Pages

Friday, January 25, 2013

බුද්ධ බාර් වැටලීම

"බුද්ධ බාර්” නමින් සාදයක් පැවැත්වූ බව කියන බේරුවල "Cinnamon Bey" හෝටලයේ කළමනාකරුවෝ දෙදෙනෙක් කළුතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අරුණ අලූත්ගේ මහතා විසින් ලබන විසි අට වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. 

එලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ එහි කළමනාකරුවන්වූ යු.ඒ.ඞී, සමන් කුමාර සහ මොහොමඞ් ෆලීල් යන දෙදෙනාය. එම සාදය පැවැත්වෙමින් තිබියදී විසි එක්වනදා වැනිදා රාත්‍රියේ එහි පැමිණි බොදු බල සේනා සංවිධානයට අයත් භික්‍ෂූන් වහන්සේලා සාදය වැළැක්වූහ.

වොකස් ටුවස් ආයතනය විසින් "Big Mat" නම් ප්‍රංශ ආයතනයට අයත් සංචාරකයන් පිරිසක් දින තුනක නිවාඩුවක් සඳහා බේරුවල "Cinnamon Bey" හෝටලට යොමුකර තිබෙන අතර අදාල සංචාරකයන්ගේ ඉල්ලීම මත මෙම ”බුද්ධ බාර්” රාත්‍රී කෑම සාදය පවත්වා තිබේ. 

එදින එම ආහාර ලේඛනය "නිර්වාණ" ලෙස හඳුන්වාදී තිබෙන අතර ”බුද්ධ බාර් ” සංගීතය පසුබිම් වාදනය ලෙස යොදා නෙලුම් මල් ස්වරුපයෙන් යුත් ඉටිපන්දම් සැරසිලි ලෙස යොදාගෙන තිබේ.මෙම සාදය සඳහා බුදු පිළිම හෝ බුද්ධ පින්තුර යොදාගෙන නොමැත. 

ජොන් කීල්ස් ආයතනයට අයත් මෙම හෝටලය තුල ”බුද්ධ බාර්” වැනි ඉසව් සංවිධානයවීම සහ ජොන් කීල්ස් ආයතනයට අයත් එලිෆන්ට් හවුස් ආයතනය 90.8 % වන මුස්ලිම් නොවන ජනතාවගේ ඉල්ලීම් පසෙකලා තම නිෂ්පාදනවලට හලාල් සහතිකය යෙදීම හේතු කොටගෙන, මෙම ආයතනය කුමන අරමුණක් සඳහා සුදානම් වන්නේද යන්න ජනතාව අතර ගැටලුවක් පවතීයි. 

අප ඒය හේතු කොටගෙන ජොන් කීල්ස් හෝටෙල්ස් හි ඉහල කළමණාකාරීත්වයෙන් මෙය පිලිබඳ විමසීමක් (නිල නොවන) කරන ලදී. එවිට ඔවුන් කියා සිටියේ මෙම ”බුද්ධ බාර්” යන සාදය සංවිධානය කිරීම පහල පෙළ කළමනාකරුවන් තම දෛනික රාජකාරි කිරීමේදී ගත් තීරණයක් බවත් මෙය සම්බන්ධයෙන් ඉහල කළමනාකාරිත්වය දැනුවත්ව නොතිබූ බවත්ය. මේ හේතුවෙන් එලෙස ක්‍රියාකළ (event oder එක ලබාදුන්) සේවකයන් සම්බන්ධයෙන් දැනටමත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ප්‍රකාශ කරණ ලදී. 

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ ජොන් කීල්ස් හෝටෙල්ස් කළමණාකාරීත්වය කිසිවිට බුද්ධ ධර්මයට හෝ රටේ සංස්කෘතියට හානිවන කිසිවක් නොකරන බවයි . තවද ඔවුන් සාංගමික සමාජ වගකීම්(CSR) යටතේ ඔවුන් විශාල වශයෙන් ශාසනික සහ සමාජ සේවා සිදුකරණ බවත් ප්‍රකාශ කරන ලදී.

එයට සාක්ෂි වශයෙන් සිදුකල වැඩසටහන් බොහොමයක විස්තර ඉදිරිපත් කරන ලද අතර, එලෙස සාක්ෂි වශයෙන් ඉදිරිපත් කල කරුණු වල සත්‍යයතාව අප සොයා බැලීමේදී ඔහු ඉදිරිපත් කල කරුණු සත්‍යය බව අනාවරණය විය. කුමන අය කෙසේ කීවද වරදක් කර ඇති බව පැහැදිලිය.

ශ්‍රී ලාංකික සමාජය මෙම දිනවල ආගම සහ සංස්කෘතිය පිලිබඳ වඩාත් සංවේදී වීම මත ව්‍යාපාර ආයතන මිට වඩා සැලකිලිමත් ලෙස ව්‍යාපාර කිරීමේ අවශ්‍යතාවය මතුව පවතින බව අවසාන වශයෙන් සඳහන් කලයුතුය.”බුද්ධ බාර්” පිලිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි ප්‍රකාශන තුලින් ඉදිරිපත් කිරීමට අප අපේක්ෂා කරයි. 
http://www.gossip9.com/2013/01/blog-post_25.html

[
සබැඳි ලිපි -
'බුද්ධ බාර්', 'නිර්වාණ', 'අල්ලා බාර්' සහ 'කුරාණ්'
http://denethharinna.blogspot.com/2013/01/blog-post_6491.html
තුන් ලොවට නයු වූ සම්මා සමිඳුන්ට අපහාස කළ 'බුද්ධ බාර්' හි 'නිර්වාණ' බුෆේ දුන් පාපතරයන් තවමත් නිදැල්ලේ
http://denethharinna.blogspot.com/2013/01/blog-post_23.html
බුදුදහම විශ්ව යථාර්ථය බවට පිළිගන්නා මෑත අනාගතය දක්වා එය ආරක්ෂා කර ගැනුම - දිවයින කතුවැකිය
http://denethharinna.blogspot.com/2013/01/blog-post_24.html
හෙළ බොදුනුවන්ගේ මෙත් කරුණාව ගැන තවත් සහතික කුමට අවැසිද?
http://denethharinna.blogspot.com/2012/10/blog-post_15.html

]

අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?


මෙම ආරාම සංකීරණයේ පැරණිතම ස්ථානය කූරගලයි. එහි තිබෙන සෙල් ලිපි ක‍්‍රි.පූ. දෙවනි සියවසට අයත් ලෙසට සලකන නමුත් බෞද්ධ සිද්ධසථානයක් වශයෙන් එය ස්ථාපිතව ඇත්තේ බුදුන් වහණ්සේගේ ලංකාගමනය සිදුවූ අවස්ථාවේදී බවට සාධක පවතී.


කූරගල බුදුගල ලංකා පබ්බතය සහ ගල්ටැම්යාය යයි ආරාම සංකීර්ණ රාශියක් දුරාතීතයේ සිටම මේ ප‍්‍රදේශයේ පිහිටා තිබුණි. පැරණි කුරුදියවල විහාරය වශයෙන් හඳුනා ගත හැක්කේ ගල්ටැම් යායයි. පලුගහවැව නම් දැනට කැඩී ඇති වැව් බැම්ම හරහා කුරුදියවල විහාරයටත් එතනින් ගල් ඇතිරූ පාරක් ඔස්සේ කූරගල දෙසටත් පාරක් තිබූ බව පැරැණ්නන් කියති. මේ කුරුදියවල විහාරය අනුරාධපුර යුගයේ ඉඳිවූ පංචාවාස ආරාමයෙකි. ලංකා පබ්බතයේ වටිනා සෙල්ලිපි දෙකක් පිහිටා තිබෙන අතර බුදුගල ආරාමයේ ද පධානඝර නොහොත් පියන්ගල් දක්නට ඇත.මේ සියලු සිද්ස්ථාන ඉතිහාසයේ යුග ගණනාවකදී සංවර්ධනයට පත්ව කෝටිටේ යුගයේ දී එකම ආරාම සංකීර්ණයක් බවට පත්වුණ ආකාරය අධ්‍යනය කළ හැකිය. යුරෝපීයන්ගේ යටත් විජිත සමයේ දී මේ ස්ථානය වනගත වන්නට ඇති බවද කල්පනා කළ හැකිය.


මෙම ආරාම සංකීරණයේ පැරණිතම ස්ථානය කූරගලයි. එහි තිබෙන සෙල් ලිපි ක‍්‍රි.පූ. දෙවනි සියවසට අයත් ලෙසට සලකන නමුත් බෞද්ධ සිද්ධසථානයක් වශයෙන් එය ස්ථාපිතව ඇත්තේ බුදුන් වහණ්සේගේ ලංකාගමනය සිදුවූ අවස්ථාවේදී බවට සාධක පවතී. බුදුන් වහන්සේ තෙවෙනි වර ලංකාවට වැඩිය ගමනේ දී සමන් දෙවියන්ගේ ආරාධනය පරිදි සමන්ත කූඨ මස්තකයේ ශ‍්‍රී පාද ලාංඡනය පිහිටුවීම පිළිබදව සඳහන් වන නමුත් ජන ප‍්‍රවාදයන්ට අනුව මහියංගනයට පැමිණීමට ද ප‍්‍රථම බුදුන් වහණ්සේ මුහුදු යාත‍්‍රාවකින් ලංකාවේ වයඹ මුහුදු තීරයට වැඩම කොට ඇත්තල මක්කම නම් ස්ථානයේ ප‍්‍රථම ශ‍්‍රී පාද සටහන තබා ඇත. මෙය සිද්ධ වූයේ රාක්ෂ ගෝත‍්‍රිකයින්ගේ ආරාධනය පරිදි බව සඳහන්ය. ඒ අනුව ලංකාවේ ශ‍්‍රී පාද වන්දනාව ඇතිවූයේ යයි මතයෙකි.

කූරගල ද රාක්ෂ ගෝති‍්‍රකයින්ගේ වාස භවනයෙකි. ඔවුහු තෙරුවන් සරණ යෑමෙන් පසුව එහි ගල්ලෙන් භාවනායෝගී රහතුන් වහණ්සේලාට පූජා කොට ඇත. එසේම සිරිපතුල් ලාංඡනයක් ද එහි පිහිටුවා වැඳුම් පිදුම් කරන්නට ආරම්භ කොට ඇත. කූරගල ආශ‍්‍රීත ජන ප‍්‍රවාද ජන කවි වල සඳහන් වන ආකාරයට සමන් පව්වට බුදුන් වහණ්සේ වැඩිය ගමනේ දී දිවා විහරණය පිණිස කූරගලට වැඩම කොට ඇත. ඒ සමන් දෙවියන්ගේ ආරාධනයෙනි. එම නිසා මෙම ස්ථානය දිවා ගුහාව යනුවෙන්ද නමක් දිනා තිබේ. අනුරාධපුර යුගයේදී සංවර්ධනය වූ බුදුගල පියන් ගල් ආරාමයේ මෙම ජන ප‍්‍රවාද තහවුරු කරන සළකුණු කීපයක් ඇත.ඉන් පළමුවැන්න එහි පහළ මළුවේ බෝධියට නුදුරින් ගල් කණුවක සටහන්ව තිබේ. සංඛයක හැඩය ගත් රූපයක් ද ගුවන් යානාවක හැඩයක්ගත් රූපයක් ද එහි ඇත. දෙවැන්නේ ඇත්තේ සිරිපතුල් ලකුණයි. තිත් දෙකෙන් කියැවෙන්නේ සිරිපතුල් දෙකක් ඇති බවයි. තුන් වැන්න සවස්තිකයයි. එය රාක්ෂ ගොත‍්‍රිකයින්ගේ ගෝරා පසලම නමි සංකේතයයි. පළමු සළකුණත් දෙවැන්නත් අතර තිබෙන රේඛා චිත‍්‍රය එක වරම හඳුනා ගන්නට බැරි වුවද කූරගල ජන කවි අතර ඇති එක් කවියෙකින් එයට අවශ්‍ය අරුත දිය හැකි යයි සිතමි.

‘තාරක අසුරා පෙරළු ගල යට කෙටුව සිරිපද පත්ම සටහන සැමට නොපෙනේ’ යයි සඳහන් කවි පදය අනුව කුහර ගල උමං මාර්ගයේ දමා වසා ඇති සිරි පතුල මෙයින් සංකේතවත් වන්නේ යයි සිතමි. සටහනේ දක්වා ඇත්තේ ඒ උමං මාර්ගයයි.
සපරගමු බින්තැන්නේ සිට වන්දනාවට එක්වෙන ජන සමූහයා බුදුගල මේ සංකේතය දැක ශ‍්‍රද්ධා භක්තියෙන් පිරී ඉතිරී ගොස් සාධු සාධු කියමින් කූරගල කරුණා කරන්නට ඇති බව කල්පනා කරන්නට හැකිය. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් හික්ම වූ සාධු පිළිවෙතයි

කුරගලින් ඉවත්වන ලෙස අන්තවාදීන්ට දී ඇති දෙවන උසාවි නියෝගය
________________________________________________

පෙත්සම් කරුවන් ගේ ඉදිරිපත්කිරීම් හා ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවේ කූරගල ගැන සඳහන් නිර්දේශ පදනම් කොට ගෙන මානව හිමි කම් කොමිසම 2009 වර්ෂයේ දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාට නියොගයක් ලබා දුන්නේය. කුරගල පුරාවිද්‍යා ස්ථානයේ හානි කරක්‍රියාවන් පිළිබඳව කඩිනමින් විභාග කොට අදාළ සැක කරුවන් නිසි අධිකරණයක්ට ඉදිරිපත් කිරීමට කටයුත් කළ යුතු බව එහිදී කියා පාඇත. මෙම මානව හිමිකම් තීන්දුව පදනම් කොට ගෙන පුරාවිද්‍යා නීති අංශය මුස්ලිම් වරුන් වෙත නඩුවක් ගොනු කරන ලදී. එයට පදනම් වූයේ රජයේ ඉඩම් සන්තකය පවරා ගැනීමේ පණතේ පස් වන වගන්තියයි. මෙහිදී කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ අනවසර කඩපිල් ඉඳිකර ගෙන සිටි ලතීප් මෙහොමඩ් ෆවුසර් මෙහොමඩ් කාදර් සායිබු හා අහමඩ් ලතීෆ් ජාවඩ් වගඋත්තර කරුවන් වූහ. මෙහිදී ඔවුන් ගේ දීර්ඝ කාලීන පදිංචිය හා වෙනත් කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලද මුත් නිසි බල පත්‍රයක් ඉදිරිපත් කර ගත නොහැකි විය. ඉදිරි පත් කල එකම දේ ග්‍රාම නිලධාරි වාර්තාව හා විදුලි බිල් පත් පමණි. නමුත් පණතේ 9(1) වගන්තිය ප්‍ර කාරව මේවා වලංගු නොවේ . ඒ අනුව බලංගොඩ මහේස්ත්‍රාත් ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය විසින් 2012.04.20 දින පණතේ 10(1) වගන්තිය ප්‍රකාරව වග උත්තර කරුවන් නෙරපිමට නියෝයක් ලබා දුන්නේය.

මෙය ඓතිහාසික නඩු තීන්දුවකි. අඩ සියවසක කාලයක් තිස්සේ අන්‍ය ආගමිකයින් බලයෙන්ම අල්වා ගෙන ඔවුන් ගේ මූලධර්මවාදී ක්‍රියාවන් ව්‍යප්තකළ මේ ස්ථානය නිරවුල් කරලීමට අධිකරණ නිවැරදි තීන්දුවක් පල කොට ඇත. වෙසෙසින්ම පූජ්‍ය කොළොන්නේ ශාන්ත හිමියන් ගේ මූලිකත්වයෙන් කරන ලද නිවැරදි සාමකාමී නීතිමය මැදිහත් වීම මෙම නඩු තීන්දුව දීමට බෙහෙවින්ම ඉවල්වූ බව ප්‍රකාශ කල යුතුය. මෙම තීන්දුවට විරුද්ධව ඇපෑලක් ඉදිරිපත් කරලීමට වග උත්තර කරුවන් දැනට කටයුතු කර ඇති බවද මෙහිදී මතක් කළ යුතුය. පුරාවිද්‍යා රක්ෂිතය අල්වා ගෙන යාඥා මඩු තනා ගෙන සිටින පල්ලි භාරකාර මණ්ඩලයට විරුද්ධව නඩු පැවරීම ඉදිරියේ දී සිදු වනු ඇත. මුස්ලිම් මූලධර්මවාදීන් ට එරෙහිව පෙළ ගැසෙන සාමකාමී සිංහල බෞද්ධ ජනතාව මේ සියල්ල සිදු වන තුරු උපේකෂාවෙන් බලා සිටී.

සේයාරූ උපුටා ගැනුම - http://www.facebook.com/venpassaramulle.dayawansathera (FB)

අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති

අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් යන ත්‍රස්‌තවාදී සංවිධාන සමඟ ශ්‍රී ලංකාව තුළ සබඳකම් පවත්වන්නන්ට දෙවසරක සිර දඬුවමක්‌ හා රුපියල් දස ලක්‍ෂයක දඩයක්‌ නියම කිරීමේ නව නීති රීති පෙබරවාරි මාසයේ සිට පැනවීමට රජය තිරණය කර ඇත.

මෙම සංවිධානවලට සම්බන්ධ පිරිස්‌ දැනටමත් උතුරු නැගෙනහිර සිටින බව හෙළිවී තිබේ. මෙම සංවිධාන සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලය සම්මත කරගත් යෝජනාවට එකඟත්වය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය මෙලෙස නව නීති රීති ගෙන ඒමට ඉදිරිපත් වී තිබේ.

මෙතෙක්‌ මෙරට ත්‍රස්‌ත මර්දන නීති රීති තුළ එකී ත්‍රස්‌ත සංවිධාන සම්බන්ධව සඳහන් වී නොතිබුණි.

මෙකී නව නීති රීති ගැන ශ්‍රී ලංකාවේ ජනතාව වෙත තොරතුරු දැන්වීමට නිසි බලධාරියකු ද පත්කෙරේ.

මෙයට අදාළ සංශෝධන පනත් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තුව වෙතද යොමු කෙරෙන අතර පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණු විගස එය ගැසට්‌ නිවේදනයක්‌ මගින් ප්‍රකාශයට පත්කෙරේ.

එසේම අල්කයිඩා සහ තාලිබාන් සංවිධාන සමඟ සබඳකම් පවත්වන්නන් විසින් පවත්වාගෙන යන අරමුදල්ද තහනම් කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාව මෙවන් නව නීති රීති පනවන්නේ මුල්වරටය.

[ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරේ හොල්මන් කරති | කීර්ති වර්ණකුලසූරිය | http://www.divaina.com/2013/01/20/news06.html]

සබැඳි ලිපි - අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී - http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html

ඉස්ලාම් ආගමට දරුවන් හැරවීමේ රචනා තරඟයක්


ඉස්ලාම් ආගමට මුස්ලිම් නොවන ළමයින් හරවා ගැනීමේ උපක‍්‍රමයක් කි‍්‍රයාත්මක වන්නේ යයි ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

පසුගිය සැප්තැම්බර් 18 සහ 19 යන දිනවල ජාතික පුවත්පත්වල මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කේන්ද්‍රය මගින් සංවිධානය කළ රචනා තරගයක පූර්ව දැන්වීමකින් මේ බව හෙළි වන්නේ යයි උන් වහන්සේ පෙන්වා දෙති.

‘මේ රචනාවෙ මාතෘකාව මිනිස්කමින් ලොව දිනූ උතුම් මහමුද් නබි තුමානෝ කියල. රචනාව ලියන්න ඉදිරිපත් කරපු පලමුවෙනි කොන්දේසිය තමයි සියලූම තරඟකරුවන් මුස්ලිම් නොවන සහෝදර සහෝදරියන් විය යුතුයි කියන එක.

මේ කොන්දේසියෙන්ම පේන්නෙ මේ අය මුස්ලිම් නොවන අය වෙතට තමන්ගෙ ආගම ලෙන යාම සඳහා කරන උපක‍්‍රමශීලී ව්‍යාපාරයක්.

මේ නිසා අපට හිතවත් මුස්ලිම් ආගමික නායකයන්ගෙන් අප ඉල්ලා සිටිනවා මේ වගේ දේවල් කිරීමෙන් අප අතර පවතින උතුම් වූ සමඟි සන්ධානය කඩා බිඳ දාන්න එපා කියල’

http://lankacnews.com/sinhala/news/89156/

මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි


- බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥණසාර හිමි

මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුව ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥණසාර හිමියෝ පැවැසූහ.

මූලධර්මවාදය පැතිරවීම සඳහා අන්තවාදී දේශකයන් රැසක්‌ නොයෙක්‌ වේශ නිරූපනය කරමින් මෙරටට පැමිණ ඇති බවත් ඔවුන්ගේ කපටි ක්‍රියාවන්ට අපගේ ඇතැම් පුද්ගලයන් රැවටී ඇති බවත් උන්වහන්සේ පැවැසූහ.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥණසාර හිමියෝ එම අදහස්‌ පළ කළේ කොළඹ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ඉකුත් 22 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ගලබොඩඅත්තේ ඥණසාර හිමියෝ මෙසේද පැවසූහ.

