
රාජ්‍ය නායකයන් ඇතුළු ප්‍රභූන් 300 දෙනකු පමණ සහභාගිවන මෙම උත්සවයට එළිසබත් රැජින හා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතාද සහභාගි වෙති.
මේ හැර පාසල් සිසුන් 300 දෙනකුද සහභාගි වන බව තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. පොදු රාජ්‍ය මණ්‌ඩලයේ නායකයා ලෙස ජනාධිපතිවරයා එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා නගන පාර්ශ්වයන් හා ඔවුන් ත්‍රස්‌තවාදී ක්‍රියාවලට සම්බන්ධ වී ඇති අයුරු විදෙස් රාජ්‍ය නායකයන් හමුවේ අනාවරණය කරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මාර්තු 1 දා මියන්මාරයට යනු ඇත.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/02/15/news24.html
Pic Source
0 comments:
Post a Comment