හැටහය වෙනි නිදහස් උළෙල සමරණ මොහොත වන විටත් ශ්‍රී ලංකාව තුළ එකම රටක් එකම ජාතියක් දැක ගැනීමට නොලැබීම ගැන අපි ජාතියක් වශයෙන් කම්පා විය යුතුය. වරින් වර ශ්‍රී ලංකාවේ එක් එක් කොටස්‌වලට උරුමකම් කියන්නට බිහිවන නානාවිධ කොටස් නිසා එකම රටක් එකම ධජයක් එකම ජාතියක් යන වචන සමුදාය නිකම්ම නිකං වචන ගොඩක් බවට පත්ව තිබේ.
ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වන නිශා බිස්‌වාල් ශ්‍රී ලංකාවේ සංචාරය කළේ අපි අපේ නිදහස සැමරීමට දින ගණනක් තිබියදීය. නිශා බිස්‌වාල් පැමිණියේ ශ්‍රී ලංකාවට වුවත් ඇය යාපනයට යැම තුළ දක්‌නට ලැබෙන්නේ යාපනය යනු ශ්‍රී ලංකාවේ පිහිටි තවත් එක් රටක් වශයෙනි. එල්. ටී. ටී. ඊ. ය විසින් උතුරේ කිලිනොච්චි හා මුලතිව් ප්‍රදේශ වෙනම පාලනය කළ වකවානුවේදී ශ්‍රී ලංකාව තුළ පැහැදිලි වශයෙන් බෙදී වෙන්වූ රාජ්‍යයන් දෙකක් දක්‌නට ලැබුණි. එල්. ටී. ටී. ඊ. ය පරාජය කොට වසර පහක් ගතවන්නට ආසන්න මේ මොහොතේදීත් යාපනය යනු ශ්‍රී ලංකාවේ පිහිටි වෙනම රාජ්‍යයක්‌ය යන තත්ත්වයට රට කර තිබේ.
උතුරු පළාත් සභාවේ බලය ස්‌ථාපිත වූ අවස්‌ථාවේදී බොහෝ දෙනකු පුරසාරම් දෙඩුවේ සමස්‌ත ශ්‍රී ලංකාවම දැන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට අවතීර්ණ වී ඇති බවය. නමුත් එම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පිරිස සෑම විටකම උත්සහ දරණුයේ උතුර යනු මේ රටේ වෙනම රාජ්‍යයක් ලෙස හුවා දැක්‌වීමටය.
නිශා බිස්‌වාල් පැමිණියේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නම් ඇයට වෙනම සංචාරයක් යාපනයේ පිළියෙල වූයේ ඇයට නාගදීපය වැඳපුදා ගැනීමට නොවේ. උතුරේ වෙනම රාජ්‍යයක් ඇති බවට කරුණු දක්‌වමින් සිටින, එහෙත් ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මත බලයට පත්වී සිටිනා උතුරේ පාලකයින් හමුවීමටය. උතුරේ පාලකයන්ට විස¹ ගැනීමට යම් ප්‍රශ්නයක් වූයේ නම් නිශා බිස්‌වාල්ට තිබුණේ එම පාලකයෝ කොළඹට කැඳවා ගැනීමටය. එසේත් නොමැතිනම් උතුරේ පාලකයන්ට තිබුණෙ කොළඹට යාමටය. නමුත් එවැන්නක් සිදු වූයේ නැත. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පාලකයෝද නිශා බිස්‌වාල්ට වෙනම යාපනයේ සංචාරයක් ලබාදීම තුළින් ප්‍රකට කළේ යාපනය යනු ශ්‍රී ලංකාවේ වෙනත් කොටසක් බව තහවුරු කිරීම පමණි.
ඉකුත් වසරේදී අවසන් වුණු "චොගම්" සමුළුවේදී ඊට පැමිණි රාජ්‍ය නායකයන්ගෙන් කොටසක් සමුළුවටද සහභාගි නොවී යාපනයේ සංචාරය කළහ. ඔවුනට "චොගම්" සමුළුවට වඩා උතුරේ පිහිටි යාපන රාජ්‍යය දැකබලා ගැනීමටත් එහි පාලකයෝ හමුවීමටත් අවශ්‍ය විණි. නිශා බිස්‌වාල්ට අවශ්‍ය වූයේද එයමය. ලෝකයේ කොතැනක සිට හෝ පැමිණෙන විදේශීය රාජ්‍ය නායකයන්ට උතුරේ සංචාරය කිරීමට අවශ්‍ය වන තරමට උතුරේ පාලකයෝ සිය පාලන ව්‍යqහය කදිමට සකස් කොට ගෙන සිටිති. ශ්‍රී ලංකාවේ පාලකයෝද ඊට අනුබලය හා අනුග්‍රහය දක්‌වති. ඉන් ඔවුන් රටට සිදු කරනු ලබන්නේ විශාල හානියකි.
නිශා බිස්‌වාල් පමණක් නොව, උතුරට පැමිණෙන සෑම විදේශීය රාජ්‍ය නායකයෙකුට උතුරේ පාලකයන් කරනු ලබන්නේ මුසා බස් කීමය. එමෙන්ම අතීතයේ දුක් අෙ¹aනා යළි සිහිපත් කරමින් අපි පසුගිය සතියේ මතක් කළ පරිද්දෙන් පරණ මිනීවළවල් හෑරීමය.
පොදුවේ ගත් කල උතුරේ හෝ වේවා දකුණේ හෝ වේවා දේශපාලනයට පිවිසෙන පුද්ගලයෝ තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට බොරු බේගල් කෙප්ප අත ඇරීමට දක්‍ෂයෝ වෙති. උතුරේ දේශපාලනඥයෝද නිශා බිස්‌වාල්ට යුද්ධය හා වර්තමාන තත්ත්වය පිළිබඳව කළ කී බොහෝ දේ අමූලික බොරුය. දේශපාලනඥයින් බොරු කියන පිරිසක් බවට අද සමාජයේ කුඩා දරුවන් පවා පිළිගන්නා සත්‍යයකි. නමුත් ආගමික නායකයෝ බෙරු නොකියන සත්‍යම ප්‍රකාශ කරන රහසින්වත් පව් නොකරන පිරිසක් බවට සමාජය පිළිගෙන තිබේ. සමාජය තුළ ආගමික නායකයන්ට ශ්‍රේෂ්ඨ තැනක් හිමිවන්නේත් ඔවුන් වන්දනීය තත්ත්වයට පත්වන්නේත් මිනිසුන් තුළ ඇති මේ අදහස නිසාය.
නමුත් ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය නිශා බිස්‌වාල් යාපනයේ රදගුරු තෝමස් සෞන්දරනායගම් බැහැදුටු අවස්‌ථාවේදී රදගුරු හිමි ප්‍රකාශ කොට තිබුණේ මේ රජය උතුරේ වැසියන් වෙනුවෙන් කිසිවක් ඉටු නොකරන රජයක් පමණක් නොව කිසිසේත්ම විශ්වාසය තැබිය නොහැකි රජයක් බවය. අතුරුදන්වූවන් මියගිය පුද්ගලයන් හා මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිද්ධීන් පිළිබඳව ශ්‍රී ලංකාව තුළදී සිදුවන පරීක්‍ෂණ අපක්‍ෂපාතී හා සර්ව සාධාරණ බවට පිළිගත නොහැකි බවද රදගුරු හිමි මතය වී තිබේ. විශේෂයෙන්ම යුදහමුදාව මැදිහත්වන පරීක්‍ෂණ පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බවද නිශා බිස්‌වාල් ප්‍රකාශ කොට තිබේ.
නිශා බිස්‌වාල් ඊළඟට හමුවුණු උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේස්‌වරන් හා එම පළාත් සභාවේම මන්ත්‍රිනී ආනන්දි සසිහරන්ද ප්‍රකාශ කොට තිබුණේ මේ රජය මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව වෙනුවෙන් ජිනීවා දංගෙඩියට රැගෙන යා යුතු බවය.
උතුරේ වැසියෝ උතුරු පළාත් සභාව ස්‌ථාපිත කළේ ඔවුන් ලවා මිනීවළවල් හාරා ගැනීමට නොවේ. වසර තිහක් තිස්‌සේම පැවති යුද්ධය හමුවේ බැට කා ඇඳිවතද අහිමිව සිටින ඔවුන්ට මේ අවස්‌ථාවේදී අවශ්‍ය වන්නේ ජිනීවා සමුළුව නොවේ. සමුළුවේදී කුමන තීරණයක් ගනු ලැබුවද ඔවුන්ට වටින්නේ කවරෙකු හෝ පැමිණ ලබාදෙන ජීවිත රැකවරණය පමණි. මේ නිසා යුද්ධයෙන් විපතට පත්ව සිටින උතුරේ වැසියන්ට මේ දිනවල ජිනීවා සමුළුවට වඩා ඉන්දියාව වටිනා තැනක් වී තිබේ. ඒ මන්දැයි කිවහොත් යුද්ධයේදී නිවාස අහිමි වූ වැසියන්ට ස්‌ථීර නිවසක් ලබා දෙන්නේ ඉන්දීය රජය පමණක් වීම නිසාය.
ජිනීවා ඇතුළු ඇමරිකානු රටවල්ද, යුරෝපයේ රටවල්ද උතුරට පැමිණෙන්නේ යුද්ධයෙන් විපතට පත් වැසියන්ට සහන සැලසීමට වඩා යුද සමයේදී සිදුවූයේ කුමක්‌ද යන්න සොයා බැලීමටය. මේ සඳහා ඔවුන් විය පැහැදම් කරන මුදල යොදා උතුරේ පැල්පත් නිවාසවල ජීවත්වන වැසියන්ට වැසිකිළි පේළියක් ඉදිකොට දීමට උත්සහ දරන්නේ නැහැ. නවනීදන් පිල්ලේ පසුගිය කලක උතුරේ දින දෙකක් සංචාරය කිරීමට වැය කරන ලද මුදලෙන් මුලතිව් හෝ කිළිනොච්චි දිස්‌ත්‍රික්‌කවල වැසියන් වෙනුවෙන් නිවාස පහළොව බැගින් වූ කුඩා ගම්මාන දෙකක් ඉදිකොට දීමට අවශ්‍ය තරම් ඉඩකඩ තිබුණි. නමුත් ඇයද කළේ කිසිදු වැදගැම්මකට නැති වාර්තාවක් සකස් කිරීම වෙනුවෙන් අධික මුදල් සම්භාරයක් වැය කිරීම පමණි.
ජිනීවා නුවර මානව හිමිකම් මණ්‌ඩලය කුමන රටකට එරෙහිව මානව හිමිකම් වාර්තා සකස් කළද ඒ තුළින් ලැබෙන දඩඬුවමක් නොමැත. දේශීය හා විදේශීය ජනමාධ්‍යවලට පමණක් හොඳින් කාලයක් තලුමැරීමට හැකි ප්‍රවෘත්තියක් ලැබෙනු හැර ඊට වඩා වැඩි යමක් සිදු නොවේ. ජිනීවා සමුළුවේ මානව හිමිකම් මණ්‌ඩලයද අද ශ්‍රී ලංකාවේ සංඝාධිකරණයට වඩා වෙනස් තැනක් නොවේ. අධිකරණ සංඝනායක පදවිය ලබන භික්‍ෂුන් වහන්සේ පෙරහැරින් වඩමවා උත්සව කොට අධිකරණ සංඝනායක පදවිය උන්වහන්සේට සාධුකාර දී පිරිනමන්නාහ. නමුත් ඒ අධිකරණ සංඝනායක පදවියෙන් ගමේ කොල්ලෙකුට චරිත සහතිකයක් ලබාදීම හැර වෙනත් කළ හැකි දෙයක් නොමැත. අඩුම තරමින් අධිකරණ සංඝනායක මාහිමියන් වැඩවාසය කරන විහාරස්‌ථානයේ භික්‍ෂුන් වහන්සේලා දෙනමක් අතර ඇතිවන ගැටලුවක් විස¹ දඬුවමක් ලබාදීමටත් බලයක් අද අධිකරණ සංඝනායක ධුරය තුළ දක්‌නට නොමැත. ජිනීවා මානව හිමිකම් මණ්‌ඩලයේ තත්ත්වයද මේ හා සමාන මිස ඊට එහා ගිය ස්‌වභාවයක නොපවතී.
සැබෑ තත්ත්වය මෙය නම් උතුරේ පාලකයෝ තවදුරටත් මේ විදේශීය නියෝජිතයින්ට බොරු බේගල් ඇද බාමින් ඔවුන්ව පිනවිය යුතුද යන්න ප්‍රශ්නයකි. පාසල්වල ප්‍රාථමික අංශයේ ළමුන් දෙදෙනකු රණ්‌ඩු වූ විට පන්තිභාර ගුරුවරියට අනෙකා පහර දුන් ස්‌වභාවය විස්‌තර කරන්නේ අතින්ද යමක් එකතු කොට වරදේ ස්‌වභාවය බරපතළ කරමිනි. ඊට හේතුව පන්තිභාර ගුරුවරිය චූදිතයාට වැඩියෙන් දඬුවම් කරනු ඇතැයි පුංචි ළමා මනසට ඒත්තු යන බැවිනි. අද උතුරේ දේශපාලනඥයින් හා ආගමික නායකයන්ද මේ පුංචි දරුවෝ බවට පත්ව සිටිති. ඔවුහු ශ්‍රී ලංකාවේ පාලකයින් පිළිබඳව වැරදි මව මවා විදේශීය නියෝජිතවරුන්ට හුවා දක්‌වති. ඒ ඊට සම්බන්ධ පුද්ගලයන්ට වැඩි වැඩියෙන් දඬුවම් ලබාදීමට හැකි වෙතැයි යන අපේක්‍ෂාවෙනි. නමුත් අවසානයේදී ඉන් සිදුවන්නේ උතුරේ වැසියන්ට කවරෙකු හෝ හිතසුව පිණිස ලබා දෙන්නට උත්සහ කරන පරිප්පු හුණ්‌ඩුව හෝ ඔවුනට නොලැබීම පමණකි.
පෙර කී පරිදි උතුරේ වැසියන් මේ අවස්‌ථාවේදී බලාපොරොත්තු වන්නේ මානව හිමිකම් නොවේ. යුද්ධයේදී මියගිය හෝ අතුරුදන්වූ අය ආපසු ඔවුන්ගේ පවුල්වලට යළි නොපැමිණෙන බව ඔවුහු හො¹කාරව දන්නා කාරණයකි. මියගිය පිරිස ගැන කතා කරනවවාට වඩා ජීවත්ව සිටින පිරිස ගැන කතා කිරීමට යමෙක් පැමිණෙන්නේ නම් එය දැකීම උතුරේ වැසියන්ගේ පරමාර්ථයයි. ධීවර රැකියාවෙන් එදිනෙදා වේල පිරිමසා ගන්නා පවුල් දහයකට එක බෝට්‌ටුව බැගින් හා දැල් ආම්පන්න ලබාදෙන්නේ නම් යළි පදිංචි වූ එක් පවුලකට මදුරු දැලක් ලන්තෑරුමක්, උදැල්ලක් කැත්තක් ලබාදෙන්නේ නම් මේ මානව හිමිකම් ගැන කරුණු විමසනවාට වඩා වැදගත්ය. එසේ නොමැතිව මානව හිමිකම් පිළිබඳව කරුණු සොයා බලන්නට එන පිරිස්‌වලට විවිධ මතවාද ඉදිරිපත් කිරීමෙන් සිදුවන පලක් නොමැත.
නිශා බිස්‌වාල් මහත්මිය හෝ වෙන කවුරුන් හෝ වේවා උතුරට පැමිණ මේ දේශපාලනඥයන් හෝ ආගමික නායකයින් හැර උතුරේ සාමාන්‍ය වැසියන් හමුවූවා නම් ඔවුන් ඉල්ලා සිටිනුයේ බීමට පිරිසිදු ජලය පොදක් ලබාදී වකුගඩු රෝගයෙන් දිනපතා මියයන අසරණ රෝගීන් පිරිස බේරා දෙන මෙන් මිස යුද්ධයෙන් මියගිය පුතා හෝ දුව ලබාදෙන ලෙස නොවේ.
උතුරු ප්‍රදේශය දෙස යළි ආපසු හෑරී බලන කල එදා සිටම උතුරට ආ පිරිසට මෙහි සිටිය වුන් කීවේ කේලාම්ය. එරික් සෝල්හයිම්, ඡන් පීටර්සන්, යෂුෂි අකාෂි, නිරූන්ඩ් පුරුහොව්දේ වැන්නවුන්ට තමිල් සෙල්වම් මෙන්ම ඇන්ටන් බාලසිංහම් වරින්වර පවසන ලද දේ ඔවුන්ට නොව විශ්වකර්මයාටවත් කළ නොහැකි විය. සෝල්හයිම්ලා ඉදිරිපත් කළ යෝජනා එදා පිළිගැනීමට එල්. ටී. ටී. ඊ. ය කැමති වූයේ නම් අද විග්නේස්‌වරන් සිටින තැන ප්‍රභාකරන්ට ලබා ගැනීමට තිබිණි. නමුත් එය එසේ සිදු නොවුණි. ශ්‍රී ලංකාව පැහැදිලි වශයෙන් කොටස් දෙකකට එදා බෙදී වෙන් වී තිබුණු බැවින් ප්‍රභාකරන් උත්සහ කළේ තනිවම ඒ උතුරු ප්‍රදේශයේ කිරුළ පැළඳීමටය. අවසානයේදී ඔහුට සිදුවූයේ ඔටුණු නොපන් අයෙකු ලෙස මිය ඇදෙන්නටය.
රටවල් දෙකක් වශයෙන් එදා බෙදී වෙන් වී තිබුණු කාලවකවානුවේදී ශ්‍රී ලංකා රජයේ කිසිවක් පිළිගැනීමට වන්නියේ රාජ්‍යය බලවත් සේ අකමැති වූහ. මේ සඳහා දිය හැකි ඉතාම සරල උදාහරණය වන්නේ එවකට රටේ ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මැතිනිය ඔරලෝසුවේ වේලාව පැයකින් ඉදිරියට ගෙනගොස් ආපසු පැය භාගයට සීමා කිරීමේ ක්‍රියාවයි. මෙහිදී රටේ සමස්‌ත වේලාවෙ පැය භාගයකින් වෙනස් වුවද වන්නිය පාලනය කළ පිරිස එසේ වෙනස් වූ වේලාව පිළිගැනීමට සූදානම් වූයේ නැත. මේ නිසාම "කලම්බු ටයිම් වන්නි ටයිම් යනුවෙන් වේලාවන් දෙකක් මේ රටේ ක්‍රියාත්මක විය. වරක් වන්නියට පැමිණි ජපාන ජාතික යෂුෂි අකාෂි මේ "ටයිම් දෙක" නිසා ලොකු ඇබැද්දියකට පත්විණි.
කිළිනොච්චියේ පරිගණක මධ්‍යස්‌ථානයක් විවෘත කිරීමට යෂුෂි අකාෂිට ආරාධනා ලැබ තිබුණේ පෙරවරු 9 ටය. කටුනායකට පැමිණි පසුව ඔහු සකසා ගත් ශ්‍රී ලංකාවේ වේලාව අනුව යෂුෂි අකාෂි හෙළිකොප්ටරයෙන් කිළිනොච්චියට බැසගත් වහාම පරිගණක මධ්‍යස්‌ථානය විවෘත කිරීමට හරියටම පෙරවරු 9 ට අදාළ ස්‌ථානයට පැමිණියේය. නමුත් ඒ වේලාවට එතැන කිසිවකු නොවූයෙන් හරියටම පෙරවරු 9 ට පීත්ත පටිය කපා පරිගණක මධ්‍යස්‌ථානය විවෘත කළේ මාධ්‍යවේදීන්ගේද සහාය ලබා ගෙනය. අකාෂි පිළිගැනීමටවත් එහි කිසිවකු නොවූයෙන් අතරමංවී සිටි අකාෂිට කාරණය පැහැදිලි වූයේ 9.20 පමණ වනවිට මල්මාලා, මල්කළඹ රැගෙන එතැනට පිරිසක් පැමිණීමෙන් පසුවය. පරිගණක මධ්‍යස්‌ථානය විවෘත කිරීමෙන් පසුව අකාෂි පිළිගැනීමකට ලක්‌වූ අතර එල්. ටී. ටී. ඊ. පොලිසියේ එදා ප්‍රධානියාව වශයෙන් සිටි නඩේෂන් "කලම්බු ටයිම්" හා "වන්නි ටයිම්" අතර වෙනස පැහැදිලි කළේය. අකාෂිට සිය සිනහව නවතා ගැනීමට නොහැකි විය.
එදා සිටම මේ රටේ රාජ්‍යයන් දෙකක් පැවතියද යුද්ධය හමාර වී වසර පහක් ගතවීමට ආසන්න මේ මොහොතේදී රාජ්‍යයන් දෙකක් වනිත වීමට ඉඩකඩ සැලැස්‌වීම එතරම් යහපත් නොවේ. කලක් කිළිනොච්චිය කේන්ද්‍රකරගෙන පැවති වෙනම රාජ්‍යය අද බිහිවී තිබෙන්නේ යාපනයේය. ඒ අතරතුර අපි හැටහය වෙනි නිදහස් උළෙල සමරමින් කියා සිටින්නේ එකම ජාතියක් එකම රටක් ගැනය.
දිනසේන රතුගමගේ
http://www.divaina.com/2014/02/09/feature03.html

0 comments:
Post a Comment