
ඉහත සඳහන් ආකාරයේ සන්නද්ධ කණ්‌ඩායම් යනු යුද්ධයක නෂ්ටාවශේෂ ය. ලිබියාවේ සිවිල් යුද්ධයක් නිමවීමෙන් පසු එරට පාලනය භාරගෙන ඇත්තේ සන්නද්ධ ගෝත්‍රික කණ්‌ඩායම් විසිනි. ඊජිප්තුවේ සිවිල් යුද්ධය නිමාවී නීත්‍යානුකූල ආණ්‌ඩුවක් පිහිටුවා තිබුණත් සිවිල් යුද්ධයට දායක වූ විවිධ සන්නද්ධ ගෝත්‍රික කණ්‌ඩායම් අද ඒ රට තුළ සමාන්තර පාලනයක් ගෙන යති. ඇµaගනිස්‌තානයේ තත්ත්වයත් මෙයම ය. ඉරාකයත් මෙසේම ය. සිවිල් යුද්ධයක් යනු අත්‍යන්තයෙන්ම නරක දෙයකි. එය නැවතුණු විට මතුවන්නේ එය තිබුණාටත් වඩා නරක තත්ත්වයකි. මේ තත්ත්වය බරපතළ වූ විට නැවත වතාවක් සිවිල් යුද්ධයක් හටගනී. අප කළ යුත්තේ ඒ තත්ත්වයට රට පත්වීම වළක්‌වා ගැන්මය.
යාපනේ පාතාලය කවදත් තිබිණි. 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු දිනයේ පටන් එය වර්ධනය විය. යුද්ධය තිබූ කාලයේදීත් මේ පාතාලය මෙහෙමම තිබුණු අතර එය පෝෂණය කළෝ කොටි ය. අද යුද්ධය නැති නිසා එහි ගැඹුර පමණක් නොව එයට අනුයුක්‌ත වීමට යත්න දරන අලුත් පාතාල කණ්‌ඩායම් ද අපට පෙනෙන්නට පටන්ගෙන ඇත. 'ආවා ගෲප්' එවැන්නකි. ඩිනෝ ගෲප් දෙවැන්න ය. යුද්ධයක් තිබූ භූමියක යුද්ධායුධ ගණන් කිරීමට බැරි ය. එබැවින් යාපනය වැනි ප්‍රදේශයක පාතාල කල්ලිවලට යුද අවිවලින් අඩුවක් පාඩුවක් තිබෙන්නට බැරි ය. යම් කිසි අඩුපාඩුවක් තිබුණත් කොටි සංවිධානයේ ආයුධ වළවල් හාරා සැණෙකින් එම අඩු පාඩු සම්පූර්ණ කර ගැනීමේ හැකියාව උතුරේ මෙන්ම නැගෙනහිර පළාත්වල ත්‍රස්‌ත කණ්‌ඩායම්වලට හැකි බව අපි මතක තබා ගත යුත්තෙමු. අප ඔවුන් කුඩුපට්‌ටම් කළ යුත්තේ ඔවුන් සතු ආයුධවල ධාරිතාව ද මතකයෙහි තබාගෙන ය.
http://www.divaina.com/2014/02/12/editor.html
0 comments:
Post a Comment