Pages

Friday, May 24, 2013

රාජ්‍ය වෙසක්‌ උත්සවය යුදගනාව විහාරයේදී

රාජ්‍ය වෙසක්‌ මහෝත්සවය බුත්තල ඓතිහාසික යුදගනාව රජමහා විහාරස්‌ථානයේදී අද (24 දා) හා හෙට (25 දා) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

වෙසක්‌ පොහෝ දින හිමිදිරියේ සිට සවස දක්‌වා ශීල, භාවනා, ධර්මදේශනා, ධර්ම සාකච්ඡාමය පිංකම් පැවැත්වීමට යුදගනාව විහාරාධිකාරී පූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කටයුතු යොදා තිබේ.

රාජ්‍ය උත්සවය හෙට සවස 2.30 ට ආරම්භ වන අතර ධර්ම පුස්‌තකාලය විවෘත කිරීම, අලුතින් ඉදිකරන ලද නව නිවාස 11 ක යතුරු භාරදීම ඇතුළු වැඩසටහන් රැසක්‌ අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ මූලිකත්වයෙන් සිදුවේ. 

24, 25, 26, 27 යන දිනයන්හි මොනරාගල වැලියාය සිට වැල්ලවාය නගරය දක්‌වා වෙසක්‌ කලාපයක්‌ ප්‍රකාශයට පත්කර තිබේ.

ප්‍රදේශයේ පාසල් සහ රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතනවල දායකත්වයෙන් මෙම වෙසක්‌ කලාපය පැවැත්වෙයි. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, ඌව පළාත් සභා, මොනරාගල දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය පොලිසිය ඇතුළු ආයතන රැසක්‌ විසින් මෙය සංවිධාන කරනු ලබයි.

බුත්තල - ආයුපාල ගමගේ 
http://www.divaina.com/2013/05/24/news04.html

0 comments: