ශ්‍රී ලංකාවට ඇත්තේ වර්ග කිලෝමීටර් 200ක මුහුදු සීමාවකි. මන්නාරම් බොක්‌ක වැනි ස්‌ථානයන්හි ඛනිජ සම්පත් ගවේෂණය කිරීමටත් ශ්‍රී ලාංකික ධීවරයන්ට මසුන් ඇල්ලීමට යැමටත් සිදු වී ඇත්තේ මේ මුහුදු සීමාව තුළය.
එමෙන්ම අපේ රටේ ධීවරයන් දේශ සීමාවෙන් මඳක් ඔබ්බට ගිය විට ඉන්දීය වෙරළාරක්‌ෂක යාත්‍රා මගින් අත්අඩංගුවට ගෙන එරට බන්ධනාගාර වල රඳවා තබති. එහෙත් ඉන්දීය ධීවර යාත්‍රා දහස් ගණනක් දිනපතා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමෙහි නිරත වී සිටින අතර එම ධීවර යාත්‍රා අපේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්විට තමිල්නාඩු මහ ඇමැති ජෙයලලිතා ඇතුළු දකුණු ඉන්දියානු දේශපාලන නායකයෝ ශ්‍රී ලංකාවට එරෙහිව උද්ඝෝෂණ පවත්වති.
තත්ත්වය මෙසේ තිබියදී ලෝකයේ රටවල් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත අයදුම්පත් ඉදිරිපත්කොට සිය මුහුදු සීමාවන් පුළුල් කරගැනීමට කටයුතු කළහ. ඒ අනුව ශ්‍රී ලංකාවද 2005 වසරේ සිට මේ සඳහා උනන්දු විය.
එක්‌සත් ජාතීන්ගේ සාගර නීති ප්‍රඥප්තිය යටතේ ඇති විධිවිධාන අනුව ඕනෑම රටකට සිය මුහුදු සීමාව පුළුල් කර ගැනීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත අයදුම්පත් ඉදිරිපත් කළ හැක. තමන් පුළුල් කර ගැනීමට බලාපොරොත්තු වන මුහුදු ප්‍රදේශ මැන ඒ පිළිබඳ සිතියම් හා දත්ත ඇතුළත් වාර්තාවක් ද එම අයදුම්පත සමඟ ඉදිරිපත් කල යුතුය.
මේ අනුව ශ්‍රී ලංකාව ද රුපියල් මිලියන 600 ක් වැය කොට නෝර්වේ රටෙන් ධීවර පර්යේෂණ නෞකාවක් කුලියට ගෙන මුහුදේ මැනුම් කටයුතු ඇරැඹීය. භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති එන්. පී. විජයානන්ද මහතා ඇතුළු විද්‍යාඥයන් 4 දෙනකු විසින් එම නෞකාවෙන් ගොස් වර්ග කිලෝමීටර් 7000 ක ප්‍රමාණයක් මැන අවසන් කොට ඇත.
එයින් ලබාගත් දත්ත හා තොරතුරු ඇතුළත් කොට, ජනාධිපති ලේකම් කාර්යාලයේ මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහ මහතා ප්‍රමුඛ පසුවිපරම් කමිටුවක් මගින් පිටු 480 කින් යුත් නෛතික හා විද්‍යාත්මක වාර්තාවක් සකස් කරන ලදී.
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව පුළුල් කර ගැනීම සඳහා රජය විසින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත 2009 වසරේ මැයි මස 8 වැනිදා ඉදිරිත්කොට තිබූ මෙම වාර්තාව ද සහිත අයදුම්පත පිළිබඳව සලකා බැලීම 2027 වසරේදී සිදු කිරීමට එම සංවිධානය තීරණය කොට තිබිණි. ඒ තවත් රටවල් 42 ක් අපට පෙර ඔවුන්ගේ මුහුදු සීමා දීර්ඝ කර ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කොට තිබූ බැවිනි.
මුහුදු සීමා පුළුල් කිරීමේ කටයුතු මෙසේ දීර්ඝ කාලයක් ප්‍රමාදවීමට හේතු වූයේ මුහුදු සීමා පුළුල් කිරීම පිළිබඳව තීරණයකරන එක්‌සත් ජාතීන්ගේ විද්වත් කොමිසම වසරකට සති 6 ක් පමණක් රැස්‌වීම හේතුවෙනි. එහෙත් මෙම කොමිසම වසරකට සති 26 ක් රැස්‌විය යුතු යෑයි ශ්‍රී ලංකාව 2012 දී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කළ යෝජනාවට ඡන්ද 120 ක් ලැබී සම්මත විය. එහෙත් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන හා යටිතල පහසුකම් සපයා ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් එම යෝජනාව ක්‍රියාත්මක කිරීම ඇරැඹුණේ 2012 වසෙර් සිටය.
කොමිසම මෙසේ වසරකට සති 26 ක් රැස්‌වීම හේතුවෙන් මුහුදු සීමා දීර්ඝ කර ගැනීම සඳහා එක් එක් රටවලින් ඉදිරිපත්කොට තිබූ අයදුම්පත් සලකා බැලීම වේගවත් විය. ඒ අනුව දැන් ශ්‍රී ලංකාවේ අයදුම්පත 2018 -2020 අතර කාලය තුළ සලකා බැලීමට නියමිතය. දැන් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ රටවල් 30 ක් පමණි.
මුහුදු සීමා දීර්ඝ කිරීම ගැන සලකා බැලීමේ කොමිසම සමන්විත වී ඇත්aතේ රටවල් 21 ක විද්වත් නියෝජිතයන්ගෙන් යුත් සාමාජික කණ්‌ඩායමකිනි. එක් සාමාජිකයකුගේ නිල කාලය වසර 4 කි. මේ කොමිසමට ශ්‍රී ලංකාව වෙනුවෙන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් එන්. පී. විජයානන්ද මහතා නම් කරන ලෙස මෙරට සාගර සමුද්‍ර කමිටුව රජයෙන් ඉල්ලා සිටින මුත් විදේශ කටයුතු අමාත්‍යාංශය එම ඉල්ලීම ප්‍රතිෂේප කොට තිබේ. එයට හේතුව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇත්තේ නිව්යෝර්ක්‌හි පැවැත්වෙන එම කොමිසමේ රැස්‌වීම්වලට සහභාගිවීම වෙනුවෙන් ගුවන් ටිකට්‌පත් හා යෑපීම් දීමනා ගෙවීමට තම අමාත්‍යාංශයට මුදල් ප්‍රතිපාදන නොමැති බවයි. එහෙත් 2013 අයවැයෙන් මුහුදු සීමා පුළුල් කිරීමේ කමිටුවේ කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් 176000 ක මුදලක් විදේශ කටයුතු අමාත්‍යාශයට වෙන්කොට තිබිණි. එහෙත් එයින් සතයක්‌වත් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හෝ භාණ්‌ඩාගාරයෙන් තම කමිටුවට ලැබී නැතැයි එහි සභාපති ක්‍රිස් ධර්මකීර්ති මහතා පවසයි.
මුහුදු සීමා නිර්ණය කරන සමුද්‍රීය මහාද්වීප තටාක සීමා නිර්ණය කිරීමේ කොමිසම වෙත ශ්‍රී ලංකා මැණුම් දත්ත සහිතව ඉදිරිපත්කොට ඇති අයදුම්පත මගින් ඉල්ලා ඇත්තේ දැනට වර්ගකිලෝමීටර් 200 ක් වන ශ්‍රී ලංකා මුහුදු සීමාව වර්ගකිලෝමීටර් 800 දක්‌වා පුළුල් කර දෙන ලෙසයි.
ශ්‍රී ලංකාවේ සාගර සමුද්‍ර කමිටුවේ සභාපති ක්‍රිස් ධර්මකීර්ති මහතා 2009 වසරේදී මේ සඳහා වන අයදුම්පත සමඟ අදාළ තොරතුරු ඇතුළත් ලිපිගොනු 72 ක් නිව්යෝක්‌හි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය වෙත ගෙනගොස් භාරදී තිබේ. මෙම ලිපිගොනුවල බර කිලෝග්‍රෑම් 500 ක් පමණ බවත් ඒ සඳහා තම ගුවන් ප්‍රවේශපත් හා ලිපිගොනු ප්‍රවාහන ගාස්‌තුවල වියදම තම පෞද්ගලික මුදලින් දැරූ බවත් ඔහු කියයි. ඒ වෙනුවෙන් සතයක්‌වත් තමාට රජයෙන් නොලැබුණු බවද සඳහන් කරන ඒ මහතා තමාට නිව්යෝර්ක්a ගුවන්තොටුපොළේ සිට ලිපිගොනු රැගෙන යැමට තානාපති කාර්යාලයෙන් වාහනයක්‌වත් එවා තිබුණේ නැති බවත් තමා කුලී රියකින් ඒවා ගෙන ගිය බවත් අප සමඟ පැවැසීය.
ශ්‍රී ලංකාවේ මුහුදු සීමා පුළුල් කිරීමේ කටයුතු සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් 2013 අයවැයෙන් රුපියල් මිලියන 200 ක්‌ද 2014 අයවැයෙන් රුපියල් මිලියන 32 ක්‌ද, වෙන්කොට දුන් නමුත් භාණ්‌ඩාගාරය එම මුදල්වලින් සතයක්‌වත් කමිටුවට ලබාදී නැති බවද ඔහු කීය. දැනට කමිටුවේ කාර්ය මණ්‌ඩලයට වැටුප් ගෙවන්නේ තමා සේවය කරන සෙමා ආයතනයෙන් තමාට ලැබෙන මාසික වැටුප් මුදල් වලින් බවද ධර්මකීර්ති මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව වර්ග කිලෝමීටර් 800 දක්‌වා පුළුල් කිරීමේ යෝජනාව දුර්වල කොට එම සීමාව වර්ග කිලෝමීටර් 350 කට සීමා කිරීමට අසල්වැසි ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් දැඩි උත්සාහයක යෙදී සිටිති. විදේශ කටයුතු අමාත්‍යාංශය දක්‌වන මන්දගාමී පිළිවෙත ඉන්දියාව ඇතුළු රටවල වෑයමට මහත් පිටුබලයක් වී තිබේ.
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව වර්ග කිලෝමීටර 800 දක්‌වා පුළුල් වුවහොත්, ශ්‍රී ලංකාව අවට මුහුදේ ඇති ඛනිජ සම්පත්, ගෑස් නිධිවල අයිතිය අපේ රටට හිමි වන අතර ශ්‍රී ලාංකික ධීවරයන්ට නිදහසේ ධීවර කටයුතු කරගෙන යැමටද ඉඩ ලැබෙනු ඇත. එවිට ශ්‍රී ලාංකික ධීවරයන්ට ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වී මසුන් ඇල්ලීමේ චෝදනාව මත ඉන්දීය වෙරළාරක්‌ෂකයන්ගේ අත්අඩංගුවට පත්වීමටද සිදු නොවේ.
ශ්‍රී ලංකාව ඉල්ලා ඇති පරිදි වර්ග කිලෝමීටර් 800 මුහුදු සීමා අයිතිය ලැබුණොත් අපේ රටේ භූමි ප්‍රමාණය මෙන් 27 ගුණයක මුහුදක් අපටම හිමිවනු ඇත. ඒ සීමාව තුළ තිබෙන ඛනිජ සම්පත් , ගෑස් මසුන් මෙන්ම ගිලී ගොස් ඇති නැව් ගොඩගැනීමේ අයිතියද ශ්‍රී ලංකාව සතු වේ.
එහෙත් මේ කාර්යයන්ට මැදිහත් වීමට හැකි විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය හා ධීවර අමාත්‍යාංශය මගින් සාගර සමුද්‍ර කමිටුවට මේ සඳහා සහයෝගය නිසි පරිදි ලබා දෙන්නේ නම් අපේ මුහුදු සීමාව වර්ග කිලෝමීටර් 800 දක්‌වා පුළුල් කර ගැනීම තවදුරටත් සිහිනයක් නොවනු ඇත.
අපේ මුහුදු සීමාව පුළුල්කිරීම ගැන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළින් සලකා බැලීමට නියමිතව තිබුණේ 2027 දීය. එහෙත් 2009 දී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක වීම නිසා දැන් එය 2018 - 2020 අතර කාලයේදී සිදු කෙරෙනු ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව පුළුල් කිරීම සලකා බැලීම වසර 9 කින් ඉදිරියට පැමිණ තිබේ. මේනිසා අපේ මුහුදේ මසුන් බහුල විශාල මුහුදු ප්‍රදේශයක ධීවර කටයුතු ගෑස් හා තෙල් නිධි සමීක්‍ෂණය කොට ඒවා ලබා ගැනීමට කඩිනම් වී මෙන් ශ්‍රී ලංකාවට විශාල ආර්ථික වාසියක් අත්වනු ඇත. එබැවින් ආණ්‌ඩුව මේ සඳහා දැනට වඩා උනන්දුවෙන් කටයුතු කළ යුතුව තිබේ.
දයා ලංකාපුර
http://www.divaina.com/2014/02/09/feature16.html

0 comments:
Post a Comment