Pages

Tuesday, March 6, 2018

තෙල්දෙණිය සිංහල ගම්මානයට ප්‍රහාර! පෙට්‍රල් බෝම්බ සහ කඩු අතැතිතව සිටි මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට! අගමැති උලමා සමග විශේෂ සාකච්ඡාවක...

මහනුවර දිගන, තෙල්දෙණිය ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජමියතුල් උලමා සභාවේ නියෝජිතයන් අතර හදිසි සාකච්ඡාවක් ඊයේ මධ්‍යම රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේදී සිදුවිය.

මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රියාමාර්ග ගන්නැයි ඔවුන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ විශාල මුස්ලිම් ජාතික පිරිසක් කොල්ලුපිටියේ පල්ලිය අසලට රැස්වී විරෝධතාවය දැක්වූහ.

මුස්ලිම් ජාතික පිරිසකගේ අමානුෂික පහරදීමක් හේතුවෙන් සිංහල තරුණයෙකු මිය යෑමත් සමග තෙල්දෙණිය, දිගන ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මුස්ලිම් ජාතික වෙළදසැල්වලට පහර දීමක් දක්වා දිරදිග ගියේය.

මේ අතර ඊයේ රාත්‍රියේ තෙල්දෙණිය කුඹුක්කදුර සිංහල ගම්මානයේ නිවාස කිහිපයකට කලහකාරීන් පිරිසක් පහරදී ඇති අතර, පෙට්‍රල් බෝම්බ සහ කඩු අතැතිතව සිටි මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

http://www.colombotoday.com/45192-263/

සබැඳි ලිපි -
[

ඔහු දුප්පත් අහිංසක මුසලුවන්ටත් උදව් කළ තරුණයෙක්. මදාවි මුසලුවන් පළාතටම වදකාර වූ පිරිසක්!http://yukthiyawenuwen.blogspot.com/2018/03/blog-post_6.htmlමුසලු පහරදීමකින් සිංහල තරුණයෙකු මිය යයි. තෙල්දෙණිය නොසන්සුන්!http://yukthiyawenuwen.blogspot.com/2018/03/blog-post_2.html
]

0 comments: