Pages

Thursday, October 22, 2015

පරණගම වාර්තාවට අනුව දරුස්‌මාන් - නවිපිල්ලේ වාර්තා පට්‌ටපල් බොරු

අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කළ මැක්‌ස්‌වෙල් පරණගම වාර්තාවෙන් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්, එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරියකු වූ මර්සුකි දරුස්‌මාන් සහ හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ ඉදිරිපත් කළ වාර්තා බොරු බවට සනාථ වී ඇත.

සිවිල් වැසියන් හතළිස්‌දහසක්‌ මියගිය බවට දරුස්‌මාන් වාර්තාවේ සහ නවි පිල්ලේ වාර්තාවල සඳහන් වී තිබිණි.

සිවිල් වැසියන් හතළිස්‌දහසක්‌ මිය යැම ගැන නිසි සාක්‌කි ඉදිරිපත් කිරීමට එකී වාර්තාවලට හැකිවී නැත.

මෙම සංඛ්‍යාව චැනල් ෆෝ රූපවාහිනිය හැත්තෑදහසක්‌ දක්‌වාද හිටපු බීබීසී වාර්තාකාරිණි ප්‍රැන්සිස්‌ හැරිසන් එක්‌ලක්‍ෂ හතළිස්‌ දහසක්‌ දක්‌වාද වැඩිකර තිබිණි.

පරණගම වාර්තාවෙන් දරුස්‌මාන් වාර්තාව ප්‍රතික්‌ෂේප කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2015/10/22/news07.html

Pic Source

සබැඳි ලිපි -
[
කොටි යුද්ධයේ අවසන් පැය දොළහේදී සිවිල් දෙමළ ජනතාව මරා දැමු හැටිhttp://denethharinna.blogspot.com/2015/10/blog-post_16.html
]

කොටි යුද්ධයේ අවසන් පැය දොළහේදී සිවිල් දෙමළ ජනතාව මරා දැමු හැටි

අවසන් යුද්ධයේ අවසාන පැය දොළහ තුළදී සිවිල් ජනතාව මරා දැමුවේ එල්ටීටීඊ සංවිධානයෙන් බවට සාක්‍ෂි ඔස්‌සේ තහවුරු වී ඇතැයි අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත් කළ පරණගම කොමිසම් වාර්තාවේ සඳහන් කර ඇත.

පරණගම කොමිසම් වාර්තාව සහ දරුණු ගනයේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ උදලාගම කොමිසමේ වාර්තාව (20 දා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.යුද්ධය පැවැති කාලයේදී මෙරට මානව හිමිකම් කඩවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා ස්‌වාධීන කමිටුවක්‌ පත්කළ යුතු බව උදලාගම කොමිසම් වාර්තාව නිර්දේශ කර තිබේ.

සෙංචෝලේදී 51 දෙනෙකු ඝාතනය වීම, ප්‍රංශයේ රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයන් 17 ක්‌ ඝාතනය වීම, මුතූර්හි මුස්‌ලිම් ජාතිකයන් ඝාතනය වීම ඇතුළු සිද්ධීන් 16 ක්‌ පිළිබඳව උදලාගම කොමිසම විමර්ශනය කරන ලදී.

පරණගම කොමිසම් වාර්තාවට අනුව යුද්ධය අවසන් කාලයේදී මියගිය සිවිල් ජනතාවගේ මරණවලට මූලික වශයෙන් වගකිව යුත්තේ කොටි සංවිධානයයි.

එල්ටීටීඊය සිය යුදමය අරමුණු තහවුරු කර ගැනීම සඳහා සිවිල් ජනතාව තුන් ලක්‍ෂයක ප්‍රමාණයේ සිට තුන්ලක්‍ෂ තිස්‌තුන් දහසක්‌ දක්‌වා සිය භාරයේ රඳවා තබා ගනිමින් ඔවුන් මරා දැමීමට කටයුතු කර ඇතැයිද පරණගම වාර්තාවේ දැක්‌වේ.

මෙම සිවිල් ජනතාව මිනිස්‌ පවුරක්‌ සේ යොදාගත් එල්ටීටීඊය සිය නායකත්වයේ බලය පවත්වාගෙන යාම සඳහා සිවිල් ජනතාවගේ ජීවිත යොදාගත් බවද පරණගම වාර්තාවේ දැක්‌වේ.

දරුවන් ඇතුළු සිවිල් ජනතාවට බලහත්කාරයෙන් ආයුධ අතට දී ඉදිරියට යෑවූ එල්ටීටීඊය සිය භාරයෙන් මිදී පැන යැමට තැත් කළ සිවිල් ජනතාව ඝාතනය කළ බවද පරණගම වාර්තාවේ සඳහන්වේ.

සිවිල් ජනතාව රැඳී සිටින ප්‍රදේශවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ එල්ටීටීඊය එම ක්‍රියා කළේ හමුදාව විසින් බව පෙන්වා ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ ලබා ගැනීමට උත්සාහ කර ඇතැයිද පවසන පරණගම කොමිසම එල්ටීටීඊය විසින් සිවිල් ජනතාව අතර සිය බර අවි ස්‌ථානගත කර තිබූ බවද සාක්‍ෂි ඔස්‌සේ තහවුරු වූ බව පෙන්වාදේ.

එල්ටීටීඊයෙන් මිදී නන්දිකඩල් කළපු හරහා පැමිණි සිවිල් ජනතාවගෙන් පිරිසක්‌ දියේ ගිලී මියගොස්‌ ඇතැයිද හමුදාව නොමඟ යෑවීම සඳහා කොටි සාමාජිකයන් සිවිල් ඇඳුම් අන්දවා තිබූ බවද පරණගම වාර්තාවේ සඳහන් වේ. ශ්‍රී ලංකා හමුදාවට සමූල ඝාතන චෝදනා එල්ල කිරීම ප්‍රතික්‍ෂේප කරන පරණගම කොමිසම දරුස්‌මාන් වාර්තාවද වැරදි සහගත බව ප්‍රකාශ කර සිටී. අන්තර්ජාතික යුද අපරාධවලට රජය ලක්‌ කිරීමේ අදහසින් දරුස්‌මාන් වාර්තාව සකසා ඇතැයි පවසන පරණගම කොමිසම සිවිල් ජනතාව හතළිස්‌ දහසක්‌ මියගිය බවට දරුස්‌මාන් වාර්තාව සඳහන් කර ඇතත් එවැන්නක්‌ පිළිගත නොහැකි බවද දරුස්‌මාන් වාර්තාව ඒ බව පවසන්නේ ආරංචි මාර්ග ඔස්‌සේ බවද සඳහන් කර සිටී.

අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු සොයා බැලීමට කාර්යක්‍ෂම යාන්ත්‍රණයක්‌ මට්‌ටම් කිහිපයක්‌ යටතේ ස්‌ථාපිත කළ යුතු බව නිර්දේශ කරන පරණගම කොමිසම අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට අදාළ නඩු කටයුතු කඩිනම් කළ යුතු බවද දක්‌වා ඇත.

අතුරුදන් වූවන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නඟා සිටුවීමට පහසුකම් සැලසිය යුතු බවද ඔවුන් වෙත මානසික උපදේශන සේවා ලබාදීම අවශ්‍ය බවද නිර්දේශ කර තිබේ.

මැක්‌ස්‌වල් පී. පරණගම මහතාගේ සභාපතිත්වයෙන් යුත් පරණගම කොමිසමට සාමාජිකයන් ලෙස සුරන්ජන් විද්‍යාරත්න, මනෝ රාමනාදන්, ඩබ්ලිව්. ඒ. ටී. රත්නායක, එච්. සුමනපාල යන මහත්වරුන් කටයුතු කර තිබේ.

එන්. කේ. උදලාගම මහතාගේ සභාපතිත්වය යටතේ උපවංශ යාපා, ආචාර්ය දේවනේෂන් නේසයියා, කේ. සී. ලෝගේස්‌වරන්, මනෝරි මුත්තෙට්‌ටුවගම, ජසීමා ඉස්‌මයිල්, එස්‌. විඡේරත්න, ජාවිස යුසුෆ්, ඩග්ලස්‌ ප්‍රේමරත්න, ෆයිසාල් රසීන් සහ ඩෙන්සිල් ඡේ. ගුණරත්න යන මහත්ම මහත්මීන් උදලාගම කොමිසමේ කටයුතු කළහ.

මෙම කොමිසම් වාර්තා දෙක සහ ජිනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (22) සහ අනිද්දා (23) පැවැත්වීමට නියමිතය.

අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ
http://www.divaina.com/2015/10/22/news06.html

Pic Source

Tuesday, October 20, 2015

පරිභෝජනය මුල් කරගත් සමාජයක අනාගතය - ගෝලීය උණුසුම, පරිසර විනාශය...

කාර්මික විප්ලවය ඔස්‌සේ විකාශනය වූ කාර්මික ශිෂ්ටාචාරය වසර 2030 වනවිටදී වසර 100 කාලපරාසයක්‌ පසුකළ බැව් ඔල්ඩුවයි වාදය මඟින් පවසයි. කාර්මික විප්ලවයේ විප්ලවීය ආස්‌වාදය ඔස්‌සේ මානව ශිෂ්ටාචාරය දැවැන්ත වෙනස්‌කම්වලට භාජන විය. මේ කාර්මික විප්ලවය සමඟම එහි අනිවාර්ය හා තාර්කික ප්‍රතිපලය වූ පරිභෝජනවාදය (ජදබිමපැරසිප) නම් මානසික රෝගය මිනිසුන්ට ලැව් ගින්නක්‌ ලෙසට බෝවීම නිසා මානව ශිෂ්ටාචාරය දැවැන්ත භීෂණයකට මුහුණ දෙමින් සිටියත් එය යථාර්ථයක්‌ ලෙසට පිළිගැනීමට අපොහොසත් තරමට රෝගය උත්සන්න වෙමින් සිටින යුගයක ලියන මෙම ලිපිය සැබවින්ම ඵලදායි වීමේ අඩු සම්භාවිතාවක්‌ ඇත. 

ඛනිජ තෙල් පිළිබඳ දැනුම ක්‍රි. ව. 347 වන විටදී පවා මිනිසුන් සතුව තිබී ඇත. එම යුගයන්හීදී පවා චීන ජාතිකයන් අඩි 800 තෙක්‌ ගැඹුරු ළිං මඟින් තෙල් ලබාගත් බැව් වාර්තා වේ. මෙම පෙට්‍රොලියම් ඉන්ධන පිළිබඳ දැනුම ක්‍රි. ව. 1264 වන විටදී මධ්‍යම පර්සියාවටද, ක්‍රි. ව. 1500 වන විටදී පෝලන්තයටද, ක්‍රි. ව. 1735 වන විට ප්‍රංශය පුරා විහිදෙමින් තෙල් ළිං හාරමින් තෙල් සෙවීමට මිනිසුන් උනන්දු වූහ. වසර 1858 වන විටදී පළමු වතාවට උතුරු ඇමරිකාවේද, 1861 වන විටදී පළමු වතාවට කැලිෙෆෝනියාවේදී කැණීම් කරමින් ඛනිජ තෙල් ලබා ගන්නා ලදී. විශේෂයෙන් වසර 1886 වන විටදී ඛනිජ තෙල් යොදා ගනිමින් ගමන් කළ හැකි වාහනයක්‌ පළමු වතාවට හඳුන්වා දීමත් සමඟ ඛනිජ තෙල් සඳහා පළල් වෙළෙඳපොළක්‌ කැලිෙෆෝනියාවේ බිහිවිය. පෙට්‍රල් කාර්යක්‌ෂම ඉන්ධනයක්‌ ලෙසට හඳුනා ගැනීම සමඟ මිහිපිට වූ සියලු මිනිස්‌ ක්‍රියා එන්න එන්න වේගවත් විය. පරිභෝජනවාදයට මිනිස්‌ සමාජය පෙර නොවූ විරූ ලෙස ඇබ්බැහි විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙසට මිනිසුන්ගේ මනස පෙර නොවූවිරූ ලෙසින් වේගයෙන් ක්‍රියා කරන්න පටන් ගත්හ. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙසට මිනිස්‌ ගුණාංගයට පත්වෙමින් ආක්‍රමණකාරී මනසක්‌ ඇති තාක්‍ෂණික මිනිසුන් නිර්මාණය විය. මෙහි ඛේදනීය ප්‍රතිපල ලෙසට නීචත්වයේ සංකේතයන් වූ පළමු ලෝක යුද්ධයෙන් (1914 - 1918) මිලියන 7 ද, දෙවන ලෝක යුද්ධයෙන් (1939 - 1945) මිලියන 60 කට වැඩි ප්‍රමාණයක්‌ මියගියහ.


අප පසුකරන ශිෂ්ටාචාරයේ භෞතික ගාමක බලය ඛනිජ තෙල්ය. එයින් ඇති කරන වේගය මත මිනිස්‌ සමාජයත් වර්ධනය කරන මානසික ගාමක බලය පරිභෝජනවාදයය. බොරතෙල්වලින් ලබාගන්නා විවිධ ඉන්ධනයන් දහනය කිරීම සමඟ වායුගෝලයට අලුතෙන් කාබන් ඩයොක්‌සයිඩ් එක්‌වෙමින් ගෝලීය උණුසුම ලෙස හඳුන්වන ගෝලීය දේශපාලන අර්බුදයක්‌ අප ඉදිරියේ නිර්මාණය වී ඇත. ඛනිජ තෙල් ලබාගන්නේ පුනර්ජනනය නොවන බොර තෙල් මඟින්ය. බොර තෙල් පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය මඟින් විවිධ අතුරුඵල ලබා දෙයි. මේ සියල්ලම ගිනි ගන්නා රසායනිකයන්ය. සතුන්ට හා මිනිසුන්ට විෂ සංයෝගයන්ය. මෙම අතුරු ඵල මඟින් නානාප්‍රකාර ලෙඩ රෝග සඳහා බෙහෙත් වර්ග, විවිධ පාට වර්ග, ප්ලාස්‌ටික්‌ නිපදවීමට අවශ්‍ය මූලික සංයෝග (ඒක අවයවික), කෘෂි රසායනික සංයෝග, ප්‍රබල ස්‌පොඨක හා විවිධ ආකාරයේ කාබනික ද්‍රාවක (වයිට්‌ ස්‌පිරිට්‌) වර්ග නිපදවයි. එනිසා අප පසුකරන ශිෂ්ටාචාරය පෙට්‍රොලියම් ශිෂ්ටාචාරය ලෙසට සැලකිය හැකිය.


ප්ලාස්‌ටික්‌ යනු පරිභෝජනවාදය ගාමක බලය වූ මෙම ශිෂ්ටාචාරය නිර්මාණය කළ අපූර්ව ද්‍රව්‍යයකි. වසර 1950 දී ගෝලීයව නිපදවන ලද ප්ලාස්‌ටික්‌ ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් මිලියන 1.5 වූ අතර වසර 2013 වන විටදී එය මෙටි්‍රක්‌ ටොන් මිලියන 299 තරම් විශාල ස්‌කන්ධයකි. එක්‌ මිනිසෙකු වසරකට ප්ලාස්‌ටික්‌ කිලෝ 45 පමණ පරිහරනය කරමින් පරිසරයට එක්‌කරයි. නිදසුන් ලෙසට ඇමරිකානුවන් වසරකට ප්ලාස්‌ටික්‌ වතුර බෝතල් මිලියන 35 පමණ භාවිත කර පරිසරට මුදාහරිනු යෑයි සලකනු ලබයි. ප්ලාස්‌ටික්‌ පහසුවෙන් දිරාපත් නොවන ද්‍රව්‍යයකි. එනිසා ප්ලාස්‌ටික්‌ පරිසරය ආක්‍රමණය කළ නව මාදිලියක භූත බලවේගයකි. එසේම පාරිසරික හා සෞඛ්‍ය ගැටලු නිර්මාණය කිරීමට සමත් විය. ප්ලාස්‌ටික්‌ භාණ්‌ඩ යනු හුදු ද්‍රව්‍යයක්‌ හා නිපැයුමක්‌ පමණක්‌ නොව මේ පරිභෝජනවාදී ශිෂ්ටාචාරයේ ජීවත් වූ මිනිසුන්ගේ ජීවන කතාව කියනා කෞතුක නටබුන්ය. දළ වශයෙන් වාර්ෂිකව සාගරයට එක්‌වන ප්ලාස්‌ටික්‌ ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් 8 කි. ගණනය කිරීම අනුව පරිසරයට අපද්‍රව්‍ය ලෙසට එක්‌විය හැකි ප්ලාස්‌ටික්‌ ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් 275 ලෙසට ඇස්‌තුමේන්තු කර ඇත. ප්ලාස්‌ටික්‌ මඟින් සාගරය දූෂණය කරන ප්‍රධාන රටවල් 10 එකකි ඔබ මා ජීවත්වන මේ ඉන්දියන් සාගරයේ මුතුඇටය.


ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය කළමනාකරනයට අනුව ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය වැඩි ප්‍රතිශතයක්‌ නැවත ප්ලාස්‌ටික්‌ භාණ්‌ඩ සෑදීමට හා බලශක්‌තිය නිපදවීමට යොදාගනු ලබයි. සැලකියයුතු ප්‍රතිශතයක්‌ පොළව පිරවීමට යොදා ගනී. ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවළ අනුව සැලකිය යුතු ප්‍රමාණයක්‌ අවසානයේ දහනය කිරීමෙන් බලශක්‌තිය බවට පත්කරන නිසා ගෝලීය උණුසුම වැඩි කරන කාබන් ඩයොක්‌සයිඩ් බවට පත්වේ.


ප්ලාස්‌ටික්‌ භාණ්‌ඩ නිපදවීමේදී නිෂ්පාදන ක්‍රියාවලිය පහසු කිරීමට හා ප්ලාස්‌ටික්‌ භාණ්‌ඩ සඳහා අවශ්‍ය ගුණාංග ලබා ගැනීමට ආකලන සංයෝග (ඡක්‌sඑසජ addසඑසඩැs) එක්‌ කරයි. මෙම ආකලන සංයෝග හා වෙනත් සංයෝග සහිත නිමයුමකි ප්ලාස්‌ටික්‌ භාණ්‌ඩ. ආකලන සංයෝග බොහෝ විට මිනිසුන්ට හා සතුන්ට විෂදායකය. ප්ලාස්‌ටික්‌ සඳහා එක්‌කරන මෙම ආකලන සංයෝග අන්තරාසර්ග පද්ධතියට බලපෑම් කරන බැව් විවිධ පරීක්‌ෂණ වාර්තා මඟින් හෙළිදරව් වී ඇත. නිදසුන් ලෙසට ප්ලාස්‌ටික්‌වල තිබිය හැකි ඊඡ් ආකලන සංයෝගය ශුක්‍රාණු ප්‍රමාණය අඩුකිරීම හා ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු හා අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිතව ගැටලු ඇතිකිරීමේ අවදානම හෙළිදරව් වී ඇත. තැලේට්‌ සංයෝග එක්‌ මාදිලියක ආකලන සංයෝග කාණ්‌ඩයකි. බහුලව භාවිත කරන තැලේට්‌ සංයෝග විවිධ සෞඛ්‍ය ගැටලු මතුකිරීමේ හැකියාවක්‌ ඇත.


මේ ආකාරයට විවිධ ක්‌ෂේත්‍ර සැලකූ විටදී පරිභෝජනවාදී මානසික රෝගයට ගොදුරු වූ මිනිසුන් මානව ශිෂ්ටාචාරයට දායාද කළේ කුමක්‌ද කියා සිතීමේ යුගයට අප පැමිණ ඇත. මිනිසුන්ගේ උතුම් මානව ගුණාංගයට පත්කර වෙළෙඳ තර්කය සඳහා පෙළඹ වීම, වසගය ඉලක්‌ක කළ සමාජ පරිසරයට මෙරට ස්‌වදේශීය ජනයා ගොදුරු විය. ඔබ මෙරට ජීවත්වන ස්‌වදේශීය මිනිසෙකු නම් පරිභෝජනවාදී චර්යා නිසා සිදුවූ හානිය පිළිබඳව නැවත කල්පනා කළයුතු කාලය පැමිණ ඇත. මේ කිසිවක්‌ තේරුම් ගැනීමට නොහැකි තරමට අවුලකට පත්වූ ස්‌වදේශීය ජනයා එල්ලී මැරෙන්න එල්ලුම්ගහක්‌ ඉල්ලා සිටියි.


අපගේ සංස්‌කෘතික රටාව පදනම "මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ, පැහිලා ඉදිල බිමට නැමිල බරවෙලා අතු, නංගිටයි මටයි ගෙඩි දෙකක්‌ ඇති, වැඩිය කඩන නරක ළමයි ඒම නොවේ අපි". ආසියාතික සංස්‌කෘතිය තුළ විකාශනය වූ සරල ජීවිතය වෙනුවට අපේ සියලු හර පද්ධතිය දෙකෙලවරක්‌ පමණක්‌ ඇති බටයක්‌ තුළ හිරකර එක්‌ අන්තයකින් පිළිතුරු සෙවීමේ ද්වීමාන චින්තනයට හිරවිය. එය චාර්වකවාදයයි. භෞතිකවාදී චින්තනයයි. සාපේෂව සිතීමේ චින්තනයයි.


අද වන විට ලෝකයේ මිනිසුන් හරිත තාක්‍ෂණය, හරිත ඉන්ධන යනාදී ලෙසට හරිත සංකල්පයක්‌ කතා කරමින් සිටින්නේ බොර තෙල් නිශ්චිත ලෙස අවසන් වීම නිසා ඇතිවන බිඳවැටීම දුටු නිසාය. මෙම පරිභෝජනවාදී බලවතුන් ඊළඟට න්‍යෂ්ටික බලශක්‌තිය මඟින් තම පරිභෝජනවාදී වැඩපිළිවළ අපට ඉදිරිපත් කරනුයේ කෙස්‌ පැලෙනා තර්ක ඉදිරිපත් කරමින්ය. පරිභෝජනවාදී වැඩපිළිවළ අත් නොහැරියොත් හරිත මනසක්‌ සාදා නොගත්තොත් මෙම හරිත සංකල්පයත් තවත් පරිභෝජනවාදී මායාවක්‌ පමණයි. ඔවුහු සිය දහස්‌ වාරයක්‌ අප සිත් නිර්වින්දනය කොට දූෂණය කළහ. මෙතෙක්‌ කල් අප එයට කැමැත්ත පළකරමින් ඉදිරිපත් වූහ. අනුන්ට සාප නොකොට මෙරට ජීවත්වන ස්‌වදේශීය ජනයා තම සම්ප්‍රදාය නැවත සමාජ ගතකිරීමේ යුග මෙහෙවර ඇරඹීමට කාලය පැමිණ ඇතැයි අපි කියමු. එබැවින් අප යෝජනා කරන්නේ මෙරට ජීවත්වන ස්‌වදේශීය ජනයාට ඔවුන් අපව මෙතෙක්‌ දක්‌කාගන ආ මග නිවරදි දැයි නිදහස්‌ නිවහල් චින්තනයෙන් විමසා බලන්න කියාය.


ආචාර්ය එම්. ඒ . බී. ප්‍රශාන්ත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

http://www.divaina.com/2015/10/20/feature03.html

හෙළ - බොදු හැදියාව හා දේශයේ නිදහස වෙනුවෙන් හිරබත් කෑ සැබෑ දේශප්‍රේමියා -අමද්‍යප ව්‍යාපාරය පණගැන්වූ එෆ්. ආර්.

ඇමරිකාවේ බෙන්ජමින් රූස්‌ විසින් 1784 දී පළ කළ "මානව වර්ගයාගේ මනසට හා සිරුරට මත්පැනින් වන හානිය පිළිබඳ විමසීමක්‌" නම් ලිපියෙන් ඇස්‌ ඇරවනු ලැබූ ඇමරිකා එක්‌සත් ජනපදයේ කොනෙක්‌ටිකට්‌ ප්‍රාන්තයේ ඉඩම් හිමි වැවිලිකරුවන් 20 ක්‌ පමණ දෙනා එකතුව සැර මත්පැන් හෙවත් විස්‌කි පෙරීමට එරෙහිව සංවිධානයක්‌ 1789 දී පිහිටුවා ගත්හ. එවැනිම සංවිධානයක්‌ 1780 වර්ෂයේදී වර්ජීනියා ජනපදයේ ද 1808 දී නිව්යෝර්ක්‌ ජනපදයේ ද බිහි විය. ඊට නොබෝ කලකින් තවත් ජනපද ගණනාවකට එය ව්‍යාප්ත විය. මේ සියල්ල නියෝජනය කරමින් ඇමරිකානු අමද්‍යප සංගමය 1826 දී පිහිටුවනු ලැබිණ. වසර 12 ක්‌ යන විට ශාඛා 8000 දක්‌වා එය වර්ධනය වූ අතර සාමාජික සංඛ්‍යාව 1,500,000 දක්‌වා ඉහළ නැංගේය. මේ මඟ යමින් ඕස්‌ටේ්‍රලියාව වැනි රටවල ද මධ්‍යම පාන්තිකයෝ එවැනි සංවිධාන ආරම්භ කළහ.

1895 දී අනගාරික ධර්මපාලතුමා "සුරාවිරෝධී ව්‍යාපාරය" ආරම්භ කළේ ද එහි ප්‍රතිඵලයක්‌ වශයෙනි. 1880 දී දිවයිනට සැපත් කර්නල් හෙන්රි ඕල්කට්‌තුමාගේ ආභාෂය ද ඊට ලැබුණාට සැකයක්‌ නැත. සාමාජික ප්‍රශ්න හා සබත් දින චර්යාවිරෝධී හැසිරීම් මුල් කරගෙන බටහිර ව්‍යාප්ත වූ මෙම ව්‍යාපාරය ලංකාවේ ආරම්භ වූයේ සිංහල බෞද්ධ පුනරුදයක ආරම්භයක්‌ සඳහා මෙන්ම බ්‍රිතාන්‍ය කිරීටයෙන් දේශය නිදහස්‌ කර ගැනීමේ අරමුණ කරා ජනතාව පෙළ ගස්‌වන ව්‍යාපාරයක්‌ ද වශයෙනි. ඉන්දියාවේ මෙම ව්‍යාපාරය ආරම්භ නොවීම සැලකිය යුතු හිදැසක්‌ වෙයි. විවිධ සමාජ ප්‍රශ්න අළලා පිහිටුවනු ලැබූ බ්‍රහ්ම සමාඡ් හා ආර්ය සමාඡ් වැනි සංවිධාන එම ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වූ කාර්යයන් ඉටු කිරීමට දායකත්වයක්‌ සැපයීම ඊට හේතු වූවා විය හැකිය. සිංහල - බෞද්ධ මධ්‍යම පාන්තික වැවිලිකරුවන්ගේ ප්‍රභූ පැලැන්තියක්‌ බිහිවෙමින් තිබූ මෙම වකවානුවේදී ඓතිහාසික සම්භාවනීය සිංහල බෞද්ධ පරපුරක උපත ලද ඉහත සඳහන් සෝයුරන් තිදෙනාගේ නායකත්වයෙන් මෙම ව්‍යාපාරය ඔද - තෙද ගැන්විණ. ඩී. ඇස්‌. සේනානායක මහතා 1912 දී එම ව්‍යාපාරයට සම්බන්ධ වීමත් සමග බෝතලේ වලව්ව එම ව්‍යාපාරයේ කාර්යාලය බවට ද හාපිටිගම් කෝරළය බලකොටුව බවට ද පත් විය. පළමුවෙන්ම හාපිටිගම් කෝරලේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර සුරා විරෝධී සමිති පිහිටුවීමට සමත් වූ මේ ත්‍රිත්වය ඊළඟට ඒ සියල්ල එක්‌කොට හාපිටිගම් අමද්‍යප මහා සංගමය ගොඩනැඟීමට ක්‍රියා කළහ. එය කෙතරම් සාර්ථක වූවාද යන්න ජනතා කැමැත්තෙන් හාපිටිගම් කෝරළේ සියලු තැබෑරුම් වස්‌වා 1913 දී කොළඹදී අති උත්කර්ෂවත් අමද්‍යප සභාවක්‌ පවත්වා අසීමිත බලපෑමක්‌ සමාජයට මෙන් ම රජයට එල්ල කිරීමෙන් ම පෙනේ. එයට ඇදී ආ ජන ගඟ 30,000 ඉක්‌ම වූ බව වාර්තා වේ.

හාපිටිගම් අමද්‍යප ව්‍යාපාරය හා එෆ්. ආර්.

අන් සියලු පළාත් අභිබවා හාපිටිගම් කෝරළය අමද්‍යප ව්‍යාපාරය අතිනුත් ජාතික නිදහස්‌ ව්‍යාපාරය අතිනුත් පෙරමුණට ආවේ සේනානායක සෝයුරන් තිදෙනා නිසාය. ශ්‍රී මහාබෝධීන් වහන්සේගේ ඉතිහාසයට සම්බන්ධ පරම්පරාවකට නෑකම් කියන සේනානායකවරුන් සතුව පැවැති සිංහල - බෞද්ධ අනන්‍යතාව හා උරුමය දිවයිනෙන් මත්පැන් සහමුලින් තුරන් කර දැමීම සඳහා ඇප - කැප වීමටත් දිවයිනට නිදහස දිනා ගැනීම සඳහා නායකත්වයක්‌ දීමටත් ඔවුන් පොළඹවන ලද සහජ අභිප්‍රේරණ වූවා විය හැකිය. ඒ හා සමගම ඔවුන් තුළ තිබූ අවංකභාවය හා පරිත්‍යාගශීලීත්වය හාපිටිගම් ව්‍යාපාරයේ සාර්ථකත්වයට හා ජාතික නිදහස්‌ ව්‍යාපාරය පණ පෙවීමට මූලික වශයෙන්ම හේතු වූ බැව් පෙනේ. වෙනත් ධනෝපාර්ජන මාර්ගවලට අමතරව පොල් අක්‌කර 1000 කට වඩා හිමිව තිබූ ප්‍රභූන් කිහිපදෙනාගේ ගණයට වැටුණ ධනවතෙකු වූ එෆ්. ආර්. සේනානායක මහතා එම ධනයෙන් සුවිසල් කොටසක්‌ සමාජ සේවය සඳහා වැය කිරීම ඔවුන් තුළ තිබූ නිශ්ශරණධ්‍යාශය හා අවංකකම නිතැතින් ම ජනතාවගේ සිත් සතන් හි පැලපදියම් කළාට සැකයක්‌ නැත. මේ නිසා නිදහස්‌ ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා බිහි කිරීමේ ගෞරවය ද හාපිටිගම් කෝරළයට හිමි විය. විශේෂයෙන් එම පරම්පරාව තම ප්‍රදේශයට පමණක්‌ නොව මුළු රටටම ආඩම්බරයක්‌ ලෙස සලකා එකහෙළා ඔවුන්ගේ නායකත්වය හාපිටිගම් ජනතාව විසින් පිළිගැනීම රටටම දුන් ආදර්ශයක්‌ විය.

1915 සිංහල - මුස්‌ලිම් කෝලාහලය හා එෆ්. ආර්. සිරගත කිරීම

මේ අතර 1915 සිංහල - මුස්‌ලිම් කෝලාහල ඇති විය. මෙය ඇත්ත වශයෙන් ම මෙම දෙපිරිස අතර ඇති වූ අරගලයක්‌ මිස කිරීටයට විරුද්ධව හටගත් කැරැල්ලක්‌ නොවීය. එහෙත් බ්‍රිතාන්‍ය පාලකයන් චෝදනා කළේ මෙය කිරීටයට විරුද්ධව සිංහල බෞද්ධයන් විසින් මෙහෙයවන ලද කැරැල්ලක්‌ බවට ය. මෙම අභූත චෝදනාව මත එෆ්. ආර්., ඩී. ඇස්‌., ඩී. සී., ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, ඩබ්ලිව්. ඒ. ද සිල්වා, සී. බටුවන්තුඩාවේ සහ අනගාරික ධර්මපාලතුමාගේ සෝයුරන් දෙදෙනා වන එඩ්මන්ඩ් හේවාවිතාරණ හා සී. හේවාවිතාරණ හා පියදාස සිරිසේන ආදී වූ අමද්‍යප වීරයන් හෙවත් සිංහල බෞද්ධ නායකයන්ට සිරබත් කෑමට සිදු විය. ඊට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් 27 දෙනෙක්‌ ද ඒ. ඊ. ගුණසිංහ ඇතුළු තරුණ ලංකා සංගමයේ නායකයෝ ද එම ඉරණමටම ගොදුරු වූහ. තම නිර්දොෂීභාවය ඔප්පු කර දින හතළිහකින් පසු එළියට ඒමට හැකිවූ එෆ්. ආර්. විදේශ ආධිපත්‍යය පොදු ව්‍යසනය බව සියල්ලන්ට ඒත්තු ගන්වමින් එය කඩිනමින් තුරන් කිරීම සඳහා ජාති, ආගම් හෝ කුල ආදී කිසිදු භේදයකින් තොර වේදිකාවක්‌ ගොඩනැගීමේ ප්‍රයත්නයෙහි නියුක්‌ත විය. තම සහෝදර සිරකරුවන් නිදහස්‌ කර ගැනීම සඳහා ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් වැනි අසිංහල නායකයන්ගේ ද ඊ, ඩබ්ලිව්. පෙරේරා වැනි අබෞද්ධ නායකයන්ගේ ද සහාය ලබා ගනිමින් යෝධ ව්‍යාපාරයක්‌ දියත් කළේය. සිංහල බෞද්ධ නායකයන්ගේ නිර්දොෂීභාවය එංගලන්තයේදී ඔප්පු කර පෙන්වීමට නියෝජිත පිරිසක්‌ රහස්‌ උපක්‍රම පවා යොදමින් පිටත් කර හරින ලද්දේ එහි සුවිසල් බරපැන තම කරට ගනිමිනි.

මේ උතුම් පුරුෂයා මෙසේ අප අතරින් සදහටම වෙන්වී ගියේ 44 තරම් අකල් වියකදීය. ඇත්ත වශයෙන්ම රට දැය සමය වෙනුවෙන් තව විශාල වැඩ කොටසක්‌ කිරීමට ඉතිරිව තිබියදී ය.

සේවාර්ජිත මහාචාර්ය ඇස්‌. බී. හෙට්‌ටිආරච්චි
http://www.divaina.com/2015/10/20/feature02.html

Monday, October 19, 2015

කොටහේනේ මුස්ලිම් අන්තවාදය ගැන හින්දු ජනතාව දෙවියන්ට කියයි. කෝවිල් 200ක දී පූජා පවත්වා පොලුත් ගසයි!

nalloor kovilඅන්තවාදී මුස්ලිම් පිරිසක් විසින් කොටහේන බාබර් වීදියේ හින්දු කෝවිලේ ආගමික කටයුතු වලට එරෙහිව ක්‍රියාත්මක කරගෙන යන හිංසාකාරී ක්‍රියාවට විරෝධය පළ කරමින් අද 16 දිවයින පුරා හින්දු කෝවිල් 200ක දී පොල් ගසා දේව කන්නලව් පැවැත්වුණු බව වාර්ථා වනවා.  අද පෙරවරුවේ යාපනය නල්ලූර් කෝවිලේ දී ද විශේෂ දේව පූජාවක් පැවැත් වූ බව ශ්‍රී ලංකා හින්දු සම්මේලනය ප්‍රකාශ කරනවා. පූජාවෙන් අනතුරුව සිද්ධිය ගැන දැනුවත් කරමින් යාපනය නගරයේ අත්පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වූ බව එම සම්මේලනය සදහන් කරනවා.

කලම්බු ටුඩේ

සබැඳි ලිපි -
[
මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ! පූජාව තහනම්! ගියොත් මරණවා - ඉස්ලාම් අන්තවාදී තර්ජණ නිසා කොවිලේ ආගමික කටයුතු නතර කෙරේhttp://denethharinna.blogspot.com/2015/10/blog-post_97.html
]

මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ! පූජාව තහනම්! ගියොත් මරණවා - ඉස්ලාම් අන්තවාදී තර්ජණ නිසා කොවිලේ ආගමික කටයුතු නතර කෙරේ

දරුණු ඉස්ලාම් අන්තවාදී තර්ජණ නිසා කොටහේන බාබර් වීදියේ හින්දු කොවිලේ ආගමික කටයුතු නතර කිරීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන් අරූන් කාන්තන් මහතා පවසනවා. කොටහේනේ ඉස්ලාම් ආගමික කටයුතු හැර අනෙකුත් ආගමික කටයුතු නිදහසේ කරගෙන යෑමට නොහැකි වටපිටාවක් නිර්මාණය වී ඇති බව ඒ මහතා පවසනවා. ජාතිවාදය වපුරන ඉස්ලාමීය අන්තවාදීන් පාලනය කිරීමට මනෝ ගනේෂන් ඇමති වරයා මුළුමනින්ම අසමත් වී ඇති බවට ඒ මහතා චෝදනා කරනවා.

ලංකාවේ ඉස්ලාම් අන්තවාදීන් 6ක් අයි.එස් ත්‍රස්තවාදීන් හා සම්බන්ධ බවට මේ වන විටත් හෙළි වී ඇති බවත් මෙම අන්තවාදී මත දරන්නන්ට රට තුල නිදහසේ වැඩෙන්නට ඉඩ හැරීමෙන් ඉදිරියේ දී ත්‍රස්තවාදී ක්‍රියා ඇති විය හැකි බවද ඒ මහතා රජයට අණතුරු අගවනවා. හින්දු සහ බෞද්ධ ජනතාවට එරෙහිව ක්‍රියාත්මක මෙම දරුණු අන්තවාදීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ශ්‍රී ලංකා හින්දු සම්මේලනය වෙනුවෙන් ඔහු රජයෙන් ඉල්ලා සිටිනවා.

http://www.colombotoday.com/extremists-activities-at-barbar-street/

Pic Source

මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ… කොටහේන කෝවිලේ භාරකරුවන්ට මුස්ලිම් පල්ලියෙන් මරණ තර්ජණ

කොටහේන මහ විද්‍යාල මාවතේ ශ්‍රී මුනියන්ඩි මුත්තුමාරිඅම්මාන් කෝවිලේ වේල් උත්සවයට බාධා කරමින් අසල මුස්ලිම් පල්ලියේ භාරකරුවන් විසින් ආගමික ආරවුලක් ඇතිකිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. කෝවිල් ප්‍රකාශකයකු colombotoday සමග පැවසූවේ වේල් කරත්තය කෝවිල අසලට ගෙන ආවොත් කෝවිල් භාරකරුවන් මරා දමන බවට මුස්ලිම් පිරිස විසින් තර්ජණය කළ බවයි. අද (7)පෙරවරුවේ කෝවිලේ පූජාව පැවති අවස්ථාවේදී ද එම පිරිස පැමිණ කලහකාරී ලෙස හැසිරුණ බවත් ඔහු පවසනවා.

කලම්බු ටුඩේ

පොතුවිල් - ලාහුගල තවත් විල්පත්තුවක්‌! කුඹුක්‌කන රක්‍ෂිතය වනසනු!

වයඹ දිග වනාන්තර කලාපයේ විල්පත්තු උතුර කල්ලාරු ප්‍රදේශයේ සිදුකෙරෙන මහා පරිමාණ වනාන්තර විනාශය ගැන පරිසරවේදීන්, ජනමාධ්‍ය කොතෙකුත් හඬ නැඟුවද එය ප්‍රකෘතිමත් කිරීම සඳහා මේ දක්‌වා බලධාරීන් ගත් පියවරක්‌ නැත. සියවසේ ලොව සිදුවූ විශාලතම වන විනාශය ලෙස සැලකෙන මෙම හෙළි පෙහෙළි කිරීම් සඳහා ලබාදී තිබුණේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය කෙරුණු සංරක්‍ෂිත ගණ වනාන්තරය. පසුගිය රජය සමයේදී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්‌ව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සහ එහි නැවත පදිංචි කිරීමේ කාර්ය සාධක බලකාය නමැති ඊනියා සංවිධාන ව්‍යුහය මගින් මෙකී වනාන්තර විනාශය සිදුකරන ලද බවට රහසක්‌ නොවේ, මේ අනුව අක්‌කර 2,500 ක වනාන්තර බිම් ප්‍රදේශයක්‌ පදිංචිය සඳහා ලබාදුන් බව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පිළිගනී.

එහෙත්, විශ්මය නම්, මෙම මහා විනාශය ජනමාධ්‍ය, පරිසර සංවිධාන හා වෙනත් බහුජන සංවිධාන මගින් විරෝධතා ව්‍යාපාර පවත්වා හෙළිදරව් කරද්දී ඒ පිළිබඳව බලධාරීන් කමිටුවක්‌ පත්කර සොයා බලන්නට නියෝග කළත් එකී කමිටුවේ වාර්තාව තවමත් නොලැබී හමස්‌ පෙට්‌ටියට වැටී තිබීමය. ඒ වෙනුවට මෙම වන විනාශයට වගකිවයුතු එකල නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයාට අද නව රජය යටතේ රාජ්‍ය ආයතන 36 ක බලතල සහිත ඇමැති ධුරයක්‌ ලැබී තිබේ. විල්පත්තු වන විනාශයේ හාස්‌කම් එබඳුය.

තත්ත්වය මෙසේ තිබියදී ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග වනාන්තර කලාපයෙන්ද මෙවැනිම වනාන්තර විනාශයක තොරතුරු අප වෙත ලැබී තිබේ. නැඟෙනහිර පළාතේ අම්පාර දිස්‌ත්‍රික්‌කයට අයත් පොතුවිල් හා ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලට අයත් කුඹුක්‌කන සංරක්‍ෂිත වනාන්තරයේ රදැල්ල ප්‍රදේශයට අයත් හෙක්‌ටයාර් 25 ක (අක්‌කර 62) භූමි ප්‍රදේශයක වනාන්තරය මෙසේ වනසා දමා ප්‍රදේශයේ ඉස්‌ලාම් ජනපදිකයන්ට ලබාදීමේ සූක්‍ෂ්ම වැඩපළිවෙළක්‌ ක්‍රියාත්මක වේ. විල්පත්තුවේ මෙන්ම, රාජ්‍ය බලධාරීන්ම මෙයට මැදිහත්ව සිටීම විශ්මයටද හේතුවක්‌ නොවේ. විල්පත්තුවේදී ඇමැතිවරයකු මේ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළ අතර පොතුවිල් කුඹුක්‌කන සංරක්‍ෂිත වනාන්තරය විනාශ කිරීම පිටුපස සිටින්නේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේම ඉහළ නිලධාරියකු වීමය පුදුමයට හේතුව වී ඇත්තේ. පොතුවිල් ප්‍රදේශයේම පදිංචිකරුවකු වන ඔහු වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්‍ෂක හා නීති ක්‍රියාත්මක කිරීම් අංශයේ ප්‍රබලයකු බව වන සංරක්‍ෂණ ආරංචිමාර්ග කියා සිටී. මොහුගේ අනුදැනුම මත ඔහුගේම අත්සනින් යුතු ලිපි මගින් අම්පාර දිසා වන නිලධාරිවරයාට නියෝග ලබාදෙන මෙම නිලධාරියා "ගොවිතැන් කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම" මැයෙන් ලිපියක්‌ යවමින් තම යටහත් නිලධාරියාට කියා සිටින්නේ පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ රැදල්ල ගොවි සංවිධානය විසින් ඉරකල්තෙටිකු, පල්ලියාඩ්වට්‌ටෙයි ගම්මානයේ ගොවිතැන් කටයුතු කිරීම සඳහා අදාළ සංවිධානය ඉල්ලා ඇති බැවින්, ඊට වන සංරක්‍ෂක ජනරාල්වරයා අවසර ලබාදී ඇති බවද ඒ අනුව ගොවීන්ට වගාකටයුතු සඳහා අවසර ලබාදීමට කටයුතු යොදන ලෙසය.

එනමුත් අදාළ වනාන්තරය පිහිටි ස්‌ථානයේ ජී. පී. එස්‌. ඛණ්‌ඩාංක ලබා ගනිමින්ද අතිරේක තොරතුරු ඉදිරිපත් කරමින්ද වන සංරක්‍ෂක ජනරාල්වරයා වෙත තොරතුරු වාර්තාකරන අම්පාර දිසා වන නිලධාරිවරයා කියා සිටින්නේ අදාළ ස්‌ථානය කුඹුක්‌කන සංරක්‍ෂිත වනාන්තරයේ රදැල්ල ප්‍රදේශයට අයත් භූමියක්‌ බවය.

පොතුවිල් වන විනාශය



               අදාළ නියෝතය සහිත වන සංරක්‍ෂකගේ ලිපිය 

මේ පිළිබඳව වැඩිදුරටත් වන සංරක්‍ෂණ ජනරාල්වරයාගේ අවධානය යොමුකරන අම්පාර දිසා වන නිලධාරිවරයා කියා සිටින්නේ කුඹුක්‌කන, රදැල්ල ප්‍රදේශය යනු සංරක්‍ෂිත වනයක්‌ බැවින් මෙහි ගොවිතැන් කිරීම සඳහා අවසර ලබාදීම පිළිබඳව නීතිමය ගැටලුවක්‌ ඇති බැවින් තවදුරටත් උපදෙස්‌ බලාපොරොත්තු වන බවකි. 2014-11-26 දාතමින් වන සංරක්‍ෂණ ජනරාල්වරයා වෙත නිකුත් කරන අංක AපරැH2රැ02රැ100 දරණ ලිපිය මඟින් මේ බව කියයි.

එසේම 2014-11-24 දාතමින් අංක H5/01/01/06/2009 දරන ලිපිය මඟින් අම්පාර දිසා වන නිලධාරිවරයා අමතන වන සංරක්‍ෂක ආරක්‍ෂක හා නීති ක්‍රියාත්මක කිරීම) එම්. එල්. අබ්දුල් මජීඩ් මහතා ඉහත කී ප්‍රදේශය වසර 30 කට ආසන්න කාලයක්‌ තිස්‌සේ ගොවීන් කණ්‌ඩායමක්‌ ගොවිතැන් කර ඇති බවට ප්‍රාදේශීය ලේකම් ලිපියක්‌ ඉදිරිපත් කර ඇති නිසා එම කොටස නැවත වගාකටයුතු සඳහා ලබා දෙන ලෙස දන්වා සිටී. ඊට පිළිතුරු සපයන දිස්‌ත්‍රික්‌ වන නිලධාරිවරයා කියා සිටින්නේ එසේ වගා කළ කාලය කොපමණද යන්න පැහැදිලිsව තීරණය කිරීම අපහසු බවකි.

නමුත් දිගින් දිගටම අම්පාර දිස්‌ත්‍රික්‌ වන නිලධාරිවරයාට බලපෑම් කරන ඔහුගේම ප්‍රධාන කාර්යාලයේ උසස්‌ නිලධාරියා, වන සංරක්‍ෂක එම්. එල්. අබ්දුල් මජීඩ් මහතා නැවත වරක්‌ පසුගිය වසරේ නොවැම්බර් 27 දින දිසා වන නිලධාරිවරයාට ලිපියක්‌ යවමින් දන්වා සිටින්නේ රත්තල් ගම්මානයේ පල්ලියාවාඩිවඩ්ඩෙයි ප්‍රදේශයේ ගොවිතැන් සඳහා 2014 මහ කන්නය සඳහා අවසර දීමට වන සංරක්‍ෂක ජනරාල්වරයා අනුමත කර ඇති බැවින් දීර්ඝ කාලයක්‌ ගොවිතැන් කරගෙන ආ ජනතාවට ගොවිතැන් කිරීමට එහි අවසර ලබාදීමට කටයුතු කරන ලෙසය.

මේ වනාහි පැහැදිලි ලෙසම තම යටත් සේවකයකුට ඉහළ නිලධාරියකු විසින් සිදුකරනු ලබන අනවශ්‍ය බලපෑමකි. එසේම වන සංරක්‍ෂණ නිලධාරියකු ලෙස වනාන්තරය ආරක්‍ෂා කරනු වෙනුවට මේ වන සංරක්‍ෂකවරයා කටයුතු කර ඇත්තේ ගොවිජන සේවා නිලධාරියකුගේ කාර්යභාරයකි. ඔහු විසින් වනාන්තරයක්‌ තුළ ගොවිතැන් කිරීමට කටයුතු කරන්නේත් ඒ සඳහා අනුමැතිය ලබාදීමට බලපෑම් කරන්නේත් කාගේ අනුදැනුමක්‌ හෝ කුමන නීතිමය පදනමකින්ද යන්නත් අපිට ප්‍රශ්න කිරීමට සිදුවේ. සැබැවින්ම ඔහු එසේ කරන්නේ වන සංරක්‍ෂණ නීතිය (වන ආඥ පනත) තඹේකටවත් මායිම් නොකර, එය උල්ලංඝණය කරමින් වන අතර එය වන සංරක්‍ෂණ නිලධාරියකුට කිසි ලෙසකින්වත් ගැලපෙන්නක්‌ නොවේ. රජය මඟින් රුක්‌ රෝපණ මාසයක්‌ සෑම වසරකම ප්‍රකාශයට පත්කර ඇති අතර වන සංරක්‍ෂණ දෙපාර්ත මේන්තුවේ ප්‍රමුඛ කාර්ය භාරයක්‌ ලෙස වගකීම් පවරා රටේ වනගහනය 29% සිට 35% දක්‌වා වැඩිකරමින් පවතින මොහොතක මෙවන් ස්‌වාභාවික ගණ වනාන්තර විනාශයට යම් අයකු කටයුතු කරන්නේ නම් එය අතිශය බරපතළ වරදක්‌ වේ. අප මෙවැනි වන විනාශයන් දකින්නේ අල්ලසට, දූෂණයට, පගාවට හෝ පෞද්ගලික අභිලාෂයන්ට මුල්තැන දෙමින් සිදුකරන බරපතළ අපරාධයක්‌ද වන බවයි.

වන ආඥපනතකට අනුව සංරක්‍ෂිත වනාන්තරයකට ඇතුළු වීම පවා තහනම් වන අතර, එසේ වුවහොත් අධිකරණයට ඉදිරිපත් කර දඩකට ද යටත්වන කාරණයකි. එසේ තිබියදී මෙවැනි නීති ක්‍රියාත්මක කරන නිලධාරියකු විසින්ම මෙවැනි වනයක කොටසක්‌ මුදාහරින්නට නියෝග නිකුත් කිරීම මොනතරම් බරපතළ කාරණයක්‌වේද? සංරක්‍ෂිත වනාන්තරයකින් නීත්‍යානුකූලව කොටසක්‌ මුදාහරින්නේ නම් එලෙස සංරක්‍ෂිත වනයේ මායිම් වෙනස්‌ කළ බවට (පරිසර) අමාත්‍යවරයා විසින් ගැසට්‌ පත්‍රයේ පළකරනු ලබන නියමයක්‌ මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබිය යුතුවේ. එලෙස පරිසර ඇමැතිවරයා සාදන ලද නියමයක්‌ ජනාධිපතිවරයා විසින් අනුමත කිරීමෙන් පසු පාර්ලිමේන්තුව විසින්ද අනුමත කර එම නියමය ගැසට්‌ පත්‍රයේ පළකිරීමෙන් අදාළ සංරක්‍ෂිත වනාන්තරයේ කොටසක්‌ නිදහස්‌ කළ හැකිය. නීතියේ පැහැදිලිsව එසේ සඳහන්ව තිබියදී වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රධානියා විසින්ම වන සංරක්‍ෂක ජනරාල්වරයා අනුමත කර ඇති බව සඳහන් කරමින් කැලෑ තුළ වගා කිරීමට ඉඩ සලසා දෙන ලෙසට දැනුම් දීම දඬුවම් ලැබිය යුතු බරපතළ නීති විරෝධී ක්‍රියාවකි. 

අපට දැනගන්නට ලැබෙන්නේ ව්‍යාජ ගොවි සංවිධානයක නම භාවිතයට ගෙන තම සහෝදර ජනතාවට වනාන්තර ඉඩම් පදිංචියට ලබාදීමේ කූඨ උපක්‍රමයක්‌ මෙම නිලධාරියා විසින් සිදුකරමින් ඉඩම් මංකොල්ලයකට සැරසෙන බවයි.

මෙම ප්‍රදේශයේ කැලෑ අල්ලාගෙන වගා කිරීමට උත්සාහ කළ විශාල පිරිසකට එරෙහිව පැවරූ නඩු අධිකරණය ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබියදී මෙලෙස නීති විරෝධී ලිපි නිකුත් කිරීම අම්පාර වන නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට බලවත් බාධාවක්‌ වී තිබේ. වනය රකින්නට සිටින වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේම නිල ධාරියකු සහ නීති අංශයේම ප්‍රධානියකු විසින් ක්‌ෂේත්‍රයේ රාජකාරි කරන තම පහළ නිලධාරීන්ට බලපෑම් කිරීමෙන් ඔවුන් දැඩි වෘත්තීය ගැටලුවකට මුහුණ පාන බැවින්ද, වන සංරක්‍ෂණයේම මෙවැනි අත්ත නෝමතික තීරණ මෙරටේ වනාන්තරය ඇතුළු පරිසරය ආරක්‍ෂා කරන්නට බලවත් ගැටලුවක්‌ව පැවතීම හේතුවෙන්ද? වන සම්පත් සංරක්‍ෂකයන්ගේ වෘත්තීය සංවිධානයද වන සංරක්‍ෂක ජනරාල්වරයාගේ අවධානය මෙම නීති විරෝධී ක්‍රියාව පිළිබඳව යොමු කර ඇත. වන සංරක්‍ෂක ජනරාල්වරයා මේ සඳහා පියවර නොගන්නේ නම් විෂය භාර අමාත්‍යවරයාද වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු කිරීමටද ඉහත වෘත්තීය සමිතිය ක්‍රියාකරගෙන යයි.

අපට ලැබී ඇති තොරතුරු ප්‍රකාරව ආරක්‍ෂණ හා නීති ක්‍රියාත්මක කිරීම් පිළිබඳ වන සංරක්‍ෂක එම්. එල්. අබ්දුල් මජීඩ් මහතා පොතුවිල් රැදල්ල ගොවි සංවිධානයේ ලේකම් යනුවෙන්ද පිටපත් සහිතව අම්පාර දිසා වන නිලධාරිවරයා වෙතද තම අත්සනින් හා තනතුරෙන් යවා ඇති එකම ලිපියකටවත් වන සංරක්‍ෂක ජනරාල්වරයාගේ අත්සන යොදා නැත. එහෙත් ඒ සඳහා ඉඩක්‌ වෙන්කර තිබේ. මෙය මුලාකිරීමක්‌ ලෙස පෙනෙන අතර වන සංරක්‍ෂක ජනරාල්වරයා මෙම ලිපි නිකුත් කිරීම පිළිබඳව කියන්නේ කුමක්‌ද යන්න දැන ගැනීම සඳහාද අප කැමැත්තෙන් සිටිමු.

ජගත් කණහැරආරච්චි
http://www.divaina.com/2015/10/18/feature20.html

සබැඳි ලිපි - 
[අමුතු බසක් කතා කරන මිනිසුන්ගෙන් විල්පත්තු ජනාවාස කිරීම සහ මුසලු මූලධර්මවාදීන් මෙරටින් මතුවීම - අනාගත මහ ව්‍යසනයක පෙරනිමිතිhttp://denethharinna.blogspot.com/2015/08/blog-post_79.html
විල්පත්තුවේ දැන් සිදුවන්නේ යටත් විජිත යුගයෙන් පසු ලොකුම වන විනාශයයිhttp://denethharinna.blogspot.com/2015/05/blog-post_75.html
අක්‌කර 2500ක්‌ වන සංරක්‍ෂණයෙන් උදුරා ගත් විල්පත්තු-මඩු මූසළු ව්‍යාප්තවාදයේ තිත්ත ඇත්ත...http://denethharinna.blogspot.com/2015/05/2500.html
ඇමැතිගේ බලයට නීතිය යටව සිදුකරන නවතම මහා වන විනාශය - මන්නාරමෙනුත් ඇවිලෙන විල්පත්තුවේ ගින්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_10.html
යුද්දෙත් ඉවරයි සන්නාර් රක්‍ෂිතයත් ඉවරයි. මුසලු ව්‍යාප්තවාදයේ නැවතුම කොතැනද?http://denethharinna.blogspot.com/2014/05/blog-post_7519.htmlවිල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශයhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_3649.htmlවිල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2205.htmlවිල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්නhttp://denethharinna.blogspot.com/2014/04/40.htmlඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌http://denethharinna.blogspot.com/2014/04/50.htmlවිල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...http://denethharinna.blogspot.com/2014/04/73.html
නැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.htmlවිල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.html
විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.html
අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

බුදුරුවට නිගා කරන යුරෝපීය සමාගම් ගැන බලධාරීන් නිහඬ ඇයි?

ලෝක සත්ත්වයා දුකින් මුදවා සසරින් එතෙර කරන්නට පහළ වූ කෝටි 35 කට අධික ලෝකවාසී ජනතාවකගේ වන්දනාමානයට පාත්‍ර වූ බුදුපියාණන් වහන්සේගේ බුදු රුව මුද්‍රණය කොට වර්තමානයේ ඇතැම් පෞද්ගලික සමාගම් සිය නිෂ්පාදන වෙළෙඳපොළට විශාල වශයෙන් නිකුත් කරමින් පවතී. මේ නිෂ්පාදනයන් අතර 'VERNEL' (වර්නෙල්) යන වෙළෙඳ නාමයෙන් ඉතාලියේ සුපිරි වෙළෙඳසල් ජාලයන් තුළ නිරුපද්‍රිතව මිලදී ගැනීමට හැකි, රෙදි සේදීමෙන් පසු සුවඳ ගැන්වීමට යොදා ගන්නා දියර වර්ගයෙහි බුදු රුව යොදා ගැනීම තුළින් බෞද්ධ ආගමට කර ඇති අපහාසය බරපතළ ලෙස හෙළා දැකිය යුතුය. මීට කලෙක සිට මේ නිෂ්පාදනයන් මෙලෙස වෙළෙඳපොළට නිකුත් කළ ද, මේ වනවිටත් ඒ පිළිබඳව කිසිදු වගකිව යුත්තෙක්‌ හෝ කිසිදු රජයකින් මේ අකාරුණික පූර්විකාවට කිසිදු බලපෑමක්‌ එල්ල කිරීමට මැදිහත් නොවීමද බෞද්ධ ජනතාවට කළ සෘජු අසාධාරණයකි. මීට සමගාමීව තුර්කි ගුවන් සේවාවන් ඉතාලිය තුළ ප්‍රචලිත කිරීම සඳහා බස්‌ රථවල ප්‍රදර්ශනය වන දැන්වීම් තුළ බුදුරුව දිස්‌ වීමද මවිතයට කරුණකි.

බුදුන් වහන්සේට බුද්ධත්වය ලැබීමට සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පවා ඉතාලි මිහිකත තුළ රෝපණය වෙමින් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව උදෙසා ඉතාලියේ ප්‍රධාන නගරවල වෙහෙර විහාර පවා නිර්මාණය කිරීමට ඉතාලි රජය මගින් අනුමැතිය ලබාදී ඇති පසුබිමක අතළොස්‌සක්‌ පමණ වූ පෞද්ගලික සමාගම් තුළින් මෙවැනි කටයුතු සිදු වීම මගින් ආගමික සහජීවනයට එල්ල වන්නේ මරු පහරකි. ඉතාලි බලධාරීන් මේ පිළිබඳ මුනිවත රැකීම එරට බෞද්ධ ජනතාවගේ ඉමහත් සංවේගයට හේතුවක්‌ වී ඇත. 

වර්තමාන ලෝකයේ වියතුන් සහ චින්තකයන් පවා බෞද්ධ ආගම වැළඳ ගන්නා පසුබිමක්‌ තුළ මෙවැනි අශෝභන කටයුතු සිදුවීම මගින් අනාගතයේ බිහිවන බෞද්ධයන් උදෙසා කෙබඳු ප්‍රතිරූපයක්‌ නිර්මාණය වේද යන්න පිළිබඳ ඉතාලි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

කිනම් පුද්ගලයෙක්‌ හෝ සාමූහික පිරිසක්‌ විසින් හෝ ඉතාමත් සූක්‍ෂ්ම ලෙස බෞද්ධ ආගමට නිගා වන පරිදි මෙවැනි කටයුතු කිරීමට ප්‍රධාන හේතුව විය යුත්තේ මේ වන විටත් සංඛ්‍යා ලේඛනවලට අනුව බෞද්ධ ආගමට ප්‍රවිෂ්ට වීමේ ප්‍රතිශතය ශීඝ්‍රයෙන් වර්ධනය වීම නිසාදොa යන්න ද සොයා බැලිය යුතුය.

ලෝකයේ සුපිරි ක්‍රීඩකයන් පවා තම උපන් දින සාදයන්හිදී බුදු රුවේ ආකෘතියෙන් හෙබි කේක්‌ සැරසිල්ලෙන් සිය සාදය වර්ණවත් කොට අවසානයේ එය කෑලි කපා මධුවිතත් සමග අනුභව කරන්නට තරම් උන්මත්තකයන් බවට පත්වී ඇති පසුබිමක, යුරෝපයේ අපේ රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ නිහඬ මුනිවත රැකීම පිළිබඳව ශ්‍රී ලාංකීය බෞද්ධයන් පිළිකුල් සහගතව හෙළා දකියි. මොවුන්ගේ සැබෑ රාජ්‍යතාන්ත්‍රික භාවය පිළිබඳව අප ඉදිරියේ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

රාජ්‍යතාන්ත්‍රිකයන් සිය සේවය ගරු කටයුත්තක්‌ ලෙස සලකා මෙවැනි අකටයුතුවලදී තම සේවයේ වටිනාකම සහ හැකියාව නිසි ලෙස අවබෝධ කර ගනිමින් මෙවැනි පහත් ක්‍රියාවන් මැඬ පැවැත්වීමට නිසි බලධාරීන් මැදිහත් විය යුතුව ඇත. සමානාත්මතාව, සහජීවනය සහ නිවැරැදි බව මනාව අන්තර්ගත වී ඇති ඉතාලි නීති පද්ධතිය තුළ මෙවැනි අශීsලාචාර කටයුතුවලදී නිලධාරීන් එයින් ප්‍රයෝජනයක්‌ නොගැනීම මත තවමත් වෙළෙඳපොළ තුළ මෙවැනි නිෂ්පාදන ප්‍රවිෂ්ට වීම බහුලව දැකිය හැකි වීමෙන් මේ තුළින් ඇතිවන බුදු දහමේ අරාජිකත්වය ගැන අපේ නිලධාරීන් වගකිවයුතු නොවන්නේ ද?

ලලිත් හෙට්‌ටිආරච්චි, ඉතාලියේ සිට
http://www.divaina.com/2015/10/18/feature06.html

සබැඳි ලිපි -
[
බුද්ධ ශීර්ෂය විකෘති කර, බුදුදහමට නිගා කළ මුසලු ජාවාරම්කරුගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් ප්‍රතිමා 21 ක්‌ හමුවෙයිhttp://denethharinna.blogspot.com/2015/02/21.html
හෙළ බොදුනුවන්ගේ මෙත් කරුණාව ගැන තවත් සහතික කුමට අවැසිද?
http://denethharinna.blogspot.com/2012/10/blog-post_15.html
ඉඳුරුව හෝටලයක බිකිනි වනන්න බුදු පිළිම දමලා
http://denethharinna.blogspot.com/2013/02/blog-post_4446.html
'බුද්ධ බාර්', 'නිර්වාණ', 'අල්ලා බාර්' සහ 'කුරාණ්'
http://denethharinna.blogspot.com/2013/01/blog-post_6491.html
තුන් ලොවට නයු වූ සම්මා සමිඳුන්ට අපහාස කළ 'බුද්ධ බාර්' හි 'නිර්වාණ' බුෆේ දුන් පාපතරයන් තවමත් නිදැල්ලේ
http://denethharinna.blogspot.com/2013/01/blog-post_23.html
බුදුදහම විශ්ව යථාර්ථය බවට පිළිගන්නා මෑත අනාගතය දක්වා එය ආරක්ෂා කර ගැනුම - දිවයින කතුවැකිය
http://denethharinna.blogspot.com/2013/01/blog-post_24.html
බුද්ධ බාර් වැටලීම
http://denethharinna.blogspot.com/2013/01/blog-post_882.html
රෑට කන්නේ නිර්වාණේ සමාවෙන්න බුදු රජුනේ!
http://denethharinna.blogspot.com/2013/01/blog-post_9046.html
]

තෘෂ්ණාව දන්දී අහර පමණක්‌ භුක්‌තිවිඳින්න... මහරහතුන් වැඩි මග ඔස්‌සේ!

මීළඟට සබ්බාවශ්‍රව සූත්‍රයට අදාළව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ප්‍රහීනය කළ යුතු ආශ්‍රවයන් කියලා. කුමක්‌ද ඔබ ප්‍රත්‍යාවේක්‍ෂා කරන්නේ. ඔබ ගන්නා වූ ආහාරය, ඇඳුම් පැළඳුම්, ඖෂධ, නිවාස හෝ කුටිය. මේවා පරිහරණය කිරීමේදී සිහිනුවණින් පරිහරණය කරනවා. ආහාරයක්‌, ගිලන්පසක්‌, ඖෂධයක්‌, නිවාස පරිහරණය කිරීමේදී මේවා කෙරෙහි තෘෂ්ණාවක්‌ ඇතිකොට ගතහොත්, ඒවා කෙරෙහි සුබ නිත්‍ය සංඥාවන් ඇතිකොට ගතහොත් ඔබ තුළ නැති ආශ්‍රවයන් වැඩෙනවා. ඇති ආශ්‍රවයන් වර්ධනය වෙනවා. ආහාරයත්, ගිලන්පසත්, ඖෂධත් ඔබ පරිහරණය කළ යුත්තේ මේ ශරීරයේ ජවය, මදය, අලංකාරය පිණිස සිතිවිලි ඇතිකොටගෙන නොවේ. අනිත්‍යභාවයට පත්වන ආයුෂ, වර්ණ, සැපය, බලය පිළිබඳ දැක්‌මක්‌ ඇතිකොටගෙනය. ආහාරයක්‌ ගැන සිතන මොහොතේ , ආහාරයක්‌ සකස්‌කරන මොහොතේ, ආහාරයක්‌ අනුභව කරන මොහොතේ ආහාරය කෙරෙහි ඇතිවන රස, ගුණ පිළිබඳ සිතිවිලි අනිත්‍ය වශයෙන් දකින්න ඔබ දක්‍ෂ නම් එතැන අර්ථවත් ප්‍රත්‍යාවේක්‍ෂාවක්‌ තිබෙනවා. සංසාරයක්‌ පුරාවට ඔබ ආහාර ටොන් කී ලක්‍ෂයක්‌ ගිල දමන්නට ඇතිද? රජ, සිටු, ඇමැතිවරු වෙලා රාජ භෝජන කොතෙක්‌ ගිල දමන්නට ඇතිද? සශ්‍රික දෙවිවරු වෙලා දිව්‍ය භෝජන කොතෙක්‌ වළඳන්න ඇතිද? තිරිසන් සතුන් වෙලා තණකොළ, පුන්නක්‌කු කොතෙක්‌ ගිලදමන්නට ඇතිද? ප්‍රේතයෙක්‌ ප්‍රේතියක්‌ වෙලා සෙම් සොටු මොනතරම් ආහාරය කොට ගන්න ඇතිද? යක්‍ෂයින් වෙලා භූත සත්ත්වයන් මොන තරම් මරාගෙන කන්න ඇතිද? මේ හැම භවයක්‌ම, මේ සෑම ආහාරයක්‌ම අනිත්‍ය බව නුවණින් දකිමින් වර්තමාන කෑම මේසයේ කෑම පිඟාන භූක්‌ති විඳින්න. ඔබ භුක්‌ති විඳින කෑම පිඟානේ රසයත්, ගුණයත් පිළිබඳ සිතුවිලි අපවිත්‍රභාවයට සෙම්, සොටු, රුධිරය, මුත්‍රා, වමනය අසූචි වශයෙන් නොගැටෙන සිතෙන්, සංසන්දනාත්මකව නුවණින් දකින්න. ඉහත කාරණයේදී ඔබේ සිතේ ගැටීමක්‌ ඇතිවෙනවා නම් එම ගැටෙන සිතත් අනිත්‍ය වශයෙන් දකින්න. ආහාරය තුළ ඕපපාතිකව ඇතිවන පණුවෙක්‌, ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් තොරව ආහාර ගැනීමේ ඵලයක්‌ බව නුවණින් දකින්න. අනුභව කරන බත් කටට වඩා, දන් දෙන බත්කට වටිනා බවත්, දන්දෙන බත්කටට වඩා, ප්‍රත්‍යාවේක්‍ෂා කොට අනුභව කරන බත්කට ශ්‍රේෂ්ඨ බවත් සිහිපත් කරගන්න. 

ආහාර ප්‍රත්‍යාවේක්‍ෂාව ගැන සටහන තබනකොට, අතීතයේ වැඩ සිටිය ස්‌වාමීන් වහන්සේ නමක්‌ මතකයට පැමිණියා. මේ ස්‌වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක්‌. නමුත් අනිත් ස්‌වාමීන් වහන්සේලා මේ බව දැනගෙන සිටියේ නැහැ. මේ ස්‌වාමීන් වහන්සේ අනිකුත් ස්‌වාමීන් වහන්සේලාත් සමග දානෙ ගෙවල්වලට වැඩියහම පාත්‍රයට හත් වතාවක්‌ම දානෙ බෙදාගෙන වළඳනවා. වැඩිපුර දානය වළඳන මේ ස්‌වාමීන්වහන්සේ නිසා අනෙක්‌ ස්‌වාමීන්වහන්සේලාට ලැඡ්ජාවක්‌ ඇතිවුණා. දිනපතා සිදුවන මේ ලැඡ්ජාසහගත ක්‍රියාව නිසා ස්‌වාමීන්වහන්සේලා සිතුවේ අදාළ ස්‌වාමීන්වහන්සේ ගිජුකම නිසා වැඩිපුර දානය වළඳනවා කියලා. මේ කාරණය ස්‌වාමීන්වහන්සේලා විසින් බුදුරජාණන්වහන්සේට පැමිණිලි කරනවා. බුදුරජාණන්වහන්සේ දිවැසින් බලනවා කව්ද මේ සීමාව ඉක්‌මවාගොස්‌ දානය වළඳන ස්‌වාමීන්වහන්සේ කියලා. එවිට බුදුරජාණන්වහන්සේ දකිනවා, උන්වහන්සේ රහතන්වහන්සේ නමක්‌ය කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අතීතයේ පන්සියයක්‌ ආත්මභාවවල ඇත්කුළයේ ඉපැදීම නිසා ඒ සංසාර පුරුද්දට ආහාර වැඩිපුර ගන්නවා කියලා. ඒ රහතන්වහන්සේ පාත්‍රයට හත්වතාවක්‌ දානය බෙදාගෙන වැළඳුවත් උන්වහන්සේ වළඳන එකම බත්කටක්‌ නිසාවත් උන්වහන්සේ තුළ තෘෂ්ණාවක්‌ ඇති නොවන බව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබත්, කෑම මේසයේදී තෘෂ්ණාව දන්දී ආහාර පමණක්‌ අනුභව කරන්න. එය ආහාර ගිලන්පස ප්‍රත්‍යාවේක්‍ෂාවේ ශ්‍රේෂ්ඨම ඵලය වෙනවා වගේම, ශ්‍රේෂ්ඨම දානය වෙනවා ඇත. එසේ නොවී, තෘෂ්ණාවෙන් ඔබ ආහාර ගිලන්පස පරිහරණය කළොත්, ඔබ තුළ නැති ආශ්‍රවයන් ඇතිවෙනවා. ඇති ආශ්‍රවයන් වර්ධනය වෙනවා. 

ඖෂධ පරිහරණයේදිත් රෝගීභාවය අනිත්‍යභාවයට පත්වී නීරෝගීභාවයත්, නීරෝගීභාවය අනිත්‍යභාවයට පත්වී රෝගී භාවයත් ඇතිවන අයුරු නුවණින් දකිමින් ඖෂධ ප්‍රත්‍යාවේක්‍ෂාව සිදුකරන්න. වර්තමානයේ ඖෂධවල මිලගණන් අහනකොට, ඖෂධ මිලට ගන්නකොට නැති ආශ්‍රවයන් ඇතිවන බවක්‌ සමාජය තුළින් අසන්නට ලැබෙනවා. මෙවැනි සිදුවීම් මනුෂ්‍යයාගේ ලෝභ ද්වේෂ, මෝහ, සිතිවිලි නිසා හටගන්නා අකුසලයන්ගේ විපාකයක්‌ බව හඳුනාගනිමින් අකුසල් නිසා පිංවත් ඔබ නැති ආශ්‍රවයන් ඇතිකොටගන්නේ නැතිව, මෙවැනි ප්‍රශ්න ධර්මානුකූලව ගලපාගන්න දක්‍ෂ වෙන්න ඕනේ. ඉපදීම නිසාමයි ජරා, ව්‍යාධි, මරණ සිද්ධවෙන්නේ. ඉපදීම නිරෝධය කිරීමෙන් තොරව ඉහත ප්‍රශ්නය නොවිසඳෙන බව ඔබ නුවණින් දකින්න දක්‍ෂනම්, එය ඖෂධ ප්‍රත්‍යාවේක්‍ෂාවට අර්ථවත් ප්‍රවේශයක්‌ වෙනවා. 

මේ සටහන තබන දිනයේ භික්‍ෂුව උදේම කසායක්‌, චූර්ණයක්‌ වැළඳුවා. සවසත් කසායක්‌ චූර්ණයක්‌ වැළඳුවා. ඒ ඖෂධයන් ප්‍රත්‍යාවේක්‍ෂ කිරීමේදී භික්‍ෂුව දකින්නේ වෙනස්‌වන නිරෝගීභාවයත්, වෙනස්‌වන රෝගීභාවයත් පමණමයි. ඉපදීම නිසා සකස්‌වෙන, වෙනස්‌වන, ජාති ජරා ව්‍යාධි ධර්මතාවලට නොවෙනස්‌වන විසඳුම ඖෂධ නොව, ඉපදීමේ නිරෝධය බවත්, එතෙක්‌ ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ඖෂධ පරිහරණයකොට ඇති ආශ්‍රවයන් නැතිකොටගන්න ඔබ දක්‍ෂවෙන්න. 

සංස්‌කාරයන්ට යටත්ව ජීවිතය නොදකින පිංවතා නීරෝගීභාවයට ගොඩාක්‌ කෑදරයි. ඒ නිසාම ඖෂධ ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් තොරවයි පරිහරණය කරන්නේ. බුදුරජාණන්වහන්සේගේ කාලයේ නිරෝගීබවට කෑදරකමෙන් හොරාට පැවිදි වුණු අය හිටියා. රෝග සුවකිරීමේ දක්‍ෂ ජීවක වෛද්‍යවරයා, සංඝයාට තමයි විශේෂයෙන්ම බෙහෙත් කළේ. ඒ නිසාම රෝගාබාධ සහිත මිනිසුන් ජීවක වෛද්‍යවරයාගෙන් වෛද්‍ය ප්‍රතිකාර ගන්න හොරාට පැවිදි වුණා. ඒ නිසාම බුදුරජාණන්වහන්සේ යම් යම් රෝගාබාධයන් තිබෙන ගිහි පිංවතුන් පැවිදි කරගන්න එපාය කියල විනය කාරණාවක්‌ පවා පනවනවා. වෙනස්‌වන නීරෝගීකමට කෑදර මනුෂ්‍යයෝ බරපතල වූ ආශ්‍රවයන් ඖෂධ නිසාත්, රෝගීභාවය නිසාත් ඇතිකොට ගන්නවා. 

මේ භික්‍ෂුවගේ පැවිදි ජීවිතයේ ඖෂධ ප්‍රත්‍යාවේක්‍ෂාවේ අර්ථවත් තැනක්‌ තමයි පැවිදි දිවියේ මුල් කාලවකවානුවල කායික වේදනාවන් උදෙසා හිමිදිරියේ ස්‌වමුත්‍රා පානය කිරීම. වර්තමානයේ නම් භික්‍ෂුව මේ පුරුද්දෙන් මිදිලයි සිටින්නේ. පිළිකුල් සහගත කයත්, පිළිකුල් සහගත ඖෂධත් තුළින් එදා භික්‍ෂුව කයත් ඖෂධත් කෙරෙහි ඇති තෘෂ්ණාවට බරපතල අභියෝගයක්‌ එල්ල කළා. නමුත් එදා භික්‍ෂුව ප්‍රත්‍යවේක්‍ෂාව කියන වචනයේ අර්ථය නිවැරදිව දැනගෙන සිටියේ නැහැ. 

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2015/10/18/nimna04.html

ඉන්දීය විරෝධියෙක්‌ නේපාල අගමැති වෙයි!

ලාංකික බෞද්ධයන්ට නේපාලයේ පිහිටි මායාදේවි විහාරය නොඑසේනම් බෝසතාණන් උපන් ලුම්බිණි සල් උයන වැඳ පුදා ගැනීමට නොහැකි තත්ත්වයක්‌ ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට උදා වී තිබිණි. ඒ අනාරක්‍ෂිත භාවයට හේතු වූයේ නේපාලයේ නව ව්‍යවස්‌ථාවට එරෙහිව "ලුම්බිණි සල් උයනද" ඇතුළත් තරායි කලාපයේ වැසියන් දැඩි ලෙස විරෝධය පෑම නිසාය. ඉන්දියානු දේශසීමාව පසුකර නේපාලයට ඇතුල්වන සංචාරකයන් රැගත් බස්‌රථවලට ගල්මුල් ප්‍රහාර එල්ල කරන තත්ත්වයක්‌ උදා වූ නිසා "ලුම්බිණිය" සිතින් පමණක්‌ වැඳ පුදා ගැනීමට අපේ බෞද්ධ සංචාරකයන්ට සිදුවිය.

තරායි කලාපයේ ඉන්දියානු සම්භවයක්‌ ඇති මදේසිස්‌ ජන කණ්‌ඩායම දැඩි විරෝධය දැක්‌වූවත් එරට අනාගමික රාජ්‍යයක්‌ බවට ප්‍රකාශ කරමින් හඳුන්වා දුන් නව ෆෙඩරල් ව්‍යවස්‌ථාව ඉකුත් සැප්තැම්බර් මාසයේදී සම්මත විය. මෙම නව ව්‍යවස්‌ථාව ගැන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ බ්‍රාහ්මණවංශික නිලධාරීහු සතුටට පත්වූයේ නැත. සමහර ඉන්දීය දේශපාලන විචාරකයන් ප්‍රකාශ කර සිටියේ මෙම නව ව්‍යවස්‌ථාව හරහා චීනය, ඉන්දියාවට අතුල් පහරක්‌ එල්ල කළ බවයි. නරේන්ද්‍ර මෝදි අගමැතිවීමෙන් පසු පළමු විදේශ සංචාරය ලෙස පා තැබූ රට වූයේ නේපාලයයි. නමුත් ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ නේපාලය භාරව සිටින නිලධාරි කණ්‌ඩායමට නව ව්‍යවස්‌ථා සංශෝධනය හරහා සිදුවන දේශපාලන වෙනස්‌කම් පිළිබඳව නිවැරදිව ප්‍රතිචාර දැක්‌වීමට නොහැකි විය. නේපාල ව්‍යවස්‌ථාව සම්මත වූ දිනට පසු දිනම කත්මණ්‌ඩු නුවර සිටින ඉන්දීය තානාපතිවරයාව වහා දිල්ලි නුවරට කැඳවූයේ මේ තීරණය පිළිබඳව නොසතුට ප්‍රකාශ කිරීම සඳහාය. මේ ව්‍යවස්‌ථාව සම්මතවීමෙන් පසුවද තරායි කලාපය අස්‌ථාවර වූ අතර සතියකට අධික කාලයක්‌ ඉන්දියාවේ සිට කත්මණ්‌ඩු නුවරට සැපයුම් ලැබෙන මාර්ග අවහිර කර තිබිණි. එම නිසා අදත් නේපාල වැසියෝ තෙල් හිඟයකට මුහුණදී සිටිති. ඉන්දියාව නේපාල දේශසීමා වසාදැමූ විට චීනය වහාම සිය දේශසීමා විවෘත කළේය.

නේපාලයේ නව ව්‍යවස්‌ථාව සම්මතවීම පිළිබඳව ලිපියක්‌ ලියන ඉන්දීය දේශපාලන විචාරක සුභාෂ් චන්ද්‍ර අග්‍රාවල් සඳහන් කර තිබුණේ කත්මණ්‌ඩු ආණ්‌ඩුව තමන්ට නිසි ලෙස සාධාරණය ඉටු නොකරන බව දැනී මදේසිස්‌වරු කැරලි ගැසීමට උත්සාහ කළහොත් එයින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ඇති වූ අස්‌ථාවරත්වය හා සමාන සිද්ධියක්‌ ඇති විය හැකි බවය. එම නිසා ඉන්දියාව වඩා විචක්‍ෂණශීලීව මේ ප්‍රශ්නය දෙස බැලිය යුතු බව හෙතෙම සඳහන් කර තිබිණි. දිල්ලිය මදේසිස්‌ ජනවර්ගයේ පැත්ත ගැනීම කිසිසේත් නුවණට හුරු නොවන බව අග්‍රාවල්ගේ අදහස විය.

නේපාලයේ නව ව්‍යවස්‌ථාව නිර්මාණය කිරීමට මූලික වූ 63 හැවිරිදි කග්ඩා ප්‍රසාද් ඩලී එනම් නේපාල කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ සභාපතිවරයා පසුගිය ඉරිදා එරට අගමැතිවරයා විය. හිටපු අගමැති සුසිල් කොයිරාල පරදවමින් පාර්ලිමේන්තුවේ ඡන්ද 338 ක්‌ ලබාගෙන හෙතෙම අගමැති ධුරයට පත්විය. ඩලී මහතා අගමැති පුටුවට පත් වූ වහාම සුබ පතන්නට ඉදිරිපත් වූයේ අසල්වැසි චීනයයි. මේ නව අගමැති පත්වීම ගැන චීන විදේශ අමාත්‍යාංශය බෙහෙවින් සතුටු විය. නමුත් දිල්ලියට මෙය පරාජයක්‌ විය. කග්ඩා ප්‍රසාද් ඩලී අගමැතිවරයා පිළිබඳව විකිපීඩියා වෙබ් අඩවියේ ඇති විස්‌තරයේද ඔහු මදේසිස්‌ ජනයා යම් අවමානයකට ලක්‌කරන පුද්ගලයකු ලෙස සටහන් වී ඇත, මෙයින් නොකියා කියවෙන්නේ ඔහු ඉන්දීය විරෝධියකු බවද? මදේසිස්‌ ජනකොටස බලවත්වනු දැකීම චීනයේ අභිප්‍රාය නොවන බව හින්දු පුවත්පත නව නේපාල අගමැති පත්වීම පිළිබඳව පළ කළ කර්තෘ වාක්‍යයේද සඳහන් විය.

ඉන්දියාව අපේක්‍ෂා නොකළ දේශපාලන වෙනස්‌කම් නේපාලයේ සිදුවන නිසා නරේන්ද්‍ර මෝදි නව අගමැතිවරයාට සුබ පැතීමේදී තරමක්‌ කල්පනාකාරී විය. අගමැති මෝදිගේ සුබ පැතුමේ සඳහන් කර තිබුණේ නේපාලයේ සියලු ජන කොටස්‌ එක්‌කරගෙන රට සමෘද්ධියට ගෙනයැමට නව නායකයාට හැකිවේවායි යන්නයි. ඉකුත් ජනවාරි 08 වැනිදා ලංකාවේ සිදුවූ රෙජීම වෙනසින් පසුව අගමැති මෝදි ජනපති සිරිසේන මහතාට මුලින්ම සුබ පැතූ පුද්ගලයාය. නමුත් එවැනි ප්‍රහර්ශයක්‌ ප්‍රසාද් ඩලී නේපාලයේ අගමැතිවරයා වීමෙන් පසුව මෝදිට දැනුණේ නැති බව නම් පැහැදිලිය. එහෙත් චීනය නම් ඉක්‌මනින්ම නව අගමැතිවරයාට සුබ පැතීමට එක්‌වූයේ මේ නව නායකයා තමන්ට වඩා හිතවත් බව හොඳින් දන්නා නිසාය. ජනවාරි 08 වැනිදා මෙන්ම අගෝස්‌තු 17 වැනිදා ශ්‍රී ලංකාවේදී සිදුවූ දේශපාලන වෙනස්‌කම් පිළිබඳව දිල්ලිය බෙහෙවින් සතුටු වූවත් කත්මණ්‌ඩු නුවර දේශපාලන වෙනස්‌කම් තේරුම් ගැනීමට මෝදි අගමැතිගේ අනුශාසකයන්ට කල්ගිය බව පැහැදිලිය. එම නිසාම නේපාලයට යෑවෙන අත්‍යවශ්‍ය සැපයුම් නවත්වා ඒ රට අර්බුදයට ලක්‌කිරීමට ඉන්දීය බලධාරීන් කටයුතු කළ බව රහසක්‌ නොවේ. මේ සියලු සිද්ධි හරහා නේපාල වැසියන් තුළ ඉන්දීය විරෝධයක්‌ ඇතිවීම යහපත් ප්‍රවණතාවක්‌ නොවන බව දේශපාලන විචාරකයෝ පවසති.

වසර 14 ක්‌ සිරගත ජීවිතයක්‌ ගත කළ ඩලී එම දඬුවමින් නිදහස ලැබුවේ 1987 දීය. එවක ඔහු එරෙහි වූයේ නේපාල රාජකීයන්ටය. නමුත් ඩලීගේ පත්වීම ඉන්දියාවට සුබදායක නොවන බව නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතද වාර්තා කර තිබිණි. එම පුවත්පත ප්‍රකාශ කරන්නේ ඉන්දියාව සම්බන්ධයෙන් නේපාල වැසියන් තුළ ඇති විරෝධය ඩලීගේ පත්වීම හරහා තහවුරු වූ බවයි. නේපාලය යනු ඉන්දියාවේ සේවාදායක රාජ්‍යයක්‌ ලෙස නොසැලකිය යුතු බව නව අගමැතිවරයා අවධාරණය කර තිබිණි. ඩලීට පෙර නේපාලයේ අගමැති ලෙස කටයුතු කළ වයෝවෘද්ධ ශුෂිල් කෙයිරාල අගමැතිවරයා නම් ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළේ නැත. ඒ සුමට භාවය නිසාම ඔහුට අගමැති ධුරයෙන් ඉල්ලා අස්‌වන්නට සිදුවිය. ඉදිරියේදී දිල්ලි කත්මණ්‌ඩු ගැටුම දෙස කොළඹ සිට බලා සිටිය හැක.

චතුර පමුණුව
http://www.divaina.com/2015/10/18/forign.html

පළමුවැනි ස්ථානය අංක විසි හත , කැකිරාව මණ්ඩලයේ දොඹෑව පාසලේ කළුබණ්ඩාගේ මුදලිහාමි! - ගැමි සුවඳ පෙළ පොතට ගෙනා මීටර සියය

' මුදලිහාමි , හෙට හවස ගෙදර වැඩක් මුකුත් තියෙනවාද ? '
' වැඩක් නං නෑ මහත්තයා '
' හෙට හවස මාත් එක්ක කැකිරාවට යන්න ලෑස්ති වෙලා එන්න පුළුවන් ද ? '
' පුළුවන් මහත්තයා '
' එහෙනම් ඉස්කෝලේ ඇරිලා මාත් එක්ක කැකිරාවට යනවයි කියලා ගෙදර අයට කියලා එන්න ඕනෑ '
' හොඳයි මහත්තයා '
' දැන් අනිද්දා නේ කොළොඹ යන්නේ . එහෙ ගිහිං දුවනකොට මෙහෙදි වාගේ සරම පිටපට ගහගෙන දුවන්න බෑ . මුදලිහාමිට මගේ ගණනේ කලිසමක් මස්සලා දෙනවා . හෙට ගිහින් මිම්ම දීලා එමු '
' හොඳමයි මහත්තයා '
' දැන් එහෙනම් ගෙදර යන්න '
මගේ ඉහේ මල් ගොන්නක්ම පිපුණා වාගේ මට දැනුණා. අළුත් මහත්තයා ආවට පස්සේ ඉස්කෝලේ කලින් තිබුණු පාළු ගතිය දැන් නෑ . ළමයිනුත් වෙන දාට වැඩියෙ ආසාවෙන් ඉස්කෝලේ එනවා . පසු ගිය වාරේ අපේ ඉස්කෝලේ උත්සවයක් තිබුණ. ඒකට මුල් වෙලා වැඩ කෙරුවෙත් අලුත් මහත්තයා . ඒකෙන් දහතුනෙන් පහළ මීටර සියය දිවීමේ තරඟෙන් පළමු වැනියා වුණේ මමයි . ඒ පාර අළුත් මහත්තයා මා කැකිරාවටත් එක්ක ගියා . එහෙදිත් මං පළමු වැනියා වුණා . ඊට පස්සේ අනුරාධපුරේටත් එක්ක ගියා . එහෙදිත් මං පළමු වැනියා වුණා . එදා තමයි මං ඉස්සරවෙලාම අනුරාධපුරේ ගියේ . මගේ අම්මේ අනුරාධපුරේ කඩ සාප්පු තියෙන තරම් ! ඒ වාගේ මයි ඒවායේ තියෙන දේවල් . අපේ ගමේ විදානෙගෙ කඩෙත් කඩයක්ද කියලා මට හිතුනා . කොළඹ ඊටත් වඩා ලොකු සාප්පු ඇති .සාප්පු විතරයැ ? කොළඹ මූදත් තියෙනවාලු . මූද අපේ වැව වාගේ නෙවෙයි . කලා වැවටත් වඩා හුඟක් ලොකු ඇති . ඒකේ නැවු යනවාලු . කොළඹ වරායකුත් තියෙනවාලු . මට ඒ ඔක්කොම බලන්න පුළුවන් වෙයි .
මං එදා ඉස්කෝලේ ඉඳලා ගෙදර ආවේ කොහොමද කියලා මට ම මතක නෑ . වෙනදා පාරේ තියෙන වක්කඩවල් , ඒ දඬු , වැට කඩුලු එදා තිබුණාද කියලා වත් මට මතක නෑ .
' අම්මේ හෙට අළුත් මහත්තයාත් එක්ක මං කැකිරා යනවා '
' ඒ මොකටද '
' මට ඉන් අනිද්දා කොළඹ යනකොට ඇඳ ගෙන යන්න කලිසමක් මස්සන්න , අළුත් මහත්තයා මස්සලා දෙන්නම් කිවුවා '
' හැබෑට ? ඉතින් උඹට එහෙදීත් දිනන්න පුළුවන් වෙයි ද ? කොළඹ රටේ ළමයි බොහොම හපන්නු ලු '
' මහත්තයා කිවුවා තරඟෙට යන්නේ දිනන්නම නෙවෙයි කියලා . මේ ඉස්කෝලෙන් ඒ තරඟෙට ඉදිරිපත් කරන්න ලැබුණු එකත් ලොකු දිනුමක් ලු .'
' හ්ම්, එහෙනම් ඔය සරමයි බැනියමයි ගලෝලා දියං හෝදලා දාන්න . යනකොට කිළුටු ඇඳගෙන ගිහැකැ ? අන්න කුස්සියේ මයියොක්කා තම්බපුවා ඇති . මඩක්කුවේ ලුණුමිරිස් ඇති . අප්පොච්චිටත් ලුණු මිරිස් ටිකක් ඉතුරු කරලා කාපං '
මං අමුඩේ ගහගෙන සරමයි බැනියමයි ගලෝලා අම්මට දුන්නා , අම්මා ඒවත් අරං වැවට ගියා , මං කුස්සියට වැදුණා .
අළුත් මහත්තයා මට කලිසමක් විතරක් නෙවෙයි ලස්සන කමිසෙකුත් අරං දුන්නා , මං ගෙදරදි තුන් හතර සැරයක්ම ඒවා ඇඳලා බැලුවා .
මහත්තයයි මායි ඉස්ටේසමට ඇරලලා අපේ අප්පොච්චි යන්න ලැහැස්ති වෙලා මගේ ඔළුව අත ගාලා ' පුතා අයියනායක දෙයියංගේ පිහිටෙං ගිහිං වරෙං ' කියලා කිවුවා . එළිය වැටෙන්න කලින් කිරි ටික දෝගන්න තියෙන හින්දා මිසක් නැත්තං අපි කෝච්චියට ගොඩ වෙන කල්ම අප්පොච්චිත් ඉස්ටේසමේ ඉඳියි .
අද කෝච්චිය වෙන දාට වඩා පරක්කුයි වාගේ . වෙන දා නං කුකුළා දෙසැරේ අඬලනකොඅට කෝච්චිය හූ තියාගෙන එනවා අපේ ගෙදරට ඇහෙනවා . එතකොට තමයි මං නැඟිටින්නේ . අද නං කෝච්චිය හුඟක් පරක්කුයි . කොඩි අත බාන මිනිහාට මතක නැති වෙලා වත් ද ? කොඩි අත පාතට බානකල් කෝච්චිය එනවා යැ . අළුත් මහත්තයා ඉස්ටේසමේ මහත්තයා එක්ක කතා කර ඉන්නේ කෝච්චිය ගැන වෙන්න ඇති . චිඃ , මේ කෝච්චිය අද එන්නේ නැතුවා වත් ද ? පහුගිය සුමානේ දවසක් ඉහළගම හරියේ දී කෝච්චිය පීලි පැන්නා ලු . අදත් එහෙම එකක් වෙලා වත් ද ? එහෙම වුනොත් අපිට කොළඹ යන්න බැරි වෙයි . එතකොට තරඟ දිවිල්ලත් ඉවරයි . කොළඹ බැලිල්ලත් ඉවරයි . චිඃ ! අපරාදේ . නෑ නෑ , කෝච්චිය ආවේ නැතත් මහත්තයා කොහොම හරි මා කොළඹ එක්කන් යයි . ඒ මහත්තයට ඕනෑ එකක් කරන්න පුළුවන් . හරි උගතා . සල්ලිත් තියෙනවා . අපේ ඉස්කෝලේ තියා මේ කෝරළේ වත් නැතුව ඇති එච්චර හොඳ මහත්තයෙක් .
' මුදලිහාමි නින්ද ගිහින් ද ? දැන් කෝච්චිය ළඟයි , කෝ අර පාර්සලේ . ඒක අමතක කරන්න එපා '
මං කල්පනා කර කර උන්නේ මගේ ඇඳුම් පොදියත් තුරුල් කරගෙන මයි . මහත්තයට ඒක පේන්නේ නැතුව ඇති . මට නින්ද ගිහිං කියලා මහත්තයට හිතුණට මොකද මට ගෙදරදීවත් හොඳට නින්ද ගියේ නෑ . නින්ද යාගෙන එන කොටම කොළඹ කෝච්චිය එනවා වාගේ ඇහෙනවා . මං ගැස්සිලා ඇහැරෙනවා . අර පෙනෙන්නේ කෝච්චියේ එළිය , ගස් අස්සෙන් එහාට මෙහාට හැරෙනවා . රෑට පොල්ගස්වල ඇට්ටි කන්න වඳුරෝ ඇවිත්ද කියලා විදානේ මාමා බැටරිය අල්ලනවා වාගේ . කෝච්චියේ හුඟක් හිටියොත් මට ගොඩ වෙන්න බැරි වෙයි වද්ද ? කොහොම හරි ඇතුළට රිංගා ගත්තොත් ඉඳගන්න නං නැති වුණත් කමක් නෑ . ඒක වැඩියෙන් හොඳයි . මට ජනේලයක් අයිනේ සිට ගෙන වට පිට බල බලා යන්න පුළුවන් . දැන් කළුවර වුණාට තව ටික වෙලාවකින් ඉර පායයි නේ .
මේ කෝච්චිය මෙතන නවත්තන එකක් නෙවෙයි වත් ද ? එනවා තද වැඩියි . නෑ නෑ , ඔය ටික ටික සැර බාල වෙන්නේ .
' මුදලිහාමි , හ්ම් '
අළුත් මහත්තයා මගේ අතින් අල්ලා ගෙන කෝච්චි පෙට්ටිවලට එබිකම් කර කර යන්නේ ඒවා ඉඩ නැති හින්දා වෙන්න ඇති . එක පෙට්ටියකවත් ඉඩ නැතුව ගියොත් ?
' හා නඟින්න මුදලිහාමි , ඉක්මනට නඟින්න '
කෝච්චි පෙට්ටියේ සෙනඟ හත් අට දෙනෙකුට වැඩිය නෑ . ඒ ගොල්ලොත් බංකුවල දිගෑදිලා . ඒත් අපිට ඉඳගන්න ඕනෑ තරම් ඉඩ තියෙනවා . කොළඹ ගිහින් ආපුහාම අපේ මහත්තයාට කිරි මුට්ටියක් මුදෝලා ගිහින් දෙන්න ඕනෑ . මේ සැරේ ගොයම් පාගපුහාම අළුත් බත් කන්න හාල් ටිකකුත් ගෙනිහිං දෙනවා . අවුරුදු නිවාඩුවට ගමට යනකොට වේළාපු මුව මස් ටිකකුයි මී පැණි බෝතලේකුයි හොයලා දෙන්නත් පුළුවන් වුණොත් ? චඃ , මට හිතෙන දේවල් කියන්න අම්මා හරි මල්ලි හරි නෑ නේ . ගිහිං ඇවිත් වත් කියන්නංකෝ .
කෝච්චියෙදියි මං ඇඳුම් මාරු කළේ . අපි කොළබට එනකොට උදේ අටට විතර ඇති . ඉස්ටේසමේ පෙරහැර වාගේ සෙනඟ . අපේ අපුච්චේ ; රේල් පාරවල් කීයක් තියෙනවාද ? හැම පාරකම කෝච්චි . අපි රේල් පාරවල්වලට උඩින් තරප්පුවක නැගලා ගිහින් ආයෙත් බැහැලා ඉස්ටෙසමෙන් එළියට ගියා . කිරි අපුච්චේ ! සෙනඟ ඉන්නේ මෙහේ නේ . සෙනඟ විතර යැ , කාර් , බස් , ලොරි රේස් යනවා වාගේ . අප්පේ ! මේවා කොහේ ඉඳලා ඇවිත් ද? තට්ටු පිට තට්ටු ගෙවල් . කඩ සාප්පු කෙළවරක් නෑ . අපේ ගමේ කවුරුවත් මේවා දැකලා නෑ . ඒ ඇත්තෝ කොළඹ විස්තර අහන්න අපේ ගෙදරට එයි . මං ඔක්කොම කියලා දෙනවා .
අපි තේ බොන්න හෝටලේකට ගිහිං වාඩි වුණා . ඒකේ එළිය පොලු වහලේ හයි කරලා ; බලන්න පුදුමයි . අපි ඉඳගත්ත මේසේ එක එල්ලේම වහලේ එල්ලල්ලා තිබුණු රූංපෙත්ත හරි තදෙන් කැරකෙනවා . ඒ වගේ රූංපෙති තුන හතරක්ම තියෙන්නේ මොකද ? රූංපෙති කැරකෙනකොට හුළං හෝ ගාලා ඇවිත් ඇඟේ වදිනවා .
අපි තේ බීලා බස් එකකින් තරඟ පොළට ගියා . ඒක හරි විසාල පිට්ටනියක් . අළුත් මහත්තයා මට ඉන්න තැනක් පෙන්නලා කොහේ දෝ ගියා . මං මෙතනින් හෙල්ලෙන්නේ නැතුව ඉන්න ඕනෑ . අප්පේ ; එන ළමයි කන්දරාව ! සුදුපාට සපත්තු මේස් දාලා සුදුපාට ඇඳුම් ඇඳලා , බලන්න ලස්සනයි . මේ ඔක්කොම කොළඹ වෙන්න ඇති . කොළඹ ළමයි හරි හපන්නු ලු . ඒ ළැමයි ළඟ ඉන්නේ ඒ ඇත්තන්ගේ ඉස්කෝලේ - නෑ නෑ , මේ තියෙන්නේ කොලීජි නේ - ඒ කොලීජිවල මහත්තුරු,නෝනලා වෙන්න ඇති . එහෙනං ඒ ළමයි අච්චර තදෙන් හිනා වෙවී කෑ ගහන්නේ ? අපේ ඉස්කෝලේ ළමයි නං මහත්තුරු ළඟදී ඔහොම කෑ ගහන්නේ නෑ .
ආ , අන්න තරඟය පටන් අරගෙන නේද ? ඉඳා ! ඔක්කොම දුවන්නේ සපත්තු දාගෙන .මට සපත්තු නැති හින්දා දුවන්න දෙන එකක් නැද්ද ? අපේ මහත්තයා ඒක අහන්න ගියා වත්ද ? සපත්තු නැතුව දුවන්න දෙන්න බෑ කියයිද ?
' මුදලිහාමි , ඔය දුවන්නේ දහසයෙන් පහල මීටර සීය. ඊ ළඟට තමයි දහ තුනෙන් පහළ මීටර සීය . ඒකට තමයි මුදලිහාමි ඉන්නේ . දැන් නොම්මරේ කියනකොට මුදලිහාමි අර තරඟ පටන් ගන්න තැනට යන්න ඕනෑ . මුදලිහාමි බය වෙන්න එපා , දිනන්න පුළුවනි '
අපේ මහත්තයා මගේ කමිසය ගලවලා ඊට යටින් තිබුණු බැනියමේ දෙපැත්තේ විසි හතේ නොම්මරය ගහපු කොළ තියලා කටු ගහන ගමන් කිවුවා .ඉස්සරහ නොම්මර කොළේ තව ඇබිත්තක් පළල් වුණා නම් මගේ බැනියමේ ඉස්සරහ තියෙන කජු පුහුළං කහට පැල්ලම වැහිලා යයි . දැන් ඒකෙන් ටිකක් පේනවා . ඒක දැකලා කොළඹ ළමයි ඔච්චං කරයි ද ?
' අන්න නොම්මර කියවනවා . මුදලිහාමි යන්න . හොඳ පුතා වගේ කප් එක ගහන්න . '
මහත්තයා එහෙම කියනකොටම , මං තරඟ පටන් ගන්න තැනට යන්න පිටත් වුණා . මං කොහොම ගියොත් ද හොඳ ? හැල්මේ දුවගෙන යනවාද , ඉක්මනට අඩිය තියලා අඩි ගමනෙන් යනවාද ? අර ලමයා නම් දුවගෙන එනවා . මාත් එහෙම යනවා . මං යන හැටියෙන් හැටියෙන් කාටත් හිතෙයි මං ගොඩේ කොල්ලෙක් කියලා . මම හැල්මේ දුවන්න ඕනෑ . ආ , අර දුවන්න ආපු ළමයි මොනවා කරනවාද ? දුවනවා ; දුවනවා ; එත් එතනමයි . හපන්නු දුවන්න ලෑස්ති වෙන්නේ එහෙම වෙන්නෑ . ඔක්කොම සපත්තු කාරයෝ . පෙළක් ළමයින්ගේ සපත්තුවල උල් හයි කරලා . මං ඉස්සර වෙලා දුවනකොට ඒ ගොල්ලො කකුල පෑගුවොත් පතුරු යයි . මට බැරි වෙයිද මේ ළමයි එක්කලා දුවලා දිනන්න ? මේ ඇත්තෝ කොළඹ කොලීජි වල ළමයි . ඔක්කොම මට වැඩිය ලොකුයි . ඒ ඇත්තන්ට කොලීජියේදී දුවන්නත් උගන්නනවාලු . දුවන්න ඉගෙන ගන්න තියෙන්නේ මොනවාද ? එදා මං ටිකිරි අයියගේ රබ්බඩ නාම්බා පස්සෙන් අඹලා ගිහින් ඉස්සරහ රැක්කේ ඉගෙන ගෙනයැ . මං හරක් කී දෙනෙක් ගේ පස්සෙන් අඹලා අල්ලලා තියෙනවාද ? ඒත් මේ වාගේ හොඳට සුද්ද කරපු පිට්ටනි වල යැ . කටු ගාල අස්සෙන් , ගල් මුල් උඩින් , වැටවල් උඩින් පැන පැන නේ හරක් පස්සේ අඹන්නේ . නෑ මට දිනන්න පුළුවනි . මං දිනුවොත් අපේ අප්පොච්චිලා අම්මලා මල්ලිලා හෙම හරියට සතුටු වෙයි . ආ ! මේ මං ගාවම ළමයෙක් උල් හයි කරපු සපත්තු දාලයි ඉන්නේ . එයා මගේ කකුල පාගයි ද ?
' කමෝන් සරෝජ් '
' කමෝන් ප්‍රියාන් '
' කමෝන් ජනක් '
ඔය නම් කිය කියා හතර පැත්තෙන්ම කෑ ගහන්නේ මාත් එක්ක තරඟෙට දුවන්න ඉන්න ළමයින්ට වෙන්න ඇති . කවුද ඉතින් කමෝන් මුදලිහාමි කියන්න ඉන්නේ ? එදා ඉස්කෝලෙදී නං කමෝන් මුදලිහාමි කියලා අපේ නිවාසේ ළමයි කෑ ගැහුවා . එතකොට මගේ හිතට ලොකු හයියක් ආවා . 
' දැන් මේ ළමයි පෙළට ඉන්න . මම සැරසේන් , එල්ල වේන් කියලා වෙඩිල්ල පත්තු කරනකොටම දුවන්න පටන් ගන්න ඕනෑ .
තමන්ට අයිති ලේන් එකේම , ඒ කිවුවේ ඔය දැන් ඉන්න ඉරි අතරෙම දුවන්න ඕනෑ . තේරුණාද ? හොඳයි දැන් සූදානම් වෙන්න .
සැරසේන් !
එල්ල වේන් !
ඩෝං !
ආ , උල් සපත්තුකාරයා මට ඉස්සර උනා නේද ? ඒත් එයාට ටිකිරි අයියාගේ රබ්බඩ නාම්බා විතර හයියෙන් දුවන්න පුළුවන්ද ? මේකේ දුවන එක මහ කජ්ජක් ද ? ඔය ළං වෙන්නේ , තව ටිකයි , තව ටිකයි . ඔය දැන් හොඳටම කිට්ටු වුණේ . මට දිනන්න පුළුවනි . දැන් හරි , දැන් කරට කර මගේ කකුල් පණ නැතිව යන්න එනවාද ? මළත් කමක් නෑ , තව තදෙන් දුවන්න ඕනෑ . දැන් හරි . උල් සපත්තුකාරයා පහු වුණා . මිනිහට මගේ කකුල පෑගෙයි ද ? කකුල් කැඩිලා ගියත් කමක් නෑ , තව හයියෙන් දුවන්න ඕනෑ . දැන් නං උගුර කට හොඳටම වේලිලා . ආ , සපත්තු සද්දේ ළඟම ඇහෙනවා . ආපසු බලන්න හොඳ නෑ . දැන් පටිය ළඟයි . කොනොම හරි ඒක බිඳගෙනම යනවා . පටිය කඩාගෙන ගියාට පස්සේ මැරිලා වැටුනත් කමක් නෑ . හ්ම් , හරි මං දිනුම් .
මේ මොකද ? මගේ අතින් අල්ලාගෙන කොහෙද මේ එක්ක යන්නේ ? උල් සපත්තුකාරයත් කවුදෝ එක්කර ගෙන එනවා .
' නඟින්න උඩම තට්ටුවට '
මගේ අතින් අල්ලාගෙන ගිය මහත්තයා පඩිපෙළක් වගේ එකකට මට නඟින්න කිවුවා . මං නැංගා .
' මෙන්න තවත් තරඟ ප්‍රතිඵලයක් '
' දහ තුනෙන් පහළ මීටර සියය දිවීමේ තරඟය . පළමුවැනි ස්ථානය අංක විසි හත , කැකිරාව මණ්ඩලයේ දොඹෑව පාසලේ කළුබණ්ඩාගේ මුදලිහාමි '
යකඩ කටින් එහෙම කියනවා මට හීනෙන් වාගේ ඇහුණා . එතකොටම සෙනඟ කෑ ගහන්න අප්පුඩි ගහන්න පටන් ගත්තා . හරියට බට කැලේ ගිනි ගත්තා වගේ . තව මොනවාදෝ යකඩ කටින් කිවුවා . සෙනඟ අප්පුඩි ගහන සද්දේ හින්දා ඒවා මට ඇහුණේ නෑ .
මගේ දකුණු අත පැත්තේ පහළින් තට්ටුවේ හිටියේ උල් සපත්තුකාරයා . මං බිමට බැහැපු හැටියේම උල් සපත්තුකාරයා මං ළඟට ඇවිත් , ' ඔයා හරි හපනා , මං ඔයාට සුබ පතනවා ' කියලා මට අතට අත දුන්නා . අනික් පැත්තේ හිටපු ළමයත් එහෙම කළා . ඒ ඇත්තෝ හොඳ ළමයි .
' මුදලිහාමි දිනන බව මම සහතිකෙන්ම දන්නවා , හොඳ කොල්ලා '
අළුත් මහත්තයා මගෙ කිහිලි දෙකෙන් උස්සලා මාව බිමින් තියලා මගේ ඔළුව අත ගෑවා . එතකොට මහත්තයාගේ ඇස්වල කඳුළු පිරුණා . සතුටේ බැරුව මගේ ඇස් දෙකෙත් කඳුළු පිරුණා ... '

Copied from

Pic Source

Thursday, October 15, 2015

බඩෝවිට වෙලෙන් ඉපදී පෝරකයෙන් නතර වීමට නියමිත වෙලේ සුදාගේ කර්ම චාරිකාව

මීට විසි වසරකට පමණ ඉහත ගල්කිස්‌ස බඩෝවිට වෙලේ පැලක්‌ අටවාගෙන ජීවත් වූ කුඩා දරු පවුලක්‌ විය. මෙකී පවුලේ මවුපියන්ට හුරුබුහුටි කොලු පැටියෙකු වූවේය. දෙමාපියන් ආදරයට ඔහු ඇමතුවේ සුදා නමිනි. සුදාගේ පියා එකල ජීවිකාව ලෙස තෝරාගෙන තිබුණේ බඩෝවිට වෙලේ පැල්පත්වල ජීවත් වූ සෙසු පවුල්වල පිරිමින්ට සහ පිටතින් එන බේබද්දන්ට කසිප්පු අලෙවි කිරීමය .

ඉදින් තාත්තා විකුණන කසිප්පු බොන්නට පැමිණ පදමට මත්වී මහ හඬින් කුණුහරුප දොඩවන මිනිසුන් මැද සුදාගේ ළමා කාලය ගෙවෙන්නට වූවේය. එකී දරු පවුල මෙසේ බඩෝවිට වෙලේ දිවි ගෙවද්දී මීට දාහත් වසරකට පමණ ඉහත රජයේ සැලසුමකට අනුව එහි ජීවත් වූ සියල්ලන්ට කළුබෝවිල කඩවත පාරේ නිවාස තනා දෙන්නට එකල ආණ්‌ඩුව කටයුතු කළෙන් සුදාගේ දෙමාපියන්ටද එහි පැමිණ පදිංචි වන්නට සිදු විය.

එහිදීත් සුදාගේ පියා රැකියාව ලෙස තෝරා ගත්තේ කසිප්පු ජාවාරමම ය. මේ කාලය වන විට සුදා තරුණ වියට එළැඹ සිටියද ඔහු ලද අධ්‍යාපනයක්‌ නම් නොවීය. එහෙයින් තරුණ සුදාට හරිහමන් රැකියාවක්‌ද නොවිණි. නමුත් රස්‌සාවක්‌ නොමැති වුවද සුදාට පරස්‌තාවක්‌ නම් හරි ගියේය.

වෙලේ සුදා කුඩු ජාවාරම අරඹයි 

පරස්‌තාවත් සමග පවුල රකින්නට මුදල් උපයන මඟක්‌ සොයා ගන්නට සුදාට සිදු විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ එකල රටට සේන්දු වෙමින් තිබූ මත් කුඩු ජාවාරමේ කොටස්‌කාරයකු වෙමින් සුදා කුඩු ජාවාරමට සම්බන්ධ වීමය.

එහිදී තමන් උපන් බඩෝවිට ප්‍රදේශය සිය ජාවාරමේ රාජධානිය කර ගන්නට සුදා අමතක නොකළේය. මෙසේ මත් කුඩු ජාවාරමට එක්‌ වීමත් සමග සුදාගේ අතමිට සරු වන්නට වූයේ ඔහුද නොසිතූ ලෙසිනි. එසේම මත්කුඩු ජාවාරම යනු යක්‍ෂයා සමග කෙරෙන ගනුදෙනුවක්‌ බවද ඔහු දැන සිටියේය. ඇතැම් විටෙක තවත් ජාවාරමකුගේ සතුරු ඉලක්‌කයක්‌ බවට පත්ව පරලොව යන්නට පවා එහිදී සිදු විය හැකිය.

සතුරාගෙන් බේරී ජීවිතය ගලවාගෙන ජාවාරම කරගෙන යන්නට නම් ජාවාරමේ යෙදෙන්නා පාතාල කල්ලියක්‌ ගොඩ නඟා ගත යුතුය. ඒ වන විට කුඩු ජාවාරමේ ඇති මෙකී සිද්ධාන්තයන් මැනවින් වටහාගෙන සිටි සුදා අතමිට ගැවසෙන මුදල් පොදි සමග සිය රැකවරණය සඳහා සන්නද්ධ කල්ලියක්‌ බිහි කර ගනුයේ දෙවරක්‌ නොසිතමිනි. 

බඩෝවිටට ස්‌වයං රැකියා

සුදාට මෙහිදී ගැටලුවක්‌ද නොවීය. ඒ ඔහු මෙන්ම නිසි අධ්‍යාපනයක්‌ නොලබා බඩෝවිට වෙලේ හැදී වැඩුණු තරුණයන් රොත්තක්‌ම සුදා පසු පස සිටීම නිසාය. පාතාල කල්ලියකට නායකත්වය දීමේදී මෙන්ම කුඩු ජාවාරමේදීද එහි ප්‍රධානියා හැඳින්වීමට නමට පෙර විශේෂණයක්‌ යෙදීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. වෙලේ හැදුණු සුදා බඩෝවිට වෙලේ සුදා බවට පත් වන්නේ ඒ අනුවය. 

මෙසේ කුඩු ජාවාරමට අත ගැසීමත් සමග පොලිසියෙන් මෙන්ම සතුරාගෙන් ආරක්‍ෂා වීම සඳහා වෙලේ සුදා තවත් අපූරු උපක්‍රමයක්‌ද භාවිත කරන්නට විය. ඒ සිය ජාවාරමත් සමග බඩෝවිට ගමේ සියල්ලන් එහි කොටස්‌කරුවන් බවට පත් කරගන්නට කටයුතු කිරීමය.

කෙටියෙන් කිවහොත් ඔත්තු බැලීම, කුඩු පැකට්‌ කිරීම ආදී ලෙසින් යහමින් මුදල් ලැබෙන ස්‌වයං රැකියා බඩෝවිට ගමේ බහුතරයකට ලබා දෙන්නට සිය ජාවාරමේදී සුදා පියවර ගෙන තිබිණි. මේ කාලය වන විට ගල්කිස්‌සේ සිට දකුණේ කතරගම ප්‍රදේශය දක්‌වාම සිය ජාවාරම විහිදුවා ලන්නට සුදා සමත්ව සිටියේය. 

සුදා මෙසේ මහා පරිමාණයෙන් මත් කුඩු ජාවාරමේ යෙදුණද ඔහු කොටු කර ගැනීම පොලිසියට ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවීය. ඒ බඩෝවිට ගමට පොලිසිය ඇතුළු වන විටම ඉහත කී ස්‌වයං රැකියා ක්‍රියාදාමය නිසා පොලිසියේ පැමිණීම සුදාට වාර්තා වූ බැවිනි. 

නාඩිකාරයා පොලිසියට කොටුවෙයි

මෙම තත්ත්වය නිසාම කිසිදු අධ්‍යාපනයක්‌ ලැබ නොතිබුණද මත් කුඩු ලෝකයේදී ඔවුන්ගේ භාෂාවෙන් සුදා හැඳින්වූයේ අංක එකේ නාඩි කාරයෙක්‌ ලෙසිනි. හේ එතරම්ම සට කපටියකු විය. 

නමුත් කොතරම් කපටියකු වුවද ඉකුත් 2008 වසරේදී පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දක්‍ෂ නිලධාරීහු කණ්‌ඩායමක්‌ ගල්කිස්‌ස අධිකරණයේ නඩුවකට පෙනී සිටීමට පැමිණි අවස්‌ථාවක වෙලේ සුදා කොටු කර ගැනීමට සමත් වූහ. ඒ ද නිකම්ම නොව ඒ මොහොතේ සුදා සන්තකයේ තිබූ කුඩු ග්‍රෑම් 85 ක්‌ද සමගිනි. 

එකී අත්අඩංගුවට ගැනීම සිදු වන විට වෙලේ සුදා කුඩු ජාවාරමෙන් උපයා ගත් මුදලින් ප්‍රකෝටිපතියකු බවටද පත්ව සිටියේය. ඒ කෙසේ වෙතත් අවසානයේ පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයට රැගෙන ආ සුදාගෙන් ප්‍රශ්න කරන්නට පොලිසිය කටයුතු කළේය.

මෙහිදී සුදාගේ කුඩු ජාවාරමේ වපසරිය වටහා ගැනීම සඳහා පොලිසිය එක්‌ උපක්‍රමයක්‌ යොදන්නට විය. ඒ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් මත් කුඩු ගෙන සුදාට පෙන්වා ඒවා තමන් බෙදා හරින කුඩු දැයි හඳුනා ගන්නා ලෙස ඔහුට පැවසීමය.

පොලිසිය එසේ කටයුතු කිරීමත් සමග තමන්ගේ කුඩු හඳුනා ගැනීම සඳහා පොලිස්‌ නිලධාරින් මත්කුඩු පෙන්වන විට ඇඟිල්ලක්‌ තබා ඉන් බිඳක්‌ තවරා ගන්නා සුදා එය දිව ගා බලා තමන් බෙදා හරින කුඩු හඳුනා ගන්නට වූවේ පොලිසියද පුදුමයට පත් කරමිනි. 

වෙලේ සුදාගේ මත් කුඩු ජාවාරමේදී තවත් කැපී පෙනෙන විශේෂිත ලක්‍ෂණයක්‌ද විය. ඒ කිසිදු කුඩු ජාවාරම්කරුවකු නොකරන පරිදි වෙළෙඳ ලකුණක්‌ සහිතව තමන්ගේ මත් කුඩු පැකට්‌ රට පුරා බෙදාහැරීමට ඔහු කටයුතු කිරීමය.

පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අත්අඩංගුවට පත්වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ සුදා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි. එහෙත් ඉකුත් 2011 වසරේ මැදභාගය වන විට අධිකරණ ඇප මත හේ නිදහස ලැබීය. ඔහු සියල්ලන්ගේ ඇස්‌ වසා ඩුබායි රටට පැන ගොස්‌ සිය ජාවාරම ජාත්‍යන්තර වශයෙන් අරඹනුයේ එතැන් සිටය. 

එදා බඩෝවිට වෙලෙන් අරඹා පසුකාලීනව ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවකු දක්‌වා ගමන් කළ වෙලේ සුදාගේ අතීත කතාව කියවෙමින් තිබෙන්නේ එලෙසිනි. ඩුබායිහි රැඳී සිටියදී කලකට පසු පාකිස්‌තානයට සංක්‍රමණය වන ඔහු ඉකුත් ජනවාරි මාසයේදී පාකිස්‌තාන් පොලිසියට කොටුවී මෙරටට භාර දෙනුයේ එරට රැඳී සිටිමින් කුඩු ජාවාරමේ යෙදෙන අතරතුර ය.

වෙලේ සුදාට එරෙහිව ඉතිහාසයේ පැවරූ එකම නඩුව

මෙසේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසු ඉකුත් 2008 වසරේදී පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මත්කුඩු ග්‍රෑම් 85 ක්‌ සමග ඔහුව අත්අඩංගුවට ගෙන පවරා තිබූ නඩුවේ විභාගයට අනුව ඊයේ (14 වැනිදා) වෙලේ සුදාට කොළඹ මහාධිකරණය මගින් මරණීය දණ්‌ඩනය නියම කරනු ලැබිණි.

මෙහිද විශේෂත්වයක්‌ ඇත. ජාත්‍යන්තර මත් කුඩු ජාවාරම්කරුවකු වූ වෙලේ සුදා මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන සාක්‍ෂි සහිතව පවරා තිබූ ඉතිහාසයේ එකම නඩුව එය වීමය. එකී කාර්යය කරනු ලැබුවේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස්‌ පරීක්‍ෂක රංගජීව ඇතුළු නිලධාරීන් පිරිසකි. 

මෙම නඩු විභාගයේදී සිදුවූ සුවිශේෂී සිදුවීම්ද රැසක්‌ම විය. ඉන් වැදගත්ම සිදුවීම වූයේ ප්‍රධාන සාක්‍ෂිකරුවන් වූ නිර්භීත පොලිස්‌ නිලධාරින් තිදෙනකු තම ආත්මයන් පාවා නොදී ඇති වූ ජීවිත අවදානමද නොසළකා රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට පියවර ගැනීමය.

වෙලේ සුදාට එරෙහිව විභාග වූ නඩුවේ ප්‍රධාන සාක්‍ෂිකරුවා වූයේ පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතාය. ඔහුගේ සාක්‍ෂිය තහවුරු කරමින් දෙවැනි සාක්‍ෂිකරු ලෙස අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ උප පොලිස්‌ පරීක්‍ෂක විඡේසිංහ මහතාය.

රෝගීව සිටි පොලිස්‌ නිලධාරියාගේ අවසන් සාක්‍ෂිය

හේ 2008 වසරේදී වෙලේ සුදා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ සිටියෙකි. නමුත් එකී අත්අඩංගුවට ගැනීමත් සමග එවකට පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවය කළ උප පොලිස්‌ පරීක්‍ෂක විඡේසිංහට මිරිහාන පොලිසියට හදිසි ස්‌ථාන මාරුවක්‌ ලැබිණ. මෙකී ස්‌ථාන මාරුව පිළිබඳ එකල පොලිසියේ සිටි බලධාරින් පසුව කීවේ අත්වැරදීමකින් එය සිදු වූ බවකි. 

නමුත් විඡේසිංහ මහතා අදටත් රාජකාරි කරනුයේ මිරිහාන පොලිසියේය. ඔහු මෙකී නඩු විභාගයට සාක්‍ෂි දීම සඳහා එහි සිට අධිකරණයට පැමිණ තිබිණි. 2008 දී වෙලේ සුදා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සන්තකයේ තිබී හසු වූ මත් කුඩු ග්‍රෑම් 85 එදා සීල් තබා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවනු ලැබුවේ උප පොලිස්‌ පරීක්‍ෂක සමරකෝන් නමැති නිලධාරියෙකි.

වෙලේ සුදා මෙරටට රැගෙන ඒමෙන් පසු මෙකී නඩුව යළි ඇරඹෙද්දී උප පොලිස්‌ පරීක්‍ෂක සමරකෝන් මහතා සිටියේ දරුණු අක්‌මා පිළිකාවකට ගොදුරුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමිනි. සුදාට එරෙහිව විභිග කෙරුණු නඩුවේදී ඔහුගේ සාක්‍ෂිය ඉතා වැදගත් බව අධිකරණයේ තීරණය විය. 

නමුත් ඔහු සිටියේ රෝගය නිසා අසාධ්‍යවය. එහෙත් රට වෙනුවෙන් තිබූ කැක්‌කුම නිසාම සමරකෝන් මහතා සහෝදර පොලිස්‌ නිලධාරින්ගේ වාරුවෙන් පැමිණ මහාධිකරණය හමුවේ තමන්ගේ සාක්‍ෂිය ලබා දුන්නේය. දැඩි ආයාසයකින් යුතුව දෙදිනක්‌ එසේ සාක්‍ෂි දුන් සමරකෝන් මහතා ඉන් පස්‌ දිනකට පසු රෝගය හමුවේ ජීවිතයෙන් සමු ගෙන ගියේය.

කෙසේ වෙතත් අවසානයේ පොලිසිය ජය ගත්තේය. නිර්භීත පොලිස්‌ නිලධාරිහු රට වෙනුවෙන් ඒ යුතුකම ඉටු කළහ. බඩෝවිට ඉපදී මත් කුඩු විසෙන් රට වැනසූ වෙළේ සුදාගේ කතාව පෝරකයෙන් නිමාවට පත් විය. 

සමන් ගමගේ
http://www.divaina.com/2015/10/15/feature.html