Pages

Wednesday, February 26, 2014

කොටි මෙන්ම ඉන්දීය හමුදාවත් ම්ලේච්ඡ ක්‍රියා කළා - අමිර්තලිංගම්ගේ පුතා කියයි

අමිර්තලිංගම්
කොටි ක්‍රියාකාරීන් සහ ඉන්දීය සාම හමුදාවද ම්ලේච්ඡ ක්‍රියා සිදුකළ බව ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායකයාව සිටි අමිර්තලිංගම්ගේ පුත් බහතිරානන් අමිර්තලිංගම් පවසයි.

සටන්කාමී කණ්‌ඩායම්ද එකිනෙකා මරාගත් බව අමතක නොකළ යුතුය. සන්නද්ධ අරගලයට සම්බන්ධ සියලු දෙනා මානව හිමිකම් උල්ලංඝනය කළා යයි ඔහු කියා සිටියේය.

ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික සම්බන්ධතා එල්ලවුවහොත් එහි ප්‍රතිඵල සිවිල් වැසියන්ට දැරීමට සිදුවන බවත් එවැන්නක්‌ නොකළයුතු බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

උතුරු නැගෙනහිර ලේ වැගිරීම් සිදුවන්නේ නැතැයි කී අමිර්තලිංගම් උතුරේ යටිතල පහසුකම් නංවා ඇතැයි ද කීවේය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/02/25/news04.html

Pic Source

Monday, February 24, 2014

පාලිතගෙ බස් හරඹින් ඔප වූ ක්‍රිකට් හරඹ - දැන් මෙන්න ලුහුට්‌ටන් අතරින් පන්දුව ලුහුටලා හතරේ සීමාවට යනවා..

ක්‍රිකට්‌ පන්දුවත් පිත්තත් අතර සෙල්ලම් කරමින් කවුරු ජය පරාජය භුක්‌ති වින්දද ඒ සෙල්ලම මෙරට සුවහසක්‌ අසන්නන්ගේ දෙසවන් පුරා රැව් පිළිරැව් දෙමින්, තරගයක්‌ නොබලන අයට තරගයක සජීව දසුන් චිත්ත රූපයක්‌ මෙන් මවා පාමින් විස්‌තර විචාරය කිරීම විටෙක බෙල්ල ගසා යා හැකි බරපතළ කර්තව්‍යකි. ඒ කර්තව්‍ය ඉටු කළ සමාරම්භක කටහඬක පළමු පිවිසුම 'අපි නොදන්න ක්‍රිකට්‌' ඔස්‌සේ ඉකුත් සතියේදී පළ කළෙමු. හේ පාලිත පෙරේරාය. ඔහු එදා ලද ඒ රසවත් අත්දැකීම් හි තවත් කොටසක්‌ මෙවරද 'අපි නොදන්න ක්‍රිකට්‌' හි ප්‍රධාන තේමාව විය.

1960 දශකයේ මැද භාගය වන විට ඉංග්‍රීසි ක්‍රිකට්‌ විස්‌තර ප්‍රචාරයන් අභිබවා සිංහල විස්‌තර ප්‍රචාරයන් රට තුළ ප්‍රචලිත වී තිබුණි. එකල සිංහල විස්‌තර විචාරකයන්ට කුඩම්මාගේ සැලකිල්ලට ලක්‌ව තිබුණ යුගයකි. 1963 ප්‍රථම සජීව ක්‍රිකට්‌ විස්‌තර විචාරය ගෙන ඒම සඳහා වහලක්‌ නොමැති අඩි හතරහමාරක්‌ පහක්‌ පමණ උසැති කුඩා වේදිකාවකට පාලිත ගොඩ විය. එහි එක්‌ අයකුටද අත පය දිග හැරීමට තරම් අපහසුය. එහෙත් ඉංග්‍රීසි විස්‌තර විචාරය සඳහා ඇලුමිනියම් අට්‌ටාලයක්‌ සකස්‌ කර තිබූ අතර එහි පහසුවෙන් දෙදෙනකුට අසුන්ගත හැකි විය. අව්වෙන් බේරීම සඳහා වහල හා වටේට කැන්වස්‌ රෙදි අතුරා තිබුණි. පසුව ඉංග්‍රීසි විචාරයට වඩා සිංහල විචාරය ඉස්‌මතු වද්දී 1968 වන විට ඇලුමිනියම් අට්‌ටාලය සිංහල නිවේදනයට ලැබුණි. 

'එදා සිංහල විස්‌තර ප්‍රචාරයන්වලට තදින් පහර දෙන්න ඉංග්‍රීසි පුවත්පත් වල තීරු ලිපි සහ වෙනත් ලිපි මගින් පටන් ගෙන තිබුණා. එකල 'ඩේලි මිරර්' පුවත්පතට තීරු ලිපියක්‌ ලියූ මාණ්‌ඩලික ලිපිකරුවකු අපව උපහාසයට ලක්‌ කර තිබුණේ... "මේ මිනිස්‌සු මේ දොඩවන මනස්‌ගාත මොනවාද? තව ටික කලක්‌ යන්න පෙර මේ අය කියාවි Short leg ට 'කොට කකුල' කියලා. Silly point ට 'මෝඩ තැන' කියල. No Ball එකට 'බෝලෙ නෑ' කියලා යනුවෙනි. මෙම සිදුවීම 'පාලිත පෙරේරා සමග සජීව ලෙසින්...' නම් කෘතියෙහිද සඳහන්ය. එම කෘතියේ සඳහන් තවත් අපූරු සිදුවීමක්‌ පාලිත අප සමග මෙසේ විස්‌තර කර සිටියේය. 

'ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරියකු වූ වින්සන්ට්‌ පණ්‌ඩිත මහතා ගුවන් විදුලියේ අධ්‍යක්‍ෂ ජනරාල්ව සිටි සමයෙක, සිංහල ක්‍රිකට්‌ විස්‌තර ප්‍රකාශයේදී එතෙක්‌ මා භාවිතා කළ වචන සහ යෙදුම් වෙනුවට රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුවෙන් සපයන ලද පාරිභාෂික වචන ලැයිස්‌තුවක්‌ භාවිතා කරන ලෙස මට එවා තිබුණා. ආනන්ද - නාලන්දා තරගයේදී මට ඒ වචන භාවිතා කරමින් විස්‌තර විචාරය කරන්න නියම වී තිබුණා. ඕවල් ක්‍රීඩාංගණයේ වටේට සවි කර තිබූ ලවුඩ්ස්‌පීකරවලට අප කරන සජීව ගුවන් විදුලි විකාශය ප්‍රේක්‍ෂකයන්ටත් ඇහෙනවා. එහිදී ස්‌ලිප්ස්‌ ක්‍රීඩකයන් සඳහා තිබුණ පදය වූයේ 'ලුහුට්‌ටා' ය. කඩුලු රකින්නාට 'වැට රකින්නා' ලෙසය. මම දැන් කියනවා 'පළමුවැනි ලුහුට්‌ටා, දෙවැනි ලුහුට්‌ටා, තුන්වැනි ලුහුට්‌ටා.. දැන් මෙන්න ලුහුට්‌ටන් අතරින් පන්දුව ලුහුටලා හතරේ සීමාවට යනවා.." ටික වේලාවක්‌ යන විට එඩ්මන්ඩ් තිලකරත්න කියල මහත්තයෙක්‌ මගේ පිටට තට්‌ටු කරල කිව්වා 'පාලිත මොනවද ඔය කියවන්නෙ... අර අහන්න... අන්න පැවිලියන් එකේ ඉන්න මිනිස්‌සු එක දිගට හූ කියනව ඕක අහල.." කියල. පසුව ප්‍රධාන කාර්යාලයේ උපදෙස්‌ ලැබුණ ගමන් මම වහාම මගේ සුපුරුදු භාෂාව පාවිච්චි කරමින් විස්‌තර විචාරයේ යෙදුණා. පාරිභාෂිත වචන භාවිතය එතැනින්ම ඉවරයි.

මට මතකයි 1986 දී කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ තිබුණ ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය අතර තරගයක අපූරු සිදුවීමක්‌. මම ටකරන් අට්‌ටාලයට වෙලා විස්‌තර විචාරය ගෙන එන ගමන් තණතිල්ල මැද ෂිලි පොයින්ට්‌ හි පන්දු රකින අර්ජුන රණතුංග සහ පිතිකරු ජාවෙඩ් මියෑන්ඩාඩ් අතර පොඩි රණ්‌ඩුවක්‌. ඕක දුරදිග ගිහිල්ල ටික වෙලාවක්‌ තරගය නතර කළා. රණ්‌ඩුව මොකක්‌ද කියල අපිට තේරෙන්නෙ නැහැ. ඒත් අපි විස්‌තර විචාරය කරගෙන යනවා. මේ දෙන්න ගහගන්නත් යන තරමට රණ්‌ඩුව දුර දිග ගිහිල්ල වගේ පේනවා. තරගය ටික වේලාවකින් පසුව ආරම්භ කරපු ගමන් රවී රත්නායකගෙ පන්දුවකට මියෑන්ඩාඩ් දැවී ගියා. 

අවුට්‌ වෙලා පැවිලියන් එකට එන මියෑන්ඩාඩ්ට සී.සී.සී. ක්‍රීඩාංගණයේ බෝගහ යට තරගය බලපු ප්‍රේක්‍ෂකයෙක්‌ ගලකින් දමල ගැහුවා. ඒක මියෑන්ඩාඩ්ට වැදුනෙත් නැහැ. මේකෙන් කේන්තිය ගිය මියෑන්ඩාට්‌ බැට්‌ එකත් උස්‌සගෙන ඒ මනුස්‌සය හිටපු පැත්තට දුවගෙන ගියා. එතන තිබුණ පොඩි තාප්පෙනුත් පැනල මියෑන්ඩාඩ් දැන් මිනිහට ගහන්න එලවනවා. එතන ඉන්න මිනිස්‌සු සේරම දුවනවා. ඒ පාර මම දැන් විස්‌තර විචාරය කරනවා. 'පිතිකරුවෙක්‌ට පිත්ත තියෙන්නෙ පන්දුවට ගහන්න මිසක්‌ මිනිස්‌සුන්ට ගහන්න නෙවෙයි. මෙයා චණ්‌ඩියෙක්‌ වගේ මීට ඉස්‌සලත් පර්ත් වලදි ඔය පිත්තම උස්‌සල ඩෙනිස්‌ ලීලිටත් ගහන්න ගියා. එදා විනිසුරුවන් මැදට පැනල තමයි බේරුවෙ.' කියල මම දැන් කියනවා.

මේ සිදුවීමෙන් පස්‌සෙ තරගයේ සිව්වැනි දිනය විවේක දිනය. ඊට පහුවැනිදා තරගය ආරම්භ කරන්න ඉස්‌සෙල්ල රේඩියෝ කට්‌ටියටයි පත්තරවල කට්‌ටියටයි පකිස්‌තාන් ෙඩ්‍රසින් රූම් එකට එන්න කියල පකිස්‌තාන් කළමණාකරු පණිවිඩයක්‌ එවල තිබ්බා. අපි කට්‌ටිය එතනට යන කොට මියෑන්ඩාඩ් වැඳගෙන අපේ ළඟට එනව පූසෙක්‌ වගේ. එයා කියනවා ඒ සිදුවීම තවත් අවුස්‌සන්න එපා අපේ ජනාධිපති මාව නැති කරල දායි කියලා. පස්‌සෙ මම හිමින් සැරේ මියෑන්ඩාඩ්ගෙන් ඇහුවා මොකක්‌ද ඔච්චර කේන්ති යන්න වුණ සිදුවීම කියලා. එයා කිව්වා, 'අර්ජුන රණතුංග මගෙ ඉස්‌සරහ ඉඳගෙන එක එක ඒවා කියනවා. මම බැරිම තැන කිව්වා එයාගෙ බඩ පෙන්නල ඔයා හරියට ගැබ්බර කාන්තාවක්‌ වගේ කියලා. ඊට පස්‌සෙ අර්ජුනට කේන්ති ගිහිල්ල මට කියපු කතාවට මට ඊටත් වඩා කේන්ති ගියා." කියල මියෑන්ඩාඩ් කිව්වා.

මම ඔස්‌ටේ්‍රලියාවෙ ඉන්න කොට ෂේන් වෝන් දැකපු හොඳම ක්‍රීඩකයන් සිය දෙනෙක්‌ ගැන ලියපු පොතක්‌ කියෙව්වා. ඒකෙ අර්ජුන රණතුංග ගැන අපූරු සඳහනක්‌ තිබුණා. ඒ පොතේ 7 වැනි තැන දීල තිබුණෙ මුත්තයියා මුරලිදරන්ට. 19 වැනි තැන තිබුණෙ අරවින්ද ද සිල්වාට. 23 වැනියා කුමාර් සංගක්‌කාර, 41 වැනිය සනත් ජයසූරිය. 75 වැනියා මහේල ජයවර්ධන. 93 වැනියාට සඳහන් කරල තිබුණෙ අර්ජුන රණතුංග ගැන. එයා කියල තිබ්බා "මේ මනුෂ්‍යයා සහ මා අතර තිබෙන විරසක භාවය මුළු ලෝකයම දන්නවා. මෙයාව මගේ 100 ට දාන්න කොහෙත්ම කැමැත්තක්‌ තිබුණෙ නැහැ. ඒත් මෙයා 1996 ලෝක කුසලාන ශ්‍රී ලංකාවට දිනවල දුන්න නිසා 93 වැනියට දානවා. මෙයාට මම කීප වරක්‌ම කියල තියෙනවා බැටලුවෙක්‌ ගිලපු හින්දද ඔච්චර බඩ ගෙඩියක්‌ තියෙන්නෙ කියලා.' යනුවෙන් වෝන්ගේ එම කෘතියේ සඳහන් වෙලා තිබුණා.

මේ වගේ සිදුවීමක්‌ ෂේන් වෝන් ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ උපනායකයා වෙලා ඉන්න කාලෙ එංගලන්තෙ ටයිම්ස්‌ පත්තරයට තීරු ලිපියකිනුත් ලියල තිබුණා. ඒකෙ තිබුණෙ අර්ජුන නැමැත්තා ක්‍රිකට්‌ ක්‍රීඩාවට සිටියෙ නැතිනම් ක්‍රිකට්‌ මීට වඩා හොඳ එකක්‌ වෙන්න තිබුණා කියන අදහසයි. මේක ලියපු එකට ෂේන් වෝන්ට අයි.සී.සී. එකෙන් සහ ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයෙන් දඩ ගැහුවා.

පාලිත හතරවැනි තට්‌ටුවට ගිය හැටි, පකිස්‌තානයේ පොලිස්‌ කාරයන්ගේ තුට්‌ටුදෙකේ වැඩ සහ බන්දුල වර්ණපුර ප්‍රේක්‍ෂකයන් ලවා පාලිතට හූ කියූ හැටි ඇතුළු තවත් රසවත් කොටසක්‌ ලබන සතියේ...

අසේල විතාන
http://www.divaina.com/2014/02/23/feature06.html

ඇමරිකානු ජිනීවා යෝජනාවට රුසියාවෙන් පිළිතුරක්‌

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වන ඇමරිකානු බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යුද අපරාධ චෝදනාවට ප්‍රතිචාර ලෙස තිස්‌ වසරක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ සහ ඊට සහාය වූ රටවල් ගැන සෙවිය යුතු බවට යෝජනාවක්‌ රුසියාව විසින් ඉදිරිපත් කෙරෙනු ඇත.

මෙම රුසියානු යෝජනාවට (Counter Proposal) චීනය සහ පකිස්‌තානයද සහාය දක්‌වන බව ආරංචි මාර්ග "ඉරිදා දිවයින සංග්‍රහයට" පැවැසීය.

වන්නි මෙහෙයුමෙන් පසු රුපියල් මිලියන 1400 ක්‌ වටිනා කොටි අවි ආයුධ සොයාගත් අතර එකී ආයුධ අතර ඇමරිකානු රජය සතු ප්‍රහාරක අවි සංඥ උපාංග නෝර්වේ චන්ද්‍රිකා පද්ධති හා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත දිය යටින් යාහැකි යාත්‍රාද තිබී හමු වූ බව ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවැසීය.

ඇමරිකානු ප්‍රහාරක අවි ඇමරිකානු හමුදාව සතු ඒවා බවත් එකී අවිවල අනුක්‍රමික අංක පවා තිබූ බවද හෙතෙම සඳහන් කළේය.

මානව හිමිකම් සමුළුවට යොමුවන යෝජනාවකට එරෙහි ප්‍රතියෝජනාවක්‌ ඉදිරිපත් වන මුල් අවස්‌ථාව මෙයයි.

මෙකී ඇමරිකානු බ්‍රිතාන්‍ය යෝජනාව සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ සහාය වන බවද රජයට වාර්තා වී ඇත.

ඇය කෙටුම්පත් තුළ කරුණු 74 ක වාර්තාව මත එකී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සකස්‌ වී ඇති බව ජිනීවා ආරංචි මාර්ග පැවැසීය.

කීර්ති වර්ණකුලසූරිය 
http://www.divaina.com/2014/02/23/news08.html

Pic Source

වී ද, වතුර ද? මුං ඇට ද, කව්පිද ? ජීවිතය ද, මරණය ද?

ශ්‍රී ලංකාවේ දිස්‌ත්‍රික්‌ 10 ක කුඹුරු ගොවීහු තීරණාත්මක අවස්‌ථාවකට මුහුණපා සිටිති. රටේ දැඩි නියඟයක්‌ පවතී. ඒ නිසා දිස්‌ත්‍රික්‌ 10 ක කුඹුරු ගොවිතැන් කටයුතු සඳහා ජලය ලබාදීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට නොහැක. වී වගාවට වතුර දුන්නොත් බීමට ජලය මුදාහැරීමට බැරි බවත්, බීමට ජලය මුදාහළොත් වී වගාවට ජලය දීමට බැරි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්‍ෂවරිය එම දිස්‌ත්‍රික්‌ 10 ගොවි ජනතාවට කියා ඇත. න්‍යායක්‌ වශයෙන් ගත් කල මේ තත්ත්වය මෙසේ අර්ථකථනය කළ හැකිය. වී වගා කළොත් ගොවීනට පිපාසයෙන් මියයන්නට සිදු වේ. වතුර බිව්වොත් බඩගින්නේ මියයන්නට සිදු වේ. එහෙත් මෙය න්‍යායක්‌ පමණක්‌ බව නැවතත් කියමු. නියඟය නිසා කිසිදු ගොවියකු බඩගින්නේ හෝ පිපාසයෙන් මිය යන්නේ නැත. එහෙත් වගා ණය ඇරියස්‌ වීම නිසා ඔවුන් මැසි තෙල් බොන්නට නම් ඉඩ ඇත. මේ අනුව මෙවර කුඹුරුවල විකල්ප භෝග, එනම් මුං ඇට හෝ වෙනත් අතිරේක භෝග වගා කරන ලෙස ගොවීන්ට උපදෙස්‌ ලැබී ඇත. මේ පිළිබඳ සම්පූර්ණ කතාව ඉරිදා (23 දා) "දිවයිනේ" මුල් පුවත ලෙස සඳහන්ව ඇත.

"ශිෂ්ටාචාරය" නමැති ක්‍රියාවලිය පටන් ගන්නේ සංවිධානාත්මක කෘෂිකර්මය හරහා ය. සතුන් මරාගෙන අනුභව කිරීමෙන් පමණක්‌ මනුෂ්‍යයා ජීවත් වූ කාලය ශිෂ්ටාචාරයට අයත් වන්නේ නැත. සතුන් මරාගෙන කා දෙතුන් පාරක්‌ උගුර පාදා "රාමතෙල්" යවා නිදා ගැනීම තිරිසනාගේ කාර්යයයි.

ආහාරයට මහන්සි වීම හැර ඌ මහන්සි වන අනෙක්‌ එකම කාර්යය වර්ගයා බෝ කිරීම පමණි. මොකද, ඌ කන්තෝරු යන්නයෑ· ඌ ඡන්දය ඉල්ලන්නේද නැත· ඌ අල්ලපු ගෙදර ගැහැනියට ප්‍රේම කරන්නයෑ· පොත් ලියන්නයෑ· එහෙත් මනුෂ්‍යයා තිරිසනාට වඩා වෙනස්‌ නිසාත් මොළයේ ධාරිතාව වැඩි නිසාත් කෘෂිකර්මයට යොමු විය. ඔහු, ඇය සමඟ එක්‌ව මුලින්ම වවන ලද්දේ අද තිබෙන ධාන්‍ය වර්ගවල මූලික අවධියට අයත් ධාන්‍ය වර්ගයන් ය. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය පදනම් වී ඇත්තේ ද ධාන්‍ය මතය. හෙවත් 'වී' මතය. අදටත් මේ රටේ ජනයාගෙන් 31.8% ක්‌ කෘෂිකර්මාන්තයෙහි නියුතුව සිටිති. මෙරට වගා බිම්වලින් 34% ක වී වගා කරනු ලැබෙයි. සාමාන්‍යයෙන් මහ කන්නයට හෙක්‌ටයාර් 5,60,000 ක්‌ ද, යල කන්නයට හෙක්‌ටයාර් 3,10,000 ක්‌ ද වී වගා කෙරෙයි. මේ සඳහා ශ්‍රමය වැය කරන ගොවි පවුල් ගණන දහඅට ලක්‍ෂයකි. ලංකාවේ වාර්ෂික වී නිෂ්පාදනය ටොන් විසිහත් ලක්‍ෂයකි. එය රටේ සහල් අවශ්‍යතාවයෙන් 95% කි. රටේ ජාතික කැලරි අවශ්‍යතාවයෙන් 45% ක්‌ ද රටේ ජාතික ප්‍රොaටීන අවශ්‍යතාවයෙන් 40% ක්‌ද සම්පූර්ණ වන්නේ සහල්වලිනි· සාමාන්‍යයක්‌ වශයෙන් ගත් කල මෙරට එක්‌ පුද්ගලයකුගේ වාර්ෂික සහල් පරිභෝජනය කිලෝ 100 කි. අවුරුදු පතා ජාතියේ සහල් අවශ්‍යතාව 1.1% කින් ඉහළ යයි. සෑම අවුරුද්දකම දේශීය සහල් නිෂ්පාදනය 2.9% කින් ඉහළ යැම අපේක්‍ෂිත ය. සහල් කිලෝවක්‌ නිෂ්පාදනය කිරීමට යන මිල රු. 8.75 කි. එහෙත් පොහොර සහනාධාරය, ජලය යන සාධක සලකන කල සහල් කිලෝවකට තවත් රුපියල් 10 කට කිට්‌ටු මුදලක්‌ වැය කරන්නට ආණ්‌ඩුවට සිදුවෙයි.

තත්ත්වය එය නම් පිටරටින් සහල් ගෙන්වීම වඩා වාසිදායක නොවන්නේද· නැත. කුඹුරු යනු පරිසරය සමඟ බැඳී පවත්නා ඒකකයකි. ලංකාවේ පරිසරය සතු තෙතමනයේ හෙවත් ආර්ද්‍රතාවයේ පැවැත්මට කුඹුරු අවශ්‍ය ය. පුරන් වී අවුරුදු සිය ගණනක්‌ ගත වී තිබෙන මුතුරාජවෙල ගොඩ කිරීම අදටත් තහනම් වන්නේ එම මඩ වගුර පාරිසරික තෙතමනය සමඟ බැඳී තිබෙන නිසා ය. එහෙත් නියඟයක්‌ තිබේ නම් මෙවර වී වගා කරන්නට බැරි ය. එහෙත් මහ පොළොවට හිත ඇති පොදු ජනතාව විකල්ප භෝගයක්‌ හෝ වගා කර ඊළඟ කන්නය හෝ ඊටත් එහා කන්නය වනතුරු වගා බිම් වියෑලී යැමට ඉඩ නොදී පවත්වාගෙන යා යුතු බව අපගේ වැටහීම ය. ඒ අතර වී වගා කරගත නොහැකිව නන්නත්තාර වන ගොවි ජනතාව රැක බලා ගැනීමේ වගකීම ආණ්‌ඩුව සතු ය. එය ජාතික වගකීමකි.

http://www.divaina.com/2014/02/24/editor.html

Pic Source

එ.ජා. මානව හිමිකම් කොමිසමට විධායක බලයක්‌ නැහැ - චම්පික

ශ්‍රී ලංකාවේ සිදුවුණා යෑයි කියන යුද අපරාධ සෙවීම සම්බන්ධයෙන් අන්තර් ජාතික යාන්ත්‍රණයක්‌ පිහිටුවීමේ යෝජනා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සම්මත වුණත් නැතත් අදාළ රටේ එකඟතාවක්‌ නොමැතිව එය ක්‍රියාත්මක කිරීමට විධායක බලයක්‌ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට නොමැති බව විද්‍යා හා තාක්‌ෂණ ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

එසේ ක්‍රියාකළ හැක්‌කේ එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයේ හෝ මහා මණ්‌ඩලයේ අනුමැතියකින් පමණක්‌ බවත් ඇමැතිවරයා සඳහන් කළේය. 

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේදී ඊයේ (23 දා) පෙරවරුවේ පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවැසීය.

ලබන මාර්තු 3 වැනිදා රැස්‌වන ජිනීවා මානව හිමිකම් සමුළුවට මානව හිමිකම් කොමසාරිස්‌වරිය වන නවිපිල්ලේ මහත්මිය වාර්තාවකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කරන බවට වාර්තා වී ඇති බවත් එම යෝජනාව සම්මත වෙත්ද නැද්ද යන්න නොදන්නා බවත් පැවසූ ඇමැතිවරයා එය සම්මත වුණත් නැතත් යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඊට විධායක බලයක්‌ නැති බවත් විධායක ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රශ්නයක්‌ මතුව තිබෙන බවත් පැවැසීය.

මේ සම්බන්ධයෙන් අපේ රටත් අපේ මිත්‍ර රටවල් අපි වෙනුවෙන් ඉතා වේගයෙන් ක්‍රියා කරගෙන යන බවත් හෙතෙම සඳහන් කළේය.
ඇමැතිවරයා මෙසේද කීවේය.

ශ්‍රී ලංකාව ලැබූ සාමය සංහිඳියාව නැතිකර මේ රට නැවතත් අස්‌ථාවර කරන්න මෙම යෝජනාව හරහා උත්සාහ කරනවා. කලාපයේ බොහෝa රටවල විදේශ මැදිහත්වීම් මත අස්‌ථාවර තත්ත්වයක්‌ ඇතිවුණා. එය අප රටේත් ඇති කරන්නයි මෙහි අරමුණ වී ඇත්තේ.

එම නිසා අප රටට එරෙහිව ගෙන යන මෙම ක්‍රියාදාමයට ශක්‌තිමත් පිsළිතුරක්‌ මෙම මැතිවරණය හරහා ලබාදිය යුතුයි. එම නිසා මෙය පළාත් සභා මැතිවරණයක්‌ පමණක්‌ නොව රටේ අනාගතය තීරණය කරන මැතිවරණයක්‌ වෙනවා. තමිල්නාඩුව ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය දේශපාලන පාපන්දුවක්‌ ලෙස යොදාගෙන තිබෙනවා.

රජීව් ගාන්ධි ඝාතකයන් නිදහස්‌ කරන්නැයි තමිල්නාඩු ප්‍රාන්ත සභාව තීරණයක්‌ ගත්තා. විහිළුවට කාරණය. උතුරු පළාත් සභාවේ මහ ඇමැතිවරයාත් ඔවුන්ට නිදහස ලබාදිය යුතු බව ප්‍රකාශ කරනවා.

උතුරු පළාත් සභාව තුළින් බෙදුම්වාදයට තුඩුදෙන, අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් වී පළාත තුළ නීතිය හා සාමය පවත්වාගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ ඇති බවට හැඟී ගියහොත් පළාත් ආණ්‌ඩුකාරවරයාගේ දැනුම් දීම පරිදි ජනාධිපතිවරයාට එම පළාත් සභාව විසුරුවා හැරීමේ බලය තිබෙනවා. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 57 වගන්තිය යටතේ එම බලය පැවැරී තිබෙනවා.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා - දකුණු හා බස්‌නාහිර පළාත් සභා මැතිවරණයට අදාළ සන්ධානයේ මැතිවරණ ප්‍රකාශය මාර්තු මස 2 වන සතියේදී ඡන්දදායකයන් වෙත ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

ඡන්දය පැවැත්වෙන දිස්‌ත්‍රික්‌ක හයේ පළමු අදියර යටතේ ඡන්ද කමිටු පිහිටුවීම අවසන් වී ගෙන යනවා. දැනට දෙවන මට්‌ටමේ රැස්‌වීම් පැවැත්වෙනවා. පළමු පෙළේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්‌වීම් මාර්තු මස 8 වැනිදා ආරම්භ වෙනවා.

අපේ මැතිවරණ ක්‍රමය අලුත් වුණාට ඒ සම්බන්ධ නීති පරණයි. එම නිසා නීතිත් සංශෝධනය විය යුතුයි. අනුපාත මැතිවරණ ක්‍රමය යටතේ මනාප අංකය ප්‍රදර්ශනය නොකර ඡන්දය දෙන්නේ කොහොමද? කොට්‌ඨාස ක්‍රමයේදී නම් පක්‌ෂයට ඡන්දය දෙන්නෙ කොට්‌ඨාසයට පක්‌ෂයකින් එක්‌ අපේක්‌ෂකයා. ඒක ජනතාව දන්නවා. මනාප ක්‍රමයේදී අංක පිළිබඳව ජනතාව දැනුවත් කිරීමක්‌ කෙරෙනවා. මෙහිදී නීතියේ තහංචි තිබෙනවා. අපි මැතිවරණ කරන්නේ මේ සියල්ල පාලනය කරගෙනයි.
එදා වගේ අද රාජ්‍ය දේපළ පරිහරණය වෙන්නේ නෑ. එ.ජා.ප. පාලන කාලයේ ජනාධිපති අපේක්‌ෂකයාගෙත් ඡන්දය හොරට දැම්මා

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සංවිධානාත්මක මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙනවා. නමුත් විපක්‌ෂයට එවැනි වැඩපිළිවෙළක්‌ නෑ. එ.ජා.පය නායකත්ව මණ්‌ඩලයක්‌ පත් කළා. දැන් ඒක ඇතුළේ එක්‌ එක්‌කෙනා විවේචනය කරනවා. මේක හරියට එකක්‌ කඩතොලු වසාගන්නට ගොස්‌ කඩතොලු රාශියක්‌ හදාගත්ත වගේ දෙයක්‌. අඩුපාඩු දහසක්‌ තියාගෙන විපක්‌ෂය මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා - ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදී රටවල් හිතුවක්‌කාර ලෙස රටවලට කඩා වැදීමට ලයිෂන් එකක්‌ ගන්න උත්සාහ කරනවා. මෙය තමන්ගේ රටට අයිති බලයක්‌ ලෙස අත්හදා බලන්න ඇමරිකාව උත්සාහ කරනවා. අත්හදා බලන්න හදන්නේ ලංකාවෙන්. දැන් මේක හදිසි වෙලා. මොකද දියගෝ ගාර්ෂියා මුරුසි රාජ්‍ය ඒ සඳහා අයිතිවාසිකම් කියනවා. මෙන්න ඇමරිකාවට තමන්ගේ හමුදා දුපත්වල රැඳවීමේ ඉඩකඩ පිළිබඳ විශාල ගැටලුවකට මුහුණ පාන්න සිදුවෙලා. ඉන්දියානු කලාපයේ ඇමරිකන් මුරපළක්‌ තබාගැනීම ඉතාම හදිසි කාරණයක්‌ වෙලා.

ත්‍රිකුණාමලය වරාය සෘජුව ඡේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ ඉල්ලා සිටියා. ඒකට විරුද්ධ වුණා. ඇමරිකාව උත්සාහ කරන්නේ ලංකාව විශාල පීඩනයකට හසුකරන්නයි.

මහජන එක්‌සත් පෙරමුණ නියෝජනය කරමින් ආයුර්වේද සංස්‌ථාවේ සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා 
මෙම පළාත් සභා මැතිවරණයේදී අපි කොටුකරන්න බලා සිටින විවිධ බලවේගයන්ට හොඳ පිළිතුරක්‌ ජනතාව ලබාදෙනු නියතයි. 

අනුර බාලසූරිය
http://www.divaina.com/2014/02/24/news36.html

ප්‍රමිතියෙන් තොර බාස්‌මතී වෙළෙඳපොළේ - කෘෂිකර්ම ඇමැති

පසුගියදා වෙළෙඳපොළට නිකුත්ව තිබූ ආනයනික බාස්‌මතී සහල් පිළිබඳව අප පසුගියදා විශේෂ තත්ත්ව පරීක්‍ෂාවක්‌ සිදුකළා.

එහිදී අනාවරණය වූයේ බොහොමයක්‌ බාස්‌මතී තොගවල උසස්‌ ප්‍රමිතියේ බාස්‌මතී සහල් කුඩා පරිමාවකට බාස්‌මතී හැඩයේ සිහින් දිගැති, වෙනත් බාල සහල් වර්ගයක්‌ කලවම් කළ පහළ ප්‍රමිතියේ බාස්‌මතී සහල් ඉතා විශාල වශයෙන් වෙළෙඳපොළෙහි තිබූ බවයි.

කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා වැලිගම පිහිටි සිය සම්බන්ධීකරණ කාර්යාලයේදී එලෙස අදහස්‌ දැක්‌වූයේ ඔහුගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා සිය අමාත්‍යාංශයේදී පැවති විශේෂ රැස්‌වීමක විවාදයට ලක්‌වූ කරුණු යළි අනාවරණය කරමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ කෘෂිකර්ම ඇමැතිවරයා මෙසේද පැවසීය.

දැනට ශ්‍රී ලංකාව තම රටට ආවේනික සහල් වර්ගවලින් ස්‌වයං පෝෂිතව තිබෙනවා. එහෙත් සංචාරක ක්‌ෂේත්‍රයේ සංවර්ධන ඉලක්‌කයන් ආදිය සලකා බලා බාස්‌මතී වැනි විදේශීය සහල් වර්ග ආනයනයට පෞද්ගලික අංශයටද අවසර දී තිබෙනවා. 

බාස්‌මතී සහල් සම්බන්ධයෙන් අප විශේෂ විමර්ශනයක්‌ සිදුකළේ එය ශීඝ්‍රයෙන් ජනතාව අතර ප්‍රචලිත වෙමින් පවතින සහල් වර්ගයක්‌ නිසයි.

එම නිසා බාස්‌මතී සහල් සම්බන්ධයෙන් ආනයනික ප්‍රමිතිය විධිමත් කිරීමට අප අමාත්‍යාංශය මගින් මේ වන විට විශේෂ නිලධාරීන් කණ්‌ඩායමක්‌ පුහුණු කර තිබෙනවා.

බාස්‌මතී සහල්වල තිබිය යුතු සැබෑ ලක්‍ෂණ පිළිබඳව ඔවුන්ට ගැඹුරු දැනීමක්‌ ලබාදී තිබෙනවා. කිසිදු පාර්ශ්වයකට හානියක්‌ සිදු නොවන පරිද්දෙන් කටයුතු කරනවා යෑයිද කෘෂිකර්ම ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. 

වැලිගම - රන්ජන් ගාමිණී ජයවර්ධන 
http://www.divaina.com/2014/02/24/news19.html

Pic Source

අතීත බොදු උරුමය ඉන්දියාවෙන් යළිත් මතුවේ! නාලන්දාවෙන් තවත් බෞද්ධ විශ්වවිද්‍යාලයක නටබුන් හමුවෙයි.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ නාලන්දා දිස්‌ත්‍රික්‌කයෙන් තවත් බෞද්ධ විශ්වවිද්‍යාලයක නටබුන් හමුවී ඇත.

නාලන්දා දිස්‌ත්‍රික්‌කයේ තෙල්හාරාහි බෞද්ධ විහාරයක නටබුන් අතර මෙම විශ්වවිද්‍යාලයේ නටබුන්ද සොයාගෙන තිබේ.

චීන දේශාටක හියුන් සෑන් හත්වන ශතවර්ෂයේදී මෙම විශ්වවිද්‍යායට පැමිණ ඇති අතර අතර ඔහු මෙම ස්‌ථානය තෙළෙඩකා ලෙස නම් කර ඇති බව උත්තර් ප්‍රදේශයේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ අතුල් කුමාර් වර්මා කියයි.

නාලන්දා විශ්වවිද්‍යාලයෙත් වික්‍රමශීලා විශ්වවිද්‍යාලයෙත් නටබුන් හමුවන්නේ නාලන්දා දිස්‌ත්‍රික්‌කයේය.

නාලන්දා විශ්වවිද්‍යාලය හතරවන ශත වර්ෂයටත් වික්‍රමශිලා විශ්වවිද්‍යාලය අටවන ශත වර්ෂයටත් අයත් වේ.

මෙම නිලධාක්‌ විශ්වවිද්‍යාලය ගුප්ත රජු සමයේ පිහිටුවන ලද්දකි. එය පස්‌වන සියවසට අයත් බව වර්මා කියයි.

මෙය මහායාන දර්ශනය ඉගැන්වූ විශ්වවිද්‍යාලයයි.

දහස්‌ ගණනක්‌ භික්‍ෂුන් වහන්සේ මෙහි අධ්‍යාපනය ලබා ඇත.

චතුර පමුණුව
http://www.divaina.com/2014/02/24/news18.html

කුණු ආහාර විකිණූ සුපිරි වෙළෙඳසල් 51කට නඩු

AMUL GHEE EXPIRED ON 21STԚ OCTOBER ON SHELVES FOR SALE AT FOOD CITY, DICKMAN’S ROAD ON 06TH NOVEMBER 2011
සුපිරි වෙළෙඳසල් 51 කට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර ඇත.

කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සහ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම ඇතුළු චෝදනා ගණනාවක්‌ මත මේ නඩු පැවරීම සිදුකිරීමට නියමිතය.

පාරිභෝගික ජනතාවගෙන් ලද පැමිණිලි රැසක්‌ මත සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත පසුගිය දින කිහිපයේදී දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙඳසල් රැසක්‌ වැටලීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන ඇත.

එම වැටලීම්වලදී කල් ඉකුත් වූ බිස්‌කට්‌ වර්ග සහ චීස්‌ වර්ග ඇතුළු පැකට්‌ කළ ආහාර ද්‍රව්‍ය රැසක්‌ සොයා ගැනීමට පාරිභෝගික අධිකාරියේ එම වැටලීම් සිදුකළ නිලධාරීන්ට හැකිව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2014/02/24/news05.html

Pic Source & Related Story

අපරාධකරුවන් සැණින් හඳුනාගන්න ඇඟිලි සලකුණු ජාල පද්ධතියක්‌

දිවයිනේ විවිධ අපරාධ සිදුකර වාර්තාගත වී ඇති අපරාධකරුවන් විනාඩි තුනක්‌ වැනි කෙටි කාලයකින් හඳුනාගත හැකි ස්‌වයංක්‍රීය ඇඟිලි සලකුණු ජාල පද්ධතියක්‌ පොලිස්‌ මූලස්‌ථානය විසින් ස්‌ථාපනය කර ඇත.

විවිධ අපරාධ සිදුකළ අපරාධකරුවන් ලක්‍ෂ 05 කගේ පමණ තොරතුරු ඇඟිලි සටහන් කොට්‌ඨාසයේ වාර්තාවල ඇතුළත්ව පවතින අතර එම තොරතුරු පරිගණක ජාලගත කළ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අජිත් රෝහණ මහතා ඊයේ (23 වැනිදා) පොලිස්‌ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ වන විට මියයැම් සහ වෙනත් හේතු මත ඔවුන් අතරින් එක්‌ලක්‍ෂ තිස්‌දහසක්‌ (130,000) පමණ රට තුළ නොමැතිවීම හෝ අපරාධ සිදු නොකරන බවට හඳුනාගෙන ඇතත් තුන්ලක්‍ෂ හැත්තෑදහසක (3,70,000) පමණ පිරිසක්‌ තවම රට තුළ සිටින බව හඳුනාගෙන ඇතැයි ද හෙතෙම කීය.

මෙම පද්ධතිය පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ ඉල්ලීම මත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ අනුමැතිය අනුව ස්‌ථාපිත කළ බව කී අජිත් රෝහණ මහතා මෙය නොබෝ දිනකින් දිවයිනේ පොලිස්‌ ස්‌ථාන 403 මගින් දත්ත ලබාගත හැකිවන අයුරින් ජාලගත කරන බව ද කීය.

රුපියල් කෝටි 80 ක වියදමින් ජපානයෙන් ඉදිකර දීමට ඉල්ලීම් කළ මෙම දත්ත පද්ධතිය කොළඹ විශ්වවිද්‍යාලය හා අයි. සී. ටී. ආයතනය එක්‌ව රුපියල් කෝටියක වියදමකින් පොලිස්‌ මූලස්‌ථානයට ලබාදීමට කටයුතු කළ බව ද හෙතෙම කීය.

මේ වන විට යම් පුද්ගලයකුගේ ඇඟිලි සටහන් වාර්තා දින 14 ක්‌ ඇතුළත ලබාදෙන අතර මෙම පද්ධතිය ව්‍යාප්ත කිරීමත් සමඟ ඕනෑම අයකුගේ ඇඟිලි සටහන් වාර්තා විනාඩි තුනක්‌ වැනි කාලයකින් ලබාගත හැකි බව ද හෙතෙම වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා - ප්‍රදීප් සමරකෝන්
http://www.divaina.com/2014/02/24/news04.html

Pic Source

පකිස්‌තාන් ගුවන් ප්‍රහාරයකින් තාලිබාන් ත්‍රස්‌තයෝ 15ක්‌ මරුට

පකිස්‌තාන් ගුවන් හමුදාව උතුරු වසිරිස්‌තාන් ප්‍රාන්තයේ තාලිබාන් නිවාස සංකීර්ණයකට එල්ල කළ ප්‍රහාරයෙන් 15 ක්‌ මියගොස්‌ ඇත.

මිර් අලි නමැති නගරයේ පිහිටි මෙම නිවාස සංකීර්ණයේ තාලිබාන් ත්‍රස්‌තයන් රැඳී සිටි බව වාර්තා වී තිබිණි.

තාලිබාන් සංවිධානය හමුදා සෙබළුන් 23 ක්‌ මරා දැමීමට ප්‍රතිචාර ලෙස මෙකී ප්‍රහාර එල්ල වී ඇත. මේ අතර තාලිබාන් සහ පකිස්‌තාන් සාම සාකච්ඡා නතර වී තිබේ.

http://www.divaina.com/2014/02/22/forign05.html

ඇමරිකාව සහ යුරෝපය රටවල් වැනසීමට අන්තවාදීන්ට සහාය වෙනවා - රුසියානු විදේශ ඇමැති

අන්තවාදීහු රටවල් විනාශ කිරීමට උත්සාහ කරන අවස්‌ථාවේ ඇමරිකාව හා යුරෝපා සංගමය ඔවුන්ට සහාය වෙනවා යෑයි රුසියානු විදේශ ඇමැති සර්ජි ලැව්රොව් පවසයි.

මෙම පාර්ශ්වයන් දෙබිඩි පිළිවෙතක්‌ ගෙන යන බවද හෙතෙම කීවේය. ඇමරිකාව හා යුරෝපය සම්බාධක තර්ජනයෙන් අන්තවාදීන්ට උදව් කරන බව ද ලැව්රොව් තවදුරටත් පළ කළේය. යුක්‌රේනියානු විරුද්ධ පක්‍ෂය බටහිර රටවලින් ඈත් විය යුතු බව ද ලැව්රොව් කීවේය.

http://www.divaina.com/2014/02/22/forign01.html

ලලිත් මෝඩි ඉන්දීය ක්‍රිකට්‌ රෙජිමය පතුරු ගසයි

ඉන්දියාව, එංගලන්තය සහ ඔස්‌ටේ්‍රලියාවේ ක්‍රිකට්‌ බලඅධිකාරීන් 3 එකතුව ගෙනෙන ලද යෝජනා, අයි.පී.එල් තරගාවලියේ ඇතුළාන්තය සහ ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ මෙන්ම මේ වන විට ඉන්දීය ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයේ මෙන්ම ජගත් ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයේද දැවැන්තයා බවට පත්ව සිටින එන්.සිරිනිවාසන් මහතාව දැඩි ලෙස විවේචනය කරමින්, අයි.පී.එල් තරගාවලියේ සමාරම්භක ප්‍රධානියා සහ 2008-2010 චැම්පියන්ස්‌ ලීග් තරගාවලියේ ප්‍රධානී, ඉන්දීය ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයේ ප්‍රබලයකුවූ (මේ වන විට චෝදනාවට ලක්‌කරමින් ඉන්දීය ක්‍රිකට්‌ පරිපාලනයෙන් ජීවිතාන්තය දක්‌වා තහනමකට ලක්‌ව සිටින) ලලිත් මෝඩි පකිස්‌තානු මාධ්‍යයක්‌ වෙත සම්මුඛ සාකච්ජාවක්‌ ලබාදෙමින් දැඩි ලෙස විවේචනයට ලක්‌කර තිබේ.

මේ එම සාකච්ජාවෙන් උපුටාගත් කොටසකි.

ප්‍රශ්නය- අයි.පී.එල් තරගාවලියේ ගනුදෙනු පිළිබඳව නැගී ඇති අපකීර්තිමත් ස්‌වභාවයෙන් ලෝකයේ සෙසු ක්‍රිකට්‌ බලධාරීන්ට ඉගෙනගැනීමට පාඩමක්‌ තියෙනවාද?

පිළිතුර- ඔව්. ලෝකයා මේ අර්බුදය ගැන ලෝකය නොයිවසිලිමත් හැඟීමක්‌ තිබෙනවා. නමුත් ක්‍රිකට්‌ ලෝකයම මේකට ඇහුම්කන් දෙන්නේ නැහැ. අවම වශයෙන් ඔවුන් ඔවුන්ට මේ දැනෙන හැඟීම් මුදාහරින්නේවත් නැහැ. මොකද ලෝකයේම ක්‍රිකට්‌ ක්‍රීඩාව දුවවන්නේ සිරිනිවාසන් නිසා. කව්ද ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය මෙහෙයවන්නේ? කව්ද චෙන්නායි සුපර් කින්ග්ස්‌ කණ්‌ඩායම මෙහෙයවන්නේ. කව්ද ඉන්දීය සිමෙන්ති සමාගම මෙහෙයවන්නේ. සැබැවින්ම අනෙකුත් ක්‍රීඩාත් මේ පිළිබඳව සැලකිල්ලක්‌ දැක්‌විය යුතුයි. ක්‍රිකට්‌ කියන්නේ උදාහරණයක්‌. නියම උදාහරණයක්‌. ප්‍රේක්‍ෂකයන්ට සහ ක්‍රීඩාවේ බිම් මට්‌ටමට හානි කිරීම සම්බන්ධයෙන්.

ප්‍රශ්නය- ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සභාපති එන්. සිරිනිවාසන්, ඉන්දීය ක්‍රීඩාව සඳහා හොඳක්‌ද? නරකක්‌ද?

පිළිතුර- නරකයි. අන්තිම නරකයි. සිරිනි (සිරිනිවාසන්) ඉන්දියානු ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය මෙහෙයවන්නේ ඔහුගේ නින්දගමක්‌ පාලනය කරනවා වගෙයි. එහි කිසිම විනිවිදභාවයක්‌ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයක්‌ නැහැ. ඔහු තමයි සියලු තීරණ ගන්නේ. ඔහුගේ ක්‍රිකට්‌ සගයන් නිකම්ම නිකම් නිල මුද්‍ර විතරයි. 'අපි මේක කළොත්, ඒ දේ ක්‍රීඩාවට හොඳයිද?' කියලා කිසිවෙක්‌ ඔහුගෙන් අහන්නේ නැහැ. මොකද ඒ සියලුදෙනාට අවශ්‍ය සිරිනි සමග ඔවුන්ගේ වරප්‍රසාද රහිත රැකියාව රැකගෙන සිටීමට විතරයි. ඒ හැමකෙනෙක්‌ම හිතන්නේ තමන් ගැන විතරයි. 

ප්‍රශ්නය- ඉන්දීය ක්‍රිකට්‌ දූෂණ වල නරකම හරිය තවම අනාවරණය වෙලා නැහැ කියලා ඔබ විශ්වාස කරනවද?

පිළිතුර- මේ සෙල්ලමේ මුල හරිය විතරයි තවම දකින්නේ. මේ සෙල්ලම් කඩාකප්පල් වන දවසක්‌ ඒවි. තරග පාවාදීමේ ඉතිහාසය බැලුවොත් එය හරිම වේදනාත්මකයි. හැන්සි ක්‍රොන්යේ තමයි මෙහි අවසන් ගොදුර. ඒ වගේම දෙයක්‌ ඉදිරියටත් වෙන්න පුළුවන්. ඒක වේදනාවක්‌ වෙයි. නමුත් ක්‍රීඩාවේ පිරිසිදුභාවය උදෙසා එවැන්නක්‌ සිදුවිය යුතුයි. 

ප්‍රශ්නය- අයි.පී.එල් තුළ තරග පාවාදීම මොනතරම් දුරට පැතිරිලාද?

පිළිතුර- මම හිතනවා බොහෝ තරගවල ඒ දේ සිදුවෙනවා කියලා. තරග පාවාදීම බොහොම පහසුවෙන් සංවිධානය කළ හැකි, නමුත් ඔප්පු කිරීමට ඉතා අපහසු දෙයක්‌. මෙය ඇත්තටම ව්‍යාපාරික ලෝකයේ සිදුවන අභ්‍යන්තර ව්‍යාපාරයක්‌ වගේ. නමුත් බලධාරීන් මේ තත්ත්වය බොහොම හෙමිනුයි හඳුනාගන්නේ.

ප්‍රශ්නය- කොහොමද මේ ක්‍රියාත්මක වන ක්‍රමයෙන් අයි.පී.එල් තරගාවලිය පිරිපහදු කරගන්නේ.

පිළිතුර- චෙන්නායි සුපර් කිංග්ස්‌ කණ්‌ඩායම තරගාවලියෙන් ඉවත් කළ යුතුයි. එයයි ආරම්භය. මේ තරග අධිකාරී ගිවිසුමේම තියෙනවා, යම් කණ්‌ඩායමක්‌ විසින් තරගාවලිය අපකීර්තියට පත්කරන්නේ නම් ඒ කණ්‌ඩායම ඉවත් කළයුතුයි කියලා. 

ප්‍රශ්නය- අයි.පී.එල්වලට යා හැකි උපරිමය කොතැනද?

පිළිතුර- මේ රෙජීමය ක්‍රිකට්‌ ජගත් මට්‌ටමෙන් ක්‍රීඩාව කරවන විදිහ සහ සැලසුම් කරන අන්දමට තව ටික කාලෙකින් ලෝකයේ ක්‍රිකට්‌ කියන්නේ අයි.පී.එල් ම පමණක්‌ වේවි.

ප්‍රශ්නය- ඉන්දියාව, එංගලන්තය සහ ඔස්‌ටේ්‍රලියාව එක්‌ව ගෙනෙන ලද ධවල පත්‍රිකාවේ වගන්ති ගැන ඔබ හිතන්නේ මොකක්‌ද?

පිළිතුර- ඒක දැඩි කලකිරීමට කාරණයක්‌. ඒක භයානකයි. මොකද මම හිතන්නේ සමස්‌ත ක්‍රිකට්‌ ක්‍රීඩාවට මෙය තර්ජනයක්‌ කියලා. මම කිව්වේ මෙය ජගත් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ මිනී පෙට්‌ටියට අවසන් ඇනය ගැසීම කියලයි. මතකද අයි.සී.සී යේ ඉලක්‌කයක්‌ ප්‍රකාශ කළා ක්‍රිකට්‌ ක්‍රීඩාව ලෝකයටම ගෙනියන්න. මොන විහිළුවක්‌ද? පෝසතා තව තවත් පෝසත් වෙනවා, දුප්පතා තවත් දුප්පත් වෙනවා. දුප්පතා කේඬෑරි වෙලා මැරිලා යනවා. එතැනින් ලෝකයේ මේ ක්‍රීඩාව අහවර වෙනවා.

http://www.divaina.com/2014/02/22/sports04.html

දෙමාපියන්ගේ කුඹුරු අක්‌කර 2 1/2 උකස්‌ කර අනුරපුර සිසුවෙක්‌ නියර බඳින යන්ත්‍රයක්‌ නිපදවයි!

කුබෝටා වර්ගයේ ට්‍රැක්‌ටරයක එන්ජිමක්‌ භාවිත කරමින් කුඹුරක නියර බඳින, නියර රහින, හීවැල් දත්ත කපන, නියර තලන යන්ත්‍රයක්‌ නිපදවීමට අනුරාධපුර වලිසිංහ හරිස්‌චන්ද්‍ර විදුහලේ 12 වසරේ සිසුවකු සමත් වී ඇත. ඩබ්ලිව්. ඒ. නාමල් උදාර පියසිරි (17)නමැති දරුවා තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොටසේ 434 සෝලම තුලානයේ පදිංචි අයෙකි. මෙම සිසුවා මුලින් ම පළමු වසර සිට 4 වන වසර දක්‌වා සෝලම විදුහලේ ඉගෙන ගෙන ඇති අතර 5 වසර සිට 11 වසර දක්‌වා බෙල්ලන්කඩවල මහ විද්‍යාලයේ ඉගෙන ගෙන අ.පො.ස. සා.පෙළ සමත් වී අ.පො.ස. (උ.පෙළ) සඳහා 2012 වර්ෂයේ සුදුසුකම් ලබාගෙන 2013 වර්ෂයේ දී තාක්‌ෂණ විෂය ධාරාව හැදෑරීමට වලිසිංහ හරිස්‌චන්ද්‍ර විදුහලට ප්‍රවේශ වී ඇත.

මෙම සිසුවාගේ පියා ඩබ්ලිව්. ඒ. පියසිරි 45 වන අතර මව එස්‌.ජී. දයානි ප්‍රෙමසිරි යන අය සෝලම පදිංචි වී ගොවිතැන් කරමින් ජීවත් වෙයි. පියාගේ කුඹුරු වැඩවලට මිලදී ගත් ලෑන්ඩ්මාස්‌ටර් කුබෝටා ට්‍රැක්‌ටරයේ රොටරිය භාවිත කරමින් කුඹුරේ සී සෑම නියර බැඳීම කුඹුරේ හීවැල් දත්ත කැපීම, නියර තැලීමට උපකරණය නිපදවා කොළඹ ශ්‍රී ලංකා ඉංජිනේරු පරීක්‌ෂණ ආයතනයට පාසල මගින් ඉදිරිපත් කොට 2013 වර්ෂයේ පරීක්‌ෂණය සමත්වී පේටන්ට්‌ බලපත්‍රය ලබාගෙන ඇත.

මෙම උපකරණය ඇතුළත් මෙම ඉඩම් වාහනය මෙවර කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ දැයට කිරුළ ප්‍රදර්ශනාගාරයේදී උතුරු මැද පළාත් සභාවේ ප්‍රදර්ශන භාණ්‌ඩ ප්‍රදර්ශනය කර ඇති ශාලාවේ ප්‍රදර්ශනය සඳහා තබා තිබේ. මෙම ඉදිරිපත් කිරීමට අමතරව මෙම සිසුවා විසින් ගොයම් කපන භූතයා නමින් හැඳින්වෙන යන්ත්‍රයක ඇන්ජිමක්‌ භාවිත කරමින් සී සෑම, පස්‌ කැපීම, නියර රැහීම, නියර බැඳීම හීවැල් දත්ත කැපීම, කුඹුරවල පෝරූ ගෑමට යන්ත්‍රයක්‌ නිපදවා තිබේ. මෙම යන්ත්‍රයද එළඹෙන පෙබරවාරි 25 වැනිදා කොළඹ ශ්‍රී ලංකා ඉංජිනේරු පරීක්‌ෂණ ආයතනයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

මෙම සිසුවා මෙයට අමතරව 2005 වර්ෂයේ උතුරු මැද පළාත් සභාවේ ප්‍රදර්ශනයේ දී කුඩා සුනාමි යන්ත්‍රයක්‌ද, 2009 වර්ෂයේදී පිඟන් සෝදන යන්ත්‍රයක්‌ ද 2010 වර්ෂයේදී ඕනෑම ශාක පත්‍රයකින් තෙල් සිඳින යන්ත්‍රයක්‌ ද 2011 වර්ෂයේදී අකුණු සරෙන් නිවාස වල විදුලි භාණ්‌ඩ වලට සිදුවන හානිය වැළැක්‌වීමට ආරක්‌ෂක උපකරණයක්‌ද නිපදවා පළාත් ප්‍රදර්ශනය ජයග්‍රහණය කොට තිබේ. මේ සඳහා සහතික හා සම්මාන ලබා ඇති අතර විදුලි උපකරණ ආරක්‌ෂා කිරීම සඳහා සකස්‌ කොට ඇති උපකරණය අකුණු හෙණ ගසා නිමවීමෙන් පසුව යළිත් යථා තත්ත්වයට පත්වන බව පැවසීය. බහුකාර්ය මැෂිම නිපදවීම සඳහා මෙම දරුවාට රු.ලක්‌ෂ දහයක්‌ පමණ වැය වී ඇත. වැයවූ මෙම මුදල් සොයා ගැනීමට මොහුගේ පියා ඔහුට අයත් රන් භාණ්‌ඩ ද මඩ කුඹුරේ අක්‌කර දෙකහමාරක්‌ උකස්‌ කොට මුදල් ලබාගෙන තිබේ. මෙම සිසුවාට එක්‌ සහෝදරයකුද සහෝදරියන් දෙදෙනකුද සිටිති. පියා ගොවිතැන් කරමින් ජීවත්වේ.

මෙම සිසුවාගේ දක්‌ෂතා අගයා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මුදලින් රු. 45.000 ක්‌ ද පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා මුදලින් රු. 50,000 ක්‌ද වලිසිංහ හරිස්‌චන්ද්‍ර විද්‍යාලයේ විදුහල්පති සහ ආදි සිසුන් රු. 22,000 ක්‌ද පරිත්‍යාග වශයෙන් ලබාදී තිබේ.

මෙම සිසුවා සම්බන්ධව තොරතුරු ලබා ගැනීමට තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් මධුෂ ඉලංගසේකර මහතාද සමෘද්ධි කළමනාකාර නිහාල් රත්නසිරි මහතාද තුලාන භාර ග්‍රාම නිලධාරි වයි. ජී. සෙනෙවිරත්න මහතාද සමෘද්ධි සංවර්ධන නිලධාරි එස්‌. රණසිංහ මහතාද ලබාදුන් සහාය පිළිබඳ ස්‌තුති කරන්නෙමු. කිසියම් අයෙකු මෙම දරුවාට උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වේ නම් දුරකථන පණිවිඩ අංක 0714480396 ට අමතා ඒ පිළිබඳව ඔබට යමක්‌ දැන ගත හැකිය. 

තඹුත්තේගම - සී.එම්.ආරියපාල
http://www.divaina.com/2014/02/22/provin04.html

සිසු සිත නොරිදවා, අකුරු කරවව් ගුරුනි සොඳවා...

පාසල් දරුවන් අද ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇති ආකාරය අපට අද දවසේ ඇසෙන්නට දකින්නට ලැබෙන සිද්ධිවලින් පෙනේ. පාසල් ගුරුවරුන් ගුරුවරියන් හා විදුහල්පතිවරුන් ස්‌වකීය දරුවන්ට දෙන අවවාද හේතු කොටගෙන ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීම, වස බී දිවියෙන් සමුගැනීම, ළිඳට පැන දිවි හානි කරගැනීම ආදි අතිශය ෙ€දනීය සිද්ධි සමුදායකි.

ඊයේ පෙරේදා කුරුණෑගල සිසුවියක්‌ විදුහල්පතිවරයාගේ අවවාදවලින් කම්පාවට පත්ව ගෙල වැලලාගෙන මියගොස්‌ ඇත. මෙය අතිශය ශෝචනීය සිද්ධියකි. සමාජයට මෙහෙවරක්‌ කළ හැකි දරුවන් මෙසේ අකාලයේ මියයැම බරපතළ ප්‍රශ්නයකි.

ගුරුවරුන්, ගුරුවරියන්, විදුහල්පතිවරුන් සිය සිසු දරුවන්ට අවවාද දීම ඉතා පරිස්‌සමින් සිදු කළ යුතු කාරියකි. ආවේගශීලී ස්‌වරූපයෙන් දරුවන්ට අවවාද නොදිය යුතුය. ලාමක සිත් සසල වීම හේතු කොටගෙන මෙසේ දිවි නසාගන්නට පෙළඹීමත් ස්‌වාභාවික ගති ලක්‌ෂණයකි. 

ගුරුවරයාගේ මානසික තත්ත්වයත් සිසු දරුවන්ගේ මානසික තත්ත්වයත් අතර විශාල වෙනසක්‌ දක්‌නට ලැබේ. මේ යථාර්ථය ගුරුවරුන් තේරුම් ගත යුතුය. සිසු දරුවන් අතින් වැරදි සිදු වේ. එයද ස්‌වාභාවික ගතිලක්‌ෂණයකි. වැරදි කළ අයට අවවාද දීමේදී ගුරුවරුන් ඉතා සංවේදී විය යුතුය.

එසේ නොමැතිව දරුවන්ට කඩා පැන ආවේගශීලී ස්‌වරූපයෙන් වේවැලෙන් තරවටුකොට අවවාද දිය යුතු නැත. වරදට දඬුවම් කළ යුතුද? මේ ප්‍රශ්නය හමුවේ ගුරුවරුන් මෙන්ම මවුපියෝද පසුවෙති.

අලින් මෙල්ල කරන්නේ "හෙණ්‌ඩුවෙනි", එතරම් හැඩි දැඩි අලින් පුංචි හෙණ්‌ඩුවකින් මෙල්ල කරන්නට පුළුවන්නම් පුංචි දරු දැරියන් සුන්දර වදන් වලින් මෙල්ල කරන්නට බැරි ඇයි?

ආදරය හා මානව දයාව, කරුණාව, දරුවන්ට හොඳ ආහාරයකි. ඕනෑම දඩබ්බර හදවතක්‌ සුන්දර වදන්වලින් මෙල්ල කළ හැකිය. එදා"ගුරුගෙදර" දිසාපාමොක්‌ ස්‌වකීය දරුවන් මෙල්ල කළේ වේවැලෙන් දඩබ්බර වදන්වලින් නොවේ සුන්දර වදන් වලිනි. ඒ වදන් සමුදාය නිසා ගුරුවරුන් හා ගෝලයන් අතර තිබුණේ දැඩි බැඳීමකි, ආදරයකි.

වර්තමාන ගුරුවරුන් එදා ගුරුගෙදර දිසාපාමොක්‌වරුන් අනුගමනය කළ ආකල්ප - සංකල්ප ගුරු කොට ගත යුතුය. එදා හොඳම ගෝලයාට දිසාපාමොක්‌ගේ දියණිය සරණ පාවාදීමේ සම්ප්‍රදායක්‌ තිබුණි.

මවුවරුන්ට දරුවන් යම්සේද ගුරුවරුන්ට සිසු දරුවන්ද එසේමය. සමහර ගුරුවරුන් ගුරුවරියන් දක්‌වන ආදරය නිසා ඇතැම් දරුවන් පාසලට යන්නට දක්‌වන්නේ දැඩි ඇල්මකි. මෙහි තවත් පැත්තක්‌ අපට දකින්නට ලැබේ. සමහර ගුරුවරුන්ගේ දඩබ්බර පිළිවෙත හේතුවෙන් දරුවන් පාසලට යන්නට කැමැත්තක්‌ දක්‌වන්නේ නැත.

ගුරුවරයා හිට්‌ලර්ගේ චරිතය සිසු සිසුවියන් හමුවේ රඟපෑවොත් දරුවන් මහත් භීතියට පත්වීම ද නිරන්තරයෙන්ම සිදුවන්නකි. ගුරුවරයා හා සිසුන් අතර සහසම්බන්ධයක්‌ ඇතිවිය යුතුය. 

සිසුන් මිදුලේ දණ ගස්‌සන, කොට ගවුම දිගු කරන්නට කියා දඬුවම් කිරීම, පන්ති තහනම් කිරීම ආදියෙන් ගුරුවරුන් වැළැකී සිටිය යුතුය. සිසුවියගේ ගවුම කොට නම් කළ යුත්තේ ඇය පෞද්ගලිකව හමුවී ඒ ගැන සංවේදී සිතකින් අවබෝධ කොට දී ගවුම ටිකක්‌ දිගු කරන්නට කියා පෑමය.

රටක ජීවනාලිය වන්නේ ගුරුවරයාය. ගුරුවරයාගේ කතා බහ, ගමන් විලාසය, හැසිරීම් රටාව, වදන්වල ඇති රසඥතාව ආදිය කෙරෙහි සිත් යොමු කළ මනාය. ගුරුවරුන්ට අභ්‍යාසයක්‌ දෙන්නේද මේ නිසාය.

