ළඟ එන පළාත් සභා ඡන්දයේ ජරා ජීර්ණ ස්වරූපය ගැන අපි පසුගිය දිනකද මේ තීරුවෙහි ලියුවෙමු. ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාටවත් නැති අමාරුවක් පළාත් සභා ඡන්ද අපේක්ෂකයන්ට තිබෙන බව පෙනෙයි. බස්නාහිර සහ දකුණු පළාත් සභාවේ නිල කාලය අවසන් කරන ලදුව එම සභාව තුළ මන්ත්රීකම් සහ ඇමැතිකම් දැරූ සියලුම දෙනා අද වන විට සාමාන්‍ය පුරවැසියන්ගේ තත්ත්වයට පත්ව සිටිති. එකම විශේෂත්වය ඊළඟ පළාත් සභා ඡන්දය සඳහා ඔවුනට නොමිනේෂන් ලැබී තිබිමය. මෙය එතරම් ලොකු කෙළියක් ලෙස ඔවුන් විසින් නොසලකනු ලැබිය යුත්තේය. මන්ද ඕනෑම කෙනකුට ස්වාධීන කණ්ඩායමක් හදාගෙන ඇප මුදල් තැන්පත් කර ඡන්දයකට ඉදිරිපත් වීමට අද පුළුවන. එබැවින් පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වන කිසිවෙක් මෙතෙක් තිබුණ තනතුර සහ ලැබෙන්නට යන (නොයන) තනතුර ගැන කලබල විය යුතු නැත. එහෙත් මේ දිනවල පාරේ ගමන් කරන විට පළාත් සභා අපේක්ෂකයන්ගෙන් වැඩි දෙනා හැසිරෙන්නේ උන්මත්තකයන් ලෙසය. කුඩා උදාහරණයක් දක්වමු (- සෙනසුරාදා (08 දා) රාත්‍රි කාලයේදී කොළඹ මාලිගාවත්තේ සිට කොළඹ නුවර පාර දිගේ කිරිබත්ගොඩ හරහා පළාත් සභා අපේක්ෂකයකුගේ රථයක් ගියේය. එය පිටුපසින් සහ ඉදිරිපසින් ආරක්ෂක රථ දෙකක් ගමන් කළ අතර පොලිසිය පමණක් පාවිච්චි කරන රතු පැහැති විදුලි ආලෝක පන්දම් අතින් ගත්, ප්‍රතිදීප්ත (ලුමිනස්) වර්ණවලින් සමන්විත අත්වැසුම් ලාගත් පිරිසක් සෙසු වාහන නවත්වමින්, හරියටම ජනාධිපතිතුමාගේ රිය, යුද්ධය පැවැති කාලයේදී ගමන් කළාක් මෙන් (දැන් නම් ජනාධිපතිතුමාවත් මෙසේ යන්නේ නැත. එතුමා සිය ගමන එක රථයකට සීමා කරන අවස්ථාද ඇත.) ගමන් කළේය. ඒ අතර කොළඹ සිට ගාල්ල පැත්තටද ඉහත සඳහන් ආකාරයේම විකාර රථයක් ගමන් කළ අතර ඉහත කී රිය දෙකෙහිම ගමන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෝය. මේ අයගෙන් නුවර පැත්තට ගමන් කළ අපේක්ෂකයාගේ නම අපි දනිමු. ඔහුගේ සහ අනෙකාගේ හැසිරීම ඡන්ද නීති උල්ලංඝනය කිරීමකි. ඉතාම ප්‍රාථමික වූද, රටට සත පහක වැඩක් නැත්තා වූද, ඇතැම් විට ගමක අවමංගල්‍යාධාර සමිතියක් කරන තරම්වත් සේවාවක් ජනතාවට කර ගැනීමට බැරි වූවද (ප්‍රාදේශීය සභාව මෙයට වැඩි සෙතක් ජනයාට සලසයි) පළාත් සභාව නමැති ආයතනයේ සාමාජිකයන් මෙසේ හැසිරෙන විට ඔවුන් උමතු රෝගීන් ලෙස සලකා ඡන්දය පවා නොදී අත්හළ යුතුය. මන්ද, මුන් බලයට ආ විට සිදුවන්නේ බිම දිගේ නොව අහසින් යැමට හෙලිකොප්ටර් හයර් කිරීමය.
"පහත් එකා පහත්මය" යනුවෙන් ඇති පැරැණි කියමන දැඩි විරෝධතා මධ්‍යයෙහි වුව භාර ගැනීමට මේ මොහොතේදී අපට සිදුවෙයි. කිසිදු ප්‍රමිතියක් නැති කුඩ්ඩන්, කප්පම්කාරයන්, පොලීකාරයන්, මසාඡ් ක්ලීනික්කාරයන් යනාදී වශයෙන් ශිෂ්ට සම්පන්න මනුෂ්‍ය සමාජයට කිසිදු ගැළපීමක් නැති අය මේ වන විට මේ රටේ දේශපාලනයට ඇතුළත්ව සිටිති. මේ නීචයන්ට ඇතේතේ මුදල් පමණි. ඒ මුදල් ද කප්පම් හෝ ආධාර වශයෙන් සල්ලිකාරයන් බියපත් කර ලබාගත් මුදල්ය. නො එසේනම් කලින් වතාවේ බලය තිබියදී අයුතු මාර්ගවලින් උපයාගත් මුදල්ය. ඒ නිසා මුදලේ වටිනාකමක් ඔවුන්ට නැත. මහ පාරේ යන විට විවිධ සංඥ කිරීමට යොදාගනු ලබන රතු පැහැති ආලෝක සංඥ උපකරණ අද විවෘත වෙළෙඳපොළෙහි ඇති අතර පාරකට තාර දමන අවස්ථාවලදී පවා පාවිච්චි කරනු ලැබේ. ප්‍රතිදීප්ත වර්ණවලින් සමන්විත ග්ලවුස්වල තත්ත්වයද එයමය. වෝකි ටෝකි උපකරණ පවා කුලියට ගත හැකිය. මේ සියල්ලම එදිනෙදා ජීවිතයට අවශ්‍ය උපකරණ වෙති. එහෙත් මේවා මෝඩ දේශපාලනඥයන්ගේ අත්වලට ගිය විට ඔවුන් උත්සාහ කරන්නේ ප්‍රභූ චරිත තම පුහු චරිතවලට ආවේෂ කර ගැනීමටය.
ආරක්ෂක ලේකම්තුමනි, පොලිස්පතිතුමනි, මේ සටහන ඔබතුමන්ලාගේ අවධානය පිණිසය.
http://www.divaina.com/2014/02/10/editor.html
Pic Source

0 comments:
Post a Comment