Pages

Monday, April 10, 2017

දකුණේ ධීවරයන්ට ඔරවන විග්නේෂ්වරන් ඉන්දීය ධීවරයන් ළඟදී මීයා වගෙයි! - ඕමල්පේ සෝභිත හිමි

මෙරට දකුණේ ධීවරයන්ට උතුරට නොඑන ලෙස පවසන එම පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් වීරයාට හැකිනම් දකුණු ඉන්දියාවේ සිට පැමිණ උතුරේ මත්ස්‍ය සම්පත කොල්ලකන ඉන්දියානු ධීවරයන්ට එරෙහිවත් කතා කරන මෙන් අභියෝග කරන බව විද්වත් සංඝ සභාවේ සභාපති දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (30 වැනිදා) "දිවයින" ට පැවසූහ.

උතුරු මහ ඇමැතිවරයා මේ දක්‌වා දකුණු ඉන්දියානු ධීවර කොල්ලකරුවන් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් එක වචනයක්‌ කතා කර නැති බවත් උන්වහන්සේ කීහ.

විග්නේෂ්වරන් තුළින් පිටවන්නේ මිනීමරු ප්‍රභාකරන්ගේ හඬම බවත්, පුද්ගලයන් වෙනස්‌ වූවාට ඔවුන්ගේ අරමුණු වෙනස්‌ වී නැති බවත් ඕමල්පේ හිමියෝ පැවසූහ.

සම්පත් උතුරේ හෝ දකුණේ කියා දෙයක්‌ නැති බවත්, ඒ සියලු සම්පත් අයිති මුළු රටටම බවත් උන්වහන්සේ කීහ.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2017/04/09/news12.html

0 comments: