Pages

Thursday, January 3, 2013

කොළඹ නගරයේ වැඩිම ජනගහනය සිංහල???

කටකතා බොරු, කොළඹ නගරයේ වැඩිම ජනගහනය සිංහල

කොළඹ සිංහල ජනගහනය තුන්වැනි තැන වැටී ඇති බවට පලවන වාර්තා නිවැරදි නොවන බවත්, 2012 පූර්ව සංගණන තොරතුරු අනුව කොළඹ නගරයේ සිංහල ජනගහනය සියයට 24 ක්‌, දෙමළ ජනගහනය සියයට 33ක් සහ මුස්‌ලිම් ජනගහනය සියයට 40 ක්‌ ලෙස සඳහන් කර තිබීම සාවද්‍ය බවත් එම වාර්තාවේ 1971 ලෙස සඳහන් කර ඇත්තේ 1981 ජන සංගණන තොරතුරු බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

කොළඹ නගරය කොළඹ සහ තිඹිරිගස්‌යාය යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස දෙකින් සමන්විත වන අතර කොළඹ නගරය ලෙස ඉහත වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයෙහි ජනගහනය වන බව එහි සඳහන් වේ.

2012 ජන සංගණනයට අනුව කොළඹ නගරයෙහි සිංහල ජනගහනය සියයට 36.8 ක්‌, දෙමළ ජනගහනය (ශ්‍රී ලංකා දෙමළ හා ඉන්දියානු දෙමළ) සියයට 31.8ක්‌, ශ්‍රී ලංකා යෝනක ජනගහනය සියයට 29.00 ක්‌ සහ වෙනත් ජන වර්ගවලට අයත් ජනගහනය සියයට 2.4 ක්‌ සිටින බවද දෙපාර්තමේන්තුව තවදුරටත් දන්වා සිටී.
http://lankacnews.com/sinhala/news/88161/

2 comments:

Unknown said...

mcn..... uba aththada kiyanne?? colombo giyoth dakinnema muslim un... muslim wadie da kheda bn... puluwannam jana ha sankya lekhana amathyanshayen liyakiyawili aragena wagakimak athuwa prakaashayak kaloth hamoma piliganie mcn..

Anonymous said...

Aththai. Me site ekey balanne

http://www.statistics.gov.lk/PopHouSat/CPH2011/index.php?fileName=pop32&gp=Activities&tpl=3