Pages

Sunday, May 5, 2013

මෙරට චින්තනය සිංහල බෞද්ධ චින්තනයයි. සංස්‌කෘතිය සිංහල බෞද්ධ සංස්‌කෘතියයි - නලින් ද සිල්වා

උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බරයේ දී පැවැත්වෙනු ඇති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත. අනෙක්‌ පළාත් සභා මැතිවරණ පවත්වා තිබිය දී උතුරු පළාතේ පමණක්‌ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම දෙමළ ජාතිවාදීන්ට හා ඔවුන් පිටුපස හැමදාමත් සිටි බටහිරයන්ට හා ඉන්දියාවට වඳුරන්ට ඉණිමං බැඳීමක්‌ විය. එහෙත් අප අපේ රට සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ බටහිර රටවල් හා ඉන්දියාව දෙස බලා නො වේ. අපේ රටේ ස්‌වෛරීභාවය, ආරක්‍ෂාව, භෞමික අඛණ්‌ඩතාව, ඒකීය භාවය (එක්‌සේසත් බව) ආදිය එහි දී වැදගත් වෙයි. ඉහත සඳහන් කරුණක්‌ හෝ කරුණු කිහිපයක්‌ නිසා හෝ උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු යෑයි අපට වැටහේ නම් අප ඒ අනුව අදාළ මැතිවරණය නොපැවැත්විය යුතු ය. එහෙත් අපේ තීරණය යුක්‌තියුක්‌ත කිරීමට අපට හැකි විය යුතු ය.

පළාත් සභා අහෝසි කරනු දැකීම මගේ අභිප්‍රාය වෙයි. එයට ප්‍රධාන හේතුව පළාත් සභා මෙරට ඇති ප්‍රශ්නයකට විසඳුමක්‌ නො වීම ය. පළාත් සභා ඇතිකරනු ලැබුයේ ඉන්දියාවේ අවශ්‍යතාවට ය. එය දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්නවලට ඊනියා විසඳුමක්‌ ලෙස ඉන්දියාව විසින් බලයෙන් පටවන ලද්දේ එංගලන්තයේ හා ඇමරිකාවේ ආශිර්වාදය හා අනුග්‍රහය යටතේ ය. 


එහෙත් මෙරට ඇති ප්‍රශ්නය අන් කිසිවක්‌ නොව ඉංගිරිසි හා ලන්දේසි යටත්විජිත යුගවල දී සිංහල බෞද්ධයන්ට සිදු වූ අසාධාරණකම් ය. මේ අසාධාරණකම්වලට තවමත් විසඳුම් ලැබී නැත. සිංහල බෞද්ධයෝ තවමත් අසාධාරණකම්වලට ලක්‌වෙති. මෙයට යම් ප්‍රමාණයකට වගකිව යුත්තෝ සිංහල බෞද්ධයන්ගේ ඊනියා නායකයෝ ය. සිංහල බෞද්ධ සංස්‌කෘතිය මෙරට විශේෂිත සංස්‌කෘතිය බවට තවමත් පිළිගැනී නැත. අවුරුදු දෙදහසකට වැඩි කාලයක්‌ තිස්‌සේ මෙරට ජනතාවගේ සංස්‌කෘතිය සිංහල බෞද්ධ විය. මෙරට ජනතාවගේ ජීවන රටාව සිංහල බුද්ධාගම විසින් සකස්‌ කෙරිණි. මෙරට ජනතාවගේ චින්තනය, අවශ්‍ය නම් ජාතික චින්තනය, සිංහල බෞද්ධ චින්තනය විය. දැනුම ද ඇතුළත් වූ සංස්‌කෘතිය ගොඩනැඟෙන්නේ යම් චින්තනයක ය. එයින් අදහස්‌ වන්නේ චින්තනය යන්න මූල හේතුවවත්, චින්තනය වෙනස්‌ නොවන බවක්‌වත් නො වේ. චක්‍රීය චින්තනයක මූල හේතු නැත. අනිත්‍ය ගැන කියෑවෙන සංස්‌කෘතියක නිත්‍ය චින්තනයක්‌ තිබිය නො හැකි ය.


ඇතැම් සිංහල බෞද්ධයන් ම, ඇතැම් භික්‍ෂුන් වහන්සේ ම, සිංහල බෞද්ධ සංස්‌කෘතියට මෙරට හිමිවිය යුතු සුවිශේෂ තත්ත්වය අහිමිකිරීමට කටයුතු කරනු දැක්‌ම කනගාටුදායක ය. ඊනියා සර්ව ආගමික සංකල්පය මගින් සිදුවන්නේ සිංහල බෞද්ධ සංස්‌කෘතියට හිමිවිය යුතු විශේෂ තත්ත්වය අහිමි කිරීම ය. මෙරට බහු සංස්‌කෘතික රටක්‌ වන්නේ කිනම් අර්ථයකින් ද? ඕනෑම රටක සංස්‌කෘතීන් එකකට වඩා තිබිය හැකි මුත් ඒ සෑම රටකම අධිපතිවාදී සංස්‌කෘතියක්‌ හෝ විශේෂිත සංස්‌කෘතියක්‌ හෝ පවතී. එහෙත් ලංකාව බහු සංස්‌කෘතික රටක්‌ ලෙස හැඳින්වෙන්නේ මෙරට සෑම සංස්‌කෘතියක්‌ ම සමාන ය යන අර්ථයකිනි. සර්ව ආගමික භික්‍ෂුන්වහන්සේ ද සිංහල බෞද්ධ සංස්‌කෘතියට හිමි විශේෂත්වය නැති කරති. අප පළමු කොට ම මෙරට විශේෂිත සංස්‌කෘතිය සිංහල බෞද්ධ සංස්‌කෘතිය බව පිළිගැනීමට සැලැස්‌විය යුතු ය. අපේ ප්‍රශ්නය වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්‌කෘතියට හිමි තැන නො ලැබීම ය. මෙරට චින්තනය අන් කිසිවක්‌ නොව සිංහල බෞද්ධ චින්තනය බව විශ්වවිද්‍යාලවල සිටින බටහිර ගැති නිවට පුස්‌සන්ට කියා දිය යුතු ය. මේ පුස්‌සෝ ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය ලොවේ ම අධිපතිවාදී චින්තනය බව පිළිගනිති. දැනුම හා සංස්‌කෘතිය සම්බන්ධයෙන් ගත් කල මේ පුහු නිවටයෝ වෙනත් කිසිම සංස්‌කෘතියකට හෝ චින්තනයකට හෝ ඉඩක්‌ නො දෙති. එහෙත් බටහිර විද්‍යාව ප්‍රධාන බටහිර දැනුම පට්‌ටපල් බොරුවක්‌ බව පෙන්වූ විට ඔවුන්ට එයට විරුද්ධව කීමට දෙයක්‌ නැත. ඔවුහු දිගට ම නිවටකම නිසා ම පට්‌ටපල් බොරුවේ ගැලී සිටිති.


මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක්‌ වූ අසාධාරණයක්‌ නොමැති බව පෙන්වා දශක දෙකකට වැඩි ය. එහෙත් ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනාට ඒ ගැන වැටහීමක්‌ නැත. සිංහල භාෂාව මෙරට ඈත අතීතයේ සිට රාජ්‍ය භාෂාව විය. එසේ නොවූයේ ඉංගිරිසින්ගේ කාලයේ පමණ ය. 


රාජ්‍ය භාෂාව යන සංකල්පය අද අරුතින් නිර්වචනය කර නැති වුවත් මෙරට රාජ්‍ය කටයුතු කෙරී ඇත්තේ සිංහලෙනි. ඒ බව දිවයින පුරා විසිරී ඇති සෙල්ලිපිවලින් පැහැදිලි වෙයි. මෙරට ඇති දෙමළ සෙල්ලිපි සංඛ්‍යාව කෙතෙක්‌ ද? ඒ දෙමළ සෙල්ලිපි ද ඇත්තේ දෙමළ වෙළෙන්දන්ගේ ප්‍රයෝජනය සඳහා ය. මෙරට කිසිම දිනෙක දෙමළ රාජ්‍ය භාෂාව වී නැත. එසේ වී ඇත්නම් ඒ බව ඔප්පු කරන මෙන් මෙරට සිටින වීරයන් වීමට දඟලන පුස්‌සන් වූ කසිකබල් ඉතිහාසඥයන්ට අභියෝග කරමු. පෘතුගීසීන් හා සංකිලි අතර වූ ගිවිසුම ද ඇත්තේ සිංහල හා පෘතුගීසි භාෂාවලින් මිස දෙමළ භාෂාවෙන් නොවන බව ගාමිණී ඊරියගොල්ල මහතා පෙන්වා දී ඇත. 1956 දී සිංහල රාජ්‍ය භාෂාව වීම නිසා ඉංගිරිසි නොදත් දෙමළ ජනයාට වූ අවාසියක්‌ නැත. ඒ දෙමළ ජනයා යම් පිරිසක්‌වත් ඉංගිරිසියට වඩා සිංහල දත් බැවින් ඔවුන්ට අත්වූයේ වාසියකි. සිංහල රාජ්‍ය භාෂාව වීම නිසා අවාසියක්‌ වී නම් ඒ ඉංගිරිසි දත් එහෙත් සිංහල නොදත් ප්‍රභූ දෙමළ වෙල්ලාලයන්ට පමණකි. මෙරට 1931 සිට සිදු වී ඇත්තේ සර්වජන ඡන්දය ලැබීමත් සමඟ ඉංගිරිසි දත් දෙමළ වෙල්ලාලයනගේ වරප්‍රසාද අඩුවීම ය. ඒ වරප්‍රසාද අඩුවීම දෙමළ වෙල්ලායෝ හා ඉංගිරිසිහු සාමාන්‍ය දෙමළ ජනයාට වූ අසාධාරණයක්‌ ලෙස ප්‍රචාරය කළහ. දෙමළ ජනයාට නිදහසෙන් පසුව සිදුවිණි යෑයි කියන අසාධෘරණකම්වල මුල ඇත්තේ එතැන ය. පළාත් සභා ගෙන ආවේ දෙමළ ජනයාට නැති ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට ය. එහි බලාපොරොත්තුව මුළු රටේ ම නායකයන් වීමට සිටි දෙමළ වෙල්ලාලයන්ට අඩුම තරමෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල නායකකම් ලබා දී පසුව ඒ පළාත් වෙන ම රාජ්‍යයක්‌ ලෙස ප්‍රකාශ කිරීම ය.


දෙමළ වෙල්ලාලයන්ට සාකච්ඡා හා ගිවිසුම් මගින් කර ගැනීමට නොහැකි වූ දේ කිරීමට බටහිරයෝ හා ඉන්දියාව දෙමළ ත්‍රස්‌තවාදය යොදාගත්හ. දහනව වැනි සියවසේ සිට ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් ඇති දෙමළ ජාතිවාදයට අවසානයේ දී දෙමළ ත්‍රස්‌තවාදය පිහිට කරගැනීමට සිදු විය. එහෙත් දෙමළ ත්‍රස්‌තවාදය අවුරුදු තිහක සටනකින් පසු පරාජයට පත්විය. අද දෙමළ ත්‍රස්‌තවාදය නැත. එහෙත් දෙමළ ජාතිවාදය ඇත. එයට පොහොර දමමින් එය රැකගන්නේ බටහිර රටවල් හා ඉන්දියාව ය. විසුරුණු දෙමළ ජනතාව බටහිරයන්ගේ ආයුධයක්‌ පමණ ය. දෙමළ ජාතිවාදයට ලංකාවේ තනිව ම ගත් කල ඉඩක්‌ නැත. බටහිරයන් හා ඉන්දියාව එය ක්‍රියාත්මක කරන්නේ දෙමළ ජාතික සංධානය, රාජ්‍ය නොවන සංවිධාන, පුහු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් (විශේෂයෙන් ම එතරම් ඉහළ පංති සාමාර්ථ නැති අය හා විවිධ ඊනියා පර්යේෂණවල යෙදී තරමක්‌ වයස්‌ගත වූ පසු කථිකාචාර්යකම් ලබාගෙන ශාස්‌ත්‍ර පීඨවල සේවය කරන පුස්‌සන්), එජාප, කසිකබල් මාක්‌ස්‌වාදී පක්‍ෂ ආදිය මගින් ය. ඔවුන් මෙන තරම් දැඟළුවත් මහින්ද රාජපක්‍ෂ මහතා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිටිනා තෙක්‌ දෙමළ ත්‍රස්‌තවාදයට ඉඩක්‌ නැත. මේ ආණ්‌ඩුව බලයට පත්වූයේ සිංහල, ප්‍රධාන වශයෙන් ම සිංහල බෞද්ධ ඡන්දවලිනි. මහින්ද රාජපක්‍ෂ මහතා ඒ ඡන්ද පදනම නැතිකරගනු ඇතැයි සිතිය නො හැකි ය.


අද තත්ත්වය පසුගිය අවුරුදු තිහට වඩා වෙනස්‌ ය. ඇතැම් ජාතිකවාදීන් ඒ බව අවබෝධ කරගෙන නැත. අද බටහිරයන්ට අවශ්‍ය තමන්ට අවනත නොවූ මහින්ද රාජපක්‍ෂ මහතා කෙසේ නමුත් දංගෙඩියට යෑවීම ය. ඔවුන් ජෙනීවා සමුළු ආදිය යොදාගන්නේ ඒ සඳහා ය. ඒ මහතා ඡන්දයෙන් පරාජය කර හෝ වෙනත් ක්‍රමයකින් හෝ දංගෙඩියට යෑවීමට ඔවුහු උත්සාහ කරති. කිනම් අඩුපාඩුකම් මැද වුව ද මේ ආණ්‌ඩුව රැකගැනීම අද වැදගත් වන්නේ එසේ නොවුනහොත් බටහිරයන්ගේ හා ඉන්දියාවේ අනුග්‍රහය ඇතිව මෙරට ඊළමක්‌ පිහිටුවන බැවිනි. රනිල් වික්‍රමසිංහ ඒ සඳහා දත කට මැදගෙන සිටියි. දෙමළ ජනතාව පමණක්‌ නොව මුස්‌ලිම් ජනතාව ද මෙරට සැබෑ පුරවැසියන් කර ගැනීමේ අවශ්‍යතාව ඇත. ඔවුන් ඉන්දියාවේ හෝ අරාබියේ හෝ පුරවැසියන් නොවන බව ඔවුන්ට අවබෝධ වන අයුරින් ජාතිකවාදීන් කටයුතු කළ යුතු ය. පසුගිය දා මම නැගෙනහිර පළාතේ දින කිහිපයක්‌ ගත කෙළෙමි. ඇතැම් මුස්‌ලිමුන් කාත්තන්කුඩිය ඉඳිගස්‌ ද සහිත පුංචි අරාබියක්‌ කරගැනීමට උත්සාහ කරනු දුටුවෙමි. 


මෙරට රෝමානු කතෝලිකයෝ අද වන විට සිංහල කතෝලිකයන් බවට පත්වී සිටිති. මෙරට මුස්‌ලිමුන් අරාබි මුස්‌ලිමුන් නොව හෙළ මුස්‌ලිමුන් බවට පත්කර ගැනීමට අප උත්සාහ කළ යුතු ය. එහෙත් ඒ සඳහා පළාත් සභා අවශ්‍ය නො වේ. කුමාරතුංග මුනිදාස මහතාගේ අදහසක්‌ සුළුවෙන් වෙනස්‌ කර හෙළ බොදුනුවන්, හෙළ කිතුණුවන්, හෙළ හින්දුන් හා හෙළ මුසලිමුන් (ඉස්‌ලාමිකයන්) වීමට අපි උත්සාහ ගනිමු.


අද හැකිනම් කළයුත්තේ පළාත් සභා අහෝසි කිරීම ය. දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නීත්‍යානුකූල නොවන බව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමකු වූ අභාවප්‍රාප්ත රාජා වනසුන්දර මහතා පෙන්වා දී ඇත. ඒ කෙසේ වෙතත් පළාත් සභා අහෝසිකිරීමට තවමත් වාතාවරණය සකස්‌ වී නැත්නම් අද කළ යුත්තේ පොලිස්‌ බලතල ඉඩම් බෙදීමේ බලතල ආදිය පළාත් සභාවලට අහිමි කිරීම ය. මහින්ද රාජපක්‍ෂ මහතා දංගෙඩියට යෑවීම බටහිරයන්ගේ බලාපොරොත්තුව බව ඉහත සඳහන් කළෙමි. 


පසුගිය දිනෙක රාහුල් ගාන්ධි මහතා ඉන්දියාවේ ප්‍රාන්ත පොලිසියක්‌ මගින් අත්අඩංගුවට ගැනිණි. යම් අයුරකින් පොලිස්‌ බලතල සහිත උතුරු පළාතේ පළාත් සභාවේ පොලිසිය බටහිරයන්ගේ හා ඉන්දියාවේ සහායෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ඒ පළාතට ගිය විට අත්අඩංගුවට ගෙන කිසියම් ආකාරයකින් බටහිරට ගෙන ගොස්‌ ඊනියා ජාත්‍යන්තර අධිකරණයක යුද්ධාපරාධ සම්බන්ධයෙන් නඩු පවරා වැරදිකරු කර රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් බටහිර ගැත්තකු හෝ බලයට පත්කළහොත් ඇතිවන තත්ත්වය කුමක්‌ ද? උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම එතරම් හිතකර නො වේ. එහෙත් එයට පළමුව පොලිස්‌ බලතල, ඉඩම් බෙදීමේ අයිතිය පළාත් සභාවලට අහිමි කළ යුතු ය.


පළාත් සභා හා උතුරේ ඡන්දය - දැක්ම - නලින් ද සිල්වා

කොටි මැයි රැළියේදී ජාතික කොඩිය විකෘති කර බුදුන් වහන්සේට අපහාස කරයි

කොටි හිතවාදින් විසින් පසුගිය පළමුවැනිදා නෝර්වේ ඔස්ලෝ අගනුවරදී පැවැත්වූ මැයි රැලියේදී ශ්‍රී ලංකා ජාතික කොඩිය විකෘති කොට ඊට බුදුන් වහන්සේගේ රුව යොදා අපහාස වන අයුරින් සකසා තිබී ඇත.

එම මැයි රැලියේ ඡයාරූප එල්.ටි.ටි.ඊ.වෙබ් අඩවිවලද පළ කර තිබේ.

අදාළ ඡයාරූපවලට අනුව ජාතික කොඩිය විකෘති කොට ඊට ආගම්වාදය ඇතිවන අයුරින් බුදුරදුන්ගේ රුව යොදා ඇත්තේ ජාත්‍යන්තර කොටි ජාලයේ අවශ්‍යතාවයට බව සඳහන්ය.

නෝර්වේ දෙමළ සම්බන්ධීකරණ කමිටුව නමින් පැවැත්වූ මෙම මැයි රැලියට පැමිණි කොටි හිතවාදින් ඊළාම් කොඩි රැගෙන ඔස්ලෝ නුවර පෙළපාලි ගොස් ඇත.

දෙමළ ඊළමක් පිහිටුවීමට සහය වන්නැයි ඉල්ලමින් ඔවුන් පෙළපාලියමින් නෝර්වේ ජනතාව දැනුම්වත් කර තිබේ.

May 5, 2013 at 4:06 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93885/

මුස්ලිම් අන්තවාදයේ තරම වාසු දැනගත යුතුයි

ජාතික ඒකාබද්ධතාවය සහ ජාතික සංහිඳියාව සඳහා ප‍්‍රධාන බාධාව සිංහල බෞද්ධ අන්තවාදය යයි කියමින් ඒවාට වැට බැඳීමට තැත් කරන වාසුදේව නානායක්කාර මහතාට මුස්ලිම් අන්තවාදයේ තරම නොවැටහීම විමතියට කරුණක් බව ජාතික හෙළ උරුමය පවසයි.

මේ වන විට මුස්ලිම් අන්තවාදය ශ‍්‍රී ලංකාවේ පොදු නීතියටද බලපෑම් කරමින් තම අන්තවාදී ක‍්‍රියාකාරකම් වර්ධනය කරන බවද පවසන හෙල උරුමය මුස්ලිම් අන්තවාදය හමුවේ රට දැවැන්ත අර්බුදයක් කරා ගමන් කරමින් සිටින්නේ යයිද සඳහන් කරයි.

සිංහල බෞද්ධ අන්තවාදය යයි කියමින් බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට බාධා කිරීමට පෙර මුස්ලිම් අන්තවාදය හරහා ව්‍යාප්ත වන මුස්ලිම් ආගමික අන්තවාදයට වැට බැඳීම වාසුදේව නානායක්කාර මහතාගේ වගකීම බවද හෙළ උරුමයේ මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත වර්ණසිංහ මහතා කියා සිටී.

May 4, 2013 at 3:53 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/93876/

[
සබැඳි ලිපි -
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]

උතුරේ ජන්දය අපේ කොන්දේසි නොතකා නොතිබ්බොත් ආණ්ඩුවේ ඉන්නේ නෑ - JHU

උතුරු පළාත් මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුව තමන්ගේ  ඉල්ලීම්වලට කන්දෙනු ඇතැයි විශ්වාසය කරන බවත් තම පක්‍ෂය  විසින් ආණ්ඩුවට ඉදිරිපත්  කරන කොන්දේසි ක‍්‍රියාත්මක නොකොට උතුරු පළාත් සභා  මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව තීරණය කළහොත් තවදුරටත් ආණ්ඩුවේ සිටීමට තමන්ට හැකියාවක් නැතැයි ජාතික ජාතික හෙළ උරුමය පවසයි.

එම පක්‍ෂ ජාතික සංවිධායක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා පැවසුවේ උතුරු පළාත් සභා මැතිවරණය ගැසට් කිරීමට පෙර පළාත් සභා පනතේ පැහැදිලි වෙනසක්  සිදු කළ යුතු බවයි.

පළාත් සභාවලට පැවරීඇති ඉඩම් හා පොලිස් බලතල සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පළාත් සභාවල අදහස් විමසීම යන කරුණු මෙසේ වහාම සංශෝධනය විය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

උතුරු පළාතෙන් පලවා හරින ලද සිංහල සහ මුස්ලිම් ජනතාව නැවත එහි පදිංචි කිරීමට රජය සක‍්‍රීය මැදිහත්මක් සිදු කළ යුතු බවත් පසුගිය වසර තිහක කාලයේදී උතුරු පළාතේ ජන සංයුතිය වෙනස් වී ඇති ආකාරය ඉතා පැහැදිලිව සසදා බැලිය හැකි බවද අවධාරණය කරයි.

May 4, 2013 at 11:38 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93861/

උතුරු ඡන්දයෙන් පසු ස්වයං පාලනයකට සැලසුම් - බුද්ධි අංශ

ලබන සැප්තැම්බර් මස පැවැත්වීමට යෝජිත උතුරු පළාත් සභා මැතිවරණයේදී ජය ලබා ස්‌වයංපාලනය ප්‍රකාශයට පත්කිරීමේ ද්‍රවිඩ සංධාන රහස්‌ සැලසුමක තොරතුරු රජය වෙත හෙළිවී ඇත.

මේ රහස්‌ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා බටහිර රටවල් කිහිපයක සහායද ලැබෙන බව අනාවරණය වී තිබේ.

ද්‍රවිඩ දේශපාලනඥයන් දෙදෙනකු හා හමුදා බුද්ධි බලධාරීන් විසින් මේ සම්බන්ධව ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වෙත දැනුම්දී බරපතළ අනතුරු ඇඟවීමක්‌ද කර ඇතැයි ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග පවසයි.

බලවත් රටක්‌ සමඟ සබඳකම් පවත්වන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් දෙදෙනකුද මේ ස්‌වයංපාලන සැලසුම පසුබිමේ සිටින බව තවදුරටත් හෙළිවී ඇත.

මේ සඳහා ගෝලීය ද්‍රවිඩ සංසදය හා බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංගමය පූර්ණ සහය දක්‌වන බවට දැනටමත් ප්‍රතිඥ දී තිබේ.

මේ අතර ස්‌වයංපාලන අරමුණ මත තමා ද්‍රවිඩ ජාතික ජනතා පක්‌ෂය විසුරුවා හැර ද්‍රවිඩ සංධානයට එක්‌වන බව එම පක්‌ෂයේ නායක ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් ප්‍රකාශ කර ඇත.

ද්‍රවිඩ සංධානයේ අරමුණ වී ඇත්තේ ස්‌වයංපාලන සැලසුම මත උතුරේ ජනතාව අරාබි වසන්තයට සමානව මහමගට ගෙනඒම යයි හෙළිවී තිබේ.

මෙයට පෙර ඉන්දීය මන්ත්‍රී කණ්‌ඩායමක්‌ හමුවූ ද්‍රවිඩ සංධාන මන්ත්‍රී කණ්‌ඩායමක්‌ උතුරේ ස්‌වයංපාලනය සඳහා සහය ලබාදෙන ලෙස ඉල්ලා තිබිණි.

උතුරේ ඡන්දෙන් පසු ස්‌වයං පාලනයකට රහස්‌ සැලසුමක්‌
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/05/05/news04.html

Lanka C News පුවත
එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට යෝජිත උතුරු පළාත් මැතිවරණයේදී ජය ලබා ස්වයං පාලනයක් ප‍්‍රකාශයට පත් කිරීමේ ද්‍රවිඩ සන්ධාන රහස් සැලසුමක තොරතුරු රජය වෙත හෙළි වී ඇත.

මේ රහස් සැලසුම ක‍්‍රියාත්මක කිරීම සඳහා බටහිර රටවල් කිහිපයක සහයද ලැබී තිබේ. ද්‍රවිඩ දේශපාලඥයන් දෙදෙනෙකු හා හමුදා බුද්ධි අංශ බලධාරීන් මේ සම්බන්ධයෙන් ජවාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත දැනුම් දී බරපතල අනතුරු ඇඟවීමක්ද කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

May 4, 2013 at 9:50 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93853/

Friday, May 3, 2013

එලවා දැමූ සිහලුන්ට යාපනය අකැපද? ඔවුන් තලාපෙළා දමන්නේ ඇයි?

ලිපියේ මූලාශ්‍රය - https://www.facebook.com/photo.php?fbid=464536643660798&set=pcb.464537096994086&type=1&theater
උතුරේ දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ඉඩම් අයිතිය ගැන කදුළු හෙලන අයසිංහලයින් ගැන නිශ්ශබ්දව සිටින්නේ මන්දැයි අවතැන් වූ උතුරේ සිංහලයන්ගේ එකමුතුව ප‍්‍රශ්න කරයි.

එම සංවිධානයේ නැඳවුම්කාර නිශාන්ත වර්ණමිංහ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

නිවේදනයේ මෙසේද දැක්වේ.

උතුරු පළාතෙන් පලවාහරින ලද මුස්ලිම් පවුල් නැවත පදිංචිකිරීම සදහා මන්නාරම් දිස්ති‍්‍රක්කයේ රජයේ ඉඩම් හා වනාන්තර ඉඩම් අක්කර 1,500 ක් මුදා හැරීමට රජය අදාල අංශ වෙත උපදෙස් දී ඇති බව පසුගිය දා මාධ්‍ය මගින් වාර්තාකර තිබිණ.උතුරු පළාත සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය හා පරිසර අමාත්‍යාංශය මීට අදාල කි‍්‍රයාමාර්ග ගනිමින් තිබෙන බව එහි වැඩිදුරටත් සදහන් කර ඇත.

කොටි ත‍්‍රස්තවාදීන් විසින් උතුරෙන් පලවා හැරි මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේ කිසිම වරදක් නැත. ගැටලූව වන්නේ උතුරෙන් පලවා හැරි සිංහල ජනතාව නැවත පදිංචි කිරීමට ඉඩම් ලබා නොදෙන්නේ ඇයිද යන්නයි. උතුරෙන් පලවා හැරි මුස්ලිම්වරුන්ට රජයේ ඉඩම් වනාන්තර වෙන් කරන්නේ නම් උතුරෙන් මුලින්ම සංහාරයට හා පලවා හැරීමට ලක්වූ සිංහල ජනතාවට ඉඩම් සහ නැවත පදිංචි කිරීම් සදහා අනෙකුත් පහසුකම් ලබා නොදෙන්නේ කවර හේතුවක් මතද? අවතැන්වූවන් සියළු දෙනා පදිංචි කරන්නේ නම් මුලින්ම උතුරේ අවතැන් වී ගම් බිම් හැර ගිය සිංහල ජනතාව පදිංචි කිරීම රජයේත් අවතැන්වූවන් නැවත පදිංචි කිරිමේ අමාත්‍යාංශයේත් වගකීම නොවේද? මෙයින් පෙනී යන්නේ සිංහලවීම නිසාම සිංහලයන්ට උතුරේ ජීවත්වීමේ අයිතිය, නැවත පදිංචිවීමේ අයිතිය අහිමි වී ඇති බවයි. මෙලෙස රටේ එක් ජන කොටසකට වෙනස් ලෙස සලකන්නේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝණය කරමිනි. උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් ගැන කතා කරන එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්‍ෂයේ පක්‍ෂ පවා උතුරේ සිංහලයින්ගේ ජීවත්වීමේ අයිතිය ගැන කතා නොකරන්නේ දෙමළ ජාතිවාදයට හා නිජබිම සංකල්පයට අනුකූලතාවය පල කරන නිසාද? එසේ නැත්නම් උතුරේ දෙමළ ඡුන්ද කුට්ටියට කෙල හලන නිසාදැයි අප ප‍්‍රශ්න කරන්නෙමු.

උතුරේ දෙමළ ජනයාගේ ඉඩම් අයිතිය හා උතුරෙන් පලවා හැරි මුස්ලිම්වරුන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් කදුළු හෙලන කිසිවෙක් උතුරේ වාර්ගික පවිත‍්‍රකරණයට, සංහාරයට ලක්වී ගම් බිම් අහිමි වූ සිංහලයින් වෙනුවෙන් කතා නොකිරීම පිටුපස ඇති ඇත්ත යතාර්ථය රටට හෙළිකරන ලෙස ආණ්ඩුවේ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින අතර, සිංහලයින් නැවත පදිංචි කිරීමේදී නොසලකා හැරීම සම්බන්ධව බලවත් අප‍්‍රසාදය හා විරෝධය පල කරන අතර, උතුරේ අවතැන් වූ සිංහලයින් නැවත පදිංචිකිරීම පිළිබදව එක්සත් ජාතික පක්‍ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් ප‍්‍රතිපත්තිය රටට හෙලි කරන ලෙසද ඉල්ලා සිටිමි. 

උතුරේ දෙමළ, මුස්ලිම් අයිතිය ගැන කඳුළු සලන අය සිංහලයන් ගැන නිහඬයි
May 3, 2013 at 2:34 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/93826/

[
සබැඳි ලිපි

සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

ඉස්ලාම් පූජකයෙක් බරපතළ වැඩ සහිතව හිරේ


උතුරු මැද පළාත්බද මහාධිකරණය විසින් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කළැයි අධිකරණයි හමුවේ වරදකරු වූ කහටගස්දිගිලිය, කෝන්වැව පාර ලිපිනයේ අබ්දුල් මජිජ් අබුතාලිම් නමැති මුස්ලිම් පල්ලියක හිටපු පූජකයෙකුට වසර තුනක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර තිබේ.

ඊට අමතරව  රුපියල් පහළොස් දහසක දඩ මුදලක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ විනිසුරුවරයා එම දඩ මුදල පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් මාස දෙකක සිර දඩුවමක් නියම කෙරිණි.

2003 වසරේ පෙබරවාරි මස 11 වැනි දින හෝ ඊට අසන්න දිනයක විත්තිකරු වරද සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව අනුරාධපුර මහාධිකරඅය හමුවේ නඩු පවරා තිබුණි.

May 3, 2013 at 12:27 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/93822/

අසාද් සාලි මුස්ලිම් ජාතිය පාවා දුන් ජාතිවාදියෙක් - මුසම්මිල්

දෙමළ මුස්ලිම් සන්ධානයේ නායක අසාද් සාලි මහතා උත්සාහ කරනුයේ කෙසේ හෝ සිංහල මුස්ලිම් විරෝධයක් මතුකර තමන්ට නැති වී ගොස් ඇති ඡන්ද පදනම සාදා ගැනීමට යයි කොලඹ නාගරික මන්ත‍්‍රී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.

ඔහු පවසන්නේ පසුගිය මහ මැතිවරණයේදී මන්ත‍්‍රී ආසනයක් දිනා ගැනීමට නොහැකි වූ අසාද් සාලි මේ උත්සහ කරනුයේ මුස්ලිම් ජාතිකයන්ගේ හැඟීම් අවුස්සා නමක් හදා ගැනීමට යයිද මන්ත‍්‍රිවරයා කියා සිටී.

රට පුරා ජීවත් වන බහුතර මුස්ලිම් ජනයා ජාතිවාදීන් නොවන අතර ඔවුන් සිංහල දෙමල ජනයා සමග සමගියෙන් ජීවත් වන්නේ යයිද පැවසූ ඔහු ආසාද් සාලි ඉටු කරමින් ඉන්නේ රට තුල ගැටුමක් ඇතිකිරීමේ අධිරාජ්‍යවාදී උවමනාව බවද කීවේය.

ජාතිවාදී ගැටුම් අවුලවාලීමට කටයුතු කරන්නන් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීම රජයේ වගකීමත් බවත් කියා සිටින ඔහු, අසාද් සාලි ජාතිවාදය අවුස්සා රට අවුලට පත් කිරීමට උත්සාහ දැරූවෙක් බව ඔප්පු වී ඇතැයිද වැඩි දුරටත් කීවේය.

May 3, 2013 at 9:09 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93811/

ආණ්ඩුව බුදු සසුන සුරකින්නේ නෑ – ඉනාමළුවේ හිමි

ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය පරිදි බුදු සසුන සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ පූර්ණ වගකීම රජයට පැවැරී තිබුණත්, ඔවුන් එය ඉටු නොකිරීම නිසා භික්ෂුන් වහන්සේටත්, විවිධ බෞද්ධ සංවිධානවලටත් එම කටයුත්ත ඉටු කිරීමට සිදුවී තිබෙනවා යැයි සියම් මහා නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ මහා නායක පූජ්‍යපාද ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ ප‍්‍රකාශ කරති.

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡවකදී එම අදහස් පැවැසූ නාහිමියෝ මෙසේද කීහ.

‘බුදු සසුන සුරැකිමේ පූර්ණ වගකීම මේ රටේ පාලක පක්ෂයට පැවැරී තිබුණත එය නිසි ලෙස ඉටු වන්නේ නැහැ. බොදු බල සේනා, සිංහල රාවය, හෙළ උරුමය, රාවණා හඬ වැනි සංවිධාන විසින් වැඩසටහන් ක‍්‍රියාත්මක කෙරෙනවා. බුද්ධ ශාසන අමාත්‍යංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් තම වගකීම්  ඉටු නොකිරිම නිසා ඒ වෙනුවෙන් පෙනී සිටින්නට අද විවිධ සංවිධාන බිහිවෙමින් තිබෙනවා.

ඒ සංවිධානවල කටයුතු ගැන රජය පැත්තෙන් හා වෙනත් විව්ධ පැතිවලින් එල්ල කරන චොදනා දිනෙන් දින වැඩි වෙනවා. රජයේ ඇතැම් ඇමතිවරුන් පවා බෞද්ධ සංවිධානවලට එරෙහිව විවේචන ඉදිරිපත් කළා. මේ හැමදේටම මුල රජය තම වගකීම නිසි ලෙස ඉටු නොකිරීමයි’

May 3, 2013 at 1:05 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93790/

[
සබැඳි ලිපි -
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]

මුසලුවනි, ඔබට මෙරට බහුතර සිහලුන්ගෙන් සිදුවී ඇති හානි කවරේද?

මුසලුවන්ට සිදුවනවායැයි කියන හිරිහැර මොනවාද? 

  • උන්ට රිසි සේ නැගෙනහිර ඇතුලු රට පුරා පවතින බොදු වෙහෙර විහාර ඩෝසර් කිරීමට, වැනසීමට විරුද්ධව බෞද්ධයන් හඩනැඟීමද? 
  • සිහල ජාතිය වඳ කෙරුමට ගෙනා හොර වඳ බෙහෙත් ඇල්ලීමද? 
  • අධිකරණ ඇමති තම වරප්‍රසාද ප්‍රකාරව, 9%ක් වන මුසලුවන්ට 33%ක් වරප්‍රසාද ලබාදීමට එරෙහි වීමද? 
  • බද්දුදීන්ට හිතේ හැතියට අමාත්‍යාශය සතු ඉඩම් මුසලුවන්ට බෙදා දීමට විරුද්ධ වීමද? 
  • රිසිසේ සිහල ගැහැණු දරුවන් දූෂණය කෙරුමට අවස්ථාව නොදීමද? ඊට එරෙහිව හඬ නැඟුමද? 
  • මුසලු ශරියා ස්ථාපනය කෙරුමට ලාංකීය ප්‍රජාව (මුසලුවන්ද ඇතුලු බහුතර ලාංකිකයන්) විරුද්ධ වීමද? 
  • ශරියා නීතියේ ආංශික බලගැන්වුම, හලාල් මාෆියාවට විරුද්ධ වීමද? 
  • හොර හරක් මස් වෙළඳාමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරුමද?
  • ...
  • රට පුරාම කොලනි සාදා ගනිමින්, වෙළඳ ඒකාධිකාරයක් පවතා ගනිමින් මුසලු ව්‍යාප්තවාදයට නිදහසේ වැඩීමට ඉඩ හැරීමද?
  • ලොව කිසිම රටක නැති නිදහසක් ලබාදෙමින්, අන්තවදී ආගම් ව්‍යාප්තියට ඉඩ හැරීමද? 
අන්තවාදීනි, ඇත්තටම ඔබට මෙරට බහුතර සිහලුන්ගෙන් සිදුවී ඇති හානි කවරේද?

හකීම්ගේ සහජීවනයේ සහ සාධාරණත්වයේ නිරුවත
http://denethharinna.blogspot.com/2013/01/blog-post_8807.html

බද්උද්දීන්ගේ අසාධාරණ ඉඩම් බෙදිල්ල!
[
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]
කැබිනට්ටුවෙන් බහුතරක් මුසලුවන් වුවහොත්... 
සියළු තොරතුරු සාක්ෂි සහිතයි. 

[
සබැඳි ලිපි -
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]

නුඹලා එදා, අද සහ හෙට කරන්නේත්, සෙනරත් රජුට පරම්පරා 3කින් සිංහල වනබවට පොරොන්දු වී, අතීතයේ සිටම පොරොන්දු කඩමින්, යටත් විජිත ආණ්ඩු වලට කේලම් කියමින් සිංහල සටන් පාවා දෙමින්, අධික පොලියට මුදල් දී සිහල ජනයා සතු දේපළ කොල්ලකමින්, මෙ දහම් දිවයින සත්ව රුධිරයෙන් නහවමින්, බොදු උරුමය ඩෝසර් කර වළලා දමමින්, ලක්මව කෙළසීම නොවෙද?

අග්නිදිග මුස්ලිම් කලාපයක ව්‍යාජ උරුමය හා මුස්ලිම් අකෘතඥභාවයේ අමු නිරුවත...
http://denethharinna.blogspot.com/2013/01/21-17.html


[ලිපි කියවන්න. අන්තවාදයේ තරම වටහාගන්න.]

සම්බන්ධිත පුවත
නැගෙනහිර ආණ්ඩුව පෙරලන්න මුස්ලිම් කොංග‍්‍රසය සැරසේ
May 3, 2013 at 9:42 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93812/
මුස්ලිම් ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ආණ්ඩුව සැලකිල්ලක් නොදක්වන්නේ නම් නැගෙනහිර පළාත් සභාවේ කටයුතුවලදී රජයට සහාය නොදක්වා තම විරෝධය දැක්වීමට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය තීරණය කර ඇත.

එම පක්‍ෂ ජාතික සංවිධායක රෆික් රාජබ්දීන් මහතා පවසන්නේ නැගෙනහිර පළාත් සභාව තුල සම්මත කිරීම සඳහා ගෙන එන සියළු යෝජනා සඳහා ඡුන්දය ලබා නොදී සිය විරෝධය පෙන්වන බවයි.

මේ අතර ආණ්ඩුවේ සියළු තනතුරුවලින් ඉවත් වන ලෙස එම පක්‍ෂ නායක රවුෆ් හකීම්ගෙන් ඉල්ලා ඇතත් ඊට විරුද්ධ වී ඇති හකීම් පවසා ඇත්තේ තමන් ආණ්ඩුවෙන් ඉවත් නොවන බවයි.

Thursday, May 2, 2013

මූලධර්මවාදී කණ්ඩායම් ඇවිත් ආදිවාසින් අන්‍යාගම්වලට හරවනවා - ආදිවාසි නායක

රතුගල, පොල්ලෙබැද්ද, වාකරේ වැනි ප‍්‍රදේශවලට පැමිණෙන අන්‍යාගමික මූලධර්මවාදී කණ්ඩායම් විසින් වැදි ජනතාව එම ආගම්වලට හරවාගැනීමේ කූට වැඩපිළිවෙළක් දියත්කරන බව ආදිවාසි නායක ඌරුවරුගේ වන්නිලැත්තෝ බෞද්ධ පුනර්ජීවන කමිටුව ඉදිරියේ ප‍්‍රකාශ කළේය.

දක්වා යොමුවී නැති බවත් ඌරුවරිගේ වන්නිලැත්තෝ එහිදී පැවසීය.

’මේ ප‍්‍රදේශවල ආදිවාසින් බොහොම දුක්බර ජීවිතයක් ගත කරන්නේ. කවුරු හරි කන්න ටිකක් දුන්නම, උදව්වක් කළාම එයට උදව්කීරීම අපේ සංස්කෘතියේ ලක්ෂණයක්. මේ ප‍්‍රදේශවල ඉන්නෙ ගොවිතැන් කරලා කැලෑවට ගිහින් තමන්ගේ පාඩුවේ ජීවත්වෙන අයයි. ඉතින් එහෙම ඉන්න ඒ ගොල්ලන්ට කවුරුහරි උදව්වක් කළාම ඒක ලොකු දෙයක් විදියට ඒ අය සලකනවා.

ඔය කියන සංවිධානවල අය ඇවිල්ලා නොයෙක් උදව් කරනවා. මේ අය මේවා කරන්නේ වක‍්‍රාකාරව ඒ අයගේ ආගමට හරවාගන්න විත්තිය මුලින් අපට දැනගන්න විදියක් නැහැ.

ඒත් දැන් ගොඩක් දෙනෙක් ඒවට අහුවෙලා තියෙන්වා. කැලේට යන්න දෙනෑ නීති දාලා, අහුවුණාම හිරේ දානවා. අපේ සාම්ප‍්‍රදායික කටයුතු කරගෙන යන්න විදියක් නෑ. ඒ අස්සේ ආගමින්, සිරිත් විරිත්වලින් ඉවත්වෙලා වෙනත් ආගම්වලට යන්නත් සිද්ධ වෙලා.

ඒ ප‍්‍රදේශයේ පන්සල්වල නායක හාමුදුරුවරු මේ ගැන ටිකක බලනවානම් හොඳයි. පන්සල් ටික එකතුවෙලා අපේ උරුමය ආරක්ෂා කරලා දෙන්න කියලා මේ පිනර්ජීවන කමිටුවේදී ඉල්ලා සිටිනවා’ යැයිද ආදිවාසී නායකයා වැඩිදුරටත් පැවසීය.

May 2, 2013 at 10:47 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93767/

සිංහල-මුස්ලිම් ජාතිවාදී ගැටුම් ඇතිකිරීමට උත්සාහ දැරීම නිසා අසාද් සාලි CID අත්අඩංගුවට

දෙමළ මුස්ලිම් සන්ධානයේ නායක අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළොන්නාව පිහිටි ඔහුගේ නිවසේදීය.

සිංහල-මුස්ලිම් ජාතිවාදී ගැටුම් ඇතිකිරීමට උත්සාහ දැරීමක් සම්බන්ධයෙන් මීට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්ව විසින් සාලි මහතාගෙන් කටඋත්තරයක් ලබාගෙන තිබිනි.

ආණ්ඩුව විසින් තමන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන නිසා තමන් සැඟවී සිටින බව මීට පෙර මාධ්‍ය අමතමින් ඒ මහතා ප‍්‍රකාශ කර තිබිනි.

අසාද් සාලි CID අත්අඩංගුවට
May 2, 2013 at 8:35 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93761/

උතුරේ මැතිවරණය තනිකරම ඊලාම් සදහා යන ගමනේ ආරම්භයයි - ගුණදාස අමරසේකර

විදුලි බලය නැති වුවත් කැකුණ ගෙඩියක් ගොඩපර ගෙඩියක් පත්තුකර ගෙන හෝ සිටිය හැකි බවත් මේ අර්බුදය අස්සේ ආණ්ඩුව උතුරේ මැතිවරණය පැවැත්වීමට සූදානම් වීම අද අප මුහුණදෙන භයානක ප‍්‍රශ්ණයක් බවත් දේශහිතෛෂී ජනතා ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

උතුරේ ජන්දය පැවැත්වීමේ ක‍්‍රියාවලියේ අවසාන ප‍්‍රතිඵලය වන්නේ අදුරේ හෝ ජීවත් වීමට අපට රටක් නැතිවීම බවද අමරසේකර මහතා කීවේය.

මේක තනිකරම ඊලාම් සදහා යන ගමනේ ආරම්භක පියවර බවත් 60000 ක් තරුණ ඊවිත පරිත්‍යාග කර ලබගත් ජයග‍්‍රහණ  මේ තුළින් පුස්සක් බවට පත්වන බවත් හෙතෙම පැවසීය.

අමරසේකර මහතා මෙසේද කීවේය.

‘ජනතාව මේ අනතුර තේරුම් ගෙන නැහැ. මේ වැඩ සටහනේ නියමුවා ඇමෙරිකාවයි. උතුරේ ජන්දය පැවැත්වීම සදහා කපුකම කරන්නේ ජපාන විශේෂ  නියෝජිත යසුෂි අකාෂි. අකාෂි නටවන්නේ ඇමෙරිකාව. ඔවුන් උතුරු පළාත් ජන්දය පවත්වන ලෙස මහින්ද රාජපක්ෂ  මහතාට බල කරනවා. ඒ පළමු වැනි පියවර ජයග‍්‍රහණය සමග ඉඩම් බලතල පොලිස් බලතල ලබා ගන්නවා. එතැනින් නතර වන්නේ නැහැ. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර ඊළමය පිහිටුවනවා. එහි කෙටි  කාලයක් තුළ අපේ රටම ඔවුන් අතට පත් වෙනවා.

ත‍්‍රිකුණාමලය ඇමෙරිකාවේ යුධ කදවුරක් වීම් ඊළගට සිදුවෙනවා. මෙහි ප‍්‍රතිඵලය ඉන්දියාවටත් භුක්ති විදින්න වෙනවා. තමිල්නාඩුවේ ඊළමය සදහා වන වැඩපිළිවෙළක් මේ වනවිට වේගවත්  කර තිබෙනවා. ඉන්දියාව අස්ථාවර කිරීමත් ඉන්දියානු සාගර කලාපයේ ඇමෙරිකානු උපාය මාර්ගයේ කොටසක්. අපේ පාලකයන් මේ තත්ත්වය තේරුම් ගත යුතුයි. ජනතාව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය කියන්නේ එදිනෙදා අප මුහුණ දෙන ගැටලූ සිද්ධි ක‍්‍රියාදාමය තුළ අප ජාතියක් හැටියට මුහුණ දෙන ප‍්‍රධාන එසේම භයානක ගැටලූව අමතකර නොකළ යුතුයි. එය එසේ  වීම ජාතියේ අභාග්‍යය බව අපි කියනවා’

ත‍්‍රිකුණාමලය ඇමරිකානු යුධ කඳවුරක් බවට පත්වෙනවා
May 2, 2013 at 9:41 am | lanka C news

13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඉඩම් හා පොලිස්‌ බලතල ඉවත්කොට උතුරේ ඡන්දය පවත්වන්න - ජානිපෙ

විමල් වීරවංශ ජනාධිපති මහින්ද රාජපක්‍ෂගෙන් ඉල්ලීමක්‌ කරයි

ජානිපෙ මැයි රැලිය

ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා රැස්‌ව සිටි ජනතාව අමතන අයුරු සහ රැස්‌ව සිටි විශාල ජනතාවගෙන් කොටසක්‌ ඡායාරූපවල දැක්‌වේ.
[Visit the link to see the lanka c news article] ඡායාරූප - රංජිත් විමලසිරි
ලසිත දුමින්ද

බෙදුම්වාදී ඉඩම් හා පොලිස්‌ බලතල 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඉවත් කොට උතුරේ ඡන්දය පවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක්‌ කරන බව ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ ඊයේ (01 වැනිදා) සවස පැවැති ජාතික මංගල මැයි දින රැලිය අමතමින් විමල් වීරවංශ මහතා එසේ කීවේය.

ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු දේශපාලන මණ්‌ඩල සභිකයන් සහ විශාල ජනතාවක්‌ පෙරටු කරගත් මැයි දින පෙළපාලිය දෙමටගොඩ ශාන්ත ජෝන් විදුහල අභියසින් ආරම්භ වී පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයට පැමිණියේය.

"බෙදුම්වාදී බලතල සමඟ උතුරේ ඡන්දය එපා" යන තේමාව ඔස්‌සේ පැවැති එම රැලියේදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විමල් වීරවංශ මහතා,

අප පක්‍ෂය පළමු වතාවටයි මැයි දින රැලියක්‌ සංවිධානය කළේ. 

පක්‍ෂය පිහිටුවා වසර 5 ක්‌ ගත වී තිබෙන මෙවන් අවස්‌ථාවක මෙවර මැයි රැලියට දස දහස්‌ සංඛ්‍යාත ජනතාවක්‌ පැමිණ තිබෙනවා. පසුගිය කාලය පුරාවටම එජනිස වේදිකාවේ සිටි අපි මෙවර මැයි රැලිය වෙනම කළේ ඇයි කියලා ඇතැමුන් අහනවා. ඒ වගේම මේ නිසා සතුරන් සතුටු වෙනවා. මිතුරන් දුක්‌ වෙනවා. 

එජනිස වේදිකාවේ කතා කරන්න බැරි දේවල් මේ ස්‌වාධීන වේදිකාවේ කතා කරන්න පුළුවන්. එදා සිටම මේ පිං බිමට ආ සියලු අන්තරාවන් ගැනම අප අනතුරු ඇඟෙව්වා. තනතුරු වරප්‍රසාදවලට යටවෙලා අනතුරු අභියස නිහඬව සිටියේ නැහැ.

වර්තමානයේ රට නැවත වරක්‌ අභියෝග කන්දකට මුහුණ දෙමින් තිබෙනවා. යුද්ධය ඉවර වුණාම අපට සතුටින් ඉන්න පුළුවන් කියලා හිතුවා. නමුත් පැරදුනේ සන්නද්ධ ත්‍රස්‌තවාදය පමණයි. බෙදුම්වාදී දේශපාලන ව්‍යාපෘතිය පරාජය කළේ නැහැ. සම්බන්ධන්ලාගේ ජාතිවාදී දේශපාලනය නතර වුණේ නැහැ. බටහිර අධිරාජ්‍යවාදී රටවල් බෙදුම්වාදයට ඔක්‌සිජන් සපයමින් සිටිනවා.

ඒ අන්තරාව ගැන කියන්න තමයි ස්‌වාධීන වේදිකාවක්‌ නිර්මාණය කළේ. එජාපය දැන් තුන් පළක. රනිල් හත්පලේ ගාගෙන ඉවරයි. දෙමළ ජාතික සන්ධානය රණවිරුවන් දිවිහිමියෙන් කැප කරලා බේරාගත් රට කොල්ලකන්න උත්සාහ ගන්නවා.

ජිනීවාවල අපට විරුද්ධව යෝජනා පිට යෝජනා සම්මත වුණේ යුද්ධය ඉවර කළ නිසයි. කරුණාවක්‌ නැති නිධි වාසුසමීකරණ දාගෙන උපවාස කරනවා. ඊළම වෙනුවෙන් චෙන්නාහි සැපසේ පෙළපාලි යනවා. දකුණු ඉන්දීය චිත්‍රපට මෙහෙ පෙන්වන්නේ සිංහල උපසිරැසි සහිතවයි. එදා කාෂ්මීරයට වූ දේ අපට වෙමින් තිබෙනවා. උතුරේ ඡන්දයක්‌ තියන්න බටහිර රටවලට තියෙන හදිසිය මොකක්‌ද?

උතුරේ ඡන්දය පවත්වලා රට අවුල් ජාලාවක්‌ කරන්න ඉඩ දිය යුතුද? තාන්න මාන්න බලාගෙන ඉඩම් පොලිස්‌ බලතල සහිතව ඡන්දය තියන්න අප ඉඩ දෙන්නේ නැහැ. තාන්නමාන්න වලට වඩා රට වටිනවා. ඇමැතිකම් බදාගෙන ඉන්නේ නැහැ.

දේශපාලන මණ්‌ඩල සභික පියසිරි විඡේනායක මහතා- අද මේ සමරන්නේ නිකම්ම නිකම් මැයි දිනයක්‌ නොවේ. ඉතිහාසයේ අප වගකීම් ඉටු කරපු පක්‍ෂයක්‌. අද බටහිර අධිරාජ්‍යවාදීන් මව්බිම ගිල ගන්න මාන බලමින් ඉන්නේ. ආණ්‌ඩුව තුළත් කුමන්ත්‍රණ දියත් වෙමින් තිබෙනවා. ආර්ථික ඝාතකයන් අධිරාජ්‍යවාදීන්ට සහාය දෙමින් සිටිනවා.

ජානිපෙ දේශපාලන මණ්‌ඩල සභික මොහොමඩ් මුසම්මිල් මහතාද මෙහිදී රැලිය ඇමැතීය.මෙම අවස්‌ථාවට මහා සංඝරත්නය, නිමල් ප්‍රේමරත්න, රොජර් සෙනෙවිරත්න, ප්‍රියන්ජිත් පතිරණ, වීරකුමාර දිසානායක, ප්‍රියංකා කොතලාවල යන දේශපාලන මණ්‌ඩල සාමාජිකයන් ප්‍රමුඛ විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ

http://www.divaina.com/2013/05/02/news51.html

මුසලු ආගමික සහජීවනය | සෞදියේදී බුදුන් වැන්දාට තුන්ගසිරිට කස පහර 200ක් | රටෙන් පිටුවහල්

බුදුන් වැදීමේ වරදට කස පහර 200 ක දඩුවමක් දී සෞදි අරාබියේ නිවසක සේවය කල ශ‍්‍රී ලාංකිකයෙකු ඊයේ දිනයේ ආපසු මෙරටට පිටුවහල් කර තිබේ.

මීට වසර 4 කට පෙර සෞදි අරාබියේ රියදුරෙකු ලෙස සේවයට ගොස් සිටි ඔහු තුන්ගසිරි පේ‍්‍රමනාත් පෙරේරා නමැති අම්පාර – පදියතලාව ප‍්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහු පවසන්නේ තමන් සෑම දිනකම බුදුන් වැඳීම සිදුකල බවත් එය දුටු නිවෙස් හිමියන් තමා මන්ත‍්‍ර ජපකරන්නෙකු බවට එරට පොලිසිය වෙත පැමිණිලි කළ බවත්ය.

ඒ අනුව එරට අත්අඩංගුවට පත්වී කස පහර 200 ක දඩුවමක් සහ වසරක සිරදඬුවමක්ද විඳ ඔහු ඊයේ දිනයේ යලි ශ‍්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.

සෞදියේදී බුදුන් වැන්දාට කස පහර 200ක් තලා පිටුවහල් කරලා
May 2, 2013 at 1:06 am | lanka C news

Wednesday, May 1, 2013

සිංහල කතුන් වඳ කරන කුමන්ත‍්‍රණය සනාතයි - මාදුළුවාවේ සෝභිත හිමි

අල කන්ටේනරයක් තුළ සගවා ගබ්සා එන්නත් කුප්පි තිස්දහසක් පමණ පාකිස්තානු ජාතිකයෙකු විසින් මෙරටට ගෙන්වා ඇත්තේ කාගේ අවශ්‍යතාවටද යන්න සහ එය පිටුපස සිටින පුද්ගලයින් රටට හෙළි කරන්නැයි කෝට්ටේ නාගවිහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ඉල්ලා සිටිති.

ඒ සදහා පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම රජයේ යුතුකම බවද පෙන්වා දෙන උන් වහන්සේ සිංහල කාන්තාවන් වදභාවයට පත්කිරීම සදහා රහස් ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක වන බවට රට පුරා ආන්දෝලනයක් පවතින බව සදහන් කරති.

මෙතරම් විශාල ගබ්සා එන්නත් කුප්පි තොගයක් මෙසේ අසුවීම තුළින් එම ආන්දෝලනය සනාථ වන බවද වැඩිදුරටත් පවසන උන් වහන්සේ මේවා ගෙන්වූ වගකිවයුත්තන් හෙළි කළ යුතුව ඇතැයිද අවධාරණය කරති.

May 1, 2013 at 11:56 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93729/

[
සබැඳි ලිපි -

කෝටි තුනක උපත් පාලන එන්නත් | සිංහලයින් වඳ කිරීමේ සැලැස්මක්http://denethharinna.blogspot.com/2013/04/blog-post_30.html
]

කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ

ප‍්‍රාග් මානව යුගය දක්වා දිගු ඉතිහාසයක තොරතුරු බලංගොඩ කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ සිදුකෙරෙන පර්යේෂණවලින් හමුවෙමින් පවතින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කූරගල පුරාවිද්‍යා රක්ෂිතය  ඓතිහාසික තත්ත්වයේ ලෙන් සහිත ආරාම සංකීර්ණයකින් සමන්විත බවත් මෙම පුරාවිද්‍යා රක්ෂිතයේ කැණීම් හා මතුපිට ගවේෂණ ජාතික උරුමයන් පිළිබද අමාත්‍යවරයාගේ එම අමාත්‍යංශ ලේකම්වරයාගේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතාගේ හා කැනීම් අධ්‍යක්ෂ නිමල් පෙරේරා මහතාගේ මගපෙන්වීම  යටතේ සිදුකරන බව පුරාවිද්‍යා සංර්ක්ෂණ භූමියේ කැණීම් නිලධාරී කමල් නන්ද සිරිසේන මහතා සදනන් කළේය.

‘අපි විශ්වාස කළා කැණීම් ආරම්භයට පෙර ඉදන්ම මේ ප‍්‍රදේශය ඓතිහාසික  බැවින් වැඩි ඇති කියලා. ගල් යුගයටත්  පෙර ප‍්‍රාග් මානවයාගේ යුගය දක්වා යා හැකි ඉතිහාසයක් ඇති බවට සාක්ෂි හමුවෙමින් පවතිනවා. මෙතැන ක‍්‍රි පූ දෙවන සියවසේ සිට නෂ්ටාවශේෂ වගේම මතුපිටින් පෙනෙන ලෙන් අක්ෂර සටහන් වගේ  දේවල් තිබෙනවා.  ඒ වගේම කැනීම්වලදී ඊට වඩා වැඩි ඉතිහාසයක  දේත් අපේක්ෂා කළ හැකියි. මතුපිටින් දකින්න ඇති ඇතැම් දේත් අපි සිදුකළ පූර්ව පරීක්ෂණ අතරේ අපිට ගල් යුගයට පෙර ඉතිහාසයේ සාක්ෂි පවා හමුවෙමින් තිබෙනවා.

ප‍්‍රාග් මානවයා මෙතැන ජීවත්වෙලා හැරගියාට පසුව භික්ෂූන් වහන්සේලා මෙතැන ලෙන් භාවිතයට අරගෙන තිබෙනවා. ඒ පිරිස මෙතැන භාවිතයට ගනිද්දී ඇතැම් පස් ඉවත් කරලා ඒ ස්ථාන සකසාගෙන තියෙනවා. ඒ ඉවත් කරපු පස් ස්ථරවලින් ප‍්‍රාග් මානවයා භාවිතා කළ ගල් ආයුධ විසිරී තිබිලා අපට හමුවුණා. ලෙන්වලට පිටතින් සහ ලෙන් ඇතුළතින් වශයෙන් අපි කරපු කැනීම්වලදී දියුණු තාක්ෂණය යොදාගෙන සකස් කරගෙන භාවිතයට ගත් ආයුධ රැුසක් හමුවුණා.

වදවී ගිය වල්ගවරාගේ, ගෝනා, මුවා වගේ සතුන්ගේ කොටස් පවා සොයාගත හැකිවුණා. අපි මේ වෙනකොට සිදුකරලා තියෙන අඩියක් අඩි එකහමාරක් වගේ වන කැණීමකින් මෙතරම් වැදගත් දේ සොයා ගත හැකිවීම සතුටක්. ඒ වගේම  ඇතැම් ජ්‍යාමිතික හැඩතල තියන සියුම් කළුගල් ආයුද මේ තරම් මතුපිටින් සොයාගත හැකිවීම නිසා අපි මැතැනින් දිගු ඉතිහාසයක් අපේක්ෂා කරනවා’ යයිද ඒම හතා සඳහන් කලේය.

May 1, 2013 at 9:59 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93712/

[
සබැඳි ලිපි -

කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1747.html
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_9769.html
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
කූරගල මහ පින්කමට කුලු පොලු පොලිස් හමුදාවක් කඩා පනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_29.html
]

ඉරාකයේ සුන්නි-ෂියා ගැටුම් | 170 ට වඩා මියගොස් | අල් ජසීරා තහනම්

ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සඳහා පෙළඹවීම සිදු කලේ බවත් ෂියා සහ සුන්නි නිකායවාදී ගැටුම් උත්සන්න වීමට එය හේතු වූ බවත් පවසමින් ඉරාකයේ සැටලයිට් රූපවාහිනී නාළිකා දහයක බලපත‍්‍ර තහනම් කිරීමට ඉරාක බලධාරීන් පියවර ගෙන තිබේ. අල් ජසීරා රූපවාහිනී නාළිකාව සහ ’ෂර්කියා’ නාළිකාවද ඒ අතර වේ. මෙම රූපවාහිනී නාළිකාවලට එල්ල වී ඇති චෝදනා වේ. ඒ අනුව ඉරාකය තුළ සිය විකාශන කටයුතු සිදු කිරීම මෙම රූපවාහිනී නාළිකාවලට තහනම්ය.

නිකායවාදී ගැටුම් හේතුවෙන් සතියකට අඩු කාලයක් තුළ පුද්ගලයන් 170කට අධික පිරිසක් මියගොස් ඇත. ඉරාක අගමැති නූරි මලිකි සඳහන් කරන්නේ ඉරාකය තුළ ක‍්‍රියාත්මක නිකායවාදී රැුල්ල විදේශයක සිට ආරම්භ වූවක් බවය.

ඉරාකය තුළ නිකායවාදි ගැටුම් පැතිර ගියේ සුන්නි උද්ඝෝෂකයන්ගේ කඳවුරක් ඉරාක රජයේ හමුදා ආක‍්‍රමණය කිරීමත් සමග පසුගිය අඟහරුවාදා (23) ය. ඉරාකයේ උතුරු ප‍්‍රදේශයේ පිහිටි හවිජා නගරයේදී සිදුවූ මෙම සිදුවීමෙන් කඳවුරේ සිටි පුද්ගලයන් 20 කට වැඩි සංඛ්‍යාවක් මියගිය අතර සුන්නි අමාත්‍යවරු දෙදෙනෙක් එයට විරෝධය පා ඉල්ලා අස්වීම නිවේදනය කළහ. උතුරු ප‍්‍රදෙශයට උද්ඝෝෂණ පැතිර ගියේ ඉන් අනතුරුවය.

ෂියා මුස්ලිම්වරුන්ගෙන් යුත් ඉරාක රජය සුන්නි නිකායවාදීන්ට එරෙහිව අසාධාරණ සාධක මත වෙනස්කම් සිදුකරන බවට චොදනා කරන උද්ඝෝෂකයෝ ෂියා මුස්ලිම්වරයෙකු වූ අගමැති මලිකිට ඉල්ලා අස්වන ලෙස බල කරති.

ඉරාක සන්නිවේදන සහ මාධ්‍ය කොමිසම නිවේදනය නිකුත් කරමින් සඳහන් කළේ සැටලයිට් රූපවාහිනී නාළිකා තොරතුරු අතිශයෝක්තියෙන් හා වැරදි තොරතුරු සන්නිවේදනය කරන බවය. එසේම රටේ පවතින නීතිය උල්ලංඝනය කිරීමට සහ ඉරාක ආරක්ෂක අංශවලට පහරදීමට පොලඹවන බවය.

සුන්නි-ෂියා ගැටුම් ඇති කලේ යයි අල් ජසීරා ඉරාකයේ තහනම් කරයි
May 1, 2013 at 3:25 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/93710/

මුස්ලිම් කාන්තා ඇඳුම භායානක පෙර නිමිත්තක් – රතන හිමි

නිල ඇදුම් වෙනස්කරමින් රටේ පොදු නීතියට පිටුපා ක‍්‍රියාකරන අයට දඩුවම් කළ යුතු යයි ජාතික හෙළ උරුමය පවසයි. එම පක්‍ෂ සභාපති අතුරලියේ රතන හිමියන් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී. එම නිවේදනම සම්පූර්ණයෙන් මෙසේය.

කල්පිටිය රෝහල ඇතුළු පුත්තලම් දිස්ති‍්‍රක්කයේ රෝහල් ගණනාවක රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සැරසී සිටිය යුතු නිල ඇදුම වෙනුවට වෙනත් ඇදුමකින් සැරසී සිටින බව මාධ්‍ය මගින් වාර්තාකර ඇත. මෙසේ වෙනත් ඇදුමකින් සැරසී සිටින්නේ මෙම රෝහල්වල මුස්ලිම් ජාතික කාන්තාවන්ය. එය ඔවුන්ගේ ජන වර්ගයේ අනන්‍යතාවය නියෝජනය වන ආකාරයට සකස්කරගත් ඇදුමක් බව වාර්තා වේ. මේ තත්වය හේතුකොට ගෙන රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සැරසී සිටිය යුතු නිල ඇදුමට පිටින් වෙනත් ඇදුමකින් සැරසී සිටීම නිසා ගැටුම්කාරී තත්වයක්, නොසන්සුන් තත්වයක් රෝහල් තුළ ඇතිවෙමින් තිබෙන බවද දැනගන්නට ලැබී ඇත. කල්පිටිය දිසා රෝහල, පුත්තලම මූලික රෝහල, මාම්පූරිය ග‍්‍රාමීය රෝහල සහ ආලන්කුඩා මධ්‍යම බෙහෙත් ශාලාව වැනි රෝහල් තුළ නියමිත නිල ඇදුමට පිටින් වෙනත් ඇදුමකින් සැරසී සිටින බවත්, එම ඇදුම පිටුපස මුස්ලිම් අන්තවාදී කණ්ඩායමකගේ බලපෑම තිබෙන බවත්, එම රෝහල තුළ සේවකයන් ප‍්‍රකාශකර සිටී.

තත්වය එසේනම් එය ඉතාම භයානක පෙර නිමිති පෙන්වන පිළිකාවකි. රෝහලක කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවිකාවන් සැරසිය යුතු නිල ඇදුම කවර හෝ කණ්ඩායමකගේ බලපෑමට වෙනස් කරන්නේනම් එසේ කරන සේවිකාවන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කර නීතිය කි‍්‍රයාත්මක කිරීම විෂයභාර අමාත්‍යවරයාගේත්, ඊට වගකිවයුතු නිලධාරීන්ගේත්, බලධාරීන්ගේත් කාර්යයකි. මෙය පැහැදිලිවම ආයතනික චක‍්‍රලේඛන සහ ආයතනික නීතිරීති උල්ලංඝණය කිරීමක් මෙන්ම රටේ නීති රීති අභියෝගයට ලක් කිරීමකි. මේ සම්බන්ධයෙන් අදාල ස්ථානභාර වෛද්‍යවරුන් නිසි බලධාරීන් දැනුවත් කළමුත් තවමත් අවශ්‍ය පියවර නොගත්තේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්වලට ඇති බිය නිසාද? එසේ නැතිනම් මෙම ප‍්‍රදේශයේ ඇති මුස්ලිම් දේශපාලන අධිකාරියට ඇති බිය නිසාද? මුස්ලිම් අන්තවාදීන්ගේ කි‍්‍රයාකාරකම් දැඩි ලෙස සිදුවන මෙම ප‍්‍රදේශය තුළ ඉතා අවසනාවන්ත සිදු වීම් ගණනාවක් පසුගිය කාලය තුලද වාර්තා විය. අමු අමුවේ සිංහල පොලිස් නිලධාරියෙක් මහදවල් කපා කොටා මරා දැමුවේද පුත්තලම් නගර මධ්‍යයේය. එමෙන්ම මත් කුඩු, මත් පෙති, හොර බඩු, ජවාරම් සිදුවන තිප්පොලක් ලෙසද මෙම ප‍්‍රදේශය ප‍්‍රසිද්ධය.

පසුගිය කාලය පුරා අප අනතුරු ඇගවූයේ රට තුළ මුස්ලිම් අන්තවාදයක් හොල්මන් කරන බවය. මෙම නිල ඇදුම් මාරු කිරීමේ කි‍්‍රයාවෙන් එම සැකය තවත් තවත් තහවුරු කර ඇත. රජයේ පාසැල්වල නිල ඇදුමට පිටින් මුස්ලිම් අනන්‍යතාවයක් සහිත ඇදුම් ඇදීමට මුස්ලිම් දරුවන් යොමු කරමින් ඉන් පසුව එයට චක‍්‍රලේඛන සාදන ආකාරයට රෝහල් කාර්ය මණ්ඩලයේ නිල ඇදුමට පිටින් මුස්ලිම් ඇදුම ආදේශ කිරීමට පටන්ගැනීම තුළින් පෙන්නුම් කරන්නේ පැහැදිලි ලෙසම සමාජ බෙදුම්වාදයකට මුස්ලිම් සමාජයේ අන්‍යතාවය මුවාවෙන් යොමුවෙමින් ඇති බවයි. මෙහි ඇති අනතුර තේරුම් ගෙන වහාම මේ පිළිබදව අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගතයුතු බවත් සමාජ ඒකාබද්ධතාවයට, ජාතික ඒකාග‍්‍රතාවයට මෙම ප‍්‍රවණතාවය හානිකර බැවින් වගකිව යුත්තන්ගේ විශේෂ අවධානය යොමුකල යුතුය. එසේ නොවුවහොත් තමන්ගේ අනන්‍යතාවය කියාපෑමේ මුවාවෙන් එන මෙම සමාජ බෙදුම්වාදය සමස්ථ සමාජ දේහයම වෙලාගත් ගැටලූවක් බවට පත්වනු ඇත. එයට ප‍්‍රථම ගතයුතු පියවර ගැනීම රජයේ වගකීමයි.

May 1, 2013 at 1:06 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93714/

ඊළමේ මුල්ගල තබමින් යුධ ජයග්‍රහණය පාවා දීම

මෙරට සුජාත දූ පුතුන් වූ වීරෝධාර රණවිරුවන් දහස් ගනනකේ ජීවිත පරි ත්‍යාගයෙන්ද තවත් දස දහස් ගණනකගේ දෑස් අතපය ආදිය පූජාවෙන්ද ලබාගත් කොටි ත්‍රස්තවාදය පැරදවූ විජයග්‍රහණයේ සිව් වන සැමරුමට එක් පැත්තකින් සූදානම් වනු පෙනේ.එය කොයි වෙලේ කොතනක තමන්ගේ ජීවිත මස් වැදලි ගොඩක් බවට පත් වේ යැයි මරණ බියෙන් පසුවූ එයින්  අභය දානය ලද සුවහසක් මිනිසුන්ගේ ආශ්වාදයට හේතුවක් වනු නිසැකය. අනෙකුත් අහේනිකම් සියල්ලම තම අභයදානය ලද පුණ්‍ය කර්මයට දෙවැනි  කරන්නට මේ බොහෝ මිනිසුන් අදද නොපැකිළෙන බවට සැක නැත. නමුත් ඒ ආශ්වාදයේ මිහිර අමිහිරි කරන වටපිටාවක් ඒ සමගම  තවත් පසෙකින් නිර්මානය වෙමින් තිබීම මේ මිනිසුන්ගේ ආශ්වාදය පළවාහැර ඒ වෙනුවට කළකිරීමත් වෛරයත් අවුළුවන බවටද එලෙසම සහතිකය. එනම්  ආණ්ඩුව උතුරු පළාත් මැතිවරණයට ලක ලෑස්ති බව බවට වන සූදානමයි.

