
එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.
පසුගිය 27 වනදා රැස්‌වූ උතුරු පළාත් සභාව යෝජනා 12 ක් සම්මත කරගෙන ඇත. එහි පළමු යෝජනාව මුල්ලිවෛයික්‌කාල්හි මියගිය දහස් සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් අනුස්‌මරණ ස්‌මාරකයක් ඉදිකළ යුතුයි යන්නයි. එහි අනුස්‌මරණ ස්‌මාරක ඉදිකිරීමට ප්‍රථම එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කරන ලද දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් වෙනුවෙන් යෝජනාවක් සම්මත කර යාපනයේ ස්‌මාරකයක් ඉදිකරන ලෙස මහඇමැති සී. වී. විග්නේෂ්වරන්ට අපි අභියෝග කර සිටිමු. එල්. ටී. ටී. ඊ. ය විසින් මරා දැමූ අප්පාපිල්ලේ අමිර්තලිංගම්, පී. යෝගේෂ්වරම්, සෑම් තම්බිමුත්තු, ආචාර්ය නීළන් තෙරුචෙල්වම් ඇතුළු මරා දැමූ විශාල පිරිසකි. එම ඝාතනයන් සමාව දිය නොහැකි වරදක් බව මහ ඇමැති විග්නේෂ්වරන් මහතා පවසා ඇති අතර තරුණ දේශපාලන නායකයන් ඝාතනයවීම දෙමළ දේශපාලනයට තරුණයන් හිඟවීමට හේතුවී ඇති බව පවසා ඇත.
ඒ ගැන වයෝවෘද්ධ විග්නේෂ්වරන් කිසිවක් පවසා නැත. උතුරු පළාත් සභාවට අප අභියෝග කර සිටින්නේ හැකිනම් පළමුව උතුරු පළාත් සභාව තුළ එල්. ටී. ටි. ඊ ය විසින් මරා දැමුණු දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් වෙනුවෙන් යෝජනාවක් සම්මත කර ඔවුන් වෙනුවෙන් යාපනයේ ස්‌මාරකයක් ඉදි කරන ලෙසය. එමෙන්ම දෙමළ ජාතික සන්ධානය සමග කටයුතු කරන එවක එල්. ටී. ටී. ඊ. විරෝධී සන්නද්ධ සංවිධාන සංවිධාන ලෙස කටයුතු කළ ප්ලොට්, ටෙලෝ, ඊ. පී. ආර්.එල්. එµa. යන සංවිධාන වල සිටි ඝාතනය කළ නායකයන් වන සභාරත්නම්, උමා මහේෂ්වරම්, පද්මනාදන් වෙනුවෙන්ද හැකිනම් පළාත් සභාව තුළ යෝජනා සම්මත කර ස්‌මාරක ඉදිකර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඇති කැපවීම පෙන්වන ලෙසය.
http://www.divaina.com/2014/02/08/news30.html
0 comments:
Post a Comment