
ඔවුහු මානව හිමිකම් කොමිෂන් සභාවේ මඩකළපුව ප‍්‍රාදේශිය කාර්යාලයට සහ නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාටද එම පැමිණිල්ල ඉදිරිපත් කළහ.
යළි පදිංචිය සඳහා පැමිණ සිටින සිංහල ජනතාවට ග‍්‍රාමසේවා සහතික, පදිංචිය ලියාපදිංචි කිරීමේ සහතික, ඡන්ද හිමිනාම ලෙඛනයට නම් ඇතුළත් කිරීම ඇතුළු රජය මගින් ලබාදෙන කිසිදු වරප‍්‍රසාදයක් පට්ටිපොළ ප‍්‍රාදේශීය ලේකම්වරියට ලබා නොදී ඇති බවත් බාර දුන් පැමිණිල්ලේ සඳහන් වේ.
පළාතේ සිංහල ජනතාවට ඔවුන්ගේ ඉඩම්වලින් ඉවත්වෙන ලෙසට බලපෑම් කරමින් ලිඛිත දැන්වීම් පවා යොමුකර ඇති බවද අම්පිටියේ සුමනරතන නාහිමියෝ පැවසුහ.
නැගනෙහිර පළාතේ සිංහල ජනතාවගේ ඉඩම් අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් පිළිබඳව තමා මෙන්ම ජනතාවද මීට පෙර අවස්ථා කිහිපයකදීම අදාළ බලධාරින් දැනුවත් කළද ඊට මෙතෙක් කිසිදු සාධාරණ පිළිතුරක් නොලැබුණ බවද සුමනරතන හිමියෝ පෙන්වා දෙති.
මඩකළපුව, පිප්පිමඩුව, කොස්ගොල්ල, පුළුකුණාව, කෙවිලියාමඩුව ඇතුළු ගම්මාන රැසක සිංහල ජනතාව ඉල්ලා සිටින්නේ තම ඉඩම් අයිතිය මෙන්ම අනෙකුත් මුලික අයිතීන් සහ ළමා අයිතීන්ද උල්ලංඝණය වීම පිළබඳව ජනාධිපතිවරයාගේ සහ අදාළ බලධාරින්ගේ අවධානය කඩිනමින් යොමුකර ඉක්මන් විසඳුම් ලබාදීමට මැදිහත්වන ලෙසයි.
http://lankacnews.com/sinhala/news/110319/
Pic Source
0 comments:
Post a Comment