පළාත් සභා යනු අපෙ පසින් මතු වූ අපට උරුම දෙයක් නොව එය ජේ ආර් ජයවර්ධනගේ අත බලෙන් කරකවා සිදුකල ඉන්දියන් බලහත්කාරකමේ ප්‍රතිඵලයකි. ඉන්දීය පාලන මොඩලය බලහත්කාරයේ අපේ රටට එබ්බවීමකි.අදූරදර්ශී විදෙස් ප්‍රතිපත්තියත් දේශපාලන පැවැත්ම වෙනුවෙන් ජාතීන් අතර අසමගියත් වර්ධනය කල ජේ ආර් පාලන සමය දෙමළ ජාතිවාදයට තම ත්‍රාඩ ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන්නට සරු පසක් වූ වටපිටාවක හතර අතින්ම අර්බුදයේ කරවටක් ගිලුනු ජයවර්ධන ජනාධිපතිවරයා දඬු අඬුවට හසු කරගන්නට ඉන්දීය බමුණන්ට අපහසු නොවීය.එහි අවසන් ප්‍රතිඵලය වූයේ පළාත් 8 ක් සඳහා පළාත් සභා පිහිටුවීම අරමුණු කරමින් කෙරුනු යෝජනා පිළිගනිමින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමයි.ලලිත් ඇතුලත්මුදලි ආරක්ෂක අමාත්‍යවරයාගේ සෘජු මෙහෙයවීමෙන් උතුරෙන් ත්‍රස්තවාදය අවසන් කිරීමේ “ඔපරේෂන් ලිබරේෂන්” මෙහෙයුම එක පෑන් පහරකින් ආපසු හරවා ඉන්දීය දඬු අඬුවට හසු කරගත් අපූරුව එවකට ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වූ ඩික්සිත් විසින් පසුව රචනා කල “කොලඹ භූමිකාව” ග්‍රන්ථයේ මැනවින් සඳහන් වේ.1987 ජුලි 29 ජේ ආර්- රජීව් ගිවිසුම ප්‍රකාරව පලාත් සභා ක්‍රමය මෙරට බලහත්කාරයෙන් ස්ථාපිත කලේය.එහිදී අමතක නොකල යුතු වැදගත් කරුණ නම් පළාත් සභා කෙටුම්පත පිළිබඳ ශේෂ්ඨාධිකරන අර්ථ දැක්වීමද ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් කූට ලෙස තම වාසියට අර්ථ ගන්වා ගත් බවයි.9 දෙනෙකුගෙන් සමන්විත ශේෂ්ථාධිකරණ විනිසුරු මඩුල්ලේන් 4 දෙනෙකු මෙය රටේ ඒකීය භාව අහෝසි වන යෝජනාවක් බවට ප්‍රකාශ කල අතර තවත් හතර දෙනෙක් එය ඒකීය භාවයට හානි නොවන බව ප්‍රකාශ කලේය.එක් විනිසුරුවරයෙක් මේ ස්ථාවර දෙකටම එකඟ නොවීය.කපටි ජේ ආර් සිදු කලේ ඔහුගේ චන්දයද ඒකීය භාවයට හානි නොවේ යන හතර දෙනාට එකතු කල 5 ට 4 ක් ලෙස සලකා යෝජනාව ඉදිරිපත් කිරීමය. මේ පිළිබඳ වටිනා සටහන් කිහිපයක් එම විනිසුරු මඩුල්ලේ සිටි පසුගියදා දැයෙන් සමුගත් රාජා වනසුන්දර මහතා විසින් එළි දක්වා තිබේ.එය වැදගත් වන්නේ පලාත් සභා වලට බලතල දීම මගින් රට බෙදෙන්නේ නැතැයි අදද බෙරිහන් දෙන මෝල්වහන්සේලා ගේ තර්කවල ඇති පුහු බව වටහා ගැනීමට හොඳම මූලාශ්‍ර බැවිනි.මේ බොහෝ බත් බැලයන් එදා එල්ටීටීඊ නායක ප්‍රභාකරන් ක්‍රිෂ්ණ දෙවිඳුන් ලෙස හඳුන්වාදුන් කල්ලිවල හෙංචයියන් වූ අතර කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කල නොහැකි යැයි කැට තබා ඒ වෙනුවට ඩොලර් මලු උපයාගත්තවුන්ය.

විසදුම් ගැන කතා කරන්නෝ ප්‍රශ්නය කුමක්දැයි නොදනිත්. දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ඇති  ගැටලුව කුමක්ද  යන පැනයට කිසිවකුත් හරි හමං පිළිතුරක් දී නැත. ඒ එවැනි ප්‍රශ්නයක් නැති බැවිනි.

නමුත් අවාසනාවට කරුණ නම් අපේ උගතුන් බොහෝ දෙනා මෙයට පිළිතුරක් නැතත් ‘ඒත් අපි මොනව හරි දෙමළ ජනයාට දෙන්න ඕන නේද’ යන අතාර්ථික මනෝභාවයෙන් සම්පූර්න මිදී නොමැති වීමයි.   නැති ලෙඩකට බෙහෙත් දිමට යාමෙන් ලෙඩාත් වෙදාත් නැති බංගස්ථාන වන යුගයක් අභිමුව හිදිමින් ආශ්චර්යයෙන් දෑස නිලංකාර කර ගත් මෝඩ ජාතියක් බවට අප අද පත් වී ඇත්තා නොවේද.

බ්‍රිතාන්‍ය පාලන සමයේ අවසන් භාගයේ සර්වජන චන්ද බලයත් සමගම තමන්ට මධ්‍යම  රජය තුල කලින් හෙබවූ අසමමතික බලය රැක ගැනීමට නොහැකි බව දුටු චෙල්වනායගම් ප්‍රමුඛ දෙමළ ප්‍රභූන් තම ඉල්ලීම් ක්‍රමයෙන් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ලබා ගැනීමේ දිශාවට ගෙන යන්නට විය.ඊනිය ෆෙඩරල් පක්ෂය නමින් චෙල්වනායගම් මහතා පිහිටුවාගත් ජාතිවාදී පක්ෂයේ සැබෑ නම ඉලංකෙයි තමිල් අරසු කච්චි විය.එනම් දෙමළ රාජ්‍යය පක්ෂය නම් විය.ඔවුන් තමන්ගේ වෙනම රාජ්‍ය මතවාදය එහි පක්ෂයේ නම සේම වචන තුල සඟවන්නට මුලදී උත්සාහ ගත්හ. ඊනියා සමාජ විද්‍යාඥයන් කුමන බොරුවක් කීවද ප්‍රභාකරන් බිහි කලේ ඊනියා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම හෝ ප්‍රමිතිකරණය හෝ දෙමළ තරුණයන් පාගා දැමීම නිසා හෝ දමළ ජනයාට සිදු වූ ඊනියා අසාධාරණයක් නිසා නොව චෙල්වනායගන් වැන්නන් විසින් පෝෂණය කල දෙමළ රාජ්‍ය මිත්‍යාව විසින් බව පැහැදිළිය. ‘දැන් ටිකක් පසුව හුඟක් ‘ යන්න චෙල්වනායගම් සූත්‍රගත කල දෙමළ ජාතිවාදයෙ කුප්‍රකට සටන් පාටය බව අප අමතක නොකල යුතුය..

ඊනියා බලය බෙදා හැරීම් මගින් දෙමළ ජනයාගේ සැබෑ පරිපාලන ගැටලු වලට විසඳුම් නොලැබෙන බව පැහැදිලිය.එමගින් සංසිඳවන්නට බලාපොරොත්තු වන්නේ දෙමල ප්‍රභූ පන්තියේ වෙනම පාලනයක් පිළිබඳ ඊනියා අභිලාෂයයි.එනම් බ්‍රිතාන්‍යන් ලබා දුන් සහ පසුව අහිමි වූ අසමමතික වරප්‍රසාද ගොන්නයි. දෙමළ ජනයාට ඇතැයි කියන ගැටළු සමස්ථ දෙමළ ජනගහනයෙන් 50% කට වඩා අඩුවෙන් සිටින උතුර හා නැගෙනහිරට  බලය බෙදීමෙන් නොවිසිදෙන බව රාජ්‍ය නොවන සංවිධානවල බත් බැලයන් හා ඊනිය ප්‍රබුද්ධයන් හැරුණු කල සාමාන්‍ය ජනයාට තේරෙන කරුණයි.දෙමල භාෂාවෙන් කටයුතු කිරීමට අපහසුකම් ඇති වැල්ලවත්තේ අප්පාපිල්ලෙයි අයියා මුහුණ දෙන පරිපාලන ගැටළුව එම ගැටළුව උතුරේ සම්බන්ධන්ලාට ඉඩම් හා පොලිස් බලතල දීමෙන් විසඳන්නේ කෙසේද? අප්පාපිල්ලේට පමණක් නොව එය ගුණදාස අයියාටද පොදු සමජ ගැටලුවකි.එනම් බොහෝ තැන්වලදී අද අප්පපිල්ලේ අයියටද මෙන්ම ගුණපාල අයියලාටද කටයුතු කරන්නට වී ඇත්තේ තමන් නොදන්න ඉංග්‍රිසියෙනි.මේවා සරල යාන්ත්‍රණයක් මගින් විසඳිය හැකි තාක්ෂණික ගැටලු මිස මහා බොහෝ දෙනා කියන වාර්ගික ගැටළු නම් නොවේ..

ආණ්ඩුව තුල කොතෙක් අඩු ලුහුඬුකම් තිබුනත් ආන්ඩුවට චන්දය දෙන බහුතර ජනතාව ආන්ඩුව සමග බැඳ තබන හුය නම් රටේ ඒකීයභාව-ස්වෛරීත්වය පිළිබඳ මතයයි. ඊනියා උගතුන්ට නැති ඉව ඇති පොදු ජනතාව, එදා 2002 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර පැන්නීමට මූලිකම කාරනය වූයේද මෙයයි. අඩු මුදලට පරිප්පු ,හාල්මැස්සන් දෙනවා යැයි පොරොන්දු වූ රනිල් වික්‍රමසිංහ මහතා ඒවා නොසලකා ගෙදර යවන්නේ එබැවිනි.

2/3 ක බලයක් ලබා දුන් මහින්ද රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි බහුතර ජනයා තබාගත් බලාපොරොත්තු 2009 යුධ ජයග්‍රහණයත් සමග එහි උච්චස්ථානයට පත් වුවත් ඉන් පසු කෙමෙන් ක්ෂය වෙමින් තිබේය යන්න ආධානග්‍රාහීව නොබලන ඕනෑම අයෙකුට සරලව දැනෙන සත්‍යයි.නමුත් එක් කරුණක් නිසා එය ආපසු පෙරලිය නොහැකි මට්ටමේ රැඳී තිබේ.එනම් ඒකීයභාවය – ස්වෛරීත්වය පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරයයි.කොටින්ම දෙමළ ජාතිවාදී උවමනාවන් වෙනුවෙන් පෙනී නොසිටීමේ සෘජු ප්‍රතිපත්තියයි.සාතිශය බහුතරයක් ජනයා තවමත් මහින්ද රාජපක්ෂ මහතා මත ඒ බලාපොරොත්තු තබා සිටින්නේ අනෙත් නරින්ට මෙcම කුකුල් කොටුව භාර දුනහොත් අත්වන ඉරණම සක් සුදක් සේ පැහැදිලි බැවිනි.

නමුත් දැන් දැන් පෙනෙන කරුණු අනුව පෙනී යන්නේ ආණ්ඩුව සිය දෑතින්ම තම ගෙල සිඳ ගන්නට උත්සාහ කරන අයුරක්ද යන්න සැක සහිතය.එනම් 13 වන ව්‍යවස්තා සංශෝධනයෙන් පවරා දුන් විවාදාත්මක ඉඩම් හා පොලිස් බලතල පිළිබඳ වගන්ති එසේම තිබියදී උතුරු පලාත් සභා මැතිවරණය පැවැත්වීමට ගන්නා උත්සාහයයී.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙතෙක් පෙන්වූ උපායශීලී මෙන්ම සෘජු  ප්‍රතිපත්තියෙන් බැහැර වීමට සැරසෙන්නේදැයි යන සාධාරණ සැකයක් දැන් ඇති වෙමින් තිබේ.ජිනීවා උගුලෙහි කරවටක් සිර කිරීමේ බටහිර බලහත්කාරයේ ශක්තියට අවසානයේ ආන්ඩුව යට වීද?එසේත් නැත්නම් බටහිර සමග දේශපාලන ගේමක් ගසා බටහිර උදහසෙන් ගැලවෙන්නට කිස්වෙකු හෝ කේවට්ට උපදෙසක් ලබා දී ඇත්දැ? එසේත් නැත්නම්   බටහිර සම්බාධක ආදී බිය වැද්දවීම් හමුවේ ආණ්ඩුව  රටේ ඒකීයභාවය පිළිබඳ තම උජුපටිපන්න ගුණය උකස් තැබුවේද? මේ රට කෑළි වලට කැඩෙන ලෙස කටයුතු කළ හැකිවන්නේ සිංහල බහුතරයකගේ විශ්වාසය දිනා ගත් නායකයකුට පමණි. ඒ බව දන්නා බටහිරයන් ආර්ථික සම්බාධක නමැති බිල්ලා පෙන්වා බිය වද්දා මේ රජය ලව්වා උතුරු පාළාත සම්බන්ධන්ට ලබා දීමට එකඟ කරවා ගත්තේද?මේ රට ගැන අවදියෙන් සිටින බොහෝ දෙනා හමුවේ  අද ඇති ප්‍රධාන ගැටලුවයි. ආරක්ෂක ලේකම්වරයා ඇතුළු බොහෝ දෙනා පසුගිය කාලයේ පලාත් සභාවලට එරෙහිව හෙනගිය මතවාදය අද වන විට යට ගොස් හිටි අඩියේ පලාත් සභා මැතිවරණය කරලියට ඒමෙන් අපට වටහා ගැනීමට ඇත්තේ ආණ්ඩුව ඒ සියලු සෘජු ප්‍රතිපත්ති බටහිර බලපෑම් හමුවේ ආපසු හරවා ඇති බවව යන්න නිවරදි නිගමනයකි.

දැනට තිබෙන තත්වය යටතේ උතුරු පළාත් මැතිවරණය පැවැත්වුවහොත් එහි ජයග්‍රහණය දෙමළ ජාතිවාදයේ වත්මන් නියෝජිතයා වන ද්‍රවිඩ ජාතික සංධානය ප්‍රමුඛ කල්ලියට හිමිවනු වැලැක්විය නොහැක අර්බුදය පැන නගින්නේ එතැන් සිටයි . එනම් ඉන් පසු උතුරු පළාතේ තිබෙන්නේ මෙරට බහුතර මනෝභාවයට එරෙහිව යන මෙදුම්වාදයේ දිශාවට ගමන් කරනා කණ්ඩායමක බලයයි. ප්‍රභාකරන්ගේ සහ සම්බන්ධන්ලාගේ මතවාදීමය සමානකම් බොහෝය. ක්‍රියාකාරකම්වල වනසක් පෙන්වුවත් මේ කල්ලි දෙකම දෙමළ ජාතිවාදයේ නියෝජිතයන්ය. කොටි ත්‍රස්තවාදයේ මතය සමග සමපාත වූ 1976 වඩුක්කොඩෙයි යෝජනා මෙන්ම 85 තිම්පු යෝජනා සම්බන්ධන්ලාගේද  මූලික දේශපාලන පදනමයි. ප්‍රභාකරන් නමැති කැළෑ සතාට බටහිරයන්ගේ ආශිර්වාදයෙන් සාම උගුලක් හරහා රට බෙදා ගන්නා සැටි නොතේරුනත් එය ඉටු කර ගන්නා නියම මාවතට සම්බන්ධන් දැන් අවතීර්ණ වී ඇත.

සම්බන්ධන්ලාට උතුරු පළාත් සභාවේ බලය ලැබීම යනු මෙතෙක් රැකගත් රටේ ඒකීයභාවය අහෝසි වන සංධිස්ථානය වන බවට සැක නැත. රාජා වනසුන්දර විනිසුරුවරයා පෙන්වාදුන් ආකාරයට පළාත් සභාවට හිමිවන ඉඩම් හා පොලිස් බලතල හරහා ඒකීයභාවය අභියෝගයට ලක් වනු ඇත. ඉඩම් හා පොලිස් බලතල මෙතෙක් පලාත් සභා හරහා ක්‍රියාත්මක වුවත් එය නීති පොතට අඩංගුව ඇති බාවිතා නොකරන බලතලයි.එය අධිකරණය හරහා ඉතා පහසුවෙන් ලබා ගත හැකි වීම හරහා දෙමළ ජාතිවාදී අභිලාෂයන් මුදුන්පත් වනවා ඇත. ඒ හරහා ඌතුරු නැගෙන හා නැගෙනහිර පළාත් එම පලාත්සභාවලදී සම්මත වන යෝජනාවන් හරහා එක්වීමටද ඉල්ලීමක් ඉදිරිපත් වනු ඇත්තේ දෙමළ ඊළමේ බිම් පෙදෙස පිළිබඳ සීමා සටහන් කරමිනි. ඒ පළාත් සභාවට අන්තර්ජාතික ප්‍රාග්ධනය වැඩිපුර යොදවා බලවත් කෙරෙනු ඇත. ඉන් පසු ඒ පළාත් සඳහා පමණක් යෝජනා කරන ජනමත විචාරණයක් හරහා සුඩානයේ පන්නයේ වෙනම පාලන කලාපයක් බිහි කරගැනීමේ අරගලය බලාත්මක වනු ඇත.ඒ හරා ජීවිත දහස දහස් ගණනින් පුදමිල් ලබා ගත් ජීවත් වීමේ අයිතිය ,දේශසීමා සඳහා මරාගන්නා සදාකාලික කරුමයක් බවට පත්වීම අනිවාර්යය.

සම්බන්ධන් ලා කටේ කෙල පිසදාමින් සූදානම් වන්නේ මෙයට බව කීමට අංජනම් බැලිය යුතු නොවේ.මේ මෙහෙයුම වඩා සාර්ථක වන්නේ ඒ සඳහා අවශ්‍ය වටපිටාව විපක්ෂ කොටස් තුලින්ද නිර්මානය වෙමින් තිබෙන බැවිනි.

කලකට පෙර ‘මව්බිම නැත්නම් මරණය’ යන්න තම සටන් තේමාව කරගත්තවුන් පවා අද අධිරාජ්යවාදයට සහ එහි බලහත්කාරයට හීන් තට්ටුවක් පමණක් දමමින් අනියම් සහයක් ලබාදෙමින් කල් මරමින් සිටින්නේ ඔවුන්ගේ දාර්ශනික දුර්වලතාවයක් නිසාද එසේනැත්නම් එය අවස්ථාවාදයේ සැබෑ ස්වරූපය නිසාද?කලකට පෙර ඒකීය භාවය වෙනුවෙන් නුවර සිට කොලඹට ,කොලඹ සිට දකුණට පාගමන් ගිය මේ බලවේග අද දේශපාලන අවස්ථාවාදයට මුවාවී දෙමළ ජාතිවාදය සමග එක මග යමින් තිබෙන බව ඒ දෝලාවෙන් එලියේ සිටින්නන්ට හොඳින් පැහැදිලි වන කරුණකි.

කලකට පෙර නිල ඇඳුමෙන් සිටියදී ‘මේක සිංහල රට.මෙහ ඒ විදියට ඉන්න්න බැරි අය ඉන්නවනම් යන්න පුළුවන්’ යනුවෙන් සෘජුව අදහස පලකල , එමෙන්ම ජාත්‍යන්තර මැදිහත්වීම් මත උතුරේ හමුදා කඳවුරු ඉවත් කරගැනීමට එරෙහි වූ අය පව අද කපටු සූට් එකෙන් ගිනි සිළු ගෙන සැරසෙන්නේ දෙමල ජාතිවාදයට වාසි සහගත ස්ථාවරයක සිටිමින් බටහිර හොඳ හිත දිනාගැනීමට හනුමන්තා මෙන් රට ගිනි තැබීමට නොවේද? බටහිර හොඳහිත බවාගැනීමට හැකි වුවත් මෙරට බහුතර ජනතාවට ලං විය නොහැකි බව මේ ගිනි සිළු කරුවන් කවදා වටහා ගනීද?

රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයාද උතුරේ සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් දහදිය වගුරුවමින් සිටිනු පෙනේ.ඒ වෙන කිසිවකටවත් නොව දෙමළ අභිලාෂයන් ඉටු වන බටහිරයන් සතුටු වන ආකාරයේ පාලනයක් බිහි කරගැනීමත් ඒ හරහා ඒකීයභාවය හුයෙන් ජනතාව සමග බැඳී සිටින ආන්ඩුව කෙරෙන් ජනතාව ඉවත් කරගැනීමත් යන එක අලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බා ගැනීමේ අරමුණිනි.එදා දෙමළ ජාතිවාදයේ නිර්මාතෘවරයන් වූ චෙල්වනායගම් විසින්  වරක් තමන්  දෙමළ ජනයා පොරොන්දු දේශය වන දෙමළ ඊළම කරා ගෙන යන්නට දෙවියන් විසින්තෝරාගෙන ඇති බව ප්‍රකාශ කරමින් එකල එංගලන්ත සභාවේ කුරුනෑගල බිෂොප්වරයා වූ ලක්ෂමන් වික්‍රමසිංහ දෙවගැතිවරයා දෙමල ජනයා පොරොන්දු දේශය කරා ගෙනයන මෝසස් වරයා බව ප්‍රකාශ කර තිබේ. ලක්ෂමන් වික්‍රමසිංහ යනු රනිල් වික්‍රමසිංහගේ ආදරණීය බාප්පාය.චෙල්වනායගම් බාප්පාට පැවරූ වගකීම අද සම්බන්ධන් විසින් රනිල් වික්‍රමසිංහට පැවරීම අහම්බයක්ද?

කෙසේ හෝ කුමන අරමුණක් නිසා හෝ ආන්ඩුව මේ මොහොතේ 13 වන සංශෝධනය බලාත්මක වන ආකාරයේ තත්වයක් උදාකරමින් උතුරු පළාත් මැතිවරණය පැවත්වීම යනු තමන්ගේ මිනී පෙට්ටියට අවසාන ඇනයත් තමන් විසින්ම ගසා ගැනීමක් වනු නිසැකය. ප්‍රභාකරන් මියගිය පසු, ‘සිංහළ ජාතියේ ආරක්ෂකයා ලෙස දශක ගණනක් ක්‍රියා කළ පුදිගලයා දැන් මියගොස් ඇතැ’යි ගුණදාස අමරසේකරයන් කී අනාගත වැකියෙහි අරුත දැන්වත් වටහා ගන්නට අප උත්සුක නොවේ නම් ජීවත් වන අප වෙනුවෙන් මියගිය රණවිරුන් පාවා දුන් පාපතරයන් අපි නොවෙමුද?මේවා මෙලෙස සිදු වන්නේ නම් රණවිරුවන් දිවි පිදුවේ නිරපරාදේය. ප්‍රභාකරන් පවා මරා දැමුවේ මොන ඉටි ගෙඩියකටද? එකම වරද ප්‍රභාකරන් මස් රාත්තලම එකවර ඉල්ලා සිටීම පම්ණි. සම්බන්ධන්ට ටිකින් ටික මෙය ලබා ගන්න දී අපි මියගිය රණවිරුවාගෙ සොහොන් කොතටත් මුත්‍රා කරමින් සිටිමු.

- යුතුකම සංවාද කවය / www.yuthukama.com

ප‍්‍රභාකරන්ට ‘බෑ..’ කියා සම්බන්ධන්ලාට ‘හා’ කීම
May 1, 2013 at 12:02 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/93715/