ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය නිහඬව සිටියදී සෙසු රටවල් සියල්ල 'හා' කියයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී) ව්‍යqහාත්මක සහ මුල්‍යමය පරිපාලනයේ වැඩි බලතල ඉන්දියාව, එංගලන්තය සහ ඔස්‌ටේ්‍රලියාව අතරේ බෙදී යන පරිදි ඉදිරිපත් කළ කෙටුම්පත පෙරේදා (08දා) සිංගප්පූරුවේදී සම්මත විය.
අයි.සී.සී යේ පූර්ණ සාමාජිකත්වය දරන සෙසු බොහෝ රටවල් විසින් මෙම කෙටුම්පත විවේචනයට ලක්‌කරනු ලැබුවද අවසානයේ එයින් රටවල් 8ක් මෙම යෝජනාවට පක්‍ෂව ජන්දය ලබාදුන් අතර පකිස්‌තානය සහ ශ්‍රී ලංකාව පමණක් ජන්දය දීමෙන් වැලකී සිටියේය.
මෙම කෙටුම්පත සම්මතවීමත් සමග ඉන්දීය ක්‍රිකට් පාලක මණ්‌ඩලයේ සභාපති එන්. සිරිනිවාසන් ලබන ජුලි මාසයේ සිට අයි.සී.සී යේද මුල් පුටුවේ අසුන් ගනු ඇති අතර, ක්‍රිකට් ඔස්‌ටේ්‍රලියා සභාපති වොලී එඩ්වර්ඩ් නව විධායක කමිටුවේ ප්‍රධානියා ලෙසින් කටයුතු කරනු ඇත. නව ආකෘතියට අනුව එංගලන්ත ක්‍රිකට් මණ්‌ඩලයේ සභාපති ගිලීස් ක්‌ලාර්ක් අයි.සී.සී මුල්‍ය සහ වානිජ සම්බන්ධන්ධතා කමිටුවේ සභාපති ලෙසින් ක්‍රියාත්මක වීමට නියමිතය.
සිංගප්පූරුවේ පැවැති අදාළ තීරණාත්මක රැස්‌වීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කළ අයි.සී.සී ය, අදාළ ජන්ද විමසීමේදී ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය යන රටවල්, මෙම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බව ප්‍රකාශ කරමින් ජන්ද දීමෙන් වැළකී සිටි නමුත් අයි.සී.සී යේ පූර්ණ සාමාජිකත්වය දරන සෙසු රටවල් 8 යෝජනාවට එකඟව ජන්දය ප්‍රකාශ කළ බව සඳහන් කරයි.
'ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එහි අනාගත පරිපාලනය සම්බන්ධයෙන් වැදගත් වන දීර්ඝකාලීන ස්‌ථාවරභාවය, මුල්‍ය යහපැවැත්ම සහ තරග සැලැස්‌ම උදෙසා අද සුවිශේෂී තීරණයක් ගනු ලැබුවා ' යෑයි එහි වත්මන් සභාපති ඇලන් අයිසැක් ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත් මෙම ප්‍රතිව්‍යqහගතකිරීමට අනුව ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වැඩිම මුල්‍ය දායකත්වයක් ලබන ඉන්දියාවටත් එංගලන්තය සහ ඔස්‌ටේ්‍රලියාවටත් අයි.සී.සී යේ ඉපැයුම් වලින් වැඩි ප්‍රතිශතකයක් හිමි වේ.
'අප පූර්ණ සාමාජිකයන්ට ක්‍රීඩාව සඳහා ඔවුන්ගේ දායකත්වය සහ පිටිය තුළ ඔවුන්ගේ දක්‍ෂතා අනුව වඩා සාධාරණ මුල්‍ය පිළිගැනීමක් මෙයින් හිමිවෙනවා. මෙම ව්‍යqහයට අනුව අයි.සී.සී යේ කිසිදු පූර්ණ සාමාජිකත්වය හිමි රටකට වර්තමානයේ ඔවුන්ගේ ඉපැයුම්වලට වඩා අඩුවක් වන්නේ නැහැ. මෙම නව සැලැස්‌ම නිසි පරිදි ක්‍රියාත්මක වුවහොත් සියලු දෙනාටම සුවිශේෂී මුල්‍ය වාසි හිමිවේව' යෑයි අයි.සී.සීය මෙම තීරණය සම්බන්ධයෙන් වැඩි දුරටත් පවසා තිබුණි.
මේ අතර මෙම රැස්‌වීමේදී ගනු ලැබූ තවත් වැදගත් තීරණයක් වූයේ යෝජිත ටෙස්‌ට් ලෝක කුසලාන වෙනුවට 2017 සහ 2021දී පන්දුවාර 50 ශූරයන්ගේ කුසලාන තරගාවලි 2ක් පැවැත්වීමයි. තවද ටෙස්‌ට් තත්ත්වය නොලැබූ ක්‍රිකට් රටවල්වලට ටෙස්‌ට් තත්ත්වය හිමි රටවල් ලැයිස්‌තුවේ දක්‍ෂතා අනුව පහළින්ම සිටින රටවල් සමග ටෙස්‌ට් තරග පැවැත්වීමේ අවස්‌ථාවද අනාගතයේදී හිමිවනු ඇත.
http://www.divaina.com/2014/02/10/sports01.html

0 comments:
Post a Comment