය නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් අල්ලා ගනිමින් පසුගිය රජයේ විනාශකාරී ව්‍යාපෘතියේ පළමු පියවර තැබිණ. ඉන් පසුව විල්පත්තු ජාතික වනෝද්‍යානය සහ කල් ආරු වනාන්තරය දෙකඩකරමින් පුත්තලම – මන්නාරම මාර්ගය ඉදිකිරීම (එලූවන්කුලමේ සිට සිලාවතුර දක්වා) එම සමස්ථ ව්‍යාපෘතියේ දෙවන පියවර විය. ඉන් පසුව 2010 වසර අවසානයේ දී රක්ෂිත තත්ත්වයට පත් කිරීමට ප‍්‍රථම කල් ආරු වනාන්තරය එළි පෙහෙළි කරමින් අලූතින් ජනාවාස පිහිටු වීමේ කටයුතු ආරම්භ කෙරිණ. එමගින් පසුගිය රජයේ බලාපොරොත්තුව වූයේ 2011 – 2030 ජාතික භෞතික සැලැස්මට අනුව මේ ප‍්‍රදේශයේ මහ පරිමාණ සංචාරක පුරවරයක් හා මහ පරිමාණ නගරයක් බිහි කිරීමේ ව්‍යාපෘතිය පියවරෙන් පියවර කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පදනම සකස් කර ගැනීමට ය. ඒ සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා එවකට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අයවැයෙන් විශාල ධනස්කන්දයක් වෙන් කෙරිණ. ඊට සමගාමී ව රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා ද තම දේශපාලන හා පෞද්ගලික උවමනාවන් වෙනුවෙන් මේ ව්‍යාපෘතිය පසුගිය රජයේ අනුග‍්‍රහය හා ආශිර්වාදය යටතේ ක‍්‍රියාත්මක කෙරිණ.

එහි දී පළමු ව අදාළ ආමාත්‍යවරයා විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්වරයාට දැඩි බලපෑම් එල්ල කර වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර බිම් පාරිසරික නීතිරීති උල්ලංඝණය කරමින් වෙන් කර ගැනින. ඉන් පසුව දිස්ත‍්‍රික් ලේකම් වරයා හරහා එම භූමිය අක්කර භාගය බැගින් වූ ඉඩම් කැබලි වලට වෙන් කර යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට නැවත පදිංචි වීම සඳහා ලබා දෙන බව සඳහන් කරමින් පුත්තලම, කල්පිටිය හා මන්නාරම ප‍්‍රදේශ වල ව්‍යාපාරිකයින් ඇතුළු ඉඩම් හිමි ජනතාවට හා සැබෑ ලෙසම අවතැන් වූ සුළු පිරිසකට බෙදා දෙනු ලැබුණි.

ජල පෝෂක වනාන්තර විනාශ කර අලූතින් තාවකාලික ජනාවාස ඉදි කර ඇති බවට සාක්ෂි.




නීති විරෝධී වනාන්තර විනාශයට නීත්‍යානුකූල මුහුණුවරක් ලබා දීම

2010 වසරේ සිට 2013 වසර දක්වා නීතිවිරෝධි ලෙස කල් ආරු වනාන්තරය එළි පෙහෙළි කර සිදු කළ ජනාවාස පිහිටු වීමේ කි‍්‍රයාවලියට රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් නීත්‍යානුකූල මුහුණු වරක් ලබා දීම සිදු කෙරුනේ 2013 වසරේ දී ය. ඊට හේතු වූයේ මෙම නීති විරෝධී පරිසර විනාශකාරී කි‍්‍රයාවන්ට එරෙහිව පරිසරවේදීන් දැඩි හඬක් නැගීමයි. එම වසරේ ජනවාරි 15 වන දින එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබද අමාත්‍ය වරයා ලෙස කටයුතු කළ රිෂාඞ් බදියුර්දීන් මහතාගේ ප‍්‍රධානත්වයෙන්, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා විසින් යොමු කළ ”අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ ඇති ඉඩම් නිදහස් කිරීම” යනුවෙන් දැක්වෙන ලිපියේ සදහන් කර ඇති පරිදි හිටපු වන සංරක්ෂණ ජනරාල් කේ. පී. ආරියදාස මහතා විසින් මන්නාරම දිස්ති‍්‍රක් ලේකම් වරයා වෙත යොමු කරන ලද 2013 පෙබරවාර 14 දින අංක EMDL/04/02/08/11/2012 දරණ ලිපිය මගින් හා ඉන් පසුව ද වන රක්ෂිත දෙකකට අයත් වනාන්තර ජනතාව පදිංචි කිරීම සඳහා නිදහස් කෙරින.

ඒ අනුව මන්නාරම දිස්ති‍්‍රක්කයේ මරිච්චුකඞ්ඩි – සිලාවතුර මාර්ගයේ 23 හා 29 යන කිලෝමීටර් කණු අතර මීටර් 250 ක් පළල වනාන්තර තීරයක්, කූලන්කුලම්, තම්බදා, මුසලික්කාඩු, මෙතන්වැලි, පන්ඩාරවේලි, පූනච්චිකුලම්, පූතුවේලි, මුසාලි හා කායකුලි යන ගම්මාන වල අවතැන් වූ ජනතාව පදිංචි කිරීමට හා පිච්චායි – වන්නියාකුලම් මාර්ගය ආසන්නයේ පිහිටි ගම්මානය ආශි‍්‍රත ව මිටර් 200 ක් පළල වනාන්තර තීරුවක් අහත්තිමුරිප්පු, පිච්චායි, වන්නියාකුලම්, පොට්කර්නි, වෙප්පන්කුලම් යන ගම්මාන වල අවතැන් වූ ජනතාව පදිංචි කිරීමට ලබා දී ඇත. මෙසේ ලබා දුන් වනාන්තර ඉඩම් අතුරින් මරිච්චුකඞ්ඩි – සිලාවතුර මාර්ගය දෙපස පිහිටි ඉඩම් මරිච්චුකඞ්ඩි – කරඩික්කුලි වන රක්ෂිතයටත් පිච්චායි – වන්නියාකුලම් මාර්ගය ආසන්නයේ පිහිටි ඉඩම් විලත්තිකුලම් වන රක්ෂිතයටත් අයත් වේ.

මීට අමතර ව පලායිකුලි, මරිච්චුකඞ්ඩි හා කරඩික්කුලි ගම්මාන තුනෙන් අවතැන් වූ පවුල් 940 ක් පදිංචි කිරීම සඳහා තවත් ඉඩම් අක්කර 280 ක් මරිච්චුකඞ්ඩි – කරඩික්කුලි වන රක්ෂිතයෙන් ලබා දීම සිදු කර ඇත. මෙසේ ලබා දුන් ඉඩම් වලට අමතර ව මරිච්චුකඞ්ඩි – සිලාවතුර මාර්ගය දෙපසින් වනාන්තර අක්කර 770 ක් හා පිච්චායි – වන්නියාකුලම් මාර්ගයට යාබදව අක්කර 650 ක් වශයෙන් මරිච්චුකඞ්ඩි – කරඩික්කුලි වන රක්ෂිතයට හා විලත්තිකුලම් වන රක්ෂිතයට අයත් තවත් වනාන්තර අක්කර 1420 ක් නැවතත් අවතැන් වූ ජනතාව පදිංචි කිරීමට ලබා දී තිබේ. මේ අයුරින් විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන රක්ෂිත වලට අයත් වනාන්තර අක්කර 1700 ක් අවස්ථා කිහිපයක දී ලබා දී ඇති අතර එම භූමියට අමතර ව තවත් වනාන්තර අක්කර 1700 ක් පමණ කිසිදු අනුමැතියකින් හෝ නිර්දේශයකින් තොරව මේ වන විට බලහත්කාරයෙන් එළි පෙහෙළි කර ඇත.

නැවත පදිංචි කිරීමක් නොවන බවට හා ජනාවාස නොතිබුණු බවට සාධක




වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නීති විරෝධී ව රක්ෂිත වනාන්තර වලට අයත් ඉඩම් වෙන් කර ගෙන අලූතින් ජනාවාස පිහිටුවීම සිදු කරන නමුත් රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා දිගින් දිගට ම සදහන් කරන්නේ අවතැන් වූ ජනතාවගේ ඉඩම්වල ම ඔවුන් ව පදිංචි කරන බවත් මේ ප‍්‍රදේශ යුද්ධය පැවති සමයේ දී වනාන්තරයෙන් වැසී ගොස් ඇති බවත් ය. එම ප‍්‍රකාශ සියල්ලම සාවද්‍ය ප‍්‍රකාශයන් ය. අමාත්‍යවරයා විසින් යොමු කළ ලිපිවල පැහැදිළිව ම සදහන් කර ඇත්තේ මේ වනාන්තර ප‍්‍රදේශ වලින් පරිබාහිර ගම්මාන වල අවතැන් වූ ජනතාව අලූතින් පදිංචි කිරීම සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නිදහස් කර දෙන ලෙස ය. එම කාලවකවානුවේ දී මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහභාගී වු කිසිදු රැස්වීමක දී මේ ඉඩම්වල පෞද්ගලික හිමිකාරීත්වයක් පිළිබද ව ස`දහන් කර නොමැත. අමාත්‍යවරයා දිගින් දිගට ම ඉල්ලා ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ජනතාව පදිංචි කිරීමේ කාර්යය සදහා ලබා දෙන ලෙසට ය. මේ ප‍්‍රදේශයේ ජනතාව පදිංචිව සිටි ගම්මාන ලෙස පැවතියේ නම් හෝ යුද්ධය පැවති කාලය තුළ දී අතහැර දමා තිබුණේ නම් එ්වායේ නැවත පදිංචි වීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලීම හා ඉඩම් නිදහස් කර ගැනීමට කටයුතු කළේ කුමන හේතුවක් නිසා දැයි අමාත්‍යවරයාට අද වන විට අමතක වී ඇත. ඊට අමතර ව මිනිසුන් පදිංචිව සිටි ඉඩම් රක්ෂිත බවට ප‍්‍රකාශයට පත් කර ඇත්නම් ඊට එරෙහිව කටයුතු නොකළේ කුමන හේතුවක් නිසා දැයි ප‍්‍රශ්න කළ යුතු ය. එසේ නමුත් අද වන විට ඔහු මෙම ඉඩම් අවතැන් වූ ජනතාවට අයත් බව පවසමින් කිසිදු බියකින් තොරව අසත්‍ය කරුණු සමාජ ගත කරති. එම කරුණු පිළිබඳ ව කිසිදු සොයා බැලීමකින් තොරව රජයේ සමහර අමාත්‍යවරුන් හා සමහර සිවිල් සංවිධාන නියෝජිතයින් එම සාවද්‍ය කරුණු සනාථ කරන ප‍්‍රකාශ නිකුත් කරමින් ඔවුන් වගකීම් විරහිතව, කරුණු නිසි පරිදි සොයා නොබලා ප‍්‍රකාශ නිකුත් කරන පුද්ගලයින් බවට සමාජය ඉදිරියේ තහවුරු කරති.

එපමණක් නොව 1938 වසරේ සිට මේ දක්වා ප‍්‍රකාශයට පත් ව ඇති සියලූම සිතියම් පරිශීලනය කිරීමේ දී ද මේ ප‍්‍රදේශයේ කිසිදු ආකාරයක ජනාවාස නොපැවති බවත් වනාන්තර පද්ධතියක් ලෙස පැවති බවත් තහවුරු වී තිබේ. අගලේ සිතියම්, 1:50000 සිතියම්, ගුවන් ඡායාරූප හා ගූගල් සිතියම් පරිශීලනය කිරීමේ දී මේ බව ඉතා හොදින් තහවුරු වේ. එම සිතියම් සියල්ල පරිශීලනය කිරීමේ දී පෙනී යන්නේ 2010 වසරේ සිට මේ ප‍්‍රදේශයේ වනාන්තර විනාශ කර අලූතින් ජනාවාස ඇති කිරීම ආරම්භ කර ඇති බව ය.

මේ අනුව පෙනීයන්නේ රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා විසින් මුලූමහත් සමාජය ම මුලා කිරීමට කටයුතු කළ බව ය. එපමණක් නොව ඇමති වරප‍්‍රසාද භාවිතා කරමින් කිසිදු බියකින් තොරව සාවද්‍ය කරුණු සමාජ ගත කිරීම ද සිදු කරණ බව ය.

සැබෑ ලෙසම සාම්ප‍්‍රදායික ගම්මාන වල පිහිටීම

මෙම සාවද්‍ය කරුණු සමාජ ගත කිරීමට සැබෑ සම්ප‍්‍රදායික ගම්මාන වල ඡායාරූප හා තොරතුරු රක්ෂිත වනාන්තර තුළ ජනාවාස පිහිටි බව තහවුරු කිරීමට රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා භාවිතා කරනු ලැබේ. විල්පත්තු ජාතික වනෝද්‍යානය මායිමේ සත්‍ය වශයෙන් ම සාම්ප‍්‍රදායික ගම්මාන දෙකක් පිහිටා තිබේ. එකක් මුහුදු සීමාවේ සිට රට අභ්‍යන්තරය දක්වා ව්‍යාප්ත ව ඇති මොල්ලිකුලම් ගම්මානයයි. මෙම ගම්මානයේ රෝමානු කතෝලික ආගම අදහන දමිල ජනතාව ජීවත් විය. අක්කර 3000 ක පමණ භූමියක් පුරා පැතිරුණු මෙම ගම්මානයේ වෙරළ තීරයේ අක්කර 525 ක් පමණ ව්‍යාප්තව ඇත. 2007 වසර වන විට මෙම ගම්මානයේ පවුල් 310 ක් පදිංචිව සිටි අතර ග‍්‍රාම නිලධාරී ලේඛනයේ පවුල් 265 ක් ලියාපදිංචිව සිට ඇත. මෙම ගම්මානයේ ජනතාව ප‍්‍රධාන වශයෙන් ම කෘෂි කර්මාන්තයේ නිරතව ඇති අතර කොටසක් ධීවර කර්මාන්තයේ නිරතව ඇත. මීට අමතරව මීගමුව හා හලාවත ආදී ප‍්‍රදේශ වලින් සංක‍්‍රමණය වන ධීවරයින් ද මෙම ප‍්‍රදේශයේ ධීවර කර්මාන්තයේ නිරතව ඇත.

මොල්ලිකුලම් ගම්මානයේ කෘෂි කර්මාන්තය සඳහා වැව් නවයකින් ජලය ලබා ගැනින. මෙම වැව් සියල්ලටම මෝදරගං ආරු හා යෝධ වැවෙන් ජලය ලැබෙයි. පුලියංකුලම්, පෙරියතනක්කකුලම්, සින්නතනක්කකුලම්, පාවෙලිකුලම්, සින්නවියායඩිකුලම්, අඩප්පන්කුලම්, පූදුක්කුලම්, පාලයඩිකුලම් හා අලසන්කුලම් යන වැව් නවය යටතේ කුඹුරු අක්කර 2200 කට වැඩි බිම් ප‍්‍රමාණයක් වගා කෙරින.

1650 වසරේ දී පමණ මෙම ගම්මානය ආරම්භ කර ඇත. මෙහි පිහිටි රෝමාණු කතෝලික පල්ලිය ඉදිකිරීම සඳහා මුල්ගල තබා ඇත්තේ 1825 වසරේ දීය. 1950 වසරේ දී එහි වැඩ නිම කර ඇත. මෙම පල්ලිය අසලම මොල්ලිකුලම්, රෝමාණු කතෝලික දෙමල විද්‍යාලය පිහිටා තිබේ.

යුද්ධය පැවති සමයේ දී අවස්ථා හතරක දී මෙම ගම්මානයේ ජනතාව ඉවත් වී ඇත. ඔවුන් ඉන්දියාව, කායාකුලි හා මන්නාරම ආදී ප‍්‍රදේශ වල පදිංචි වී සිට ඇත. යුද්ධය නිමවනවාත් සමඟම මොල්ලිකුලම් ගම්මානය සම්පූර්ණයෙන් ම නාවික හමුදාවේ ග‍්‍රහනයට නතු විය. මෙහි තිබූ ගෙවල් කිහිපයක් කඩා ඉවත් කර ඇති අතර ජනතාවගේ නිවාස 31 ක් පමණ මේ වන විට නාවික හමුදාව භාවිතා කරයි. ඊට අමතරව ජනතාව භාවිතා කළ සුසාන භූමියේ මේ වන විට නාවික හමුදාව විසින් හෝටලයක් ඉදි කර පවත්වාගෙන යයි.

මේ තත්ත්වය පිළිබඳ ව 2012.12.26 වන දින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ආරක්ෂක අංශ ප‍්‍රධානීන් සමඟ මැල්කම් රංජිත් බිෂොප් තුමා හා ගම්වාසීන් අතර පැවති සාකච්ඡාවේ දී තීරණය කර ඇත්තේ මෙම ගම්මානයට යාබදව පිහිටි වනාන්තර කොටස් ඉවත් කර ජනතාව පදිංචි කිරීම හා නාවික හමුදාව යටතේ ඇති ගම්මානයේ පිහිටි වැව් දෙකක් නිදහස් කර දෙන බව ය. එ් අනුව අවතැන් වූ පවුල් 125 ක් පදිංචි කර ඇති අතර ඉතිරි පිරිස තවම අවතැන් ව සිටී. ලබා දෙන බව සඳහන් වැව් දෙක අතුරින් ගම්මානයේ පිහිටි විශාලතම වැව වන පුලියංකුලම් වැව පමණක් කුඹුරු ඉඩම් අක්කර 500 ක් සමඟ ජනතාවට නාවික හමුදාවෙන් මේ වන විට නිදහස් කර ඇත. ගම්මානයේ ඉතිරි සියල්ල නාවික හමුදාව යටතේ පාලනය වේ.

මෙම ගම්මානයට යාබදව ගොඩබිම ප‍්‍රදේශයට වන්නට මරිච්චිකඞ්ඩි ගම්මානය පිහිටා තිබේ. මෙම ගම්මානයේ මුස්ලිම් ජනතාව ජීවත් වේ. යුද්ධයෙන් පසුව මේ ගම්මානය ජනතාවට පදිංචි වීමට ලබා දී ඇති අතර කිසිදු අවස්ථාවක මෙම ගම්මානය ආරක්ෂක අංශ ග‍්‍රහනයේ නොපැවතුනි. මෙම ගම්මානයේ පවුල් 175 ක් පමණ පදිංචිව සිට ඇති අතර මරිච්චිකඞ්ඩිකුලම් හා ආනපාපාකුලම් යන වැව් දෙක යටතේ කුඹුරු ගොවිතැන සිදු කර ඇත. මෙය තරමක් කුඩා ගම්මානයක් ලෙස ව්‍යාප්තව පැවති අතර මොල්ලිකුලම් ගම්මානයේ කුඹුරු වල පිටාර ජලයෙන් ද මෙම ගම්මානයේ කුඹුරු වලට ජලය ලබා ගෙන තිබේ. මෙහි ඉපැරණි මුස්ලිම් පල්ලිය හා පාසැල පිහිටා ඇති අතර හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ පාලන සමයේ දී මෙම ගම්මානය වැඩිදියුණු කිරීම සඳහා කටයුතු බොහොමයක් සිදු කර ඇත.

රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා විසින් දිගින් දිගටම සාවද්‍ය ප‍්‍රචාර ගෙන යනු ලබන්නේ මෙම ගම්මානයේ ඡායාරූප, අලූතින් වනාන්තර එළි කර වන රක්ෂිත වල පිහිට වූ ගම්මාන වල ඡායාරූප බව හුවා දක්වමිනි. ජනතාව ඇතුළු ව බොහෝ පිරිසක් මේ ලෙසට අමාත්‍යවරයා විසින් මුලා කර ඇත. සැබෑ ලෙසම අවතැන් වූ ජනතාව තවම අවතැන් ව සිටිය දී අලූතින් ජනාවාස ඉදි කර වෙනත් පිරිසක් පදිංචි කිරීමෙන් රජය බලාපොරොත්තු වන ජාතීන් අතර සංහිදියාව ගොඩනැංවිය හැකි ද යන්න සිතා බැලිය යුතුය.

රටේ ජනතාව මුලා කරමින්, ආගම් හා ජාති භේද ඇති කරමින් රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා පටු දේශපාලන හා පෞද්ගලික පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා රටේ වර්තමාන හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් වෙන් කළ වන රක්ෂිත විනාශ කිරීමට ඉඩ දිය යුතු නැත.

කළ යුතු වන්නේ සැබෑ ලෙසම අවතැන් වූ ජනතාවට ඔවුන්ගේ නිජ බිම් වල පදිංචි වීමට පහසුකම් ඇති කිරීම ය. ආරක්ෂක අංශ යොදා ගෙන පසුගිය රජයෙන් බලහත්කාරයෙන් අත්පත් කර ගත් ජනතාවගේ ඉඩම් කඩිනමින් එම ජනතාවට නැවත ලබා දිය යුතු ය. ඊට අමතර ව තවත් නිවාස හා වගා බිම් අහිමි ජනතාව සිටී නම් ඔවුන් ව දැනට පවතින ගම්මාන ආශි‍්‍රත ව යටිතල පහසුකම් ලබා දිය හැකි සුදුසු ස්ථාන වල පදිංචි කළ යුතු ය. එසේ නොමැතිව සංහිදියාව ඇති කළ නොහැකිය. බලහත්කාරයෙන් සංහිදියාව ඇති කිරීමට උත්සාහ දැරීම වෙනුවට කළ යුත්තේ යුද්ධයෙන් අතැන් වූ සියලූ ජනතාවට සමානව සැලකීමයි.

ඔවුන්ගේ ජන ජීවිතය නගා සිටුවීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගැනීමය. එසේ නොමැතිව එක් අමාත්‍යවරයකුට පමණක් රිසි පරිදි නැවත පදිංචි කිරීම් කටයුතු මෙහෙයවීමට ඉඩ ලබා නොදිය යුතු ය. ඉන් සිදුවන්නේ ජාතීන් අතර සංහිදියාව දරුණු ලෙස පලූදු වීමකි.

වනාන්තර විනාශ කර ජනතාව පදිංචි කිරීම නීති විරෝධී බවට වන සාධක

දේශපාලන උවමනාවන් මත වනාන්තර විනාශ කර අලූතින් ජනාවාස පිහිටුවීම සාදාරණීකරණය කිරීමට මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් වරයා ද පළමු ව සාවද්‍ය ප‍්‍රකාශ බොහොමයක් සිදු කෙරින. ඔහු පළමු ව සදහන් කළේ අලූතින් ජනාවාස පිහිටු වීම සිදු කළ කල් ආරු වනාන්තරය තමන් යටතේ පාලනය වන රජයට අයත් භූමියක් බව ය. එබැවින් තමන් විසින් අක්කර භාගය බැගින් අවතැන් වූ ජනතාව අතර මේ ඉඩම් බෙදාදුන් බව ඔහු සදහන් කෙරින. නමුත් 2001 වසරෙන් පසුව දිස්ති‍්‍රක් ලේකම් වරුන්ට අයත් වනාන්තර නොමැති බව මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් වරයා දැන නොසිටීම කණගාටුවට කරුණකි. වන සම්පත් හා පරිසර අමාත්‍යංශයේ ලේකම් විසින් 2001 අගෝස්තු 10 වන දින නිකුත් කළ 05/2001 අමාත්‍යංශ චක‍්‍රලේඛණයට අනුව ලංකාවේ සියලූම දිස්ත‍්‍රික් ලේකම් වරුන්ට හා ප‍්‍රාදේශීය ලේකම් වරුන්ට දැනුම් දී ඇත්තේ රජයට අයත් සියලූම අවශේෂ කැලෑ කළමනාකරණය හා පාලනය කිරීම සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරණ බව ය. ඒ අනුව මෙම වනාන්තර පාලනය වන්නේ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය යටතේ ය. එසේ තිබිය දී මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් වරයා විසින් සිදු කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝණය කරමින් වනාන්තර ඉඩම් බෙදා දීම හා එම වනාන්තර ඉඩම්වල නීතිවිරෝධී ක‍්‍රියාවල නිරත වීමට ආධාර හා අනුබල ලබා දීම ය.

2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව රජයට අයත් වනාන්තරයක් එළි පෙහෙළ කිරීම, ශාක කපා ඉවත් කිරීම, මාර්ග සකස් කිරීම, ස්ථීර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, ඒවායේ පදිංචි වීම, වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී ක‍්‍රියාවකි. එවන් නීති විරෝධි ක‍්‍රියාවල නිරතව සිටින පුද්ගලයෙකු හෝ ඒ සදහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු ද වරදකරුවකු වේ. එවන් ක‍්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරද කරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොයික්මවන කාලයක් සදහා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරණ ලද හානිය සදහා අධිකරණය මගින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි ය.

එවන් තත්ත්වක් පවතිද් දී පසුගිය රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ආධාර හා අනුබල යටතේ රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ හා දිස්ති‍්‍රක් ලේකම් වරයාගේ මෙහෙය වීම මත නීතිවිරෝධී ලෙස කල් ආරු වනාන්තරය විනාශ කරමින් 2010 වසරේ සිට 2012 වසර දක්වා ම නව ජනාවාස පිහිටුවීම සිදු කෙරිණ. 2012 වසරෙන් පසුව මෙම වනාන්තර පද්ධතිය රක්ෂිත ප‍්‍රදේශ බවට ප‍්‍රකාශයට පත් කළ පසුව ද දිගින් දිගට ම නීති විරෝධීව වනාන්තර එළි පෙහෙළි කිරීම සිදු කෙරින. එම කාල වකවානුව තුළ නීති විරෝධීව වනාන්තර එළි පෙහෙළි කිරීමට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් මේ නීති විරෝධි කි‍්‍රයා තව තවත් වර්ධනය විය.

වන සංරක්ෂණ ආඥා පනත පමණක් නොව ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥා පනත යන අනපනත් උල්ලංඝණය කරමින් මෙම වනාන්තර එළි පෙහෙළි කිරීම හා අලූතින් ජනාවාස පිහිටු වීම සිදු කර ඇත. 1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතේ 23ප වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යපෘතියක් සඳහා යොදා ගැනීමට ප‍්‍රථමයෙන් හෝ පවුල් 100 කට වැඩි ප‍්‍රමාණයක් එක වර පදිංචි කිරීමේ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එවන් කිසිදු ක‍්‍රියාමාර්ගයකට මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් යොමු වී නොමැත. නමුත් ඊට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය විසින් ද කිසිදු ක‍්‍රියාමාර්ගයක් මේ වන තුරුත් ගෙන නොමැත.

1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව පවුල් නැවත පදිංචි කිරීමට ප‍්‍රථම, හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප‍්‍රථම හා පදිංචිය සදහා නිවාස සංකීර්ණ ඉදිකිරීමට ප‍්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සදහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එවන් අනුමැතියකින් තොරව කල් ආරු වනාන්තරය එළි පෙහෙළි කරමින් මහා පරිමාණ ජනාවාස පිහිටු වීමට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද මේ වන තුරුත් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

මේ අනුව පෙනී යන්නේ පසුගිය රජය පැවති සමයේ දී ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හා රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ බලයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතන සියල්ල ම අකර්මන්‍යව සිටි බව ය. මේ නිසා දැවැන්ත විනාශයක් කල් ආරු වනාන්තර පද්ධතියට සිදු වී ඇත.

මෙලෙස නිසි බලපෑම් ඇගයීමකින් තොරව නුසුදුසු ප‍්‍රදේශයක ජනාවාස පිහිටුවීම නිසා විශාල පිරිසක් වර්ෂා කාලයේ දී ජල ගැලීම් වලින් පීඩා විදිති. මීට අමතර ව අලි – මිනිස් ගැටුමෙන් හා ජල හිඟයෙන් දරුණු ලෙස පීඩා විදිති. මේ නිසා පදිංචි කළ බොහෝ පිරිසක් නිවාස අතහැර දමා ගොස් ඇත. නමුත් ජනතාව පදිංචි කරනවා වෙනුවට තවදුරටත් වනාන්තර එළිකරමින් ඉඩම් අත්පත් කර ගැනීම අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබේ.

කල් ආරු වනාන්තරය රක්ෂිත බවට පත් කිරීම

මේ අතරතුර කල් ආරු වනාන්තර පද්ධතියේ පවතින පාරිසරික, ජෛවවිද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක හා ජල විද්‍යාත්මක වටිනාකම හේතුවෙන් වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව 2012 ඔක්තෝම්බර් 10 වන දින අංක 1779/15 දරණ ගැසට් නිවේදනය යටතේ මන්නාරම දිස්ත‍්‍රික්කයේ මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි කල් ආරු වනාන්තරයේ හෙක්ටයාර 6042 ක භූමි ප‍්‍රදේශයක් මරිච්චුක්කඞ්ඩෙයි – කරඩික්කුලි වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. මීට අමතර ව 2012 මැයි 21 වන දින අංක 1759/2 දරන ගැසට් නිවේදනය මඟින් හෙක්ටයාර 2108 ක් ලෙස අරුවි ආරු ඔයේ ජල පෝෂක වනාන්තර ප‍්‍රදේශ විලත්තිකුලම් වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත. කල් ආරු ඔයේ ඉතිරි ජල පෝෂක වනාන්තර වේප්පායි හා මාවිල්ලූ වන රක්ෂිත ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. මේ සියලූ රක්ෂිත ප‍්‍රදේශ විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් වනාන්තර පද්ධතියක් ලෙස ව්‍යාප්තව තිබේ.

මෙම වනාන්තර ප‍්‍රදේශ රක්ෂිත තත්ත්වයට පත් කළ පසුව ද රිෂාඞ් බදියුර්දීන් අමාත්‍ය වරයාගේ මැදිහත්වීම මත වනාන්තර ඉඩම් වෙන් කර ගෙන, බලහත්කාරයෙන් එළි පෙහෙළි කර ජනතාව පදිංචි කිරීම හා ඉඩම් අත්පත් කර ගැනීම සිදු විය. මේ නීති විරෝධී කි‍්‍රයාවන්ට එරෙහිව ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නීතිය කි‍්‍රයාත්මක නොකෙරින.

එම රක්ෂිත වනාන්තර සියල්ල ම එළිපෙහෙළි කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා පනතේ 7 වන වගන්තිය උල්ලංඝණය කරමිනි. එම වගන්තියට අනුව වන රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළු වීම, රැදී සිටීම, ශාක කපා ඉවත් කිරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, එවායේ පදිංචි වීම, මාර්ග සකස් කිරීම හා වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී වේ. එවන් වරදක් සිදු කරන පුද්ගලයකු හෝ ඒ සදහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරද කරුවකු වෙයි. එවන් වරදක් සදහා වැරදිකරුවකු වන පුද්ගලයකු වසර 05 ක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් ලක්ෂයත් දස ලක්ෂයත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වන රක්ෂිතයට කරන ලද විනාශය සඳහා අධිකරණය මඟින් නියම කරන දඬ මුදලකට ද යටත් කළ හැකි ය.

මේ අනුව මෙම වන රක්ෂිතය හතර එළි පෙහෙළි කරන පුද්ගලයන්ට හා ඒ සදහා ආධාර හා අනුබල ලබාදෙන රිෂාඞ් බදියුර්දීන් අමාත්‍ය වරයාට මෙන්ම මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් වරයාට ද එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත. එසේ නමුත් රක්ෂිත වනාන්තරය විනාශ කරමින් දේශපාලන උවමනාවන් මත ජනාවාස ව්‍යාප්ත කිරීමට එරෙහිව කිසිදු නීතිමය කි‍්‍රයාමාර්ගයක් ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව තව ම අපොහොසත් වී ඇත. රක්ෂිත වනාන්තරය අඛණ්ඩව එළි පෙහෙළි කරමින් තිබිය දී වන සංරක්ෂණ නිලධාරීන් ඇස් කන් නැත්තවුන් සේ මුනිවත රැකීම කණගාටුවකට කරුණකි. එම දෙපාර්තුමේන්තුව මගින් නීත්‍යානුකූල නොවන ලෙස හෝ නිදහස් කර ඇති වනාන්තර ප‍්‍රමාණය මෙන් දෙගුණයක් පමණ වනාන්තර රක්ෂිත භූමියෙන් මේ වන විට එළිිපෙහෙළි කර ඇතත් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව තවම නිහඩව සිටින්නේ කුමන හේතුවක් මත ද යන්න ගැටළුවකි.

නැවත පදිංචි කිරීම් කටයුතු අවසන් කර ඇති බවට තහවුරු කිරීම

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ, ඉඩම් කොමසාරිස් ජනරාල්, ආර්. පී. ආර්. රාජපක්ෂ මහතා විසින් 2012.03.06 වන දින අංක ”3/සං/4/1/මුලතිව්” දරන ලිපිය මඟින් තහවුරු කර ඇත්තේ එම කාල වකවාණුව වන විට උතුරු හා නැගෙනහිර පලාත් වල ඉඩම් බෙදා දීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බව හා එ් වන විට උතුරු හා නැගෙනහිර පලාත්වල අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු අවසන් කර ඇති බවයි. එසේ තිබිය දී 2013 වසරේ දී රක්ෂිත වනාන්තර ඉඩම් ජනතාව පදිංචි කිරීමට නිදහස් කර ඇත්තේ කෙසේ දැයි පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

නමුත් අද වන විට වන සංරක්ෂණ ජනරාල්වරයා මේ වන විට පවසා සිටින්නේ පසුගිය රජය පැවති සමයේ දී බැසිල් රාජපක්ෂ මහතා හා රිෂාඞ් බදියුර්දීන් මහතා විසින් කළ දැඩි බලපෑම් හමුවේ මේ ඉඩම් නිදහස් කළ බව ය. නමුත් නීති විරෝධී ලෙස හෝ නිදහස් කර ඇති ඉඩම් ප‍්‍රමාණයට වඩා වැඩි වනාන්තර භූමියක් මේ වන විට මරිච්චිකඞ්ඩි – කරඩික්කුලි, වේප්පායි, මාවිල්ලූ හා විලත්තිකුලම් යන වන රක්ෂිත වලින් එළි පෙහෙළි කර ඇති අතර එම කිසිදු හානිකර කි‍්‍රයාවකට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැත.

විල්පත්තු වනාන්තර පද්ධතියේ ඇති වැදගත්කම




මෙම රක්ෂිත වනාන්තර හුදෙකලා නොවූ වනාන්තර පද්ධතියක් ලෙස විල්පත්තු උතුරු අභය භූමිය හා විල්පත්තු ජාතික වනෝද්‍යාන සංකීර්ණය හා බැදී පැවතීමෙන් අලි – ඇතුන්ගේ ප‍්‍රධාන නිජබිමක් වී ඇත. එපමණක් නොව විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමෙන් ගලා බසිනා මෝදර ගං ආරු ඔයේ හා මෙම රක්ෂිත හරහා ගලා යන කල් ආරු ඔයේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශයකි. මීට අමතර ව අරුවි ආරු ඔයේ ජල පෝෂක ප‍්‍රදේශයක් ද වේ. මෙම වන රක්ෂිත වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර වලින් වැඩි ප‍්‍රමාණයක් සමන්විත වන අතර සුළු වශයෙන් කටු පදුරු සහිත ල`දු කැලෑ බිම්, ගංගාශි‍්‍රත වනාන්තර හා විල්ලූ පරිසර පද්ධති වලින් සමන්විත ය.

මෙම වනාන්තර පද්ධතිය විල්පත්තු ජාතික වනෝද්‍යානය හා අඛණ්ඩව බැදී පවතින අතර එහි ජෛව විවිධත්වයට සමාන ජෛව විවිධත්වයක් මෙම වන රක්ෂිතය තුළින් ද වාර්තා වේ. ඊට අමතර ව පුරා විද්‍යාත්මකව වැදගත් වන ප‍්‍රදේශයක් ලෙස ද මේ ප‍්‍රදේශය සැලකිය හැකි අතර ප‍්‍රධාන වශයෙන්ම මහා ශිලා යුගයට අයත් සාධක හමු වන වනාන්තර ප‍්‍රදේශයක් ලෙස සැලකිය හැකි ය.

නමුත් අද වන විට වන සතුන්ගේ වාසස්ථාන, පුරා විද්‍යාත්මකව වැදගත් වන ප‍්‍රදේශ, ජල පෝෂක වනාන්තර බිම් හා සුවිශේෂි පරිසර පද්ධති ඇතුළු ව අක්කර 3400 ක භූමියක් සම්පුර්ණයෙන්ම එළි පෙහෙළි කර තිබේ. එසේ එළි පෙහෙළි කර ඇත්තේ වන රක්ෂිතය ඛණ්ඩනය කරමිනි. ඊට අමතර ව තව දුරටත් වනාන්තර එළි පෙහෙළි කිරීම සදහා රක්ෂිත වනාන්තරය තුළ ට මාර්ග සකස් කිරීම ද සිදු කර තිබේ. මේ නිසා අලි – ඇතුන් ඇතුළු ව බොහෝ සත්ත්ව ප‍්‍රජාවකගේ ගැවසුම් ප‍්‍රදේශ ඛණ්ඩනය වීමට හා ඇහිරීමට ලක් ව තිබේ.

වන රක්ෂිත තුළ හුදෙකලාව මෙම ජනාවාස පිහිටුවීමේ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කර ඇති අතර එම ප‍්‍රදේශ වල පදිංචි කළ ජනතාවට අවශ්‍ය විදුලි බලය, මාර්ග පහසුකම් හා පානීය ජලය ඇතුළු යටිතල පහසුකම් ලබා දීමට විශාල අමතර පිරිවැයක් දැරීමට සිදු ව තිබේ. විශේෂයෙන්ම ජනාවාස පිහිටන සිලාවතුර ප‍්‍රදේශයට සැලකිය යුතු දුරකින් මෙම ජනාවාස හුදෙකලාව වනාන්තරය තුළ ස්ථාපිත කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත ව තිබේ. මේ නිසා හුදකලාව පදිංචි කළ ජනතාවට අලි – මිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් වීමට සිදු වී ඇත. එපමණක් නොව මෙම ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබා ගැනීමට ද විශාල වෙහෙසක් දැරීමට සිදු වනු ඇත. මීට අමතර ව විශාල ගැටලූවක් ලෙස පවතින්නේ පදිංචි කළ ජනතාවට අවශ්‍ය වගා බිම් ලබා දීමට තව තවත් රක්ෂිත වනාන්තර එළි පෙහෙළි කිරීමට සිදු වීම ය. දැනට පදිංචි කළ ජනතාවට ඇති ප‍්‍රධාන ගැටළුව ආදායම් උත්පාදන මාර්ග නොමැති වීම ය. ඔවුන්ගේ වගා කටයුතු සදහා අමතර ඉඩම් ලබා දෙන ලෙසට මේ වන විට ද පදිංචි කළ ජනතාව දැඩි බලපෑම් එල්ල කරති. ඊට අමතර ව අළුතින් පදිංචි වූ බොහෝ ජනතාව රක්ෂිත වනාන්තර තව දුරටත් එළි පෙහෙළි කරමින් හා රක්ෂිත වනාන්තරයේ මායිම් කණු ඉවත් කරමින් වගා බිම් ස්ථාපිත කිරීම සිදු කරමින් පවතී. මේ තත්ත්වය ඉදිරියේ දී තව දුරටත් වර්ධනය විය හැකිය.

මීට අමතර ව දඩයම, දැව ජාවාරම හා අලි – ඇතුන් මරා දැමීම යන නීති විරෝධී ක‍්‍රියා වල වර්ධනයක් මේ ප‍්‍රදේශයේ දැක ගත හැකි ය. මේ සියළු තත්ත්වයන්ට හේතු වී ඇත්තේ නුසුදුසු ස්ථානයක, දේශපාලන උවමනාවන් මත පදනම් ව අලූතින් ජනාවාස පිහිටුවීම ය. විශේෂයෙන්ම රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාට අවශ්‍යව ඇත්තේ අලූතින් ජනතාව පදිංචි කරමින් මන්නාරම දිස්ති‍්‍රක්කයේ තමන්ගේ ඡන්ද පදනම වැඩි කර ගැනීම හා ඉඩම් අත් පත් කර ගැනීම ය. ඊට අමතර ව යුද්ධයෙන් අවතැන් වූවන් නැවත පදිංචි කරන මුවාවෙන් රාජ්‍ය නොවන සංවිධාන හරහා මුදල් ගෙන්වා ගැනීමේ දැවැන්ත ජාවාරමක ද රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා නිරතව සිටින බව මේ වන විටත් අනාවරණය වී තිබේ.

මේ නිසා පසුගිය කාලය පුරාම මෙම වන රක්ෂිත හතර එළි කර අලූතින් ජනාවාස පිහිටුවීම සඳහා විදේශ රට වලින් හා රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබුණු මුදල් ප‍්‍රමාණය හා එ්වා නිසි පරිදි පරිහරණය කර තිබේ ද යන්න පිළිබඳ ව පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍යය. එවිට මෙම අමාත්‍යවරයා විසින් යුද්ධයෙන් අවතැන් වූ ජනතාව පෙන්වමින් වංචනික ලෙස සිදු කර ඇති මුදල් වංචාවන් අනාවරණය කර ගත හැකි වනු ඇත.

රක්ෂිත වනාන්තර විනාශ කර නීති විරෝධී ව ජනාවාස ව්‍යාප්ත කිරීමට
ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ආධාර ලබා දීම
රක්ෂිත වනාන්තර විනාශ කරමින් නීති විරෝධී ලෙස දේශපාලන උවමනාවන් මත පදනම් ව සිදු කරන අලූතින් ජනාවාස පිහිටුවීමේ මෙම හානි කර දැවැන්ත ව්‍යාපෘතිය සඳහා වගකීම් විරහිතවAustralian Aid, European Union, Swiss Agency for Development and Cooperation යන රාජ්‍ය නොවන සංවිධාන මුදල් ආධාර ලබා දී තිබේ. එම ව්‍යාපෘති කි‍්‍රයාත්මකකරු ලෙස එක්සත් ජාතීන්ගේ නිවාස වැඩසටහන (UN Habitat) කි‍්‍රයා කර ඇත. මීට අමතර ව මැදපෙරදිග කටාර් රාජ්‍යයේ සංවිධාන වලින් ද විශාල ආධාර මුදල් ප‍්‍රමාණයක් මේ සඳහා ලැබී තිබේ. නමුත් මෙවන් දෑ සිදු වූයේ කුමන අයුරින් ද යන්න පිළිබඳ ව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වීම කණගාටුවට කරුණකි.

මේ තත්ත්වය මෙසේ පවතිද් දී රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා සතු ඡන්ද පදනම හේතුවෙන් යහපාලන රජය ද රක්ෂිත වනාන්තර වනසමින් සිදු කරන දැවැන්ත විනාශය දෙස තවම බලා සිටී. අනාගත හා වර්තමාන පරපුරට අයත් සියළු ජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන් වෙන් කළ මෙම වන රක්ෂිත එක් අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික උවමනාව මත විනාශ කිරීමට ඉඩ දිය හැකි ද යන්න ප‍්‍රධාන ගැටළුවකි.

පසු ගිය රජය සමයේ දී ආරම්භ වී වත්මන් රජය තුළ ද ක‍්‍රියාත්මක වන මෙම දැවැන්ත වන විනාශයට රජයන් දෙකම එක සේ ආධාර හා අනුබල ලබා දීම මෙන්ම නීතිය ක‍්‍රියාත්මක කිරීමට පසුබට වීම පිළිබදව අපට ඇත්තේ විශාල සැකයකි.

ගත යුතු කි‍්‍රයාමාර්ග

අප වත්මන් රජයෙන් ඉල්ලා සිටින්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර හතරෙහි ජනාවාස පිහිටුවීම වහාම නතර කර මොල්ලිකුලම් හා මරිච්චිකඞ්ඩි ගම්මාන දෙකෙහි අවතැන් වූ ජනතාව එම ප‍්‍රදේශ වල ම නිසි පරිදි නැවත පදිංචි කිරීමට කටයුතු කරන ලෙස ය. දැනට වන රක්ෂිත වල එළි පෙහෙළි කර ඇති සියළු වනාන්තර නැවත එම වන රක්ෂිත වලට පැවැරීම හා එළි පෙහෙළි කළ ප‍්‍රදේශ වල නැවත වනාන්තර ප‍්‍රතිස්ථාපනය වීමට අවස්ථාව ලබා දීම සිදු කළ යුතු ය. එමගින් වනාන්තර පද්ධතියේ ඛණ්ඩනය වීම යතා තත්ත්වයට පත් කළ හැකි වන අතර එමගින් සියඑ ජීවීන්ගේ සුරක්ෂිතතාව හා ජල පෝෂක වල සුරක්ෂිතතාව ඇති කළ හැකි ය. එසේ නොවුනහොත් මෙම ප‍්‍රදේශයේ සාම්ප‍්‍රදායික ගම්මාන වල ජනතාවට හා සැබෑ ලෙසම අවතැන් වූ හා නැවත පදිංචි කළ ජනතාවට පානීය හා කෘෂි කාර්මික ජල අර්බුධ වලට සහ අලි – මිනිස් ගැටුමට දරුණු ලෙස ගොදුරු වීමට සිදු වනු ඇත.

මෙම දැවැන්ත නීති විරොධී වන විනාශය සදහා දායක වූ හා ආධාර හා අනුබල ලබා දුන් සියලූ රජ්‍ය නිලධාරීන්ට හා දේශපාලකයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු අතර වනාන්තරයට සිදු කළ හානියට වන්දි මුදලක් ද අය කර ගත යුතු ය. එම මුදල නැවත මෙම වනාන්තරය ප‍්‍රතිස්ථාපනය කිරීම ස`දහා යෙදවිය යුතු ය. එ් සඳහා නීත්‍යානුකූල හැකියාව ද ඇත.

එපමණක් නොව උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ නිවැරැදි ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතු අතර එහි දී රක්ෂිත ප‍්‍රදේශ වල පැවැත්මට එල්ලවන බලපෑම් අවම කිරීමට හා එවායේ සුරක්ෂිත තාවය ඇති කිරීමට කි‍්‍රයාමාර්ග ගත යුතු ය. එපමණක් නොව නැවත පදිංචි කිරීමේ කටයුතු පටු දේශපාලන උවමනාවන් මත නොව පැහැදිලි විනිවිද භාවයකින් යුතු ව යථාර්තවාදීව සිදු කළ යුතු ව ඇති අතර එ් තුළින් ජාතීන් අතර සංහිදියාව තහවුරු කළ යුතු ය.

රක්ෂිත වනාන්තර එළි පෙහෙළි කළ ආකාරය




















රක්ෂිත වනාන්තර විනාශකර නීති විරෝධී ව ජනාවාස ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ආධාර ලබා දී ඇති ආකාරය

1938 අගලේ සිතියමට අනුව කල් ආරු වනාන්තර පද්ධතිය නැතහොත් මරිච්චිකඞ්ඩි – කරඩික්කුලි, වේප්පායි, මාවිල්ලූ හා විලත්තිකුලම් යන වන රක්ෂිත වල ජනාවාස නොපැවති බවට සාධක




1:50000 සිතියමට අනුව කල් ආරු වනාන්තරය නැතහොත් මරිච්චිකඞ්ඩි – කරඩික්කුලි, වේප්පායි, මාවිල්ලූ හා විලත්තිකුලම් යන වන රක්ෂිත වල ජනාවාස නොපැවති බවට සාධක






























ගූගල් සිතියම් වලට අනුව මෙම වනාන්තරයේ 2010 වසරෙන් පසු ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කළ ආකාරය. 2006 සිතියම (ජනාවාස ව්‍යාප්තව නොමැත)




2009 සිතියම (ජනාවාස ව්‍යාප්තව නොමැත)




2011 සිතියම (වනාන්තර ඉවත් කර ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇත)


















2011 සිතියම (වනාන්තර විශාල වශයෙන් ඉවත් කර ජනාවාස ව්‍යාප්ත කර ඇත)



වන රක්ෂිත විනාශ කර ඇති ආකාරය (තැඹිලි හා දම් පැහැයෙන් සලකුණු කර ඇත්තේ විනාශ කර ඇති රක්ෂිත වනාන්තර ප‍්‍රදේශයන්ය)






























විල්පත්තු වන විනාශය ඇත්ත සහ මිත්‍යාව – PDF පිටපත මෙතැනින්

සජීව චාමිකර | Sajeewa Chamikara | පරිසර සංරක්ෂණ භාරය
http://www.colombotoday.com/28072-2233/

සබැඳි ලිපි සමහරක් -
[
වනය වනසන, බලෙන් ඉඩම් අල්ලන, බදුර්දීන්ගේ සහෝදරකම්!
http://denethharinna.blogspot.com/2016/12/blog-post_29.htmlබදුර්දීන් නොනවතී.. යහපාලන අනුහසින් විල්පත්තුවේ තව අක්කර 600ක් ගිලී!http://denethharinna.blogspot.com/2016/12/600.htmlරිෂාඩ් බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයත් ගිලී.. අක්කර 2500ක් දැනටමත් ඉවරයි!http://denethharinna.blogspot.com/2016/08/2500.html
පරිසරය රැකගැනුම ගැන හැමවිට දෙසන, වරදකරුවන්ට දඬුවම් දෙන බව කියන ජනපති විල්පත්තුව වනසන තම කැබිනට් සාමාජිකයා ගැන නිහඬයි!
http://denethharinna.blogspot.com/2016/05/blog-post_31.html

බද්දුද්දීන් අන්තවාදය බිළිගත් උ/නැගෙනහිර අක්‌කර 16000 ක්‌
http://denethharinna.blogspot.com/2015/12/16000.html
විල්පත්තුවේ බදුදීන්කරණය තවම නිමා නැත!
http://denethharinna.blogspot.com/2015/12/blog-post_1.html
පොතුවිල් - ලාහුගල තවත් විල්පත්තුවක්‌! කුඹුක්‌කන රක්‍ෂිතය වනසනු!
http://denethharinna.blogspot.com/2015/10/blog-post_77.html
අමුතු බසක් කතා කරන මිනිසුන්ගෙන් විල්පත්තු ජනාවාස කිරීම සහ මුසලු මූලධර්මවාදීන් මෙරටින් මතුවීම - අනාගත මහ ව්‍යසනයක පෙරනිමිති
http://denethharinna.blogspot.com/2015/08/blog-post_79.html
විල්පත්තුවේ දැන් සිදුවන්නේ යටත් විජිත යුගයෙන් පසු ලොකුම වන විනාශයයි
http://denethharinna.blogspot.com/2015/05/blog-post_75.html
අක්‌කර 2500ක්‌ වන සංරක්‍ෂණයෙන් උදුරා ගත් විල්පත්තු-මඩු මූසළු ව්‍යාප්තවාදයේ තිත්ත ඇත්ත...
http://denethharinna.blogspot.com/2015/05/2500.html
]

ISIS ත්‍රස්තයන්ට ආගමික නීති 15කින් යුතු “ස්ත්‍රී දූෂණ අත්පොතක්” හදුන්වාදෙයි!

ISIS ත්‍රස්තයන් ලිංගික වහලුන් ලෙස කාන්තාවත් තබා ගැනීම, විකිණීම, හුවමාරු කරගැනීම සදහා ඉස්ලාම් කුරාණයේ මූලධර්ම මත සැකසූ Fatwa නීති 15 කින් යුතු කොන්දේසි මාළාවක් සහිත ‘ස්ත්‍රී දූෂණ අත්පොතක්’ සිය සාමාජිකයක්ට නිකුත් කර ඇත. එම නීතිරීතින්ට අනුව මෙම කාර්යය ඔවුන් සිදු කරනු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

<--- අල්ලාගත් තරුණියන් පිරිසක් ලිංගික වහලුන් ලෙස විකිණීම සදහා ගෙන යන අයුරු

එක්සත් ජනපද හමුදාව සිරියාවේදි කරන ලද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් ISIS ලියවිලි අතර තිබී මෙම ආගමික නීතිය ඇතුළත් ලියවිලි සොයාගෙන ඇත.

කුරාණයේ මූලධර්ම මත සැකසුණු ස්ත්‍රී දූෂණ අත්පොතේ දැක්වෙන නීති 15

1) It is not permissible for the owner of a female captive to have intercourse with her until after she has had menstrual cycle and becomes clean.

2) If she does not menstruate and is pregnant, he is not allowed to have intercourse with her until after she has given birth.

3) It is not permissible to cause her to abort if she is pregnant.

4) If the owner of a female captive releases her, only he can have intercourse with her and he cannot allow someone else to have intercourse with her.

5) If the owner of a female captive, who has a daughter suitable for intercourse, has sexual relations with the latter, he is not permitted to have intercourse with her mother and she is permanently off limits to him. Should he have intercourse with her mother then he is not permitted to have intercourse with her daughter and she is to be off-limits to him.

6) The owner of two sisters is not allowed to have intercourse with both of them; rather he may only have intercourse with just one. The other sister is to be had by him, if he were to relinquish ownership of the first sister by selling her, giving her away or releasing her.

7) If the female captive is owned by a father, his son cannot have intercourse with her and vice-versa. Moreover, intercourse with his wife’s female captive is also not permissible.

8) If a father had intercourse with his female captive then gave her away or sold her to his son, he is no longer permitted to have intercourse with her.

9) If the female captive becomes pregnant by her owner, he cannot sell her and she is released after his death.

10) If the owner releases his female captive then he is not permitted to have intercourse with her afterwards because she has become free and is no longer his property.

11) If two or more individuals are involved in purchasing a female captive, none of them are permitted to have sex with her because she is part of a joint ownership.

12) It is not permissible to have intercourse with a female captive during her menstrual cycle.

13) It is not permissible top have anal sex with a female captive.

14) The owner of a female captive should show compassion towards her, be kind to her, not humiliate her and not assign her work she is unable to perform.

15) The owner of a female captive should not sell her to an individual whom he knows will treat her badly or do unto her what Allah has forbidden.

http://www.colombotoday.com/910394-2/

ඉස්ලාම් නොවුණු වරදට සිරුරෙන් වන්දි ගෙවන ‘‘ඉස්ලාම් රාජ්‍යයේ‘‘ ලිංගික වහලියෝ!

මුළු රෑ මැදපෙරදිගම ශාරියා නීතිය යටතේ ඉස්‌ලාමීය අන්තවාදීන් යටතේ පාලනය වෙන ඉස්‌ලාමීය රාජ්‍යයක්‌ බවට පත් කිරීම ඉස්‌ලාමීය රාජ්‍යය හෙවත් අයි එස්‌ ත්‍රස්‌තවාදීන්ගේ අරමුණය. මෙම කලාපය තුල සිටින අනෙකුත් ආගමිකයන්ට මෙන්ම ශියා මුස්‌ලිම්වරුන්ටද, අන්තවාදී නොවන මුස්‌ලිම්වරුන්ට ද ඔවුන්ගෙන් එල්ල වන තර්ජන බිහිසුණුය.

අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් අත්පත් කරගන්නා ඉරාකයේ නගර වල සිටින කතෝලික මෙන්ම කුර්දි හා යසිදි ජාතිකයන්ටද අත් වන්නේ ශෝචනීය ඉරණමකි. මෙසේ අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් යටත් කරගන්නා නගර හෝ ගම්වල කතෝලික කුර්දි හෝ යසිදි ජාතික පිරිමින්ට එක්‌කෝ මුස්‌ලිම් ආගමට හැරී ශාරියා නීතියට හිස නවාගෙන ජීවත් වෙන්නට හැකිය. නැතිනම් වෙඩි කා මිය යා හැකිය. එහෙත් අල්ලා ගන්නා කාන්තාවන්ට නම් ඇත්තේ එකම ඉරණමකි.

අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් යටත් කරගන්නා නගරවල සිටින කාන්තාවන් සහ ගැහැණු දරුවන් වයස්‌ බේදයකින් තොරව ඔවුන්ගේ අත්අඩංගුවට ගැනෙයි. ඉන්පසුව ඒ කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට සිදු වෙන්නේ අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් සදහා ලිංගික වහලියන් ලෙස සේවය කරන්නටය.

අල්ලාගත් තරුණියන් පිරිසක් ලිංගික වහලුන් ලෙස විකිණීම සදහා ගෙන යන අයුරු

මේ ලිංගික වහලියන් පිළිබද පුවත මුලින්ම අනාවරණය වූයේ උතුරු ඉරාකයේ සින්ජාර් නගරය අත්පත් කරගැනීමේදී අත්අඩංගුවට පත් වී ලිංගික වහලියන් ලෙස ඔවුන් යටතේ කල් ගෙවු කාන්තාවන් කිහිප දෙනෙකු ඔවුන්ගෙන් පලාවිත් ඒ පිළිබදව මාධ්‍යයට හෙළි කිරීමෙනි. මෙසේ ලිංගික වහලියන් ලෙස අත්අඩංගුවට ගන්නා ගැහැණු දරුවන් හා කාන්තාවන් අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් ඔවුන්ගේ වයස්‌ කාණ්‌ඩය අනුව හා පෙනුම අනුව කණ්‌ඩායම් වලට බෙදනු ලබයි. ඉන්පසුව ඔවුන්ගෙන් කොටසක්‌ මැදපෙරදිග රටවල ධනවතුන් වෙනුවෙන් ලිංගික වහලියන් ලෙස අලෙවි කරති. මේ ලිංගික වහලියන් ලෙස මේ යසිදි කාන්තාවන් හා කුර්දි කාන්තාවන් අලෙවි වෙන්නේ සවුදි අරාබියේ ප්‍රසිද්ධ වෙන්දේසිවලය. ලිංගික වහළියන් විකිණීමේදී සහ ඔවුන්ව මිලදී ගන්නා අය විසින් පිලිපැදිය යුතු ශාරියා නීතියට අනුකූල යෑයි කියන නීති මාලාවක්‌ද, ලිංගික වහලියන් විකිණීම සදහා වන මිල ගණන් ලැයිස්‌තුවක්‌ද අයි එස්‌ ත්‍රස්‌තවාදීන් විසින් අත් පත්‍රිකාවක්‌ ලෙස නිකුත් කොට ඇති බවද විදෙස්‌ මාධ්‍ය විසින් වාර්තා කරයි. මෙකී අත් පත්‍රිකාවට අනුව අවුරුදු එකත් නවයත් අතර වයසැති දැරියන් ඩොලර් 171 ක්‌ වැනි මුදලකට අලෙවි වන අතර අවුරුදු හතළිහට වැඩි වයසැති කාන්තාවන් ඩොලර් හතළිහක්‌ වැනි මුදලකට අලවි කරයි. මෙසේ යසිදි කාන්තාවන් හා දැරියන් ලිංගික වහලියන් ලෙස විකුණා ලබා ගන්නා මුදල් ඔවුන් තම සංවිධානයේ අරමුදල් ලෙස යොදා ගන්නා බවද වාර්තා වෙයි.

මේ කාන්තාවන්ගෙන් කොටසක්‌ ලිංගික වහලියන් ලෙස මැදපෙරදිග ධනවතුන්ට අලෙවි කරන අතරම තවත් කොටසක්‌ අයි එස්‌ ත්‍රස්‌තවාදීන්ගේ ලිංගික වහලියන් ලෙස ඔවුන් වෙතද රඳවා ගනී. මේ වන විටත් මෙසේ අත්අඩංගුවේ රඳවාගෙන අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් නිරන්තරවම දූෂණයට ලක්‌ කරන කාන්තාවන් හා ගැහැණු දරුවන් සංඛ්‍යාව පන්දහසක්‌ පමණ වෙතැයි වාර්තා වෙයි.

අයි. එස්‌. ත්‍රස්‌තවාදීන්ගේ ලිංගික වහලියන් වීම ප්‍රතික්‌ෂේප කළ කාන්තාවන්ට සිදු වන්නේ බියකරු මරණයකට මුහුණ දෙන්නටය. ත්‍රස්‌තයන්ගේ ලිංගික වහලියන් වීම ප්‍රතික්‌ෂේප කළ වරදට යසිදි කාන්තාවන් දහනව දෙනෙකු යකඩ කූඩුවක්‌ තුළ දමා පණ පිටින් පිලිස්‌සූ වීඩියෝවක්‌ අයි එස්‌ ප්‍රචාරක ජාලය විසින්ම යූ ටියුබ් වෙබ් අඩවිය වෙත ඇතුළත් කොට තිබිණ. මේ අමානුෂික වධ හිංසාවලට ලක්‌ වෙමින් නිතිපතා ත්‍රස්‌තවාදීන් අතින් දූෂණය වෙමින් ලිංගික වහලියන් ලෙස රදවාගෙන උන් යසිදි කාන්තාවන් අතරින් කිහිප දෙනෙකු ඔවුන්ගේ ග්‍රහණයෙන් පලා විත් තමන් ලැබූ බිහිසුණු අත්දැකීම් මාධ්‍ය වෙත හෙළිකොට ඇත.

මේ එවන් කාන්තාවන් කිහිප දෙනෙකු මාධ්‍යයට හෙළි කළ ඔවුන්ගේ අත්දැකීම්ය.

2014 අගෝස්‌තු මාසයේදී උතුරු ඉරාකයේ සිනිජාර් නගරය අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් අත් පත් කරගනු ලැබිණ. එහිදී අයි එස්‌ ත්‍රස්‌තවාදීන්ගේ අත්අඩංගුවට පත් කාන්තාවන් සංඛ්‍යාව පන් දහසක්‌ පමණ වෙයි. “හැනන්” ද එයින් එක්‌ කාන්තාවකි. “හැනන්” ඇයගේ සැබෑ නම නොවේ. ඇය යසිදි ජාතික කාන්තාවකි. ඇගේ වයස අවුරුදු දහඅටකි. අයි. එස්‌. ත්‍රස්‌තයන්ගෙන් පැන ආ පසුව ඇය මාධ්‍යයට කීවේ මෙවැන්නකි. “එදා අගෝස්‌තු පහළොස්‌ වෙනිදා. මම ගෙදර එනකොට ගෙදර අය නගර අත් ඇරලා යන්න බඩු පොදි බදිනවා. අයි. එස්‌. ත්‍රස්‌තවාදියො අපේ නගර කිට්‌ටුවටම ඇවිත් තිබුණා. අපි අපිට ගෙනියන්න පුළුවන් බඩු මුට්‌ටුත් අරන් නගරය අත් ඇරලා යන්න පිටත් වුණා. ඒත් වැඩක්‌ වුණේ නෑ.. ත්‍රස්‌තවාදියෝ සිනිජාර් නගරයෙන් පිටවෙන පාරවල් වහලා දාලා තිබුණා. එයාලගෙ ට්‍රක්‌ වලින්. අපි ගිය පාරේ ත්‍රස්‌තවාදියො විසි දෙනෙක්‌ විතර හිටියා. උන් අතේ තුවක්‌කු තිබුණා. අපි එක්‌ක ගිය පිරිමි අයව එවෙලේම ඒ තුවක්‌කු වලින් වෙඩි තියලා මරලා දැම්මා. ඊට පස්‌සේ උන් අපිව අල්ල ගත්තා.

“දැන් උඹලා යන්නෙ මොසුල් වලට” කියලා උන් කිව්වා. ඊට පස්‌සෙ අපේ කොණ්‌ඩවලින් ඇදගෙන අපිව උන්ගේ වාහන වලට ගෙනිච්චා.

අපිව ගෙනිහින් දැම්මේ ලොකු ක්‍රීඩා ශාලාවකට. සති දෙකකට පස්‌සෙ අපිව තවත් ශාලාවකට ගෙනිච්චා. එතන යසිදි ගෑනු උදවිය දෙසීයක්‌ විතර හිටියා. ඒ තමයි වහල් වෙළෙදපොල. අයි. එස්‌. ත්‍රස්‌තවාදීන්ට එතැනට ඇවිත් තමන් කැමැති කෙල්ලක්‌ මිලදී ගන්න පුළුවන්. අපිට ඒ අයගේ මූණ දිහා බලන්න තරම්වත් ධෛර්යයක්‌ තිබුණෙ නෑ. අපි හිටියේ හොදටම බය වෙලා. ලිංගික වහලියක්‌ විදිහට පාවිච්චි කරපු ගෑණු ළමයෙක්‌ එතනට ඇවිත් එයාට සිද්ධ වෙච්ච හැම දේම අපිට කිව්වා. අපි තවත් බය වුණා. අපිව බය කරන්න උන් හැම තැනටම වෙඩි තිබ්බා. අපි අතරින් උන්ට කැමති කෙනෙක්‌ව බලහත්කාරෙන්ම අරන් ගියා. හැම තිස්‌සෙම අපි හිටියේ අඬ අඬා.. අපිට දිවි නසාගන්න ඕන වුණත් ඒකටවත් ක්‍රමයක්‌ තිබුණේ නෑ.. එක ගෑණු ළමයෙකුට නම් සියදිවි නසා ගන්න පුළුවන් වුණා. එයා එයාගේ අතේ මැජික්‌ කටුව කපා ගත්තා. එයාට උදව් කරන්නවත් එයාව බේරගන්නවත් අයි එස්‌ ත්‍රස්‌තවාදියෝ අපිට ඉඩ දුන්නෙ නෑ.. උන් අපිව වෙන කාමරේකට දාලා දොර වැහුවා. අර ගෑනු ළමයා මැරිලා ගියා. “ඒකට කමක්‌ නෑ. අපි මේ මිනිය කොහේට හරි විසි කරලා දාන්නං” කියලා අයි එස්‌ ත්‍රස්‌තවාදියෝ කිව්වා.

“යසිදි කියන්නේ මිත්‍යාදෘෂ්ඨිකයෝ.. උන්ට ජීවත් වෙන්න අයිතියක්‌ නෑ. උඹලාට ජීවත් වෙන්න ඕන නං මුස්‌ලිම් වෙයල්ලා” කියලා උන් අපිට කිව්වා.

වරින් වර එක එක අය අපිව අරන් ගිහින් දූෂණය කරලා වධ දීලා ආපහු ගෙනත් දැම්මා. අපි හත් දෙනෙක්‌ එක කාමරයක හිටියා. දවසක්‌ අපිව වෙන කාමරයකට දැම්මා. ඒ කාමරේ ප්ලාස්‌ටික්‌ ජනේලයක්‌ තිබ්බා. අපි අමාරුවෙන් ඒ ජනේලෙ ඇරගත්තා. ඒ ජනේලෙන් පැනගෙන අපි පුළුවන් තරම් වේගෙන් දිව්වා. අපිට අනිත් අයට උදව් කරන්න පුළුවන් කමක්‌ තිබුණේ නෑ..” හැනන් තමා අත්දුටු බිහිසුණු අත්දැකීම මාධ්‍යයට විස්‌තර කළේ එසේය.

“ෂාදී” ද සිනිජාර් නගරයෙන් අත් අඩංගුවට ගෙන ලිංගික වහලියක ලෙස රදවා ගත් තවත් යසිදි යුවතියකි. ඇගේ වයස අවුරුදු දහඅටකි. අයි එස්‌ ත්‍රස්‌තයන්ගේ ග්‍රහණයෙන් පැන එන්නට ඇයට හැකි වුණේ මාස පහක්‌ තිස්‌සේ නිතිපතා දූෂණයට ලක්‌ වී බරපතළ ලෙසින් කායික අපයෝජනයට ලක්‌වීමෙන් පසුවය.

“උන් ආවෙ මහ රෑ.. අපිට පැනල යන්න විදිහක්‌ තිබුණෙ නෑ. උන් මුළු නගරයම වට කරලා තිබුණෙ. ත්‍රස්‌තවාදියො අපේ පිරිමි අයව අරන් ගියා. කොහේට ගෙනිච්චද කියලා අපි දන්නෙ නෑ.. ඊට පස්‌සෙ.. අවුරුදු දහතුනක විතර පිරිමි ළමයෙක්‌ දූවිලි පෙරාගෙන අඬාගෙන දුවගෙන ආවා. පිරිමි අය සේරම වෙඩි තියලා මැරුවා කියලා එයා කිව්වා. ඒත් අපි ඒක විශ්වාස කළේ නෑ. අයි එස්‌ ත්‍රස්‌තවාදියෝ තරුණ ගෑණු ළමයින්ව එක පැත්තකට වෙන් කරගත්තා. ඒ ගොල්ලො අපිව ටාල් අෆාර් කියන නගරයට ගෙනිච්චා. අපිට බොන්න වතුරවත් කන්න දෙයක්‌වත් දුන්නෙ නෑ.

සිරියාවට ගෙනියන කල්ම උන් අපිව තැනින් තැනට ගෙනිච්චා. රක්‌කා නගරයේදී උන් අපිව පොළව යට තිබුණ ගබඩාවකට දැම්මා. ඒ බිම් ගබඩාව හරිම කරුවලයි. දවල්ද රෑද කියලා අපිට තේරුණේ නෑ. උන් අපේ නම් කොල වල ලියලා අපේ බෙල්ලේ එල්ලුවා. අපිව විකුණන්න තිබ්බේ එහෙම ලේබල් ගහලා. අපෙන් අට දෙනෙක්‌ ඇලෙප්පෝ නගරයට එව්වා. මාවයි මගේ සහෝදරියවයි තවත් ගැහැණු කෙනෙකුවයි විශාල මන්දිරයකට විකිණුවා.

ඒකෙ හිටියෙ ඇමරිකානු මිනිහෙක්‌. එයා මට කිව්වා හොදින් නාලා පිරිසිදු වෙලා එයා එක්‌ක විවාහ වෙලා මුස්‌ලිම් ආගමට එන්න කියලා. මම දැනටමත් ගැබිණියක්‌ නිසා එයා එක්‌ක ලිංගිකව එකතු වෙන්න බෑ කියලා මම ඔහුට කිව්වා.

එයා මාව වෛද්‍යවරයෙක්‌ ළඟට එක්‌කගෙන ගියා. මම කිව්වේ බොරු කියලා වෛද්‍යවරයා මාව පරික්‌ෂා කරලා ඒ මනුස්‌සයාට කිව්වා. එයා මට හොදටම ගැහුවා. මගේ අත් දෙක යකඩ කම්බියකින් ගැට ගහලා එයා මාව දූෂණය කළා. අපි කීප වතාවක්‌ම පැනලා යන්න උත්සාහ කළා. ඒත් ඒ හැම වතාවෙදිම අහු වුණා. පැනලා යන්න ගිහින් අහු වුණ හැම වෙලාවකදීම අපිට නොසෑහෙන්න ගැහුවා. වධ දුන්නා. ඒත් ඇලෙප්පෝවෙ එහෙම පැනලා ගිය අය ඉන්න බව අපි දැනගෙන හිටිය නිසා අපි දිගින් දිගටම උත්සාහ කළා. අන්තිමේදී අපිට පැනලා එන්න පුළුවන් වුණා. ඒත් මගේ සහෝදරයො ගැන කිසිම තොරතුරක්‌ තවමත් මං දන්නෙ නෑ.”අවුරුදු විසි දෙකක්‌ වයසැති නසීමා” ගේ කතාව ඊටත් වඩා බියකරුය. නසීමාද අගෝස්‌තු පහලොස්‌ වෙනි දින සිනිජාර් නගරයෙන් අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් අත් අඩංගුවට ගත් වහලියකි.

“එතකොට උදේ එකොළහට විතර ඇති. අපි හිටියේ කෑම උය උයා. උන් අපේ නගරයට ඇවිත් අපිව අල්ලගත්තා. පිරිමි අයත් ගෑනු අයත් වෙන් කළා. පිරිමි අයව කොහේට අරන් ගියාද එයාලා ජීවතුන් අතරද නැද්ද කියලා අදටත් අපි දන්නෙ නෑ. ඊට පස්‌සෙ උන් අපි ලගට ආවා. උන් අපිට කිව්වා ඉස්‌ලාම් ආගමට හැරුණේ නැත්නම් අපේ බෙලි කපලා මරා දානවා කියලා. ඉන් පස්‌සේ උන් අපිව ඉස්‌කෝල ගොඩනැගිල්ලට ගෙනිච්චා. අපේ ළඟ තිබුණ සල්ලි, අපේ රත්තරන් බඩු හැම දේම කොල්ල කා ගත්තා.

මොසුල් නගරයේදී ෂේක්‌වරුයි එමීර් වරුයි අපිව බලන්න ආවා. ඒ ගොල්ලො ආවෙ අපිව මිලදී ගන්න. මාව මිලදී ගත්ත කෙනා මාව ටල් අෆාර් නගරයට අරගෙන ආවා. ඊට පස්‌සෙ බලහත් කාරයෙන් මාව කසාද බැදගත්තා. එදා රෑ මගේ අත් දෙකත් කකුල් දෙකත් ගැට ගහලා ඇස්‌ දෙකත් රෙදි පටියකින් බැන්දා. ඊට පස්‌සේ මහ දරුණු විදිහට මාව දූෂණය කළා.

එක තැනක ඉන්න ඉඩක්‌ මට ලැබුණේම නෑ. මොසුල්, බාෂිකා, කෝජෝ, සිනිජාර් වගේ හැම නගරයකටම එයා මාව අරන් ගියා. එයා යන යන හැම තැනකටම මාවත් අරන් ගියා. මම දෙපාරක්‌ පැනලා යන්න හැදුවා. ඒත් ඒ දෙපාරම මාව අහුවුණා. පැනලා යන්න ගිහින් අහු වුණාම දවස්‌ තුනක්‌ එක දිගට මට පහර දෙනවා. සමහර වෙලාවට සතියක්‌ හමාරක්‌ තිස්‌සේම මට කිසිම කෑමක්‌ ලැබෙන්නෙ නෑ.. හැම තිස්‌සේම මාව කාමරේකට දාලා අගුළු දාලයි තියෙන්නෙ.. හරියට හිර ගෙදර ඉන්නවා වගේ. මොසුල් නගරයට ආපු එක වතාවක මම තීරණය කළා.. තවත් නම් ඉවසන්න බෑ. මැරෙන්න හරි මම පැනලා යනවාමයි කියලා. මම කළු අබායාවක්‌ ඇදගෙන පාරට පැනලා ආවා. පාරේ යන ටැක්‌සියක්‌ නවත්තලා ටැක්‌සි රියදුරාට මගේ කතාව කිව්වා. මම හිතුවේ එයා මාව පාවලා දෙයි කියලා. ඒත් එයා එහෙම කළේ නෑ. එයා මට උදව් කළා. එයා මගේ සහෝදරයට කතා කළා.. මං පහරන්නන් එක්‌ක නගරයෙන් පැනලා යන්න උදව් කළා. මාව පෙශ්මර්ගාවරු (කුර්දි සටන්කරුවන්) ලගට ගිහින් ඇරළුවා.

අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදියෙක්‌ පළවෙනි වතාවට මාව දූෂණය කරනකොට ඔහු මට කසයකින් හොදටෝම ගැහුවා. ඊට පස්‌සෙ මාව සෝදලා එයා එක්‌ක විවාහ වෙන්න කියලා බල කළා. ඒ ත්‍රස්‌තවාදියාගේ වයස අවුරුදු තිහක්‌. ඒත් ඒ වෙනකොටත් එයාට දරුවන් හතර දෙනෙක්‌ම හිටියා. මටත් කිව්වා එයා වෙනුවෙන් දරුවෙක්‌ බිහි කරන්න කියලා.

ඒ ත්‍රස්‌තවාදියා කළේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම් සම්බන්ධ වැඩ.. ඒ ගොල්ලො එක එක නගරවල පුපුරණ ද්‍රව්‍ය ගබඩා කරපු තැන් මම දැක්‌කා. අහස්‌ යානාවක සද්දෙ ඇහෙනකොට එයාලා මාව එළියට යවනවා. මාව දැක්‌කාම ඒ අහස්‌ යානා බෝම්බ දාන්නේ නැති වේවි කියලා ඒ ගොල්ලෝ හිතන්න ඇති. නසීමා තමන් විදි හිරිහැර මාධ්‍යව්දීන් වෙත විස්‌තර කළේ එසේය.

මෙලෙසින් අයි. එස්‌. ත්‍රස්‌ත ග්‍රහණයෙන් පැන ආ කාන්තාවන් ප්‍රමාණය හාරසියයක්‌ පමණ වන අතර මේ වන විටත් දිනපතා දරුණු ලෙසින් දූෂණය වෙමින් තවමත් අයි. එස්‌. ත්‍රස්‌තයින්ගේ අත්අඩංගුවේ සිටින කාන්තාවන් සංඛ්‍යාව තුන්දහස්‌ පන්සියේ සිට පන්දහසක්‌ පමණ සංඛ්‍යාවක්‌ වෙතැයි විදෙස්‌ මාධ්‍යය පවසයි.

නිම්මි මුදිතා හේරත්
http://www.colombotoday.com/28292-2326236252/

සිරියාවේ පැල්මයිරා නගරයේ පිහිටි ඓතිහාසික රෝම රඟහල අයිසිස්‌ ත්‍රස්‌තයෝ වනසති

සිරියාවේ ලෝක උරුමය ලෙස හැඳින්වූ ඓතිහාසික පැල්මයිරා නගරය අයිසිස්‌ ත්‍රස්‌තයන් මුළුමනින්ම වනසා ඇත.

පැල්මයිරා නගරයේ තිබූ රෝම රඟහල සහ ටේට්‌රා පසිලන් සංකීර්ණය අයිසිස්‌ ත්‍රස්‌තයන් සහමුලින්ම
වැනසීම ෙඛේදජනක සිද්ධියක්‌ බව රුසියානු සංස්‌කෘතික ඇමැති වැලඩ්මීර් මෙඩින්ස්‌ පැවසීය. 2015 දෙසැම්බර් 9 දා පැල්මයිරා නගරය අයිසිස්‌ ත්‍රස්‌තයන් විසින් විනාශ කර තිබේ. එහෙත් 2016 මාර්තු 27 දා සිරියානු හමුදාව විසින් පැල්මයිරා නගරය අල්ලාගනු ලැබීය.

http://www.divaina.com/2017/01/25/forign04.html

Pic1 Source
Pic2 Source

Tuesday, January 24, 2017

අධික පිටි සහිත ආහාර "ටෝස්‌ට්‌" කර කෑමෙන් පිළිකා අවදානමක්‌!

අධික පිටි සහිත පාන්, අල, චිප්ස්‌ හා එළවළු වර්ග අධික උෂ්ණත්වයක්‌ යටතේ දුඹුරු පැහැ ගැන්වෙන තෙක්‌ කර කිරීම (ටෝස්‌ට්‌) මඟින් පිළිකා කාරක රසායන ද්‍රව්‍යයක්‌ වන "ඇක්‍රිලමයිඩ්" නිපදවීම නිසා ඒවා ආහාරයට ගැනීම සෞඛ්‍යයට හානි කර බව එක්‌සත් රාජධානියේ ආහාර විද්‍යාඥයන් විසින් සිදු කරන ලද පර්යේෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම තත්ත්වය මත එම පිටි අධිකව අඩංගු ආහාර වර්ග හැකිතාක්‌ දුඹුරු පැහැ ගැන්වෙන තෙක්‌ කර නොකර රන්වන් පැහැයට හුරු කහ වර්ණ ගැන්වෙන තෙක්‌ අඩු උෂ්ණත්වයක කර කිරීමෙන් පිළිකා කාරක රසායන ද්‍රව්‍යය නිපදවීම වළක්‌වා ගත හැකි බව එම විද්‍යාඥයෝ පෙන්වා දෙති.

අමු අර්තාපල් අල ශීතකරණයක තැන්පත් කිරීමෙන්ද මෙම "ඇක්‍රිලමයිඩ්" නමැති පිළිකා කාරක රසායන ද්‍රව්‍ය නිපදවීම සිදු වන බව පර්යේෂණවලදී සනාථ වී ඇතැයි ඔවුහු කියා සිටිති. මේ නිසා අමු අර්තාපල් සිසිල් ස්‌ථානයක සෙල්සියස්‌ අංශක 6 ට අඩු උෂ්ණත්වයක්‌ යටතේ තැන්පත් කර තබා ගත යුතු බව පර්යේෂණ වාර්තා දක්‌වති.

ටෝස්‌ට්‌ කිරීමේදී මෙන්ම සෙල්සියස්‌ අංශක 120 ට වැඩි උෂ්ණත්වයක්‌ යටතේ බේක්‌ කිරීමේදී හා ගි්‍රල් කිරීමේදී "ඇක්‍රිලමයිඩ්" නමැති පිළිකා කාරක රසායන ද්‍රව්‍ය නිපදවෙන බව අනාවරණය වී තිබේ.

සිගරට්‌ දුමෙහිද මෙම "ඇක්‍රිලමයිඩ්" නමැති රසායන ද්‍රව්‍ය විශාල වශයෙන් අන්තර්ගතව පවතී.

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2017/01/24/news08.html

Pic Source

Friday, January 20, 2017

ශ්‍රී ලංකාවේ ඉස්‌ලාම් රාජ්‍යයක්‌ පිහිටුවීමට තුර්කිය කුවේට්‌ කටාර් වලින් මුදල් ලැබෙනවා - පූර්ව මුස්‌ලිම් සංවිධානය

ශ්‍රී ලංකාවේ ඉස්‌ලාම් රාජ්‍යයක්‌ පිහිටුවීම සඳහා (කිලාහත්a සංකල්පය) ජමාතේ ඉස්‌ලාම් හා ජමාතු සලමා වැනි සංවිධානවලට තුර්කිය, කුවේට්‌ සහ කටාර් යන රටවලින් මුදල් ආධාර ලැබෙන බව පූර්ව මුස්‌ලිම් සංවිධානය ප්‍රකාශ කරයි.

පූර්ව මුස්‌ලිම් සංවිධානය, ඉස්‌ලාම් දහම හැරගිය අය විසින් පිහිටුවා ගත් සංවිධානයකි. එහි ප්‍රධාන පෙළේ සාමාජිකයකු 'දිවයින'ට ප්‍රකාශ කළේ තම සංවිධානය පිළිබඳව තොරතුරු 'දිවයින' පත්‍රයේ පළවූ පසුව මුස්‌ලිම් ප්‍රජාවේ ඇතැමුන් කලබලවී ඇති බවය.

ඉස්‌ලාම් ආගම හැරගිය පිරිසක්‌ ඉන්නා බව සමහර මුස්‌ලිම් පුද්ගලයන් පිළිගන්න කැමැති නෑ. එහෙම නැතිනම් පිළිගන්න තරම් බුද්ධියක්‌ ඔවුන්ට නෑ.

ඔවුන් අපට චෝදනා කරනවා අපි කිසියම් පාර්ශවයකින් මුදල් අරන් තමයි ඉස්‌ලාම් දහම හැරගියේ කියලා. අපි සත පහක්‌ අරගෙන නෑ. අපේ සංවිධානයේ වැඩකටයුතුවලට මුදල් එදිනෙදා ඒ ඒ අවස්‌ථාවේදී සාමාජිකයන් විසින්ම දරනවා. වහාබ් නමින් හඳුන්වන තවුµsක්‌ සංවිධානවලට තමයි තුර්කි, සවුදි, කුවේට්‌, කටාර් වැනි රටවලින් මුදල් ලැබෙන්නේ.

කුඩා කල පටන් ඉස්‌ලාම් ආගම ඇදහූ අය අද අපේ සංවිධානයට එක්‌වී ඉන්නවා. සමහරු හඡ් වන්දනාවට පවා ගිය අය. උමිරා වන්දනාව කළ අයත් ඉන්නවා. අපි කව්ද කියා හඳුනාගත්තොත් අනිවාර්යෙන්ම ගෙල කපා මරා දමාවි. ඉස්‌ලාම් ග්‍රන්ථවල තියෙන්නේ එහෙමයි. ඒ නිසා තමයි ඉස්‌ලාම් දහම හැරගිය අපි සංවිධානගත වුණේ. අපි වෙන කිසිම ආගමක්‌ වැළඳගන්නේ නෑ... යෑයිද හෙතෙම කීවේය.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2017/01/19/news35.html

Pic Source

ඕමන්ත මුරපොළ ඉඩම හමුදාවෙන් නිදහස්‌ කර දිසාපතිට භාර දෙයි!

ඕමන්ත සීමා මුරපොළ අයත්ව තිබූ අක්‌කර දහනවයකින් යුත් භූමි භාගය වසර විසිපහකට පසුව යුද හමුදාව විසින් නිදහස්‌කොට පෙරේදා (17 වැනිදා) වවුනියාව දිසාපතිවරයා වෙත භාරදී තිබේ.

වන්නි ආරක්‌ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතාගෙන් ඉඩම භාරගැනීමෙන් පසුව වවුනියාව දිසාපති රෝහණ පුෂ්පකුමාර මහතා කියා සිටියේ එම ඉඩමට නීත්‍යානුකූලව අයිතිවාසිකම් කියන පිරිස සොයා එම ඉඩම ඔවුන්ට බෙදා දෙන බවයි.

1992 සැප්තැම්බර් මාසයේදී ඕමන්ත ප්‍රදේශයේද විශාල යුද හමුදා කඳවුරක්‌ ඉදිකිරීම නිසා ඉඩම් අයත් පිරිසට එම පළාතෙන් ඉවත්ව යැමට සිදුවිය.

2002 මාර්තු මස 22 වැනිදා නෝර්වේ රජයේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා රජය හා එල්. ටී. ටී. ඊ. සංවිධානය අතර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමත් සමඟ ඕමන්ත පළාතේ සීමා මුරපොළක්‌ බිහිවූ අතර එම මුරපොළෙන් උතුරු පළාතට වූ භූමිය එල්. ටී. ටී. ඊ. පාලන ප්‍රදේශය වශයෙනුත්, දකුණු ප්‍රදේශය රජයේ පාලන ප්‍රදේශය ලෙසත් නම් කෙරිණි.

යුද්ධයේ අවසන් කාලවකවානුව වන තෙක්‌ම ඕමන්ත සීමා මුරපොළ ක්‍රියාත්මක විය.

කීර්ති වර්ණකුලසූරිය හා දිනසේන රතුගමගේ
http://www.divaina.com/2017/01/19/news19.html

Pic Source

යුද්ධයේදී මියගිය කොටින්ගේ ප්‍රතිමා මුලතිව්හි ඉදිවේ!

යුද හමුදාව සමඟ සටන් වැදී මියගිය කොටි ක්‍රියාකාරීන්ගේ (මහවිරු) ප්‍රතිමා මුලතිව් ප්‍රදේශයේ ඉදිකරන බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සිවමෝහන් ප්‍රකාශ කර ඇත.

තමිල්නාඩුවේ තිරුවල්ලුවාර් කවියාගේ ප්‍රතිමාවක්‌ මුලතිව් හි පිහිටුවීමේ උත්සවය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

කුමන බාධක පැමිණියත් මුලතිව් හි කොටි ස්‌මාරක ඉදිකරන බව සිවමෝහන් තවදුරටත් පවසද්දී රැස්‌ව සිටි පිරිස අත්පොළසන් දී ඇත.

කීර්ති වර්ණකුලසූරිය 
http://www.divaina.com/2017/01/19/news15.html

Pic Source

Saturday, December 31, 2016

ඉන්දියාවෙන් අවසර නොගත් නිසා, කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීමට චීන වරායට ගිය තෙල් සංස්‌ථාවේ 3ක්‌ IOC සිරභාරයට!

කැබිනට්‌ අනුමැතිය අනුව පවරා ගත් චීන වරායේ තෙල් ටැංකි දහසයක්‌ නිරීක්‍ෂණයට ගිය ඛනිජ තෙල් සංස්‌ථාවේ ඉංජිනේරුවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනකු ඊයේ (29 දා) පෙරවරුවේ ඉන්දියානු තෙල් සමාගමේ (ෂධC) නිලධාරීන් විසින් සිරකර තබාගෙන ඇත.

අදාළ තෙල් ටැංකි අවට ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා මෙම නිලධාරීන් විසින් ගෙන ගිය බැකෝ යන්ත්‍රය සහ ඔවුන් ගමන්ගත් මෝටර් රථයද ඉන්දියානු තෙල් සමාගම විසින් තමන් භාරයේ රඳවාගෙන තිබේ.

ඉන්දියානු තෙල් සමාගම විසින් මෙම නිලධාරීන් තිදෙනා සහ අදාළ වාහන පැය ගණනාවක්‌ තමන් භාරයේ රඳවා තබාගෙන ඇති අතර ඛනිජ තෙල් සංස්‌ථාවේ මැදිහත්වීම මත පසුව ඔවුන් මුදාහරින ලැබූ බව ඛනිජ තෙල් සංස්‌ථාවේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු වන ඩී. ෙ-. රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

ඉන්දියානු තෙල් සමාගම සතුව චීන වරායේ තෙල් ටැංකි 99 ක්‌ ඇති අතර ඛනිජ තෙල් සංස්‌ථාවේ ඉන්ධන ගබඩා කිරීම සඳහා ඉන් ටැංකි 16 ක්‌ පමණ ගැනීමට පසුගිය 06 දා ඇමැති මණ්‌ඩලය විසින් තීරණය කර ඇත.

එම තීරණය මත තෙල් ටැංකි තුනක්‌ මාසයක්‌ තුළද, ඉතිරි ටැංකි දහතුන මාස තුනක්‌ ඇතුළතද ඛනිජ තෙල් සංස්‌ථාවට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සැකසීම සඳහා අදාළ ඉංජිනේරුවරයා සහ තවත් නිලධාරීන් දෙදෙනකු දින කිහිපයකට පෙරද චීන වරායේ ඉන්දියානු තෙල් ටැංකි සංකීර්ණය වෙත ගොස්‌ ඇත.

එහෙත් මෙම තෙල් ටැංකි නිරීක්‍ෂණයට ඉන්දියානු රජයේ අවසරය අවශ්‍ය බව පවසමින් අයි. ඕ. සී. නිලධාරීන් ඛනිජ තෙල් සංස්‌ථා නිලධාරීන් තිදෙනා ආපසු හරවා එවා ඇත.ඔවුන් තිදෙනා යළි පෙරේදා මෙම චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය වෙත ගොස්‌ ඇති අතර කැබිනට්‌ අනුමැතිය ලබාදුන් තෙල් ටැංකි අවට ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා ඔවුන් ඊයේ බැකෝ යන්ත්‍රයද ගෙන ගොස්‌ ඇත. එහෙත් ඒ අවස්‌ථාවේදී ඊට විරුද්ධවී ඇති අයි. ඕ. සී. නිලධාරීන් ඉන්දීය රජයේ අවසරය ලබාගෙන නැතැයි පවසමින් එම නිලධාරීන් තිදෙනා ඔවුන් ගමන්ගත් මෝටර් රථය සහ බැකෝ යන්ත්‍රය සිය භාරයට ගෙන රඳවා තබාගෙන ඇතැයි රාජකරුණා මහතා කීවේය.

මේ පිළිබඳව තොරතුරු දැනගත් පසු සංස්‌ථාව මැදිහත්වී ඔවුන් මුදවා ගත් බවද රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2016/12/30/news01.html

Pic Source