
වර්තමාන යහපාලන ආණ්ඩුව බලයට පැමිණි දින සිට යුද්ධය ජයගත් රණවිරුන්ව අසාධාරණ අයුරින් සිරගත කරමින්ද මියගිය ත්‍රස්තයන්ගේ පවුල්වලට රණවිරුවන්ගේ පෞද්ගලික මුදලින් වන්දි ගෙවීමට සැලැස්වීමෙන්ද කටයුතු කරන ආකාරය අපි දුටිමු. කර්නල් ෂම්මි කුමාරරත්න මාස 14ක් රිමාන්ඩ් භාරයේ සිටි අතර (ඔහු සහ බුද්ධි අංශයේ තවත් හමුදා නිලධාරීන් 11ක්) ඔවුන් ඇපපිට නිදහස්වීද මාස 14ක් පමණ වන නමුත් තවම ඔවුන්ට විරුද්ධව නඩු පවරා නැත්තේ අවශ්‍ය සාක්‍ෂි නොමැති නිසාය. එසේ නම් මොවුන්ව වසරකට අධික...