Pages

Wednesday, January 23, 2013

'බුද්ධ බාර්', 'නිර්වාණ', 'අල්ලා බාර්' සහ 'කුරාණ්'

‘බුද්ධා බාර්’ බේරුවලින් ඇරඹේ
මූලාශ්‍ර - January 23, 2013 at 4:04 am | lanka C news

පසුගිය 21 රාත්‍රි 11ට පමණ බොදු බල සේනාවේ භික්ෂුන් වහ‍න්සේලා රාශියක් රහසිගත ගමනක යෙදුනහ. ඒ බේරුවල ප්‍රදේශයටය. බේරුවල පිහිට් එක්තරා හෝටලයකට මෙම භික්ෂුන් වහන්සේලා වැඩම කළහ.

ඒ අවස්ථාවේ එම හෝටලයේ අඑතින් ආරම්භ කළ මත්පැන් හලක් වෙනුවෙන් සාදයක් පැවැත්වෙමින් තිබිණ. බොදු බල සේනාවේ භික්ෂුන් වහන්සේලා පෙරටු කරගත් බෞද්ධ ප්‍රජාවද එම ස්ථානයට කඩා වැදුනහ.

එවිට දකින්නට ලැබුණේ හෝටලයේ ආරම්භ කළ මෙම මත් පැන් ශාලාව “බුද්ධා බාර්” යන නම්න් ආරම්භ කර ඇති බවය. එම අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා දැඩි විරෝධය පලකර සිටියහ.

එම හෝටලයේ සේවකයන් සහ කළමනාකරිත්වය භික්ෂුන් වහන්සේලාට පවසා සිටියේ බුද්ධාගමට නිගරුවන කිසිවක් මෙම හෝටලටයේ සිදු නොවන බවකි.

නමුත් ඒ වන විටත් භික්ෂුන් වහන්සේලා අත “බුද්ධා බාර්” ආරම්භක අවස්ථාවට සහභාගී වන ලෙසට විදේශිකයන් වෙත යොමු කරන ලද ආරාධනා පත්‍ර සහ ආහාර වට්ටෝරු ඇතුලත්ව තිබිණි.

එහි පැමිණ සිටි ප්‍රංශ ජාතිකයකු පවසා සිටියේ “බුද්ධා බාර්” රෙස්ටූරනය වෙත තමන් පැමිණි බවකි.
Dinner - Nirvana Style - cozy Buddha bar lounge |  Buddhha bar longe music & international
Pic copied from - Bodu Bala Sena Jalaya (FB)
සංවේගයෙන් පසුව ලියමි |
(අ)වාසනාවකට බේරුවලින් හමුවූයේ මහා කාරුණික තිලෝගුරු සම්මා සමිඳුන්ට අපහාස වන 'බුද්ධ බාර්' නම් මත්පැන් අලෙවි කෙරෙන, 'නිර්වාණ', නමින් නම් කෙරුනු මෙනු පත සහිත 'මිනි බාර්' එකකි. මෙය 'අල්ලා බාර්' සහ 'කුරාණ්' විණි නම් සමන්තුරේ, අක්කරයිපත්තු, කාන්තන්කුඩි, මාවනැල්ල, පුත්තලම, මාලිගාවත්ත, බේරුවල, තිහාරිය ආදී එකී, මෙකී, නොකී සකලවිධ පෙදෙස් වල මේ වනවිට දැවී ගිනිගෙන වැනසෙන රථ වාහන, ගොඩනැගිලි, අවහිර කර ටයර් පිළිස්සෙන මහ මං සමඟ එකිනෙකා පරයා හකීම්, සාලි, මව්ලානා, කබීර්, අතාවුල්ලා, රිෂාඩ්, පබා, වීරවංශ, අනුර කුමාර, කුරුටුගාමීන් සිද්ධියට එරෙහිව නිකුත් කරනු ලබන විරෝධතා ප්‍රකාශ මඟින් දිනපතා පුවත්පත් වල මුල් පිටු වසා ගනිමින් මහා යුද්ධයක් සිදු වනු ඇත. 

අහෝ! මේ බුදුන්ට නව වරක් පිදූ, සිහළ බොදු දේශයයි...

සමාන සිද්ධියකට අදාල පෙර ලිපිය -
හෙළ බොදුනුවන්ගේ මෙත් කරුණාව ගැන තවත් සහතික කුමට අවැසිද?
http://denethharinna.blogspot.com/2012/10/blog-post_15.html

4 comments:

යෝධයා said...

පර හම්බයන්ට ඔක්කොම කඩේ යනවා. කාලකන්නි. සහෝ මේකට fb friend connect ටුත් එකතු කරානම් ගොඩක් පහසුයි.

Amila Udayanga D.G. said...

එසේම මෙම පිටුවේ සිටම ෆේස්බුකියේ ෂෙයා කල හැකි බොත්තමකුත් අවශ්‍යයි.

දෙනෙත් හරින්න ! said...

ප්‍රතිචාරයට තුති! එම පහසුකම මේ වන විටත් පවතී. ලිපියේ පහළින් දක්වා ඇත. ඔබට පහසුවෙන් SHARE කළ හැක.

Gamarala said...

in dubai has one budda bar in 5 star hotel.
OUR DIPLOMATIMOLLU LOOK LIKE BLIEND.
i will open one kuran bar soon in my home town and will see the reaction.