Pages

Monday, May 13, 2013

ආණ්ඩුවෙන් යනවා කියන මුස්ලිම් පක්ෂ යනවා නම් යන්න - මුස්තාපා

’මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇතුළේ ඉන්න සමහර මුස්ලිම් දේශපාලන පක්ෂ ආණ්ඩුවෙන් යනවා කියනවා. නමුත් යන්නේ නැහැ. ඒ නිසා මම ඒ අයට කියන්න කැමැතියි නැට්ට වැනෙන්න  ඕනෑ බල්ලා යන පැත්තට. බල්ලට බැහැ නැට්ට යන පැත්තට යන්න කියන්න’ යැයි ආයෝජන ප‍්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

’අද සමහර මුස්ලිම් පක්ෂවල නායකයින් හා එම පක්ෂ ආණ්ඩුවෙන් යනවා යනවා කියනවා. ඒ අතරම වරප‍්‍රසාද ලබා ගන්නවා. දෝෂාරෝපණය කර කර ඉන්නේ නැතිව යනවා නම් යන්න’ යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

’’එක්කෝ තමන්ගේ පක්ෂයේ ගෞරවය ආණ්ඩුවේ ගරුත්වය රැකගෙන සදාචාරාත්මකව දේශපාලනය කරන්න  ඕනෑ. නැත්නම් ආණ්ඩුවෙන් යන්න  ඕනෑ’ යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කෙළේ මැද කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුස්ලිම් ජනතා හමුවකට සහභාගි වෙමිනි.

May 12, 2013 at 9:20 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94199/

0 comments: