Pages

Friday, April 21, 2017

කුණු බැහැර කිරීමට බාධා කළොත් අත්අඩංගුවට - ජනපතිගෙන් විශේෂ ගැසට්‌ නිවේදනයක්‌!

සියලුම පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (20 දා) මධ්‍යම රාත්‍රි 12.00 සිට බලපවත්වන පරිදි විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කර ඇත.

එම ගැසට්‌ නිවේදනයට අනුව අපද්‍රව්‍ය බැහැර කිරීමට බාධා කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන බරපතළ වැඩ සහිත සිරදඬුවම් පැනවිය හැකිය.

එම ගැසට්‌ නිවේදනය මෙසේය,

මහජන ආරක්‌ෂක පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද නියෝගයක්‌ අනුව, ඕනෑම පළාත් පාලන ආයතනයක්‌ විසින් ක්‍රියාත්මක කරන හා පවත්වාගෙන යනු ලබන අපද්‍රව්‍ය ඉවත් කිරීම, එකතු කිරීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, සකස්‌ කිරීම, වෙන් කිරීම, බැහැර කිරීම සහ මහාමාර්ගවල ඇති අපද්‍රව්‍ය, නිවෙස්‌වලින් බැහැර කරන අපද්‍රව්‍ය හා ඊට සමාන කාර්යයන් පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග මෙම නියෝගයට අදාළ වේ.

එමෙන්ම මේවා අත්‍යවශ්‍ය සේවා බවට එමඟින් නියම කර ඇත.

එමඟින් පහත සඳහන් ක්‍රියාමාර්ග ආවරණය වේ.

01 - යම් කිසිවකු පුද්ගලයකුට හෝ දේපළවලට වාචිකව හෝ ලිතව හිංසනයක්‌ සිදුකිරීමෙන් එනම් තර්ජනය කිරීම, බලහත්කාරයෙන් හෝ කුමන අන්දමකින් හෝ අපහාසයකින් හෝ අන් ක්‍රමයකින් එම කාර්යයන්හි යෙදීම වැළැක්‌වීම, බාධා කිරීම, ප්‍රමාද කිරීම හෝ අවහිර කිරීමට තැත් කිරීම වරදකි. එමෙන්ම මෙවැනි ක්‍රියාවන් සඳහා බලපෑම, ජනතාව ප්‍රකෝප කිරීම, අන් අන්දමකින් පෙළඹවීම මඟින් එවැනි සේවා පවත්වාගෙන යාමට යමෙකුට බාධා කිරීම, රැකියාවෙන් ඉවත්වන ලෙස බලපෑම් කිරීම නීති විරෝධී වේ. තවද මෙවැනි කාර්යයන් සඳහා රැකියා අවස්‌ථාවන් සැපයීම හෝ රැකියාවන් භාර ගැනීම වැළැක්‌වීම ද එසේම වරදකි.

මෙකී ක්‍රියාවන් සඳහා කිසිවකු ශාරීරිකව හෝ වාචිකව හෝ ලිතව හෝ බලපෑම් කිරීම, දඬුවම් ලැබිය හැකි වරදක්‌ වේ.

02 - මෙම පනතේ විධිවිධාන අනුව උක්‌ත ක්‍රියාවන් කළ හෝ කරන හෝ කළේ යෑයි සැක කිරීමට සාධාරණ හේතු ඇතිවිට ඕනෑම පොලිස්‌ නිලධාරියෙකුට වරෙන්තු රහිතව, ඕනෑම අවස්‌ථාවක එවැන්නකු අත්අඩංගුවට ගත හැකිය.

03 - මෙවැනි වරදකට හසුවූ කෙනකු මහෙස්‌ත්‍රාත්වරයකු ඉදිරිපිට නඩු විනිශ්චයකින් පසුව බරපතළ වැඩ සහිත සිරදඬුවමකට යටත් කළ හැකි වේ.

ජනාධිපති මාධ්‍ය අංශය
http://www.divaina.com/2017/04/21/news25.html

Pic Source

0 comments: