මේ ඇත්තේ ඓතිහාසික 1848 මාතලේ කැරැල්ල බිඳ වැටීමෙන් මහා ජනසංහාරයක් සිදුවී, පුරන්අප්පු, කුඩාපොල හිමි හා ගොංගාලේගොඩ බණ්‌ඩා ප්‍රමුඛ අපේ ශේ්‍රෂ්ඨ රණවිරුවන් රැසක් දැයට අහිමි කළ, දේශීය ගැත්තන්ගේ නින්දිත පාවාදීම පරපුරෙන් පරපුරට සිහි තබා ගන්නට සුද්දන් විසින්ම අපට සිටුවාදී ගිය සමරු ඵලකයයි. මහනුවර, යාපනය ඒ-9 මාර්ගය අද්දරම මාතලේ නගරයට කිලෝ මීටරයක් තරම් මෑතින් වෙළෙඳ සැලක මිදුලේ වර්ග අඩි 10 ක පමණ කුඩා ඉඩක රැඳී, සියලු කැළි කසළ රැගෙන ගලන කුණු කාණු ඉවුරක ශෝචනීය ලෙස ගිලී ඇති මේ ස්‌මාරකයේ කතාව, මාධ්‍ය හා අන්තර්ජාලය හරහා නොයෙක්‌වර සමාජගත කළ හෙයින් මේ දසුන බොහෝ දෙනකුට ආගන්තුක නොවනු ඇති. මේ වසරට අවුරුදු 166 ක ඉතිහාසයක් සපුරාලන මෙම ස්‌මාරකය, අඩුතරමින් නිදහස් සැමරුම් දිනයේදී වත් කවර හෝ නිදහසක් ලබාගෙන තිබේදැයි බැලීමට නිදහස් දිනයේදීම මම එතැනට ගියෙමි. බලාපොරොත්තු වූ ලෙසම ඵලකය තිබුණේ සුපුරුදු අවාසනාවන්ත තත්ත්වයේමය.
පුදුමයට හේතුව මෙම ස්‌ථානය ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ භාරකාරත්වය යටතේ වීමයි. පුරාවිද්‍යා බිමක් යෑයි දැන්වීමක් සවිකර තිබීමෙන් පෙනෙන්නේ එය ආරක්‍ෂා කළ යුතු වැදගත් කමක් දරන බව දෙපාර්තමේන්තුව පිළිගෙන ඇති බවයි. නමුත් කළකිරීමට හා විස්‌මයට හේතුව වන්නේ එම දැන්වීමට අඩුම තරමින් ලී හෝ තහඩු කැබැල්ලක් වැය කිරීමටවත් උනන්දු නොවී මුද්‍රිත කඩදාසි කැබැල්ලක් ඒ සඳහා යොදා ගැනීමයි.
මේ ගැන මහත් කම්පාවෙන් අදහස් පළකළ අසල්වාසීන් ප්‍රකාශ කළේ කැරැල්ල මැඩ පැවැත්වූ ඉංගී්‍රසින් ඔවුන්ගේ පුරසාරම මේ පුවරුව මගින් පෙන්නුම් කර ඇති හෙයින් මේ ස්‌මාරකය "එතරම් ගණන් ගතයුතු" නැති බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අදහස බවයි. මේ අරුම පුදුම තර්කය ඉදිරිපත් කරන්නන්ගෙන් විමසිය යුත්තේ ලංකා ඉතිහාසයේ ප්‍රථම පොදුජන කැරැල්ලට සම්බන්ධ කවර හෝ සාක්‍ෂියක්, අඩුම තරමින් අනාගත පරපුර වෙනුවෙන් හෝ සැලකිල්ලෙන්, ගෞරවණීය ලෙස සුරැකීමට ක්‍රියාකර තිබේද යන්නයි. අපට නම් මේ සමරුව අභියසදී දැනෙ න්නේ අපේ ජාතික වීරයින් ගැන අභිමානයක් රටදැය වෙනුවෙන් සටන් වැද, එකල වනගතව තිබෙන්නට ඇති මේ බිමේදී, නිරායුධව විජාතික යන්ට යටත්වූ ඒ උතුම් මිනිසුන් ගැන දැසට කඳුළක් නංවන කම්පාවක් මිස සුද්දන් ගැන හටගන්නා කිසිදු වැදගත්කමක් නොවේ. එවැන්නක් වෙනුවෙන් පුරාවිද්‍යා පණ්‌ඩිතයන් දක්‌වන මේ නොසැලකිලිමත් භාවය කියා සිටින්නේ, නින්දිත පාවා දෙන්නන් නොසිටින්නට අපේම කියා රජෙක් බිහිවී ලක් ඉතිහාසය අභිමානවත් ලෙස වෙනස්‌වන්නට බොහෝ ඉඩකඩ තිබුණු බව පිළිගැනීමට ඔවුන්ට අවශ්‍ය නැති බවද?
මේ ස්‌මාරකය අයත්, අතීත විරුවන්ගේ ලෙයින් තෙත්වූ මාතලේ පුරවරයට කිසිදු හිඟයක් නැති මැති, ඇමැති, උප ඇමැති පිරිවර මේ ගැන නොදැන සිටින්නට අහසින්, "පාත්" වූයේ නැත. ප්‍රාදේශීය ලේකම්තුමිය හෝ සංස්‌කෘතික බලධාරීන්, මේ ගැන නොදැන සිටී නම් එය පුදුමාකාර අතපසුවීමක් විය යුතුය. අන්‍ය ජාතිකයෙකු වන මාතලේ නගරාධිපති නම් මේ කුමක්‌දැයි කියාවත් දන්නේ දැයි සැක සහිතය.
නමට පමණක් වීරපුරන් අප්පු පෙදෙස යෑයි නම්කර ඇති, ස්‌මාරකය පිහිටි පෙදෙසේ "කැරැල්ල අනුස්‌මරණ සමිතිය" යෑයි පුවරුවක් ප්‍රදර්ශනය කරන සංවිධානය මේ අවමානය පිළිබඳව මේතාක් ගත් එකම ක්‍රියා මාර්ගය, මේ ස්‌මාරකය වෙනුවෙන් තමන්ගේ නමගම ඔබ්බවා ගත්, දේශපාලනඥයෙකුගේ නව ඵලකයක් ප්‍රදර්ශනය කරන්නට ඉඩ හැරීම පමණක්‌ද? රජයේ ඉඩමක පිහිටි මේ නව ඵලකය, දැන් එම බිමේ ස්‌ථාපිත කර ඇති ළදරු පාසලේ කුඩා දරුවන්ට ක්‍රීඩා භාණ්‌ඩයක් පමණි.
තතු දන්නවුන් පැවැසුවේ වීරපුරන් අප්පු දිනය සැමරීමට මොරටුවේ සිට කලකට පෙර වාර්ෂිකව පැමිණි සංවිධානයක සහභාගීත්වයත් දැන් නැවතී ඇති බවත්, මෙම ස්‌ථානයට රැකවල් සැපයූ දම්වැල් අතුරුදන් වී දැන් සෑහෙන කාලයක් ගතවී ඇති බවත්ය.
උදාර ඉතිහාසයකට සාක්‍ෂි සපයන මේ සමරුවට ඊට ගැලපෙන වැදගත්කම ලබාදීම, සැලසුම් කළ යුතු මහා ව්‍යාපෘතියක් නොවේ. පුද්ගලිකව හා පොදුවේ පුරවැසියනුත්, මාධ්‍ය මගිනුත් ඒ වෙනුවෙන් හඬ නගද්දීම බලධාරීන් නෑසූ කන්ව සිටින්නේ කිසියම් අදෘශ්‍යමාන බලපෑමකට යටත් වීමක ඵලකයක් ලෙසටදැයි සාධාරණ සැකයක් මතුවීම වැළැක්‌විය නොහැකිය. මේ වන විට ඒ-9 මාර්ගය පුළුල් කෙරෙමින් සිදුකෙරෙන මාර්ග ප්‍රතිසංස්‌කරණ අවසානයේ මේ පුවරුව අතුරුදන් වුවහොත් ඒ ගැන පුදුම නොවන්නටද අපි දැන්මම හිත හදාගත යුතුද?
මේ අපට අලුත්, අරුම දේවල් නොවේ. සේකර ලීවාසේ ජාතික නිදහස වෙනුවෙන් දිවි පිදූ වීරයන්ගේ රුධිරය, මේ බිමේ නිදන්ව ඇති බවත්, ඔවුන් හෙළු ප්‍රාණ වායුව අපට ජීවය කවන බවත් මතක තිබෙන්නේ කීයෙන් කී දෙනාටද? පාලකයන් සිය දෙමාපිය බූදලය යෑයි සිතා ජාතික සම්පත් අනුභව කරමින් සිටිති. ජාතියේ මුර දේවතාවන් විය යුතු ආගම් නායකයන්ට බුදුන් දවසටත් නෑසූ "පූජාවන්" සංවිධානය කරන්නට තිබේ. ලාංකිකයන් වූ අපි, අපේ සිතුම් පැතුම්, ජීවන රටාව පමණක් නොව සිංහල උච්ඡාරණයද ශීඝ්‍රයෙන්, බටහිර අච්චුවකට දමා තලමින් සිටිමු. රට භාර ගන්නට සිටින තරුණ පෙළ ඇමරිකාවට, එංගලන්තයට, ඔස්‌ටේ්‍රලියාවට පතිත වීමේ සිහින තුළ කරටවක්‌ව ගිලී සිටිති. උපන්දා සිට අපට බත්පත, දියපොද, ජීව වායුව ලබාදුන් ජන්ම භූමිය, ඩොලර් නෝට්‌ටුවකට පාවා දෙන්නට එන්ජීඕ නඩ ඉතසිතින් පෙළ ගැසී සිටිති. ඒ අතරම අපි අපේ ඉතිහාසය කාඩ් කුට්‌ටමක් සේ අනමින්, දාම් ඉත්තන් සේ එහාට මෙහාට කරමින් සිටිමු.
ඉවසමු...· ජාතික දැක්‌මක්, හැඟීමක් රහිතව අප යන මේ ගමන කෙළවර, අදහෙටම කොඳු නාරටිය බිඳගත් අනන්‍යතාවයක් නැති අච්චාරු සමාජයක් මේ බිමේ බිහිවෙනු ඇත. එවිට අපට මේ මළ බැඳුණු ඉතිහාසය හාරමින් කරදර වන්නට අවශ්‍ය වන්නේද නැත.
එතෙක් අපි නිදහස් දිනයට ජාතික ධජය ගේට්‌ටු කණුවේ ගැට ගසා ආලින්දයට වී රූපවාහිනියෙන් ආචාර පෙළපාලි නරඹමින් සිටිමු.
මුල් සිඳින ලද ජාතියක් දළු දමන්නේද නැති බව, අනේ අපි තේරුම් ගන්නේ කවදාද?
ගීතාංජලී ආරියරත්න
http://www.divaina.com/2014/02/16/feature10.html

0 comments:
Post a Comment