ආසියානු කලාපයේ ප්‍රධානතම බෞද්ධ රාජ්‍යයක් වන මියන්මාරය මුස්ලිම් ජනප්‍රජාවට සිය රාජ්‍ය සම්පූර්ණයෙන්ම තහනම් කිරිම සදහා සූදානම් වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
මුස්ලිම් සුළු ජන ප්‍රජාවක් වන රොහින්ග්යා ජන කණ්ඩායම් රටෙන් පිටුවහල් කිරීම සඳහා මියන්මාරය කටයුතු කරමින් පවතින බව මැලේසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පසුගියදා විශේෂ ප්‍රකාශයක්ද නිකුත් කරනු ලැබීය.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික අමනාපයක් ඇතිකරවන අකාරයෙන් ඉදිරිපත්කර ඇති එම ප්‍රකාශනය පවසන්නේ රෝහින්ග්‍යා සරණාගතයන් සිටින ගිනිකොනදිග ආසියා කළාපයේ රටවල් කිහිපයක ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීම වෙනුවෙන් රෝහින්ග්‍යා ජනප්‍රජාව මියන්මාරය තුලින් අතුගාදැමීමේ ක්‍රියාවලිය වහා නතරකළ යුතු බවය. එහෙත් මැලේසියාව තම රටේ අභ්‍යන්තර කටයුතු සඳහා අතපෙවීම නවතා දැමියයුතුබව මියන්මාරය පවසයි.
මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් වර්ධනය වීම හේතුවෙන් ආසියානු කලාපයේ රටවල් රැසක නොසන්සුන්තා ඇතිවී ඇති අතර ඒවාට පිළියම් ලෙස රටවල් රැසක රජයන් විසින් මුස්ලිම් විරෝධි අණ පනත් රැසක් සම්මත කර ගැනීමට ක්‍රියා කරමින් ඇත. බංග්ලාදේශයද මේ වන විට මුස්ලිම් ආගම සිය රාජ්‍ය ආගම බවට වූ පිළිගැනීම ඉවත් කිරීමටද පසුගියදා තීරණය කරනු ලැබීය. ස්ලොවැකියා රාජ්‍යයද පසුගියදා ඉස්ලාම් අගම තහනම් කරන ලදි.
http://www.colombotoday.com/26549-2233/
Pic
Source
ජිහාඩ් අන්තවාදී ත්‍රස්තවාදය මිහිතිලය මතින් සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමන බව තේරීපත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.
ජර්මනියේ, බර්ලීන් නගරයේදී සඳුදා (19දා) එල්ල වූ ට්‍රක් රථ ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් මෙසේ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එම බියගුළු ප්‍රහාරය අතිශය ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වන ට්‍රම්ප්, IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටීමට ඇමෙරිකාව සහ සාමයට ලැදි සහකරුවන් මෙහෙයවන බවද අවධාරණය කරයි.
ජර්මනියේ, බර්ලින් නගරයේදී එරට වේලාවෙන් සඳුදා රාත්‍රී 8.30 ට පමණ නත්තල් වෙළෙඳ සැණකෙළියක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල වූ අතර, ඉන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 50කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
කෙසේ වෙතත්, ජර්මානු බලධාරීන් මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස මෙතෙක් නිල වශයෙන් හඳුන්වා නොදුන්නද, එය ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි බව පවසා සිටියි. නමුත්, ධවල මන්දිරය මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව දැනටමත් හඟවා ඇත. එහිදී, ට්‍රම්ප් නිකුත් කර ඇති පණිවුඩයේ,
“බර්ලීන් නගරයේදී සිදුවූ සිත්පිත් නැති ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූවන්ගේ ඥාතීන් සමග අපේ දහවත් මේ මෙහොතේ යා වෙනවා.
නත්තල් නිවාඩුවට සැරසෙන ඒ අසරණ ජීවිත රැසක් මහ මගදී මරා විනාශ කෙරුණා. ISIS හා අනෙකුත් ජිහාඩ් අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තයන් තවදුරටත් කිතුණුවන්, ඔවුන්ගේ සමාජ සහ ඔවුන් වන්දනාමාන කරන ස්ථාන සිය ම්ලේච්ඡ ගෝලීය ජිහාඩ් අන්තවාදය හරහා විනාශ කරමින් සිටිනවා.
මේ ත්‍රස්තයන් සහ ඔවුන්ගේ කලාපීය හා ලෝක ව්‍යාප්ත ජාලය මේ මිහිතලයෙන් සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමිය යුතුයි. ඒ සඳහා වූ මෙහෙයුම සාමයට ලැදි සහකරුවන් සමග එක්ව අප ඉතා ඉක්මණින්ම ක්‍රියාත්මක කරනවා” යනුවෙන් අවධාරණය කර සිටියි.
http://www.colombotoday.com/26731-2236592/
Pic
Source
ජර්මනියේ බර්ලීන් නුවර ජනාකීර්ණ නත්තල් වෙළෙඳ පොළක් වෙත ලොරියක් කඩා වැදී මිනිසුන් යට කරමින් පසුගිය සඳුදා (19දා) සිදුකර ඇති ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය පිරිස 12ක් බව විදෙස් වාර්තා පවසයි.
මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 48කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම ලොරියේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි සිටි මගියෙකු ජීවිතක්ෂයට පත්ව සිටි බවද කියැවෙයි. බටහිර ජර්මනියේ ප්‍රධාන වෙළෙඳ නගරයක් වන කර්ෆර්ස්ටෙන්ඩෑම් නගරයට ආසන්න බ්‍රෙයිෂෙප්ලෙට්ස් හිදී මෙම ලොරි රථ ප්‍රහාරය එල්ල වී තිබේ.
මෙම ප්‍රහාරයෙන් මේ වනවිට 50ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ගෙන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි. මෙම ලොරියේ රියදුරා ඇෆ්ගනිස්තානයෙන් හෝ පාකිස්තානයෙන් පසුගිය පෙබරවාරි මාසයේදී ජර්මනියට පැමිණි සරණාගතයෙකු බවද හඳුනාගෙන තිබේ.
මේ ආකාරයේම දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් ප්‍රංශයේ නීස් නගරයේදී පසුගිය ජූලි මාසයේදී එල්ල වූ අතර, IS ඉස්ලාම් රාජ්‍ය හුදකලා ත්‍රස්තයෙකු විසින් එල්ල කරන ලද එම ලොරි රථ ප්‍රහාරයෙන් පුද්ගලයන් 86 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
මෙම නත්තල් සමයේදී මෙවැනි ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර එල්ලකරන ලෙස IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් මෙන්ම අල්-කයිඩා ත්‍රස්තයන් සිය අනුගාමිකයන්ට හා හුදකලා ත්‍රස්තයන්ට පවසා ඇති බවත් ලෝකයේ ප්‍රබල බුද්ධි අංශ අනාවරණය කර තිබේ.
http://www.colombotoday.com/26692-225german125/
ඌව - වෙල්ලස්‌ස නිදහස් සටන සිදු වී වසර 198කට පසුවත්, ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වී වසර 68කට පසුවත්, ලංකාවේ ආණ්‌ඩුකාරයා තවමත් රොබට් බ්‍රවුන්රිග් නොවන බව අප වටහා ගත්තේ පෙරේදා ය. ඒ රොබට් බ්‍රවුන්රිග් විසින් මීට වසර 198කට පෙර ඌව - වෙල්ලස්‌ස නිදහස් සටනට සහභාගි වූ කැප්පෙටිපොළ දිසාව ඇතුළු 19 දෙනකු දේශද්‍රෝහීන් ලෙස නම් කර තිබූ ගැසට් පත්‍රය ශ්‍රී ලංකා රජය විසින් අවලංගු කිරීමත් සමඟ ය. අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීමකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (8 දා) මෙම ගැසට් පත්‍රය අවලංගු කර රොබට් බ්‍රවුන්රිග් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ කැප්පෙටිපොළ දිසාව ඇතුළු 19 දෙනා ජාතික වීරයන් ලෙස නම් කළේ ය.
1818 ඌව - වෙල්ලස්‌ස නිදහස් සටන (මෙය ඉතිහාස පොතේ සඳහන් වන්නේ කැරැල්ලක් ලෙසය. එය ද නිවැරැදි කළ යුතුය. මන්ද කැරලි ගසන්නේ රජයකට විරුද්ධවය.) ඇරඹෙන්නේ 1815 වසරේ අත්සන් කරන ලද කන්ද උඩරට ගිවිසුමට එරෙහිව ය. බ්‍රිතාන්‍යයන් විසින් ගිවිසුම ප්‍රකාරව කටයුතු නො කිරීමෙන්, සිංහලයන්ගේ කෝපය පුපුරා ගියේ ඌව වෙල්ලස්‌සේ දී ය. මෙම සටන සංවිධානය කරන ලද්දේ නායක්‌කාර් වංශික විල්බාවේ නොහොත් දොරේ සාමි විසින් වන අතර අවසානයේ සටන මැඬපැවැත්වීම සඳහා ඉංග්‍රීසීන් විසින් වෙල්ලස්‌සට පිටත් කළ කැප්පෙටිපොළ දිසාවේ ද සිංහලයන්ට එක්‌වීම හේතුවෙන් බ්‍රිතාන්‍යයන්ට එරෙහි තුන්වැනි නිදහස් සටන ගලඋඩ සටනක් බවට පත්විය. නමුත් අවසානයේ ඉංග්‍රීසීන් විශාල ජන සංහාරයක් සිදු කරමින්, සිංහලයන්ගේ සහාය ඇතුව සටන මැඬපැවැත්වූ අතර කැප්පෙටිපොළ දිසාව අත්අඩංගුවට ගෙන හිස ගසා දැම්මේ ය.
ඌව - වෙල්ලස්‌ස නිදහස් සටනින් පසු බදුල්ලේ බ්‍රිතාන්‍ය රජයේ සේවකයකු ලෙස කටයුතු කළ හර්බට් වයිට් (Herbert White) 'Journal of uva' සඟරාවට ලියූ දෙයින් ඉංග්‍රීසීන් වෙල්ලස්‌සට කළ විනාශය හොඳින් තේරුම්ගත හැක.
"කැරැල්ලෙන් පසු ඌව ප්‍රදේශයේ ජනගහනය, කෘෂිකාර්මික පරිසරය පිළිබඳව නිශ්චිතව දැන ගත හැකි සාක්‍ෂි නොමැත. නව පාලකයන් මෙම ප්‍රශ්නයට මුහුණ දීමට අසමත්ව ඇත. යුද්ධයෙන් පසු ඉතිරි වූ අයගෙන් 4/5 ක් කුඩා දරුවන්, කාන්තාවන් සහ මහල්ලන් පමණි. මෙම ජන සංහාරය ඉතා භයානක වේ. කෙටියෙන් කියන්නේ නම් මහත් වූ මිනිස් සංහාරයක් සිදුව ඇති අතර ඌව නැවතත් යථා තත්ත්වයට පත් වේ දැයි කිව නො හැක."
ඉංග්‍රීසීන් ඌව-වෙල්ලස්‌ස නිදහස් සටනට එරෙහිව දියත් කළ ජන සංහාරය අද සිදු වූයේ නම් එය පෘථිවියේ සිදු වූ දැවැන්තම ජන සංහාරයක් ලෙස ලෝකය දැනගන්නවා ඇත. අවුරුදු 18 ට වැඩි තරුණයන් අමු අමුවේ ඝාතනය කරමින්, කුඹුරු අක්‌කර ලක්‍ෂ ගණනකට ගිනි තබමින් ඉංග්‍රීසීන් සටන මර්දනය කළේ නින්දිත අයුරිනි. මෙම විනාශයෙන් ඌව - වෙල්ලස්‌සේ වැසියන් රැසකට උන්හිටි තැන් අහිමි වූ අතර, ලංකාවේ සශ්‍රීකම භූමිය විශාලා මහනුවරක් බවට පත් විය.
රටක ස්‌වාධිපත්‍යය වෙනුවෙන් සටන් වැදුණු කිසිවකු දේශෙද්‍රෝහීන් විය නො හැක. ලතින් ඇමරිකානු ඉතිහාසයේ ඔවුන් හඳුන්වන්නේ ජනතාවගේ සදාතනික වීරයන් ලෙස ය. ආර්ජන්ටිනාවේ ෙච් ගුවේරා, කියුබාවේ පිදෙල් කස්‌ත්‍රො, වෙනිසියුලාවේ සිමොන් බොලිවර් එසේ ජනතාවගේ සදාතනික වීරයන් වෙද්දී ඉංග්‍රීසීන්ගේ ම්ලේච්ඡ පාලනයට එරෙහිව සටන් වැදුණු කැප්පෙටිපොළ දිසාව ඇතුළු 19 දෙනකු වසර 198 ක් තිස්‌සේ දේශද්‍රෝහීන් වීම ඓතිහාසික සරදමකි. ප්‍රමාද වී හෝ ශ්‍රී ලංකා ආණ්‌ඩුව ඓතිහාසික වරදක් නිවැරැදි කර තිබේ. එයට අප ප්‍රණාමය පුද කළ යුතුම ය.
http://www.divaina.com/2016/12/10/editor.html
Pic
Source
සබැඳි ලිපි -
[
ඔවුහු ජනතාවගේ සදාතනික වීරයෝය!http://denethharinna.blogspot.com/2016/12/blog-post_65.htmlයටත් විජිතයක ස්වදෙශිකයන් ඉදිරියේ පර සුද්දන් භීතියෙන් ඇලලුනු, පාවාදීම් නිසා පැරදුනු, සිංහලේ ප්‍රථම විමුක්ති අරගලයේ මහවිරුවන්ගේ අවසන් සමයhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_4572.htmlරටින් පිටුවහල් කළ ජාතික වීරයන් 28 දෙනකුට උපහාරhttp://denethharinna.blogspot.com/2013/11/28.htmlමහ විරු මොනරවිල කැප්පෙටිපොල 195 වැනි ගුණසමරුව අදhttp://denethharinna.blogspot.com/2013/11/195.htmlතුන් සිංහලයේ ශ්‍රේෂ්ඨත්වය මතුකළ වීර මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_25.html
]
උතුරු පළාත් සභාව සඳහා අලුතින් වෙනම ජාතික ගීයක් නිර්මාණය කිරීමට තීරණය වී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ගීය මින්පසු එහි ගායනා නොකෙරෙන බව ස`දහන්ය.
අලුත් ජාතික ගීයක් නිර්මාණය කරන බව උතුරු පළාත් සභාපති එම්. වයි. කේ. සිවඥානම් විසින් හෙළිකර ඇත.
උතුරු පළාත් සභාව මෙලෙස අලුත් ජාතික ගීයක් නිර්මාණය කිරීම පළාත් සභා බලතල උල්ලංඝනය කිරීමකි.
මේ සඳහා රජයේ අවසරය ගෙන නැත.
උතුරු පළාත් සභාව ආරම්භ වී දැනට වසර තුනක් ගතවී ඇත.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2016/12/10/news11.html
Pic
Source
December 11, 2016
පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස් කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්.
මෙය සටහන් තබන භික්‍ෂුවගේ වසර 44 වන ගිහි ජීවිතය පුරාවට භික්‍ෂුව වැඩියෙන්ම අත්වින්දේ දුක් වේදනාවන්. මේ හැම දුක් වේදනාවක් තුළම, පටිච්ඡසමුප්පන්නව ගලාගෙන පැමිණෙන, සංස්‌කාර පච්ඡයා විඤ්ඤාන කියන ධමර්තාවය, මුසුවී තිබෙන බව පසුකාලීනව මට වැටහුණා. අතීත භවයන්හිදී පටිච්ඡසමුප්පන්නව කරගත් අකුසල් විපාකයන්, දුක් වේදනාවන් හැටියට ජීවිතය ඉදිරියට පැමිණෙනකොට, දුක් වේදනාවට හේතුව ධර්මානුකූලව හඳුනාගෙන තිබුණු නිසාම, මා ඉදිරියට පැමිණි හැම දුක් වේදනාවක්‌ම, මම උපේක්‍ෂාව කියන තැනට ගන්න දක්‍ෂ වුණා. නමුත් ජීවිතයේ අත්වින්ද සැප වේදනාවන් නම් උපේක්‍ෂාව කියන තැනට ගන්න මම අපොහොසත් වුණා. එම නිසාම සැප වේදනාවන් තුළට නැවත නැවත කිඳාබසිමින්, එම සැම වේදනාවන්ද අසීමිතව අත්විඳීම තුළින්, දුක් වේදනාවන් බවට පත්කොටගත්තා. අන්න ඒ දුක් වේදනාවන් තමයි, දෙවැනුව උපේක්‍ෂාව කියන තැනට ගත්තේ. දැන් පිංවත් ඔබට වැටහෙනවා ඇති ගිහි ජීවිතයේදී මම සැම දුක් වේදනාවක්‌ම අකුසල් විපාකයක් වශයෙන් හඳුනාගෙන, සෑම දුක් වේදනාවක්‌ම ඉදිරියේ මම උපේක්‍ෂාව කියන තැනට පැමිණියා.
නමුත් මා අත්විඳි සැපවේදනාවන්, ඒවා කෙරෙහි ඇති තෘෂ්ණාව නිසාම, ධර්මානුකූලව දකින්න ශක්‌තිය තිබුණේ නැහැ. සැප වේදනාවන් කෙරෙහි මා බැඳී ගියා. මෙම තත්ත්වය මා ජයග්‍රහණය කළේ, සැම සැප වේදනාවක්‌ම නැවත නැවත අත්විඳීම තුළින්, ඇතිවෙන නීරසභාවය මතුකොටගෙන, සැප වේදනාවද දුක් වේදනාවක් බවට පත්කොටගෙන, එම දුක් වේදනාව අවසානයේ උපේක්‍ෂා විඳීමක් බවට පත්කොටගත්තා. යම් පිංවතෙක් සැප වේදනාවත්, දුක් වේදනාවත් මුල් වටයේදීම අනිත්‍ය වශයෙන් දැකීමට යනවා නම්, එය ටිකක් අසීරු කාරණයක් වෙන්න පුළුවන්. එම නිසා පිංවත් ඔබ සෑම සැප වේදනාවක්‌ම, දුක් වේදනාවක්‌ම තම තමන්ගේ දක්‍ෂභාවයත්, උපක්‍රමශීලීභාවයත් උපයෝගිකොටගෙන, මුල්වටයේදී උපේක්‍ෂා විඳීම් බවට පත්කොටගන්න. එය ඔබට පහසුවක් වෙනවා වේදනාවේ අනිත්‍යභාවය දැකීමට. ඒ වගේමයි පිංවත් ඔබ යම් සැපවේදනාවක්, දුක්‌වේදනාවක් අත්විඳීමේදී, එම විඳීම ධර්ම මනසිකාරයක් තුළ සිටිමින් අත්විඳීමට දක්‍ෂ නම්, එතැනදී පිංවත් ඔබට ශක්‌තිය ලැබෙනවා, එම සැප දුක් වේදනාවන්, උපේක්‍ෂා විඳීමක් බවට පත්කොටගන්න.
එක පිංවත් යුවලක් දිනක් කුටියට පැමිණ, භික්‍ෂුවට දානයක් පූජාකොට කුටියෙන් පිටත් වෙනකොට එම පිංවතිය ප්‍රකාශ කරනවා 'දැන් නම් මළත් කමක් නැහැ' ය කියලා. බලන්න දානය නමැති සැප වේදනාවට බැඳී ගියා. මහා සංඝරත්නයට දන් පූජා කරලා, වේදනාව නමැති මාරයාට බැඳිලා නිවසට යනවා. වරක් භික්‍ෂුව මුණගැහෙන්න පිංවතෙක් ඇවිල්ලා, එයට ඉඩ ප්‍රස්‌ථාව නොලැබීම නිසා එම පිංවතා භික්‍ෂුවට දෝෂාරෝපණය කරමින් ගිහින් තිබෙනවා. බලන්න මහා සංඝරත්නය මුණගැහෙන්න ඇවිල්ලා, දුක් වේදනාව නමැති මාරයාට බැඳිලා නිවසට යනවා. දිනක් භික්‍ෂුව මුණගැහෙන්න පිංවතෙක් ඇවිල්ලා, එම පිංවතාට භික්‍ෂුව මගහැරීම නිසා, මම හෙට උදේට කොහොම හරි ඇවිල්ලා භික්‍ෂුව මුණගැහෙනවා කියලා ගිහින් තිබෙනවා. බලන්න මහාසංඝරත්නය මුණගැහෙන්න ඇවිල්ලා, එම පිංවතා උපේක්‍ෂා වේදනාව කියන මාරයාට බැඳිලා ගෙදරට යනවා. මෙතැනදී උපේක්‍ෂා වේදනාව කියන්නේ තෘෂ්ණාවේ මදභාවය වුණත්, උපේක්‍ෂාව තුළත් මාරයා බැසගෙන සිටිනවාය කියන කාරණය, පිංවත් ඔබ හොඳින් තේරුම්ගත යුතුයි. ඉහතින් සඳහන් කළ තෙවැනි මහත්මයා, ස්‌වාමීන්වහන්සේ හමුවීම මගහැරුණාය කියලා නොගැටී, නොඇලී 'හෙට උදේම ඇවිත් හමුවෙනවා'ය කියලා උපේක්‍ෂා සිතින් ගෙදර ගියා. නමුත් බලාපොරොත්තු සහගතව, හෙට උදෙත් ස්‌වාමීන්වහන්සේව මුණගැහෙන්න ඇවිත් ස්‌වාමීන්වහන්සේ මුණනොගැසුණොත්, අන්න උපේක්‍ෂ සහගත මාර සිත, ඔබව නැවතත් ගැටීමක්, එසේත් නැතිනම් දුක් වේදනාවකට යොමු කරනවා.
ඇයි පිංවත් ඔබට මෙහෙම වෙන්නේ? ඇලීමත් ගැටීමත් උපේක්‍ෂාවත් කියන සෑම විඳීමක්‌ම අනිත්‍ය වශයෙන් දැකීමට ඇති අදක්‍ෂභාවය නිසාමයි.
වරක් භික්‍ෂුව ස්‌වාමීන්වහන්සේ නමක් මුණගැහෙන්න ගිය අවස්‌ථාවක උන්වහන්සේ මෙහෙම ප්‍රකාශ කළා.
'ඔබවහන්සේ දැන් ජනප්‍රියයි නේද?'
එයට භික්‍ෂුව හිනාවෙන් ප්‍රතිචාර දැක් වූවා.
'ඒ වුණාට ඔබවහන්සේව හුඟක් අය විවේචනය කරනවා නේද?'
එම ප්‍රකාශයටත් භික්‍ෂුව මුවගට සිනාවක් නගාගත්තා.
'ඒ වුණාට ඔබවහන්සේ කටයුතු හොඳින් කරගෙන යන්න'
එම ප්‍රකාශයටත් භික්‍ෂුව සිහින්ව සිනාසුනා.
ඔබට සිතෙන්නට පුළුවන්, ඇයි භික්‍ෂුව බොහොම සෙමින්, ඉහත අදහස්‌වලට මුවගට නගාගත් සිනහවකින්ම පමණක් ප්‍රතිචාර දැක්‌වූවේ කියලා. භික්‍ෂුව දන්නවා මේ කථා කරන්නේ ඇලීම, ගැටීම, උපේක්‍ෂාව කියන තෘෂ්ණාවේ ඵලයක්‌ය කියලා. පිංවත් ඔබ මුහුණදෙන සෑම සැප, දුක්, උපේක්‍ෂා විඳීමක් ඉදිරියේම, අනිත්‍යයි කියන දැක්‌ම ඇති කර ගැනීමට ඔබ දක්‍ෂනම්, එය වේදනාවේ අනිත්‍යභාවය පුහුණු කිරීමට හොඳ රුකුලක් වෙනවා.
ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2016/12/11/feature23.html
දහතුන් වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ තිබෙන බලතල ඉක්‌මවා යන ආකාරයට බලය බෙදන්නට එක්‌සත් ජාතීන්ගේ මහලේකම් වරයාට මහින්ද රාජපක්‌ෂ මහතා පොරොන්දුව සිටි බව වත්මන් ජනාධිපතිවරයා පවසයි. එසේම දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් ඔවුන්ට ලබාදීම පිණිස හමුදා කඳවුරු ඉවත් කරන බවද ඔහුගේ පාර්ලිමේන්තු ප්‍රකාශයේ විය. මහින්ද රාජපක්‌ෂ මහතා එදා එලෙස පොරොන්දු වුවද රටේ ජනතාවගේ පැත්තෙන් බලා එය ඉටු නොකළ බව සත්‍යයකි. කොටි සමඟ සිදු වූ අවසාන සටන්වලදී ජාත්‍යන්තරය හමුවේ කියන බොහෝ කතා යථාර්ථයක් බවට පත් කිරීමට මහින්ද රාජපක්‌ෂ මහතාට එතරම් අවශ්‍යතාවයක් තිබී නොමැත. ඊට හේතුව ඔහුට අවශ්‍ය වූයේ යුද්ධය කෙසේ හෝ නිමා කොට කොටි සන්නද්ධ අංශය සහමුලින්ම විනාශ කිරීමයි.
වත්මන් යහපාලන රජය බලයට පත්වීම සඳහා නොයෙකුත් පොරොන්දු ජාත්‍යන්තරයට සහ කොටි ඩයස් පෝරාවට ලබා දී ඇත. තිස්‌ස අත්තනායක මහතා ඉදිරිපත් කළ දෙමළ ජාතික සන්ධානය සමඟ තිබූ ගිවිසුම මෙවැන්නකි. දහතුනට එහා යන බලය බෙදීමක් සහිතව උතුරු නැගෙනහිර පළාත් එකතු කිරීම මෙහි සරල අරමුණයි. දැන් මේ ආණ්‌ඩුව සැරසෙන්නේ එලෙස වූ පොරොන්දු යථාර්ථයක් බවට පත් කිරීමටයි. මහින්ද රාජපක්‌ෂ මහතා මෙන් නොව වත්මන් ජනාධිපතිවරයාද අගමැතිවරයාද කෙසේ හෝ එම පොරොන්දු ඉටුකිරීමට උත්සාහ දරනු දක්‌නට ලැබේ. පසුගිය කාලයේදී පිටකළ ලාල් විඡේනායක කමිටු වාර්තාව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩල කමිටු වාර්තා ආදිය සලකා බලන කල්හී දෙමළ දේශපාලකයන්ට අවශ්‍ය ස්‌වයං පාලනය ලබා දීමට නව ව්‍යවස්‌ථාවක් ඉදිරියේ එන බව පැහැදිලිය. වත්මන් ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ එම ක්‍රියාදාමයේ යථාර්ථයයි.
මෙම බලය බෙදීමට තුඩු දෙන කාරණා කීපයක් තිම්පු සාකච්ඡාවෙන් ජනිත වේ. පළමු කාරණය නම් ඓතිහාසික දෙමළ වාසභූමියයි. එය පිළිගැනීමට ඉන්දු - ලංකා ගිවිසුමද ක්‍රියා කර තිබුණි. ඉන්දීය රජයෙන් දිගින් දිගටම ලංකා රජයට බලපෑම් එල්ලවන්නේ මේ ගිවිසුම දඩමීමා කරගෙනයි. දෙවැන්න නම් කාලයක් තිස්‌සේ දෙමළ ඊලාම් සංවිධාන විසින් සිංහල දේශපාලඥයන් මුදල්වලින් බිලී බා ගැනීමයි. පළමු වැනි කාරණය වඩා ප්‍රබල නමුත් දෙවැන්න මත වත්මන් බලය බෙදීම නමැති ක්‍රියාවලිය සිද්ධ වන බව පෙනේ. කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයාද දෙමල නිජ භූමිය පිළිගන්නා කෙනෙක් ලෙසට අපට තේරුම් ගත හැකිය. ඔහු පාරම්පරික දෙමල ජනතාවගේ ඉඩම් යනුවෙන් ව්‍යවහාර කරන්නේ එA නිසයි.
යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහු යාපනයේ දෙමල ජනතාව ලෙසට ස්‌ථාපිත කෙරෙනුයේ ඉංග්‍රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර් වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වය තුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක් හිමිය. ඔවුහු වරින් වර මලබාරයෙන් සංක්‍රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයා වන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්‍රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක් සහිත කල්ලතෝනින් ලෙසට හැඳින්විය හැකිය.
1946 ජන සංගණනය අනුව යාපනයේ පහත රට සිංහලයන් 3215 ක් ද උඩරට සිංහලයන් 1331 ක්‌ද ජීවත්ව ඇත. ලන්දේසි පාලන සමයේ අවසාන කාලයේදී සිදුවූ ආගමික පරිවර්තනයද සමඟ සිංහලයන් වන්නියටද මහනුවර රාජධානිය දක්‌වාද පලායැමට උත්සාහ කළහ. එයට හේතුව යාපනයේ තිබූ පාරම්පරික ගම්බිම් ලන්දේසීන් විසින් ආක්‍රමණය කොට විහාරස්‌ථාන කඩාබිඳ දමා සිංහලයන් විනාශ කිරීමයි. ලන්දේසි පාලන සමයට පෙරාතුව වත්මන් වලිකාමම් නොහොත් වැලිගම පාලන වසමේ පූනාල, බතකෝට්‌ටේ, මූලි, ආනෙයිකොට්‌ටේ, කීරමලය ඇතුළු සිංහල ගම් බිම් පණහක්‌ද වඩමාරච්චි පාලන වසමේ වැලිවැටිය, ලීලගම, තඹල, අම්බන ඇතුළු සිංහල ගම්බිම් දහසයක්‌ද තෙන්මාරච්චි පාලන වසමේ කොහිල කන්ද, වනන්දිය, මන්ඩාවිල, පල්ලාවි ඇතුළු සිංහල ගම්බිම් පහළොවක්‌ද පච්චීලපල්ලිවල මොහමලේ, ඉටාවිල, කොස්‌සම්පත්තු, තඹලගම ඇතුළු සිංහල ගම්බිම් දහහතරක් ද පුවඟු දිවයින කාරදිව කැස්‌බදූව ඇතුළු අනෙකුත් දූපත්වල ගම්බිම් විස්‌සක් පමණද තිබී ඇත. නෙදර්ලන්තයේ බීල්ඩ් බෑන්ක් ලේඛනාගාරයේ තිබෙන වර්ෂ 1695 ට අයත් පැරණි සිතියමකට අනුව සිංහලයන්ගේ පාරම්පරික ඉඩකඩම් මොනවාදැයි හඳුනාගත හැකිය. එA අවදියේ දකුණු ඉන්දියාවත් ලංකාවත් අතර ජන සංක්‍රමණ සිදු විය. පරංගි ලන්දේසි යුද්ධ නිසා අවතැන් වූ මලබාරයන් වහලුන් ලෙසට යාපනයේ සහ වන්නියේ පදිංචි කිරීම සිදු වූයේ ලන්දේසි පාලනය ඇරඹීමෙන් පසුව විය යුතුය.
ඉංග්‍රීසි පාලන සමය අවස්‌ථාවේදී දහනවවන සියවස අවසාන භාගයේදී නැවතත් සිංහලයන් බේකරි කර්මාන්තකරුවන් ගඩොල් පෝරණුකරුවන් කම්මල්කරුවන් වශයෙන් යාපනයේ පදංචියට ගිය බව පැවසේ. කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ආරම්භ කළ පසුද එසේ පදිංචියට ගිය සිංහල පිරිස විශාලය. නල්ලුර්, ජාවාකච්ෙච්රිය, කන්කසන්තුරේ ආදී තැන්වල සිංහලයන් ගේ ගම්බිම් පැතිර පැවතුණි. නවසිය අසූව දශකයේදී නල්ලුර්වල නිවාස යොජනා ක්‍රමයක් සකස් කර දී සිංහලයන් නැවත පදිංචි කිරීමට සලස්‌වා ඇත. 1981 වන විට සිංහලයන් 4615 ක් යාපනයේ ද ජීවත්ව සිට ඇත. යාපනය කිලිනොච්චිය මන්නාරම සහ වවුනියාව යන දිස්‌ත්‍රික්‌ක හතරේම 1981 වර්ෂය වන විට සිංහල ජනගහනය 49530 ක් වූ බව පෙනේ. මේ අලුත් ජනගහන තත්ත්වය වර්ධනය වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයෙන් පසුව ඇතිවූ යම් යම් ප්‍රතිසංස්‌කරණ නිසාවෙනි. එහෙත් අසූව දශකයේ ඇතිවූ දෙමල ජාතිවාදී කලබල නිසා උතුරෙන් සිංහලයන් නැවතත් පළවා හරින ලදහ. වර්තමානය වන විට උතුරේ සමස්‌ත සිංහල ජනගහනය විසිදාහකට අඩුය. මේ සංඛ්‍යාවෙන් වැඩිම පිරිසක් ජීවත් වන්නේ මුලතිව් සහ වවුනියා දිස්‌ත්‍රික්‌කයන් තුළය.
2009 දී කොටි ත්‍රස්‌වාදය පරාජය කිරීමෙන් පසු රජය විසින් පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාවේ නිර්දේශ යටතේ උතුර නැගෙහිර පළාත්වල ඉඩම් කළමනාකරණ කටයුතු විධිමත් කිරීම මැයෙන් අංක 11/0737/533/015 දරන 2011.03.07 දිනැති අමාත්‍ය මණ්‌ඩල පත්‍රිකාව මත 2013 සහ 2014 යන වර්ෂවල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මාර්ගෝපදේශයන් සහිතව චක්‍රලේඛනයක් නිකුත් කර තිබුණි. මෙම කරුණු ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්. පී. ආර්. රාජපක්‌ෂ මහතා 2013.01.31 දරන ලිපියෙන් උතුර සහ නැගෙනහිර පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට පිටත් කර යවා ඇත. එම චක්‍රලේඛනය අනුව ඉඩම් අහිමි පුද්ගලයන් වෙත ඉඩම් බෙදාදීම සිදු කළ යුතුව තිබුනේ මේ අකාරයටයි.
'ගැටුම් පැවති කාලය තුළ තම ඉඩම් වලින් ඉවත් වීම හෝ පලවා හරිනු ලැබීම නිසා ප්‍රදේශයෙන් ඉවත් වූ පුද්ගලයන්ට ගැටුම් වලින් පසුව නැවත එම ඉඩම් අහිමි වී ඇති අවස්‌ථාවන් හඳුනාගෙන ඇත. රාජ්‍ය ආයතන සහ ත්‍රිවිධ හමුදාවල පරිපාලනය යටතේ සංවර්ධනය සඳහා යොදා ගෙන තිබීම හෝ වෙනත් පුද්ගලයින් ස්‌ථිර ලෙස පදිංචිව සිටීම වැනි හේතුන් නිසා එසේ පුද්ගලයින් සතු ඉඩම් අහිමි වී තිබිය හැක. එවැනි ඉඩම් නැවත ලබා ගැනීම ප්‍රායෝගිකව අපහසු අවස්‌ථාවලදී එම ප්‍රදේශවලින්ම සුදුසු ඉඩම් හඳුනාගෙන ඔවුන්ගේ කැමැත්ත මත විකල්ප ඉඩම් බෙදා දීමට ක්‍රියාකල යුතුය.'
අවසර පත්‍ර විනාශ වූ අස්‌ථානගත ඉඩම් සඳහා දුන් නිර්දේශය මෙසේය. 'කලින් බෙදා දී බලපත්‍ර නිකුත් කර තිබූ ඉඩම්වලට අදාළව මුල් බලපත්‍ර සහ/හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඊට අදාළ ලෙජර්/ බලපත්‍ර පිටපත් ආදිය විනාශ හෝ අස්‌ථානගත වී ඇති අවස්‌ථාවල එවැනි ගැටලු විසඳීම සඳහා පළාත් ඉඩම් කොමසාරිස් වෙත ඉදිරිපත් කර උපදෙස් ලබා ගත යුතුය. එවැනි ලියවිලි යාවත්කාලීන කිරීම සඳහා ඉඩම් කච්ෙච්රි ක්‍රමවේදය මින් නැවත තෝරා ගැනීමක් සිදු කර බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගත යුතුය.'
පසුගිය ආණ්‌ඩුවේ කැබිනට් ඇමතිවරයෙකුව සිටි වත්මන් ජනාධිපතිවරයා මේ කැබිනට් නිර්දේශ ගැන නොදන්නවා විය නොහැකිය. ඉන්පසු ක්‍රමානුකූලව 2014 වර්ෂය වන තෙක්‌ම අවතැන් වූ දෙමළ සහ මුස්‌ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ගත් ක්‍රියාමර්ගයන් ගැනද දන්නවා ඇත. එහෙත් මේ ක්‍රමවේදය අනුව බලපත්‍ර විනාශ වී ගිය තමන්ගේ ඉඩම් බලහත්කාරයෙන් කොටි මහවිරුපවුල්වලට ලබා ගෙන තිබූ බැවින් අතරමංව සිටි සිංහලයන් ගැන එතුමා දන්නවාදැයි නොදනිමි. මේ චක්‍රලේඛනයේ තිබෙන ආකාරයට පළාත් ඉඩම් කොමසාරිස් වරුන් හට පැවරූ රාජකාරි ඉටු වූයේ දැයි පසුවිපරමක් කර නැත. සැබෑව නම් කිසි විටක් සිංහලයන් වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් බවයි. මහින්ද රාජපක්‌ෂ යුගයේ දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම යථාර්ථයක් බවට පත් කළද සිංහල ජනතාව සඳහා ඉඩම් ලබා දීම දිගින් දිගටම ප්‍රතික්‌ෂේප කළ බව දැක්‌විය හැකිය. යාපනයේ ජීවත් වූ සිංහලයන් නාවක්‌කුලියේ බලයෙන්ම පදිංචි වූයේ එහෙයිනි. එසේ නම් පාරම්පරිකව භුක්‌ති විඳ ගෙන පැමිණි සියවස් ගණනාවක් තිස්‌සේ උතුරු පළාතේ අයිතිය අහිමි වෙමින් පැවති සිංහලයන් ගේ ඉඩම් පාරම්පරික ඉඩම් නොවන්නේදැයි අප දැන ගත යුතුය.
මතුගම සෙනෙවිරුවන්
http://www.divaina.com/2016/12/11/feature12.html
December 08, 2016
විද්යුත් ලිපි 57,000 ක රහස් තොරතුරු විකිලීක්‌ස් අනාවරණය කරයි!
තුර්කියේ ඛනිජ තෙල් කටයුතු පිළිබඳ ඇමැති බේරම් අල්බේරන් අයිසිස් ත්‍රස්‌තයන් සමඟ දැඩි සබඳතා පවත්වා ඇතැයි විද්‍යුත් ලිපි 57,000 කින් හෙළිවී ඇත.
බේරම් තුර්කි ජනාධිපති රේසප් අර්ඩෝගන්ගේ බෑණා වේ.
ඔහුගේ විද්‍යුත් ලිපි 57,000 කින් අයිසිස් සබඳතාව ගැන අනාවරණය වී ඇත.
විකිලීක්‌ස් වෙඩ් අඩවිය මෙම විද්‍යුත් ලිපි ප්‍රකාශයට පත් කර තිබේ.
ඔහු තුර්කියේ දේශපාලන කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල කර ඇති බව එම විද්‍යුත් ලිපිවලින් තහවුරු වී ඇත.
අයිසිස් ත්‍රස්‌තයන්ගේ තෙල් ජාවාරමට ද ඔහු සම්බන්ධ වී තිබේ.
http://www.divaina.com/2016/12/08/forign08.html

මේ රටට නවතම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක කිසිම අවශ්‍යතාවයක් නොමැතිව තිබිය දී රජයේ ඇතැම් අය නව ව්‍යවස්‌ථාවක් නිර්මාණය කිරීමට දැඩි උත්සාහයක යෙදී සිටින්නේ ඇයි? මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට පත්වන විට බොහෝ අය චෝදනා කළේ එතුමන් දෙමළ ඩයස්‌පෝරාවේ ඕනෑ එපා කම් ඉටු කිරීමට ඔවුන් සමඟ ගිවිසුම් ඇති කර ගෙන බලය ඉල්ලන බවටයි. තිස්‌ස අත්තනායක මහතා සිය ලේකම් ධුරයද අතහැර එක්‌සත් ජාතික පක්‌ෂයෙන් එළියට බැස්‌සේ බෙදුම්වාදීන් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා ගිවිසුමක් අත්සන් කර ඇති බවට චෝදනා කරමින්ය. එදා මැතිවරණ වේදිකාව අමතමින් වික්‍රමසිංහ මැතිතුමාත් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාත් පවසා සිටියේ තමන් කිසිවෙකු සමඟ ගිවිසුම්ගතව නැති බවයි. ඒත් තිස්‌ස අත්තනායක මහතා අදත් උසාවි ගෙනියන්නේ නැති ගිවිසුමක් ගැන වැරදි ප්‍රකාශයක් කළ නිසා බව නොරහසකි. එහෙත් දැන් සිදුවේගෙන යන්නේ කුමක්‌ද? තවමත් කෙටුම්පතක් පමණයි කියමින් ලහි ලහියේ සූදානම් වන්නේ රට කැබලිවලට බෙදන ෆෙඩරල් ක්‍රමයක් යෝජනා කිරීමට නොවේද? ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපති යුගය පිළිබඳ අපට ඇති අත්දැකීම් අනුව අග්‍රාමාත්‍යතුමා ද දන්නා පරිදි 'කළගෙඩි ලාම්පු' සෙල්ලමට සරිලන දෙයක් මගින් ජනමත විචාරණයකින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීමට යත්න දැරීමක් තිබේ දැයි සැක සංකා පහළ වී තිබේ.
බෙදුම්වාදයට උඩගෙඩි දෙන ඇතැම් අධිනීතිඥවරු, ආචාර්යවරු, මහාචාර්යවරු උත්සාහ දරන්නේ ෆෙඩරල් ක්‍රමයක් කරා රට ගෙන යැමට නොවේද? මේ අය රට ගැන කැක්‌කුමක් ඇති අය නොවෙයි. මේ අය මේ රටේ පොදු ජනතාව ආදරය කරන අය ද නොවේ ප්‍රායෝගික නොවන එවන් ආතක් පාතක් නැති න්‍යායාචාර්යවරුන්ගෙන් රටට පැහැදිලි විසඳුමක් ලබා ගත නොහැකිය. ඒ අය කලක් තිස්‌සේ මේ රටේ ඓතිහාසික උරුමකරුවන්ට එරෙහි බලවේග විසින් තාන්න මාන්න අපේක්‌ෂාවෙන් රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවා ගෙන පටු ආකල්ප මත ක්‍රියා කරන අයයි. රජය ද උපදෙස් ගන්නේ මෙවන් රට ජාතිය ආගම ගැන කැක්‌කුමක් නැති නරුම උපදේශකයින්ගෙන් වීම කනගාටුවට කරුණකි.
මේ රටේ මහා සංඝයා ඇතුළු දේශප්‍රේමීන් මේ තීරණාත්මක අවස්‌ථාවේ කළ යුත්තේ අලුතෙන් නිර්මාණය කෙරෙමින් පවතින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිටුදැකීමයි. ඉඩම් බලතල, පොලිස් බලතල, අධිකරණමය බලතල පළාත් සභාවලට පැවරීමෙන් බරපතළ අනතුරත් සිදු වීම නොවැලැක්‌විය හැකි කාරණයකි. ටී.එන්.ඒ. නායකයා ෆෙඩරල් ගැන බිය නොවන ලෙසත් එයින් රට කැඩීමක් සිදු නොවන බවටත් සිංහල ජනතාවට දන්වා සිටියි. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සකස් කළොත් අනිවාර්යයෙන්ම ෆෙඩරල් පාලනයක් ඉල්ලන බවට උතුරේ මහ ඇමැති විග්නේශ්වරම් මැතිතුමා පවසා සිටියි. ඔවුන්ට අනුව ෆෙඩරල් ක්‍රමය රටේ එAකීයත්වයට බාධාවක් නැති ක්‍රමයක් නම් ෆෙඩරල් ඉල්ලා හඬන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ යුතුය. මේ නැති ප්‍රශ්න ඇති කරන්නේ කවරෙක්‌ද? ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් අවශ්‍යයයි කියන භඨධ කාරයෝ නොවේද? නව රජය තුළ ෆෙඩරල්වාදීන් බහුලව ඇති බව පෙනී යයි. අනවශ්‍ය ෆෙඩරල් කැක්‌කුමක් ඇත්තේ ඔවුන්ට ය.
ජනාධිපති තුමනි, 2014 ජනවාරි 8 වැනි දින අපි ඡන්දය දුන්නේ ෆෙඩරල් කාක්‌කන්ට නොවේ, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටයි. අපි හැමෝම එතුමා විශ්වාස කළෙමු. ගරු ජනාධිපතිතුමනි, එබැවින් ඔබතුමා මේ රටට වගකිව යුතුයි. ජනාධිපති තනතුර ලැබීම ගැන අප සතුටු වුවත් දැන් දැන් ඔබතුමන් යන ගමන ගැන අපට ඇත්තේ බරපතළ සැකයකි. අපගේ ඉල්ලීම වන්නේ ඔබතුමා මේ නරුම කේවට්‌ටයන්ගේ උපදෙස් මත ක්‍රියා නොකළ යුතු බවය. රට දැය සමයට හිතැති මහා සංඝයා හමුවී උපදෙස් ගන්න. හැමදාම මේ රට රැක ගත්තේ ජාතියේ මුර දේවතාවුන් වන මහා සංඝරත්නයයි. මේ රටේ ඉතිහාසය පුරාම වරින් වර රට පාවා දෙන්නන් බිහිවී තිබෙනවා. අනුරාධපුර පොළොන්නරු යුග වලදීත්, සීතාවක, මහනුවර යුග වලදීත් රජුට ළංවි රටට ෙද්‍රdaහිකම් කළ අය නිසා රටට සිදු වූයේ බරපතළ විපත් බව පෙන්වා දිය යුතුයි.
රට එක්‌සේසත් කළ දුටුගැමුණුට එරෙහිව එළාර සමඟ දේශීය ෙද්‍රdaහීන් එකතු වී සිටියා. ලාභ, ලෝභ තාන්න මාන්න අපේක්‌ෂාවෙන් පෘතුගී්‍රසි, ලන්දේසි, ඉංග්‍රිසි පාලන යුග වලදී ද ඇතැම් ෙද්‍රdaහී සිංහලයෝ රටට ජාතියට ෙද්‍රdaහීව කටයුතු කළා. පසු කාලයේ ඇතැමුන් පෘතුගීසීන් රට හැර ගොස් අවුරුදු 500 ගිය තැන ඔවුන්ගේ පාලන සමය සමරන්නත් උත්සාහ කළ අන්දම ද සිහිපත් කළ යුතුයි.
ජනාධිපතිතුමනි, ඔබතුමා මාධ්‍ය මගින් කරන ප්‍රකාශන දෙස අපි විමසිල්ලෙන් බලා සිටිමු. ඒවා බලන විට මේ රටේ සක්‍රීය රාජ්‍ය නායකයා කවරෙක් ද යන්න පවා තේරුම් ගැනීමට අපහසුය. රට කරන්නේ ඔබතුමා නොවේද? ඔබතුමා වරින් වර මාධ්‍ය මගින් පළකරන සෘජු අදහස් ගැන ජනතාව තුළ විශ්වාසය පළුදු වී තිබේ. වැට් බද්ද, පරිසර විනාසය, රණවිරුවන් අධිකරණයට දක්‌කා ගෙන යාම, ආබාධිත රණවිරුවන්ට පහර දීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් අභීත ප්‍රකාශ සිදු කිරීම ගැන කවුරුත් සතුටු වුණා. ඒ හැම මොහොතකම රජයක් විදියට තීන්දු තීරණ ගන්නා බව කියමින් ජනතාව නොමඟ යවන බව බොහෝ අයගේ මතය වී තිබේ.
එමෙන්ම ඔබතුමා සත්‍ය දකින්නේ පුවත්පත්වලින් බවට ජනතාව කරන චෝදනා නායකයෙකුට නුසුදුසුය. සියලු තීන්දු තීරණ ගැනීමට පෙර රටේ ජන නායකයා දැන සිටිය යුතු බව අපේ විශ්වාසයයි. ඇතැමුන් පවසන්නේ මහජන උද්ඝෝෂණයන් පැන නගින විට එය යටපත් කිරීමේ උපක්‍රමයක් ලෙස ඔබතුමා මැදිහත්වන බවයි.
මේ දිනවල ඔබතුමා පුවත්පත්වලට දොස් නගමින් ආණ්‌ඩු පෙරළීම විවේචනය කිරීම, රටට අහිතකර පුවත් වාර්තා කරන පත්තර මුල් පිටු පිළිබඳව අදහස් පළ කරනවා. ඇත්තම කාරණය නම් ඔබතුමා කළේත් ඒ දෙයමයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා නිර්මාණය කළේ ද පත්තරකාරයෝ හා විද්යුත් මාධ්‍යයන්ය. ආණ්‌ඩු පෙරලුවෝද ඔවුහුමය. මා දකින විදියට මේ වකවානුවේ පතAතරකාරයෝ රටේ පවතින අසාධාරණකම් හා අයුක්‌ති සහගත දේ පිළිබඳව ඉතා සියුම්ව විමර්ශනාත්මකව පෙන්වා දේ. මාධ්‍යකාරයෝ හැටියට ඔවුන් විසින් එය හැර කුමක් කළ යුතුද? සියල්ලටම එහෙයි කියන පාර්ලිමේන්තු නියෝජිතයෝ මෙන් මාධ්‍යකාරයෝත් සිටියා නම් රටට, දෙයියන්ගේම පිහිටය. එබැවින් මාධ්‍ය මර්දනය පිළිබඳව රජයේ ඇතැමුන් තුළ පවතින අදහස, තොරතුරු දැන ගැනීමේ අයිතියට බාධාවක් බව පෙන්වා දිය යුතුය.
ජනපතිතුමනි, අගමැතිතුමනි මේ රට අවුල් සහගත තත්ත්වයකට පත් වෙමින් පවතී. පෙර නොවූ විරූ අන්දමින් ජනතාව අද දැඩි අසහනයකින් පසුවෙති. ආණ්‌ඩුව කරන බෙහෝ දේ රටට හිතකර නැති බව පෙනෙයි. මහජනතාව වරින් වර පාරට බහින්නේ, උද්ඝෝෂණ කරන්නේ ඒ නිසාය. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන නිසා නිදහස අයුතු ලෙස භාවිත කරන බව ඇතැමුන් පැවසුවත් එය එසේ වන්නේ අසහනය නිසාය. මහජනතාව අතෘප්තිකරයි. සුළු පිරිසක් සතුටු කරන්න රජය දැවැත්න උත්සාහයක යෙදෙන බව පෙනේ. අද උතුරේත් නැඟෙනහිරත් තත්ත්වය භයානකය. වෙහෙර විහාර කඩා බිඳ දමමින් සිංහල ජනතාවත් මහා සංඝයාත් උතුරු නැඟෙනහිරින් පළවා හැරීමේ උත්සාහයක් තිබේ. පුරාවස්‌තු භූමි ඩෝසර් කරති. මේවා පෙන්වා දෙන විට ඔවුන්ගේ ක්‍රියා පුංචි දරුවන් කරන වැරදි විදියට දැක නායකයෝ ඉවත බලා ගනිති. ලොව ඕනෑම රටක එහි උරුමකරුවන්ට ප්‍රධානත්වයක් හිමි වේ. එහෙත් මේ රටේ උරුමකරුවෝ අන්ත අසරණ දුගී තත්ත්වයට පත්වී පීඩා විඳිති. මේ රටේ සුළු ජනතාව උපරිම වරප්‍රසාද භුක්‌ති විඳිති. ලොව මොන රටේ ද මෙවැන්නක් සිදුවන්නේ? මෙම අඩුපාඩු පෙන්වා දෙන අය ජාතිවාදීන් ලෙස හංවඩු ගැසීම බරපතළ ගැටලුවකි.
රජය ඇතැම් විට සත්‍ය යටපත් කිරීමේ උත්සාහයක යෙදී සිටින්නේ ඇයි? එළඹෙන ප්‍රශ්න ජාති, ආගම්, කුලමල නොතකා ප්‍රසිද්ධියේ විවෘතව සාකච්ඡා කොට තීරණ ගත යුතු නොවේද? මාධ්‍යයට තර්ජනය කිරීමෙන් තොරතුරු වසන් කිරීම හරිද? ආණ්‌ඩුක්‍රම ව්‍යHස්‌ථාවක් යනු රටේ වැදගත්ම ලියවිල්ලයි. රටේ ඉරණම රඳා පවතින්නේ එය මතයි. ඉදිරියේ දී එය විවේචනය කරන අය නිහඬ කිරීමට අත්අඩංගුවට ගැනීමට නීති සකසමින් සිටින බවක් පෙනෙයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් මේ රටේ ජනතාව මෙවන් තත්ත්වයක් අපේක්‌ෂා කළේ නැත.
ජනාධිපතිතුමනි, සංහිඳියාව යන්නද අද රටට ජාතියට බරපතළ උවදුරකි. උතුරු නැඟෙනහිර සිංහලයන් පළවාහරින්න යම් යම් බලවේග ක්‍රියාකරන නමුත් සංහිඳියාව යන මායාවෙන් ඒවා වැසී තිබේ. මේ රාජ්‍ය නොවන සංවිධානවලට සංහිඳියා වැඩපිළිවෙළ නොපවරන්න. එය මේ රටේ මහා සංඝයාට පවරන්න. මේ රටේ මුස්‌ලිම්වරු අතීතයේ සිට ඇසුරු කළේ භික්‌ෂුන් වහන්සේය. රජමහා විහාරවල ඉඩකඩම්වල පදිංචි වීමට ඔවුන්ට ඉඩ හැරියා. පල්ලි හදන්න මාලිගාවේ ඉඩම් පවා ලබා දී තිබෙනවා. එසේ නම් සංහිඳියාවට සැබෑ සුදුස්‌සන් වන්නේ මහා සංඝයා නොවේද? සංහිඳියාවට එරෙහි වන්නෝ කවුරුන්ද? රජය මේ දේ වටහා ගත යුතුයි. අධිකරණ අමාත්‍ය විඡේදාස රාජපක්‌ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ දී මේ රටේ ඉදිරි අනාගතයේ දී මුහුණ දීමට සිදුවිය හැකි භයානක ෂීෂී ත්‍රස්‌ත අනතුර ගැන සඳහන් කළා. එසේනම් සිදුවිය හැක්‌කේ කුමක්‌ද? නයිජීරියාවේ බොකෝහරාම්වරු එම රටේ වෙනත් ආගමිකයන් දහස් ගණන් ඝාතනය කළා. සමහරු බලෙන් ආගමට හරවා ගත්තා. එබැවින් මේ රටේ හෙට දිනය සංහිඳියාවෙන් ගත කළ හැකි වෙයිද? ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සැකසීමේ දී මෙවන් භයානක උවදුරුවලට පවා වටා පිටාව සැකසෙනු නියතය. කැඩුණු 'බිඳුනු' වෙන්වන පාලන තන්ත්‍රයක් තුළ ආරක්‌ෂක හමුදාවකට එවන් අනතුරකට මුහුණ දීමට නොහැකි වනු නියතය.
මේ අවස්‌ථාවේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් නිර්මාණය කිරීම නොකළ යුතුය. මේ රටේ ෙත්‍රෙනිකායික මහා සංඝයා නිහඬව නොසිට පෙරමුණ ගෙන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් අවශ්‍ය නැති බවට රජයට බලපෑම් කළ යුතුය. පවත්නා ව්‍යවස්‌ථාව තුළ සංශෝධන ඇතුළත් කර ගැනීම ප්‍රමාණවත් බව පෙන්වා දිය යුතුය. ජනාධිපතිතුමා ද මේ මොහොතේ කළ යුත්තේ දෙස් විදෙස් කුමන්ත්‍රණකරුවන්ගේ යටි උගුල් සක්‍රියව ඇති බැවින් ව්‍යවස්‌ථා සම්පාදනය පසෙකට දමා රටේ ආර්ථිකය ගොඩනැඟීමට කැපවී ක්‍රියා කිරීමයි. එමෙන්ම ඔබතුමා නිවැරැදි තීරණ තින්දු නොගත්තොත් රටට මහා විපතක් සිදුවීම ද වැලැක්‌විය නොහැකිය. අගමැතිතුමා ද පොදු මහජනතාවගේ අදහස්‌වලට එකඟව රටට හිතැති තීරණ නොගන්නා අයෙක් බව මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියෙන් පැහැදිලි වේ. මහ බැංකුවේ අධිපති ධුරය විදේශිකයකුට පැවරීම නිසා අද වන විට කෝටි ගණනක් රටට අහිමි වී තිබේ. එබැවින් මේ මොහොතේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සැකසීමට සුදුසු වාතාවරණයක් පාර්ලිමේන්තුව තුළ ද නැති බව පෙනී යයි. එබැවින් ව්‍යවස්‌ථාවක් නිර්මාණය කිරීමෙන් සිදුවිය හැකි විපතේ වගකීම ඔබතුමා පිට පවරා අන් අය සුදනන් වීමට යත්න දැරීමට ඉඩ තිබේ. එබැවින් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සැකසීමේ උත්සාහය ඉවත දමන ලෙස ඉතා ඕනෑකමින් සිහිපත් කිරීමට කැමැත්තෙමි.
කැප්පිටියාගොඩ සිරිවිමල මහා ස්‌ථවිර
http://www.divaina.com/2016/12/05/feature01.html
සහජීවනය-සංහිඳියාව වැනි වචනවල අර්ථය ගැන උතුරු පළාත් සභාවේ බොහෝ දෙනකුට තේරෙන්නේ නැත. නොඑසේනම් බලෙන්ම අමතක කරන්නේය. ඒ නිසාම ඉඳහිට අමුතු වර්ගයේ ඉල්ලීම් කරන්නටත්, සද්ද දමන්නටත් උතුරේ බොහෝ දෙනෙකු පුරුදුව සිටිති.
උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් එවැන්නෙකි. ශිවාජිලිංගම් ඊයේ පෙරේදා කලක සිට පටන් පුරුද්දට මෙන් කරන තර්ජනයක් නොවන ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව එළැඹෙන 27 වැනිදා මහවිරු දිනය සැමරීමට උතුරේ ජනතාවට ඉඩ ලබාදිය යුතුය. ශිවාජිලිංගම්ට අනුව මියගිය කොටි සැමරීමට ඕනෑම කෙනකුට අයිතියක් තිබේ. මෙය ශිවාජිලිංගම්ගේ පමණක් හුදකලා ඉල්ලීමක් නොවේ. සංහිඳියාව වෙනුවෙන් පෙනී හිඳිනවා යෑයි කියන උතුරේ සියලුම දේශපාලනඥයන්ගේ ඉල්ලීමද මේකය.
ශිවාජිලිංගම් මේ කරන ප්‍රකාශය තුළ අමුතු විසුළු සහගත තර්කද ඉදිරිපත් කරයි. ජනතා විමුක්‌ති පෙරමුණ විරු දිනය සමරනවා නම් එල්ටීටීඊයට බැරි ඇයි? යන්න ඉන් එක් තකතීරු ප්‍රශ්නයකි. ජවිපෙ තහනම් සංවිධානයක් නොවන බව ශිවාජිලිංගම් ඇතුළු උතුරේ බොහෝ දෙනෙක් අමතක කර තිබේ.
පසුගිය අවුරුද්දේද මේ පිරිසට මේ කුලප්පුව මේ ආකාරයෙන්ම වැළඳුණු බව අමතක කළ යුතු නැත. ඒ දිනවල ශිවාජිලිංගම්ද, අඩෙයිකලනාදන්ද ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ කොටි සැමරීමට ඉඩ දිය යුතු බවයි. කොටි සංවිධානය යනු උතුරේ කෝවිල් තුළ යාතිකා කරමින් හිඳි පිරිසක් නොවේ. ම්ලේච්ඡත්වය යනු කුමක්‌දැයි ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ එල්ටීටීඊයයි. අත්අඩංගුවේ සිටි සිරකරුවන් ඝාතනය කරමින්, ගම්මානවල ළදරුවන් පෙති ගසා ඝාතනය කරමින්, ඉවක් බවක් නොමැතිව මිනිස් බෝම්බ, බෝම්බ පුපුරුවා ජීවිත බිල්ලට ගනිමින් එල්ටීටීඊය වැපිරූ ම්ලේච්ඡත්වය "මහවිරු" යෑයි කියන්නේ කොහොමද?
ශිවාජිලිංගම් කියන්නේ එහෙම කතාවක් නම් මේ රටේ බරපතළ ගනයේ අපරාධ සිදුකළ, තැන තැන වෙඩි කා මියෑදුණු පාතාල සාමාජිකයන්ටද දින වෙන් කළ යුතුය. අපට නම් ඒ ම්ලේච්ඡත්වයත්, මේ ම්ලේච්ඡත්වයත් අතර වෙනසක් නැත. රුසියාවේ ව්ලැඩ්මියර් පුටින් චෙච්නියානු ත්‍රස්‌තවාදීන් සැමරීමට ඉඩ දෙන්නේ නැත. ලොව කවර රටක් හෝ හිට්‌ලර්ගේ නාසි අන්තවාදය සැමරීමට ඉඩ දෙන්නේ නැත. අල්ජිහාද්, අල්කයිදා, අයිඑස් ත්‍රස්‌තයන් සමරන රටක් අප අසා නැත. ඉන්දියාව මියගිය කාශ්මීර, ඇසෑම්, කලිකස්‌ථාන් ත්‍රස්‌තයන් සමරන්නට ඉඩ දෙන්නේ නැත. කිසිවෙකුත් එවැනි වැඩකට නැති ඉල්ලීම් කළ බව අප අසා නැත. ඒ සියලු "ප්‍රශ්න" අපේ රටේය.
සංහිඳියාව-සහජීවනය ඇති කරනවාය කියමින් මේ රටේ කවර ජනවර්ගයකට හෝ නැති ප්‍රශ්න ඇද ගනිමින් අර්බුද ඇති කිරීම උතුරේ දේශපාලනයේ පැවැත්ම වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධකයකි. මේ පෙළ ගැසෙන්නේ එවැනි වුවමනාවන් වෙනුවෙනි. ප්‍රභාකරන් කොල්ලා කාලේ රැවටුණේ මෙවැනි ගැටවලටය. දෙමළ ජනතාවම මරාදමමින් ලේ පිපාසිත ගමනක් ප්‍රභාකරන් ආරම්භ කළේ එහෙමය. දකුණේ සමහර ෆෙඩරල් අප්පුලා රැවටී සිටින්නේද මේවාටමය. රටට ආදරය කරන කවුරුත් තේරුම්ගත යුත්තේ මේ ඇත්ත කතාවය.
http://www.divaina.com/2016/11/22/editor.html
Pic
Source
November 23, 2016
සිංහල බෞද්ධ පාරම්පරික අයිතියටත් බෞද්ධාගමික සංස්‌කෘති යටත් හිමි ජාතික හා පූජනීය වස්‌තූන් විනාශ කරමින් ඇතැම් ප්‍රදේශයන්හි අන්‍යා ගමිකයන් සිදුකරන විනාශය නැවැත්වීම සඳහා දළදා වහන්සේගේ පිහිට ඉල්ලා සිටින බව ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට සෙනසුරාදා (19 දා) පස්‌වරුවේ පැවැති ගිහි පැවිදි රැස්‌වීමකදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.
අන්‍යාගමිකයන් සහ ඔවුන්ගේ සංවිධාන මගින් සිදු කෙරෙමින් පවතින ජාතික හා සංස්‌කෘතික විනාශය වහා නවතා දැමීමට රටේ නායකයන් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ඥනසාර හිමියෝ පැවසූහ.
ශ්‍රී ලංකාවේ සිංහල ජාතිය සහ බුද්ධාගම ආරක්‍ෂා කිරීමට කැපවී සිටින සියලු නිකායන්ගේ මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ එඩිතරව රටේ පාලකයන්ට උපදෙස් දිය යුතු බවත් පාලකයන් එසේ නොකරන්නේ නම් සංඝාඥවක් නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත් මල්වතු අස්‌ගිරි මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේගෙන් ඉල්ලා සිටින බවත් පැවසූහ.
ශ්‍රී දළදා මාලිගාව අබියස පවත්වන ලද රැස්‌වීමෙන් පසුව බොදුබල සේනා සංවිධානය ඇතුළු සංවිධාන 17 ක් මගින් සම්පාදනය කරන ලද ලේඛනයක් මල්වතු පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමින්ද්‍රයන් වහන්සේ සහ අස්‌ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ඥනරතන ස්‌වාමින්ද්‍රයන් වහන්සේටත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥන සාර ස්‌වාමින්ද්‍රයන් වහන්සේ පෙරටුකරගත් සංඝරත්නය විසින් පිළිගන්වන ලදී.
සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2016/11/22/news32.html
Pic
Source
දේදුනු විප්ලවයෙන් බිහිවූ යහපාලන ආණ්‌ඩුවේ ප්‍රමුඛතම සටන්පාඨය වූයේ සංහිඳියාවයි. දැන් මේ යහපාලන ආණ්‌ඩුවට වසර දෙකක් සම්පූර්ණ වීමටත් ආසන්න වෙද්දී රට පුරා සංහිඳියාව හොඳින් ස්‌ථාපිතවී තිබේද යන්න සොයා බැලීම වඩාත් උචිත යෑයි හැඟෙන්නේ කවරක් නිසාද? ආගමික හා ජාතික සංහිඳියාවට බාධා වන අන්දමේ වෛරී ප්‍රකාශ නිකුත් කරමින් මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පෙරේදා සිට පිහිටුවා ඇති නිසාය.
යහපාලන ආණ්‌ඩුව පත් වූ දා සිට විශේෂ පොලිස් ඒකක පිහිට වූ බව රහසක් නොවේ. ඒ අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වඩාත් ප්‍රකටය. එහෙත් මෙහිදී අප මූලිකව අවධානය යොමු කළ යුත්තේ සංහිඳියාව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් අලුතෙන්ම පිහිටු වූ පොලිස් ඒකකයේ කාර්යභාරය කුමක්‌වේද යන්නයි. සංහිඳියා පොලිස් ඒකකයට අවශ්‍ය වන්නේ යම් පුද්ගලයකු තම ජාතිය ආගම වෙනුවෙන් අදහස් දැක්‌වීම වැළැක්‌වීමටද? ජාතිකවාදීව අදහස් දැක්‌වීම සාධාරණ වුවත් ජාතිවාදීව අදහස් දැක්‌වීම මහජන කැළඹීමට හේතු විය හැකිය. නමුත් මේ පොලිස් ඒකකය ජාතිකවාදය හා ජාතිවාදය විග්‍රහ කරනු ඇත්තේ කෙසේද? ආණ්‌ඩු විරෝධී ජාතිවාදී බලවේග මර්දනය සඳහා සංහිඳියා පොලිසිය උපයෝගී කරගනීද? පසුගිය සෙනසුරාදා මහනුවරදී විශේෂ සත්‍යක්‍රියාවක් පැවැත්විණි. එහිදී සිංහල බෞද්ධ සංවිධාන රැසක් එක්‌වී වර්තමානයේ රටේ බහුතරයකට එල්ලවී ඇති තර්ජන ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කළ බව මාධ්‍යවල පළ විය. කවරක් නමුත් ඉදිරියේදී මෙවැනි කටයුත්තක් සංවිධානය කිරීමේදී පවා සංහිඳියා පොලිසියෙන් අවසර ගැනීමට සිදු වේද?
"මේ සිංහල අපගෙ රටයි" ගීතය ගායනා කිරීමද ඉදිරියේදී ප්‍රශ්නයක් වනු ඇත. යම් කණ්‌ඩායමක් මේ ගීතය ගායනා කිරිමෙන් මහජන කැළඹීම් ඇතිවේ යෑයි පොලිසියට පැමිණිලි කළහොත් සිදුවන්නේ කුමක්‌ද? එක් අයකුගේ ජාතිකවාදී අදහසක් තවත් අයෙකුට ජාතිවාදී විය හැකිය. පොලිසිය මෙය තෝරා ගන්නේ කෙසේද? ඇත්තෙන්ම මෙම පොලිස් ඒකකය පිහිටුවීම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියටද එක් අතකින් බාධාවක් විය හැකිය. නමුත් යහපාලන ආණ්‌ඩුවට අවශ්‍ය මහජන මර්දනයක් දියත් කර හෝ සංහිඳියාව රැක ගැනීමද? මුඛවාඩම් බැඳ සංහිඳියාව රැකීම නම් ලෙහෙසි කාර්යයක් නොවන බව පැහැදිලිව සටහන් කළ යුතුය.
දකුණේ බහුතරයට යහපාලන ආණ්‌ඩුව සංහිsඳියා පාඩම ඉගැන්වීමට උත්සාහ කළ ද උතුරේ එය සුරැකෙන්නේද? උතුරු පළාත් මහඇමැතිවරයා සංහිඳියාව වෙනුවෙන් කටයුතු කර ඇත්ද? "දෙමළුනි නැගිටිව්" මැයෙන් රැස්‌වීම පැවැත්වූ මොහු ගැන සංහිඳියා පොලිසිය පරීක්‍ෂණ පැවැත්වීමට සූදානම්ද?
සංහිඳියාවට බාධාවන කතා පැවැත්වීම පමණක් නොව, ලිපි ලේඛන ලිවීම පමණක් නොව, පුවත්පත්වල එවැනි ලිපි පළ කිරීම ද ඉදිරියේදී වරදක් වනු ඇත. ඒ අනුව මාධ්‍යවේදීන්ද මේ සංහිඳියා පොලිසියේ ග්‍රහණයට ලක්‌වේද? කෙසේ වෙතත් බහුතර මතය යට කිරීමට සංහිඳියා පොලිසිය යොදා ගතහොත් එය යහපාලනයට ම පාරාවළල්ලක් වනු ඇත.
http://www.divaina.com/2016/11/23/editor.html
Pic
Source
13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත් සභාවලට හිමි ඉඩම් සහ පොලිස් බලතල පැවරීමට නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන අනුකමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.
ඊට අදාළ යෝජනාව ජාතික ගැටුම් මානව හිමිකම් සහ රාජ්‍ය...
පරිපාලනය පිළිබඳව පත් කළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන අනුකමිටුව විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදෙන බව පැවසූ ඒ මහතා එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගෙන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කරන බවද කීවේය.
එම නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගත් පසු 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තවදුරටත් බලාත්මක කළ හැකි බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මෙය දකුණු අප්‍රිකානු ව්‍යවස්‌ථාව හා සමාන බව කීවේය.
එක් රටක් තුළ එක්‌සත් පළාත් රැසක් යටතේ රාජ්‍ය පාලනය තුළින් අදාළ පළාත්හි ජීවත් වන ජනතාවට වැඩි පහසුකම් සැලසිය හැකි බවද පැවසූ ඒ මහතා මීට විරුද්ධ වන්නේ දූෂණ වැරදි චෝදනා සහිත දේශපාලනඥයන් බවද කීවේය.
හමුදා කුමන්ත්‍රණයකින් රට අල්ලාගත හැකි යෑයි කියා අසත්‍ය ප්‍රකාශ කරමින් ඔවුන් ජනතාව මුලා කිරීමට උත්සාහ ගන්නා බවද ජයම්පති වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශැකී ජබාර්
http://www.divaina.com/2016/11/23/news22.html
Pic
Source
මන්නාරම, තාවිල්පාඩු මුහුදු වෙරළ තීරයට ගොඩගසා තිබූ සතා පළපුරුදු ධීවරයන්ට පවා හඳුනා ගැනීමට අපහසු අමුතු වර්ගයේ එකෙකු විය. අතිශය කලාතුරකින් දකින්නට හැකි මුහුදු ඌරෙක් ලෙස මේ මළ සිරුර හඳුනා ගනු ලැබුවේ, වන ජීවී නිලධාරීන් විසිනි. මේ සිද්ධිය වාර්තා වන්නේ පසුගිය අටවැනිදාය.
කුඩාදූපතක් සහ එමෙන් විසිපස් ගුණයකින් යුත් මහ සයුරක හිමිකරුවන් වී සිටින අප, අප වටා ඇති සමුදුරේ වටිනාකම කිසිදු අයුරකින් හඳුනාගෙන නැත. මුහුදු ඌරා අයත් වන්නේද ශ්‍රී ලංකාව විසින් හඳුනා නොගත් මහඟු සම්පත් ගොන්න අතරටය.
නොවැම්බර් අටවැනිදා පාන්දර මන්නාරම වෙරළට ගොඩගසා තිබුණේ 'ඒ සම්පත තවමත් අප සතුව ඇත. නමුත් අපට වටිනාකමක් නැත' යන පණිවිඩය රැගත් මුහුදු ඌරෙකුගේ මළ කඳකි. මියගිය මුහුදු ඌරා විශාල තුවාලයකට ලක්‌වී සිටි අතර අනවසරයෙන් මසුන් මැරීමට යොදාගන්නා ඩයිනමයිටයකට මෙම සතා හසුවන්නට ඇතැයි වනජීවී නිලධරයෝ සැකපහල කර තිබුණහ.
"මෙම සත්වයන් ලංකාව මුහුදු තීරයේ කීයක් ඉන්නවද කියලා තවමත් ගණනය කරලා නෑ. මොවුන් මුහුදු පැළෑටි පමණක් ආහාරයට ගන්නවා. මෙවැනි සත්වයන් අපි ආරක්‌ෂාකර ගන්න ඕනෑ. මොවුන් ඉතා ශීඝ්‍රයෙන් වඳ වෙලා යන සත්වයන් බවට පත්වෙලා තියෙනවා. මීට පෙර ලංකාවේ මුහුදු තීරයට මෙවැනි මියගිය මුහුදු ඌරන් දෙදෙනෙක් පමණ ගසාගෙන ඇවිත් තියෙනවා. එහෙත් ධීවරයන්ගේ නොදැනුවත්කම නිසා ඔවුන් පුළුස්‌සා තිබෙනවා. මින් ඉදිරියට ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ අපි එකතුවෙලා මෙවැනි වඳවී යන මුහුදු ජීවීන් ආරක්‌ෂාකරන්න වැඩපිළිවෙළක් සකස් කරනවා" වනජීවී සහකාර අධ්‍යක්‌ෂ අශෝක රාජපක්‌ෂ මහතා මාධ්‍යයට එසේ පවසා තිබුණි.
2016 මැයි මාසයේදී විල්පත්තුව මුහුදු තීරයට අයත් මොල්ලිකුලම ප්‍රදේශයේ ධීවරයකුගේ දැලකට මෙවැනි මුහුදු ඌරෙකු හසු වී තිබුණි. එතෙක් සාගර පර්යේෂකයෝ සිතා සිටියේ ශ්‍රී ලංකා වෙරළින් මුහුදු ඌරා සමුගෙන ගොසින් ඇති බවත්ය.
2010 වසරේ දෙසැම්බර් මාසයේදී ධීවරයන් දෙදෙනකු විසින් මුහුදු ඌරන් දෙදෙනකු මරා ගොඩට ගෙනන විට අල්ලා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබුණි. ඒ මන්නාරම දිස්‌ත්‍රික්‌කයෙන්ය. ධීවරයන් දෙදෙනා උසාවියට ඉදිරිපත් කරන ලද අතර මුහුදු ඌරු මළ සිරුරු යුගලය පශ්චාත් මරණ පරීක්‌ෂණය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සහ දෙහිවල සත්වෝද්‍යානයට බාර දෙනු ලැබීය. පරීක්‌ෂණයෙන් හෙළිවී තිබුණේ මේ සතුන් දෙදෙනා පිරිමි සහ ගැහැනු සතුන් බවය. මෙම යුවළගෙන් ගැහැනු සතාගේ පියයුරුහී කිරි තිබූ බවද නිරීක්‌ෂණය වී තිබුණි. මෙයින් පෙනී යන ලද්දේ මේ මුහුදු ඌරන් යුවළට පැටවුන්ද සිටි බවය. එම සතුන් දෙදෙනා මරා දමා තිබුණේද ඩයිනමයිට් යොදාගෙනය. මේ මුහුදු ඌරන් දෙදෙනා ලෝකයේ වාර්තා වූ විශාලම සතුන් ලෙස සැලකේ. මේ දෙදෙනාගෙන් පිරිමි සතා කිලෝග්‍රෑම් 480 ක් ද ගැහැනු සතා කිලෝග්‍රෑම් 525 ක් ලෙස සටහන් කොට ඇති අතර ඔවුන්ගේ හම් පුරවා, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හෙවත් නාරා හි කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කොට තිබේ.
මෑතකදී ශ්‍රී ලංකාවෙන් මුහුදු ඌරන් වාර්තා වූ අවසන් අවස්‌ථා තුන එසේය. එම අවස්‌ථා තුනේදීම පණපිටින් උන් දැක ගන්නට අප වාසනාවන්ත වී නොතිබුණි.
හැත්තෑව දශකයට පෙර කොළඹ දී මුහුදු ඌරන් පණ පිටින් දැක ගැනීමේ අවස්‌ථාව හිමිව තිබුණි. නමුත් ඒ වාසනාවන්ත ආකාරයකට නොවේ. කොළඹ ශාන්ත ජෝන් මාළු වෙළෙඳසැලේ එදා තිබූ නැවුම්ම හෙවත් 'අලුත්ම බඩු' වූයේ මුහුදු ඌරාය. එක්‌දහස් නවසිය හැට ගණන්වලදී යාපනයේ සහ මන්නාරමේ සිට දුම්රියෙන් කොළඹට ගෙනා මේ මාළු විශේෂය එතරම්ම නැවුම් වූයේ ඔවුන් මුහුදෙන් පණපිටින්ම අල්ලාගෙන, දුම්රියේද පණපිටින්ම පැමිණීම නිසාය. මුහුදේ ජීවත් වුවද ක්‌ෂීරපායී වර්ගයට අයත්වීම නිසා, මුහුදු ඌරා ගොඩබිමේ සිටීම, ඌගේ මරණය සඳහා හේතුවක් නොවේ. විටින් විට ජලයෙන් තෙම තෙමා සිටීම පමණක් ඌගේ ජීවිතය ගොඩබිමේදී පවත්වා ගෙන යැමට ප්‍රමාණවත්ය. දුම්රියේ පටවාගත් මුහුදු ඌරන් විටින් විට ජලයෙන් තෙමා කොළඹ ශාන්ත ජෝන් මාළු වෙළෙඳසැලට ගෙන විත් එතැනදී මරා දමා විකිණීම එකල ජනප්‍රිය වී තිබුණි.
මේ ලෙස වසරකට මුහුදු ඌරන් එකසිය පනහක් පමණ කෝච්චියෙන් කොළඹ ඇවිත් අවසන් ගමන් ගොස් තිබුණි. එසේ මරාගෙන කෑමේ විපාක අද වන විට විඳවමින් සිටින්නේ ලෝකයේම දුර්ලභ මුහුදු ජීවීන් වර්ගයක් බවට මුහුදු ඌරා පත්වීමත් සමගය.
ඌරකුගේ වැනි හිසක් සහිත වීම හේතුවෙන් මුහුදු ඌරා යෑයි නම් ලැබූ මේ සත්වයා මුහුදේ සිටින ක්‌ෂීරපායී සත්වයෙක් හෙවත් කිරි බී වැඩෙන්නෙකි. සාමාන්‍ය වහරේ මොවුන්ට මාළුවන් ලෙස ආමන්ත්‍රණය කළ ද මුහුදු ඌරා මත්ස්‍ය ගණයට අයත් නොවේ.
සත්ව විද්‍යාත්මකව ඩියුගොන් ඩියුගොන් මටදබට මටදබට ලෙස හඳුන්වන මේ සතා, ඌරකු වැනි මුහුණක් ඇති උරපත් යුගලක් සහිතය. ගෙලක් නොමැති අතර හිස ඉදිරිපස නාසික කුහරයක් ඇත. හිසෙත් නාසයේත් ඉදිරිපස රළු කෙඳි පිහිටයි. එහෙත් සිරුරේ රෝම කිසිවක් දක්‌නට නොලැබෙයි.
සිරුරේ වර්ණය අළු පැහැය මිශ්‍ර රතු දුඹුරුය. පිරිමි සතුන් හා ගැහැනු සතුන් ජෝඩු වශයෙන් ජීවත්වනු දැකිය හැකි අතර ඇතැම් අවස්‌ථාවල දී කුඩා රංචු වශයෙන් ද දිවි ගෙවයි. කොළ පැහැති ඇල්ගී හා මුහුදු පැළෑටි ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වෙයි.
මීටර 2-3.5 ත් අතර දිගකින් වැඩෙන මොවුන් රාත්තල් 300 සිට 500 දක්‌වා බරකින් යුක්‌තය. ජලය යට විනාඩි දහයක් පමණ සිට මතුපිටට පැමිණ හිස ජලයෙන් ඉහළට ඔසවාගෙන සිටියි. වරකට එක් පැටවකු බිහිකරයි. වසර 18 ත් 20 ත් අතර කාලයේ දී මුහුදු ඌරන් ලිංගිකව මුහුකුරා යයි. කලාතුරකින් නිවුන් දරුවන් උපත ලබයි.
උරපත් සිරුරට සවිවන ස්‌ථානයේ ඇති ස්‌තන ග්‍රන්ථිවලින් පැටවා මවගෙන් කිරි උරාබොයි. පැටවකු උපත ලැබීමේ දී අඩි හතරකට ආසන්න දිගකින් යුක්‌තය. අවුරුදු 55 - 60 ක් පමණ කාලයක් ජීවත් වේ.
ඒ සඳහන් කරන ලද්දේ මුහුදු ඌරාගේ ජීවන උරුමයය.
දෙමළ භාෂාවෙන් කඩල් පන්ඩි හෙවත් මුහුදු ඌරා යන නමින් සේම කඩල් පශු යන මුහුදු ගවයා යනුවෙන් ද මේ සත්වයා හඳුන්වයි. මුහුදු තෘණ සිය ආහාරය බවට පත් කර ගැනීම නිසා මුහුදු ගවයා යන නම මුහුදු ඌරාට යෙදී ඇතිබව සිතිය හැකිය. ශාකභක්‌ෂිකයෙක් වන මුහුදු ඌරාත් තණකොළවලට අමතරව මුහුදු පැළෑටි ද සිය ආහාරය සඳහා එක් කර ගනු ලබයි මෙම සතුන්ගේ හොම්බ තියුණු ලෙස පහළට හැරවී තිබෙන අතර එය ඝනකම් කෙඳිවලින් වැසී ඇත. මේ අනුවර්තනය නිසා ඔවුන්ට පහසුවෙන් මුහුදු තෘණ උලා කෑ හැකිය. මෙම පිහිටීමෙන් ප්‍රයෝජන ගෙන ඔවුන් විසින් දිවා රෑ දෙකෙහිම තෘණ උලා කනු ලබයි. ඉස්‌කෝප්පයක් වැනි, පුළුල් වලිගය මෙම සතාගේ අනන්‍යතාවේ තවත් සංකේතයකි. මැනටියා නම් මුහුදු සත්වයාට බොහෝදුරට සමානත්වයක් දරන මුහුදු ඌරා මැනටියාගෙන් බාහිර වශයෙන් වෙන් කර හඳුනා ගත හැක්‌කේ ඌට පිහිටා ඇති මෙම ඩොල්ෆින්ට සමාන වලිගය මගිනි.
වාර්තාවලට අනුව වර්ෂ 1980 දශකයේ මුල භාගයේ දී ශ්‍රී ලංකාවේ වයඹදිග මුහුදු තීරයේ විශාල මුහුදු ඌරන් ගහනයක් සිටිය ද ධීවරයන් දැල් භාවිත කර මරා මස්‌කර විකිණීම හේතුවෙන් උන්ගේ ගහනය ක්‍රමයෙන් පහළ බැස තිබේ. ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේ වෙසෙන මුහුදු ඌරන් සාමාන්‍යයෙන් දෙදෙනෙක් හෝ තිදෙනෙක්‌ගෙන් සමන්විත වන කණ්‌ඩායම් ලෙස වාසය කරයි. මෙම සතුන් උණුසුම් දිය ඇති මෝයවල හා නොගැඹුරු වෙරළාසන්න මුහුදේ වාසය කිරීමට වැඩි කැමැත්තක් දක්‌වයි. මෙම පරිසර පද්ධතිවලට විශාල මුහුදු තෘණ පාත්ති ඇතුළු වෙනත් ශාක වර්ග හොඳින් පෝෂණය කරගත හැකිය. අරිප්පුමුතු ඉවුර, ආදම්ගේ පාලම සහ යාපන අර්ධද්වීපයට බටහිරින් ඇති දූපත් හා මන්නාරම් බොක්‌ක ආශ්‍රිත මුදුදේ මෙම සතුන් වාසය කරයි. එසේ වුවත් වර්තමානයේදී මෙම සතුන් දැක බලා ගැනීමට ඇති අවස්‌ථා ඉතාමත් දුර්ලභය.
මුහුදු ඌරන් කල්පිටිය හා උච්චමුනේ ප්‍රදේශවල ජීවත් වන බව සමහරක් සාගර විද්‍යාඥයන් අනාවරණය කර තිබේ. මේ සාගර සීමාවේ සිට පෝක්‌සමුද්‍ර සන්ධිය දක්‌වා කල්පිටියේ සිට දකුණු ඉන්දියානු ප්‍රදේශය දක්‌වා අතිවිශාල ප්‍රදේශයක මුහුදු තෘණ පැතිරී ඇති බැවින් මුහුදු ඌරන්ගේ වැඩි ගහනයක් එහි ඇතැයි අනුමාන කළ හැකිය. ධීවරයන්ගේ ග්‍රහණයට ලක්‌වීම, සාගරය දූෂණය වීම, ධීවර ආම්පන්නවල පැටලීම, දැඩි වර්ෂා කාලයේ දී ගොඩබිම සෝදාපාළු ලක්‌වීමෙන් මුහුදු තෘණ සහිත ප්‍රදේශවල දූෂණයට ලක්‌වීම, මුහුදු ඌරන්ට ප්‍රමාණවත් ආහාර නොලැබීම හා වාසස්‌ථාන අහිමි වීම මොවුන්ගේ ජීවිත තර්ජනයට සඳහා ප්‍රධාන හේතූන් බවට පත් වී ඇත. වුවමනාවෙන් දඩයම් නොකළද, මුහුදු ඌරෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම්වලට ගොදුරු වීමෙන් ජීවිතක්‌ෂයට පත්වෙති. මාළු දැල්වලට අසුවීමෙන්, ඩයිනමයිට් මගින් මාළු ඇල්ලීම්වලට ගොදුරු වීමෙන් හා බෝට්‌ටුවල ගැටීම වැනි සිදුවීම් හේතුවෙන් මුහුදු ඌරෝ අදටත් මියයති.
සාමාන්‍ය හැසිරීම බලන කල, මුහුදු ඌරන් ඉතාමත් සෙමින් ගමන් කරන සතුන්ය. පැයට කි.මී. 9 ක් පමණ වේගයකින් පිහිනන නමුත් ඔවුන්ට තර්ජනයක් ඇති වුවහොත් මෙම වේගය දෙගුණ කරමින් පලා යයි. විනාඩි 6-10 ක් පමණ හුස්‌ම අල්ලාගෙන ඔවුන්ට දිය යට සිටිය හැකිය. පැටවුන් සමහර අවස්‌ථාවන්වලදී මවගේ පිට උඩ ගමන් කරයි. මන්දගාමී පරිවෘත්තීය වේගය නිසා සීතල දියේ ජීවත් වීම අපහසු වන අතර වතුරේ සිදුවන හදිසි උෂ්ණත්ව වෙනස්‌කම් දරා ගැනීම ද අපහසුය.
IUCN සංරක්‌ෂණ වර්ගීකරණ මට්‌ටම් හෙවත් රතු දත්ත පොතට අනුව, මුහුදු ඌරා ඉතාම දුර්ලභ සත්වයෙකු ලෙස නම් කර ඇත. මෙම සතුන් දඩයම් කිරීම 1970 ගණන් දක්‌වා සිදුවූ අතර, ශ්‍රී ලංකාව විසින් සත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක පනතට සංශෝධනය කිරීමෙන් මුහුදු ඌරාට නෛතික ආරක්‌ෂාව ලබා දීම සඳහා පියවර ගනු ලැබීය.
වර්තමානයේදී මේ සතා දඩයම් කිරීම අඩු වුවද තවමත් ඒවා තැනින් තැන සිදුවේ. මානව ශිෂ්ටාචාරයේ ආදි අවධියේ සිට මුහුදු ඌරා මිනිසා සමග සම්බන්ධවී ඇති බවට මැලේසියාවේ ගල් ගුහාවකින් හමුවී ඇති වසර පන්දහසක් පැරණි සිතුවමකින් පෙන්නුම් කෙරෙයි. එහි මුහුදු ඌරා මැනවින් සිතුවම් ගතකර තිබේ. ඕස්‌ටේ්‍රලියානු ආදිවාසී ඇබෝජින්වරුන් විසින් මුහුදු ඌරා සිය සංස්‌කෘතියේ කොටසක් ලෙස සලකනු ලබයි. අතීත නාවිකයන් විසින් ඉඳහිට දකින ලද දියකිඳුරිය, මුහුදු ඌරා දැයි වත්මන් සමුද්‍රික පරිසරවේදීන් සැක පහල කරනු ලබයි. එයට හේතුව මේ සතාගේ ඇතැම් ශරීරාංග සහ ක්‍රියාකාරකම් මිනිසාට බොහෝ සෙයින් සමාන වීමය. මෙම ගැහැනු සතාගේ පියයුරු කාන්තාවන්ගේ පියයුරුවලට බෙහෙවින් සමාන වන අතර උන් පැටවුන්ට කිරි දෙන්නේද මිනිස් අම්මලා සිය පැටව් හට කිරිදෙන ආකාරයට හරහට පැටවා තබාගෙනය. මුහුදු ශාක ඇඟ පටලවා ගත් මුහුදු ඊරිය උන්ගේ සුපුරුදු චර්යාව අනුව සමුද්‍රය මැද්දේ ගලක් මත සන්ධ්‍යාවක සිටින විට ඈතින් එන ධීවරයාට පෙනෙන්නේ සුන්දර ලියක් ලෙසය. මුහුදු ඊරියන්, මුහුදු අප්සරාවියන් ලෙස පෙනෙන්නේ මේ දර්ශනය නිසා යෑයි අනුමාන කළ හැකිය.
මුහුදු ඌරා සඳහා ඉංගී්‍රසියෙන් යෙදෙන ඩියුගොන් යන වචනය බිහිවී ඇත්තේ පිලිපීනයේ භාෂාවක් වන ටගාලොග් සහ මැලේ භාෂාවෙනි. එහි අර්ථය සමුද්‍රයේ ආර්යාව යන්නය. කෙන්යානු පුරාවෘත්ත අනුකූලව මුහුදු ඊරි නම් කර ඇත්තේ, සාගරයේ රැජන ලෙසය. ඉන්දුනීසියාවේ ඇතැම් පළාත්වාසීන් විශ්වාස කරන්නේ, මියගිය ස්‌ත්‍රීන්ගේ ආත්මය, මුහුදු ඊරිය ලෙස නැවත ජනිත වන බවය. අතීත වාර්තා අනුව පෙනී යන්නේ දීර්ඝ මුහුදු ගමන් ගිය නාවිකයන් මුහුදු ඊරියන් සමග ලිංගිකව හැසිරී ඇති බවය. මුහුදු ඊරිය සමුදුරේ අප්සරාවිය බවට අතීත නාවිකයා නම් කරන ලද්දේ මේ හාදකම නිසාය.
මේ තරම් අතීත කතා සහිතව මානවයාට සමීප වූ මුහුදු ඌරා, අද මානවයාගේ ආත්මාර්ථකාමී සැලකීම් හේතුකොට ගෙන මිහිතලයට සමුදෙමින් අවසන් ගමන් යැමට සූදානම් වී සිටියි.
ජපානයේ ඔකිනාවා දිවයිනට ඔබ්බෙන් වූ මුහුදේ ඇමරිකාව විසින් නව කඳවුරක් ඉදිකිරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් 2003 වසරේදී ජපාන පුරවැසියන් පිරිසක් සහ පරිසර සංවිධාන කිහිපයක් විසින් සැන් ෆ්‍රැන්සිස්කෝහි දී අධිකරණය හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලද අතර ඇමෙරිකාවේ හිටපු ආරක්‌ෂක ලේකම් චක්‌හෙගල් එහි චූදිතයකු ලෙස නම් කර තිබිණි. පැමිණිලිකරුවන් මෙහිදී පවසා ඇත්තේ මෙම හමුදා කඳවුර ඉදිකිරීම මගින් තර්ජනයට ලක්‌ව ඇති සමුද්‍රවාසී ක්‌ෂීරපායී සත්වයකු වන මැනාටීන් දැඩි අවදානමකට හෙළන බවයි. ඊට අමතරව මුහුදු බොක්‌කක් ගොඩ කරන ලද ප්‍රදේශයක ගුවන් පථ දෙකක් ඉදිකිරීම මගින් ඩුගොන් හෙවත් මුහුදු ඌරාගේ නිජබිමක් හා පෝෂණ ප්‍රදේශයක් අහිමි වන බවය. මෙවැනි ජාත්‍යන්තර සිද්ධීන් පවා, මුහුදු ඌරාගේ සුරක්‌ෂිතභාවය මත තීරණය වන තරමට ඌගේ වටිනාකම ලෝකයා හඳුනාගෙන තිබේ. එසේ නමුත් ඩයිනමයිට් යොදා මුහුදේ කරන විනාශය විසින් මේ මහා සම්පත අපේ මුහුදෙන් අතුගා දමමින් පවතී.
මුහුදු ඌරා සංරක්‌ෂණය බැඳී පවතින්නේ සමුද්‍ර දූෂණය අවම කිරීම සමගය. මේ සඳහා ලෝකයා විසින් විශේෂිත සංරක්‌ෂිත වැඩසටහන් ඇති කරගෙන තිබේ.
මුහුදු ඌරන් සහ මුහුදු තෘණ සංරක්‌ෂණ වැඩසටහන යනු මුහුදු ඌරන් සහ ඔවුන් කන මුහුදු තෘණ බිම් ආරක්‌ෂා කිරීමේ අරමුණින් පිහිටුවනු ලැබූ මෙම ලෝක ව්‍යාප්ත වෑයමය. ඉන්දියානු සාගරය හා ශාන්තිකර සාගරය අවට ඇති රටවල් අටකින් මෙම වැඩසටහන අරඹා තිබේ. ඉන්දුනීසියාව, මැඩගස්‌කරය, මලයාසියාව, මොසැම්බික්, සොලොමොන් දූපත්, ශ්‍රී ලංකාව, ටිමෝරය සහ වනුවාටු යන රටවල් මේ සඳහා අයත් වේ. මෙය ලෝකයේ මුහුදු ඌරන් හා මුහුදු තෘණ සංරක්‌ෂණය කිරීමේ ප්‍රථම සමායෝජිත වෑයමය.
මුහුදු ඌරන් වැඩි වශයෙන් අනුභව කරන මුහුදු තෘණ යනු නොගැඹුරු, වෙරළාසන්න මුහුදේ වැවෙන සපුෂ්ප ශාක වර්ගයකි. ලෝකයේ සමුද්‍රයන්හි සුළු ප්‍රදේශයක මෙම ශාක දැකගත හැකි වුවත්, ගොඩබිමේ ඇති වැසි වනාන්තරවල වඩා කාර්යක්‌ෂම ලෙස කාබන්ඩයොක්‌සයිඩ් අවශෝෂණය කිරීමට මෙම ශාකවලට හැකියාව තිබේ. මෙමගින් ජලයේ ඇති අපද්‍රව්‍ය පෙරා, ජලජ සතුන් රාශියකට ආහාර, ආරක්‌ෂාව හා රැකවරණය ද සපයා දෙයි. වෙරළ ඛාදනය වළක්‌වීමෙහිලා ද මුහුදු තෘණ ඉතා වැදගත් කාර්යය භාරයක් ඉටුකරයි.
මේවා මුහුදු ඌරන් වැඩියෙන්ම ප්‍රිය කරන ආහාරය නිසා මුහුදු ඌරන් සංරක්‌ෂණයේදී ඔවුන්ගේ ආහාර ප්‍රභවයන් ද රැක බලා ගත යුතු හෙයින් මුහුදු ඌරා සංරක්‌ෂණය යන මතෘකාවේදී මුහුදු තෘණ බිම් රැක ගැනීම අතිශයින් වැදගත්භාවයක් උසුලයි. ලෝකයේ විවිධ වර්ගයේ තෘණවලින් ගහන විශාලතම මුහුදු තෘණ භූමිය පිහිටා තිබෙන්නේ ෂාක් බොක්‌කේ ය. වර්ග කිලෝමීටර් 4000 කටත් වඩා මුහුදු පැළෑටි ගහනව තිබෙන මෙම ප්‍රදේශයේ ඉස්‌සන්, කුඩා මසුන් හා වෙනත් මුහුදු සත්වයන් බහුලව වාසය කරන අතර මුහුදු ඌරන් 10000 ක් පමණ මෙම පැළෑටි මගින් පෝෂණය ලබයි.
ඩයනමයිට් වැදී මියගිය මළ කුණක් ලෙස ඉඳහිට වෙරළට ගොඩ ගසනා මුහුදු ඌරෙකු පිළිබඳව නොව සාඩම්බර මුහුදු රැජනක් ලෙස මුහුදු ඌරා අපේ සමුද්‍රයේ වාසය කරන යුගයක් ඇති කිරීම කිරි බී වැඩෙන සත්වයන් ලෙස අපගේද වගකීම වන්නේය.
ඔසිත අත්තනායක
http://www.divaina.com/2016/11/20/feature14.html