Pages

Sunday, February 16, 2014

"මහරජ ගැමුණු" රූගත කිරීම් ඇරඹේ...

ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය "මහරජ ගැමුණු"හි රූගත කිරීම් මේ දිනවල මාවනැල්ල, මාකෙහෙල්වල ප්‍රදේශයේදී සිදුවෙමින් පවතියි. ක්‍රි. පූර්ව දෙවැනි සියවසේදී ශ්‍රී ලංකාව එක්‌සේසත් කළ ශ්‍රේෂ්ඨතම නරවීරයා වූ ගැමුණු මහරජතුමන්ගේ ජීවන චරිතය පදනම් කරගනිමින් නිපදවන මෙහි ගැමුණු කුමරුන්ගේ චරිතය නිරූපණය කරණු ලබන්නේ උද්දික ප්‍රේමරත්නය. එළාර රජතුමන්ගේ චරිතය ජැක්‌සන් ඇන්තනි විසින් නිරූපණය කරන අතර විහාර මහා දේවියගේ වැඩිහිටි කාලය කුසුම් රේණු විසිනුන් තරුණ කාලය තාරකා වන්නිආරච්චි විසින් නිරූපණය කරනු ලබයි.

මේ හැර ශ්‍රියන්ත මෙන්ඩිස්‌, බුද්ධදාස විතානාච්චි, යශෝධා විමලධර්ම, සාරංග දිසාසේකර, මීනා කුමාරි, ජගත් මනුවර්ණ, අජිත් වීරසිංහ, අර්ජුන කමලනාත්, දමිතා අබේරත්න, ලකී ඩයස්‌, අරුණි රාජපක්‌ෂ, බුද්ධිනී පූර්ණිමා, දිමුතු චින්තක, රෙබෙකා නිර්මලි, ගාමිණී ජයලත්, ජයතිස්‌ස අතුලසිරි, තිස්‌ස ගුණතිලක, සඳුන් බණ්‌ඩාර, ශිරානි කොස්‌තා, ලක්‌ෂ්මන් රාජපක්‌ෂ සහ ළමා නළු ශාක්‍ය ඉඳුවර ඇතුළු නළු නිළි රැසක්‌ චරිත නිරූපණයේ යෙදෙන අතර කැමරාව රුවන් කොස්‌තාය. සංගීතය නදීක ගුරුගේ ගෙනි. රවීන්ද්‍ර ගුරුගේ සංස්‌කරණය කරන අතර කලා අධ්‍යක්‌ෂණය රොහාන් සමරදිවාකරය. ඇඳුම් නිර්මාණය අරුණ ප්‍රියන්ත ප්‍රමුඛ සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය කණ්‌ඩායමකිනි. ජයන්ත රණවක අංග රචනය කරයි. ලලිත් ධර්මවර්ධන කේශා ලංකරණය සිදුකරයි. නිමල් ෆ්‍රැන්සිස්‌, සරත් සේනාරත්න උදිත ගුණරත්න, තිස්‌ස ගුණතිලක, අචිල ප්‍රභාත්, අධ්‍යක්‍ෂණයෙන් සහාය වෙති. නන්දලාල් ජයසිරි නිෂ්පාදන කළමනාකරණය යෙදෙයි. මහරජ ගැමුණු "සිප්වින්" චිත්‍රපට වෙනුවෙන් ගුණපාල රත්නසේකර නිෂ්පාදනයකි. මේ දිනවල මාවනැල්ල හා තොත්මලේ රූගත කිරීම් කරන මහරජ ගැමුණු චිත්‍රපටයේ තවත් දර්ශන ඉදිරියේදී දඹුල්ල සහ අනුරාධපුර ෆොරස්‌ට්‌ රොක්‌හි රූගත කිරීමට නියමිතය.

http://www.divaina.com/2014/02/14/cineart08.html

සබැඳි ලිපි -
[
ජයන්ත යළි "මහරජ ගැමුණු" වැඩ අරඹයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_9527.html
]

0 comments: