Pages

Thursday, January 15, 2015

කේන්දර හොරු! පරදිනවා කියා දැනගත්තා. බයට කිවුවෙ නෑ – සුමනදාස | එදා - ප.ව1.32 බලවත් නැකතක්. මහින්දට ජය නියතයි!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යොතිශාත්‍රඥයා  ලෙස වසර ගණනාවක්ම කටයුතු කළ ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන (63) මහතා ජනපතිවරණයට කලින් කියා සිටියේ නියත වශයෙන්ම මහින්ද රාජපක්ෂ ජය ගන්නා බවයි.

ජනවාරි අට වැනි දා හිටපු ජනපතිට වාසනාව උදාවන බව ඔහු කියා තිබිණි.


මහින්ද රාජපක්ෂ සිවුවරක්ම ජනපති වන බවත් ඔහු ස්ථිරවම කියා සිටියේය.


ඔහුගේ වැරදි අනාවැකිය ගැන විමසීමට දුරකතනයෙන් ඔහුට කතා කළ විට ඔහු කේන්තියෙන් පිළිතුරු දුන්නේය.


‘පිස්සු නැතිව ඉන්න නෝනා. ඔහේලා අපිට මඩ ගහලා තව කතා කරන්න එනවා‘ යනුවෙන් පැවසූ අබේගුණවර්ධන මහතා දුරකතනය විසන්ධි කළේය.


මේ අතර ඉන්දියාවේ එන්ඩීටීවී රූපවාහිනිය පැවසුවේ මේ ඡන්දයෙන් සුමනදාසගේ අනාවැකි හැකියාව පිළිබඳ අවසාන පරීක්ෂණය මෙය බවයි.


මේ අතර චන්ද්‍රසිරි බණ්ඩාර නම් නක්ෂත්‍රකරු ද මහින්ද රාජපක්ෂ මහතා දිනන බව රූපවාහිනී සාකච්ඡාවක දී අනාවැකි පළ කළේය.


මහින්ද රාජපක්ෂ පරාජය වුවහොත් වෙඩි තබා ගන්නා බව ඔහු කීවේය.


නීතිවේදියකු ද වන මාපලගම විමලරත්න නම් තවත් නක්ෂත්‍රකරුවකු ද පැවසු‍වේ මහින්ද රාජපක්ෂ දිනන බවයි. ඔහු පරාජය  වුවහොත් තමා ගිනි තබා ගන්නා බව ද ඔහු කීවේය.


මේ අතර ගාඩියන් පත්‍රය  පවසනුයේ නියමිත කාලයට වඩා දෙවසරකට  කලින් පැවැත්වූ ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජය ගන්නා බවට සුමනදාස අනාවැකි කී බවයි.


1503 – 1566 කාලයේ නක්ෂත්‍ර අනාවැකි පල කළ මයිකල් නොස්ට්‍රඩාමස් නම් ප්‍රංශ ඇපොතිකරිවරයාගේ අනාවැකි සියල්ල ද හරි නොගිය බව ද සුමනදාස ගාඩියන් පත්තරයට කියා ඇත.


‘මම ඔහුට ලොකු දෙයක් කළා. නමුත් ජනාධිපති වෙන්නත් වාසනාවක් තියෙන්න ඕනෑ. ‘


පසුගිය බ්‍රහස්පතින්දා සිට සුමනදාස මාධ්‍යයෙන් වසන් වී සිටියි.


හිටපු ජනපති නැකත්කරුවන් බෙහෙවින් විශ්වාස කළ බවත් ගාඩියන් පත්‍රය කියයි.


හිටපු ජනපතිට වසර 32ක් තිස්සේ ජ්‍යෝතිෂ උපදෙස් දුන් සුමනදාසට ද යස ඉසුරු අහිමි වූ බව ගාඩියන් පත්‍රය සඳහන් කරයි.


ඒ එෆ් පී ප්‍රංශ පුවත් සේවය සමඟ සාකච්ඡාවක දී අබේගුණවර්ධන පිළිගත්තේ තමා දැනට වසන් වී සිටින බවයි.


එහෙත් තමාගේ අනුගාමිකයන් තමා අත නොහරින බව විශ්වාස යැයි ද ඔහු කියා ඇත.


‘මම මිනිසුන් සමඟ විශේෂයෙන් මාධ්‍ය සමඟ කතා කිරීමෙන් වැළකී සිටිනවා. මට ලොකු අනුගාමිකයන් පිරිසක් ඉන්නවා. ඔවුන් මා අත්නොහරිතියි මා සිතනවා.‘


සිකුරාදා අලුයම් කාලයේ ඡන්ද ප්‍රතිඵල ලැබීමත් සමඟ රාජපක්ෂ සැනසීමට තමා උත්සාහ කළ බවත් ඔහු කීවේය.


රාජපක්ෂ එදා උදෙන්ම අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය බවත්, ඊට කලින් තමා පදිංචිව සිටි බංගලාවේ යතුර ද  කාරය ද රියදුරා ද බාරදී, රාජ්‍ය බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ද ඉවත් වූ බව සුමනදාස ප්‍රංශ පුවත් සේවය සමඟ කීවේය.


රාජපක්ෂ එම ඡන්දයෙන් පරාජය වන බව තමා දැන සිටි නමුත් ඒ බව ඔහුට පැවසීමට තමාට ශක්තියක් නොතිබූ බව ද ගාල්ලේ පදිංචියට ගිය සුමනදාස ‘‘රාජපක්ෂ පරදින බව කිව්වා නම් ඔහු මානසික වශයෙන් බිඳ වැටෙනවා. ඔහුගේ පරාජය තවත් බරපතල වන්නට තිබුණා. මෙම ප්‍රතිඵලය ඔහුගේ කේන්දරයේ ලියැවී තිබුණා. අපේ සර්ගේ කේන්දරේට වඩා විරුද්ධ වාදියාගේ (මෛත්‍රීපාල සිරිසේනගේ) කේන්ද්‍රය බලවත්. ‘‘


එහෙත් රාජපක්ෂ ජනපතිවරණය පවත්වන බවට පසුගිය නොවැම්බර 20 වැනි දා පස්වරු 1.32ට ගැසට් නිවේදනයට අත්සන් කරද්දී අබේගුණවර්ධන ඔහුට උපදෙස් දුන්නේ බෙහෙවින්ම බලවත් සුබ නැකතක් බවයි. ඔහුගේ ජය නියත බවයි.


ඔහුගේ වැරදුණු අනාවැකියේ ප්‍රතිඵලය ගැන විමසූ විට සුමනදාසගේ ඇස්වල කඳුළු පිරී තිබිණි.


සුදුසු දිසාව බලා නැකතට ඡන්දය ප්‍රකාශ කළ යුතු බවට ඔහු රාජපක්ෂට උපදෙස් දුන්නේය. ඔහුගේ ජය තහවුරු කිරීම සඳහා සම්ප්‍රදායික සෙත් ශාන්ති ද කළේය.


සුමනදාස පැවසුවේ සිරිසේන තමාගේ මිත්‍රයකු බවයි. එහෙත් සිරිසේන රජයෙන් ඉවත්ව යන බව ඔහුගේ නක්ශස්ත්‍රයට නොපෙනුණු බව ද ඔහු පිළිගනී.


2010 මැතිවරණයේ දී රාජපක්ෂ පරදිතියි 2009 දී සුමනදාසගේ සගයකු අනාවැකියන් පළ කළේය. ඔහු අත්අඩංගුවට ගෙන සිරගෙට යැවූ බවත්, ඒ නිසා නරක ආරංචිය රාජපක්ෂට පැවසීමට සුමනදාස අදිමදි කරන්නට ඇති බවත් ගාඩියන් පත්‍රය කියයි.


2005 හා 2010 දී රාජපක්ෂ දිනන බව අබේගුණවර්ධන ප්‍රකාශ කළේය.


කිසිම නක්ෂත්‍රකරුවකුට සියයට සියයක් නිවැරදිව අනාවැකි පළ කළ නොහැකි බවත්, නොස්ට්‍රඩාමස්ට ද එසේ කළ නොහැකි වූ බවත් සුමනදාස කීවේය.


‘හැම කෙනකුටම ජනපති විය නොහැකියි. එහෙම නම් මටත් රුපියල් 75000ක් ඇප තබා ස්වාධීන අපේක්ෂකයකු වී ජනාධිපති වන්න ඉඩ තිබුණා. සාස්තර කියන විට සියයට පහක වැරදීම් වලට ඉඩ හැරිය යුතුයි.


රාජපක්ෂ ඇසීමට කැමති දේ පමණක්ම නොකී බව සුමනදාස කියයි.


‘පොදු රාජ්‍ය මණ්ඩලයේ සබාපතිකම බාර නොගන්නා ලෙස මම ඔහුට කීවා. රාජපක්ෂට කලින් එමහ තනතුර දැරූ ඕස්ට්‍රේලියා අගමැතකි ජුලියා ගිලාඩ් පැරැදුණා. ඒ තනතුර කටු ඔටුන්නක්  භාර නොගත්නැයි 2013 දී රාජපක්ෂට මං කිව්වා. බලන්න ගිලාඩ්ට වුණු දේ. ඒ දේම අපේ සර්ටත් වුණා’


http://www.lankadeepa.lk/index.php/articles/289860

Tuesday, January 13, 2015

ප්‍රංශයටත් මූසලු අන්තවාදයේ අඳුරු හෙවනැලි යළි යළිත් - සුපිරි වෙළෙඳසල් සංකීර්ණයකට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් සිව්දෙනෙක්‌ මරුට

පැරිසියේ කොෂර් සාප්පු සංකීර්ණයට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයකින් යුදෙව්වන් සිව්දෙනෙක්‌ මරුමුවට පත් වී ඇත.

මියගිය යුදෙව්වන් සිව්දෙනාගේ සිරුරු ඊශ්‍රායලයට ගෙන ඒමට නියමිතය. ජිහාද් ත්‍රස්‌තයකු වූ අමේශ් කවිලබාලි නමැත්තා විසින් මෙම ඝාතනය සිදුකර ඇත.

පොලිසිය ඔහුට වෙඩි තබා මරා දමා ඇත. මෙම ජිහාද් ත්‍රස්‌තයාගේ නිවස වැටලූ පොලිසිය අවි ආයුධ රැසක්‌ සොයාගෙන ඇත.

http://www.divaina.com/2015/01/13/forign03.html

Pic Source

Monday, January 12, 2015

මෛත්‍රී යහ පාලනයේ නව ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි!



කැබිනට් ඇමතිවරු – 27 යි 

රනිල් වික‍්‍රමසිංහ – අගමැති, ආර්ථික සංවර්ධන
ජෝන් අමරතුංග – මහජන සාමය හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු
ජෝෂප් මයිකල් පෙරේරා – ස්වදේශ කටයුතු
ගාමිණී ජයවික‍්‍රම පෙරේරා – ආහාර හා කාර්ය සුරක්‍ෂිතතා
මංගල සමරවීර – විදේශ කටයුතු
කරු ජයසුරිය – බුද්ධ ශාසන
ලක්‍ෂමන් කිරඇල්ල – වැවිලි කර්මාන්ත
රවි කරුණානායක – මුදල්
රවුෆ් හකීම් – නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවාහන
පාඨලී චම්පික රණවක – විදුලිබල හා බලශක්ති
රාජිත සේනාරත්න – සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය
දුමින්ද දිසානායක – වාරිමාර්ග
කබීර් හෂීම් – මහාමාර්ග, ආයෝජන ප‍්‍රවර්ධන
එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන – ඉඩම්
සජිත් පේ‍්‍රමදාස – නිවාස හා සමෘද්ධි
විජේදාස රාජපක්‍ෂ – අධිකරණ
ගයන්ත කරුණාතිලක – ජනමාධ්‍ය
නවීන් දිසානායක – සංචාරක
අර්ජුන රණතුංග – වරාය හා නාවික
රිෂාඞ් බදුර්දීන් – කර්මාන්ත හා වාණිජ
පලනි දිගම්බරන් – වතු යටිතල පහසුකම්
ඞී.එම්. ස්වාමිනාදන් – නැවත පදිංචිකිරීම්, ඉදිකිරීම් හා හින්දු කටයුතු
අකිල විරජ් කාරියවසම් – අධ්‍යාපන
තලතා අතුකෝරළ – විදේශ රැකියා
රංජිත් මද්දුම බංඩාර – අභ්‍යන්තර ප්‍රවාහන 
පී. හැරිසන් – සමාජ සේවා සහ සුභසාදන
චන්ද්‍රාණි බංඩාර – වනිතා කටයුතු

රාජ්‍ය ඇමතිවරු – 10 යි

නන්දිමිත‍්‍ර ඒකනායක – සංස්කෘතික කලා කටයුතු
වී. රාධක්‍රිෂ්ණන් – අධ්‍යාපන
ෆයිසර් මුස්තාෆා – ගුවන්තොටුපල
පාලිත රංගේ බංඩාර – විදුලිබල හා බලශක්ති
දිලිප් වෙදආරච්චි – ධීවර
රෝසි සේනානායක – ළමා කටයුතු
රජීව විජේසිංහ – උසස් අධ්‍යාපන
රුවන් විජේවර්ධන – ආරක්ෂක
කේ. වේලායුදන් – පේෂ කර්මාන්ත
නිරෝෂන් පෙරේරා – තරුණ කටයුතු

නියෝජ්‍ය ඇමතිවරු – 8 යි

චම්පික පේ‍්‍රමදාස – කර්මාන්ත හා වාණිජ
හර්ෂද සිල්වා – ප‍්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික
එරාන් වික‍්‍රමරත්න – මහාමාර්ග, ආයෝජන ප‍්‍රවර්ධන
සුජීව සේනසිංහ – අධිකරණ
වසන්ත සේනානායක – සංචාරක
විජේකලා මහේෂ්වරන් – වනිතා කටයුතු
අජිත් පී. පෙරේරා – විදේශ කටයුතු
අනෝමා ගමගේ – වාරිමාර්ග

සම්පූර්ණ ඇමති මණ්ඩලය – 45 යි

Pic Source

ත්‍රස්‌ත ප්‍රහාරවලට එරෙහිව ප්‍රංශයේ පාගමනට ලෝක නායකයෝ 40 ක්‌

View image on Twitterප්‍රංශයට එල්ල වූ මුස්‌ලිම් අන්තවාදී ප්‍රහාරයට එරෙහිව පැරිස්‌ නුවරදී පැවැත්වෙන පාගමන සඳහා ලෝක නායකයන් 40 දෙනකු සහභාගිවීමට නියමිතය.

මුස්‌ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාර වලින් 17 දෙනෙක්‌ මරුමුවට පත්විය.

බ්‍රිතාන්‍යය අගමැති ඩේවිඩ් කැමරන්, ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කලි, ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යානු ඇතුළු රාජ්‍ය නායකයන් මෙයට සහභාගි වනු ඇත.

මිලියනයකට අධික ජනකායක්‌ මෙයට සහභාගි වනු ඇතැයි බලාපොරොත්තු වේ.

http://www.divaina.com/2015/01/12/forign02.html

Pic Source

සබැඳි ලිපි -
[
මූසලු අන්තවාදයෙන් ප්‍රංශය දෙදරයි! ප්‍රංශ සඟරාවේ කර්තෘ ඇතුළු 12 දෙනකු මරා දමලා...http://denethharinna.blogspot.com/2015/01/12.html
]

බොකෝ හාරාම් ප්‍රහාරයකින් දෙදහසක්‌ මරු දකිති

බොකෝ හාරාම් ත්‍රස්‌තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදහසක්‌ මරණයට පත් වී ඇත.

ඉකුත් සිකුරාදා එල්ල කෙරුණු මෙම ප්‍රහාරය බොකෝ හාරාම් සංවිධානය විසින් එල්ල කළහ.

චැඩ් රාජ්‍යයට මායිම්වන බාගා ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

මෙම ප්‍රහාරයෙන් කාන්තාවන් හා ළමුන් විශාල පිරිසක්‌ ඝාතනය වී තිබේ.

බොකෝ හාරාම් ත්‍රස්‌ත කණ්‌ඩායම් වසර 5 ක සිට නයිජීරියාවේ ආණ්‌ඩුවට එරෙහිව කැරැල්ලක්‌ ආරම්භ කර ඇත.

බොකෝ හාරාම් මුස්‌ලිම් අන්තවාදීන්ගේ ප්‍රහාර නිසා දශලක්‌ෂයකට උන්හිටි තැන් අහිමි වී ඇත.

http://www.divaina.com/2015/01/12/forign01.html

Friday, January 9, 2015

කිරෙන් දිය වෙන් කරගන්නට සමත් හංසයෝ, නිවැරැද්ද, සත්‍ය සහ විනය, වැරැද්දෙන්, අසත්‍යයෙන් සහ අවිනයෙන් වෙන් කර ගැනුමට සමත් වේවා!



මෙම ලිපිය උපුටා ගත්තේ බුද්ධික මල්ලවආරච්චි මහතාගේ මුහුණු පොතේ වූ තතු යාවත්කාලීනයකිනි.

බලකාමය මිනිසුන් අන්ධ කලේය. මහරජ සිහසුනට එසවූ අහිංසකයන්ට පහර වැදිනි. සැමදා රජු සමඟ සිටි බොදු බලයට නේකවිධ මඩ පහර වැදිනි. බලය සැමදා තම අත යැයි සිතූ මහරජුන්, සිහසුන් වැඩියේ දූෂණය, හොරකම යන කිරුළුද සමඟය. බලය, දූෂණය සඳහා ලැබෙන වරදානයක් නොවන බවට සියලු පාලකයෝ සිතාගත යුතුය. මේ දූෂිත පාලනය එරෙහිව මෙත් පාලනයක් වෙනුවෙන් නොබියව හැඬ නැගූ අප, අද හවස 6ට දිව්රන නව පාලකයන්ට මතක් කළ යුත්තේද මෙයයි.

කිරෙන් දිය වෙන් කරගන්නට සමත් හංසයෝ, නිවැරැද්ද, සත්‍ය සහ විනය, වැරැද්දෙන්, අසත්‍යයෙන් සහ අවිනයෙන් වෙන් කර ගැනුමට සමත් වේවා! එසේ නොවුනහොත්, හංස පාලනයටද එරෙහි වන්නට අපි කිසි විටෙක භිය නොවෙමු! මක්නිසාද යත්, අපි කිසිඳු පක්ෂයකට බැඳි පාක්ෂිකයන් නොවන බැවිනි! 

සබැඳි ලිපි -
[
දුෂ්ඨ ගමනට දැන් සමු දිය යුතුමයි!http://denethharinna.blogspot.com/2015/01/blog-post_25.html
]

Thursday, January 8, 2015

දුෂ්ඨ ගමනට දැන් සමු දිය යුතුමයි!



අපේ එකම අරමුණ රටයි. ජාතියයි. ආගමයි! මහින්ද හෝ මෛත්‍රී නොවේ. එදා බොදු බලයෙන් සිහසුන් වැඩි මහින්ද බොදුනුවන්ටම රිදවන විට අපි එකහෙලා ඊට එරෙහි වූයෙමු! අපේ සැඟවූ න්‍යාය පත්‍ර නැත. මහින්ද රජ කරවන්නට කැපවූ අපි, එසේ කිරීමට උරදුන් බොදුනුවන්ට රිදවන විට දත්ත, සංඛ්‍යාලේඛන සහිතව ඊට එරෙහිව ලිව්වෙමු! 

සිහල බොදු බලයෙන් සිහසුන් වැඩි පාලකයන්ට අමතක වූ කෘතගුණ!http://denethharinna.blogspot.com/2013/06/blog-post_1.html

මෙම ලිපිය උපුටා ගත්තේ ප්‍රභාත් මහීපාල මහතා යක්කලමුල්ලේ පවර හිමියන්ගේ තතු යාවත්කාලීනයකට දැක්වූ මුහුණු පොතේ ප්‍රතිචාරයකි.

ඔබ වගේම රටේ හුගක් දෙනෙක් මෛත්‍රී ට එරෙහිව කරන තවත් පොදු විවේචනයකට මගේ අදහස මෙන්න, චන්ද්‍රිකා රනිල් සම්බන්ධව වූ ප්‍රශ්ණය මුලු රටම පොදුවේ අහන ප්‍රශ්ණයක් බැවින් ඒ ගැන මගේ අදහසත් ලියන්න හිතුනා.විධායකය කඩුවකට හා රට බෙදීම ඇතුලු සියලු අනතුරු කොස් ගෙඩියකට සමාන කරමු.එහෙම බැලුවොත් මේ කියන්න හදන්නේ මෛත්‍රී දිනුවොත් චන්ද්‍රිකා හා රනිල් බලපෑම් කරලා මෛත්‍රී අතේ තිබෙන කඩුවෙන් කොස් කොටවයි කියන එක නේද?හැබැයි මේක ප්‍රාෙයා්ගිකද?චන්ද්‍රිකාගේ අතේ මේ කඩුව වසර11 ක් තිබ්බා.එයින් අවුරුදු 2 ක කාලයක් හෙට වගේ පිනට ලැබෙන්න යන අගමැති කමක් නොව ජන වරමින් ලැබුනු අගමැති විධියට රනිල්ගේ සහයත් ඇයට ලැබුනා.තමන්ගේ අතේ කඩුව තියෙද්දි කොටාගන්න බැරි වුනු කොස් ගෙඩිය මෛත්‍රී ලවා කොටවා ගන්න පුලුවන් කියන එක විහිලුවක් නේද?

එදා ජාතික ව්‍යාපාරයේ අපේ නායකයන්ට දේශපාලන බලයක් නැතිවම චන්ද්‍රිකා රනිල් පරාජය කිරීමට හැකි වුනා.අද අපි හුගක් ශත්තිමත්.මෛත්‍රී පාලනය ගේනවා වගේම ඒ ගමණට වග කියන්න පුලුවන් නායකයො විදියටජා හෙ උ රතන හාමුදුරුවො, චම්පික වගේම සරත් ෆොන්සේකා,මාදුලුවාවේ සෝභිත හාමුදුරුවොත් ඉන්නවා.හැබැයි ඔය කියන මහින්දගේ ඒකාධිපති ගමනට දශමයකින් වත් බලපෑමක් කරන්න විමල්ට වත් ගම්මන්පිලටවත් බො බ සේනාවටවත් හැකියාවක් නෑ.අඩු ගානේ මහ නා හිමි වරුන්ටවත් ඔහු ඇහුන්කම් දෙන්නේ නෑ.ඒ නිසා අපි බොරු මනෝරාජික තර්ක වලට නොගොස් රටට අවහ්‍ය මේ දේශපාලන වෙනස වෙනුවෙන් පෙළ ගැසෙමු

ජාතික ව්‍යාපාරයේ එකම අරමුණක එකට හිටපු අපේ සගයන් මේ හදිසි ජනාධිපතිවරනය හමුවේ බෙදී සිටීම කණගාටුවට කරුනකි.නමුත් අපි යථාර්ථය දකිමු!මගේ අදහස මෙන්න, අපි බොහෝ දෙනා ජාතික අරමුනේ එකට හිටපු අපේම අය.අපේ අදහස් සමානවයි තිබුනේ.මේ ජනාධිපතිවරනය පොදුවේ ජාතික අරමුනේ එකට හිටපු අපේ මිනිස්සුන්ව මතවාදීව තරමක් දෙකඩ කළා.මහින්දගේ පාළනය හා ගමණ ජාතික අරමුණු දිනා ගැනීමේ සටනට තිබිය යුතු හොදම හා එකම පාලනය නම් තුනෙන් දෙකේ බලයක් සහිතව එනම් ස්ථාවරව තිබුනු මේ රට තවත් අවුරුදු දෙකක් එසේම ගමන් කරන්නට තිබෙන ඉඩ අහුරමින් අස්ථාවර කලේ අපිද මහින්දද?අනෙක් පැත්තෙන් ජාතික අරමුනේ හිටපු අපි දෙන්නමත් පොදුවේ බොදුබල සේනා ඇතුලු සංවිධානත් පසුගිය වසර 4 ක් තිස්සේ විවේචනය කලේ මහින්දගේ සිංහල බෞද්ධ විරෝධී ගමන් මග නේද?

අපේ දරුවන් 26000 ක් ඇස් ඉස් මස් ලේ දන්දී දිනාගත් උතුරු නැගෙනහිර භූමියේ අපේ සිංහලයන්ගේ අයිතිය ලබා නොදුන්,මුස්ලිම් අන්තවාදයට නැගෙනහිර ස්වභාවික වනාන්තර අත්පත් කර ගනිමින් පදිංචි වෙන්නට ඉඩ හැර ඇස් වසාගෙන හිටපු,අලුත්ගම සිද්ධියේ ඇත්ත කතාව දිගින් දිගටම මාධ්‍යයට වසන් කරමින් ජාත්‍යන්තරය තුල සිංහල බෞද්ධයා හෑල්ලුවට පත් කල,නැගෙනහිර මූධර්මවාදී අරාබි විශ්ව විද්‍යාළ අරිමින් හලාල් හා ශරියා බැංකු වලට ව්‍යාප්ත වන්නට ඉඩකඩ ලබා දුන්,කූරගල අපේ ඉතිහාසය මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ ගවේශනයට ලක් වෙද්දි පැය 24 න් එම කැනීම් නතර කරන්නට තම බළය පාවිච්චි කල,විදේශ තානාපති සේවාවන්ට ඥාතින් හා හිතවතුන් පත් කරමින් නුසුදුස්සන් හරහා රට අපකීර්තියට පත් කළ,උගත් පාඩම් කොමිසම හරහා අනවශ්‍ය දුරකට ගොස් 13 ඉක්ම වූ බලය බෙදීමකට වැරදි උපදෙස් ලබා දෙමින් මේ රට අනවශ්‍ය ජාත්‍යන්තර උගුලක හිර කළ,කුඩු,කැසිනෝ එතනෝල් වලට රටේ තරුණ පරම්පරාව බිලිදුන්,තුනෙන් දෙකේ බලය තිබියදීත් පළාත් සභා සතු අනිසි බලතල දශමයකින් හෝ සංශෝධනය නොකර ජාතික බලවේග වලට පිටුපා උතුරු පළාත් සභාව විග්නේෂ්වරන්ට බන්දේසියක තබා පාවා දුන්,රටේ ප්‍රමුඛ ජාතික අවශ්‍යතා ගැන පූර්ව තක්සේරුවකින් තොරව අවිධිමත්ව මහජන මුදල් අපතේ යවමින් කරගෙන යන කොමිස් වලට මුල් තැන දෙන රටට ඔරොත්තු නොදෙන මෙගා ඩීල් ව්‍යාපෘති,මහ නාහිමිවරුන්ගේ උපදෙස් තඹ සතයකට මායිම් නොකර බේබිලාගේ අවශ්‍යතාවය මත දළදා මාළිගාව වටේ කාර් රේස් පදිමින් විදේශික ගණිකාවන්ගේ නැටුම් වලින් අපේ පුද බිම කිළිටි කළ,ජාතික සම්පත් දේපළ හා ඉඩකඩම් චීනයට හා ඉන්දියාවට විකුණන,රටේ ජාතික ධනය පවුලේ බූදලයක් බවට පත් කරගනිමින් ඇති නැති පරතරය තව තවත් දුරස් කරමින් සමාජ අසාධාරනය රජ කරන දූෂිත පාළනයකට ගමන් කරමින් සිටින මහින්දට මට නම් මගේ අතින් නැවත ඡන්දයක් නම් දෙන්න බෑ.මේ දුෂ්ඨ ගමණට දැන් සමු දිය යුතුමයි.

තුන් වන වරටත් මොහු දිනුවොත් ඉහත කී සියලු විනාශයන් මේ රටේ මහජනතාව අනුමත කළා හා සමාන වෙනවා.ජාතියට රටට ආදරය කරන හැම දෙනාගේම පළමු වගකීම වන්නේ මේ ඒකාධිපති ගමණ නතර කිරීමයි.මෛත්‍රී ගේ පාළනය අලුතින් මුල සිට ආරම්භ වන්නක් බැවින් එය පාළනය කිරීමේ හැකියාවක් තිබෙනවා.පටන් ගත් තැන සිටම වැරදි පාරකට යන්න ඔහුට ඉඩක් නෑ.පහු වෙලා හෝ ඔහු වැරදි පාරකට වැටුනොත් ඒක වලක්වන්න ජාතික හෙළ උරුමය,ජෙනරල් සරත් ෆොන්සේකා සෝභිත හාමුදුරුවො වගේ බළ වේග තිබෙනවා.ඒ වගේම මේ එන්නේ එ ජා ප ආණ්ඩුවක් හෝ චන්ද්‍රිකා ආණ්ඩුවක් නොවෙයි.ශ්‍රී ල නි ප යේම මහලේකම් රාජ්‍ය නායකයා වන පාළනයක්.මම නම් මේ දෙස සුභ වාදීව බලනවා.මම හිතනවා මේ රටේ බහුතරයක් මේ දෙස සුභ වාදීව බලනවා ඇති කියලා.අපට හමුවන සමාජ කණ්ඩායම් තුලින් ඒ බව තහවුරු වෙනවා.ජාතික බලවේග නියෝජනය කරපු ඔබත් මමත් මොන තත්වයක් යටතේ වුවත් අපේ ජාතික අරමුණු ජය ගන්නට අධිෂ්ටාන කරගනිමු!

මූසලු අන්තවාදයෙන් ප්‍රංශය දෙදරයි! ප්‍රංශ සඟරාවේ කර්තෘ ඇතුළු 12 දෙනකු මරා දමලා...

View image on Twitterප්‍රංශයේ Charlie Hebdo (චාලි හෙබ්දො) යන සඟරාව පළකරන පැරිස්‌නුවර පිහිටි කාර්යාලයට කඩා වැදුණු මුහුණු වසාගත් මුස්‌ලිම් අන්තවාදීන් දෙදෙනකු එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනකු මරුමුවට පත්වී ඇත.

මේ ප්‍රහාරය එල්ල කළ ආයුධ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනා අල්ලාහු අක්‌බර් යනුවෙන් කෑගසමින් වෙඩි තැබීම සිදුකර ඇත. ප්‍රහාරය එල්ල කර පිටතට පැමිණි මොවුන් අසල සිටි නිරායුධ පොලිස්‌ නිලධාරියකුද ඝාතනය කර තිබේ.

ඒ. කේ. 47 වර්ගයේ තුවක්‌කු රැගෙන පැමිණි මොවුන් පසුව මෝටර් රියකින් පලාගොස්‌ ඇත. චාලි හෙබ්දො සඟරාවේ කර්තෘ මෙන්ම එරට ප්‍රධානතම කාටුන් ශිල්පියකු වන ස්‌ටෙෆාන් චාර්බොහීර් සහ තවත් ප්‍රමුඛ කාටුන් ශිල්පීන් දෙදෙනකු වන ජොර්ජස්‌ වොලින්ස්‌කි සහ ජීන් කැබුට්‌ මෙම ප්‍රහාරයෙන් මරණයට පත්වී ඇත.

මෙම සඟරාව මුස්‌ලිම් විරෝධී ස්‌ථාවරයක්‌ ගත් සඟරාවකි. ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලන්ඩේ ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රහාරය ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ බවයි.

නබි නායකතුමාගේ කාටූනයක්‌ ඇඳීම සම්බන්ධයෙන් 2011 වසරේදීද මෙම කාර්යාලයට ප්‍රහාරයක්‌ එල්ල විය.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් දහ දෙනෙකු තුවාල ලබා ඇත.

අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය ප්‍රංශයට ප්‍රහාරයක්‌ එල්ල කරන බවට මීට වසර කිහිපයක සිට අනතුරු අඟවා තිබිණි.

සඟරා කාර්යාලයට පහර දුන් මෙම ප්‍රහාරකයන් දෙදෙනා එම ස්‌ථානය අසලට පැමිණි පොලිස්‌ නිලධාරීන්ටද වෙඩි තබා පලාගොස්‌ ඇත.

මේ වන විට පැරිස්‌ නගරයේ දැවැන්ත පොලිස්‌ මෙහෙයුමක්‌ අරඹා ඇත.

http://www.divaina.com/2015/01/08/news33.html

Youngest Suspect in 'Charlie Hebdo' Attack Turns Himself In, 2 Others Sought


The youngest suspect in today's deadly attack at a satirical newspaper's office in Paris has turned himself in, French police said, while the other two are “on the loose, armed and dangerous."

French authorities have named the three suspects who they believe are responsible for the shooting deaths of 12 people, U.S. law enforcement officials told ABC News.
Officials identified the suspects as Said Kouachi and Cherif Kouachi, two relatives both in their 30s and still at large, and 18-year-old Hamyd Mourad, who police say is cooperating after his surrender in the French town of Charleville-Mezieres, about 2 miles north of Paris.
Cherif Kouachi, 34, is listed in a private database, ABC News has confirmed.
Kouachi, along with six others, was sentenced in May 2008 to 3 years in prison for terrorism in Paris. All seven men were accused of sending about a dozen young Frenchmen to join Abu Musab al-Zarqawi, the leader of Al Qaeda in Iraq, after funneling them through radical religious establishments in Syria and Egypt. French authorities believed Kouachi had been planning to go to Syria for training in 2005.
Paris Deputy Mayor Patrick Klugman earlier today told ABC News that two of the assailants went inside the offices of Charlie Hebdo and listed off the names of their targets before shooting them execution style. The third man was waiting outside the building.
The French president called the attack a "terrorist operation."
The shooting at the office of Charlie Hebdo was a "cowardly attack," said President Francois Hollande when he was at the scene this morning."This is a terrorist operation against an office that has been threatened several times, which is why it was protected," he said, without going into the specifics of the police protection at the office in the center of Paris. Photos from the scene show a police car riddled with bullet holes.
The newspaper had been targeted in the past over its content, often aimed at religious groups.
French officials confirmed that there are believed to be three attackers, all of whom were seen in videos wearing black from head-to-toe. Their identities and affiliations have not been revealed but one of the men is heard screaming "Allahu Akbar," an Islamic phrase meaning "God is great," in one of the scene videos.
PHOTO: People stand outside the French satirical newspaper Charlie Hebdos office after a shooting, in Paris, Jan. 7, 2015.
Remy De La Mauviniere/AP Photo
PHOTO: People stand outside the French satirical newspaper Charlie Hebdo's office after a shooting, in Paris, Jan. 7, 2015.
PHOTO: Authorities in France are investigating a shooting, Jan. 7, 2015.
ABC News
PHOTO: Authorities in France are investigating a shooting, Jan. 7, 2015.
This morning's turmoil punctured an otherwise normal day in the French capital, with the gunshots audible from nearby buildings, sending bystanders cowering. The masked gunmen were later seen fleeing the scene and hijacked a car, authorities said. They have not been caught and a search is underway for the shooters.
The tragedy marks France's deadliest terror attack in decades. The government raised its terror alert to the highest level and reinforced security at houses of worship, stores, media offices and transportation.
The New York City Police Department ordered extra security to the French consulate in Manhattan and the U.S. Department of Homeland Security said that they are closely monitoring the events in France and are ready to adjust their "security posture, as appropriate."
Charlie Hebdo, a satirical newspaper, has come under attack before. Their office was firebombed in 2011 and its website was hacked after its cover featured the prophet Muhammad. Nearly a year later, the publication again published crude Muhammad caricatures, drawing denunciations from around the Muslim world.
The cover of this week's issue of the newspaper focuses on a new book by Michel Houellebecq, “Submission,” which depicts France led by an Islamic party that bans women from the workplace.
PHOTO: A bullets impact is seen on a window at the scene after a shooting at the Paris offices of Charlie Hebdo, a satirical newspaper, Jan. 7, 2015.
Jacky Naegelen/Reuters
PHOTO: A bullet's impact is seen on a window at the scene after a shooting at the Paris offices of Charlie Hebdo, a satirical newspaper, Jan. 7, 2015.
PHOTO: A police car riddled with bullets during an attack on the offices of the newspaper Charlie Hebdo in Paris, Jan. 7, 2015.
STR/AFP/Getty Images
PHOTO: A police car riddled with bullets during an attack on the offices of the newspaper Charlie Hebdo in Paris, Jan. 7, 2015.
President Obama condemned the "outrageous" attack.
"France is America’s oldest ally, and has stood shoulder to shoulder with the United States in the fight against terrorists who threaten our shared security and the world," President Obama's statement read. "Time and again, the French people have stood up for the universal values that generations of our people have defended."
Pic & English Article Source

Wednesday, January 7, 2015

දරිද්‍රතාවයෙන් දිවි ජයගත් වීර චරිතය ආදර්ශයක් කරගමු! "වේලක්‌ ඇර වේලක්‌ දෙන්න තරම් වත්කමක්‌ තාත්තට තිබුණෙ නෑ" - නන්දා මාලනී

"අපේ පවුලේ දරුවෝ නමදෙනෙක්‌. තාත්තා ඇඳුම් මහන්නෙක්‌. අපි ජීවත්වුණේ කොටහේනේ මුඩුක්‌කුවක. දරිද්‍රතාවයේ අන්තයටම ගිලිල මා හිටිය. අපට වේලක්‌ ඇර වේලක්‌ කන්න දෙන්න තරම් වත්කමක්‌ මගෙ තාත්තට තිබුණෙ නෑ" යෑයි සංගීත විශාරද නන්දා මාලිනී මහත්මිය රත්නපුරදී පැවසුවාය.

ඇය එසේ පැවසුවේ රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය වාර්ෂිකව ඉදිරිපත් කරන කලා අංශයේ සිසුන්ගේ වාර්ෂික විෂය බාහිර ව්‍යාපෘතියක්‌ වන වසන්තයේ බිහිදොර වාර්ෂික කලා මංගල්‍ය උළෙලට සහභාගි වී දේශනයක්‌ කරමිනි. එහිදී නන්දා මාලිනී මහත්මිය මෙසේ ද කීවාය.

"අපි තාත්තගෙ දරිද්‍රතාවය අත්වින්දා. ඒ නිසා අපි තාත්තගෙන් කිසිදෙයක්‌ ඉල්ලුවේ නැහැ. අපි ජීවත්වුණු වත්තෙ තව ලොකු ගෙවල් තිබුණා. ගොඩාක්‌ පොහොසත් උදවියත් හිටියා. සමහර දවස්‌වලට තාත්තා පොඩි පොඩි ඇඳුම් මහල මගෙ අතට දීල විකුණගෙන එන්න කියනවා. නමුත් ඒ පොහොසත් ගෙවල්වල උදවිය කවදාවත් ඇඳුම්වලට නියම මිල ගෙව්වෙ නෑ. හැමදාම හෙට්‌ටු කළා. දෙතුන් පාරට තමයි මුදල් දුන්නෙ.

සදාචාරය සහ සම්ප්‍රදාය ධර්මතා තුළින් අද දරුවන් ඈත්වෙලා. අප හැමදෙනාම සංවේදී වන තැන් තිබෙන බව මේ දරුවන් දැනගත යුතුයි. අද ළමයි ශාලාවක හැසිරෙන්න කොහොමද කියලා පාසලක හැසිරෙන්නෙ කොහොමද කියල බෙදාගත්ත බත්ටික කන්නෙ කොහොමද කියල දන්නෙ නෑ. අද රටේ පාසල් 10,000 ක්‌ තියෙනවා. නමුත් කිරිබත් කෑල්ලක රස බලන්නෙ නැති ළමයි කී දාහක්‌ මේ රටේ ඉන්නවද? මේ රටේ සම්ප්‍රදාය ධර්ම අද වියෑකිලා යමින් තිබෙනවා. 

ඒ නිසා අපට ලොකු වගකීමක්‌ පැවරිලා තියෙනවා කලාව, සෞන්දර්යය හඳුනන සතා, සීපාවා හඳුනන දරුවන් ටිකක්‌ හදාගන්න. මේ උත්සාහයේදී දරුවන්ට වඩා දෙමාපියන් සංවේදී වෙන්න ඕනෑ. අම්මල සංවේදී නැත්නම් දරුවන් සංවේදී වෙන්නෙ නෑ. අම්මලා දරුවන්ට ආදරේ නම් තමයි ඒ දරුවා අපිට හදන්ඩ පුළුවන්. මේ රටේ මේ තරම් ප්‍රශ්න තියෙන්නේ දරුවන් තුළ සංයමයක්‌ නැති නිසයි. මේ රටේ දරුවන් හොඳින් හදන්න අපිට උදව් දෙන්න.

රත්නපුර සීවලී මැදි විදුහලේ කලා අංශ ප්‍රධානී කුලසිරි රාජපක්‍ෂ මහතා ද අදහස්‌ දැක්‌වීය.

තිලකසිරි දැල බණ්‌ඩාර
http://www.divaina.com/2015/01/07/news16.html

Monday, January 5, 2015

දුම්වැටි, එතනෝල්, කුඩු මඬිනවා! ඖෂධ ප්‍රතිපත්තියක් යළි සකසනවා! - මෛත්‍රී

දුම්වැටි, එතනෝල්, කුඩු මර්ධනය කරන බවටත් රටට හිතැති  ඖෂධ ප්‍රතිපත්තියක් යළි සකසන බවටත් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලේය. තමා මුල්වී සකසන ලද ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අතුරුදහන් කළ බවත්, එය යළි හඳුන්වදෙන බවත් එතුමා පොරොන්දු විය.

දුම්වැටි අසුරන වල රූපමය අවවාද ඇතුළත් කරගැනීම සඳහා තමන්ට මහත් වෙහෙසක් දැරීමට සිදුවූ බවත්, දුම්වැටි සමාගම්වල වරදාන වලට යටවිනි නම් තමන්හට පරම්පරා හතකට අවශ්‍ය ධනය උපයාගැනුමට හැකි වූ බවත් ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් සියලු වරදාන දූවිල්ලක් සේ ඉවත දැමූබවත් ඔහු පැවසීය.

සබැඳි ලිපි කිහිපයක් -
[

මධ්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හදා ඉවරයි. සිගරට්‌වලට කරපු දේ අරක්‌කුවලටත් කරනවා - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/07/blog-post_15.htmlසිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද නඩු තීන්දුවට එරෙහිව දුම්කොළ සමාගම් ශ්‍රේෂ්ඨාධිකරණයටhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_1183.htmlසිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද - 80% ඉලක්කයට යමු!http://denethharinna.blogspot.com/2014/05/80_17.htmlඋණ සෙම්ප්‍රතිෂ්‍යාව තරමටම පිළිකා රෝගයත් වර්ධනය වෙලා. තර්ජනවලට බයේ දුම්වැටියට එරෙහි සටන නවත්වන්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_8960.htmlසිගරැට්‌ රූපමය අවවාදය : අධිකරණ තීන්දුව ගැන මා තෘප්තිමත් නැහැ. 80% දිනනතුරු සටන අතහරින්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/80.htmlමාරක දුම්කොල සමාගම් වෙනුවෙන් නි.ඇමති මුස්තාපා සමඟ බහුතර මුසලු නීතීඥයන් - දුම්වැටි රූපමය අවවාද - 80% ඉල්ලීම ඉවතට. 50-60% අවසරhttp://denethharinna.blogspot.com/2014/05/50-60.html
ගැහැට දුක්‌ මැද්දෙන් සිගරැට්‌ පැකට්‌ටුවට රූපමය අවවාද එයි!
http://denethharinna.blogspot.com/2014/02/blog-post_4342.htmlරට රැකුණේ මහා සංඝරත්නය නිසා - මතින් තොර සමාජයක්‌ යටතේ සඟ රුවනට සුව දැහැත් වට්ටියක් - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_5164.htmlඑංගලන්තයේ සහ ඇමෙරිකාවේ සුදු මහත්වරුන්ට අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි – මෛත‍්‍රීhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_5398.htmlදුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...http://denethharinna.blogspot.com/2013/11/blog-post_9187.htmlමේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

Sunday, January 4, 2015

භික්‍ෂුව ගුරුවරයාගෙන් පැවිද්ද ඉල්ලුවේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලනවා කියලා හිතේ මවාගෙනයි - මහරහතුන් වැඩි මග ඔස්‌සේ

තිරුණ ස්‌වාමීන්වහන්සේ නමක්‌ භික්‍ෂුව මුණගැසිලා ප්‍රකාශ කළා 'අපි කුමක්‌ද කළ යුත්තේ ' කියලා. 'බොහෝම සතුටින් පැවිදිවුණා. දැන් අසරණභාවයක්‌ දැනෙනවා' කියලා. 

අපි මුලින්ම සිතන්න ඕනේ, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා, වසර 2600ක්‌ ගිය තැනයි අපි මේ සිටින්නේ කියලා. ගෞතම බුද්ධ ශාසනය නැමැති පහන නිවීමට ආසන්න මොහොතේ ඇතිවන තියුණු ආලෝකය පසුබිමෙහි අපි සිටින්නේ. මේ ඉන්න තැන සිට ධර්මය මතුකොටගන්න උත්සහගන්නකොට, අවංකවම ඔබට අසරණභාවයක්‌ දැනෙන්න පුළුවන්. මාරයා විසින් දෘෂ්ඨ§මතවාදවලින් පටලවපු ලෝකය තුළ, අසරණබවක්‌ මිස, සරණක්‌ දැකීම දුර්ලභ දෙයක්‌. නමුත් එක සිතිවිල්ලකින් ඔබට පුළුවන් ජීවමාන බුදුරජාණන්වහන්සේ වැඩ සිටිය කාලයට යන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටිය කාලයට යන්න. උන්වහන්සේලා පිරිනිවී ගියත්, බුද්ධරත්නයේ, ධර්මරත්නයේ, සංඝරත්නයේ සන්දිට්‌ඨ§ක ගුණය තවම නොනැසී පවතිනවා.

භික්‍ෂුවට මතකයි, භික්‍ෂුව පැවිදිවෙච්චි දවස. මට මතකයි එදා ගිහි කෙනෙක්‌ හැටියට මට යම් දේපළක්‌ තිබුණා නම්, ඒවා භාරකරුවන්ට ලියලා, සුදු සරමක්‌, කමිසයක්‌ බෑගයක දමාගෙන, මම පැවිදිවෙන්න යනවාය කියලා, කොළ කැබැල්ලක ලියා තබා මගේ කාමරයේ දොර වසා, උදේ 5.00ට තිබෙන බසයෙන් උපන් ගමින් නික්‌ම පැමිණි මොහොත. ඒ බුදුරජාණන්වහන්සේව පමණක්‌ විශ්වාසකොට පැමිණි ගමනක්‌. භික්‍ෂුව පැවිදිවීමේ උත්සහයේදී මුලින්ම හමුවුණු පැවිදි ගුරුවරයා, ගසක්‌ යට වැඩ සිටි කෙනෙක්‌. උන්වහන්සේ වස්‌ දහය සම්පූර්ණ කරලයි තිබුණේ. උන්වහන්සේ බුද්ධත්වය ප්‍රාර්ථනා කළ නායක ස්‌වාමීන්වහන්සේ නමක්‌. 

මම ශීලයට බොහොම කැමැති කෙනෙක්‌. ඒ නිසා මෙම පැවිදි ගුරුවරයා මට හොඳින් ගැළපුණා උතුම් පැවිද්ද ලබාගැනීමට. අසරණභාවයෙන් මිදී, සරණක්‌ සොයාගෙන යන්න යන ගමනේදී, මම නුවනින් දැක්‌කා, මාව අසරණකොට ඇත්තේ තෘෂ්ණාව විසින් බව. මගේ පැවිදි ජීවිතයේදී ජයගතයුතු ප්‍රධානම සතුරා, තෘෂ්ණාව බව මම හඳුනාගෙන සිටියා. ඒ නිසාම මම පැවිද්දට පෙරාතුව ගුරුවරයාට දැනුම් දුන්නා, මගේ පැවිද්ද සඳහා ඔබවහන්සේගේ පරණ සිවුරක්‌ සූදානම්කොට දෙන්න කියලා. අලුත් සිවුරක්‌ අවශ්‍ය නැහැය කියලා. නායක ස්‌වාමීන් වහන්සේ මතක්‌ කළා, තමන් ළඟ මීයො කාපු සිවුරක්‌ තිබෙනවා, එය මට දෙන්නම් කියලා. පැවිද්දේ ආරම්භක අඩිතාලම වැටෙන්නේ අතහැරීම මුල්කරගෙන. මේ වන විට මම විනය කියන කාරණය දැනගෙන හිටියේ නැහැ. ඒ නොදන්නාභාවය නිසාම, මම පැවිද්දට පෙර මගේ පැවිදි ගුරුවරයාගෙන් ඉල්ලීමක්‌ කළා. ඒ ඉල්ලීම තමයි පැවිදිවෙලා මාස තුනකට පසුව මට හුදෙකලාව, කැලයට යැමට අවසර දෙන්න කියලා. මම ඒ වෙලාවේ දැනගෙන හිටයේ නැහැ, සාමනේර නමක්‌, උපසම්පදා භික්‍ෂුවක්‌ වසර පහක්‌ තම ගුරුවරයා යටතේ සිටිය යුතුයෑයි බුදුරජාණන් වහන්සේ විනය කාරණාවක්‌ පනවා තිබෙනවා කියලා. නායක ස්‌වාමීන්වහන්සේ මාව ඒ ගැන දැනුවත් කළෙත් නැහැ. නොදන්නාභාවයම, දන්නාභාවයට පැමිණීමට මට පාර විවරකොට දුන්නා.

මම පැවිද්දට පෙර, කතරගම දේවාලයත් කිරිවෙහෙරත් අතර තිබෙන මාවතේ වම් පස තිබෙන, වන්දනාකරුවන් විවේක ගන්නා ගිමන්හලක මාසයක්‌ දසසිල් සමාදන්වෙලා සිටියා. වටේට විවෘත, කුඩා ගිමන්හලේ වැස්‌සට පින්නට වට ආවරණයක්‌ තිබුණේ නැහැ. තවත් වයෝවෘද්ධ මහත්මයෙක්‌ මේ ගිමන්හලේ නැවතී සිටියා. දිනපතා මැණික්‌ ගඟට බැහැලා දිය නාලා, කතරගම දායක මහත්වරුන් පිරිසක්‌ ගෙනත් දෙන දානෙ පාර්සලය භුක්‌තිවිඳලා, පැවිදි ජීවිතයට පෙරාතුව මාසයක දසසිල් ජීවිතය සම්පූර්ණ කළා. කිරිවෙහෙරෙන් නැඟෙන සාදු නාද හඬ, දේවාලයෙන් ඇසෙන ගන්ඨානාද හඬ නිරතුරුවම සිත තැන්පත් කළා. සෑම උදෑසනකම දේවාලයේ මුරුතැන්බත්, මහත්තයෙක්‌ විසින් ගෙනත් දුන්නා. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ මොහොතක්‌ විවේකී සුවයෙන් වැඩසිටි පිං බිමක, පැවිද්දට පෙරාතුව මාසයක දසසිල් දිවිය ගතකළා. 

ඉන්පසුව අනුරාධපුරේ ආරණ්‍යයකයි මගේ පැවිද්ද සිද්ධවුනේ. මේවා සැලසුම්කොට නොවෙයි සිද්ධවුනේ. අහම්බෙන්මයි. මම ගිහි කාලේ කතරගම යන්න හරිම ආසයි. පැවිද්දට පෙරාතුව අවුරුදු හතක්‌ පමණ සෑම මාසයකට වරක්‌ මම කතරගමට යනවා. නමුත් දේවාලයට නොවේ. කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන්වහන්සේ, කිරිවෙහෙර බෝධීන්වහන්සේ වන්දනා කරගන්න. දෙවියන්ට පිං අනුමෝදන් කරනවා. බෞද්ධ ජනතාව, අන්‍ය ආගමික ජනතාව, කතරගම පූජා භූමියට ඇවිත්, තම තමන්ගේ ආගමික ඇදහිලි සිදුකරන ආකාරය හුඟ වෙලාවට මම බලාගෙන සිටියා. ඒ හැම කෙනාගෙම ඇදහිලි තුළින්, ලෝකයේ ස්‌වභාවය දකිමින්, මෝහයේ ස්‌වභාවය දකිමින්, මගේ සිතුවිලි ධර්මයෙන් පන්නර කරගත්තා. කතරගම පුදබිම කෙරෙහි තිබුණු ගෞරවය නිසාම, පැවිද්දට පෙරාතුව දසසිල් ජීවිතය, කතරගම පූජාබිමේදී ගතකරන්නට ධර්මය විසින් අවස්‌ථාව සලසලා දුන්නා. ඉන් පසුවයි අනුරාධපුරයේ ප්‍රදේශයේදී භික්‍ෂුව උතුම් පැවිදිබව ලබන්නේ. 

භික්‍ෂුවට මතකයි භික්‍ෂුව පැවිදිවෙච්චි දවස, පාන්දර 4.00ට කහ දියෙන් හිස සෝදලා, දැලි පිහියෙන් හිස මුඩු කරලා, නායක ස්‌වාමීන් වහන්සේමයි මේ කටයුතු සියතින්ම සිදුකළේ. පාන්දර 5.00ට පමණ තමයි මාව පැවිදිකළේ. නැකතක්‌ කියන කාරණයක්‌ තිබුණේ නැහැ. දන්නා හඳුනන ඥාතියෙක්‌, භික්‍ෂුව පැවිදිකරන මොහොතේ ළඟ සිටියේ නැහැ. ඒ අය දැනගෙන හිටියෙත් නැහැ. භික්‍ෂුව දෙතුන්වරක්‌ පමණක්‌ දැක ඇති, නොහඳුනන, කතරගම දායක ගම්වැසියන් පහළොවක්‌ පමණ උදේ පැවිදි පිංකමට ඇවිත් සිටියා. ගස්‌වල පොතු කොටලා, සිවුරු පඬුකරලා, දින 2ක්‌ වෙහෙස මහන්සිවෙලා, එම පිංවත් පිරිස පාත්‍රා සිවුරු සූදානම්කොට දුන්නා. තුන් සිවුරත් පාත්‍රයත් පමණයි භික්‍ෂුවගේ පරිහරණයට ලැබුණේ. උදේ පාන්දර 4ට පමණ මගේ හිසකෙස්‌ මුඩුකරද්දී, මම දෑස්‌ පියාගෙන, මගේ හිස මුඩු කරන්නේ සාරිපුත්ත මහරහතන්වහන්සේය කියලයි මම දැක්‌කේ. මම මගේ ගුරුවරයාගෙන් පැවිද්ද ඉල්ලුවේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලනවා කියලා හිතේ මවාගෙනයි. ගුරු ගෞරවය නිසාම ගුරුවරයා තුළින් මා දැක්‌කේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේවයි. කොටින්ම මම උතුම් පැවිද්ද ලැබුවේ මගේ මනෝභාවය තුළට වඩම්වාගත් උතුම් රහතන්වහන්සේලාගෙන්. මට එදා ශක්‌තිය තිබුණා, ගුරු උපදේශවලින් තොරවම එවන් දැකීමක්‌ ඇතිකොටගන්න. එවන් උතුම් රහතන් වහන්සේලාව මනසින් ඇසුරු කරන්න. ඒ නිසාම මගේ පැවිදි ජීවිතය තුළ, කොතැනකදීවත්, මට බියක්‌ කලකිරීමක්‌, අසරණභාවයක්‌ ඇතිවෙලා නැහැ. භික්‍ෂු ජීවිතය තුළ අරමුණ කෙරෙහි හඹායැමේ ජවය භික්‍ෂුව විසින් ඇතිකොටගන්නේ ඔය උපක්‍රම තුළින්. 

ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2015/01/04/feature05.html

ඉසුරු සොයා යන්නද කල්පනාව? බලන්න භික්‍ෂුවගේ සෞභාග්‍යය - මහරහතුන් වැඩි මග ඔස්‌සේ

භික්‍ෂුව හොඳින් දන්නා පිංවත් මහත්මයෙකුට මේ දිනවල ගැටලුවක්‌ මතුවෙලා. ඒ ගැන භික්‍ෂුවගෙන් අවවාදයක්‌ බලාපොරොත්තු වුණා. ඒ මහත්මයාට හදිස්‌සියේම බටහිර රටකට පදිංචියකට යන්න අවස්‌ථාවක්‌ ලැබිලා. මේ හේතුව නිසා ඒ මහත්මයාගේ සිතේ මේ දවස්‌වල ලොකු යුද්ධයක්‌. යම්දෝ.. නොයම්දෝ... කියලා.

ඉහත ප්‍රශ්නය අරභයා මේ මහත්මයාගේ සිත බොහොම ගැඹුරින් තර්ක විතර්ක කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සිත කියන්නේ මාරයා කියලා. මේ මුළුලෝක ධාතුවේම ආධිපත්‍යය දරණ සමස්‌ත සත්ත්ව ප්‍රජාවේම ඉරණම තීරණය කරන, ව්‍යවස්‌ථාව සම්පාදනය කරන මාරයාගේ අධිකරණ ක්‍රියාවලියක්‌ තිබෙනවා. මේ අධිකරණ ක්‍රියාවලිය ඔස්‌සේ තමයි මාරයා භවය නමැති සිරගෙදරට සත්ත්වයා සිරකරන්නේ. මේ අධිකරණ ක්‍රියාවලිය අපේ මනුෂ්‍ය ලෝකයේ ක්‍රියාත්මක වන අධිකරණ ක්‍රියාවලියට වඩා හාත්පසින්ම වෙනස්‌. අපේ මනුෂ්‍ය ලෝකයේ නම්, අධිකරණ ක්‍රියාවලියේදී පැමිණිල්ල සහ විත්තිය මෙහෙයවන නීතිඥ පාර්ශ්ව දෙකක්‌ තිබෙනවා. නමුත් මාරයාගේ අධිකරණ ක්‍රියාවලියේදී පැමිණිල්ලත්, විත්තියත් දෙකම මෙහෙයවන්නේ මාරයාගේ පාර්ශ්වය විසින්මයි. මේ ක්‍රියාවලිය පෘතග්ජන සිතකට හඳුනාගැනීමට නොහැකි උතුම් සම්මා දිට්‌ඨිය තුළින්ම හඳුනාගත යුතු ක්‍රියාවලියක්‌. මාරයා අධිකරණයේ පැමිණිල්ලත්, විත්තියත් දෙකම මෙහෙයවන නීතිඥයා වූ කල අපූරු නීති තර්ක සිත තුළ මතුකර දෙනවා. සශ්‍රික ධනවත් හොඳ අනාගතයක්‌, විවේකය හුදෙකලාව පිරුණු ගැටුම් අඩු ජීවිතයක්‌, දරුවන්ට ඉංග්‍රිසි උගත් සරු අනාගතයක්‌.... පැමිණිල්ල බොහොම අපූරුවට තර්ක ගෙනහැර දක්‌වනවා. මේ තර්ක වලට එරෙහිව විත්තියෙන් තර්ක ඉදිරිපත් කරනවා. දරුවන් බටහිර සිරිත් විරිත් ඉගෙනගෙන විනාශ වෙයිද? ධර්මයේ අර්ථයන්ගෙන් අපේ ජීවිත බැහැරවෙයිද? දෙමාපියන් ඥාතීන් අසනීප වුවහොත්, මියගියහොත් බලන්න එන්න බැරිවෙයිද? එම රටවල ශීතල දේශගුණය පවුලේ අයට ඔරොත්තු දෙයිද?... විත්තියෙන් බොහොම අපූරුවට අදහස්‌ ඉදිරිපත් වෙනවා. දෙපාර්ශවයේ අදහස්‌ සමග යුද්ධයක්‌ කරමින් තමයි ඒ මහත්මයා මේ දවස්‌වල ජීවත්වෙනවා ඇත්තේ.

නමුත් ඒ පිංවත් මහත්මයා දන්නේ නැහැ මේ පැමිණිල්ලත් විත්තියත් දෙකම මෙහෙයවන්නේ මාරයා කියන නීතිඥයා කියලා. කොයි මොහොතක හෝ ඒ මහත්මයා යනවා හෝ නොයනවා කියන තීරණය ගනීවී. තීරණය කුමක්‌ වුවත්, එම තීරණය මාරයාගේමය. ඒ මහත්මයා ගත්තා වූ තීරණය මාරයාගේම වූ කල භික්‍ෂුව ඔහුට කිනම් නම් අවවාදයක්‌ දෙන්නද? භික්‍ෂුව පිංවත් මහත්මයාට මතක්‌ කළේ පවුලේ අය සමග කථා කරලා සුදුසු තීරණයක්‌ ගන්න කියලා. හැබැයි භික්‍ෂුවට මෙහෙම කියන්න සිතුනා. 

'මහත්තයෝ කොළ කැබලි දෙකක්‌ ගන්න. එක කොළ කැබැල්ලක ලියන්න 'මම රට යනවා' කියලා. අනික්‌ කොළ කැබැල්ලේ ලියන්න 'මම රට යන්නේ නැහැ' කියලා. දැන් කොළ කැබැලි දෙක හොඳට රෝල් කරලා උඩ දමන්න. කොළ කැබැලි දෙක බිම වැටුණාට පස්‌සේ ඔබ එක කොළ කැබැල්ලක්‌ තෝරාගෙන දිගහැරලා බලන්න. එහි සටහන් වෙලා තිබ්බොත් රට යන්න කියලා, බුදුරජණන් වහන්සේ දේශනා කරනවා රූපය මාරයා කියලා. පිංවත් ඔබ අතට ගන්න කොළ කැබැල්ල කියන්නේ මාරයාමයි. එම නිසා 'මාරයා කියන දෙය මම කරන්නේ නැහැ කියලා' රට යන්න යනුවෙන් ලියලා තියෙන කොළ කැබැල්ල ඉරලා විසිකරන්න. දැන් ඔබ ඉතිරිවෙලා තිබෙන කොළ කැබැල්ල අතට අරගෙන දිගහැරලා බලන්න. එහි සටහන් කරලා තිබෙන්නේ රට යන්න එපා කියලා. දැන් පිංවත් ඔබ පෙරසේම නැවත සිතන්න කොළ කැබැල්ලක්‌ කියන රූපයත් මාරයා, මාරයා පෙන්වන දේ මම කරන්නේ නැහැ කියලා. එම කොළ කැබැල්ලත් ඉරල විසි කරන්න'

දැන් පිංවත් ඔබ නුවණින් දකින්න ඕනා, රට යාමත්, රට නොයැමත් දෙකම මාරයාට අයිති සිතිවිල්ලක්‌ම බව. රට යැමත් නොයැමත් දෙකම මාරයාට අයිති නම්, පිංවත් ඔබ කුමක්‌ද කරන්න ඕනේ?

රට යැමත්, රට නොයැමත් දෙකම අතහැරලා නැවතීමයි. 

පිංවත් ඔබ කුමක්‌ ළඟද නවතින්නේ ? ධර්මය ළඟයි.

රට යම්දෝ, නොයම්දෝ කියලා සකස්‌වන ඔය සිත අනිත්‍ය වශයෙන් දකින මොහොතේම ඔබ ධර්මය ළඟ නැවතුනා වෙනවා. මාරයාගේ සටකපට අධිකරණ ක්‍රියාවලිය හඳුනාගත් පිංවතෙක්‌ වෙනවා. මාරයා අපට විකට ඇඳුම් අන්දවා, දුක නමැති සංදර්ශනයට ඉදිරිපත් කරනකොට මාරයාට අපි පිළිතුරු දිය යුත්තේ ඉහත ආකාරයටයි. 

එතකොට එම පිංවත් මහත්මයා භික්‍ෂුවගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් ඔබ වහන්සේ කියන විදිහට සිතුවොත් මම බලාපොරොත්තු වන වාසනාවන්ත අනාගතයට මොකද වෙන්නේ කියලා. 

එහෙම ඇසුවොත් භික්‍ෂුවට කියන්න තිබෙන්නේ මෙහෙමයි.

මේ ලෝකයේ ජීවත්වන ශ්‍රේෂ්ඨම ධනවතුන්ගෙන් කෙනෙක්‌ තමයි. මේ සටහන් තබන භික්‍ෂුව. ලෝකයේ යම් ශ්‍රේෂ්ඨ ධනයක්‌ තිබෙනවා නම් ඒ ශ්‍රේෂ්ඨ ධනයෙන් ලැබිය හැකි යම් ශේ්‍රෂ්ඨ සැපයක්‌ තිබෙනවා නම්, ඒ ශේ්‍රෂ්ඨ ධනයත්, ශ්‍රේෂ්ඨ සැපයත් භික්‍ෂුව අයිතිකොටගෙනයි සිටින්නේ. මේ සා ශ්‍රේෂ්ඨ ධනවතෙක්‌ වුණු භික්‍ෂුව සතුව තිබෙන්නේ තුන් සිව්රත් පාත්‍රයත් පමණයි. ඒවත් අනුනගෙන් සිඟමනෙන් ලැබුණ දේවල්මයි. 

සැබෑම ලොව්තුරු සැපයට පයින් ගසමින්, මාරයාගේ අධිකරණ ක්‍රියාවලියේ තීන්දුව ලැබෙනතෙක්‌ බලාපොරොත්තුවේ දෑස්‌ දල්වාගෙන බලා සිටින අපට සිතන්න දෙයක්‌ ඉහත සටහනේ තිබෙනවා කියලා භික්‍ෂුව විශ්වාස කරනවා. 

අපේ සමාජයේ ජීවත්වෙන බහුතරයක්‌ පිංවතුන්ලා තමන්ගේ ප්‍රශ්න මාරයාගේ අධිකරණයට භාරදීලා නිවැරදි තීරණයක්‌ බලාපොරොත්තුව සිටිනවා. ප්‍රශ්නයත් මාරයාගේම වූ කල, අධිකරණයත්, පැමිණිල්ලත්, විත්තියත් මාරයාගේම වූ කල තීන්දුව අනිවාර්යයෙන්ම දුකට අයත් දෙයක්‌ වෙනවා. 

ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2014/12/21/feature06.html