
සැප්තැම්බර් 3 සිට 5 වැනි දින දක්‌වා කොළඹ ගලදාරී හෝටලයේ සාර්ථකව පවත්වන ලද 2013 ආරක්‌ෂක සම්මේලනය අමතා අරුන් තම්බිමුත්තු කරන ලද කතාව තුළින් දේශීය වශයෙන් හා ජාත්‍යන්තරව ප්‍රචාරය කරන මිථ්‍යා ප්‍රබන්ධයන් බොහෝමයක් දුරු කරන ලදී. පවතින මිථ්‍යා මතයන්ට නව මුහුණුවරක් හා විශාලත්වයක් ලබා දෙන ඔහු ඓතිහාසික කරුණු පදනම් වූ තම ස්‌ථිර ප්‍රකාශයන්ට විශ්වසනීය භාවයක් අපේක්‌ෂා කරයි. තම්බිමුත්තු පවසන කරුණු පිළිබඳව වැඩිහිටියන් මෙන්ම තරුණයන් ද සැලකිය යුතු අවධානයක් ලබා දිය යුතුවේ.
දෙමළ හා සිංහල ජනතාව පුරාණයේ සිට බෙදා හදා ගනිමින් එක්‌ව ජීවත්වූ ආකාරය පැහැදිලිව පෙන්නුම් කරන ඔහු, දෙමළ ජනතාවගෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් උතුර හා නැගෙනහිර සීමාවන්ගෙන් පිටත දිවයිනේ සෑම කොටසකම ජීවත්වෙමින් පවතිද්දී, බ්‍රිතාන්‍යය තම ප්‍රතිපත්ති මගින් එම සමගිය පළුදු කරමින් ජනවාර්ගික ලේබලය මතුකරන දේශපාලනය තුළින් දිවයිනේ එක් ප්‍රදේශයකට වෙනම රාජ්‍යයක් තුළින් පාලන බලය ඉල්ලා සිටීමට පොළඹවා ඇත. මෙම ප්‍රකාශන තොරතුරු සහිතව තහවුරු කළ හැකි වන අතර, මෙවැනි තර්ක පිළිබඳව සිතා බැලීමට දෙමළ ජනතාවගෙන් කී දෙනෙකු උනන්දු වේද යන ප්‍රශ්නය ද මතු වේ.
මාස 3 කින් හෝ 6 කින් පමණ LTTE නැවත යථා තත්ත්වයට පත්වනු ඇතැයි විශ්වාස කළ දෙමළ ජනතාව ඔවුනගෙන් බහුතරයක් LTTE ය පරාජය වීම පිළිබඳ දැඩි කම්පනයට පත්වූ ආකාරය ඔහු විසින් තවදුරටත් පැහැදිලි කරන ලදී.
සිංහල ජනතාව අතරින් ටික දෙනෙකු ද මෙවැනි මත දැරූ අතර පවතින ගැටලුව වන්නේ මෙම දෙමළ හා සිංහල ජනයාගෙන් කී දෙනෙක් තවමත් සිදු විය නොහැකි දෙය සිදුවේ යෑයි විපරමින් සිsටිනවාද? විදේශගතව ජීවත්වන පිරිස් විසින් අපේක්‌ෂාවන් ඇති කරන සිහින ඊළාම් රාජ්‍යය ලබාදීමේ පොරොන්දු විශ්වාස කරන දෙමළ පිරිස කොපමණද? දෙමළ දේශපාලනඥයන්, දෙමළ ඩයස්‌පෝරාව සහ LTTE ඉදිරිපස සංවිධාන විසින් දෙමළ ජනතාවගේ මනස තුළට නිතර වපුරන ශ්‍රී ලංකාවේ උතුරෙහි හෝ තමිල්නාඩුව තුළ සිදු නොවිය හැකි ව්‍යාජ "දමිළ ඊළාම්" ක්‍රීඩාව පිළිබඳව දෙමළ ජනතාවගෙන් කී දෙනකු ප්‍රශ්න කරුනු ඇත්ද? අරුන් තම්බිමුත්තු පවසන්නේ "වෙන් කළ භූමිය" දේශපාලනඥයන්ගේ මනසේ ඇති දෙයක් දේශපාලනඥයන්ගේ මනසේ පවතින පැවරූ එකක වැනි ප්‍රකාශ කරන විට දෙමළ ජනතාවගෙන් කී දෙනෙකු ඔහු සමඟ එකඟ වේද? දෙමළ ජනතාවට ප්‍රාදේශීය සභා, ඉඩම් හා පොලිස් බලතල අවශ්‍ය නැතැයි ඔහු ප්‍රකාශ කරන විට දෙමළ ජනතාව එය පිළිගැනීමට සූදානමින් සිටීද? විශ්‍රාම ගිය විනිසුරුවරයකුද එකතුව ඔවුන්ගේ ප්‍රකාශන පත්‍රයේ විදේශ මැදිහත්වීම් යන විශේෂ පාඨය ද එකතු කර ඇති බෙදුම්වාදී ගායනයට එරෙහිව ජනතාව බොරුවෙන් මුළා නොකරන ලෙසට LTTE යෙන් ඉල්ලීමක් කරයිද? දෙමළ ඡන්ද ප්‍රමාණයෙන් 7% ක ප්‍රමාණයක් TNA මගින් නියෝජනය වන බව අරුන් තම්බිමුත්තු ප්‍රකාශ කරන විට ජනතාව මෙම ප්‍රතිශතයට වැඩි කිරිමට ද නැතිනම් TNA කිසිදා ඉටු කළ නොහැකි, ඔවුන් බලයට පත් කිරීමට පමණක් ප්‍රමාණවත් බොරු පොරොන්දු හා ප්‍රොඩාකාරිත්වයෙන් තම මනස මුදවා ගත යුතුවේ. පැවැති ඓතිහාසික බැඳීම් බිඳ දමා ඔවුන්ගෙන් ඈත්වීමට වඩා බහුතර ප්‍රජාව සමඟ එක්‌ව තම අනාගතය ගැන සිතනවාද යන්න ගැන දෙමළ ජනතාව නිගමනය කිරීම යෝග්‍ය අවස්‌ථාව දැන එළඹී නැත්ද? තවදුරටත් ඊළාම් ඉදිරියට ගෙන යැමට ඉදිරිපත් වී සිටින පරඳුදරන්නන් ගැන සලකා බලනවිට ඇත්ත වශයෙන්ම ඊළාම් සත්‍ය වශයෙන්ම හින්දු ජනයා වෙනුවෙන්මදැයි කල්පනාකාරී වීමට කාලය පැමිණ නැද්ද? දෙමළ ජනතාව විසින් මෙහි පවතින සමබරතාවයේ නියම ආකාරය පිළිබඳව දැන් නොසිතන්නේ ඇයි? ආචාර්ය සුබ්‍රමානියම් ස්‌වාමි පෙන්වා දී ඇති ආකාරයට අනවසරයෙන් මැදිහත් වන ජාතීන් විසින් සිංහයකු ලෙසට, ගැලවීමේ හමුදාවක් මට්‌ටමට උසස් කර ඇති LTTE ය සහ TNA යන අරමුණක් නැති මාර්ගයේම යනවා වෙනුවට දෙමළ ජනතාව විසින් තමන් පෙන්වන මාර්ගයට යොමුවීම ගැන සිතීමට එනම්, හින්දු සංස්‌කෘතියට අයත් වන සිංහල හා දෙමළ ජන කොටස් දෙක එකට එක් වී බෙදුම්වාදයෙන් තොර නව ඉරණමක් කරා යොමුවීම වඩා යහපත් නොවන්නේද යන්න අරුන් තම්බිමුත්තු සිතන ආකාරයයි.
ශෙනාලි ඩී. වඩුගේ
http://www.divaina.com/2014/02/21/feature02.html
Pic Source
0 comments:
Post a Comment