ලොව පුරා විසිර සිටින බෞද්ධයනට ශ්‍රී සද්ධර්මය සන්නිවේදනය කළ නූතන යුගයේ ධර්මසන්නිවේදකයාණන් වහන්සේ අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම ස්‌වාමින් වහන්සේ යෑයි කීම අතිශයෝක්‌තියක් නොවනු ඇත. සාසනමාමකත්වයත්, ශ්‍රද්ධා සීල ගුණ සම්පන්තියත්, සංවිධාන ශක්‌තියත්, ආත්ම විශ්වාසයත්, නිර්භීතභාවයත්, උපායශීලිත්වයත්, මහජන ආකර්ෂණ සම්පත්තියත්, කරුණා මෛත්‍රි ගුණයත් දරණාගම කුසලධම්ම නම් වූ ඒ ප්‍රතාපවත් භික්‍ෂු ප්‍රතිරූපය සම්බෝධි සත්මහල් පහය මෙන් ශක්‌තිමත්ව ගොඩනැගෙන්නට ඉවහල් වූ සාධකයන්ය.
1989 වසරේ නොවැම්බර් මාසයේ දී මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයට කුසලධම්ම හිමියන් පැමිණෙන්නේ පරමපූජනීය අග්ගමහා පණ්‌ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ යටතේ තම ජීවිතය සකසාගෙන සිය පැවිදි දිවිය ශාසනානුලෝමව ගොඩනගාගැනීමේ බලාපොරොත්තුවෙනි.
එවකට මා මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේගේ උපස්‌ථායකයා වූ බැවින් කුසලධම්ම හිමියන් නා සමිඳුන්ට මුණගැස්‌වීමේ වගකීම පැවරෙන්නේ මා වෙතය. මෙම තරුණ භික්‍ෂූන් වහන්සේට මහරගම ධර්මායතනයේ හා වජිරාරාම භික්‍ෂු සම්ප්‍රදාය ගැන පහදා දී ඊට එකඟව සිටිය හැකි නම් අප ආයතනයක විසිය හැකි බව පැවසූ මහනාහිමියෝ මේ භික්‍ෂු නම අම්පිටියේ ශ්‍රී රාහුල ලොකු හාමුදුරුවන්ට මුණගස්‌වන ලෙස මට පැවරූහ.
අතිපූජනීය අම්පිටියේ ලොකු හාමුදුරුවන් වහන්සේ වැඩසිටි සීමාමාලකය අසල කුටිය වෙත කැඳවාගෙන ගොස් කුටියේ දොරට තට්‌ටු කළෙමි. උන්වහන්සේ කහ පැහැති සිවුරක් පොරවා කෙස් මදක් වැවී තිබුණු මෙම තරුණ භික්‍ෂූන් වහන්සේ දෙස බලා මගෙන් විස්‌තර විමසූහ. නැවත වරක් කුසලධම්ම හිමියන් වෙත බලා තමා හමුවීමට කලින් කෙස් රැවුල් බාල පිළිවෙළකට එන්න යෑයි කියා කාමරය තුළට ගිය ලොකු හාමුදුරුවෝ රේසරයකුයි තුවායකුයි සබන් කෑල්ලකුයි කසට පැහැ ඇති අඳනයක් සහ සිවුරකුයි ගෙන එළියට විත් බාල්දිය ද දී ළිඳට එක්‌කරගෙන යන ලෙස නියම කළහ.
ධම්මකුසල හිමියන් මගෙන් ඇසුවේ රාහුල හාමුදුරුවෝ මහානායක හාමුදුරුවන්ට වඩා ගොඩක් සැරයි නේද කියල. ලොකු හාමුදුරුවන්ගේ ඒ දැඩි ශික්‍ෂණ ක්‍රමය ගැන පැහැදිලි කරමින් නාන ළිඳට ගිය මා කුසලධම්ම හිමියන්ගේ කෙස් බා ස්‌නානයෙන් පසු නැවතත් ලොකු හාමුදුරුවන් වෙත යොමු කළෙමි. ලොකු හාමුදුරුවෝ දහවල් දානයට වඩින විට කුසලධම්ම හිමියන් කැටුව විත් මේ භික්‍ෂුනමට පාත්තරයක් සොයා දෙන ලෙස නියම කොට දාන ශාලාවට වැඩිය අතර දහවල් දානයෙන් පසු කුසලධම්ම හිමියන් මහනුවර හන්තාන කඳු මුදුනේ පිහිටි බෝවලවත්ත වජිරාරාම ආරණ්‍යය සේනාසනය වෙත කැඳවාගෙන යනු ලැබිණි.
අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල මාහිමියන් වහන්සේගේ හා පූජ්‍ය කටුගස්‌තොට සනාථවිහාරි හිමියන්ගේ ආශ්‍රයෙන් වසරක පමණ කාලයක් ධර්ම විනය හා වත් පිළිවෙත් මැනවින් ඉගෙන ගත් පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ උසස් අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීම සඳහා කොළඹට යැමේ අවශ්‍යතාව පෙන්වා දුන්හ.
අතිගරු අම්පිටියේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ ද ප්‍රසාදය දිනාගත් දරණාගම කුසලධම්ම හිමියෝ අතිපූජ්‍ය මඩිහේ මහ නාසමිඳුන්ගේ මගපෙන්වීමෙන් බම්බලපිටිය වජිරාරාමයට පැමිණ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වූහ.
ගිලානෝපස්‌ථානයට රුචිකත්වයක් දැක්‌වූ කුසලධම්ම හිමියෝ වජිරාරාම වාසීව වැඩ සිටි අතිපූජනීය පියදස්‌සි නාහිමියන්ව ඉතා හොඳින්
රැකබලාගත් අතර උන්වහන්සේගේ ශාස්‌ත්‍රීය කටයුතුවලට ද සහාය විණි. මඩිහේ මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේගේ උපදෙස් පරිදි විඡේරාම මාවතේ පිහිටි සම්බෝධි විහාරය පියදස්‌සි නාහිමියන් වෙත පැවරීමෙන් පසු දරණාගම කුසලධම්ම හිමියන් ද පියදස්‌සි නාහිමියන්ගේ දෙස් විදෙස් ධර්මදූත මෙහෙවරට සහාය වීමට වජිරාරාමයෙන් සම්බෝධි විහාරයට වැඩම කෙරිණි. අතිපූජනීය පියදස්‌සි නාහිමියන් ඉතා හොඳින් රැකබලාගත් දරණාගම කුසලධම්ම හිමියෝ පියදස්‌සි මාහිමියන්ගේ අපවත්වීමෙන් පසු සම්බෝධි විහාරස්‌ථානයේ භාරකාරත්වයට පත්වූහ.
අතිපූජනීය පානදුරේ අරියධම්ම මාහිමියන් වහන්සේ, අතිපූජනීය වජිරාරාමවාසී පියදස්‌සි මාහිමියන් වහන්සේ වැනි සංඝ පීතෘන් වහන්සේලා වැඩසිටි මෙම සම්බෝධි විහාරයේ ස්‌වර්ණමය යුගය උදාවූයේ අනතුරුවය. ඒ පූජනීය දරණාගම කුසලධම්ම හිමියන්ගේ දූරදර්ශී නායකත්වයෙනි.
විවිධ අභියෝග හමුවේ විවිධාකාර විවේචන නින්දා ප්‍රසංශා ඉවසීමෙන් දරාගෙන තමන් වහන්සේගේ ඉලක්‌කය වෙත ගමන් කොට බෞද්ධයනට ම අනන්‍ය වූ බෞද්ධයා රූපවාහිනිය නමින් නාලිකාවක් ආරම්භ කොට පසුකාලීනව එය ස්‌වාධීන ආයතනයක් බවට පත් කොට මනා පරිපාලන ව්‍යqහ ඇතිකොට ශ්‍රව්‍ය දෘෂ්‍ය මෙන්ම විද්යුත් මුද්‍රිත හා අන්තර්ජාල ආදී තාක්‍ෂණ භාවිත කරමින් ධර්මය සන්නිවේදනය කළහ.
ශ්‍රී ලාංකේය භික්‍ෂු වංශ කථාවේ නව පරිච්ඡේදයක් ලියමින් වත්මන් භික්‍ෂුවකගේ කාර්යභාරය මැනවින් ඉටු කළ දරණාගම කුසලධම්ම මාහිමියෝ භික්‍ෂූන් වහන්සේලා ධර්ම ප්‍රචාරය වෙනුවෙන් දේශ දේශාන්තර වැඩම කරවනවා වෙනුවට එක තැනක සිට ලොව පුරා දහම් බෙදාදෙන ධර්ම සන්නිවේදන ආයතනයක් බිහිකිරීම රන් අකුරෙන් ඉතිහාසගත වනු ඇත. අතිපූජනීය දරණාගම කුසලධම්ම මාහිමිපාණන් වහන්සේට නිවන් සුව අත්වේවා.
ශාස්‌ත්‍රපති රාජකීය පණ්‌ඩිත රජවැල්ලේ සුභූති හිමි, විපස්‌සි බෞද්ධ මධ්‍යස්‌ථානය
http://divaina.com/daily/index.php/puwath-2/8355-2018-03-05-15-36-61

0 comments:
Post a Comment