ශ්‍රී ලංකාවේ දිස්‌ත්‍රික් 10 ක කුඹුරු ගොවීහු තීරණාත්මක අවස්‌ථාවකට මුහුණපා සිටිති. රටේ දැඩි නියඟයක් පවතී. ඒ නිසා දිස්‌ත්‍රික් 10 ක කුඹුරු ගොවිතැන් කටයුතු සඳහා ජලය ලබාදීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට නොහැක. වී වගාවට වතුර දුන්නොත් බීමට ජලය මුදාහැරීමට බැරි බවත්, බීමට ජලය මුදාහළොත් වී වගාවට ජලය දීමට බැරි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්‍ෂවරිය එම දිස්‌ත්‍රික් 10 ගොවි ජනතාවට කියා ඇත. න්‍යායක් වශයෙන් ගත් කල මේ තත්ත්වය මෙසේ අර්ථකථනය කළ හැකිය. වී වගා කළොත් ගොවීනට පිපාසයෙන් මියයන්නට සිදු වේ. වතුර බිව්වොත් බඩගින්නේ මියයන්නට සිදු වේ. එහෙත් මෙය න්‍යායක් පමණක් බව නැවතත් කියමු. නියඟය නිසා කිසිදු ගොවියකු බඩගින්නේ හෝ පිපාසයෙන් මිය යන්නේ නැත. එහෙත් වගා ණය ඇරියස් වීම නිසා ඔවුන් මැසි තෙල් බොන්නට නම් ඉඩ ඇත. මේ අනුව මෙවර කුඹුරුවල විකල්ප භෝග, එනම් මුං ඇට හෝ වෙනත් අතිරේක භෝග වගා කරන ලෙස ගොවීන්ට උපදෙස් ලැබී ඇත. මේ පිළිබඳ සම්පූර්ණ කතාව ඉරිදා (23 දා) "දිවයිනේ" මුල් පුවත ලෙස සඳහන්ව ඇත.
"ශිෂ්ටාචාරය" නමැති ක්‍රියාවලිය පටන් ගන්නේ සංවිධානාත්මක කෘෂිකර්මය හරහා ය. සතුන් මරාගෙන අනුභව කිරීමෙන් පමණක් මනුෂ්‍යයා ජීවත් වූ කාලය ශිෂ්ටාචාරයට අයත් වන්නේ නැත. සතුන් මරාගෙන කා දෙතුන් පාරක් උගුර පාදා "රාමතෙල්" යවා නිදා ගැනීම තිරිසනාගේ කාර්යයයි.
ආහාරයට මහන්සි වීම හැර ඌ මහන්සි වන අනෙක් එකම කාර්යය වර්ගයා බෝ කිරීම පමණි. මොකද, ඌ කන්තෝරු යන්නයෑ· ඌ ඡන්දය ඉල්ලන්නේද නැත· ඌ අල්ලපු ගෙදර ගැහැනියට ප්‍රේම කරන්නයෑ· පොත් ලියන්නයෑ· එහෙත් මනුෂ්‍යයා තිරිසනාට වඩා වෙනස් නිසාත් මොළයේ ධාරිතාව වැඩි නිසාත් කෘෂිකර්මයට යොමු විය. ඔහු, ඇය සමඟ එක්‌ව මුලින්ම වවන ලද්දේ අද තිබෙන ධාන්‍ය වර්ගවල මූලික අවධියට අයත් ධාන්‍ය වර්ගයන් ය. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය පදනම් වී ඇත්තේ ද ධාන්‍ය මතය. හෙවත් 'වී' මතය. අදටත් මේ රටේ ජනයාගෙන් 31.8% ක් කෘෂිකර්මාන්තයෙහි නියුතුව සිටිති. මෙරට වගා බිම්වලින් 34% ක වී වගා කරනු ලැබෙයි. සාමාන්‍යයෙන් මහ කන්නයට හෙක්‌ටයාර් 5,60,000 ක් ද, යල කන්නයට හෙක්‌ටයාර් 3,10,000 ක් ද වී වගා කෙරෙයි. මේ සඳහා ශ්‍රමය වැය කරන ගොවි පවුල් ගණන දහඅට ලක්‍ෂයකි. ලංකාවේ වාර්ෂික වී නිෂ්පාදනය ටොන් විසිහත් ලක්‍ෂයකි. එය රටේ සහල් අවශ්‍යතාවයෙන් 95% කි. රටේ ජාතික කැලරි අවශ්‍යතාවයෙන් 45% ක් ද රටේ ජාතික ප්‍රොaටීන අවශ්‍යතාවයෙන් 40% ක්‌ද සම්පූර්ණ වන්නේ සහල්වලිනි· සාමාන්‍යයක් වශයෙන් ගත් කල මෙරට එක් පුද්ගලයකුගේ වාර්ෂික සහල් පරිභෝජනය කිලෝ 100 කි. අවුරුදු පතා ජාතියේ සහල් අවශ්‍යතාව 1.1% කින් ඉහළ යයි. සෑම අවුරුද්දකම දේශීය සහල් නිෂ්පාදනය 2.9% කින් ඉහළ යැම අපේක්‍ෂිත ය. සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීමට යන මිල රු. 8.75 කි. එහෙත් පොහොර සහනාධාරය, ජලය යන සාධක සලකන කල සහල් කිලෝවකට තවත් රුපියල් 10 කට කිට්‌ටු මුදලක් වැය කරන්නට ආණ්‌ඩුවට සිදුවෙයි.
තත්ත්වය එය නම් පිටරටින් සහල් ගෙන්වීම වඩා වාසිදායක නොවන්නේද· නැත. කුඹුරු යනු පරිසරය සමඟ බැඳී පවත්නා ඒකකයකි. ලංකාවේ පරිසරය සතු තෙතමනයේ හෙවත් ආර්ද්‍රතාවයේ පැවැත්මට කුඹුරු අවශ්‍ය ය. පුරන් වී අවුරුදු සිය ගණනක් ගත වී තිබෙන මුතුරාජවෙල ගොඩ කිරීම අදටත් තහනම් වන්නේ එම මඩ වගුර පාරිසරික තෙතමනය සමඟ බැඳී තිබෙන නිසා ය. එහෙත් නියඟයක් තිබේ නම් මෙවර වී වගා කරන්නට බැරි ය. එහෙත් මහ පොළොවට හිත ඇති පොදු ජනතාව විකල්ප භෝගයක් හෝ වගා කර ඊළඟ කන්නය හෝ ඊටත් එහා කන්නය වනතුරු වගා බිම් වියෑලී යැමට ඉඩ නොදී පවත්වාගෙන යා යුතු බව අපගේ වැටහීම ය. ඒ අතර වී වගා කරගත නොහැකිව නන්නත්තාර වන ගොවි ජනතාව රැක බලා ගැනීමේ වගකීම ආණ්‌ඩුව සතු ය. එය ජාතික වගකීමකි.
http://www.divaina.com/2014/02/24/editor.html
Pic Source

0 comments:
Post a Comment