Pages

Thursday, February 20, 2014

පිළිකා කාරකවලින් තොර දැහැත් වට්‌ටියක්‌ සෞඛ්‍ය ඇමැති මහ නාහිමිවරුන්ට පිළිගන්වයි

පිළිකා කාරක වලින් තොර බුලත්විට සහිත දැහැත් වට්‌ටිය මල්වතු අස්‌ගිරි මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ වෙත සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා 18 වැනිදා පස්‌වරුවේ පිළිගැන්වීය.

පිළිකා රෝගයෙන් පෙළෙන හා මියයන ශ්‍රී ලංකා ජනතාව ගැන සැලකිල්ල දක්‌වමින් මෙම දේශීය බුලත්විට පිළිබඳ ප්‍රචාරය ආරම්භ කළ බව අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා මහානාහිමිපාණන් වහන්සේට පැවැසීය.

දුම්වැටි පාලනය පිළිබඳ පනතද ළඟදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් විපක්‍ෂයද එම මතයට එකඟ බැවින් පනත පාර්ලිමේන්තුවේදී සම්මත වන බව තම විශ්වාසය යෑයි අමාත්‍යවරයා පැවැසීය.

බත් කෑම නැවැත්වීමට හැකි වුවත් බුලත්විට සැපීම නම් නැවැත්වීම මේ රටේ අපහසුවී තිබෙන බවද අමාත්‍යවරයා පැවැසීය.

මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සහ අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේද සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගන්නා ලද පියවර ප්‍රශංසනීය බව පැවසූහ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ෙ-. රත්නායක යන මහත්වරු ඇතුළු නිලධාරි පිරිසක්‌ද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2014/02/20/news27.html

Pic Source

0 comments: