Pages

Saturday, February 8, 2014

දින දිනා යළි යළිත් පරදින කිරිපිටි සංග්‍රාමය

සිදුවන බොහෝ දේ ගැන සිනා වන්නට ද, එසේත් නැත්නම් හඬන්නට දැයි බොහෝ දෙනකු තවමත් කල්පනා කරමින් සිටින වග නිසැකය. සිනහ පහළවන්නේ "කිරි පිටි මිල ඉහළ යැමේ" නාටකයේ අවසන් ජවනිකාව කිරි හරක්‌ට කන්නට ඇති තණකොළ කෑ ජනතාව කලින්ම දුටු බැවිනි. ආණ්‌ඩුqවේ බලධාරීන් "හොරාට කලින් වැට පැන්න" තැන් බොහෝය. හඬන්නට නම් කාරණා බොහෝය. මෙරට කිරි ගොවීන් ගැන කිsරිපිටි ත්‍රස්‌තවාදය ගැන කතා කළ ඊට එරෙහිව සටන් වැදි බොහෝ දෙනෙක්‌ ගැන සිතන විට හැŽමට නොව වහකන්නට සිතෙන අවස්‌ථා බොහෝය. රටේ දියර කිරි අවශ්‍යතාවෙන් සියයට පනහක්‌ මේ වන විටත් රට තුළම නිෂ්පාදනය කෙරේ. 2012 වර්ෂය අවසන් වන විට රටේ දියර කිරි අවශ්‍යතාව සියයට හතළිහක්‌ වූ අතර 2013 වර්ෂය අවසානයේදී එය සියයට පනහක්‌ විය. එවැනි තත්ත්වයක්‌ තුළ පොළොවේ පස්‌ කමින් හඬන්නට සිතෙන බව කිව යුතුද?

"කිරි පිටි" වලට අවි අමෝරාගෙන සටන් වැදී සිටි බොහෝ දෙනකුගේ විශේෂයෙන් දේශපාලනඥයන් බොහෝ දෙනකු අපට කලින් වහ බීවා දැයි සිතෙන තරමටම නිහඬය. නැතහොත් කිරි පිටි මිල පසුගිය දිනෙක ඉහළ යැමේ කතාව ජනතාවට තේරෙන හැටියකට ඉදිරිපත් කිරීමේ සූත්‍රයකට ගොනු කරමින් සිටිනවා වන්නට පුළුවන. අවාසනාවකට මෙන් සමහර සූත්‍රගත කිරීමේ සුරුවිරුකම් දක්‌වන දේශපාලනඥයා සිටින්නේ අධ්‍යාපනය බාරවය.

කෙසේ හෝ අපට තේරෙන හැටියට කිරි පිටි මිල ඉහළ ගොසිනි. සති තුනකට පමණ පෙර වාර්තා වූ පරිදි ලෝක වෙළෙඳපොළේ කිරිපිටි ටොන් එකක මිල ලෙස සටහන්ව තිබුණේ ඩොලර් පන්a දහස්‌ එකසිය අසූවකි. රුපියල්වලට හැරවුවහොත් ආසන්න වශයෙන් රුපියල් හයලක්‍ෂ හැත්තෑ හයදහස්‌ හාරසීයයක පමණ මුදලකි. පසුගිය ජනවාරි මාසය ගෙවෙන විට ලෝක වෙළෙඳපොළේ කිරි පිටි මිලෙහි හැසිරීම එබඳුය. කෙසේ හෝ ආනයනය කිරීමේ ගාස්‌තු, නැවත ඇසුqරුම් කිරීමේ ගාස්‌තු ප්‍රචාරණ ගාස්‌තු, පසෙකින් තබා කිරි පිටි කිලෝවක්‌ ලෝක වෙළෙඳපොළට සාපේක්‍ෂව මිලට ගත හැකි රුපියල් හයසිය හතළිහකට ආසන්න මුදලකටය. ඒa අනුව ඉහත කී අනෙකුත් ගාස්‌තු (අගයන්) ද එකතු කර එකී කවර හෝ කිරිපිටි සමාගමක ලාභය ද එකතු කළ පසු කිරිපිටි කිලෝවක අවසන් මිල තීරණය කරනු ලබන්නේය. මේ මොහොත වන විට සිදුව තිබෙන්නේ ඒ ඇත්ත කතාවය.

කිරිපිටිවල විෂ රසායනිකයන් අඩංගු යෑයි කියන විට ජනතාව අඩියක්‌ පස්‌සට ගන්න විට ආණ්‌ඩුවත් එහි අදාළ බලධරයිනුත් බඹ ගණනක්‌ පසු පසට ගොස්‌ කඳවුරු බැඳ සටන් කරන්නට පටන් ගත්තේය. කිරිපිටිවලට එරෙහිව දැන්වීම් පළ වන්නේද, දියර කිරිවල වැදගත්කමද වෙළෙඳ දැන්වීම්, සම්මුඛ සාකච්ඡා පළ කරමින්, මාධ්‍ය හමු පවත්වමින් ජනතාවට කිරි පිටි වල නරක කීවේද ආණ්‌ඩුවය. ඇත්ත වශයෙන්ම සැබෑ ලෙස කිරිපිටිවලට එරෙහිව සටන් කළ අයට

ලැඡ්ජා හිතෙන තරමටම ආණ්‌ඩුව වැඩේ ගොඩ දාගත්තේය. වෙනකක්‌ තබා සැබෑ සටන්කරුවන් සටන අතහැර දමන තරමටම ආණ්‌ඩුව වැඩේ ගෙන ගියේය. අවසානයේ සියල්ලන්ම තක්‌කු මුක්‌කු කරමින් රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්‌වැල්ල ඇමැතිවරයා 2013.08.29 වැනි දින මාධ්‍ය හමුවකදී කීවේ කිරි පිටි ප්‍රශ්නය ඇති වූ මොහොතේ ආණ්‌ඩුව පමණ ඉක්‌මවා කටයුතු කළ බවත් දැන් එම තත්ත්වය ක්‍රමයෙන් නිවැරැදි කරමින් සිටින බවත්ය. අවසානයේ විෂ සහිත කිරි පිටි සමාගම් මෙරටින් පිටව යැමට සූදානම්ව සිටි මොහොතක ඒ අදහස අතහැර දමා සාරවත් ලෙස කිරිපිටි මෙරට බෙදා හැරීමේ ක්‍රියාවලියට එක්‌ විය. විශේෂයෙන් සැළකිල්ලට ගත යුතු කාරණය වන්නේ බොහෝ රටවල් විශේෂයෙන් චීනය, විෂ රසායනිකයන් අඩංගු යෑයි තහවුරු වූ මොහොතෙම කිරිපිටි ආනයනය නවතා දැමීමය. "බලු මස්‌" අනුභව කරන්නේ යෑයි කියන චීන ජනතාවගෙත් පලා වර්ග (තණකොළ ද ඇතුළුව) අනුභව කරන අපේ රටේ ජනතාවගෙත් බුද්ධි මට්‌ටම කුමක්‌දැයි දැන් තීරණය කළ යුත්තේ අපමය.

විෂ කිරිපිටි, සමාගම්ද ඒවා ආනයනය කරන්නන් ද කිසිදු බියක්‌ සැකක්‌ නොමැතිව ඊළඟ පියවරට ගියේය. ඒ කිරිපිටි මිල ඉහළ දැමීමේ අවශ්‍යතාව ගැන ආණ්‌ඩුවට කියමිනි. ආණ්‌ඩුව ඒ සඳහා "කල් ගත්තේ" ය. ඊට හේතුව එක්‌වරම කිරිපිටි මිල ඉහළ දැමීම ජනතා විරෝධයකට හේතු විය හැකි නිසා යෑයි උප කල්පනය කළ හැකිය. විපක්‍ෂය කියන්නේ "ඡන්දය අහවර වන තෙක්‌ කිරි පිටි මිල ඉහළ නොදා සිටීමට උත්සාහ දැරුව ද ආණ්‌ඩුවට එය කළ නොහැකි වූ බවය.

කෙසේ හෝ ආණ්‌ඩුව පාර්ශ්වයෙන්a ඊට සාම්ප්‍රදායික හේතු ගණනාවකි. "ලෝක වෙළෙඳපොළේ තත්ත්වයට අනුව අපිට එවැනි පියවරකට යන්නට සිදු වෙනවා.", "අපි ජනතාවගේ පාර්ශ්වයෙන් බොහෝ පියවර ගත්තා....." වැනි ප්‍රකාශ මෙන්ම සමහර ආණ්‌ඩු මෙම දේශපාලනඥයන් ලවා" මෙය රටටත්, දේශප්‍රේමී ආණ්‌ඩුවටත් එරෙහි බහු ජාතික සමාගම්වල කුමන්ත්‍රණයක්‌..... අපි ඊට එරෙහිව පෙළ ගැසෙමු.." වැනි ප්‍රකාශ ද නිකුත් කළ හැකිය. එවැනි ප්‍රකාශයකින් පසු නම් ජනතාව "සටන අතහැර" දැමීම ස්‌වාභාවිකය.

ලෝක වෙළෙඳපොළ තත්ත්වයන්ට සාපේක්‍ෂව ඕනෑම පාරිභෝගික භාණ්‌ඩයක මිල ඉහළ යැම සාමාන්‍ය තත්ත්වයක්‌ බව තවමත් තන කිරි බොන ළදරුවකු හැර කවරකු වුවද දන්නා කාරණයකි. එහෙත් කිරිපිටිවලට ම රට හුරු කරවන ආණ්‌aඩුව තවමත් කටයුතු කරන්නේ බබා උක්‌කුං න්‍යායෙනි. ඒ නිසාම ආණ්‌ඩුවේ ලොකුම පම්පෝරිය ලෙස ඉදිරියට ගෙනවිත් තිබෙන්නේ "දේශීය කිරි නිෂ්පාදනය වැඩි කරනවා, දියර කිරිවලට ජනතාව හුරු කරවනවා" යන්නය. එහෙත් ඇත්තම කතාව නම් අපේ රටේ දියර කිරිවල කතාව කිරි තරමින්ම මිහිරි නැති බවය. දියර කිරි අවශ්‍යතාවට වඩා තවමත් පිටිකිරිවල අවශ්‍යතාව අපේම රටේ ජනතාවට දැනෙන්නේ ආණ්‌ඩුවේම ආශිර්වාදයෙන් දියත් වන ප්‍රචාරණයේ මහිමයෙනි.

නවසීලන්තය, ඔස්‌ටේ්‍රලියාව වැනි රටවලට කිරි පිටි හෝ දියර කිරි ආනයනය තහනම්ය. අපේ අසල්වාසී රට ඉන්දියාවේ ආනයනික කිරි සඳහා ඉතා විශාල බද්දක්‌ අය කරන්නේaය. එහෙත් අපේ රටේ තවමත් කිරි අවශ්‍යතාවයෙන් සියයට අසූවක්‌ම සපුරා ගත්තේ ආනයනික පිටිකිරිවලිනි. 2012 වර්ෂයේ කිරිපිටි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මෙටි්‍රක්‌ ටොන් 84000 කට ආසන්න ප්‍රමාණයක්‌ මෙරටට ගෙන්වා ඇති අතර බිලියන 30 කට ආසන්න මුදලක්‌ ඒ වෙනුවෙන් රටෙන් ඇදී ගොස්‌ තිබේ. විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු යෑයි වාර්තා වූ පසුගිය වසරේÊමුල් කාර්තුවේ පවා මේ තත්ත්වයේ සැළකිය යුතු තරමේ වෙනසක්‌ සිදුවී නැත. තත්ත්වය එබඳු වුවද කිරිපිටි දියර කිරි සම්බන්ධයෙන් ගොඩනැඟී ඇති සංවාදය රටේ ජනතාවට සාර්ථකව සන්නිවේදනය වූවා යෑයි සිතිය නොහැක.

මේ සඳහා ඇති, ගතහැකි ක්‍රියාමාර්ග අතර දියර කිරි පානයට ජනතාව හුරු කරවීමේ ව්‍යාපෘතිවලට යැමේ හොඳම සහ සාර්ථකම අවස්‌ථාව අපි අහිමි කර ගත්තෙමු. කිරිපිටි පානය කිරීමේ පුරුද්ද අතිශය තීරණාත්මක ලෙස වෙනස්‌ කිරීමේ ස්‌වර්ණමය අවස්‌ථාව අපට හිමි වුණේ කිරිපිටිවල තිබී ඩී.සී.ඩී. කෘෂි රසායනය හමුවීමත් සමගය. ඊට කලකට ඉහතදී ද මෙලමයින් විෂ අඩංගු යෑයි කිරිපිටි සම්බන්ධයෙන් විශාල ආන්දොaලනයක්‌ පැනනැඟුණ ද එය ඩී. සී. ඩී. සම්බන්ධයෙන් පැන නැගුණු තත්ත්වයට සාපේක්‍ෂව උදාසීන එකක්‌ විය. එහෙත් ඩී. සී. ඩී. සම්බන්ධයෙන් තත්ත්වය ඉතා ක්‍රියාකාරී හා ඵලදායී එකක්‌ විය. රජයේ වෛද්‍ය සංගමය පවා දියර කිරිවල වැදගත්කම ගැන රටට කියන්නට ඉදිරිපත් විය. දේශීයත්වය අගයන ව්‍යාපාරිකයන් රැසක්‌ දියර කිරි නිෂ්පාදනය තව තවත් වැඩි කර ජනතාවට නැවුම් කිරි ලබාදීමේ ව්‍යාපෘති සකස්‌ කළේය.

කිරි පිටි පානය කිරීමේ පුරුද්ද අත්හැර දියර කිරිවලට හුරු කරවීමේ ප්‍රථම පියවර කිරිපිටි පානයට ජනතාව අධෛර්යය කිරීම වුවත් (මේ අධෛර්යය කිරීම සාධාරණ හේතු මත සිදුවන්නකි) එය එසේ සිදුවූයේ නැත. පෙර කී පිරිස ඒ සඳහා දැඩි උත්සාහයක නිරත වුවද ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිය වැනෙන සුළු අන්දමේ එකක්‌ විය. 

ඩී. සී. ඩී. කෘෂි රසායනය සම්බන්ධයෙන් රට තුළ හටගත් තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කර ගත්තේ නම් මේ වනවිට රටෙන් හරි අඩක්‌ දියර කිරිවලට හුරුවී හමාරය. ඒ දිනවල තත්ත්වය ගැන සුළු පරිමාණ කිරි ගොවීන්ගෙන් විමසුවහොත් නිවැරැදි අවබෝධයක්‌ ලබා ගැනීමට හැකි වේ. එහෙත් ආණ්‌ඩුවේ ප්‍රතිචාරය වුයේ "අපි ගවයන්ගෙන් ඇහුවා......... උම්බෑ කියනවා ඇරෙන්න වෙන මුකුත් නෑ." මට්‌ටමේ එකකි. තවමත් ආණ්‌ඩුවට කිරි ගොවීන් සමගත්, රටේ ජනතාව සමගත් නිසි සංවාදයකට යැමේ යන්ත්‍රණයක්‌ නැත. 

රට කිරිවලින් ස්‌වයංපෝෂිතය. කලකට ඉහතදී අපේ රටේ කිරි අවශ්‍යතාවෙන් සියයට 80 ක්‌ ම සපුරා ගත්තේ දියර කිරිවලින් බවද අමතක කළ යුතු නොවේ. යාපනය, මඩකලපුව, අම්පාර මෙන්ම හම්බන්තොට දක්‌නට ඇත්තේ කිරිවලින් සරුසාර වූ සංස්‌කෘතියකි. එමෙන්ම ත්‍රිකුණාමලය, අනුරාධපුරය, කන්තලේ වැනි ප්‍රදේශවල ද නැවුම් කිරි හිඟ නැත. බදුල්ල, බණ්‌ඩාරවෙල, නුවරඑළිය වැනි ප්‍රදේශවලට කිරි අතිරික්‌තයකි. එහෙත් මේ නැවුම් කිරි ජනතාවට බෙදා හැරීමේ නිසි ක්‍රමවේදයක්‌ නැත. කිරිපිටි අඩංගු කාඩ්බෝඩ් පැකට්‌ටුව මිලට ගෙන පොලිතින් කවරයක බහා නිවසට ගෙන යැමේ පහසුව දියර කිරි භාවිතයේදී බලාපොරොත්තු විය නොහැක. එසේ නම් දියර කිරි පහසුවෙන් පාරිභෝගිකයා අතරට පත් කිරීමේ වැඩපිළිවෙළක්‌ සකස්‌ විය යුතුය. එළුවාගේ මොකක්‌දොa එක වැටෙනකම් බලා සිටින බොහෝ දෙනකුට කිව යුත්තේ මේ රටේ තිබෙන හෝ බිහිවන කිසිදු ආණ්‌ඩුවකට කිරිපිටි මිල පාලනය කිරීමට කිසිවිටෙකත් නොහැකි බවය. කළ හැකි එකම දේ වන්නේ අප තුළ චින්තනමය වෙනසක්‌ ඇති කර ගැනීමය. එවිට බහු ජාතික සමාගම් ඉබේම පාලනය වන්නේය. 

අවම වශයෙන් අතිරික්‌තයක්‌ දියර කිරි තිබෙන රටේ පාසල් දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක්‌ ලබාදී දියර කිරි භාවිතය පුරුදු කිරීමේ ආරම්භය සනිටුහන් කිරීමේ පියවරකට යැමට තරම් හෝ හැකියාවක්‌ ආණ්‌ඩුවකට නැතිs කම ගැන ලැඡ්ජා විය යුතුය.

රටක්‌ වශයෙන් අපි බොහෝ "ගොන්කම්" නිසා පීඩාවට පත්වන බව කිව යුතු නොවේ. ශක්‌තිමත් ලෙස නැඟී සිටිය යුතු ජාතියක්‌ වුවද අප තවමත් සිටින්නේ බහු ජාතික සමාගම්වල ආධිපත්‍යය යටතේය. එය රටේ පාලකයා හෝ පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයෙන් ඇමැතිවරයා වෙනස්‌ කිරීමෙන් පමණක්‌ සිදු කළ හැක්‌කක්‌ද නොවේ. "රටවටා මුහුද තිබියදී" රටින් සැමන් මාළු ගෙන්වන ඇති පදමට කුණු වී වීසි කරන තරමට එළවළු අස්‌වනු තිබියදී, ලූනු අස්‌වනු තිබියදී බදු පිටබදු ගසා ඒවා පිටරටින් ගෙන්වන අතීතයක්‌ද, වර්තමානයක්‌ ද නිසැකවම හෙටක්‌ ද අපට තිබේ. එහෙයින්ම අපේaම රටේ කිරි ගොවීන්ගේ කිරි අස්‌වනු පාරේ දොරේ ගලා ගියද, කිරිපිටි මාµsයා වැළැක්‌වීමටද අපට හැකියාවක්‌ නැති බව සුබවාදීව තත්ත්වය විග්‍රහ කරන්න යෑයි කියන අයට අපි සිහිපත් කරමු. සියල්ල රටින් ගෙන්වා පරිභෝජනය කරන හෙයින්ම මෙවැනි ගොන්කම් කරන අපි කළ යුත්තේ "රට" තණකොළ ද ගෙන්වා අනුභව කිරීම පමණකි.

උදේශ සංජීව ගමගේ 
http://www.divaina.com/2014/02/09/feature13.html

Pic Source

1 comments:

Anonymous said...

මේ ලිපියේ දෙන දත්ත වැරදියි
ලන්කාවේ තාම දියර කිරෙන් ලැබෙන්නේ 10% පමණයි. ඉතිරි සියල්ල වෙනත් අතුරු නිෂ්පාදන (යෝගට්, අයිස්ක්‍රීම්) සදහා යොදාගන්නවා
මේ දත්ත තිබෙනේ පශු සන්වර්ධන අධිකාරියේ
අනික් කාරණය තමයි UHT කිරි වල පෝෂණ ගුණය ගොඩක් අඩුයි. ඊටවඩා පිටිකිරි වල පෝෂණය වැඩියි
නමුත් හොදම දේ තමා දියර කිරි.
UHT කිරි එක්ක මේක පටලවගන්න එපා