Pages

Monday, May 27, 2013

පොලිස් ඉඩම් බලතල සංශෝධනය කරමින් හදිසි පනතක් පාර්ලිමේන්තුවට

13 වන ව්‍යවස්තා සංශෝධනය යටත් ස්ථාපතිව ඇති පළාත් සභාවල බලතල සංශෝධනය  කිරීමට අදාළ පනත් කෙටුම්පතක් හදිසි පනතක් ලෙස ගෙන ඒමට කටයුතු කරගෙන යන බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

එම හදිසි පනත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් දහතුන්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ වගන්ති ගණනාවක් ඒ යටතේ සංශෝධනය කෙරෙනු ඇති බවද දැනගන්නට ඇත.

පළාත් සභාවලට අදාළ විෂයන් සම්බණ්ධ පණත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පළාත් සභාවල අනුමැතියට යොමු කළ යුතු බවට වන විධිවිධාන නව පනත මගින් සංශෝධනය කෙරෙනු ඇතැයි වාර්තා වේ.

ඒ වෙනුවට පළාත් සභා බහුතරයක අනුමැතිය ප‍්‍රමාණවත් වන බවට වන වගන්තියක් නව සංශෝධනයට ඇතුළත් වනු ඇති බවද දැනගන්නට තිබේ.

May 27, 2013 at 10:47 am | lanka C news

0 comments: