පසුගිය දිනවල මේ රටේ බොහෝ විද්යුත් මාධ්‍යවල මෙන්ම මුද්‍රිත මාධ්‍යවලද අතිශය දුක්‌බර පුවත් දෙකක් පළ වී තිබුණි. ඒ දෙකම සිය දිවි නසා ගැනීම් වූ අතර ඒවා මෙරට පාසල හා විශ්වවිද්‍යාල යන ක්‌ෂේත්‍රවලට සම්බන්ධ පුවත් වීමද විශේෂත්වයකි.
මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ කුරුණෑගල ජෝන් කොතලාවල විදුහලේ වෙනුෂා බණ්‌ඩාර නමැති සිසුවියක් හා පේරාදෙණිය සරසවියේ හිටපු සිසුවකු වූ නිශාන්ත නමැති තරුණයෙකි. වෙනුෂා සිසුවියගේ මරණය පිළිබඳව එම විදුහලේ විදුහල්පතිවරයාට එරෙහිව ප්‍රබල විරෝධයක්‌ද මතු වී තිබේ. කාගේ හෝ මුග්ධ ප්‍රතිචාරයක් නිසා එම අහිංසක සිසුවිය දිවි නසාගත් බව නම් අපට ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ හැකිය.
නවීන තාක්‍ෂණය හා නූතන ජනමාධ්‍ය විසින් පුළුල් කරන ලද ලෝකයක පුද්ගල ජීවිත පමණක් නොව හැම ක්‌ෂේත්‍රයක්‌ම විවිධ වෙනස්‌වීම්වලට භාජන වී තිබේ. පාසලද එවැන්නකි. පරිගණක සමාජයට ඇතුළත්ව එහි හොඳ මෙන්ම නරකද නිදහසේ භුක්‌ති විඳීමට අද පාසල් සිසු සිසුවියෝද මහත් අභිරුචියක් දක්‌වති. මේ නිසා සිසු විනය බිඳී ඇති බවට කෙරෙන චෝදනා ද සැබෑවකි.
මෙම පාසල් සිසුවියට ජීවිතය අහිමි කරන ලද්දේත් "face book" ජාලයේ පළ වූ ඡායාරූප පලහිලව්වක් බවද කියති. මෙයට පෙරද ජංගම දුරකථනයක වූ ඡායාරූප සිද්ධියකින් කොළඹ පාසලක දැරියක් ද සිය දිවි නසා ගත්තාය. මෙබඳු ප්‍රශ්නවලදී ගුරුවරුන් විසින් ඒවාට දක්‌වනු ලබන බොහෝ ප්‍රතිචාර නිවැරැදි හෝ බුද්ධිමත් හෝ නොවන බව අපටද කිව හැක.
පාසල යනු සිසුන් හික්‌මවනු ලබන ප්‍රමුඛ ආයතනයකි. ඒ කාර්ය ගුරුවරුන්ටම තනිව කළ නොහැකි බවද සැබෑවකි. එහෙත් ඇතැම් ගුරුවරුන්ගේ ඉවක් බවක් නොමැති ක්‍රියාකාරකම් පාසල් විනය රැකීමට වඩා සමාජ අර්බුදයකටද හේතු වී තිබේ. පසුගිය කාලයේ සිසුවියකගේ ගවුමේ වාටි කැපූ ගුරුවරියකට දණ ගසා දඬුවම් විඳීමටද සිදු විය. එහිදී සිදුවූයේ මුග්ධ දේශපාලන මැදිහත්වීමකි. එතැනදී දේශපාලනඥයා මෙන්ම ගුරුවරියද කර ඇත්තේ වරදකි.
අධ්‍යාපනය හා නවීන ලෝකය පිළිබඳ විචාරාත්මක අවබෝධයක් නොමැති වීම මෙන්ම ඇතැම් ගුරුවරුන්ගේ දඩබ්බර හා අහංකාර මානසිකත්වයද අද සිසුන් පෙළන මහා විපතක් වී තිබේ. මේ බොහෝ ගුරුවරු ලෝකය නොදුටු ළිං මැඩියෝ වැන්න. වෙනස් වන සමාජ සංස්‌කෘතික වටිනාකම් පිළිබඳ අනවබෝධය හා ගතානුගතික ආකල්පවල වහලුන් වූ මනසකටද නූතන සිසුන් හඳුනාගත නොහැක. ඒ සඳහා වූ බුද්ධිමය නිරීක්‍ෂණ, ශක්‌තියක්‌ද බොහෝ ගුරුවරුන්ට නැත. එනිසා පාසල හැදීමට පෙර ගුරුවරයාද හැදීමට සිදු වී තිබෙන බව අපගේ වැටහීමය.
විශ්වවිද්‍යාලය යනු පාසලට වඩා බෙහෙවින් වෙනස් ආයතනයකි. පාසල් සිසුවාට වඩා වෙනස් හා ස්‌වාධීන පැවැත්මක් විශ්වවිද්‍යාල සිසුන්ට තිබේ. ඔවුහු සමාජ දේශපාලනයේද ක්‍රියාකාරීහු වෙති. එහෙත් අද විශ්වවිද්‍යාල තුළ එබඳු තත්ත්වයක් තිබේද යන්න විවාදාත්මකය. එහි බුද්ධිමය සංවාද හෝ ශාස්‌ත්‍ර ගවේෂණ සිදුවේද යන්නත් අපි නොදනිමු.
විශ්වවිද්‍යාල සංස්‌කෘතික කාන්තාර මෙන්ම අපේක්‍ෂා භංගත්වයේ කෝෂ්ඨාගාර බවට පත්වී ඇතැයිද කියති. එය වෙනම විමසිය යුත්තකි. අප මෙහි ලා අවධානය යොමු කරනුයේ නිශාන්ත නමැති සරසවි සිසුවාගේ සිද්ධිය හෙළිකරන බරපතළ ෙ€දවාචකයක් පිළිබඳවය.
නිශාන්තගේ මරණය සිය දිවි නසා ගැනීමක් බව ප්‍රකාශ වී ඇත. එහෙත් තම පුතුට දිවි නසා ගැනීමට කිසිම හේතුවක් නැතැයි මවුපියෝ තිරසරව කියති. පේරාදෙණි සරසවි උපකුලපතිට අනුව ඒ මරණය විශ්වවිද්‍යාල පද්ධතියටම කැළලකි. එසේම එය ඔඩු දුවන ලද නවක වදයේ ගොදුරකි.
හැබැයි උපකුලපතිතුමනි, මීට පෙරත් මේ වර්ගයේ කැළැල් විශ්වවිද්‍යාල පද්ධතියට සිදු වී තිබේ. කලකට පෙර රූපා රත්නසීලි සිසුවියගේ ජීවිතය උදුරා ගත්තේද නවක වධයම බව අපට මතකය. කෙසේ වුවත් මේ නවක වධයට භාජනය වූ නිශාන්තට යුක්‌තියක් ඉටුකිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය ගත් පියවරක් තිබේද? නවක වධයට වැරදිකරුවන් වූ අයට සිදු වූ අලාභය කුමක්‌ද? ස්‌වාධීන මනසක් ඇති නිශාන්ත මේ සියලු තතු විග්‍රහ කර බලන විට ඔහු තුළ ඇතිවිය හැකි කම්පනය, උද්වේගය සුළුපටු යෑයි සිතිය හැකිද?
2011 දී විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට වරම් ලද නිශාන්තට කුරිරු නවක වධය නිසා සිය අධ්‍යාපනය හැර දමා ගෙදර යැමට සිදුවිය. ඉන් පසු ජීවිතය ගැටගසා ගැනීමට ලොරියක වැඩට යැමටද සිදු විය. තමන් විසින් මුහුණ දෙන ලද අශෝභන සාහසික වධ වේදනාවන් ශිෂ්ට සමාජයකට තරම් නොවන ඒවා බව ඔහුට හො¹කාරවම වැටහුණි. ඉන් ඔහුගේ මානසික ඒකාග්‍රතාව බිඳිණි.
තමා පෙළු වනචරයන් කිසිදු පීඩාවක් නැතිව සුවසේ වැජඹෙද්දී තමන්ට අත් වූ ඉරණම ගැන ඔහු නිරන්තරව වේදනා විඳි බව නිසැකය. පේරාදෙණි පරිශ්‍රය තුළම සිය ජීවිතය විනාශ කර ගැනීම යනු ඔහු තුළ කැකෑරුණු වෛරයද, සමාජ විරෝධයද ප්‍රකාශ කිරීමකි.
මෙබඳු වධයක් දෙන නරුමයන්ට එරෙහිව පියවරක් ගත නොහැකි පේරාදෙණි සරසවි පාලක රූකඩ පිළිබඳව අපට ඇත්තේ ලැ-ජාවකි. මෙබඳු අධම නවක වධයක් දුන් ඒ නිරුවත් වෘකයන් ගැන අපට ඇත්තේ දැඩි පිළිකුලකි. ඔවුහු කිසිසේත් මෙබඳු උසස් අධ්‍යාපන ආයතනයකට තබා එහි සීමාවටවත් නොවැද්ද ගත යුතු පාදඩයෝය.
මේ රජයේ ඇතැම් අධ්‍යාපන සැලසුම් මෙන්ම විශ්වවිද්‍යාල පිළිබඳ ආකල්ප හා ප්‍රතිපත්ති ගැන අපට ද විවේචන තිබේ. විශ්වවිද්‍යාල පෞද්ගලික කරණයට එරෙහිව හා නිදහස් අධ්‍යාපනය සුරැකීමට ගන්නා පියවරකදී අපටද ඒ අය සමග පෙළට සිටිය හැකිය. අද සරසවි සිසුන්ට තිබෙන ගැටලු හා අර්බුද ගැනද අපි දැනුවත්ව සිටිමු. එහෙත් ඒ සියලු කරුණු තිබියදී තමන් සමග එක්‌වන සහෝදර සිසුන්ට කරනු ලබන හිංසන නවක වධය අපි දැඩිව ප්‍රතික්‌ෂේප කරමු.
නවක වද පමුණුවා මරාගත් නිශාන්ත සුපිරි පන්තියට අයත් වූවෙක්‌ද? නැත. ඔහු අහිංසක ගැමි දරුවෙකි. එහෙත් ඔහුගේම පන්තියට අයත් සගයන් විසින් ඔහුගේ ජීවිතයද උදුරා ගනු ලැබ තිබේ. කුමක්‌ද ඒ අපරාධයට හේතුව? තිරශ්චීන නවක වධය නඩත්තු කරන නරුමයෝ මේවාට වගකිව යුතු නොවෙත්ද?
මේ පාදඩයන්ගෙන් සිසු ප්‍රජාව බේරා ගත නොහැකි රූකඩ සරසවි පාලකයෝ කුමටද? විශ්වවිද්‍යාලය යනු හිරගෙයක් නොව නිදහස් භූමියකි. එහෙත් ඒ නිදහස වල් බූරු නිදහසක් සේ විඳින අධමයෝද ඒවා තුළ සිටිති. උන්ට ඉඩ දී මෙම බුද්ධිමය කේන්ද්‍රස්‌ථාන සෝදාපාළුවීමට හැරීම අපරාධයක් නොවේද?
නිශාන්ත සිය දිවි නසා ගන්නේ මෙම නීච නවක වධ සංස්‌කෘතියට එරෙහිවය. "මවිසින් විඳින ලද අශිෂ්ට වේදනාව මතු යළි කිසිදු සරසවි මානවකයකුට නොලැබේවා" යනු ඔහුගේ ජීවිත පූජාවේ ප්‍රබල ප්‍රකාශනයයි. සරසවි පාලකයෝද ඊට උඩින් සිටින බලධාරීහුද එය නිවැරැදිව වටහා ගත යුතු වෙති.
බටහිර අධිරාජ්‍යවාදයේ මුව හමටත් තඩිබාන විප්ලවවාදී සරසවි සිසුන් විසින් මහත් උජාරුවෙන් නඩත්තු කරනු ලබන්නේ අද බටහිරද නොමැති ඔවුන්ගේ ඊනිසා නවක වද සංස්‌කෘතික විකෘතියකි. එසේම විශ්වවිද්‍යාල ස්‌වාධීනත්වය යනු ශීලාචාර සමාජයක් පිළිකුලෙන් ප්‍රතික්‌ෂේප කරන ජඩ ක්‍රියාකාරකම් පවත්වාගෙන යැම හෝ නිදහසේ සිසුන් මරා දැමීම හෝ නොවන බවද ඉඳුරා කිව යුතුය. එවන් තක්‌කඩි නිදහසක් කිසිදු ශිෂ්ට සමාජයක් අනුමත නොකරන බවද නිසැකය. මේ නවක වද ත්‍රස්‌තවාදයෙන් සරසවියත් සිසු ප්‍රජාවත් බේරා ගැනීමට ඊළඟ නවක වධ බිල්ල ගන්නා තෙක් බලා සිටිමුද?
http://www.divaina.com/2014/02/16/editorial.html

0 comments:
Post a Comment