Pages

Saturday, May 11, 2013

දන්සල්වලට බෞද්ධ කොඩිය එපා. කහ කොඩිය දාන්න - බෞද්ධ කටයුතු කොමසාරිස්‌

දන්සල් සඳහා ජනතාව යොමු කරවීමේ දී බෞද්ධ කොඩිය භාවිත නොකර ඒ සඳහා කහපාට කොඩියක්‌ භාවිත කරන්නැයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක්‌ කරයි.

වෙසක්‌ උත්සවය නිමිත්තෙන් දන්සල් හා වෙනත් වැඩසටහන් පැවැත්වීමේදී ප්‍රදේශයේ විහාරාධිපති ස්‌වාමීන් වහන්සේ හා අදාළ ග්‍රාම නිලධාරිවරයා දැනුවත් කර ඔවුන්ගේ උපදෙස්‌ මත කටයුතු කරන ලෙසත් ඝෝෂාකාරි සංගීත වාදනය හා භායානක දර්ශන සහිත මනස ව්‍යාකූල තත්ත්වයට පත්වන වැඩසටහන් නොපෙන්වන ලෙසත් බෞද්ධ කටයුතු කොමසාරිස්‌ චන්ද්‍රප්‍රෙAම ගමගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

වෙසක්‌ පොහොය නිමිත්තෙන් විවිධ ආයතන, සංවිධාන හා පුද්ගලයන් දන්සල් පැවැත්වීමේ මුවාවෙන් මුදල් රැස්‌ කිරීමේ විවිධ ව්‍යාපාර සිදුකරන බවත් ඇතැම් දන්සල් බුදු දහමට නිගාවන අයුරින් මහජනතාවට අවහිරවන ලෙස පවත්වන බවට තොරතුරු ලැබී ඇති බවත් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා සඳහන් කරයි.

"දන්සල්වලට කහ කොඩිය ගන්න"
සිරිමන්ත රත්නසේකර 
http://www.divaina.com/2013/05/11/news15.html

0 comments: