Pages

Wednesday, May 1, 2013

ඉරාකයේ සුන්නි-ෂියා ගැටුම් | 170 ට වඩා මියගොස් | අල් ජසීරා තහනම්

ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සඳහා පෙළඹවීම සිදු කලේ බවත් ෂියා සහ සුන්නි නිකායවාදී ගැටුම් උත්සන්න වීමට එය හේතු වූ බවත් පවසමින් ඉරාකයේ සැටලයිට් රූපවාහිනී නාළිකා දහයක බලපත‍්‍ර තහනම් කිරීමට ඉරාක බලධාරීන් පියවර ගෙන තිබේ. අල් ජසීරා රූපවාහිනී නාළිකාව සහ ’ෂර්කියා’ නාළිකාවද ඒ අතර වේ. මෙම රූපවාහිනී නාළිකාවලට එල්ල වී ඇති චෝදනා වේ. ඒ අනුව ඉරාකය තුළ සිය විකාශන කටයුතු සිදු කිරීම මෙම රූපවාහිනී නාළිකාවලට තහනම්ය.

නිකායවාදී ගැටුම් හේතුවෙන් සතියකට අඩු කාලයක් තුළ පුද්ගලයන් 170කට අධික පිරිසක් මියගොස් ඇත. ඉරාක අගමැති නූරි මලිකි සඳහන් කරන්නේ ඉරාකය තුළ ක‍්‍රියාත්මක නිකායවාදී රැුල්ල විදේශයක සිට ආරම්භ වූවක් බවය.

ඉරාකය තුළ නිකායවාදි ගැටුම් පැතිර ගියේ සුන්නි උද්ඝෝෂකයන්ගේ කඳවුරක් ඉරාක රජයේ හමුදා ආක‍්‍රමණය කිරීමත් සමග පසුගිය අඟහරුවාදා (23) ය. ඉරාකයේ උතුරු ප‍්‍රදේශයේ පිහිටි හවිජා නගරයේදී සිදුවූ මෙම සිදුවීමෙන් කඳවුරේ සිටි පුද්ගලයන් 20 කට වැඩි සංඛ්‍යාවක් මියගිය අතර සුන්නි අමාත්‍යවරු දෙදෙනෙක් එයට විරෝධය පා ඉල්ලා අස්වීම නිවේදනය කළහ. උතුරු ප‍්‍රදෙශයට උද්ඝෝෂණ පැතිර ගියේ ඉන් අනතුරුවය.

ෂියා මුස්ලිම්වරුන්ගෙන් යුත් ඉරාක රජය සුන්නි නිකායවාදීන්ට එරෙහිව අසාධාරණ සාධක මත වෙනස්කම් සිදුකරන බවට චොදනා කරන උද්ඝෝෂකයෝ ෂියා මුස්ලිම්වරයෙකු වූ අගමැති මලිකිට ඉල්ලා අස්වන ලෙස බල කරති.

ඉරාක සන්නිවේදන සහ මාධ්‍ය කොමිසම නිවේදනය නිකුත් කරමින් සඳහන් කළේ සැටලයිට් රූපවාහිනී නාළිකා තොරතුරු අතිශයෝක්තියෙන් හා වැරදි තොරතුරු සන්නිවේදනය කරන බවය. එසේම රටේ පවතින නීතිය උල්ලංඝනය කිරීමට සහ ඉරාක ආරක්ෂක අංශවලට පහරදීමට පොලඹවන බවය.

සුන්නි-ෂියා ගැටුම් ඇති කලේ යයි අල් ජසීරා ඉරාකයේ තහනම් කරයි
May 1, 2013 at 3:25 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/93710/

0 comments: