
දානය පිණිස ආහාරපාන පවා දුෂ්කර මෙම සේනාසනයේ ඉගෙනුම ලබන තණමල්විල පඤ්ඤාසාර (12) තණමල්විල ඥනරතන (10) තණමල්විල පඤ්ඤාරතන (10) වලස්‌මුල්ලේ ඥනසාර (10) යන හිමිවරුන් දුර බැහැර පිරිවෙනක ඉගෙනීම සඳහා යනුයේ කිලෝමීටර් 3 ක පමණ දුෂ්කර මඟෙක ඇවිද යැමෙනි. ත්‍රිරෝද රථයකට දිනකට විශාල මුදලක් වැයවේ.
මෙම කුඩා හිමිවරුන්ගේ අධ්‍යාපනය සඳහා මාසිකව විශාල මුදලක් වැයවුණත් එය සොයාගැනීමට අසිරු වුවත් කෙසේ හෝ මෙම කුඩා හිමියන්ට අධ්‍යාපනය ලබාදිය යුතු බව සේනාසනාධිපති පූජ්‍ය දෙනගම රතනසාර හිමියෝ සඳහන් කරති.
මේ කුඩා හිමිවරුන්ට අධ්‍යාපනය ලබාදීමට යම් පරිත්‍යාගයක් කළ හැකි පින් කැමැති දානපතියන්ට 071-8201736 අංකයෙන් එම හිමියන් ඇමැතීමට පුළුවන. ලිපිනය නාලාගිරි පබ්බත ආරන්‍ය සේනාසනය, කිවුල්ආර, තණමල්විල වේ.
පින්තූර සහ විස්‌තර - වැල්ලවාය දඹේගොඩ ජිනදාස
http://www.divaina.com/2014/02/25/provin05.html
0 comments:
Post a Comment