ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය මෑතකදී සංවිධානය කරන ලද 49 වැනි වාර්ෂික වාර්තා සම්මාන ප්රදානෝත්සවයේදී 2012 වර්ෂය සඳහා විදුලි සංදේශ ක්ෂේත්රයෙන් ඉදිරිපත් කළ හොඳම වාර්ෂික වාර්තාව ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් වාර්ෂික වාර්තාවට රන් සම්මානය දිනාගැනීමට හැකි වූ බව මෙරට අංක එකේ ඒකාබද්ධ විදුලි සංදේශ සේවා ක්‍රියාකරු වශයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතුටින් දන්වා සිටී.
මෙය ශ්‍රී ලංකාවේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම් පිළිබඳව පිරිනමන ඉහළම ගෞරවනීය සම්මානය ලෙස සැලකේ. ජාත්‍යන්තර ගිණුම් ප්‍රමිති මණ්ඩලයේ නියමයන්ට අනුකූලව ඉහළ ගුණාත්මකභාවයකින් සහ විශ්වාසනීය භාවයෙන්, විෂය අනුබද්ධ මූල්‍ය ප්‍රකාශයන් හෙළි කිරීමේ සහ ඉදිරිපත් කිරීමේ අනර්ඝත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ඇති පිළිගැනීම එමගින් පිළිබිඹු වේ.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් ද සිල්වා මහතා සමාගමේ මූල්‍ය වාර්තාකරණයේ අනර්ඝත්වය පිළිබඳවත් ගෝලීය පරිචයන්ට අනුකූලව ඉහළම ප්‍රමිතියේ ආයතනික යහපාලනයක් පවත්වා ගනිමින් ඉතාමත් සාධාරණව සහ විනිවිද භාවයකින් ව්‍යාපාරික කොටස්කරුවනට තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා සමාගමේ පූර්ණ කැපවීම මෙන්ම වගකීම පිළිබඳවත් මෙම රන් සම්මානය සාක්ෂි දරන බව පැවසීය. එම නිසා ශ්‍රී ලංකා ටෙලිකොම් වාර්ෂික වාර්තාවෙහි අඩංගු කරුණු, ආකෘතිය, ඉදිරිපත් කිරීම, මූල්‍ය ගිණුම් හා කාල වකවානු පවත්වා ගැනීම ආදියේ අනර්ඝත්වය සම්බන්ධයෙන් ලැබුණු පිළිගැනීම පිළිබඳව තමා ඇතුළු ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම සතුටට පත්වන බවත් වාර්ෂික වාර්තාව සඳහා සමාගමේ දැක්ම නිර්මාණාත්මකව ඉදිරිපත් කරමින් ඉතා ඉහළ ප්‍රමිතියකින් එය පිළියෙල කිරීම පිළිබඳව ඉමේ-වයිස් ආයතනයට තම කෘතඥතාව පළ කරන බව ලලිත් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
http://www.divaina.com/2014/02/07/velanda01.html

0 comments:
Post a Comment