Pages

Thursday, May 16, 2013

හලාල් ලාංඡනය වෙනත් ආකාරයකින් දෙනවා - ඥාණසාර හිමි

හලාල් සහතිකය ප‍්‍රශ්නය පිළිබඳ ප‍්‍රශ්ණය නැවතත් කරළියට පැමිණ ඇති බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පවසති.

මේ වන විට නැවතත් ජමීයතුල් උලමා සංවිධානයෙන් එම සහතිකය ලබා ගන්නා ලෙසට ව්‍යාපාරික ස්ථානවලට බල කරන බවත්, ජමීයතුල් උලමා සංවිධානය හලාල් සහතිකය නිකුත් කිරීමට පෙර හලාල් සහතිකය නිකුත් කළ හලාල් ආහාර තත්ත්ව පාලන කමිටුව විසින් ද නැවත හලාල් ලාංඡනය වෙනස් ආකාරයකින් නිකුත් කරන බවද උන්වහන්සේ අවධාරණය කලහ.

එසේම හලාල් සහතිකය ලබාගත් ව්‍යාපාරික ස්ථානවලින් පැරණි ගෙවීම් කඩිනම් කරන ලෙසට බල කරන බවත් ගෙවීමකින් තොරව හලාල් ලාංඡනය ලබා ගන්නා ලෙසට බල කරන බවට බොදුබල සේනා සංවිධානයට ව්‍යාපාරිකයන්ගෙන් පැමිණිලි ලැබෙන බවත්, උන්වහන්සේ පැවසූහ.

මාර්තු 31 වැනිදායින් අවසන් කිරීමට සිටි හලාල් සහතික සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමක් හා පිළිගත් සංඝරත්නයේ මැදිහත් වීම සිදු වූ නිසා ඉන් ඉවත් වී සිටීමට තීරණය කළ බැවින් ඒ පිළිබඳ කළ හෙළිදරව් නැවතුණ බවත්, දැන් සිදුවිය යුත්තේ එම වගකීම භාරගත් පාර්ශ්වයන්ගෙන් ඒ සම්බන්ධව නිශ්චිත තීරණය ජාතියට හෙළි කළ යුතු බවද උන්වහන්සේ කියා සිටිති.

May 16, 2013 at 1:05 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94358/

[
සැබැඳි ලිපි වලින් සමහරක් (මෙහි 'හලාල්' උදෘතය යටතේ සියළු ලිපි අන්තර්ගතව ඇත) -
හලාල් හරාම්! -
http://denethharinna.blogspot.com/2012/11/blog-post_11.html
ඇත්තටම මොකටද හලාල්???
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2852.html
රටේ ජනතාව ගොනාට ඇන්දවීම නොහොත් උලමාගේ හලාල් ඉවත් කර ගැනීමේ ප්‍රෝඩාව
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9203.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
හලාල් යනු කප්පම් ගැනීමක්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_7501.html
]

0 comments: