Pages

Thursday, May 16, 2013

විදේශවල ඇති අපේ පෞරාණික භාණ්ඩ යළි ගෙන්වා ගන්නවා - ජාතික උරුමය ඇමති

විදෙස් රටවලට ගෙන ගොස් ඇති මෙරට පෞරාණික උරුමයන් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ක‍්‍රියා කරන බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා පවසයි.

කාලයකට ඉහතදී විටින් විට මෙරටින් ගෙන ගොස් විදේශයන්හි ප‍්‍රදර්ශනය කෙරෙන භාණ්ඩ යළි මෙරටට ලබා දෙන්නැයි යුනෙස්කෝ සංවිධානය හරහා එම භාණ්ඩ ඇති රටවලින් ඉල්ලීමක් කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙරටින් ගෙන ගොස් තිබෙන භාණ්ඩ පිළිබඳව හා ඒවා රැගෙන ගොස් තිබෙන රටවල් පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව ඇති බවද හෙතෙම සඳහන් කරයි.

තාරා පිළිමය, පැරණි වටිනා මැණිකක් ආදිය එංගලන්තයේ කෞතුකාගාරයක තැන්පත් කර එරට වැසියන්ට ප‍්‍රදර්ශනය කෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

May 16, 2013 at 8:02 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94359/

0 comments: