ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ වාණිජ අංශය විසින් සකස් කරන ලද බලය බෙදීමේ ක්‍රමවේදය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු විටෙක සහයෝගය ලබා නොදෙන බව ඊයේ (05 දා) ඒකමතිකව තීරණය කළේය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අලුතින් සකස් කරන ලද නව කෙටුම්පත අනුව ඉන්දියාව, ඔස්ටේ්රලියාව සහ එංගලන්තයට වැඩි බලයක් සහ වැඩි ධනයක් හිමිවීමේ ක්‍රමවේදයට ශ්‍රී ලංකාවේ ස්ථාවරය පිළිබඳව පසුගිය සති කිහිපයේදී සාකච්ඡාවට බඳුන්විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන්ගේ පොදු මතය අනුව අයි.සී.සී. නව යෝජනාව කිසිදු විටෙක අනුමත කළ නොහැකි බව සම්මත වූ අතර එය වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා ඊයේ (05 දා) ක්‍රීඩා අමාත්‍යංශයේදී රැස්වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්, නායකයන් සහ ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන්ගේ පොදු මතය අනුව අයි.සී.සී. යට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට තීරණය කෙරිණි.
ඊයේ පැවැති මෙම රැස්වීම පැය භාගයකට පමණක් සීමාවු අතර එහිදී අයි.සී.සී. යේ නව යෝජනාව අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වලට යහපතක් වීමට නම් මෙම තීරණයට පිටුපා යා යුතු බව පොදු අදහස විය.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතංග මහතාගෙන් 'දිවයින' කරන ලද විමසීමකදී, "අපි ඊයේ තීරණයකට ආවා අයි.සී.සී. නව කෙටුම්පතට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න. ඒ අනුව අපි ලිපියකින් ඔවුන්ට අපේ අකමැත්ත දන්වල යවනවා. ඒ විතරක් නෙමෙයි ලබන අට වැනිදා ඩුබායි හිදී පැවැත්වෙන අයි.සී.සී. රැස්විමේදීත් අපි අයි.සී.සී. යට විරුද්ධ ඡන්දය පාවිච්චි කරනවා." යනුවෙන් පැවසීය.
මේ තීරණයත් සමග ඉන්දියාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර තිබෙන සබඳතාව පළුදුවීමට ඉඩක් ඇතිදැයි නිශාන්තර රණතුංග මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ, "අපිට එක දෙයක් වෙනුවෙන් තීරණ ගන්න බැහැ. මේ තීරණය ගත්තේ අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන හිතලා." යනුවෙන් පැවසීය.
මේ අනුව ලබන 2017 වසරේදී ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරගාවලියකට පැමිණීමට යෝජිත අතර ඒ සඳහා වන රූපවාහිනී විකාශනය අයිතිය වෙනුවෙන් රුපියල් කෝටි 350 කට වැඩි මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබීමට නියමිතය. එහෙත් ශ්‍රී ලංකාවේ අදාළ තීරණය අනුව ඉදිරියේදී වන ඕනෑම දෙයකට සූදානම් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම් සකස් කළ යුතු බව ක්‍රිකට් ආයතන ඉහළ නිලධාරීන්ගේ අභිමතය වේ.
අයි.සී.සී. අදාළ තීරණයට මේ වන විටත් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව විරුද්ධ බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
අසේල විතාන
http://www.divaina.com/2014/02/06/sports02.html

0 comments:
Post a Comment