Pages

Thursday, May 30, 2013

අධිරාජ්‍යවාදීන් පවරාගත් වතුකරයේ සිංහල ඉඩම් තාවකාලිකව සිංහලයන්ට බෙදා දීමට දමිල නායකයෝ එරෙහි වේ

වතුකරයේ වගාකර නැති හා ප‍්‍රයෝජනයට  නොගෙන අත්හැර දමා ඇති වැවිලි ඉඩම් අක්කර විසිපන්දහසක් පමණ ප‍්‍රමාණයක සිංහලයන් පදිංචි කිරීමට පියවර ගැනීම කෙසේවත් අනුමත කළ නොහැකි කරුණක් බව වතු කම්කරු වෘත්තීය සංගම් තුනක් නියෝජනය කරන දේශපාලඥයින් තිදෙනෙක් අවධාරණය කර ඇත .

ලංකා කම්කරු කොංග‍්‍රසයේ උප සභාපති නුවරඑළිය  දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අධිනීතිඥ  පී. රාජතුරෙයි කදුරට ජනත පෙරමුණේ දේශපාලන  අංශ නායක නුවරඑළිය  දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී  වී. රාධා ක‍්‍රිෂ්ණන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරු ඊට දැඩි විරෝධය පළකරමින් ඉහත ප‍්‍රකාශය කර තිබේ.

වතුකරය තුළ  ප‍්‍රයෝජනයකට ගෙන නොමැති හිස් ඉඩම් සියල්ල වතුකරයේ රැකියා විරහිත තරුණ තරුණියන් හට අක්කර දෙක බැගින් බෙදා දෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2011 වසරේ ඉදිරිපත් කළ අයවැය කතාවේදී පොරොන්දු වී ඇති බව සදහන් කරන මෙම පිරිස ඊට වතුකරයේ රැකියා විරහිත තරුණ තරුණියන් දොලොස්දහස් පන්සියයක පිරිසක් තෝරාගන්නා බවද සදහන් කර ඇතත් එය  මේ වන විට සිංහල අයට පමණක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙමින් තිබෙන බවට තමන්ට  දැන ගැනීමට ලැබී ඇති බවද මෙම ප‍්‍රවෘත්ති සාකච්ජාවේදී ඔවුහු හෙළෙ දරව් කොට තිබේ.

තත්ත්වය මෙසේ වුවහොත් එවැන්නකට කිසිදු අයුරකින් සහය නොදෙන බව සදහන් කර ඇති මොවුහු එසේ වුවහොත් වතුකරය තුළ ඇතිවිය හැකි නොසන්සුන්කාරී තත්ත්වය වළක්වාගත නොහැකිවනු ඇති බව අවධාරණය කර තිබේ.

May 29, 2013 at 10:14 am | lanka C news

ප.ලි.
කුලී කාරයන් ලෙස ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ දමිළ කම්කරුවන්ගේ තර්ජනය කෙසේද?
අධිරාජ්‍යවාදීන් බලෙන්ම පවරාගත් පාරම්පරික සිංහල ඉඩම් තාවකාලිකව සිංහලයන්ට බෙදා දීමට විරුද්ධ වීමේ සදාචාරාත්මක අයිතිය කුමක්ද? සහජීවනය උරුම සිහලුන්ට පමණද?

0 comments: