Pages

Thursday, November 15, 2012

ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන මුස්‌ලිම් ව්‍යාප්තවාදය


යන්තමින් ඇටෙන් පොත්තෙන් එළියට එන මල් පොහොට්‌ටු වැනි රූබර දැරිවියන් රවට්‌ටා ගන්නා මුස්‌ලිම් තරුණයන්ට මුස්‌ලිම් වැඩිහිටියෝ හා ප්‍රභූ සමාජය දක්‌වන්නේ පුදුමාකාර ආශිර්වාදයකි. "අපට ඕන උඹලයි කෙල්ලෝ. උඹලයි ජාතිය, උඹලයි ආගම, උඹලයි සල්ලි, ඉඩකඩම් අපිට එපා. අපි කෙල්ලෝ ගන්නවා. ඒකට අපි කැමැතියි...." මා දන්නා මුස්‌ලිම් ව්‍යාපාරිකයකු පස්‌සර දී මට දිනක්‌ කීවේය.

එක මලකට ඉව අල්ලා ඔවුහු වැනසී ගියහ...

නලින් ඉන්දික......

කාංචනා මනෝහාරී නමැති පාසල් ශිෂ්‍යාව දූෂණය කර මරා දැමීම හේතුකොටගෙන වරක්‌ මුළු රටේම ජනතාව "පස්‌සර" ගැන කතා කළහ.... පස්‌සර යෑය කී පමණින් අර "කාංචනා" දූෂණය කරල මරල දාපු පළාත නේදැයි අසන්නට පටන් ගත්හ. ඒ මීට වසරකට දෙකකට ඉහතය...

දැන් ඔන්න ආයෙත් වතාවක්‌ රටේ ජනතාව පස්‌සර ගැන අවධානයෙන් බලන්නට පටන් ගෙන ඇත. ඒ පසුගිය 13 වැනිදා රාත්‍රියේ වයස අවුරුදු 20 ට අඩු බීමත් මුස්‌ලිම් තරුණයන් 5 දෙනකු විසින් අමානුෂික ලෙස පිහියෙන් ඇන පස්‌සර ප්‍රාදේශීය සභාව ඉදිරිපිට සම වයසේම සිංහල තරුණයකු මරා දැමීමේ සිද්ධියත් සමඟය...



මේ තරුණ ගැටුමට හේතුව කුමක්‌ද? රටේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාව එකාවන්ව එකට නැගී සිට රටේ සමගිය ලොවටම කියන්නට අවශ්‍ය මොහොතක සම වයසේ මේ ළාබාල තරුණයෝ මහපාරේ මරා ගන්නේ ඇයි.... මේ වූ කලී කෙනකු ගැඹුරින් කල්පනා කළ යුතු ප්‍රශ්නයකි....

බැලූ බැල්මට හා ප්‍රදේශයේ සූ ගා පැතිරී යන කතාවට අනුව මේ තරුණ දෙපිරිසගේ විරසකයට මූලික හේතුව යාන්තමින් ඇටෙන් පොත්තෙන් එළියට විත් ඇස ඇර ලෝකය දෙස බලන බාලවයස්‌කාරියකි. තරුණයන් දෙදෙනකුම තරගයට වැදී ඇත්තේ ඇයගේ ආදරය පතාය.

බදුල්ලේ ප්‍රකට විද්‍යාලයක ඉගෙනුම ලබන මේ දැරිවිය හා මුලින්ම හාදවන්නේ සිංහල තරුණයාය. ඔහු නමින් නලින් ඉන්දික උදය කුමාරය. පාසල් ගිය ද සාර්ථක පාඨශාලීය අධ්‍යාපනයක්‌ නොලද ඔහු ඊළඟ පියවර ලෙස තැබුවේ වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමටය. ඒ හරහා රට රස්‌සාවකට යැම ඔහුගේ සිහිනය විය. 

ඔහු ඉල්ලුම් කළ රට රැකියාව ඔහුට ලැබිණි. ඒ සඳහා අදාළ ලියවිලි ද පැමිණියේය. රැකියාව සඳහා යැමට වෛද්‍ය පරීක්‍ෂණය යෙදී තිබුණේ මාර්තු 14 වැනිදාටය. ඉන් සමත් වුවහොත් රට රැකියාව සඳහා නිසැකවම පිටත්ව යැමට වැඩ කටයුතු සැලසී අවසන්ය.

වෛද්‍ය පරීක්‍ෂණයට පෙරදා හවස නලින් ඉන්දික තම සුමිතුරන් සමඟ පුංචි මධුපානෝත්සවයක්‌ පවත්වන්නට වූයේ රට රස්‌සාව හරි යැමේ සතුට බෙදාහදා ගැනීමටය. ඒ සාදය අහිංසක එකකි. පස්‌සර නගරය තුළ දුසිමක්‌ පමණ වන මත්පැන් අලෙවිසල්වලින් සැර බීම බෝතලයක්‌ ගත් ඔවුහු තම සහෝදරයාගේ ත්‍රීවීලරයට නැග ප්‍රාදේශීය සභාව ඉදිරියේ හන්දියේ අඳුරු කෙළවරක නතරව සාදය පටන් ගත්හ. ඒ කතාවේ එක්‌ පැත්තකි.

මේ තුන්කොන් ආදර කතාවේ තෙවැන්නා මුහ්හමුද්ය. පාසල් අධ්‍යාපනය නිමවා රැකියා පෝලිමට එක්‌වූ ඔහු රැකියාවක්‌ ලැබෙනතුරු පාවහන් කර්මාන්තයේ නිරත විය. නිවෙස්‌වල ගෘහ කර්මාන්ත ලෙස පාවහන් හැදීමත් එවැනි පාවහන් විකුණන අලෙවිසල්වල වැඩ කිරීමත් මේ වරිගයේ තරුණයන්ගේ ආදායම් මාර්ගය විය.

මුහ්හමුද් ද ඉහත කී දැරිවියගේ ආදරය පතන්නට වූයේය. දැරිවිය ඔහු දෙස ද ආදරයෙන් බැලුවාද නැද්ද යන කරුණ පැහැදිලි නැත. කෙසේ වෙතත් ඇයගේ ආදරය සම්බන්ධයෙන් ඔහු අතරත් නලින් ඉන්දික අතරත් වෛරයේ බීජය නම් පැළවන්නට පටන් ගත් බව නිසැකය.

මේ තුන්කොන් ආදර අන්දරය ටික ටික අතු ඉති කොළ ලා වැඩෙන්නට පටන් ගැනිණි. තරුණිය පාසල් ගියාය. එහෙත් තරුණයන් දෙදෙනා අතර ගැටුම දවසින් දවස මුහුකුරා ගියේය. කාලය එසේ ගෙවී යමින් තිබිණි. දෙදෙනා අතර රැවුම් ගෙරවුම් ගැස්‌සිලි හැප්පිලිවල අඩුවක්‌ නොතිබුණත් ඒ කිසිවක්‌ ගමේ කිසිවකුට පෙනෙන්නට නොතිබිණි.

සිද්ධිය වූ දා එනම් 13 වැනිදා මුහ්හමුද් උදේ ගමන් කරමින් සිටියේ ඔහුගේ සම වයසේ වූ මුස්‌ලිම් යහළුවන් සිව්දෙනකු සමඟය. පස්‌දෙනාම එකතු වී ඇතැම් විට හොර රහසේ මත්පැන් බිව් මුත් ලෝකයාට පෙනෙන්නට කිසිවක්‌ නොකළේය. මත්වන්නට තවත් මාර්ග ඔවුන් සතුව තිබිණි. උඩරට පළාත්වල හොර රහසේ සුලභව කඩවල අලෙවි කරන යම් යම් විෂ මත්ද්‍රව්‍ය ගෙන පුවක්‌ කුඩු වර්ග පැකට්‌ පිsටින් ගෙන කටේ දමා බුලත් හපයක්‌ මෙන් වික වික සිටීම ඔවුන්ගේ පුරුද්දයි. ගංජා ඉරීම, පැණි බීම, විවිධ පැණි වර්ග ගැනීම වූ කලී මෙවැනි හැංගි හැංගී මත්පැන් බොන ළාබාල තරුණයන්ගේ පුරුද්දය.

මේ කොයි ක්‍රමයකින් හෝ මේ පස්‌දෙනා එදා හවස සිටම පස්‌සර ප්‍රාදේශීය සභාවට යන පාරේ සිටියේ හොඳ පදමට මත්වීය. එහෙත් ඔවුන් ගැන කිසිවකු සැක නොකළේ මත් වී තැන තැන කැරකි කැරකී හේතුවක්‌ නොමැතිව රස්‌තියාදු ගහන මේ වයසේ තරුණයෝ පස්‌සර ඉතා සුලභ බැවිනි.

රාත්‍රි 9.30 ට පමණ ප්‍රාදේශීය සභාව ඉදිරියේ අඳුරේ නවත්වා තිබූ ඉහත කී ත්‍රීවීලරයට මුස්‌ලිම් තරුණයන් පස්‌දෙනා පැමිණියහ. ඒ අතරින් මුහ්හමුද් ඉදිරිපත්ව ඉන්දිකට එළියට කතා කළේය. ඒ වන විට ඉන්දික ද සිටියේ තම මිතුරෝ සමඟ මධුපැන් බෝතලයේ පතුළ දකිමිනි.

ඉන්දික සැක නොකළේය. තරුණ මදයත් මත් පැනින් ලත් එඩිතර බවත් ඉන්දික ත්‍රීවීලරයෙන් අඩි දෙක තුනක්‌ ඉදිරියට ගෙන ගියේය. 

මුහ්මුද් එකෙනෙහිම තියුණු පිහියක්‌ ඇද ගත්තේය. පිහිය සඳ එළියේ දිලිසෙන්නට විය. දිලිසෙන ඒ එළිය කිහිප විටක්‌ ඉහළ පහළ යනවා පෙනිණි. නලින් ඉන්දික අමාරුවෙන් ත්‍රීවීලරය දෙසට ආවේය. මුස්‌ලිම් තරුණයන් පස්‌දෙනා පැන දිවූහ. ත්‍රීවීලරයේ සිටි අනෙක්‌ දෙදෙනාට වූයේ කුමක්‌දැයි සිතාගත නොහැක. 

මුහ්හමුද් පිහියකින් ඇන්නා. පුංචි තුවාලයක්‌ යමු ඉස්‌පිරිතාලෙට.... ඉන්දික කෙඳිරි ගෑවේය.

ක්‍ෂණයකින් සෙනඟ වට වූහ. ත්‍රීවීලරය වේගයෙන් අඳුරේම රෝහල වෙත පියඹා ගියේය. තව පිරිසක්‌ පොලිසියට දිව ගිය අතර මුස්‌ලිම් තරුණයන් 5 දෙනා හොඳින් අඳුරන තරුණ පිරිස උන් සොයා මෙහෙයුම පටන් ගත්හ.

කතාවේ පළමු අඩ ඉවර වූයේ එතැනිනි.

ඒ සිදුවීම් මාලාවේ වත්මන් ප්‍රතිඵලය වූයේ හේරත් මුදියන්සේලාගේ රත්නපාලටත්, ඔහුගේ බිරිඳටත් තම බාල පුත්‍රයා අහිමි වීමය. සහෝදර සහෝදරියන් තුන්දෙනකුගෙන් යුතු ඒ පවුලේ බාලයා වූ නලින් ඉන්දික උදය කුමාර අද පහන් දෙකක එළි මැද සුදුවතින් සැරසී උඩුකුරුව සමාදානයේ සැතපී නිදයි. 

අනිත් අතට පොලිසියට කට්‌ටි පනිමින් සැඟවී සිටි මුහ්හමද් 15 දා සවස නීතියේ රැහැනට හසුවෙයි. ඔහු සමග සිටි තවත් දෙදෙනෙක්‌ ඔහු සමග දැන් පොලිස්‌ හිර කූඩුවේ කම්බිකූරු අතරය. සෙසු දෙදෙනා සොයා පොලිස්‌ දැල එළී අවසන්ය. 

පස්‌සර නගරයම අද එකම එක ගිනි ජාලාවකි. අහිංසක මුස්‌ලිම් පවුල්වල දෙමාපියෝ තම තරුණ පුතා දූ පාරට තොටට නොයවා ගේ අස්‌සේ සඟවාගෙනය. මුස්‌ලිම් සිංහල නොහොඳ නෝක්‌කාඩුව ඇවිලෙන්න ඔන්න මෙන්නය.

සිංහල දෙමාපියෝ හා ජනතාව සිටින්නේ පුදුමාකාර ඉවසීමකය. ගහක්‌ ගලක්‌ සේ ගමටම උදව් කරගෙන සිටි තරුණ කොල්ලෙක්‌ අද රටට අහිමි වී ගොස්‌ය. ගමට අහිමි වී ගොස්‌ය. යාළුවන්ට අහිමි වී ගොස්‌ය. යාළුවෝ සිටින්නේ කොයි මොහොතේ කාගෙන් ඒ වාඩුව ගන්නේ දැයි මාන බලමිනි.

මා මේ මොහොතේ එක්‌ ප්‍රශ්නයක්‌ ඇසිය යුතුව ඇත. නලින් ඉන්දික මුස්‌ලිම් තරුණයකු වූ මුහ්හමද් හා පිරිස සිංහල තරුණයන් වූයේ නම් අද පස්‌සර ප්‍රදේශයට අත්වී තිබෙන ඉරණම කුමක්‌ නම් විය හැකිද?

නිසැකවම එසේ වී නම් මේ වන විට ඉතා භයානක ප්‍රතිඵල රැසක්‌ රටට ඉතිරි කරමින් මේ රටේ මුස්‌ලිම්හු පස්‌සර පමණක්‌ නොව මුළු රට පුරාම මහත් පෙරළියක්‌ ඇති කිරීමට ඒ සිද්ධිය යොදා ගන්නවා ඇත.

මේ සිද්ධිය ජාතිවාදයට කිසිසේත්ම සම්බන්ධ නැති හුදෙකලා සිද්ධියක්‌ බව සැබෑය. එහෙත් පස්‌සර වැනි ජාතීන් කීපයක්‌ එක සමානව ජීවත් වන සංවේදී පළාත්වල සිදුවන ක්‍රියාකාරකම් අපට කිසිසේත්ම හුදෙකලා කොටගත නොහැක. 

ජාතිවාදය යනු මහ නරක වචනයකි. ඉන් ගම්‍ය වන අරුතද අතිශයින් නරකය. එබැවින් මා මේ කියන දෙය ජාතිවාදයට උඩගෙඩි සපයන්නක්‌ යෑයි ලගුකොට කියනවාට මා සතුටු නැත. එහෙත් දකින්නට, පෙනෙන්නට, ඇසෙන්නට තිබෙන ඇත්ත දේ ජාතිවාදය යන අමිහිරි වචනයට මුවාකොට වසා තබන්නටද අපට නොහැකිය. 

මේ සිද්ධිය ජාතිවාදයට කිසිසේත්ම සම්බන්ධ නැති හුදෙකලා සිද්ධියක්‌ වුවත් එහි පසුපස ඇති සත්‍යය වටහාගත යුතුය. අද පස්‌සර බඳු ප්‍රදේශවල මුස්‌ලිම් තරුණයෝ සිංහල තරුණියන් හා යාළුවීම මා දන්නා තරමින් සංවිධානාත්මක කාරණයකි. යන්තමින් ඇටෙන් පොත්තෙන් එළියට එන මල් පොහොට්‌ටු වැනි රූබර දැරිවියන් රවට්‌ටා ගන්නා මුස්‌ලිම් තරුණයන්ට මුස්‌ලිම් වැඩිහිටියෝ හා ප්‍රභූ සමාජය දක්‌වන්නේ පුදුමාකාර ආශිර්වාදයකි.

අපට ඕන උඹලයි කෙල්ලෝ. උඹලයි ජාතිය, උඹලයි ආගම, උඹලයි සල්ලි, ඉඩකඩම් අපිට එපා. අපි කෙල්ලෝ ගන්නවා. ඒකට අපි කැමැතියි.... මා දන්නා මුස්‌ලිම් ව්‍යාපාරිකයකු පස්‌සර දී මට දිනක්‌ කීවේය.

මුස්‌ලිම් තරුණයකු සමග යාළුවන සිංහල යුවතිය කෙසේ හෝ පන්නාගෙන ගොස්‌ ඉස්‌ලාම් ආගමට හරවා බන්දවා ගන්නා ඔවුහු ඊළඟට කරන්නේ පර්දාව අන්දවා මුස්‌ලිම් කාන්තාවක්‌ ලෙස ආඩම්බරයෙන් ආගම සමාජගත කිරීමයි. එහෙත් සිංහල තරුණයන් හා විවාපත්ව එන මුස්‌ලිම් යුවතියන් ගැන අහන්නට නැත. මේ මෑත කාලයේ මුස්‌ලිම් තරුණයන් විසින් රවට්‌ටාගෙන ගිය සිංහල පුංචි කෙල්ලන් ගැන උදාහරණ මට සිය ගණනක්‌ පස්‌සරින් දිය හැකිය.

මේ ඉතාම ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන්නේ මුස්‌ලිම් ව්‍යාප්තවාදයයි. අද පස්‌සර ප්‍රදේශයේ රජයට අයිති ඉඩකඩම් ඇති තරමක්‌ අල්ලාගෙන සිටින්නේ මුස්‌ලිම්වරුය. අතීතයේ තණ පිටිවලින් හෝ ළඳු කැළෑවලින් වැසී තිබූ බොහෝ ගණනක්‌ කඳු අද මුස්‌ලිම් ගම්මානයන්ය. තේ වතුවලටද අත්වී ඇත්තේ ඔය ඉරණමමය. 

දිගින් දිගටම කතා කරන්නට මේ ගැන කරුණු බොහෝය. ලිපිය දිග වැඩිවන බැවින් ඒ සංවාදය මා තවත් සතියකට ගෙන යන්නට කැමැත්තෙමි. එබැවින් මේ ලිපිය මෙතෙකින් අවසන් කරමි. 

බුලිත ප්‍රදීප් කුමාර
http://www.divaina.com/2012/03/18/feature21.html

3 comments:

chinthaka said...

අයෙකු සිංහලයෙකු වන්නේ කෙසේද? මේ මෑතකදී විදේශිකයෙක් මගෙන් ඇසු පැනයය්. පළමුවරට මා සිංහලයෙකු බවට පත්කරන්නේ කුමක්දයි මගෙන්ම විමසීමි. දෙමාපියන් සිංහල වීමත්, මම සිංහල බස කතාකිරීම, ලිවීම සහ කියවීම මගේ මව් බස ලෙස සිදුකිරීමත් හේතුවෙන්, මා සිංහලයෙකු බව මට තේරෙන කල සිට අනය කියා ඇති බැවින් මට මේ පානය කිසිදා සිතට නොනගුනි.

එහෙත් යමෙකු සිංහලයෙක් වන්නේ කෙසේද ?

සාමාන්‍ය පිළිතුර නම් දෙමාපියන් සිංහලයන් වීම නිසා අයෙක් සිංහලයෙක් වේ . මව සිංහල නොවන පිය පමණක් සිංහල වන අයෙක් සිංහල ක්ද? එසේනම් අන්වර් මනතුඟද සිහලයෙකි . මනතුංග යනු සිංහල වාසගමක් වන තර සිංහල වාසගම් ඇති තම මුස්ලිම් බබව කියන එකම පුද්ගලයා ඔහුනොවේ. පෙරේරා, සිල්වා, ඩයස් , වෙනි පොර්තුගීසි වාසගමැති බෞද්ධ සිංහලයන් අපමණය. එහෙනම් අයෙක් සිංහලයෙක් බවට පත්කරන්නේ කුමක්ද ?

සිංහල භාෂාවයය් යමෙකුට කියන්නට පුළුවන . එහෙත් සිංහල කතා නොකරන සිංහල දෙමාපියන්ට දාව ඉපදුනු දරුවන් මට පිටරටවල අනෙක වාරයක් හමුවී ඇත. ඔවුන් සිංහලද? එසේනම් සිංහල කතාකරන දමිල දෙමාපියනට දාව ඉපදුනු දෙමල බස හසුරවන්නට නොහැකි අය සිංහල වේද? මා මිතුරු මුත්තුසාම් එවැන්නෙකි. එහෙත් ඔහු සිංහලයෙක් නොවේ. ඔහුම කියන පරිදි ඔහු ද්‍රවිඩයෙකි. සිංහල බස සිංහලය නොතනයි නම් සිංහල බසෙහිම වෙනත් ආරක් හසුරුවන, සිංහලයන් මුතුන් මිත්තන් වන මාලදිවයින් වැසි සියල්ලෝ සිංහලයෝ වියයුතු නොවෙත්ද ? මලයාසියාවේ වෙසෙන , සිංහලයන්ගෙන් පැවතෙන, සිංහල කතා නොකරන ය සිංහලයෝද ?

සිංහල දෙමාපියනට දාව ඉපදී ජර්මන් දෙමාපියන් ළඟ හැදී වැඩෙන පෙටෙර් සිංහලද ? ජෙර්මන් දෙමාපියන් බෞද්ධ වන නිසා ඔහුට සිංහල බැරි වුනත් සිංහල දෙමාපියන්ට ඉපදුනු නිසා ඔහු සිංහලද? එහෙත් නිසැකවම ඔහුගේ සන්ස්ක්රුතියනම් බටහිර බව නොකියාම බැරිය .

සිංහලයෙකුට සිංහලයෙකු ලෙස හිදිමින් ඉස්ලාම් බතිමතෙකුවිය නොහැකිද ? පළමු රාජසිංහ රජු හින්දු දහම වලධාගත් නමුත් මරණය තෙක්ම සිංහලේ රජු විය. සිංහලයේ අවසන් රජුන් නවදෙන සිංහලයෝ නොවන නමුත් ඔව්හු සිංහල රජවූ ලෙස පිළිගැනීම ලදහ. ධර්මපාල රජු කිසිදා සිංහලයෙකු නොවෙයය් කිසිවෙකු කිවේ නැත. සිංහල රජවරුන් තර ඔහුද කතෝලික රජකු ලෙස අද දක්වා පිළිගැනුම ලබය්. සපුමල් කුමාර සිංහල වීරයෙකු ලෙස සැලකුවද ඔහු දමිල යෙකු බව නොරහසකි.

සිංහල බව ඇතිකරන්නේ බුදුදහම යි යමෙක් කියය් ද , එසේනම් දේවානම් පිය තිස්ස රජු වනතුරු මෙරට හිටියේ සිංහලුන් නොවේද ? විජයරජු ඒඅනුව සිංහලයෙකු නොවන්න සේම , දෙවන පෑතිස් රජු වනතුරු සියලු රජ වරු සිංහලු නොවෙති. එසේනම් සිංහලය පවතෙනේ විජයරජුගෙන් යය කීම විහිළුවක් නොවේද ?

එහෙත් අප පාසලේ ඉගෙන ගන්න ලෙස විජය රජු සහ දේවානම් පියතිස්ස රජු දක්වා සියලු රජවරු මෙන්ම වැසියෝද සිංහල වේ . විජය සමග පැමිණි 700 සිංහල නම් ලාට රට සිංහලද ?

විජය රජු සමග පැමිණි 700 පිරිස සිංහ බාහුට හා සිංහ සීවලිට දාව නොඉපදුණු නිසා ඔවුන් ගෙන් පැවතෙන ජනය සින්හලුන්ද ? සියලු සිංහලුන් විජරජුට හා මෙසියට දාව ඉපදුනායය් කීම විජය රජුට මෙහෙසියන් හා සැතපීම හැර වෙන යමකට ඉඩ නොලබා දීමටත්, මෙහෙසියන්ට දරුවන් වැදීම හැර වෙන යමකට ඉඩ නොලබා දීමටත් හේතුවේ. එසේනම් විජය රජු පැමිණීමට පෙර සිටි මෙරට සෙනග සහ විජය රජු සමග පැමිණි 700 ගෙන් පැවතෙන්නෝ සිංහලු නොවෙත්ද ? බොද්ධ ශිෂ්ටාචාරය ලංකාවේ ඇරබුම මිහින්තලේ සිදුවූ බව පිළිගත යුතුය. එහෙත් ජනය සිංහල බව පවසන්නේ විජය රජුගේ සිටය. නොඑසේනම් සිංහල ඉතිහාසයෙන් පළමු වසර 250කට වැඩි ප්‍රමාණයක් සහ සිංහලයා ගේ ආරම්භක පිය ලෙස සැලකෙන විජය රජු සිංහලයට අයත් නොවේ, මන්ද ඔවුන් බොදුනුවන් නොවූ බැවිනි. එසේනම් සිංහල වීම බෞද්ධවීමෙන් පූර්ණ ලෙස ව්‍යුත්පන්න බව හොදින්ම පැහැදිලිය. බෞද්ධනොවන්න සිංහලයෙක් නොවේනම් විජය රජුද සිංහලයෙ ක් නොවේ. දමිල බෞද්ධයන්, තාය් , මියන්මාර, චීන බෞද්ධයෝ, බෙන්ගාලි බෞද්ධයෝ සිංහල නොවීම නිසා අඩු බෞද්ධයෝ හෝ සිංහල බොදුනුවනට වඩා පහත් බෞද්ධයෝ නොවෙති. බුදු දහම විශ්වීයි, එය එක ජාතියකට අයත් බූදලයක් නොවේ. බුදුදහම වළදා ගැනීම නිසා ඔවුන්ගේ බෙන්ගාලි බවට හෝ චීන බවට හෝ මින්මාර බවට එක්වූ දෙයක් ද , අඩුවූ දෙයක්ද නැත. ඔව්හු ද අනෙකුත් සිය ජාතිකයන් මෙන්ම සම වැසියෝ වෙති.

එමෙන්ම අයෙක් දමිලයෙකු බවට පත් කරන්නේ කුමක්ද ? ඉහත සියලු ප්‍රශ්න ඔවුනටද වලංගුවේ.

Anonymous said...

ඔයා කියන විදියට පරිනාමවාදයට අනුව බැලුවොත් එහෙම නම් මිනිස්සු එන්නෙ වඳුරන්ගෙන්. එතකොට අද ඉන්න ඔක්කොම තාම වඳුරොද?

ඔබ කුලක කීපයක්ම අනාගෙන ඇති සෙයක් පෙනේ. ඔබ වැරදී කොනින් අල්ලගෙන ඇත. වෙනත් ජාතීන් ලංකාවේ 'බෝ'වන්නට පෙර කල සිට සිංහල කථා කල(භාශාව), මේ දූපත ස්ථීර වාසය කරගත්තවුන්(ඉතිහාසය) සිංහලයින්ය. බෞද්ධ දර්ශණය ලැබීමෙන් පසු එය රාජ්‍ය ආගම වන විට සිංහල-බෞද්ධ විය. එය සිංහල වීමට අනිවාර්ය නොවුනත් අත්‍යාවශ්‍ය දෙයක් වෙන්නේ මෙ හින්දයි. මේ ආකාරයටම, සිංහලයන්ට නම් තිබේ. අන්වර් යනු මුස්ලිම් නමකි. ඔය කිව්ව වාසගම සිංහල වූ පලියට සින්හල වන්නේ නැත. නෝඑසේනම්, අරාබිකාරයො ඔක්කොම වාසගම් වෙනස්කර නම් ප්‍රසිද්ධකල පමණින් සිංහල විය යුතුය! හික් හී... අම්ම ගායි.. අන්වර් මනතුංග යනු හොදී-සහ-පැණි ලෙසම කිසි ගැලපුමක් නැති විකාර රූපී තත්වයකි. නමුත් අවාසනාවට ඇත්ත කතාවකි. තවත් කියනවා නම්, බස් ටිකට් එකක් අරන් ගුවන් තොටුපලට ගියා වගේය. අන්වර් කියලා නමක් ගැන කියපු නිසා කියන්නේ, මොහොමඩ් ඉස්ලාම් කියලා එකක් හදන්න කලින් එයා අරාබිකාරයෙක්. හරියට සිංහල කියනවා වගේ. ප්‍රදේශයක් මුල්කරගෙන ජීවත්වෙන ජනකොටසක් හඳුන්වන්න භාවිතාවුන නාම. මුස්ලිම් කියලා සංකල්පයක් හැදන්නේ ඊට පස්සේ ඔය කියන ඉස්ලාම් ප්‍රචාරය කරවන්න. නමුත් ඉස්ලාම් අදහීම නිසා මුස්ලිම් ගොඩට තවත් 1ක් එකතු වූ පලියට, අනෙක් අතට, සිංහල වනේ නැත! මන්දයත්, ඉස්ලාම් යනු ආගමක් වන අතර මුස්ලිම් යනු ජාතියක් වේ. ඒ මුස්ලිම් ජාතිකත්වය ලැබෙන්නේ ලේ උරුමයෙන්වත්, අරාබි කථාකල පමණින්වත්, අරාබියේ ජීවත්වීමෙන්වත් නොවේ. හුදෙක් ඉස්ලාම් ඇදහීමෙන්මය.

ඉතින් ආයෙත් අර විදේශිකයෙක්ම ඔබෙන් අසුවොත් විස්තරේ කියන්න...ආ... තවටිකෙන් අර සිංහසීවලීගෙ කතාව අමතක වෙනවා. ඕනම රටක ඉතිහාසය වගේම සාහිත්‍ය කියල එකක් තියෙනවා. සිංහල මිනිස්සු සිංහයෙක්ගෙන් නෙවෙයි 'බෝ' වෙලා තියෙන්නේ. තමන්ගේ ජාතියේ අභිමාණය ගැන කියද්දී අපි පූසො වගේ මීයො වගේ සත්තු ගන කියන්නෙ නෑ. සිංහයොවගේ ඒ වෙද්දී මිනිස්සු දැනන් හිටපු අභියොගාත්මක සත්තුන්ව තමයි පාවිච්චිකරල කථා ගොතලා තියෙන්නේ. අර සුද්දාට ඕක අවුලක්ම නම්, රොමුලස් සහ රෙමියුස් වුර්‍රකයින්ගෙන් කිරිබීල හැදිලා ඇවිල්ලා රොමේ රජ උනේ කොහොමද අහන්න?

Anonymous said...

චින්තක පොඩී ප්‍රශ්නයක්.. විජය ලන්කාවට එනවිට කුවෙනිය ලන්කාවෙ ඉදියනේද? එතකොට කුවෙනිය ඕපපාතිකද? එයාට අම්මෙක් අප්පෙක් ඉදියෙ නෑද්ද? සින්හලය කියන්නේ සිව්හෙලය කියන වචනයෙන් ආපු වචනයක්. විජය ලන්කාවට එනකොට මෙ රටේ ජාතීන් වර්ග 4ක් ඉදියා. යක්ශ, නාග, රාක්ශ, දේව කියල. ඒ වෙනකොට රටේ රජකම තිබුනේ කුවේනියගෙ පරපුර වෙච්ච යක්ශ ගෝත්‍රිකයොන්ගෙ අතේ. මෙ සිව් හෙලය තමා පස්සෙ සින්හලය උනේ. නෑතුව විජයගෙ තාත්ත සින්හයෙක් උනු නිසා නෙමේ. අනික විජයත් එක්ක ආපු 700ක පිරිවර කුවෙනිගෙ මායා බලයකින් විනශ කල කියලා ඉතිහාසයේම තියෙනවනේ. ඉතිහාසය විකෘති කරන්න එපා. අනික ජාති ආගම් පටලවගන්න එපා. සින්හල කියන්නේ ජාතියක්, ඉස්ලාම් කියන්නෙ ආගමක්, දෙමල කියන්නෙ ජාතියක්, හින්දු කියන්නෙ ආගමක්. ඔබ මුල ඉදන්ම ඒ දෙක පටලවාගෙන සහෝදරයා