'ගුරු සිත නොරිදවා අකුරු උගනිව් කුමරු සොඳවා' යන අර්ථය අද වෙනස්‌වීමට වෙනස්‌ කිරීමට කාලය උදාවී ඇත. එය සිසු සිත නොරිදවා අකුරු කරවව් ගුරුන් සොඳවා යනුවෙන් පෙරළා ගත යුතු කඩ ඉමකට ප්‍රවේශ වී ඇත.

රටේ අනාගතය රැඳී ඇත්තේ සිසු දරුවන් අතය. නව නිර්මාණශීලි ගති ලක්‌ෂණවලින් උපයුක්‌ත පිරිසක්‌ බිහිකිරීමේ කාර්යය පැවැරී ඇත්තේ ගුරුවරුන්ටය. ගුරුවරයා ඒ සංකල්පය බැහැර කොට ඒකාධිපතියකුගේ ස්‌වරූපයක්‌ අනුගමනය කරන්නේ නම් එතැන ගුරු වෘත්තියක්‌ රැඳී නැත. ඒ පුද්ගලයා ගුරුකමට සුදුසු ද නැත.

අවවාදය නොරිස්‌සීමෙන් ගෙල වැලලාගත් සිසුවියගේ කතාන්තරය එම විදුහලට කළු ලපයකි. මේ කළු ලපය කිසිදා මකන්නට බැරිය. සෙසු පාසල්ද මෙය තදින්ම සිතට ගෙන කළු ලප ඇති කර නොගන්නට වග බලා ගත යුතුය.

ගල් රෝලක්‌ ඇඟට පෙරැළීමෙන්ද පුංචි සිසු දරුවෙක්‌ පසුගියදා දිවියෙන් සමුගත්තේය. මේ සිදුවීම් මත්තට ඇති නොවන්නටද ගුරුවරුන් වග බලාගත යුතුය. එම වරද සිසු දරුවන් මත පටවා විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට ඇඟ බේරාගන්නට බැරිය. 

ගුරුවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙබඳු අනුවේදනීය සිද්ධි අපට අසන්නට දකින්නට පාසල් පරිශ්‍රයේදී සිදු නොවන්නටයි අපේ ප්‍රාර්ථනය.

කොළඹ දිසාවේ සංඝනායක කොලොන්නාව ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලයේ බටහිර කලාපයේ සභාපති ශාස්‌ත්‍රපති පණ්‌ඩිත පූජ්‍ය 

අරම ධම්මතිලක නාහිමි
http://www.divaina.com/2014/02/22/feature03.html

Pic Source

බුදු දහම උතුර නැගෙනහිර දෙමළ ජනතාව අතරින් ගිලිහී යැමේ ඓතිහාසික ප්‍රමාදයේ ප්‍රතිඵලය වූයේ බෙදුම්වාදයයි.

බෞද්ධ ධර්ම ප්‍රචාරක ක්‍රමවේදයේ ප්‍රතිසංශෝධනයක්‌ උදෙසා ඉදිරි දැක්‌මක්‌

වසර 2603 ක්‌ අඛණ්‌ඩව ශාස්‌ත්‍රීය ව හා සාර්ථක ව බෞද්ධ ධර්ම ප්‍රචාරක ක්‍රමවේදය පැවැති බව පෙන්වා දීමට අමුතුවෙන් වෙහෙස විය යුතු නැත. මම තෙරුවන් සරණ ගිය බෞද්ධයකු යෑයි යමෙකු කියන්නේ ද හෝ ගිහි පැවිදි හෝ ස්‌ත්‍රී පුරුෂ කවරකු හෝ වේවා පෞද්ගලික පරමාර්ථය සියලු දුක්‌ නසා නිර්වාණාවබෝධය ලැබීමයි. සංස්‌ථාමය ලෙස සලකන විට පුද්ගලික පරමාර්ථය ද රැක ගනිමින් අදාළ සංස්‌ථාමය සංරක්‍ෂණය, ප්‍රවෘත්තිය හා ස්‌ථාවරත්වය පිළිබඳ කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි. ඒ අනුව සිවු පිරිසේ සංස්‌ථාමය වගකීම් ඒ ඒ පිරිසට සුවිශේෂී වූ අනන්‍යතාවන්ගෙන් යුක්‌ත වෙයි. ඒ අනුව භික්‍ෂුවගේ සංස්‌ථමය පරමාර්ථය 'පෙර නොඇසූ විරූ' තථාගත ධර්මය සංරක්‍ෂණය කර ගැනීමයි. ස්‌ථාවර කිරීමයි. ඒ සඳහා වන ක්‍රමවේදය ධර්ම ප්‍රචාරය නම් වෙයි.

ධර්ම ප්‍රචාර කාර්යයෙහි ලා ශ්‍රී ලාංකික භික්‍ෂුව ලොව අත්‍යදාර ආදර්ශයයි. ශ්‍රී ලංකාවට වැඩම කළ අසහාය ධර්මදූතවරයාණ වන අනුබුදු මහා මහින්ද මහ රහතන් වහන්සේ දකුණු ඉන්දියාවේ කාංචිපුරම් හි ධර්ම ප්‍රචාරය කළ බවත්, ඉන්දු විහාරය ගොඩ නැංවූ බවත් අශෝක රජු එහි ස්‌තූපය ගොඩනැංවූ බවත්, චීන දේශාටක හියුං ත්සාං තුමා පෙන්වා දෙයි. ශ්‍රී ලාංකික ප්‍රථම භික්‍ෂූන් වහන්සේ වන අරිට්‌ඨ මහ රහතන් වහන්සේ දකුණු ඉන්දියාවේ ධර්ම ප්‍රචාරයේ යෙදුණු අතර උන්වහන්සේ වැඩ විසූ 'අරිට්‌ඨපුත්ති' ගල් ගුහාව ප්‍රකට ස්‌ථානයක්‌ වෙයි. අපේ අටුවා කරණයේ යෙදුණු ආචාර්ය බුද්ධදත්ත, බදරතිත්ථ ධම්මපාල වැනි අටුවාචාරීන් වහන්සේ ඇතුළු දකුණු ඉන්දීය ස්‌වාමින් වහන්සේ ථෙරවාදී බුදු දහම සංරක්‍ෂණය කරමින්, බුදු දහමේ ජාත්‍යන්තර ප්‍රචාරයට කළ සේවය උදාරය. මේ තත්ත්වය තුළ දකුණු ඉන්දියාවේ කාංචිපුරය කුඩා අනුරාධපුරයක්‌ වූ අතර ඒ නිසා ප්‍රශස්‌ත දෙමළ බෞද්ධ සාහිත්‍යයක්‌ ද ගොඩ නැඟිණි.

දහසක්‌ හේතු සාධක දැක්‌විය හැකි ඓතිහාසික ප්‍රමාදයන් නිසා ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා බුදු දහමින් ඈත් වූහ. ජෛන, හින්දු සහ ආජීවක සම්ප්‍රදායන් සමඟ ඉන්දියාවට ආවේණික වූ දාර්ශනික ලෝකයේ මතවාදී හැලහැප්පීම් තිබුණත්, ඒ සියල්ලන් රුදුරු ආගමික ත්‍රස්‌තවාදය හෝ හිංසාව හෝ සපුරා පිළිකෙව් කළ බැවින් සුහදව සම සංස්‌කෘතික පරිසරයක විසූ බැවින් බොහෝ කලක්‌ දකුණු ඉන්දියාවේ බුදු දහම රැකිණි. ථෙරවාදය මතු නොව මහායානය, තන්ත්‍රයානය වැනි සම්ප්‍රදාය ද දකුණු ඉන්දියාවේ දියුණුව පැවතිණි. ශ්‍රී ලාංකික දෙමළ ජනතාව බුදු දහම අත්නොහැරියේ නම් සමස්‌ත දකුණු ඉන්දියාවේ කෙසේ වුවත් වර්තමාන තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන ආගම බවට බුද්ධාගම පත් වන්නට ඉඩ තිබිණි. අම්බෙක්‌කාර්තුමා වැනි බෞද්ධ නායකයන් සිය ගණනක්‌ බිහි වීමට ඉඩ තිබිණි.

ශ්‍රී ලංකාව තුළ ඉන්දීය සංස්‌කෘතියේ ද ආභාසය ලබා හික්‌මුණු සිංහල සහ දෙමළ ජන වර්ග අතරින් දෙමළ ජනවර්ගය වේගයෙන් බුදු දහම අතහැර දමන ලද්දේ ඔවුන් තුළ ඇතිවූ වැරදි ආකල්පය නිසයි. සිංහල භික්‍ෂුව ඉතා සාර්ථකව, නිර්භයව, ජාතික මමත්මය හා සංවර්ධනය ද සකසමින් ලංකාවේ දකුණේ කළ ධර්ම ප්‍රචාරය සමඟ බුද්ධාගම යනු සිංහලයාගේ ම උරුමයක්‌ යෑයි ලංකාවේ උතුර නැගෙනහිර දෙමළ ජනතාව වරදවා වටහා ගත්හ. භාෂාව දෙමළ වුවත් සංස්‌කෘතිය අතින් ඉස්‌ලාම්වරුන් හා හින්දුන් අතර සංස්‌කෘතික පරතරය ඉන්දියාවේ මෙන්ම ලංකාවේද පැවතුනි.

ශ්‍රී ලංකාවේ ධර්ම ප්‍රචාරයේ හැඩතලය 19 සහ 20 වැනි සියවස්‌ වලදී වඩාත් වෙනස්‌ පරිසරයක්‌ ගත්තේය. ලංකාවට බටහිර ජාතීන් පැමිණීම සමඟ ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයන් මෙන්ම හින්දු දෙමළ ජනතාව ද නොසිතූ විරූ දේශපාලන හා සංස්‌කෘතික පීඩාවන්ට පත් වූහ. දෙවර්ගයම බටහිර විරෝධී සටන් කළත් සිංහල වර්ගයාගේ බටහිර විරෝධී ස්‌වභාවය වඩා තීව්‍ර එකක්‌ විය. 19 සහ 20 සියවස්‌වල බිහිවූ පහතරට බෞද්ධ ධර්ම ප්‍රචාරකයෝ කිතුනු දහම ඉගෙන ගනිමින්, මුද්‍රණාල සකස්‌ කරමින්, ගැඹුරු දාර්ශනික පදනමකින් ද, ආර්ථික ශක්‌තියකින් ද, යුක්‌තව සටනට අවතීර්ණ වූහ. කිතුනු සංස්‌කෘතියෙන් තම සිංහල සංස්‌කෘතිය බේරා ගනිමින් බුදු දහම ප්‍රචාරයට පහත රට පැවිදි ගිහි පිරිස්‌ කළ බුද්ධිමය සටනින් ඔවුහු ජයග්‍රහණය කළහ. කිතුනු ව්‍යාප්තියෙන් ස්‌ව ජාතිය බේරා ගැනීමේ අවශ්‍යතා නිසාම ස්‌ව මිත්‍ර උතුර නැගෙනහිර දෙමළ ජනතාව අතර ධර්ම ප්‍රචාරය කිරීම අමතක වන තරමට දකුණේ ධර්ම ප්‍රචාරය ඒක පාක්‍ෂික විය. අධිරාජ්‍යවාදීන්ගෙන් ශ්‍රී ලංකාව නිදහස්‌ කර ගැනීම සඳහා දක්‍ෂිණාංශික හෝ වේවා වාමාංශික හෝ වේවා සටන් වල තිබූ දේශීය ප්‍රමිතිය මේ ධර්ම ප්‍රචාරයේ දී සිදු නොවීම බලවත් ප්‍රමාදයක්‌ ලෙස පෙනේ.

18 වැනි සියවසේ සිට ක්‍රමයෙන් ශාස්‌ත්‍රීය වෙමින් පාලි සංස්‌කෘත භාෂා ප්‍රවීණත්වය ලැබූ භික්‍ෂුව 20 වැනි සියවසේදී ඉංග්‍රීසි අධ්‍යාපනයට යොමු විය. ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ පණ්‌ඩිත උපාධියට දෙමළ භාෂාව සහ සාහිත්‍යය විෂයයක්‌ වුව ද ඒ මගින් රාජකීය පාණ්‌ඩිත්වයට නොගිය ඒ උගත්තු බටහිර අධ්‍යයන මූලධර්ම යටතේ සැකසුණු, වඩාත් ශාස්‌ත්‍රීය වූ අධ්‍යයන රටා තුළ හික්‌මවෙමින් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කළහ. එබැවින් යුරෝපය ඇතුළු බටහිරට සිය ධර්ම ප්‍රචාරය මධ්‍යගත කළහ. එම ධර්ම ප්‍රචාරය කිසි දින අවතක්‌සේරු නොකළ යුතු වේ. ඉන් ඇතිවූ ප්‍රබුද්ධත්වය මහත්ය. බුදු දහම යනු ම්ලේච්ඡයන්ගේ ගෝත්‍රික ආගමක්‌ ලෙස හැඳින්වූ සමාජයක රීස්‌ ඩේවිඩ්ස්‌, ගයිගර්, ශ්‍රීමත් ආර්නෝල්ඩ් වැනි උගතුන් බිහි කිරීමට මෙම ධර්ම ප්‍රචාරය හේතු සාධක විය. එහෙත් අපේම ගමේ අපේම මිනිසාට හෙවත් දෙමළ මිනිසාට බුදු හාමුදුරුවෝ සිංහලයෙක්‌ නොවේය යන දැනුම වත් දීමට දකුණේ ධර්ම ප්‍රචාරණය අසමත් ස්‌වභාවයට පත් විය.

අනගාරික ධර්මපාල තුමා ඉන්දීය ධර්ම දූත සේවය ආරම්භ කළ අතර ඉන් දකුණු ඉන්දියාවට ද බුදු දහම ව්‍යාප්ත විය. තවත් ශ්‍රී ලාංකික ස්‌වාමින් වහන්සේ කිහිප නමක්‌ මේ ධර්ම ප්‍රචාරය කළහ. ඒ නිසා අද ද දකුණු ඉන්දියාවේ බුදු දහම යම් ප්‍රමාණයකට පවතී. ඒත් ඇයි දකුණු ඉන්දියාව ලංකාවේ කහ සිවුරට මෙතරම් විරුද්ධ? ඊට ප්‍රධාන හේතුව ලංකාවේ දෙමළ ජනතාව අතර ධර්ම ප්‍රචාරය සඳහා වූ සංවිධිත, දීර්ඝකාලීන, ධර්ම ප්‍රචාරක සේවයක්‌ නොවීමයි. දෙමළ ජනතාව බහුලව වසන උතුර නැගෙනහිර ප්‍රදේශවල පන්සල් තිබිණි. නාගදීපය. යාපන නාග විහාරය. නැගෙනහිර මුහුදු මහා විහාරය, වැනි විහාරස්‌ථානවල ස්‌වාමින් වහන්සේ මහත් කැපවීමෙන් කටයුතු කළහ. එහෙත් දකුණේ ඕනෑම පන්සලක පෝය දවසක දක්‌නට ලැබෙන උෙද්‍යාගය උතුරේ ඕනෑම පන්සලක දක්‌නට ලැබුණාද? වතුකරයේ තත්ත්වය මීටත් වඩා ශෝකජනකය.

බුදු දහම උතුර නැගෙනහිර දෙමළ ජනතාව අතරින් ගිලිහී යැමේ ඓතිහාසික ප්‍රමාදයේ ප්‍රතිඵලය වූයේ බෙදුම්වාදයයි. එය අශාස්‌ත්‍රීය ත්‍රස්‌තවාදය දක්‌වා වර්ධනය වූ බැවින් සිංහල දෙමළ ලාංකිකයෝ ලක්‍ෂ ගණනක්‌ අවාසනාවන්ත ලෙස ව්‍යසනයට පත්වූහ. නැසී ගියහ. සිදු වූ සංස්‌කෘතික සමාජීය සහ ආර්ථික හානිය අනන්තය. අප්‍රමාණය. භාෂා විෂයාතික්‍රාන්තය.

2013 ලංකා සී නිවුස්‌ නොවැම්බර් 08 දින අන්තර් ජාලයේ 'මුරගල' දෙමළ බෞද්ධ සංගමයේ ඒ. රවි කුමාර් මහතාගේ සම්මුඛ සාකච්ඡාවක්‌ පළ වී තිබිණි. එතුමා 2013 උතුරු පළාත් සභා මැතිවරණයට ටී. එන්. ඒ. සංවිධානය ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශයට එරෙහිව අධිකරණ ක්‍රියාදාමයකට ගිය ජාතික සමඟි සන්ධාන එකමුතුව සමඟ එක්‌ව සිටි යාපන දෙමළ බෞද්ධ සංගමයේ සභාපතිවරයායි. හෙතෙම දෙමළ බසින් බුදුදහම උගන්වන දහම් පාසල් ගුරුවරයෙකි. එතුමාගේ ප්‍රකාශනය වර්තමාන ධර්ම ප්‍රචාරණයේ ස්‌වරූපය සංවිධානය කර ගැනීමට ඒකාන්ත වශයෙන් අපට දායක වේවි.

එතුමා කියන ලෙස,

01. තිස්‌ අවුරුදු යුද්ධයෙන් උතුර නැගෙනහිර දෙමළ ජනයාගේ සියලු දේපළ විනාශ වුණා. හින්දු භක්‌තිකයන් ක්‍රිස්‌තියානීන් බවට මාරු වීම නිසා අපේ සංස්‌කෘතික හර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. හින්දුන් බෞද්ධයන් වුණා නම් මේ සංස්‌කෘතික හානිය වන්නේ නැහැ.

02. අපි බෙදුම්වාදයට විරුද්ධයි. අපේ රට අතහැරල අපි බටහිර රටවලට පදිංචියට යන්නේ නැහැ. යුද්ධ කාලේ ජීවිතය බේරගන්න ඉන්දියාව, නේපාලය, මැලේසියාව වැනි රටවලට ගියා. එහෙදී බුදු දහම ඉගෙන ගත්තා. අපේ ගැටලු විස¹ ගන්න පුළුවන් බුදු දහම තුළින් පමණයි.

03. සිංහල කතා කරන හාමුදුරුවරු ඉංග්‍රීසි ජර්මන් ප්‍රංශ භාෂා ඉගෙන ගෙන සුද්දන් බෞද්ධයන් කරන්න උත්සාහ කරනවා. නමුත් දෙමළ මිනිහව බෞද්ධ කරන්න උත්සාහ කරන්නේ නැහැ. වඩා වටින්නේ ඇමෙරිකාවේ සුද්දව බෞද්ධ කරන එක ද අපේ රටේ දෙමළ මිනිහව බෞද්ධ කරන එකද?

04. දෙමළ මිනිස්‌සු හිතන්නේ සිංහලයෝ දෙමළ ජාතියට විරුද්ධයි, ඒ නිසා බෞද්ධයෝ දෙමළුනට විරුද්ධයි කියල. ඒත් ඇත්ත තත්ත්වය, සිංහල මනසේ එහෙම දෙයක්‌ නැහැ. පන්සලේ හින්දු දෙවිවරු වැඩ ඉන්නවා. අපි යාපනයේ නාග විහාරයට ගියාම ශිව විෂ්ණු දෙවිවරුන්ටත් පුද පූජා තියලයි එන්නේ. ඒත් බහුතර දෙමළ ජනතාවට තාම මෙය වැටහී නැහැ.

05. දීර්ඝ කාලීන කුමන්ත්‍රණයක්‌ ලෙසයි, දෙමළ ජනතාව මේ වැරදි අදහසට පත් වෙලා ඉන්නේ. බුදු හාමුදුරුවෝ මුලින්ම වැඩියේ නාගදීපයට. ශ්‍රී මහා බෝධිය ගෙනාවේ දඹකොළ පටුනට. දන්ත ධාතූන් වහන්සේ වැඩම වූයේ ලංකා පටුනට. තපස්‌සු භල්ලුක තැනූ මුල්ම ස්‌තූපය නැගෙනහිර ගිරිහඬු සෑය.

06. අධිරාජ්‍යවාදීන් සුඩානය කඩල දකුණු සුඩානය කියල සම්පූර්ණ ක්‍රිස්‌තියානි රාජ්‍යයක්‌ ගොඩනැගුවා වගේ ක්‍රිස්‌තියානි රාජ්‍යයක්‌ ගොඩනගන්නයි ඊළාම් කුමන්ත්‍රණය කරන්නේ.

වඩාත් විස්‌තර ලෙස කරුණු කියන රවි කුමාර් මහතා කියනවා, යාපනය දෙමළ බෞද්ධ සංගමයේ දෙමළ කියන කොටසත් ළඟදීම අයින් කරනවා කියල එතුමා කියන්නේ බෞද්ධයෝ බෞද්ධයෝයි, සිංහල, දෙමළ කියල වෙන් වන්නේ නැහැ කියලයි. සිංහලෙන් කතාකරන ස්‌වාමින් වහන්සේලා දෙමළ ඉගෙනගෙන දෙමළ බසින් අපට දහම දෙන්න කියලා.

නැවත යුද්ධයක්‌ ඇති නොවීමට නම් මෙම සැදැහැවත් බෞද්ධයාගේ දර්ශනය අප අධ්‍යයනය කළ යුතු වෙයි. පුරවැසි බව ලැබුවත් කිසිදා දේශීයත්වයක්‌ නොලබන බටහිර රටවල ආගන්තුක ව ධර්ම ප්‍රචාරය කරනවාට වඩා දේශීය දෙමළ ජන සමාජයේ ධර්ම ප්‍රචාරය කිරීම වඩා යෝග්‍ය නොවන්නේද?

'ඒහි පස්‌සික'

වාද්දුව ශ්‍රී ලංකාරාමාධිපති, පූජ්‍ය වාද්දුවේ ධම්මවංශ හිමි
http://www.divaina.com/2014/02/22/feature01.html

Pic Source