Pages

Saturday, May 11, 2013

උතුරේ මැතිවරණය නිසා ද්‍රවිඩ ජාතික සන්ධානයේ පිපිරීමක්

ලබන සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත උතුරේ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට ද්‍රවිඩ ජාතික සන්ධානයට ඉඩ නොලැබීම නිසා එම සන්ධානය පුපුරා යන තත්ත්වයක් උද්ගත වී ඇත.

ද්‍රවිඩ ජාතික සන්ධානය සැකසී ඇත්තේ ද්‍රවිඩ පක්ෂ ගණනාවකින් වන අතර එය මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පක්ෂයක් නොවීමද මෙයට හේතු වී ඇත.

පක්ෂ ලියාපදිංචි කිරීම කරනුලබන්නේ සෑම වසරකම ජනවාරි මාසයේ පමණක් නිසා මැතිවරණයට පෙර එය ලියාපදිංචි කිරීමටද අවස්ථාවක් නොමැත.

මෙතෙක් ද්‍රවිඩ ජාතික සන්ධානය පක්ෂයක් ලෙස ලියාපදිංචි කර ගැනීමට නොහැකිව ඇත්තේ එහි නායක ආර්. සම්බන්ධන් මහතාගේ අකැමැත්ත නිසා බවට ද්‍රවිඩ ජාතික සන්ධානයේ අනෙකුත් පක්ෂ චෝදනා කරති.

සම්බන්ධන් මහතා සන්ධානයට අකැමැත්ත දක්වන්නේනම් කැමැති පක්ෂ සන්ධානගතව උතුරේ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් විය යුතු යැයිද ඔවුහු සාකච්ඡුා කර ඇත.

May 11, 2013 at 11:38 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94168/

0 comments: