
මෙම රුසියානු යෝජනාවට (Counter Proposal) චීනය සහ පකිස්‌තානයද සහාය දක්‌වන බව ආරංචි මාර්ග "ඉරිදා දිවයින සංග්‍රහයට" පැවැසීය.
වන්නි මෙහෙයුමෙන් පසු රුපියල් මිලියන 1400 ක් වටිනා කොටි අවි ආයුධ සොයාගත් අතර එකී ආයුධ අතර ඇමරිකානු රජය සතු ප්‍රහාරක අවි සංඥ උපාංග නෝර්වේ චන්ද්‍රිකා පද්ධති හා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත දිය යටින් යාහැකි යාත්‍රාද තිබී හමු වූ බව ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක් පැවැසීය.
ඇමරිකානු ප්‍රහාරක අවි ඇමරිකානු හමුදාව සතු ඒවා බවත් එකී අවිවල අනුක්‍රමික අංක පවා තිබූ බවද හෙතෙම සඳහන් කළේය.
මානව හිමිකම් සමුළුවට යොමුවන යෝජනාවකට එරෙහි ප්‍රතියෝජනාවක් ඉදිරිපත් වන මුල් අවස්‌ථාව මෙයයි.
මෙකී ඇමරිකානු බ්‍රිතාන්‍ය යෝජනාව සඳහා මානව හිමිකම් කොමසාරිස් නවිපිල්ලේ සහාය වන බවද රජයට වාර්තා වී ඇත.
ඇය කෙටුම්පත් තුළ කරුණු 74 ක වාර්තාව මත එකී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සකස් වී ඇති බව ජිනීවා ආරංචි මාර්ග පැවැසීය.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/02/23/news08.html
Pic Source
0 comments:
Post a Comment