Pages

Thursday, December 29, 2016

වනය වනසන, බලෙන් ඉඩම් අල්ලන, බදුර්දීන්ගේ සහෝදරකම්!

මන්නාරම ප්‍රදේශයේ අක්‌කර 600 ක ඉඩමක්‌ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ සොහොයුරෙකු බලහත්කාරයෙන් අල්ලා ගත්තා යෑයි කියන සිද්ධියක්‌ ඊයේ (28 දා) "දිවයින" ප්‍රධාන පුවත හැටියට පළවී තිබිණි. දැන් මේ අපූරු සහෝදරයාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

දේශපාලනඥයන්ගේ අම්මා, තාත්තා, මල්ලි, නංගී, මස්‌සිනා, නෑනා ඒ අයගේ හිතවතුන්, දේශපාලනඥයන්ගේ ළඟම හිතවතුන්, බත්බැලයන් මේ ආදී කවුරුන් හෝ වේවා දේශපාලනඥයන්ගේ උණ තමන්ගේ ඇඟට ගැනීම සාමාන්‍යයෙන් දක්‌නට ලැබෙන දෙයකි. එය අමුතුවෙන් පුදුම වන්නට කාරණයක්‌ නොවේ.

ප්‍රශ්නය වන්නේ මෙවැනි පාදඩකම් දැක දැකත් ආණ්‌ඩුවේම වගකිවයුතු උදවිය ඇස්‌කන් පියාගෙන සිටීමය. මේ කියන "සහෝදරයා" (වමේ උදවියගේ "සහෝදර" ආමන්ත්‍රණය නොවන බව කරුණාවෙන් සලකන්න) ඉඩම් අල්ලාගෙන ඇතැයි කියන්නේ අපූරු ආකාරයටය. ඒ අනුව මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට අයත් ඉඩම් අක්‌කර 600 ක්‌ මුදල් ලබාදෙන පොරොන්දුව මත ලබාගෙන ඇතත් මේ වනතුරුත් එම මුදල් ගෙවන්නට කටයුතු කර නැති බව වාර්තා වේ. මෙවැනි සෙප්පඩකම් කළ හැක්‌කේ "දේශපාලන බලය" ඇති එකෙකුට පමණි. බදියුදීන් ඇමැතිවරයාට ඇති "සහෝදරකම" හැරුණු විට මේ පුද්ගලයා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුද වේ. මේ මිනිහා බැරිවෙලා හෝ පාර්ලිමේන්තුවට පැමිණියේ නම් අයියත් මල්ලිත් එකතුව රටම විකුණා දමන බව සහතිකය. මේ "සහෝදරයා" එසේ මෙසේ කෙනෙකු නොව නොම්බර එකේ "චණ්‌ඩියෙකු" බව මීට පෙරද ඔප්පු කර තිබේ.

ඒ අනුව මන්නාරම අධිකරණයට පහරදීමේ සිද්ධියටත්, විල්පත්තුව වනාන්තරයේ ඉඩම් අල්ලා ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන්ද මේ "සහෝදරයාට" චෝදනා එල්ල වී තිබේ. මේ හේතු නිසා අපට විශේෂයෙන්ම කිව හැක්‌කේ මේ පුද්ගලයා නෑකම් වලින් උපරිම ප්‍රයෝජන ගන්නා පුද්ගලයකු බවය. අනුන්ගේ ඉඩම් කොල්ලකෑමටත්, රටේ වනාන්තර විනාශ කර දමන්නටත්, නීතියට අභියෝග කරන්නටත් දේශපාලකයකු වේවා, ඔහුගේ හත්මුතු පරම්පරාවේ වේවා ඕනෑම නසරාණියකුට හැකියාව ඇති (තිබෙන) බව මේ සහෝදරයා ගෙඩි පිටින් ඔප්පු කරමින් සිටී. දැන් අපට තිබෙන ප්‍රශ්නය මේවා මෙහෙම සිදුවන්නේ කෙසේද? එවැනි බලයක්‌ මේ පුද්ගලයාට ලැබුණේ කොහොමද? යන්නය. අපේ විශ්වාසය අනුව මෙවැනි බෝවෙන රෝග, දේශපාලනඥයන් බොහෝ දෙනකුට හෙට අනිද්දා වන විට වැළඳීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩි බවය. ඊට පෙර මෙවැනි තක්‌කඩිකම් නවතා දැමීමට වහා පියවර ගත යුතුය. අක්‌කර හයසියයක්‌ යනු සුළු වපසරියක්‌ නොවේ. මේ අල්ලා ගත් ඉඩම් ප්‍රමාණය තුළ රජයට අයත් ඉඩම්ද තිබෙන්නට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩිය. කොහොමත් "රජයේ ඉඩම්" අල්ලා ගැනීම මේ "සහෝදරයන්ට" කජු කනවාටත් වඩා සුළු දෙයක්‌ බව කරුණු කාරණා සිද්ධ වෙන හැටියෙන් පෙනේ. විල්පත්තුව ඇල්ලූ සහෝදරයාට තවත් රජයේ ඉඩම් ඇල්ලීම "ටොයිස්‌" බව වේදිකාවල පාරම් නොබෑවාට අපි තේරුම් ගෙන සිටිමු. අපට සැකයක්‌ නැතිවම එසේ සිතන්නට සිදුව තිබෙන්නේ මෙපමණ දේ සිදුවෙද්දීත් ඊට එරෙහිව කටයුතු නොකරන කොඳු ඇට පේළිය අහිමි උදවිය ගැන කල්පනා කරන විටය.

http://www.divaina.com/2016/12/29/editor.html

Pic Source

සබැඳි ලිපි -
[

බදුර්දීන් නොනවතී.. යහපාලන අනුහසින් විල්පත්තුවේ තව අක්කර 600ක් ගිලී!http://denethharinna.blogspot.com/2016/12/600.htmlරිෂාඩ් බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයත් ගිලී.. අක්කර 2500ක් දැනටමත් ඉවරයි!http://denethharinna.blogspot.com/2016/08/2500.html
පරිසරය රැකගැනුම ගැන හැමවිට දෙසන, වරදකරුවන්ට දඬුවම් දෙන බව කියන ජනපති විල්පත්තුව වනසන තම කැබිනට් සාමාජිකයා ගැන නිහඬයි!
http://denethharinna.blogspot.com/2016/05/blog-post_31.html

බද්දුද්දීන් අන්තවාදය බිළිගත් උ/නැගෙනහිර අක්‌කර 16000 ක්‌
http://denethharinna.blogspot.com/2015/12/16000.html
විල්පත්තුවේ බදුදීන්කරණය තවම නිමා නැත!
http://denethharinna.blogspot.com/2015/12/blog-post_1.html
පොතුවිල් - ලාහුගල තවත් විල්පත්තුවක්‌! කුඹුක්‌කන රක්‍ෂිතය වනසනු!
http://denethharinna.blogspot.com/2015/10/blog-post_77.html
අමුතු බසක් කතා කරන මිනිසුන්ගෙන් විල්පත්තු ජනාවාස කිරීම සහ මුසලු මූලධර්මවාදීන් මෙරටින් මතුවීම - අනාගත මහ ව්‍යසනයක පෙරනිමිති
http://denethharinna.blogspot.com/2015/08/blog-post_79.html
විල්පත්තුවේ දැන් සිදුවන්නේ යටත් විජිත යුගයෙන් පසු ලොකුම වන විනාශයයි
http://denethharinna.blogspot.com/2015/05/blog-post_75.html
අක්‌කර 2500ක්‌ වන සංරක්‍ෂණයෙන් උදුරා ගත් විල්පත්තු-මඩු මූසළු ව්‍යාප්තවාදයේ තිත්ත ඇත්ත...
http://denethharinna.blogspot.com/2015/05/2500.html
]

1 comments:

primelanka said...

http://primelankanews.com/archives/5000 වැඩිදුර තොරතුරු සදහා පිවිසෙන්න