ජාතිය හා ආගම මුහුණදී ඇති උවදුරුවලින් ගලවා ගත යුතුයි. එහිදී ඕනෑම අභියෝගයකට අප මුහුණ දෙන්න සූදානම්. මුස්‌ලිම් අන්තවාදය පිළිබඳ හෙළිදරව් කිරීමෙන් පසු අපේ ජීවිතවලට විශාල අනතුරක්‌ පැමිණේවි. නමුත් අප ජීවින ගැන නොසිතා අපගෙන් මාතෘ භූමියට, ආගමට විය යුතු මෙහෙය ඉටුකරනවා.

රටේ පාලකයන්, ආරක්‍ෂක අංශ මේ පිළිබඳ මුණිවත රකිද්දී අපට ඉතිහාසයෙන් හිමි වුණු මඟ යමින් රට මුහුණදී ඇති අභියෝග ගැන රටට හෙළිදරව් කළා. අපගේ නිහඬතාව විරුද්ධවාදීන් අවියක්‌ කරගෙන තිබෙනවා. තව දුරටත් නිහඬ විය යුතු නැහැ.

අප බොදුබල සේනා සංවිධානය ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ ලෙස පසුගියදා ගල්µa නිවුස්‌ හි පළ කළ වාර්තාවක දැක්‌වුණා. ඊට පසු දින මෙරට µsනැන්සියල් ටයිම් පුවත්පතේ එම ලිපියම පළවුණා. මෙම සිදුවීම් අහඹු සිදුවීම් නොවෙයි. මේ සෑම දෙයක්‌ම ඉතාමත් සංවිධානාත්මකව සිදුවන ක්‍රියාවලින්.

අන්තවාදීන් එසේ කටයුතු කරද්දී අපගේ ජාතිය නසන අලුගෝසුවන් අප අතරම සිටිනවා. ජාතික ගුවන්විදුලි සේවාවේ අරාබි බසින් මුස්‌ලිම් ආගම වැළඳගන්නැයි දැන්වීම් යනවා. දැන්වීම් නිසා ලැබෙන මුදල්වලට ගිජුවී එය නතර කිරීමට බලධාරීන් කටයුතු කර නැහැ.

නැවත කිසිදිනෙක සර්ව ආගමික පුට්‌ටු ඇති කරන්න අප ඉඩ දෙන්නේ නැහැ. අපේ රට ඇµaගනිස්‌ථානයක්‌, සුඩානයක්‌ කරන්න අප ඉඩ දෙන්නේ නැහැ. මේ පිළිබඳව දේශපාලන නායකත්වය සොයා බැලිය යුතුයි.

මෙම අවස්‌ථාවට බොදුබල සේනා සංවිධානයේ ප්‍රධානි කිරම විමලජෝති හිමි, සීලරතන හිමි, විතාරන්දෙණියේ නන්ද හිමි, ලියන්වල ශාසනරතන හිමිවරු ඇතුළු හිමිවරු රැසක්‌ එක්‌වූහ.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2013/01/25/news27.html

Thursday, January 24, 2013

බුදුදහම විශ්ව යථාර්ථය බවට පිළිගන්නා මෑත අනාගතය දක්වා එය ආරක්ෂා කර ගැනුම - දිවයින කතුවැකිය

"සූකර සංග්‍රාමය"
Dinner - Nirvana Style - cozy Buddha bar lounge |  Buddhha bar longe music & international
Pic copied from - Bodu Bala Sena Jalaya (FB)



























මේ ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨතම විමුක්‌තිදායකයාණන් වහන්සේ හෙවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප අපගේ මහත් ගෞරවයත්, භක්‌තියත් හැම මොහොතකම පුද කර සිටින්නේ උන්වහන්සේ දෙසූ දහම සරණ ගිය මහා ලෝක සමාජයක සාමාජිකයන් වශයෙනි. එසේම, රටක්‌ සහ ජාතියක්‌ වශයෙන් ද උන්වහන්සේ කෙරෙහි මහත් සේ කෘතඥතා පූර්වක වීමට අපට හේතුවක්‌ තිබේ. ඒ, අද අප මේ භුක්‌ති විඳින ජීවිතය සකස්‌ කළ සහ එයට පදනම සැපයූ ජීවන දර්ශනය ද අනෙකක්‌ නොව උන්වහන්සේ දෙසූ දහම ඇසුරෙන්ම ගොඩනැඟුණක්‌ වීම ය.


එය එක්‌තරා ඥාන ධාරාවක්‌ වශයෙන්ද, ඒ ඥාන ධාරාව ඇසුරු කරමින් සහ පෝෂණය කරමින් වසන්නා සිංහල බෞද්ධයා වශයෙන් ද හඳුන්වනු ලැබේ. රටේ සභ්‍යත්වය සේම ඉතිහාසය ද ගොඩනැඟූ සිංහල බෞද්ධයන්ගෙන් රටේ ජීවත් වූ සිංහල නොවන්නකුට හෝ බෞද්ධ නොවන්නකුට තබා කුරා කුහුඹියකුටවත් වරදක්‌ සිදු වූයේ ද නැත. මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔවුන් අපේක්‍ෂා කළ ජාතික සහජීවනය යටතේ ආක්‍රමණිකයන්ට වෙසෙන්නට නො හැකි වුව ද, බොහෝ ජාතීන් බොහෝ කලක පටන් සිංහලයා සමඟ මෙහි ජීවත් වූයේම ය. වෙනත් ඕනෑම ආගමකට ගරු කිරීම යන විශිෂ්ට ආකල්පය යටතේ සිංහල බෞද්ධයෝ ඕනෑම ආගමිකයකුට මෙහි පැවතෙන්නටත් වර්ධනය වෙන්නටත් ඉඩකඩ ලබා දුන්හ.
බුද්ධ බාර් යනු දැනට කලක පටන්ම ලෝකය මුළුල්ලේ ක්‍රියාත්මක වන බෞද්ධ ධර්මයට එරෙහි අති නූතන වූත්, අති වනචාරී වූත් ව්‍යාපාරයකි. තම ව්‍යවස්‌ථා පොත පෙරළමින් මානව හිමිකම් ගැන ද ආගමික නිදහස සහ ගෞරවය ගැන ද පුදුම දේශනා පවත්වන බොහෝ බටහිර රටවල් තම රටවල් තුළ ක්‍රියාත්මක 'බුද්ධ බාර්' පිළිබඳව වදනකිනුදු විරුද්ධ නොවේ. තම ආගමට අපහාස කළේ යෑයි ඕනෑම කෙනකුගේ බෙල්ලටම වැඩේ දෙන්නට පුල පුලා බලා සිටින ඇතැම් අරාබි රටවල් ද බුද්ධ බාර් පවත්වාගෙන යන්නේ මහත් අභිරුචියෙන් බව පෙනේ.

ඒ කෙසේ වෙතත් ලෝකයේ මොනම රටකවත් ලෝකයේ වෙනත් මොනම ආගමික ශාස්‌තෘවරයකුගේa නමින් කසිකබල් බාර් හෝ හෝටල් හෝ පවත්වාගෙන යන්නේ නැත. එහෙත් අද ලෝකයේ ප්‍රධාන පෙළේ යුරෝපීය රටවල ද ඇතැම් අරාබි රටවල ද බුදුන් වහන්සේට අපහාස කිරීමේ පරම අරමුණින් බිහි වූ හෝටල්, සමාජ ශාලා, කැරොකේ ශාලා, විනෝද ශාලා තිබේ. මත්ද්‍රව්‍ය සහ නිර්වාණය එකක්‌ ලෙස සලකන සංගීත කණ්‌ඩායම් ද තිබේ. නොයෙකුත් පාරිභෝගික භාණ්‌ඩ සඳහා වන වෙළෙඳ නාමයන් ද බුද්ධ බාර් නමින් තිබේ. ලෝකයේ බොහෝ බෞද්ධ රටවල ජනතාව විසින් මේ පිළිබඳව විරෝධය දැක්‌වූ අවස්‌ථා කොතෙකුත් තිබේ. එහෙත් අදාළ කිසිදු රටක්‌ තම අසංස්‌කෘතික වනචරයන්ට ඒ අරභයා දුන් දඬුවමක්‌ තබා අවවාදයක්‌වත් නැත.

කුමන හේතුවක්‌ නිසා හෝ 'බුද්ධ බාර්' මෙතෙක්‌ කලක්‌ ශ්‍රී ලංකාවට පැමිණියේ නැත. ඒ මේ රටේ වෙසෙන බුදුන් වහන්සේට අතිමහත් ලෙස ගෞරවය, භක්‌තිය පුදන මිනිසුන්ගේ ඉවසීම ගැන සේම ඔවුන්ගේ ඉවසීමේ සීමාවන් ගැන ද බෞද්ධ විරෝධී උන්මත්තකයන් තුළ යම් දැනීමක්‌ තිබුණු නිසා විය යුතු ය.

එහෙත් පසුගිය 21 දා බේරුවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකින් වැඩේ අරඹා ඇති සෙයකි.

අදාළ හෝටලය තමන් විසින් සංවිධානය කළ රාත්‍රි සාදය නම් කර ඇත්තේ බුද්ධ බාර් යනුවෙනි. එහි ආහාර වට්‌ටෝරුව නිර්වාණ යනුවෙන් නම් කර තිබේ. මත්පැන් සඳහා වන කට ගැස්‌ම සෝවාන්, සකෘදාගාමි, අනාගාමි යනුවෙන් නම් කර තිබුණේ ද යනුවෙන් දැන ගන්නට නැතත් ඒවා සංවිධානය කරන්නේ එසේ කිරීමට බැරි අයියලා විසින් නොවන බවට සැකයක්‌a නැත.

කෙසේ වුවත් සිද්ධිය සැළ වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රධාන භික්‍ෂුන් වහන්සේ පිරිසක්‌ විසින් බුද්ධ බාර් සාදය වටලන ලද්දේ ය. බුදු දහමට අපහාස වන දැ පළ කිරීම, නිෂ්පාදනය කිරීම සේම ඊට අපහාස වන සේ කටයුතු කිරීම ද තහනම් කරන නීතියන් දැන් රටේ තිබේ.

අදාළ සාදය පිළිබඳව බොදු බල සේනා සංවිධානයට පෙර ආරංචි විය යුතුව තිබුණේ බේරුවල පොලිසියට වුවත් එසේ වූ බවක්‌ දැන ගන්නට නැත. ඒ නිසාම බොදු බල සේනා සංවිධානයේ මැදිහත්වීම පැසසීමට අපට සිදු වෙයි. ආගමික ශාස්‌තෲවරුන්ගේ නාමයෙන් කුණු සාද පවත්වන්නවුන් අයත් වන්නේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයකට යෑයි විශ්වාස කරන ගොබ්බයන් මේ රටේ සිටින්නට බැරි කමක්‌ නැත. එහෙත් ඒ 'සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය' තිබෙන රටවල වෙනත් කිසිදු ශාස්‌තෲවරයකු ඒ සඳහා තෝරා නොගෙන ඒ සඳහා බුදුන් වහන්සේම තෝරා ගන්නේ ඇයි ද යන්නට නම් පිළිතුරක්‌ ඔවුනට තිබෙන්නට පුළුවන්කමක්‌ ද නැත.

ආතර් සී. ක්‌ලාක්‌ වැනි ලෝක සම්භාවනාවට පාත්‍ර වූ මහා විද්වතුන් විසින් ද නූතන ලෝකයේ බොහෝ විද්‍යාඥයන් විසින් ද පසුගිය සතියේ පළ කරන ලද එක්‌තරා විද්‍යා අනාවැකියක්‌ තිබේ. එයට අනුව මුළු මහත් ලෝකය විසින් ම ඉදිරි වසර 50 කාලය තුළ බුදුÊදහම විශ්ව යථාර්ථය වශයෙන් එකහෙළා පිළිගනු ලබන්නේය.

අප සිතන්නේ ලෝකයේ සිටින සියලුම වර්ගවල මූලධර්මවාදීන් ඊට එරෙහිව ක්‍රමානුකූලව ගෙන යන සූකර සංග්‍රාමයේ පෙරමුණු බළ ඇණිය 'බුද්ධ බාර්' වැඩපිළිවෙළ බවය.

එය ශ්‍රී ලංකාව තුළට ගෙන ඒම නම් කොයි අමනයාටත් දහස්‌ වරක්‌ කල්පනා කර බැලිය යුතු ක්‍රියාවක්‌ බවට සැකයක්‌ නැත.
මූලාශ්‍ර - http://www.divaina.com/2013/01/24/editor.html


සබැඳි ලිපි -
තුන් ලොවට නයු වූ සම්මා සමිඳුන්ට අපහාස කළ 'බුද්ධ බාර්' හි 'නිර්වාණ' බුෆේ දුන් පාපතරයන් තවමත් නිදැල්ලේ
http://denethharinna.blogspot.com/2013/01/blog-post_23.html
'බුද්ධ බාර්', 'නිර්වාණ', 'අල්ලා බාර්' සහ 'කුරාණ්'
http://denethharinna.blogspot.com/2013/01/blog-post_6491.html
සමාන සිද්ධියකට අදාල පෙර ලිපිය -
හෙළ බොදුනුවන්ගේ මෙත් කරුණාව ගැන තවත් සහතික කුමට අවැසිද?
http://denethharinna.blogspot.com/2012/10/blog-post_15.html

බෞද්ධයන් ළඟ ජාතිවාදයක්, ආගම්වාදයක් නෑ


අපේ කම ගැන නොසිතා ආර්ථික රාමුව ගැන පමණක් සිතා බෞද්ධ ජනතාව කටයුතු කිරීම නිසා පුරාණ විහාරස්ථානවල දායක පිරිස් අඩුවී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කීය.

අපේකම, රටත්, ජාතියත්, ආගමත් රැකෙන්නේ තමන්ගේකම ගැන නොසිතා පරම්පරාවෙන් ලැබුණු දේපොළ විකුණා දමා වෙනත් පළාත්වලට ගිහින් පදිංචි වීමේ පුරුද්ද හදාගත් දිනක බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරයි. කිරුළපොත පැවැති උත්සව සභාවක් අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීවේය.

‘‘අපේ ආගම මහත් වූ පරාසයකට අපේ හදවත් විවෘත කර තිබෙනවා. අපේ පන්සල්වලට, පූජා භූමිවලට අයත්ව තිබූ ඉඩම්වල තමයි අද බොහෝ ආගමික සිද්ධස්ථාන පවත්වාගෙන යන්නේ. ඔවුන්ට ඒ භූමි අපේ ස්වාමීන් වහන්සේ විසින් ලබාදී තිබුණා. බෞද්ධයන් වශයෙන් අපේ ආගම අපට පුරුදුකර තිබෙනවා එවැනි පරිත්‍යාග  ඕනෑම වෙලාවක කරන්න.

අපි  ඕනෑම අවස්ථාවක පරිත්‍යාග කරන්න සූදානම් පිරිසක්. මහා සංඝ රත්නය වේවා. බෞද්ධයන් වේවා ඒ සියලූදෙනා ඒ නිසා ජාතිවාදයක්, ආගම්වාදයක් ඔවුන් ළඟ නැහැ.

මා දැඩිව විශ්වාස කරනවා රටේ සංවර්ධනය වේවා, අධ්‍යාපනය වේවා, පන්සල මුල්කරගෙන ලබාදීම අපේ යුතුකමක්. අපි සතුටු වෙනවා අනුනායක ස්වාමීන් වහන්සේ තමන්ගේ පළාතේ තිබෙන පාසල් පිළිබඳව විශේෂ උනන්දුවෙන් අදහස් දැක්වූවා. මේ පාසල්වල තිබෙන අර්බුද පිළිබඳව මට විස්තර කළා. එයින් පැහැදිළි වෙනවා තමන්ගේ පළාතේ තිබෙන පන්සල් ගැන විතරක් නෙවෙයි සමාජයේ අනෙකුත් ප‍්‍රශ්න ගැනත් උන්වහන්සේට කැක්කුමක් තිබෙනවා.’’


බෞද්ධයන් ළඟ ජාතිවාදයක්, ආගම්වාදයක් නෑ
January 23, 2013 at 1:03 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/89077/

තුන් ලොවට නයු වූ සම්මා සමිඳුන්ට අපහාස කළ 'බුද්ධ බාර්' හි 'නිර්වාණ' බුෆේ දුන් පාපතරයන් තවමත් නිදැල්ලේ

Dinner - Nirvana Style - cozy Buddha bar lounge |  Buddhha bar longe music & international
Pic copied from - Bodu Bala Sena Jalaya (FB)
පෙරේදා රාත‍්‍රියේ බොදු බල සේනා සංවිධානය විසින් වටලා ඇති බුද්ධ බාර් මාදිලියේ හෝටලය බේරුවල ‘සිනමන් බේ’ යයි අනාවරණය වේ. මෙම හෝටලයේ කෑමට තිබී ඇත්තේ නිර්වාණය.

බොදු බල සේනා සංවිධානයේ භික්‍ෂූන් වහන්සේලා කඩා වදින්නට පෙර ගිහි සාමාජිකයන් පිරිසක් එතුලට යවා ඔත්තු බලවා ඇති අතර එහිදී ඔවුන් දැක ඇත්තේ බුදුන් වහන්සේට ඉටිපන්දම් ගසා බුද්ද බාර් පාටිය ආරම්භ කර ඇති බවකි. වේටර්වරයා පවසා ඇත්තේ ඩිනර් එකට නිර්වාණ බුෆේ එකක් ඇති බවකි.

අනතුරුව භික්‍ෂූන් වහන්සේලා එතුලට කඩා වැදුනු විට හොටල් පාලනාධිකාරිය කිසිත් නොදන්නා අයවලූන් සේ හැසිරී ඇති අතර සිද්ධියේ වගකිව යුත්තන් මේ වන තෙක් පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන නැත.

මූලාශ්‍ර - බුද්ධ බාර් පාටියේ කෑමට නිර්වාණ, හෝටලය බේරුවල ‘සිනමන් බේ’
January 24, 2013 at 1:09 am | lanka C news

සබැඳි ලිපි -

'බුද්ධ බාර්', 'නිර්වාණ', 'අල්ලා බාර්' සහ 'කුරාණ්'
http://denethharinna.blogspot.com/2013/01/blog-post_6491.html
සමාන සිද්ධියකට අදාල පෙර ලිපිය -
හෙළ බොදුනුවන්ගේ මෙත් කරුණාව ගැන තවත් සහතික කුමට අවැසිද?
http://denethharinna.blogspot.com/2012/10/blog-post_15.html

Wednesday, January 23, 2013

'බුද්ධ බාර්', 'නිර්වාණ', 'අල්ලා බාර්' සහ 'කුරාණ්'

‘බුද්ධා බාර්’ බේරුවලින් ඇරඹේ
මූලාශ්‍ර - January 23, 2013 at 4:04 am | lanka C news

පසුගිය 21 රාත්‍රි 11ට පමණ බොදු බල සේනාවේ භික්ෂුන් වහ‍න්සේලා රාශියක් රහසිගත ගමනක යෙදුනහ. ඒ බේරුවල ප්‍රදේශයටය. බේරුවල පිහිට් එක්තරා හෝටලයකට මෙම භික්ෂුන් වහන්සේලා වැඩම කළහ.

ඒ අවස්ථාවේ එම හෝටලයේ අඑතින් ආරම්භ කළ මත්පැන් හලක් වෙනුවෙන් සාදයක් පැවැත්වෙමින් තිබිණ. බොදු බල සේනාවේ භික්ෂුන් වහන්සේලා පෙරටු කරගත් බෞද්ධ ප්‍රජාවද එම ස්ථානයට කඩා වැදුනහ.

එවිට දකින්නට ලැබුණේ හෝටලයේ ආරම්භ කළ මෙම මත් පැන් ශාලාව “බුද්ධා බාර්” යන නම්න් ආරම්භ කර ඇති බවය. එම අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා දැඩි විරෝධය පලකර සිටියහ.

එම හෝටලයේ සේවකයන් සහ කළමනාකරිත්වය භික්ෂුන් වහන්සේලාට පවසා සිටියේ බුද්ධාගමට නිගරුවන කිසිවක් මෙම හෝටලටයේ සිදු නොවන බවකි.

නමුත් ඒ වන විටත් භික්ෂුන් වහන්සේලා අත “බුද්ධා බාර්” ආරම්භක අවස්ථාවට සහභාගී වන ලෙසට විදේශිකයන් වෙත යොමු කරන ලද ආරාධනා පත්‍ර සහ ආහාර වට්ටෝරු ඇතුලත්ව තිබිණි.

එහි පැමිණ සිටි ප්‍රංශ ජාතිකයකු පවසා සිටියේ “බුද්ධා බාර්” රෙස්ටූරනය වෙත තමන් පැමිණි බවකි.
Dinner - Nirvana Style - cozy Buddha bar lounge |  Buddhha bar longe music & international
Pic copied from - Bodu Bala Sena Jalaya (FB)
සංවේගයෙන් පසුව ලියමි |
(අ)වාසනාවකට බේරුවලින් හමුවූයේ මහා කාරුණික තිලෝගුරු සම්මා සමිඳුන්ට අපහාස වන 'බුද්ධ බාර්' නම් මත්පැන් අලෙවි කෙරෙන, 'නිර්වාණ', නමින් නම් කෙරුනු මෙනු පත සහිත 'මිනි බාර්' එකකි. මෙය 'අල්ලා බාර්' සහ 'කුරාණ්' විණි නම් සමන්තුරේ, අක්කරයිපත්තු, කාන්තන්කුඩි, මාවනැල්ල, පුත්තලම, මාලිගාවත්ත, බේරුවල, තිහාරිය ආදී එකී, මෙකී, නොකී සකලවිධ පෙදෙස් වල මේ වනවිට දැවී ගිනිගෙන වැනසෙන රථ වාහන, ගොඩනැගිලි, අවහිර කර ටයර් පිළිස්සෙන මහ මං සමඟ එකිනෙකා පරයා හකීම්, සාලි, මව්ලානා, කබීර්, අතාවුල්ලා, රිෂාඩ්, පබා, වීරවංශ, අනුර කුමාර, කුරුටුගාමීන් සිද්ධියට එරෙහිව නිකුත් කරනු ලබන විරෝධතා ප්‍රකාශ මඟින් දිනපතා පුවත්පත් වල මුල් පිටු වසා ගනිමින් මහා යුද්ධයක් සිදු වනු ඇත. 

අහෝ! මේ බුදුන්ට නව වරක් පිදූ, සිහළ බොදු දේශයයි...

සමාන සිද්ධියකට අදාල පෙර ලිපිය -
හෙළ බොදුනුවන්ගේ මෙත් කරුණාව ගැන තවත් සහතික කුමට අවැසිද?
http://denethharinna.blogspot.com/2012/10/blog-post_15.html

Tuesday, January 22, 2013

නීති ප්‍රවේශ දමිළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රය පිටකළ අය මාට්ටු

පසුගියදා පැවති නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයේ සිදු වී ඇතැයි පවසන අක‍්‍රමිකතා සම්බන්ධව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විභාගයෙන් දිවයිනේ පළමු ස්ථානය සහ දෙවැනි ස්ථානය ලබාගත් සිසුන් දෙදෙනාගෙනුත් ප‍්‍රශ්න කර ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පළමු ස්ථානය ලබාගත් තැනැත්තා කොළඹ 13 පදිංචි නුසරත් යන අයකු වන අතර දෙවැනි ස්ථානය ලබාගෙන ඇත්තේ අෆ්රා නමැති ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචි සිසුවියක් බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙයින් පළමු ස්ථානය ලබාගත් සිසුවා ලකුණු 87ක් හා දෙවැනි ස්ථානය ලබාගත් සිසුවිය ලකුණු 84 ක් බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.

මොවුන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීමට හේතුව වී ඇත්තේ මීට පෙර රහස් පොලිසිය ප‍්‍රශ්න කළ උපකාරක පන්ති ගුරුවරු නීතිඥයාගේ පන්තියට මොවුන් දෙදෙනා ද සහභාගී වී ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එම ගුරුවරයාගේ පන්තියේ සිටි 60 දෙනකුගෙන් 58 දෙනකු සමත් වී ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.

නීති විභාගයේ ඉහළම ලකුණු ලැබූ දෙදෙනා රහස් පොලීසියට කැඳවයි
January 22, 2013 at 5:13 pm | lanka C news

[
සැබැඳි ලිපි -
නීති ප්‍රවේශ දමිළ මාධ්‍ය ප්‍රශ්ණ පත්‍රය වැල්ලවත්තේ උපකාරක පන්තියකදී පිටවෙලා...
http://denethharinna.blogspot.com/2013/01/blog-post_8.html
කරෙන් දැනුණ නීති හොරකම ගැන බරක්‌ නොගන්න රටක්‌!
http://denethharinna.blogspot.com/2013/01/blog-post_4196.html
නීති විභාගය ‘හලාල්’ කරලා. සාක්ෂි අපි සතුයි – චම්පික
http://denethharinna.blogspot.com/2013/01/blog-post_6.html
නීති විභාගයටත්, හලාල් මුදල් ගනුදෙනුවටත් මම සම්බන්ධ නෑ!!! - හකීම්
http://denethharinna.blogspot.com/2013/01/blog-post_3.html
හකීම්ගේ අන්තවාදයේ නිරුවත... නීති විදුහලේ කතාවේ දෙවන කොටස... සාමදාන විනිසුරුවන්ගේ පත්වීම්...!
http://denethharinna.blogspot.com/2013/01/blog-post_8807.html
ඉතා සූක්ෂමව මේ දැමෙන්නේ අනාගත නසරිථානයේ සවිමත් පදනමයි!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_7470.html
නීති විභාගයත් හලාල් ක්‍රමයට!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_29.html
නීති ප්‍රවේශ විභාගය පිටුපස අධිකරණ ඇමැති හකීම් ඉන්නවා...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_3609.html
නීති ප‍්‍රවේශ අක‍්‍රමිකතාවයක් නෑ - වි.කො | දත්ත සංඛ්‍යාන විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනියි! දමිළ මාධ්‍ය සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්?
http://denethharinna.blogspot.com/2012/12/blog-post_1255.html
නීති විදුහලට අවනීතිය
http://denethharinna.blogspot.com/2012/12/blog-post_19.html
හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_21.html
නීති විදුහලේ අවනීතියට එරෙහිව නීති ප්‍රවේශ සිසුහු නීතිය යදිති
http://denethharinna.blogspot.com/2012/12/blog-post_25.html
නීති විභාගය ජාතිවාදී වුණැයි රවුෆ් හකීම්ට එරෙහිව නඩු
http://denethharinna.blogspot.com/2012/12/blog-post_5792.html
]

Monday, January 21, 2013

මාගේ ආදරණීය මොරටු සරසවි සොයුරනට පුංචි සිහිකැඳවුමක්...

මාගේ ආදරණීය මොරටු සරසවි සොයුරනට පුංචි සිහිකැඳවුමක් කරමි. ඒ ඔස්සේ ඔබේ නුවණ නිති යොමුවේවා...!

මොරටුවේ එකිනෙකා ඇන කොටා ගන්නේ අපේම සිහළ උගත් දරුවන්ය. පෙරටුගාමී විජාතික මුලාවට හසුවී බොදු මතවාදයට එරෙහිව විදු බිම් තුළ අරගල කරන්නේද මුලාවේ වැටුනු සිහළ දරුවන්ය. මූසළුවන් හෝ දමිළයන් මේ කිසිවකුට සම්බන්ඳ නොවී තම වරිගයාට උපරිමයෙන් උදව් කරගනිමින්, තම ජාතිකත්වය වෙනුවෙන් උපරිමයෙන් කැපවෙති. අහෝ අපේම සිහළ දරුවන්, තම සහෝදරයන්ට එරෙහිව අවි ඔසවති.

සොයුරනි, මේ ජාතිය මූසළු අන්තවාදයෙන් බැට කමින් සිටින මොහොතයි. සෙනරත් නිරිඳුන්ගෙන් අභය ලද ඔවුන් අපේ නැගෙනහිර උරුමය වළදමමින් සිටින මොහොතයි. දෙරණ පුරාම වාණිජ බලය ඩැහැගනිමින්, තම ආර්ථික බලයට හෙළ දෙරණ නතු කර ගැනුමට වෙර දරන මොහොතයි. මහ ජාතියට නැති ඒ ආර්ථික බලයෙන්, පුද්ගලික අධ්‍යාපන ආයතන වෙත ගොස් සිප් සතර ජයගෙන ඔබට ඇති ඥානය, උගත්කම, බුද්ධිය, අර්ථික බලයෙන් පරාජය කරන යුගයයි. ජනගහන ජිහාඩයෙන් තම වරිගයා බෝ කරමින්, නොබෝ වසර කිහිපයකින් හෙළ දෙරණ, මූසළු දෙරණක් කරන්නට වෙර දර යුගයයි. 

නුඹලා සැබෑ උගතුන්ය. බුද්ධිමතුන්ය. නිදහස් අධ්‍යාපනයේ සවියෙන්, පෙර පින් බල මහිමයෙන්, ගණිතයෙන් ශිල්ප දක්වා වැඩිදුර තම හැකියාවන් වඩා ගැනුමට විදු පියසේ සෙවණ ලබන සැබෑ දක්ෂයින්ය.

ඉඳින් යහපත් ලෙස මේ ගැටුමට පිළිතුරු සොයන්නට නුඹට බැරි ඇයි?මතුව ඇති සියළු ගැටුමට සාකච්ඡාවෙන් පිළිතුරු සොයමු. එක මවකගෙ දරුවන් සේ දැයේ දියුණුව වෙනුවෙන් පෙළ ගැසෙමු. 

මේ සන්නිවේදනය තේරුම් ගැනුම, සවන් යොමු කෙරුම ඔබට ආසිරිම වේවා! මාගේ අදරණීය සොයුරනි, සියළු භේද පසෙකලා සිහළ ජාතියක් ලෙස අපි එක්වෙමු!


සබැඳි ලිපි - 
[
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
දෙබෑ වූ විශිෂ්ඨ බොදු උරුමය - මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ විසල්ම දාගැබ
http://denethharinna.blogspot.com/2012/11/blog-post_4485.html
මොට්ටාගලින් මහා උරුමයක සාක්ෂි මතුවේ!
http://denethharinna.blogspot.com/2012/11/blog-post_7167.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන 
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

ළමා නිවාසයට යන්න බෑ ෆාදර් මට ගහනවා


10 හැවිරිදි දරුවා අධිකරණයේදී කියයි
විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

"ළමා නිවහනට යන්න බැහැ. ෆාදර් මට ගහනවා" යෑයි මග්ගොන දොන් බොස්‌කෝ ළමා නිවාසයෙන් පැනවිත් කළුතර බස්‌ නැවතුම්පළේ සිටියදී පොලිස්‌ භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ 10 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක්‌ කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අළුත්ගේ මහතා හමුවේ කියා සිටියේය.

පාසල් නිල ඇඳුම පිටින් සැරසී කළුතර බස්‌ නැවතුම්පළේ රැඳී සිටි මෙම දරුවා නගරාන්තර බස්‌ රථ රියෑදුරකු වන තුෂාර සංජීව ප්‍රනාන්දු මහතා ඇතුළු බස්‌ නැවතුම්පළේ සේවක පිරිසක්‌ විසින් කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට 18 වැනිදා භාරදී තිබිණි.

නුවර ප්‍රදේශයේ පදිංචි මෙම දරුවාගේ පියා මත්පැන් පානය කර නිවසට පැමිණ මවට හා දරුවාට පහරදීම නිසා නුවර පොලිසිය විසින් අධිකරණය මාර්ගයෙන් මග්ගොන දොන් බොස්‌කෝ ළමා නිවහනට භාරදී තිබිණි.

ළමා නිවහනේ රඳවා සිටි මෙම දරුවා පාසල් යැමට ප්‍රමාද වීම නිසා මෙසේ පියතුමා විසින් පාරවල් කීපයක්‌ ගැසීම නිසා ඉකුත් 18 වැනිදා කොළඹ යැමට මග්ගොනින් බසයට නැග ඇතැයි පොලිසිය පවසයි.

කළුතරින් බසයේ ගමන් වාරය අවසන් වීම නිසා නැවතත් කොළඹ යැමට බසයක්‌ එනතුරු රැඳී සිටි මෙම දරුවා බස්‌ රථ රියෑදුරන් හා කොන්දොස්‌තරවරුන් විසින් මෙසේ පොලිසියට භාරදී තිබිණි.

පියතුමා ඉතාමත් සැර බවත් තමන් ඇතුළු ළමයින්ට පහරදෙන බවත් මෙම දරුවා පොලිසියට ප්‍රකාශ කර ඇත.

කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂිකා මල්කා තුෂාරි මහත්මියගේ උපදෙස්‌ පිට සැරයන් (26166) ලියනගේ මහතා "ඒ" වාර්තාවක්‌ මගින් දරුවා අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුව පයාගල ජයන්ති ළමා නිවහනේ රඳවා තබන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.
http://www.divaina.com/2013/01/21/news02.html

අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී


අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් යන ත‍්‍රස්ත සංවිධානවල සාමාජිකයන් සමඟ ශ‍්‍රී ලංකාව තුල සම්බන්ධ පිරිස් දැනටමත් උතුරු සහ නැගෙනහිර පළාත්වල...
සබඳකම් පවත්වන්නන්ට දෙවසරක සිර දඬුවමක් හා රුපියල් ලක්‍ෂයක් දඩ...

අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් යන ත‍්‍රස්ත සංවිධානවල සාමාජිකයන් සමඟ ශ‍්‍රී ලංකාව තුල සබඳකම් පවත්වන්නන්ට දෙවසරක සිර දඬුවමක් හා රුපියල් ලක්‍ෂයක නව නීති රීති පෙබරවාරි මාසයේ සිට පැනවීමට රජය තීරණය කර ඇත.


මෙම සංවිධානවලට සම්බන්ධ පිරිස් දැනටමත් උතුරු සහ නැගෙනහිර පළාත්වල සිටින්නේ යයි හෙළිව තිබේ. මෙම සංවිධාන සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරගත් යෝජනාවට එකඟත්වය පල කිරීමට රජය මෙම නව නීති රීති ගෙන ඒමට තීරණය කර තිබේ.

මේ යටතේ අදාල සංවිධාන සමඟ සබඳකම් පවත්වන්නන් විසින් පවත්වාගෙන යන මුදල් අරමුදල්ද තහනම් කෙරෙනු ඇත. ශ‍්‍රී ලංකාවේ මෙවන් නීති රීනි පනවන්නේ මුල්වරටය.



අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් ශ‍්‍රී ලංකාවේ තහනම් කිරීමට සූදානම්
January 19, 2013 at 12:51 pm | lanka C news

Friday, January 18, 2013

දෙවියන්ගේ කැමැත්ත මිනිසුන් ජීවත්වනු දැකීම ය


(රිසානාගේ කතාවේ අවසන් කොටස)

සුදුපාට ලෝගු ඇඳගෙන දවසට පස්‌ පාරක්‌ දෙවියන්ට යාඥ කරන පිරිමින් සිටින සෞදි අරාබිය රටේ ගැහැනුන්ට අන්දවන්නේ කලු පාටය. ඔවුහු දෙවියන්ගේ කැමැත්ත බව කියමින් තමන්ට අභිමත දේ කරති. තව කෙනෙකුගේ ගෙල කපා මරණ ලෙස කිසිදු දෙවියෙක්‌ කිසිම ආකාරයකින් කියා නැති බව අපට විශ්වාස ය. විශේෂයෙන් දුප්පත් රටක සිට තවත් රටක ගෙදරක බැල මෙහෙවර කිරීමට ගොස්‌ වරදකට හසුවන ගැහැනියකගේ ගෙල කපා මැරිය යුතු බව කිසිදු දෙවියකු කිසි විටෙකත් කියන්නේ නැත. රාජ්‍ය නායකයන් අතර අෙන්‍යාන්‍ය ගෞරවයක්‌ තිබිය යුතු අතර රිසානාට කිසියම් ආකාරයක සමාවක්‌ දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා සෞදියේ අබ්දුල්ලා රජුගෙන් දෙවරක්‌ ම ඉල්ලා සිටියේ ය. එහෙත් එය තඹ සල්ලි භාගයකට ගණන් නො ගන්නා ලදී. සෞදි අරාබිය ඇතුළු අරාබිකරයේ රටවල් බොහොමයක ගෝත්‍රික ප්‍රධානීන් මිස රජ පරම්පරාවල් නැත. කෙසේ හෝ වේවා රිසානා ඝාතනයේදී අරාබියේ සුදු ලෝගු යට ලේ තැවරුණු කගපත් ඇති බව හෙළි විය. සුද්දන් සහ ඇමරිකන්කාරයන් විසින් පෙට්‍රොaලියම් සොයා නො ගන්නට අරාබිකරයේ ප්‍රධාන ආහාරය අදටත් රටඉඳි ය. ප්‍රධාන පානය ඔටු කිරි ය. වාසස්‌ථාන කූඩාරම් ය. ඒවාද සත්ත්ව සමින් සාදනු ලැබේ. වසර 2007 දී නඩු අසා මරණ දණ්‌ඩනය ද නියම කර තවත් වසර 6 ක්‌ පමණ ඇය නො මරා තබා ගනිමින් සෞදි අරාබිය ඇයට දිගටම ජීවත් වීමේ අවකාශය හිමි වන බව අපට ඇඟවීම ය. ඒ නිසා කිසිදු ජාති භේදයක්‌ හෝ ආගම් භේදයක්‌ නො බලා මේ රටේ හැම කෙනෙක්‌ ම රිසානාගේ ජීවිතයට අනතුරක්‌ නැති බව කල්පනා කර සැනසුනහ. රිසානා ගේ හිස ගසා දමන දවසේ උදය වරුවේ සෞදියේ අරාබි පුවත්පත්වල පළවූq රජයේ දැන්වීමක්‌ මගින් කියන ලද්දේ එදින දහවල් 12 ට පෙර ඇය මරා දමන බවය. සෞදියේ පිහිටි ඇගේ ගොන් තානාපති කාර්යාලය අඩුම ගණනේ ඒ නිවේදනයවත් දැක්‌කේ නැත. මෙවැනි හිස ගැසීම් සිදු කරන්නේ විත්තිකරු හෝ විත්තිකාරිය බිම දණ ගස්‌වා මක්‌කම දෙසට මුහුණලා සිටින ලෙසට අණ කිරීමෙන් පසුව ය. ගහලයා, විත්තිකාරියගේa බෙල්ලට කඩුව පහත් කරන්නට ස්‌වල්ප වේලාවකට පෙර ඇයට මරණ දණ්‌ඩනය දෙන බව කියන නිවේදනය කියවනු ලැබේ. වධක භූමිය කරා විත්තිකරුවන් ගෙන යන විට ඔවුන් මැරීම සඳහා ගෙන යන බව නොකියන අතර දැස කලු රෙදි කඩකින් බැඳ අත්පාවලට විලංගු ලනු ලැබේ. බොහෝ දෙනා තමන් මරණය අභිමුඛයෙහි සිටින බව දැන ගන්නේ මරණ නිවේදනය කියවන විටය. එවිට බොහෝ දෙනා ක්‌ලාන්ත වෙති. එහෙත් ඔවුන් බිම වැටීමට පෙර ගහලයා ගෙල පිටුපසට කඩු පහර ගසයි. කඳින් වෙන් වන හිස විසිවන අතර එය විසි විය හැකි දිසාවේ බිම පොලිතින් අතුරා ඇත. මේ කෲර ක්‍රියාව දකින උඩ සිටින දෙවියන් බිමට කෙළ ගසනවා ඇත.

පුදුමයකට මෙන් රිසානාගේ හිස ගසා දැමීමත් සමඟම ඇමරිකාව හැර මුළු ලෝකයම සලිත විය. ඒ දිනවල ශිරාණි බණ්‌ඩාරනායකගේ අග විනිසුරු රස්‌සාව නැති වන විට එයට විරුද්ධව පෙත්සම් ගැසීමට පෙරේරලා සහ සරවනමුත්තුලා සමඟ කාර්ය බහුල වී සිටි ඇමැරිකාව ඉස්‌ලාමීය ජනයා කෙරෙහි ඇති වෛරයක්‌ පිරිමසන්නාක්‌ මෙන් රිසානාගේ හිස ගැසීම ගැන ප්‍රකාශයක්‌ පවා නිකුත් කළේ නැත. ඉස්‌ලාමීයයන් අතින් හෝ වේවා මිය යන්නේ ඉස්‌ලාමීයයකු නම් ඇමරිකාව එයට පක්‍ෂපාත බවක්‌ මෙයින් නො හැඟෙද?

අරාබිය දෙවියන්ගේ නාමයෙන් නීතිය අතට ගැනීමට විරුද්ධව සංවිධානය වීමට ලෝක ප්‍රජාව තුළ අවශ්‍යතාවක්‌ ඇතොත් රිසානාගේ හිස ගසා දැමීමෙන් පහළ වූ නිමිත්ත හැර වෙනත් සුදුසු නිමිත්තක්‌ යළි හට නොගන්නවා ඇත. ඉස්‌ලාමීය ප්‍රජාව අද ප්‍රමාණය ඉක්‌මවා කට වසාගෙන සිටින බව පෙනේ. නිරායුධ ඔසාමා බින් ලාදින් ඔහුගේ දූ දරුවන් ඉදිරියේදී මරා දැමීම යුද අපරාධයකි. සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුව බව කියමින් ඉස්‌ලාමීය ප්‍රජාව රවටා නිහඬ කර තැබීමේ ව්‍යාපාරයක්‌ පවතී. දෙවියන්ගේ කැමැත්ත මිනිසුන් මියයැම නොව ජීවත්වනු දැකීම ය. අයහපත නොව යහපත දැකීමය.
http://www.divaina.com/2013/01/18/editor.html

මූසළු රක්ෂණ, බැංකු... අවසානය ෂරියා නීතියද?



ඉස්ලාමීය මූල්‍ය මූල ධර්ම වලට අනුව ක්‍රියා කරන අමානා බැංකුව නැගෙනහිර පළාතේ සිය ශාඛා ප්‍රමාණය හයක් දක්වා පුළුල් කරයි. 

මේ අනුව, නව ශාඛාව නින්ටවුර් හි, ආරම්භ කර තිබෙන අතර කාත්තන්කුඩි, කල්මුණේ, ඔඩ්ඩමාවඩි, සමන්තුරේ සහ අක්කරපත්තු යන නගරවල දැනටමත් බැංකුවේ ශාඛා පිහිටුවා ඇත. 

මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන මෙම ප්‍රදේශවල යුද්ධයෙන් පසුව සිය ව්‍යාපාරික කටයුතු වලට සුවිශාල අවස්ථාවක් නිර්මාණය වී ඇතැයි මේ පිළිබඳව අදහස් දක්වමින් අමානා බැංකුවේ ප්‍රධාන විධායක, ෆයිසාල් සාලීහ් කියයි. 

බැංකුව විසින් මෙම ප්‍රදේශවල කෘෂි කාර්මික, ධීවර මෙන්ම වෙළඳාම් කටයුතු සඳහා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඉලක්ක කරමින් මූල්‍ය සේවා සපයන බව සඳහන්ය. 

අමානා බැංකුවේ කොටස් කරුවන් අතර මැලේසියාවේ Bank Islam, සෞදි අරාබියේ Islamic Development Bank සහ බංග්ලාදේශයේ AB Bank සිටී. http://lankacnews.com/sinhala/other-news/88762/

Pics & SHARIA info - http://www.amanabank.lk/index.php/en/amana-bank/sharia-banking

මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන

මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තිදෙනකුට මරණීය තර්ජන එල්ල කරමින් ජිහාඩ් නමැති සංවිධානයක්‌ මගින් ලිපි එවා ඇතැයි එම මාධ්‍යවේදීන් තිදෙනා මන්නාරම පොලිසියට පැමිණිලි කොට තිබේ.

මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වන ඒ. ටී. මාර්ක්‌, එෆ්. ආර්. ලැම්බට්‌ හා ජූඩ් පෙලිස්‌ටස්‌ යන තිදෙනාට මෙසේ මරණීය තර්ජන එල්ල වී ඇත්තේ මන්නාරම දිසාවිනිසුරු අන්තෝනි පිල්ලේ ජූඩ්සන් මහතාට රිෂාර්ඩ් බදියුදීන් ඇමැතිවරයා දුරකතනයෙන් තර්ජන එල්ල කළ අවස්‌ථාවේදී විනිසුරුවරයාට පක්‍ෂපාතීව ප්‍රවෘත්ති පළ කළ නිසා යෑයි එම ලිපිවල සඳහන් වී තිබේ.

තමන්ට එල්ල වූ මරණීය තර්ජනය ගැන පොලිසියට පැමිණිලි කළත් ආරක්‍ෂාව වෙනුවෙන් මෙතෙක්‌ කිසිදු වැඩපිළිවෙළක්‌ යොදා නැතැයි එම මාධ්‍යවේදීහු පැවසූහ.

පැමිණිල්ල ඔස්‌සේ පරීක්‍ෂණ පවත්වාගෙන යන නමුත් තර්ජනය කළ පිරිස ගැන මෙතෙක්‌ තොරතුරු අනාවරණය වී නොමැති බව මන්නාරම පොලිසිය පවසයි.
http://www.divaina.com/2013/01/18/news08.html

සබැඳි ලිපි -
නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය...
http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html
මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ
http://denethharinna.blogspot.com/2012/07/blog-post_25.html

Thursday, January 17, 2013

දෑ සමය වෙනුවෙන් පැය කිහිපයක් වැය කරන්නට අපිට බැරි වෙද මගෙ ඥාතිවරුනි?

මුතුන් මිත්තන්ගේ දා, රුහිරු, ජීවිත මඟින් ගොඩනැඟි මේ පින්බිම අන්තවාදී ග්‍රහණයෙන් මුදා ගැනුමට අපි එකාවන්ව අත්වැල බැඳ ගනිමු මගෙ ඥාතිවරුනි!
  • පෙබරවාරි 
  • 17 ප.ව. 3.00 ට මහරගම - බොදු සමුළුව - (බොදු බල සේනා)
  • 14 - (දවස පුරා) තරුණ ශීල සමාදානය - කූරගල - (බොදු බල සේනා) - අවලංගු වීමට හැකියාවක් ඇත.
  • 9 - ප.ව. 2.00 ට - බොදු සමුළුව - වරකාපොළ - (සිංහල රාවය)
  • 9 - පෙ.ව 9.00 - ප.ව. 4.00 ට - බොදු සමුළුව - මහනුවර ගුඩ්ශෙඩ් තැපැල් ශ්‍රවණාගාරයේදී - (බොදු බල සේනා)
  • 3 - ප.ව. 2.30 ට - බොදු සමුළුව - මාකුඹුර පුරාණ විහාරය - (බොදු බල සේනා)
  • 2 - ප.ව. 3.00 ට - බොදු සමුළුව - ඇහැළියගොඩ බස් නැවතුම අසල - (බොදු බල සේනා)
  • 2 - ප.ව. 2.30 ට - බොදු සමුළුව - රත්නපුර මැණික් කොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට - ඕමල්පේ සෝභිත හිමි සහ අක්මීමන දයරත්න හිමි -  (සිංහල රාවය රත්නපුර ශාඛාව සහ ජාතික සංවිධාන එකමුතුව)
  • 2 - ප.ව. 2.00 ට - දැනුවත් කිරීමේ වැඩසටහන - දඹුල්ල 
  • ජනවාරි
  • 26 -  ප.ව. 3.00 ට - අටවිසි බුද්ධ වන්දනාව සහ මහා රාවණ පූජාව - කූරගල - (සිව් හෙළ ජාතික ව්‍යාපාරය)
  • 25 - (දවස පුරා) ලේ දන්දීමේ හා ජාතිය දැනුවත් කිරීමේ වැඩසටහන - කෝට්ටේ ශ්‍රී සුනේත්‍රාරමය - කොට්ටේ
  • 25 පෙ.ව 11.00 ට  - දැනුවත් කිරීමේ වැඩසටහන පේරාදෙණිය මල්වත්ත - KS පිරිවර
  • 25 පෙ.ව 9.00 ට  - දැනුවත් කිරීමේ දේශනය - අනුරධපුර වජිරාරාමය - (රජරට බොදු හඬ) - පූලියද්දේ සුදම්ම හිමි (සිංහල රාවය)
  • 24 පෙ.ව 8.00 ට - හලාල් වලට එරෙහි විශේෂ වැඩසටහන -  කුලියාපිටිය නගරයේදී - මාතලේ වෙද හාමුදුරුවෝ 
  • 20 ප.ව. 5.30 ට - බෝධි පූජා පිංකම - වෑකඳවල විපුලසිරි හිමි සහ දේශනය - ප.ව. 7.30 ට - රද්දොළුගම ශ්‍රි බෝධි මළුව - පූලියද්දේ සුදම්ම හිමි (සිංහල රාවය) 
  • 20 ප.ව. 2.30 ට - දේශනය - පැල්පොල ශ්‍රී විසුද්ධාරාමය
  • 19 - ප.ව. 4.00 ට - විරෝධතාව - මහරගම බුවනෙකබා විදුහල අසල - අමතධම්ම හිමි (බුදු හිරු සංවිධානය)
  • 18 ප.ව. 5.00 ට - දැනුවත් කිරීමේ දේශනය - මාතර බෝ සමිඳු අභියස - පූලියද්දේ සුදම්ම හිමි (සිංහල රාවය)
  • 18 ප.ව. 3.00 ට - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල විහරස්ථානය -  වරකාපොළ (බොදු බල සේනා)
  • 18 පෙ.ව 10.00 ට - ඇත්කඳ රජ මහා විහාරය - කුරුණෑගල (බොදු බල සේනා)
  • 17 - ප.ව. 2.00 ට - දැනුවත් කිරීමේ දේශනය  - යටිනුවර - (බොදු බල සේනා)
  • 17 - පෙ.ව 9.00 ට - උඩුනුවර බලකාය පිහිටුවීම - දවුලුගල සම්මන්ත්‍රණ ශාලාව - මහනුවර - (බොදු බල සේනා)
මේ අපේ පින්බිමයි. ලොවට නිමල බොදු දැනුම බෙදන, අනාගත ලෝකයම දම් දැනුමෙන් මුසපත් කරවන, ඒ දම් ගඟේ උල්පතයි. එතෙක් එය රැකගැනුම, වත්මන් දුටු ගැමුණු පරපුරේ අපේ වගකීමයි.

Monday, January 14, 2013

කි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේ

හම්බන්තොට ගොඩවාය මුහුදු තීරයෙන් කි‍්‍ර.පූ. 200 වැනි කාලයක යැයි සිතිය හැකි ශී‍්‍ර ලංකාවේ සිට භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමු වූ බව ‘‘මාස්ටර් ඩයිවර්ස්’’ සමාගමේ සභාපති ආරියශීල වික‍්‍රමනායක මහතා පැවැසීය.

පසුගිය ඉරිදා තමන් විසින් කරන ලද කිමිදුම් ගවේශණයකදී මෙම නෞකාවේ නටඹුන් හමුවූ බවත් තඹ, යකඩ, මැටි භාණ්ඩ හා වීදුරු බෝල යනාදිය විදේශ රටවලට ප‍්‍රවාහනය කළ නෞකාවක් බවත් හෙතෙම සඳහන් කළේය.

‘‘මේ නැව හම්බවුණේ හම්බන්තොට නව වරාය ඉදිරිපිට මුහුදේ තිබිලා. අඩි 127 ක් විතර ගැඹුරින් නැව රැඳිලා තිබෙනවා. නැව නිර්මාණය කරලා තිබුණු ලීය දිරාපත් වෙලා තිබුණත් ප‍්‍රවාහනය කරමින් සිටි භාණ්ඩවලට හානියක් වෙලා නෑ. මැටි වළං, තඹ, යකඩ ආදිය ඒ භාණ්ඩ  අතර තියෙනවා.

දැන් නව හම්බන්තොට වරාය හැදෙන්නේ පැරැණි වරාය තිබ්බ තැනම තමයි. කි‍්‍රස්තු පූර්ව කාලේ ලංකාවේ ජනතාව හම්බන්තොට ප‍්‍රධාන වරායක් ලෙස සලකලා විවිධ රටවල භාණ්ඩ හුවමාරු කිරීමේ ප‍්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළේය. මේක ‘‘ලෝක වරාය’’ කිව්වොත් හරි. අද වුණත් අපි හම්බන්තොටට ඒ තත්ත්වය ලබාදෙන්න  ඕනේ. මේ විදියට පුරාණ නැවි කොටස් හමුවීමෙන් එම කාරණය තහවුරු වෙනවා’’ යයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
http://lankacnews.com/sinhala/news/88614/ [Picture is not related with the story]

Picture from - http://www.google.lk/imgres?um=1&hl=en&sa=N&tbo=d&biw=1280&bih=899&tbm=isch&tbnid=yGbptjTSuN-s3M:&imgrefurl=http://www.scubadiving1.com/Sunken%2520Ship%2520Found%2520Treasure.html&docid=ynw_qnQeWpHaWM&imgurl=http://www.scubadiving1.com/Sunken%252520Ship%252520Found%252520Tresure/Sunken%252520Ship%252520Found%252520Treasure%252520Ceramics%252520and%252520Jars%252520from%252520a%252520old%252520chinese%252520Shipwreck%252520in%252520the%252520South%252520China%252520Sea.jpg&w=567&h=378&ei=fg70UPWJF8r-lAW8moAg&zoom=1&iact=rc&dur=407&sig=110640265295672869584&page=1&tbnh=142&tbnw=216&start=0&ndsp=30&ved=1t:429,r:6,s:0,i:97&tx=72&ty=52

නිධන් හොරු ඇල්ලු පොලිස් නිලධාරියා මාරුකරලා...


නැගෙනහිර උරුමය වනසන්නට අනුබල දෙන රජයේ ප්‍රබලයා කව්ද?
සිහළ බොදු ඡන්දයෙන් බලයට පත්වූ ආණ්ඩුව අන්තවාදීන්ගේ බලයට යටද?
නැගෙනහිර පළාතේ චෛත්‍යයක් ඩෝසර් කිරීමට අදාළ සිද්ධියේදී වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට කි‍්‍රයාකළ පොලිස් නිලධාරිවරයා මාරු කිරීම සම්බන්ධව ජනාධිපතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට දැන්වීමට පියවර ගන්නා බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා සඳහන් කළේය.

කිසිවකුගේ හෝ බලපෑමකට එවැනි දෙයක් සිදුවී ඇත්නම් එමගින් නිලධාරීන් හා මහජනතාවගේ උදාසීනවීමක් සිදුවිය හැකි බැවින් මේ පිළිබඳ සොයා බැලීමේ අටියෙන් තමා එම ප‍්‍රදේශයේ සංචාරය කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා පැවසීය.

‘‘නැගෙනහිර පළාත් චෛත්‍යයක් ඩෝසර් කළ පිරිසක් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ ඉන්ස්පෙක්ටර් මහත්තයා මාරු කළ බවට ඒ ප‍්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා ලිපි මගින් මට දැනුම් දුන්නා. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් ඒක හරිම අපරාධයක්. මේ ගැන සොයා බලන්න එම ප‍්‍රදේශයට මම යනවා’’ යනුවෙන්ද ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

‘‘පුරාවස්තු මංකොල්ල කන අය අල්ලා දඩගැහුවාට පස්සේ එම වැටලීම් කළ නිලධාරියා මාරු කරනවා නම්, ඒ නිසා මහජනතාව වගේම අපේ නිලධාරීනුත් උදාසීන වෙන්න පුළුවන්. කාගේ හරි බලවේගයකට එම නිලධාරියා මාරු කරලා නම් ඒක ලොකු ප‍්‍රශ්නයක්. මම මේ ගැන ජනාධිපතිතුමාට හා ආරක්ෂක ලේකම්තුමාට දැන්වීමට පියවර ගන්නවා.’’ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
http://lankacnews.com/sinhala/news/88639/

Saturday, January 12, 2013

රිසානාගේ මරණය හා ගෝත්‍රික සමාජය


ගෘහ සේවිකාවක ලෙස වයස අවුරුදු 17 දී සෞදි අරාබියට ගිය රිසානා නෆික් කුඩා දරුවෙකුට කිරි පෙවිමේදී කිරි පිට උගුරේ ගොස් දරුවා මිය යන ලදී. සෞදි අරාබි පොලිසිය සිව් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් එදිනම ඇය අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසියේ බලහත්කාරය මත දරුවා මැරූබවට බලෙන් පාපොච්චාරණයක් ද පොලිසිය රිසානා ගෙන් ලබාගත්තාය. රිසානාට නිදහස ලබා දෙන්නැයි ශ්‍රී ලංකා ජනාධිපති ඉල්ලීමක් කෙළේය.

එසේම ආසියා මානව හිමිකම් සංවිධානය ඇතුළු සංවිධාන රැසක් සෞදි අරාබියෙන් රිසානාගේ නිදහස වෙනුවෙන් මැදිහත් වුහ. ඒ අතරේ රිසානා බේරා ගැනීම සඳහා කියමින් අපගේ දේශපාලකයෝ වරින් වර විදේශ සංචාර වලටද ගියහ.

නමුත් මේ කිසිවක් නොසැලකු සෞදි අරාබි රජය ම්ලේච්ඡ ෂරියා නීතිය අනුව ත්‍රිකුණාමලයේ මුතුර්හි දිළිඳු පවුලක උපත ලැබූ දරිද්‍රතාවය නිසා අරාබියේ වහල් සේවයට යාමට කොළඹ රැකියා එජන්සියෙන් බොරු වයසක් දමා බොරු ලියවිලි හදා සෞදි අරාබියට එවූ රිසානා නෆික් ගේ හිස ගසා දමන ලදී.

සෞදි අරාබිය යනු ලංකාව වැනිම ගෝත්‍රික, ශිෂ්ටත්වයේ අරුණලු නොදුටු අසංස්කෘතික රටකි. නමුත් අරාබිය තෙල් වලින් පොහොසත් ය. ඒ නිසා සෞදි අරාබිය යනු ධනවත් ගෝත්‍රික රටක් වන අතර ලංකාව හිඟන ගෝත්‍රික රටකි.

 එසේම අපේ රටේ දේශපාලකයන්ගේ ක්‍රියාකාරකම් ගැන ජාත්‍යන්තරයේ තිබෙන අවබෝධය නිසා කිසිදු ශිෂ්ට රටක් ලංකාව ගණන් ගන්නේ නැත. මේ නිසා සෞදි අරාබියේ රජතුමා රිසානාට නිදහස ලබා දෙන්නැයි ලංකාවේ ඉල්ලීම පයිසෙකටවත් මායිම් කලේ නැත.

රිසානාගේ මරණය ගැන ලංකාවේ බෞද්ධ ජනයා එළිපිටම කම්පිත වූ නමුත් ලාංකික මුස්ලිම් ආගමික නායකයෝ කිසිවෙකු මෘග ෂරියා නිතිය විසින් ගෙල සිඳ දැමු බාල වයස්කාරිය ගැන කිසිදු ප්‍රකාශයක් නොකිරීමද මෙහිදී කැපී පෙනුනි. මව සමග කුඩා දරුවන් බෙල්ල මිරිකා මරා කිරි දරුවන් ගිනි තබා මරා දමන ලංකික ඝාතකයන්ට , ස්ත්‍රී දූෂකයන්ට දඬුවම් කිරීමට ෂරියා නිතිය ඉල්ලන සයිබර් අවකාශයේ වීරයෝද මේ කාලයේ කිසිවක් ප්‍රකාශ නොකරති.

රිසානාගේ මරණය ඉදිරියට දමාගෙන බලු සේනා වලට දැන් යමරෙට මුස්ලිම් විරෝධී ජාතිවාදී සටන් ඉදිරියට ගෙන ගිය හැකි මාතෘකාවක් ගෝත්‍රික සෞදි අරාබි රජය විසින් සපයා දී තිබේ. අරාබියේ වහල් සේවයට අපේ ගෑණු නොයවන ලෙසටද ඉල්ලීම් මතු වී තිබේ. නමුත් අරාබියට මේ සපයන වහල් සේවය කිසිදා නවතින්නේ නැත.

රට කරවන එවුන්ට ලැම්බෝගිනි පැදීමට, පාර්ලිමේන්තුවේ එකාලාට තීරුබදු රහිත සුපිරි වාහන ලබාගැනීමට, අතිකාල කියමින් නිලධාරීන්ට ගාන කපා ගැනීමට, ගම් වල පිරිමින්ට අලසව ගෙවල් වල සිට හවසට කසිප්පු අඩියක් ගැසීමට මුදල් සහ පහසුකම් සපයන්නේ මේ අරාබියේ කඹුරන වහල් සේවිකවෝය.

මේ නිසා අපේ ගෑණුන්ගේ බෙලි කැපුවද, පුලුස්සා මැරුවද , ඇන ගැසුවද මැදපෙරදිග වහල් සේවය මේ කපේට කිසිවෙකු නවත්වන්නේ නැත.

අපේ මිනිසුන් කතා කරන්නේ රාවනා යුගය ගැනය , හෙළ හාස්කම් ගැනය නමුත් අරාබියේ වහල් සේවයට තමන්ගේ ගෑණි යවා දෝණිය අඹුකමට ගන්නා ලාංකිකයා ගැන කතා කරන්නේ නැත. බලාගෙන යන විට සෞදි අරාබිය කැපුවේ රිසානා නෆික් ගේ බෙල්ල පමණක් නොවේ ජැක්සන්ලා සුරියප්පෙරුමලා නිතර පාරම්බාන ලංකික අභිමානයේ ගෙලද ඉන් කපා දැමුණි.

අමිල ගුණරත්න

http://www.gossip9.com/2013/01/blog-post_12.html#more

ප.ලි.
සම්පූර්ණයෙන්ම ලේඛකයාගේ මතය සහ එකඟ නොවුවද ගෝත්‍රික සමාජය පිළිබඳව සටහන් තැබෙන නිසා පලකළෙමි. 

බොදු ශිෂ්ඨාචාරයෙන් මඟ පෙන්වූ බොහෝ විදේශිකයන් පවා පිළිගන්නා ලාංකීය ජනයාගේ යහපත් සිරිත් විරිත් පහත හෙළා සටහන් කිරීම පිළිබඳව 'දෙනෙත් හරින්න' ලේඛකයා සෘජුවම එරෙහි වෙයි. (මෙහිදී ලංකාවේ මාධ්‍ය මඟින් මවා පෙන්වූ උදාහරණ කිහිපයක් සමස්ථ ලාංකීය ප්‍රජාව නියෝජනය නොකරයි) සිද්ධියෙන් පසුව අලෙවි මව්ලානාද ලාංකීය ප්‍රජාව බොහෝ වර්ණානා කළ බව මතක් කරනු කැමැත්තෙමි.

මෙම සිද්ධිය සමඟම ඉහත ලේඛකයා පාලකයන් අමතක කර තිබෙන සිහළ බොදු උරුමය වෙනුවෙන් ක්‍රියා කරනා සංවිධාන වලට පහර ගසන්නට යම් උත්සාහයක් ගෙන ඇති බව පෙනීයන අතර එයට කොන්දේසි විරහිතව එරෙහි වෙමු!

-දෙනෙත් හරින්න!- අපි