Pages

Thursday, February 20, 2014

ගවයාගේ ජීවිතය උදෙසා කරන සටන උතුම්ය

ගව ඝාතනයට විරෝධය දක්‌වමින් සිංහල රාවයේ භික්‍ෂූන් වහන්සේලා තෙනමක්‌ විසින් ආරම්භ කරන ලද උද්ඝෝෂණය ජනමාධ්‍යවලට අතිශය උණුසුම් පුවතක්‌ විය. කොළඹ කොටුව අසලදී එක්‌ හිමිනමක්‌ සිය විරෝධය පෑම සඳහා තම සිරුරට ගිනි තබා ගැනීමට තැත් කරද්දී පොලිස්‌ අත්අඩංගුවට ගත් බවක්‌ ද වාර්තා විය.

සිංහල රාවයේ මෙම විරෝධය සමහරුන්ගේ විවේචනයට ද නිමිති විය. ගවයා වෙනුවෙන් මේ දක්‌වන කරුණාව අනෙක්‌ සතුන්ට ද දැක්‌විය යුතු බව ඔවුන්ගේ තර්කයකි. එහි ඇත්තක්‌ තිබේ. ගවමස්‌ නුබුදින අය කුකුල් මස්‌, එළුමස්‌. හෝ ඌරුමස්‌ බුදිති. එසේම මාළුද අනුභව කරති. ඒ සියලුම මස්‌ වර්ග ගස්‌වලින් කඩා ගන්නේ නැත. එසේම ඒ කිසිම සතෙක්‌ "අනේ මාව ආහාරයට ගන්නැයි" කියමින් දාන පාරමිතා පුරන්නේ ද නැත.

මේ නිසා සත්ත්ව කරුණාව යනු සිව්පා සතකු වන ගවයාට පමණක්‌ සීමා කිරීම ගැන සමහරුන් විසින් නඟනු ලබන තර්කයට පදනමක්‌ ද තිබේ. එහෙත් ගවමස්‌ බුදීම යනු සිංහල බෞද්ධ සංස්‌කෘතිය තුළින්ම හෙළාදකින ලද්දකි. ගෙරිමස්‌ කන සිංහලයා යෑයි එදාත් මෙයට විරෝධයක්‌ තිබිණි.

සිංහල බෞද්ධ සමාජය කෘෂිකර්මය මත පදනම් වූවක්‌ බව අපි දනිමු. එහිදී මිනිසාට හැම මෙහෙවරක්‌ම ඉටු කරන ලද්දේ ගවයන් විසිනි. තාක්‌ෂණය නොදියුණු යුගයක කෙත සමග බත සැපයීම සඳහා කැප වූ ගවයාට සිංහල බෞද්ධ සමාජය තුළ ගෞරවයක්‌ කෘතවේදිත්වයක්‌ තිබුණි.

ගවඟන නැතහොත් සුරබිදෙන පිළිබඳ සංස්‌කෘතික විශ්වාසයද ඒ සිංහල බෞද්ධ සමාජයට තිබුණි. පස්‌ගෝරස ලබා දෙන ගවදෙනට කිරි අම්මා යන අන්වර්ථ නාමයක්‌ ද ලබා දී තිබේ. මේ තර්ක න්‍යාය අනුව අපට ප්‍රයෝජනයක්‌ නැති කුකුළා, එළුවා, හෝ ඌරා මරා මසට ගැනීම වරදක්‌ නැතැයි තවත් අයෙකුට පෙනී යා හැකිය. එහෙත් අප එබඳු තර්ක අනුමත නොකරමු.

සිංහල බෞද්ධයා සිය මූලික ප්‍රතිපදාව වන පන්සිල් වලදී ප්‍රාණඝාතයෙන් වැළකීමට ප්‍රතිඥ දෙයි. එහෙත් ඒ පිළිවෙත මෙන්ම වෙනත් සිල් පද වුවද කැඩෙන අවස්‌ථා තිබේ. මත්වතුර බීම එයට හොඳම නිදසුනකි. මස්‌ කඩවලටත් වඩා අද "ලිකර් ෂොප්" හෙවත් බාර් කොපමණ තිබේද? මත් වතුර, කුඩු යනාදිය නිසා මේ රටට සිදු වී තිබෙන විනාශයද සුළු පටු නැත.

බුද්ධ කාලීන සමාජයේත් මස්‌ මාංශ අනුභවය සිදු විය. එහෙත් භික්‍ෂූන් වහන්සේට කැප වූයේ සිව් පිරිසිදු ගුණයෙන් යුතු මස්‌ මාංශ බව බෞද්ධ සමාජය ඉඳුරා දනී. අවිහිංසාව බෞද්ධ සමාජයේ අගනා මූල ධර්මයකි. තමන් උපමා කොට ඝාතනයෙන් හා විනාශයෙන් වැළකිය යුතු බව බුද්ධ වචනය විය. මේ අනුව නිර්මාංශ භෝජනයම මැනැවැයි පිළිsගත් බෞද්ධයෝ ද වෙනත් අය ද සිටිති.

තම සිරුරෙහි මස්‌ ආහාරයට ගැනීම සඳහා ගිනි ගොඩකට පැන්න සාවකු වටා ගෙතුණු සස ජාතකයක්‌ ද අපට තිබේ. එසේ දිවි පිදූ සාවාගේ රුව හඳේ තිබෙන බව අදත් පිළිගන්නා සිංහල බෞද්ධයෝ සිටිති. බටහිර සංස්‌කෘතිය හා තාක්‍ෂණය තුළ ග්‍රහලෝකයක්‌ ලෙස ගැනෙන හඳ අපට වෙනත් සංස්‌කෘතික වටිනාකම් රැසක්‌ උගන්වා තිබේ.

ඉන්දියාවේ හින්දූන්ට ද ගවයා ශුද්ධ වස්‌තුවකි. ගවයා ශිව දෙවියන්ගේ වාහනය ලෙස ද පිළිගනු ලැබේ. වෙනත් සතුන් සිය වාහන ලෙස තෝරා ගන්නා ලද දෙවිවරුද සිටිති. එහෙත් ඒ හැම සතකුටම වඩා ගවයාට සුවිශේෂත්වයක්‌ හා සංස්‌කෘතික වටිනාකමක්‌ හිමි වී තිබේ.

සිංහල රාවය ගව ඝාතනයට එරෙහි වන්නේ ඒ පසුබිම තුළය. සිංහල ගැමි ජන අධ්‍යාත්මය තුළින් නැඟෙන හඬක්‌ ලෙස ද ඒ විරෝධය අපට පෙනී යයි. එසේම ඒ සඳහා ගිනි තබා ගැනීම්, සිය දිවි නසා ගැනීම් වැනි අන්තවාදයකට තල්ලු වීම ද නොමැනවැයි අපි කියමු. බෞද්ධ නොවන අන්‍යාගමිකයන්ට ද ආහාර ප්‍රතිපත්ති තිබේ. රටක, සමාජයක, තිබෙන ආගමික හා සංස්‌කෘතික විවිධත්වයද අද නොසලකා සිටිය හැකිද?

"මේ සිංහල අපගෙ රටයි" ගීතය අද නො ඇසේ. එසේම එය ජාතිවාදය උදෙසා නිම වූ ගීතයක්‌ ද නොවේ. එහෙත් එය භාවිත වන්නේ ජාතිවාදයට බව අපි දනිමු. මේ රට විනාශ කළ කොටින්ට එරෙහිව ජිනීවා යන ජාති භ්‍රෂ්ටයන්ට වඩා මේ රටට, මේ ජන සංස්‌කෘතියට අමිල මෙහෙවරක්‌ ඉටු කරන ගවයාගේ ජීවිතය උදෙසා කරන සටන උතුම් බව ද කිව යුතුය. අප ගව ඝාතනයට විරුද්ධ වන්නේ ඒ සංස්‌කෘතික ආධ්‍යාත්මික පදනම ඔස්‌සේය. එසේම එය සන්සුන්ව, සාධාරණව කතිකාවකට ලක්‌කොට තීන්දුවක්‌ ගත යුතු කරුණක්‌ විනා අන්තවාදී උමතුවක්‌ නොවිය යුතු බවද අපගේ අදහසය.

http://www.divaina.com/2014/02/20/editor.html

Pic Source

සබැඳි ලිපි -
[

බොදු උරුමය වෙනුවෙන් කොටුවේ උද්ඝෝෂණ කළ සිංහල රාවයට එරෙහිව පොලිසියෙන් දැඩි පියවරhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_7467.htmlබෞද්ධ අයිතීන් සුරක්‍ෂිත කරන රකින ලෙස ඉල්ලමින් දිවි නසා ගැනීමට තැත් කළ හිමිනම රිමාන්ඩ්!http://denethharinna.blogspot.com/2014/02/blog-post_2642.htmlගව ඝාතනය තහනම් කරන්න ජනපති සූදානම්. උපවාසය අවසන්!http://denethharinna.blogspot.com/2014/02/blog-post_7945.htmlයති රුහිරු හලමින් කතරගම සිට පැමිණි 'සිංහල රාවය' පාගමන කොළඹට...http://denethharinna.blogspot.com/2013/06/blog-post_2197.htmlගව ඝාතනයට එරෙහිව 'සිංහල රාවය' පෙත්සම ජනපතිටhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_9967.htmlගව ඝාතනයට සහ අන්‍ය ආගම්කරණයට එරෙහි අධිෂ්ඨාන පාගමන ඇරැඹෙයි
http://denethharinna.blogspot.com/2013/06/blog-post_554.html
ගව ඝාතනයට එරෙහිව තව කිහිප නමක් දිවි පුදන සූදානමක | සර්ව ආගමික පූට්ටු ප්‍රෝඩාවක්. අපි පන්සලක් හදන්න යාපනයේ ගිහින් දවස් 03ක් හිරේ හිටියා. එහේ පන්සල් හදන්න බෑ - SR
http://denethharinna.blogspot.com/2013/06/03.html
සිංහල රාවය අධිෂ්ඨාන පාගමන කිරි වෙහෙරෙන් ඇරඹේ
http://denethharinna.blogspot.com/2013/06/blog-post_7734.html
‘ගව ඝාතන නවතනු’ – කිරිවෙහෙරේ සිට අරලිගහ මැදුරට සිංහල රාවයෙන් පාගමනක්
http://denethharinna.blogspot.com/2013/06/blog-post_5046.html

]

0 comments: