Pages

Tuesday, September 4, 2012

තමිල්නාඩු කාඩ්බෝඩ් දේශපාලන වීරත්වය !

මේ දිනවල තමිල්නාඩු කාඩ්බෝඩ් දේශපාලන වීරයන්ගෙ අලුත්ම විලාසිතාව ශ්‍රි ලාංකික සංචාරකයන්ට හිරිහැර කිරීමයි. හැරුනු සැනෙන් ලාංකිකයන් ආපසු හරවා එවීමයි. එද, හිරිහැර, තර්ජන, බියවැද්දීම් කර එවීමයි.

තමිල්නාඩුව යනු ඉන්දියාවෙ පිහිටි නූගත් සහ දුප්පත් මිනිසුන් වැඩි ප්‍රාන්තයකි. එහි දේශපාලකයන්ට මිනිසුන්ගෙ ප්‍රශ්න අමතක කරන්න තිබෙන පහසුම ක්‍රමය වන්නේ, මේ වැනි ව්‍යාජ ජාති ආලයක් පෙන්වීමයි. මුග්ධ මිනිස්සුද මේ කපටින්ට අසුවෙති. අසුවී, තිරිසනුන් සේ හැසිරෙති. තම නූගත්, බාල මානසිකත්වය ලොවට පෙන්වති. කෙසේවතුදු තමිල්නාඩු ද්‍රවිඩයන්ගෙ හැසිරීම, අන්තවාදී මුසල්මානුවන්ට නොදෙවැනිය. බොහෝ ප්‍රාථමිකය.

මේ පලවා හරින ලාංකිකයන් එහි යන්නේ තරඟ, සම්මන්ත්‍රණ හෝ ප්‍රසංග වලට සහභාගි වීමටය. බොහෝ විට ඔවුන්ගේම ආරාධනා මතය. අරාධිත, ආගන්තුකයන්ට මොවුන් සලකන හැටි බලන්න. ඔවුන් සිටින්නේ කොයි තරම් පහත්, නින්දිත මානසිකත්වයකද? මොවුන් උසිගන්වන දමිළ නායකයෝ මෙයින් වන අපකීර්තිය ගැන නොසිතති. මහබලවතුන් වීමට යත්න දරන ඉන්දියානු අහිමානය, මහා අවමානයක් වී ලොව පුරා රැව් පිලිරැව් දෙද්දී, තමිල්නාඩු ඡන්ද බලයට නැමෙන පාලක කොංග්‍රස් ආණ්ඩුව මුනිවත රකියි.

ඔවුන් සැබවින්ම ශ්‍රි ලාංකික ද්‍රවිඩයන්ට ආදරේ නම්, ඔවුන් ලාංකික දමිළ මත්ස්‍ය සම්පත කොල්ල කන්නේ ඇයි?

මොහොතකට මෙම ක්‍රියාවලිය අනෙක් අතට සිදුවූවායැයි සිතන්න. තමිල්නාඩු ද්‍රවිඩයෙකුට ලංකාවේදී යම් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවූවොත් කුමක් සිදුවේද? ඔවුන් ලාංකීය විදේශ සේවා නිලධාරීන් කැදවා ප්‍රශ්න නගනු ඇත. වග උත්තර අසනු ඇත. ඉන්දියානු මහ ආණ්ඩුව ලංකාවට විරුද්ධත්වය ප්‍රකාශ කර ලංකා ආණ්ඩුව පීඩනයට පත්කිරීම සඳහා විශේෂ නියෝජිතයන් එවනු ඇත. ජත්‍යන්තර මට්ටමේ සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස අපට බලකරනු ඇත.

නමුත් සත්‍ය වශයෙන්ම ඔවුන්ගේ වත්මන් හැසිරීම කෙබඳුද? රාජ්‍යතාන්ත්‍රිකද? ජත්‍යන්තර සම්ප්‍රදායන් හා පිළිවෙත් සමඟ එකඟද? ලංකා ආණ්ඩුව මෙම ප්‍රශ්නයට මීට වඩා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් මැදිහත් වියයුතුයි. ඔවුන්ට විරෝධය පල කල යුතුයි. මෙවැනි අවස්ථාවන්හිදී ලක්ෂ්මන් කදිරගාමර් වැනි විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රියන්ගේ අඩුව පුදුම විදියට අපිට දැනේ !

ලොව මවිත කල ඓතිහාසික ශිෂ්ඨාචරයක් ගොඩනැගූ ප්‍රෞඩ ජාතියක වත්මන් ඛේදජනක ඉරණම මෙයද?

6 comments:

Anonymous said...

ane huke prowuda jaathiya mahinda aiyage puke...
api wage niwata jaathiyakata gahala madi ban

Anonymous said...

ane huke, aagantuka satkara ape ewun dan lassanata karanawa, toilet naadu ewun hoda e atin

sancharaka kellan maha dawal hama eka issarahama kelasala eka nidahase inna ratak meka dan, tawat tanaka ekiyak issaraha niruwata pennala, eeta eha mokut karanna bari wela wage...
rata ballata gihin dan, nikan kata wahagena hitapan dheshapremi punnakku rajek wenne natuwa

Unknown said...

Mema web adaviyata atge suba pathum.tawaduratath melesa sinhalaya wenuwen penee sitina lesa illa sitimi.

Deneth said...

Don't take a single incident & compare. That was done by a mad politician who mislead by the power. Sri Lankan citizens do not behave as such. Though you don't know or pretending as so, all over the world respect our hospitality. People like you (you may be probably a Muslim or Tamil extremist who praising Muslim culture or India) reluctant to accept that. Be careful to use perlite words when commenting, else your comments will be removed.

Deneth said...

Thank you !

Anonymous said...

ape me prasene gana katha kala uthu natthe me wenuwen kisima kurusa karayekuwath katha nokarana nisa aparade oya kattiya indiyawata yanna essra demala katha karanna egena ganna thibune. oka hondama padamak.