
"එකක් කඩතොළු මකා ගන්නට ගොසිsන් මට වුණු කාරියා දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා"
දැන් ධාතුසේන නිම්නයට අත්වී ඇත්තේ ද මේ ඉරණමය. මහවැලි එච්. කලාපයේ කුඹුරු අක්‌කර 80000 ක් පමණ යල මහ දෙකන්නට පමණක් නොව තව මැද කන්නකුත් ගොවිතැන් කිරීම සඳහා රුපියල් කෝටි 16000 ක් ලෝකයට ණයවී මහවැලි දියවර මහවැලි එච්. කලාපීය කුඹුරු යායට ගෙන එනු ලැබිණි. මහවැලි වතුර කඳක් එද්දී හෙළ රජදරුවන් විසින් ඉදිකර තිබූ යාය වැව් කුමටදැයි කියා වැව් 127 ක් බිමට සමතලා කර දමනු...