රජිව් ගාන්ධි ඝාතකයින් හත්දෙනා නිදහස් කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය ගත් තීරණය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අත්හිටුවා ඇත.
මුරුගන්, ශාන්තන්, පෙරරිවාලන් ඇතුළු සත්දෙනෙකු දින තුනක් ඇතුළත නිදහස් කිරීමට ජයලලිතා ජෙයරාම් තීරණය කළේ පෙරේදාය.
ඝාතකයින් නිදහස් කිරීමට එරෙහිව ඉන්දීය මධ්‍යම ආණ්ඩුව මගින් ශ්‍රෝෂ්ඨාධිකරණයට ඊයේ ඇපෑලක් ඉදිරිපත් කර තිබිණි.
රජිව් ගාන්ධි ඝාතකයින් නිදහස් කිරීම සැබවින්ම අධිකරණ මූලධර්මවලට එරෙහිව යැමක් බවත් ත්රස්තවාදයට කිසිම ඉඩක් ලබාදිය යුතු නැති බවත් ඉන්දීය අගමැති මන්මෝහන් සිං තමිල්නාඩු රජයේ ක්‍රියා කලාපය විවේචනය කරමින් නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
රජිව් ගාන්ධි ඝාතනය ඉන්දීය ආත්මයටම එල්ල වූ ප්‍රහාරයක් බව අගමැතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
රජිව් ගාන්ධි ඝාතකයින් නිදහස් කිරීමට ගත් තීරණය පිළිබඳව සති දෙකක් ඇතුළත ශ්‍රෝෂ්ඨාධිකරණයට කරුණු දක්වන ලෙස තමිල්නාඩු රජයට නියෝගයක්ද ඊයේ නිකුත් කර ඇත.
රජිව් ගාන්ධි කොටි බෝම්බකාරියක විසින් ඝාතනය කරනු ලැබුවේ 1991 මැයි 21 වැනි දිනය.
චතුර පමුණුව
http://www.divaina.com/2014/02/21/news01.html

0 comments:
Post a Comment